2016-08-02

අදහස් පළ කිරීමේ අයිතිය හා අන්තර්ජාලය හා පිලිප් ශාන්ත හා අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම හා මගේ කතාව හා තවත් අරවා මේවා

මේක ඇඩ් එකක්. මේ පිලිප්ගේ පොත දොරට වැඩුම නො වේ. වෙනත් වැඩකි. මාත් එක්ක කතා කරන්නට කැමති නම් අගෝස්තු 4 සවස 4ට පදනම් ආයතනයට එන්න 
අද සවස පිලිප් ශාන්තගේ ‘අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම' පොත ජනගත කරනවා නේ. එතැනදී කතා කරන්නට තිබෙන්නේ අදහස් පළ කිරීමේ අයිතිය හා අන්තර්ජාලය ගැනයි. මං මේ උත්සාහ කරන්නේ මගේ කතාව පොඩ්ඩක් පෙළ ගස්වා ගන්නයි. මං දක්ෂ කථිකයෙක් නෙමෙයි. මට බරපතල විදියට සබකෝලය තියෙනවා. ඒ වුණාට පොඩ්ඩක් හරි ඇඟිල්ල ඔබාගන්න පුළුවන් වුණොත් මං ද අතාරින්නෙ. හැබැයි මං ඉල්ලගෙන පස්සෙන් යන්නෙ නම් නැහැ දෙයියො. මෙන්න මේකයි  කරන්න හිතාගෙන ඉන්න කතාව:

අදහස් පළ කිරීමේ අයිතිය ගැන කියනකොට මට මතක් වන්නේ අර ඔබ අත ඇති සැරයටිය වනමින් යාමේ ඔබේ නිදහස අනෙකාගේ නහය තුඩ අද්දරින් අවසන් වේ යන්නයි. මං හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට අදාළව නම් මේක බුරිය ළඟින් අවසන් වේ කියන එක සාධාරණයි. මොකද අපි ඉතින් බත් ම ගිලලා මැදි වියට එනකොට නහයට ඉදිරියෙන් යන බඩක් හදා ගන්නවනේ. අදහස් පළ කිරීමේ අයිතිය සම්බන්ධ නිදහසටත් සීමාවක් තියෙනවා. 

මේ සීමාවන් නිර්ණය වෙන්නේ නීති, සදාචාරය, බලය, ප්‍ර‍කාශනයේ නිදහසට තිබෙන තත්වය වැනි කාරණා මතයි. 

මගේ මාතෘකාවේ දෙවෙනි කොටසට අදාළ අන්තර්ජාලය කියන අතිශය පුළුල් ජංජාලය ගත්තා ම මේ අදහස් පළ කිරීමේ නිදහසට තිබෙන සීමාවන් එයට අදාළ නැහැ වගේ. නීති, සදාචාරය වැනි බාධා විතරක් නෙමෙයි, බලය වැනි වඩා බරපතල සාධක පවා අභිභවා යන්නට ක්‍ර‍ම සහ විධි එහි තිබෙනවා. හරි සිම්පල් නේ. එක්කෝ නිර්නාමිකව, නැතිනම් බොරු නමකින් කටයුතු කරන්නට පුළුවන්. අල්ලන්න බැරිකමක් නැති වුණත්, ලේසි නැහැ. පොඩි පොඩි කේස්වලදී, විමර්ශන වෙනුවෙන් ලොකු ආයෝජන කරන එක තේරුමක් නැහැ නේ. 

උදාහරණයක් විදියට අර බැංකු යුවලගේ පෞද්ගලික වීඩියෝ එක හැමෝම මහත් අභිරුචියෙන් බැලුවනේ. මං හිතන්නෙ නැහැ, එතනදී ඒවා ෂෙයා කරපු අයටවත්, බලපු අයටවත් සදාචාරයක් තිබුණයි කියලා. ඒ නිසා මේ අන්තර්ජාලය කියන්නේ අඩු ගානේ සදාචාරයක්වත් නැති අවකාශයක්.


