2016-08-28

නිදහස් අධ්‍යාපනයකුත් නැති අධ්‍යාපනයේ නිදහසත් නැති ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ විභාග මගඩිය

(මෙම ලිපිය පාඨකයකු විසින් ලියා එවනා ලද ලිපියකි.)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නිදහස් අධ්‍යාපනයක් නැත. සංකල්පය සමග අධ්‍යාපනයේ නිදහස බැඳී තිබුණ එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය වුවද සැබෑවටම එහෙම නිදහසක් නැත.

විවෘතයේ උපාධියක් හැදෑරීමට උසස්පෙළ,සාමාන්‍ය පෙළ හෝ පාසල් අධ්‍යාපනය අනිවාර්‍ය නැත. අවශ්‍ය වන්නේ ගාස්තු ගෙවීමට මුදල් හා අදාල 1 සහ 2 පාඨමාලා සම්පූර්ණ කිරීම පමණයි. (ගාස්තු කියන තරම් සුබසාධක මට්ටමක නැත. පාට් ටයිම් ජොබක් කරන එකෙක්ට උනත් අධ්‍යයන වර්ෂයට අදාල සියලු විෂයන් ලබාගැනීමට නොහැකිවන්නේ ගාස්තු පට්ට සාධාරණ නිසාය.)

ඉන්පසු 3වන මට්ටමේ සිට උපාධි පාථමාලාවේ විෂයන් හැදෑරීමට හැක. මුදල් ගෙවූ පලියට විෂයක අවසාන විභාග සමත් කරන සිරිතක් එහි නැත. සිසුන් අසමත් වෙන තරමට විශ්වවිද්‍යාලයට ලාභයි. නැවත ගාස්තු ගෙවා විභාගයට පෙනී සිටිය යුතුය. ඒ තත්වය උඩ විෂයෙහි දක්ෂයෙකුට හැරෙන්නට උපාධි සහතිකය ලබන්නට නොහැකි තත්වයක් පවතී (අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව).

විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරීමට ඉල්ලුම්පත්‍ර දමා ගාස්තු ගෙවීම ප්‍රමාණවත්ය. නමුත් පාඨමාලා කිහිපයකට පමණක් පරිපාලනය විසින් ප්‍රවේශ විභාග පවත්වා බඳවාගැනීම සිදු කරයි. නීති, කළමනාකරන පශ්චාත් උපාධි ඩිප්ලෝමා, හෙද, මුල්ළමාවිය සහ ප්‍රාථමික අධ්‍යාපනය, එම්බීඒ වැනි පාඨමාලාවල් සඳහා ප්‍රවේශ විභාග පවත්වා බඳවා ගැනීම සිදු කරයි. පසුගිය අවුරුදු 10 තුළ ඊට පරිපාලනය ඉදිරිපත් කරන අදහස වන්නේ මෝඩයින්ව හලල ඒ පාඨමාලාවලට ගත යුතු බවයි. නමුත් දැන් ඒ ප්‍රකාශය චාටර් වුනාට පස්සෙ කියන්නෙ ඉල්ලුමේ හැටියට බඳවාගන්න තරම් සම්පත් ප්‍රමානවත් නැති කථාවකි. එය පට්ට පල් බොරුවකි. විද්‍යාගාර සහ අනෙකුත් පුහුණුව අවශ්‍ය පාඨමාලාවලට ඉල්ලුම් කරුවන් 8500 තරම් ප්‍රමාණයන් බඳවා ගත් වසරවලදී පවා කිසිදු ප්‍රැක්ටිකල් එකක් නොමැති ඉහත කී පාඨමාලාවලට (විශේෂයෙන් නීති, කළමනාකරන පාඨමාලාවලට) බදවාගෙන ඇත්තේ 500ට පහල ප්‍රමානයන්ය.

පරිපාලනය සිදු කරනේ මුදල් ගරානා වැඩකි. උදාහරණයක් විධියට නීති උපාධි පාඨමාලාවේ ඉල්ලුම්පත්‍ර 12000ක් පමණ විකිණුනත් බඳවාගන්නේ 1000කට අඩු ප්‍රමාණයකි. වාර්ෂිකව 12000ක ඉල්ලුමක් නිර්මානය වෙලා නෑ. වසර පහක පමණ එකතුවකින් තමයි හැම වසරකම ඉල්ලුම 12000 මට්ටමේ පවතින්නෙ. ඒ ඉල්ලුම එලෙසම පවත්වන් යන එකෙන් තමයි විශ්වවිද්‍යාලෙ ලාභ උපයන්නෙ. ඉල්ලුම්පතක් රුපියල් 1000 ගානෙ 12000ක් විකුනගන්න පෝලිම ආරක්ෂා කරන්න තමයි ප්‍රවේශ විභාග පවත්වන්නෙ.