අන්තර්ජාලයෙන් කරපු ලොකුම පරිවර්තනය තමයි වෘත්තීය මාධ්‍යකරුවා හා පුරවැසියා අතර සීමාව බිද දාපු එක. සරළව කිව්වොත් දැන් ඕනැ කෙනෙකුට මාධ්‍යකරුවෙකු වෙන්නට පුළුවන් ය කියලා කියන්න පුළුවන්. ඇත්තෙන් ම එහෙම පුළුවන් වගෙත් පෙනෙනවා.


මේකෙ එඩිටර්ලා නැහැ. මේකෙ වැඩ කරන්න ලොකු ප්‍රාග්ධනයකුත් අවශ්‍ය නැහැ. නොමිළේ ලබා ගත හැකි බොහෝ දේ තිබෙනවා. සාපේක්ෂ වශයෙන් වියදම් ගත්තත් ලොකු ඒවා නෙමෙයි.

ඉතින් අපටත් මේ අවකාශය භාවිතා කරලා අපට කැමති ඕනැ කුණුහරුපයක් කරන්න පුළුවන්. ප්‍ර‍ශ්නෙ ඒක නෙමෙයි. අපි ඕවා කිව්වා ය කියලා කවුරුද කියවන්නෙ, අහන්නෙ, බලන්නෙ? මං හිතන්නෙ ශික්ෂණයක් හැදෙනවා නම් හැදෙන්නෙ එතැනදී. බ්ලොග් එකක් ලිව්ව පළියට, ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ මිතුරු ලැයිස්තුව දහස් ගණනක් වූ පළියට පුරවැසි මාධ්‍යකාරයෙක් බිහි වෙන්නේ නැහැ. පුරවැසි මාධ්‍යකරුවෙක් වෙන්න ඒ ශික්ෂණය හා වගකීම ඉතා වැදගත්.

ඔය සමහරු කියනවානේ ලංකාවේ මිනිස්සු ය ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් වැඩිපුර ම සෙක්ස් කියන වචනය සෙවුම් කළේ කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ ලෝකෙ ඉන්න වැඩියෙන් ම ලිංගිකව බඩජාරි ජාතිය ලාංකිකයෝ කියලා ද? අපොයි නැහැ. මෙතන තියෙන්නෙ යතුරුපද හෙවත් කී වර්ඩ්ස් නො දන්නාකම පිළිබඳ ප්‍ර‍ශ්නයක්. දැන් අර බැංකු ජෝඩුවගෙ සෙක්ස් වීඩියෝ බලන්න ඕනැ අයට සෙක්ස් කියලා හොයලා ඒක හොයාගන්න ලැබෙන්නෙ නැහැ. අපි ලියන දේවල්වලට යම් පාඨකයෝ ප්‍ර‍මාණයක් අහම්බෙන් සෙවුම් යන්ත්‍ර‍ හරහා එන්න පුළුවන්. ඒත්, එතරම් පිරිසක් කියවලා නැති, මැනැවින් යතුරුපද යොදා නැති වෙබ් අඩවියකට එහෙම අහඹු ලෙස පාඨකයෝ එන්නෙ නැහැ. මිනිස්සු සාමාන්‍යයෙන් ලේඛනවලට වඩා වීඩියෝවලට කැමතියි. එහෙම වුණත්, වීඩියෝ එකක් දාපු ගමන් ඒක වයිරල් වෙන්නෙ නැහැ. 

අපට වෙබ් අන්තර්ගතයන් හදන්න පුළුවන්. ඒත්, ඒවා ග්‍රාහකයන් වෙත යොමු කරන එක ඉතා අමාරුයි. ඉලක්ක ග්‍රාහකයන් වෙත යොමු කරන එක ඊටත් වඩා අමාරුයි. ඕනැ නම් ප්‍රොෆයිල් ගණනාවක් හදාගෙන තමන්ගෙ බ්ලොග් එකේ තමන්ට ම කමෙන්ට් දාගන්න පුළුවන්. සමහරු එහෙම කරනවා. ඒ වගේ ම මිතුරු සමාජයක් හදා ගන්න පුළුවන්. ඔයාගේ එකේ මං කමෙන්ට් කරනවා. මට උඹ කරපන්. ඉතින් මොකක් හරි ලිව්වා ම දානවා නියමයි, එළ, පට්ට, මාරයි අරක මේක. ඕව කරලා වැඩිම වුණොත් සම්මානයක් අරගන්න පුළුවන් වෙයි. ඒත් සමාජයට බලපෑම අවමයි. අනෙක, සංවේදී හදවත් තියෙන සුනිල් අයියා වගේ මාධ්‍යකාරයන්ට වුණත් පුරවැසි මාධ්‍යකරණය කරන්න පුළුවන් ය කියලා මං හිතන්නෙ නැහැ. විශේෂයෙන් ම දේශපාලන පුරවැසි මාධ්‍ය. 

උදාහරණයක් විදියට, මගේ ආදරණීය පාඨකයන් අතර මා ඉපදුණේ මගේ මවට බල්ලකු සංසර්ගයේ යෙදීම නිසා ය කියා කියපු අයත්, මගේ බිරිඳට එවැනි දේ කරන්න ඕනෑ ය කියපු අයත්, මගේ දරුවන් සම්බන්ධයෙන් පවා එවැනි දේ කියපු අයත් හිටියා. 

මම මුලින් ම මසැසින් පිලිප්ව දැක්කෙ අදයි. ඒ වුණාට අපි දැන් සෑහෙන කාලයක සිට සමීප යාළුවෝ. මට මුලින් ම හමු වුණේ පිලිප් නෙමෙයි. ශාන් කියලා කෙනෙක්. අපි චැට් කළා. සෑහෙන දේවල් කතා කළා. කාලෙකට පස්සෙ පිලිප් කියලා කෙනෙක් චැට් කරලා කියනවා “අයියෙ, මං තමයි අර බුමුතුරුණු බ්ලොග් එක කරපු ශාන්, හී හී කියලා."

මං හිතන්නෙ පිලිප් පොඩි ගරිල්ලා ආතල් එකක් ගත්තා ඒකෙන්. හුඟක් අය එහෙමයි. අන්තර්ජාලය එක්තරා විදියකට අතථ්‍යයි නේ. නැතිනම්, වර්චුවල් නේ. එතන ෆැන්ටසිය තුළ ජීවත් වෙන්න යම් අවස්ථාවක් තිබෙනවා. පිරිමින්ට ගැහැනු වෙන්න පුළුවන්. අපි වගේ අංකල්ලාට කොල්ලො වෙන්න පුළුවන්. 

මං ඔය ගරිල්ලා වැඩ ඇති වෙන්න කරලා පරිප්පු කාපු මිනිහෙක් නිසා මං මුල ඉඳලා ම අන්තර්ජාලයේ වගකීම් සහගත මාධ්‍ය භාවිතාව වෙනුවෙන් පෙනී හිටියා. ඒක හරියට හෙලු කඳවුරකට ඇඳුම් ඇඳගෙන යනවා වගේ වැඩක්. හෙලුවෙන් යන්න නිදහස තියෙද්දි මොකටද ඇඳුම් ඇඳගෙන යන්නෙ?

එක තැනකදි පිලිප් ද තීරණය කරනවා වර්චුවල් ලෝකෙයි රියල් ලෝකෙයි අතර සීමාව පනින්න. ඒක හරියට අර යථාර්ථයයි, ප්‍ර‍බන්ධයයි අතර සීමාව වගේ. හරි සියුම්. යථාර්ථය ප්‍ර‍බන්ධයක් වෙන වෙලාවකුත් තියෙනවා. මේක මං හිතන්නේ සමන් වික්‍ර‍මආරච්චිගේ අසන්ධිමිත්තා නවකතාවෙ තියෙනවා. මට මේක වැඩිපුර ම ස්පර්ශ වුණේ ඩැනියල් වොලස්ගේ නවකතාවක් පාදක කරගෙන ටිම් බර්ටන් නිර්මානය කරපු බිග් ෆිෂ් චිත්‍ර‍පටයේයි.