ප්‍රවේශ විභාග මගෝඩියක් වන්නේ කෙසේද?

රට පුරා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 7කුත් අධ්‍යන මධ්‍යස්ථාන 20ක් පමණ පවතී. ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට ඉහත කී ප්‍රවේශ පරීක්ෂණ සහිත පාඨමාලාවල් වලට කෝටාවක් ලබා දීල තියනව ප්‍රාදේශීය මට්ටමින් බදවාගැනීම් කරන්න. ඇතැම් අධ්‍යයන මධ්‍යස්ථානවලටත් මෙම කෝටාව ලැබිල තියනව. කෝටාවට අදාල ප්‍රමාණෙට පිටින් වැඩිපුර බඳවාගත් අවස්ථා තියනවා. නෑ හිතවතුන්ව සිලෙක්ට් වෙනකල් .ඒකෙ අවුලක් නෑ. අවස්ථා ප්‍රමාණෙ වැඩිවෙනවනම් හොදයි. එහෙම බඳවාගන්න නොහැකි අවස්ථාවල ඒ ප්‍රාදේශීය නිළධාරීන්ට තම නෑ හිතවතුන් වෙනුවෙන් විභාගය කොපි කර ලිවීමට අවස්ථාව ලබා දෙන්න බැරි තත්වයක් තිබුණෙ නෑ. ඇඩ්මිෂන් එක අකාරාදී පිළිවෙලට සකස් වුන එකක් නෙවේ. මිලදීගත් පිලිවෙලට වාඩි වෙන සිස්ටම් එකක් තිබුනෙ. අනිත් එක තමයි ඒ ඇඩ්මිෂන් එකේ අහල තියනව පලමු උත්සාහයද දෙවන උත්සාහයද කියල. හැබැයි ඒකෙන් කිසිදා වැඩක් වෙලා නෑ. දේශපාලන වශයෙන් හරි පරිපාලන කාර්යමන්ඩල හිතවතුන් නොවන හරි අතේ පිච්චියක් නැති අපතයින්ට. ඒ ඔප්ෂන් එක වැදගත් වුනේ ලොකු ලොකු උදවිය ගොඩදාන්න.

අනිත් අවුල තමයි කාර්ය මණ්ඩලයේ බොහෝ අයට ප්‍රවේශ විභාගවලට කාලෙ නාස්තියක් වෙලා නෑ. ලිව්ව ගමන් සිලෙක්ට් වෙනව. තව සමහර අවස්ථා තිබුණ රාජපක්ෂ පාලන කාලයේ උසස්පෙල නැති ඒ හා සමාන සුදුසුකම් නැති අය ප්‍රවේශ පරීක්ෂණ සහිත පාඨමාලාවල් ප්‍රවේශ පරීක්ෂණ මගහැර උපාධියට ලියාපදිංචි වුන අවස්ථාවල්. ඒ අයගෙ කාලය අපතෙ යාම සහ පලමු දෙවන මට්ටම් වලට යන වියදම ඉන් මගහැරුනා. ප්‍රවේශ පරීක්ෂණ කියන්නෙම අවුලක්. බඳවාගත්ත ප්‍රමානය 500ක් නම් ෆයිනල් ඉයර් වෙද්දි ඉන්නෙ 50ක්.

අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලැබිලත් හැලිල. බඳවාගන්න කලින් අතිවිශාල ප්‍රමානයක් ප්‍රවේශ විභාගෙන්ම හලල. විවෘත විශ්වවිද්‍යාලෙ ඉලක්ක කරල තියෙන්නෙ වැඩිහිටි අධ්‍යාපනයලු විවිධ ක්ෂේත්‍රවල ජොබ් කරන දැනුම ඉහළ දාගන්න අවශ්‍ය අයට ඉගෙනගන්න තියන තැනක්ලු. ගාස්තු ගැන ප්‍රශ්නයක් වෙන්න විධියක් නැතිලු එහෙම කිව්වට පාඨමාලාවට අදාලව සාමාන්‍ය දැනුම පේපරෙකක් හැදිලත් නැහැ.

අඩුම තරමේ විවෘත විශ්වවිද්‍යාලෙවත් අධ්‍යාපන නිදහස දිනාගත යුතුයි. ප්‍රවේශ විභාග ඉවත් කළ යුතුයි.ඉල්ලුම් කරුවන් සියලු දෙනා බඳවාගත්තොත් ගාස්තු පහත හෙලීමටත් හැකිවනු ඇත.