දැන් පිලිප් වැඩිපුර ක්‍රියාත්මක වෙන්නෙ ෆේස්බුක් සමාජ ජාලයේයි. පුරවැසි මාධ්‍යකරණය කොතැන කළත්, අපි ගැටලු ගොඩකට මුහුණ දෙනවා. සන්නිවේදනය කියන්නේ යුද්ධයක්. මේවත් හරියට අර චූං පාන් ත්‍රීවීලර් වගේ. ත්‍රී වීල් එකක් අරගෙන, අවන් එකක් අරගෙන, පාන් හදන හැටි දැනගෙන ඕනැ කෙනෙකුට පුළුවන් බීතෝවන්ගෙ ෆර් එලීස මියුසික් එකත් දාගෙන පාරෙ යන්න. හැබැයි ඉතින් පාන් විකිණුනේ නැතිනම් ව්‍යාපාරෙට ආයුෂ කෙටයි. හරියට සුදර්මන් රදලියගොඩගේ ඉරිදා පත්තරේ වගේ. බ්ලොග් සහ පුරවැසි මාධ්‍යකරුවෝ බොහොමයකට ඔය සන්තෑසිය වුණා. 

සමාජයට බලපෑමක් කළ හැකි විදියට අන්තර්ජාලය භාවිතා කරන එක දැවැන්ත අභියෝගයක්. ඉතා දුෂ්කර වැඩක්. ඒකට සාමාන්‍ය වචනවලින් කිව්වොත් සෑහෙන්න බොන්න ඕනැ. 

සමහරු හිතනව සල්ලිවලින් පුරවැසි මාධ්‍යකරුවො හදන්න පුළුවන් කියලා. මං මොකවත් කියන්නෙ නැහැ. පුළුවන් නම් හදල පෙන්නන්න. 

මම මේ දොරට වැඩුමෙ කතාවක් පවත්වනවා ය කිව්වා ම මගේ ආදරණීය පාඨකයෝ මට සෑහෙන්න අවවාද අනුශාසනා  කළා. එක්කෙනෙක් මෙහෙම කිව්වා: 

Para, wish you all the best for your lecture. You should be there at the place well before 4 pm. Please do not forget to collect your envelope before you leave the place at the end. Good Luck bloke!

මං දන්න තරමින් පිලිප් නම් ඉන්නෙ මට ලියුම් කවරයක් දෙන්න පුළුවන් තත්වයක නෙමෙයි. ඒ නිසා මගේ ආදරණීය රසිකයාට මං මෙහෙම පිළිතුරක් ලිව්වා. සමහර විට එයා මෙතන ඉන්නවා ඇති. 

Thanks dear. Please remember to fill the envelop with US dollars because I don't like Sri Lankan Rupees. You know that I am a Deshadrohiya.  

ඉතින් ඔය ටික තමයි මං කියන්න ඉන්නෙ. ඒ වුණාට මට ඔය මෙලෝ සංසාරයක් මතක නැහැ දැන්. මං ලියන්නෙක් මිසක් කථිකයෙක් නෙමෙයි නේ. ඒ නිසා මම මේ මොනවත් නො කියා වෙන මොනවා හරි බයිලා ගහලා තිබුණොත් මම ඔබට සමාව දෙනවා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

24 comments:

  1. මේ සැකිල්ල හොඳයි. තව මස් ඕනෑ.

    ReplyDelete
  2. ශාන් බ්ලොග් අතහැරිය කෙනෙක්.

    මට බූන්දි ගෲප් එකේ ශාන් කරපු සංවාදයක් හමුවුණා අද සර්ච් කරද්දී

    ReplyDelete
    Replies
    1. රසික නොදන්නව වුනාට පිලිප් තවත් බ්ලොග් එකක් පටන් ගත්ත මාස කිහිපයකට කලින්. එක සැරයයි බලන්න වුනේ. දැං නම මතක නෑ.

      Delete
    2. නමත් අමතක වෙන විදියට, ප්‍රචාරයකුත් නැතිව බ්ලොග් ලිවීම? අනේ මන්ද?

      Delete
  3. /* මාත් එක්ක කතා කරන්නට කැමති නම් අගෝස්තු 4 සවස 4ට පදනම් ආයතනයට එන්න */

    /* ඒ වුණාට මට ඔය මෙලෝ සංසාරයක් මතක නැහැ දැන්. */

    පැහැදිලියි. මොකද ඔය බුක් ලෝන්ච් එක තියෙන්නේ අද අගෝස්තු දෙවෙනිදා ......!!!!

    ReplyDelete
    Replies
    1. ඕයි තමුසෙගෙ තියන බූරු කම හැමතැනම පෙන්නන්න එපා. බ්ලොග් පෝස්ට් එකක් කියවලා ටිකක් හිතලා එක කොමෙන්ට් එකක් දානවා. මෙතන මුදුනා වෙන්න දඟලන්නේ නැතුව. හම බ්ලොග් එකේදිම තමුසේ මේ බූරුකම පෙන්නන්නේ ඇයි

      Delete
    2. ඕයි කවුද ඔහේ, පැරා ද?

      අගෝස්තු හතරවෙනිදා තියෙන්නේ හෙන්රි වර්ණකුලසූරිය ගේ බුක් ලෝන්ච් එක.

      හෙට බලනවා මගේ බ්ලොග් එක.

      Delete
    3. රසික, මම ඇනෝ කමෙන්ට් දාන්නේ නැහැ, ප්‍රතිපත්තියක් විදියට. ඒ වගේ ම මම ගරු කරන මිනිසුන්ට කතා කරන්න මං කවදාවත් නරක වචන පාවිච්චි කරන්නේ නැහැ. මගේ මතය පිළි නො ගන්න මම ගරු කරන මිනිස්සු ඕනැ තරම් ඉන්නවා. මං ඔවුන්ගේ මත පිළි ගන්නෙත් නැහැ.

      රසිකව මං සලකන්නේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙකුව ලෙස නෙමෙයි. මගේ යාලුවෙක් විදියටයි. ඒ නිසා කරුණාකරලා මේ කමෙන්ට් එක දැම්මේ මම කියලා තියෙන සැකය ඉවත් කර ගන්න.

      Delete
    4. දින මාරුවක් වෙලා නැහැ. උඩ තියෙන්නෙ ඇඩ් එකක් කිව්වානේ. ඒක වෙන වැඩක්. ඒක පිලිප්ගේ පොත දොරට වැඩීම නෙමෙයි. ඒ කතාබහ තියෙන්නේ අගෝස්තු 4 බ්‍රහස්පතින්දා සවස 4ට පදනම් ආයතනයේදී. ඒක කාලයක් තිස්සේ යන සාකච්ඡා මාලාවක්. මේ මාසයේ ආරාධනා කරලා තියෙන්නෙ මට.

      Delete
    5. බුදු අම්මෝ, පැරා එහෙම කිසිම සැකයකින් නොවේ ඒ ලිව්වේ!

      මං අදහස් කළේ, "ඇනෝ ඔහේ කවුද මට එහෙම කියන්න ඔහේ පැරා ද?" වගේ අදහසක්.

      මට පමණක් නොවේ පහත අදහස් දක්වා ඇති කීප දෙනෙකුටම දිනය ගැන අවුලක් ඇතිවෙලා තියෙනවා නේද? ඒකට හේතුව, පෝස්ටරේ යටින් ඇති අකුරු සහ ඊළඟට නිල් පාටින් ඇති දේ එකට කියවීමයි.

      ඊයේ වැඩේත් හොඳට නැගලා යන්නට ඇතියි සිතමි.

      හෙට වැඩේටත් ජයවේවා!

      Delete
  4. මාත් ආසයි අමුවෙන්ම කතා කරනවට... අවුලක් පේන්න නෑ... කතා කරන කොට තව ඒවා එයි... ලියන කොටත් එහෙමනේ...

    ReplyDelete
  5. JAYASINGEHE කියලා ලිව්වම හරිද අර පෝස්ටර් එකේ

    ReplyDelete
  6. //මාත් එක්ක කතා කරන්නට කැමති නම් අගෝස්තු 4 සවස 4ට පදනම් ආයතනයට එන්න //

    අගෝස්තු 4, සවස 3.30 ට අපි යන්නේ ජාතික පුස්තකාල සේවා ඔඩිටෝරියම් එකටයි...


    ReplyDelete
  7. පැරා, අවුලක් නැහැ මචං. ඔහොම්ම ම ලයනල් වෙන්ඩ්ට් එක ළඟින් ගිහින් රහීමා එකෙන් බුරියානි දෙකක් අරං පලයං. මෙච්චර ලොකු වැඩකට කොළඹ ඇවිත් යද්දී අත වන වන ගෙදරට ගොඩ වෙන්න හොඳ නැහැ නො වැ. කොට්ටාවට දාලා අධිවේගයෙන් පලයං නැත්තම් බුරියානි දෙක නිවෙයි.