- නිරෝෂන් ජයරත්න විසිනි 

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුල්පති ආචාර්‍ය විජිත නානයක්කාරය​. ඔහු 71 දී සමාජ සාධාරනත්වය කියා අවි අතට ගත් අයෙකි. එවැනි පුද්ගලයෝ තමන්ට බලයක් ලැබුණු විට ඉතා දූෂිතයන් බවට පත් වෙති.

    ReplyDelete
    Replies
    1. දැන් උප කුලපති එයා නෙවෙයි. මහාචාර්ය S. අරියදුරේ

      Delete
  2. පැරා,
    එක එකා විසින් එවන මේ වගේ තහවුරු කරගන්න බැරි, මූලාශ්ර නොදක්වන ලිපි පලකිරීමෙන් අපි හැමදාම කියවන මේ වටිනා බ්ලොගය, පස් පඩංගුවක් කරන්න එපා. මේවගෙන් වැරදි මත සමාජයට යනවා. කරුණු ටික කෙටියෙන් කියන්නම්.

    1. මෙය ලියන කෙන පැහැදිලිවම විවුර්තයෙ මෑතකදි තිබ්බ නීති ප්රවේශ විභාගය අසමත් වුන කෙනෙක්. විවුර්තයෙ පසුගිය අගෝස්තුවේ බඳවා ගත්ත අලුත් සෙට් එකේ පලවෙනි ඩේ ස්කූල් එක තියෙන්නේ මේ සැප්තැම්බර් 3,4.

    2. ඔය නීති ප්රවේශයේ අවුල මේකයි. ලංකාවේ ආර්ට්ස් කරපු අයගේ ලොකුම හීනය ලෝ. ඒකෙ වරදක් නෑ. ඒ අස්සේ සයන්ස් කරපු අපි වගෙ එවුනුත් ලෝ කරන්න බලනවා. අජිත් පී. පෙරේරා කියන පාර්ලිමේන්තු මන්ත්රීත් ආනන්දෙ සයන්ස් කරල ලෝයර් කෙනෙක් වුන කෙනෙක්. තව ලොකු ලොකු අය ඉන්නව. ඒව මෙතනට අදාළ නැති නිසා එකයි කිව්වෙ. කරන්න තියෙන්නේ පේරා, කොලඹ්, යාපනය සිලෙක්ට් වුනේ නැත්තන් ලෝ කොලේජ් හරි විවුර්තෙ හරි ලෝ කරන එකයි. ප්රයිවෙට් කරන්න ලක්ශ 15-20 ක් අවම යනව. ඒ දෙන්නෙත් ලන්ඩන් උපාධිය. ඒක කරල ලෝ කොලේජ් එකේ අවුරුදු 3 ම පේපර් කරන්න වෙනවා.
    ලෝ කොලේජ් ගන්නේ අවුරුද්දට 200-250 අතර ගානක්. ඒකටත් 15000-20000 ක් වත් ලියනවා. ඉතින් විවුර්තෙට දාන කේස් එක ලෝ කොලේජ් එකට දාන්නේ නැත්තේ ඇයි??

    3. විභාග දෙකම ලියාපු එකෙක් හැටියට කියන්නේ කළමණාකරන සහ ලෝ දෙකටම පොඩ්ඩක් මොළේ තියේනම් ලියන්න පුලුවන්. මන් සයන්ස් කරපු එකෙක්. ලෝ පේපර් එකේ සිංහල එහෙම සැහෙන අමාරුයි. හැබැයි IQ, සාමන්ය දැනීම එකෙන් ගොඩදාගත්තා. හැබැයි මේක ලියන කෙනා කියනවා වගේම ඕන ගොනෙකුටනම් ලියන්න බෑ තමයි.

    4. නෑ හිතවතුන්, දේශපාලනේ කිය කිය මේ විකාරනේ කියන්නේ. පුලුවන්නම් එහෙම වුන තැන කියන්න. ඇනෝ ඇවිත් හරි කමක් නෑ. කොපි කරන්න චාන්ස් දෙනවානම් අනිකා එහෙම කරනකොට ඒක ගැන කෑ ගහන්නැත්තේ ඇයි, පොන්නයෝ වගේ ඉන්නේ.... ලෝ කරන්න යන මිනිස්සු එහෙම දන්නවා ඇතිනෙ මේවට ගන්න ඕන පියවර එහෙම.

    5. අදාළ ප්රාදේශීය සෙන්ටර් එකට කෝටා එකක් දෙන්නේ ඒකෙ තියෙන පහසුකම් හැටියට බඳවා ගන්න තමා. ඉතින් ඒක ලංකාවේ වෙන යුනිවසිටි වලත් තියෙනවානේ. කොලඹින් 200, නුවරින් 100, බදුල්ලෙන් 50 වගේ. කෑ ගහනවනම් කෑ ගහන්න ඔනේ කොලඹ ළමයි තරඟේ වැඩි නිසා ඇවිත් බදුල්ල, අ'පුර වගේ ඈත සෙන්ටර් වලින් ලියන එකට.
    තව කෑ ගහන්න ඕන, මේ පහසුකම් ටික වැඩි කරල අවස්තා ගාන වැඩි කරන්න කියලා.

    6. ඔබ හැම දෙනාම නොදන්න කතාවක් කියන්නම්. මේක්ට ඇප්ලයි කරන්න යන 1000 ගැන කතා කරන මිනිස්සු, ලෝ එන්ට්රන්ස් ක්ලාස් වල අවම පංති ගාස්තුව වන 2500, ගැන කතා කරන්නෑ (රට පුරාම මෙහෙමයි ). මිනිසාගේ ස්වාභාවික බුද්ධියේ ප්රතිපලයක් වෙන IQ එහෙමත් මේ වගේ උගන්නනවලු. මේවගේ ලමයි ඉන්නෙ දාස් ගනන් වලින්. මේක සිරාවටම දැන් පට්ට බිස්නස් එකක් වෙලා තියෙන්නේ. රටේ ප්රසිද්ධම අයත් මේ වගේ උගන්නනවා. උඩුවගෙන් පොඩ්ඩක් අහල බලන්ඩකෝ එක්කෙනෙක්ගේ නම කියන්ඩ කියලා.

    7. මුල් අවුරුද්දේ 500 ක් ඉඳලා, අන්තිම වෙනකොට 50 ක් වෙන්නේ ප්රවේශ පරීක්ශනේ අවුලක් නිසා කියන ඔය මහත්තය නම් ලෝයර් කෙනෙක් වෙන්න වටින්නේ නෑ. කරුනු ඇතුව තර්කයෙන් කතා කරන්ඩකො අප්පා. වෙනත් ජොබක් කරන ගමන් කෝස් ෆලෝ කරන අය, වෙන රාජ්ය වි.වි වල ඉගෙන ගන්න ගමන් ඕවා ෆලෝ කරන අපි වගේ අය ඉන්න ලෝ විතරක නෙවේ, විවුර්තේ අනිත් පාඨමාලා වලත් ඔය ප්රශ්නේ එන්නේ, මිනිසුන්ට විවිද හේතු නිසා කෝස් එක ඩ්රොප් කරන්න, විභාග ගිවප් කරන්න වෙන වගේ හේතු නිසයි.

    8. විවුර්තේ තියෙන ප්රධානම වාසිය නම් ඕනම කෙනෙකුට එය විවුර්ත වීමයි. අපිත් එක්ක මේ වසරේ ලෝ කරන්න වයස අවුරුදු 65 ක් වෙන අංකල් කෙනෙකුත් ඉන්නවා. මේකේ තියෙන ලස්සන ඒකයි.

    9. ඇඩ්මිශන් දීල තිබ්බේ රෙජිස්ටර් වෙන පිළිවෙලට ලැබෙන ඔන්ලයින් නම්බර් එකට අනුව. ඉතින් ඒකේ තියෙන වරද මොකද්ද??? ඒ ගැනත් අවුලක් තියේනම් ඉන්ක්වයර් කරන්න පුලුවන්නේ....

    අවසානෙට දෙයක් කියන්නම් විජේරත්න මහත්තයෝ.....තමුන්ට විභාගේ පාස් වෙන්න බැරි වුන එකට ක්රමයට බනින්න එපා. (කුහක වෙන්නෙපා බ්රෝ..) බයෝ කරපු මට මෙඩිසින් යන්න බැරි වුන එකට මෙඩිකල් ෆැකල්ටි වලටයි, A/L වලටයි මම බනින්නේ නෑ. නිකම් මිනිස්සුනට බොරු චිත්ර මවලා, ඒවගෙන් දෙන අධ්යාපනේට ගරහන්න එපා. ලබන ආත්මෙවත් ඔයාට ඉගෙන ගන්න බැරිවේවි. පුලුවන්නම් ඔයා ආයිමත් උත්සාහ කරල බලන්න. බැරි වෙන එකක් නෑ.