    ReplyDelete
  8. මධ්‍යස්ථ අදහස් දැක්වීමක්. බොහොම හොඳයි.

    ReplyDelete
  9. Where is our Para? Para is in acute ethanol intoxication! Ask Para's nurse nona to administer 50 ml of 50% dextrose and 100 mg of thiamine intravenously. A 10% dextrose intravenous infusion may be set about, if necessary, thereafter.

    යකෝ පැරා, උඹ රත්නම් එකේ බඩු ඉවර වෙනකම් කුණු වෙන්න ගැහැව්වා නේ ද? නිකන් ලැබෙනවා නම් පැරා ඉතිං methanol, ethylene glycol වුණත් බොයි.

    ඔහොම කුණු වෙන්න ගහන්න එපා බං. උඹේ අක්මාව කුණු වෙලා cirrhosis හැදෙයි. අහලා බලපන් නර්ස් නෝනාගෙන් cirrhosis මොළයට ගහලා hepatic encephalopathy හැදුණු එවුන් වාට්ටුවල කෙළින පිස්සු. සංසාරේ භවේ දුකා!

    ReplyDelete
    Replies
    1. මේක නම් අලුත් ම ලෙඩක් වගේ. Giatros mania කියල එහෙම ලෙඩක් තියෙනවද හැබෑට

      Delete
    2. මෙහෙම යි පැරා, giatros mania කියලා විධිමත් රෝගී තත්ත්වයක් නැහැ. ඒත් එහෙම චචනයක් ව්‍යුුත්පන්න කර ගන්න පුළුවන් උඹට ඕනෑ නම්. giatros කියන්නේ Greek වලින් doctor කියන එක යි. Mania කියන්නේ Greek වලින් insanity, madness කියන එක යි (Mania කියන වචනය Latin වලත් තියෙනවා. ඒත් ඒකේ තේරුම ටිකක් වෙනස්). එහෙම උඹට ඕනෑ නම් giatrosmania කියලා වචනයක් හදා ගන්න (make up) පුළුවන්. ඒත් එහෙම වචනයක් සම්භාව්‍ය ග්‍රීක, ලතින් සාහිත්‍යයේ අප කියවා නැහැ. හමුවුවහොත් දන්වන්නම්. උඹ මේවා ප්‍රශ්න කරන එක හොඳ යි. උඹේ සංවාද මණ්ඩපය පුළුල් වෙනවා. අනෙක උඹේ megalomania එක සංසිඳෙනවා උඹ මේවායෙන් සංතෘප්ත වෙනකොට.

      දැන් උඹ වමා ගැන ලියූ දේ කියවන්න ඕනෑ. බලමුකෝ උඹ අපෙන් ඉල්ලන්නේ මොනවගේ කෑමක් ද කියලා.

      Delete
    3. පර්සියස් - ද ස්ලේයර් ඔෆ් මෙඩූසාAugust 3, 2016 at 2:36 PM

      අඩෙ‍ා් මිගාර දොස්තර - නම්බු පිටින් මෙතනින් පලයං - මතකනේ සැරයක් උඹව නිරුවක් වුනා ජාතික චින්තන ප්‍රවාහයෙන් :V :V

      Delete
  10. දින මාරුවක් වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. දින මාරුවක් වෙලා නැහැ. උඩ තියෙන්නෙ ඇඩ් එකක් කිව්වානේ. ඒක වෙන වැඩක්. ඒක පිලිප්ගේ පොත දොරට වැඩීම නෙමෙයි. ඒ කතාබහ තියෙන්නේ අගෝස්තු 4 බ්‍රහස්පතින්දා සවස 4ට පදනම් ආයතනයේදී. ඒක කාලයක් තිස්සේ යන සාකච්ඡා මාලාවක්. මේ මාසයේ ආරාධනා කරලා තියෙන්නෙ මට.

      Delete
    2. දිනය ගැන අවුලක් ඇතිවෙලා තියෙන්න හේතුව, පෝස්ටරේ යටින් ඇති අකුරු සහ ඊළඟට නිල් පාටින් ඇති දේ එකට කියවීමයි.

      අනික මේ අවස්ථා දෙකක් බව පැරා ගේ ලිපියේ කොයි තැනකවත් සඳහන් නෑ නේද?

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.