    ප.ලි.: මේක දැක්ක ගමන් පට්ට ඇකඩමික් වැඩ ගොඩක් අස්සෙත් කමෙන්ට් කරන්න හිතුවේ, මේකෙන් සමාජෙට යන පට්ට වැරදි, කුහක චිත්රේ නිසයි.. මේවගේ ලමයි ඉන්නෙ දාස් ගනන් වලින්. මේක සිරාවටම දැන් පට්ට බිස්නස් එකක් වෙල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එග්සෑම් පේල් වෙන හැමෝම පෝස්ට් දාන්න ගියොත් මොනව වෙයිද කියල මං කල්පනා කලේ. ඕ ලෙවල් ඒ ලෙවල් පේල් අයත් ලිපි ලියාවි මේ අසාධාරන විභාග ක්‍රමය නිදහස් අධ්‍යාපනයට හානියක්ය කියල.
      ඕනෑම තනතුරකට ඕනෑම පාඨමාලාවකට ප්‍රවේශ විභාගයක් අවශ්‍යයි. ඕන ගොනෙකුට පාස් වෙන විදියට පේපර් හදන්න බෑ.
      මට හිතෙනව මේ වගෙ පෝස්ට් දාන්නත් ප්‍රවේශ විභාගයක් තිබුනනම් හොදයි කියල. එහෙම වුනානම් මෙහෙම උම්බෑ බෑ බෑ සද්ද නැතිවෙන්න තිබුන.

      Delete
  3. ප.ලි. කොටසේ අන්තිම වාක්ය දෙක වැරදිලා ටයිප් වෙලා තියෙන්නේ....මෙන්න මේ වාක්ය දෙක.. (මේවගේ ලමයි ඉන්නෙ දාස් ගනන් වලින්. මේක සිරාවටම දැන් පට්ට බිස්නස් එකක් වෙල තියෙන්නේ.)

    එකක් කියන්න බැරි වුණා.

    10. ගාන නම් පොඩ්ඩක් සැරයි තමා. ඇත්තටම.....ගාන තව අඩු කරලා කාටත් අෆොර්ඩබල් ලෙවල් එක්කට ගේන්න පුලුවන්නම් හොඳයි ඇත්තටම.

    ReplyDelete
  4. ලෝ එන්ටරන්ස් ටියුෂන් කරන අයත් විභාගයට ලියනවා එයාගේ ශීෂයන් එක්කම වාඩිවෙලා පාස් කරලා දෙන්න ගාන පොරොන්දු කරගෙන, ඊට අමතරව පෙපර්ස් පෙන් කැමරා වලින් ෆොටෝ ගහගන්න එකත් කෙරෙනවා.ටියුෂන් පංතියෙන් 50% කාලය ගත කරන්නේ විභාගය හොර කරන ට්‍රික්ස් කියා දෙන්න, මගේ බිරිඳ පසුගිය දිනවල තරඟ විභාගයකට ලීවා ඒකට ටියුෂන් කරෙත් මේ ටියුෂන් ගුරාලා සෙට් එකක් ඒ අයම කීව කරුණු තමයි මේ මම ලියන්නේ. ගෝලයෙක් වෙනුවෙන් ලියනකොට තරඟ විභාග වලට ඇප්ලයි කරන්නේ ඇත පලාතක පාළු තැපැල් කන්තොරුවකින්, වෙන කෙනෙකුගෙ NID වෙන්න පුළුවන්, එතකොට විභාගෙට එක ළඟ වාඩි වෙන්න ලැබෙනවලු, උත්තර ලියන පේපර එක පටන්ගන්න කොටම මාරු කරගෙන සම්පූර්ණ පේපර එකටම ලියන්නේ ගුරා, ඔය ගුරාලා සෙට් එකේ CIS සහකාර කොමසාරිස්ලා පවා ඉන්නවා, බැරිවෙලාවත් අහුවෙන්න ගියොත් ලියපු කොලාත් අරන් පැනලා දුවන්න කියලාලු උපදෙස් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. CIS නොවේ SLAS වෙන්නෝන

      Delete
  5. mama kee parak try kalada mewata mata me wage trics kiya denna kenekhitiye na ne

    ReplyDelete
    Replies
    1. තරහගන්න නම් එපා, විභාගයක් දෙපාරක් (මැටිකම නොවන වෙනත් හෙතුමත නම් තුන් පාරක්) කරලත් පාස් වෙන්න බැරිනම් එයා ඒක පාස් නොවෙන එක මානව සංහතියටම සේවයක්.

      Delete
  6. මේ ලේඛකයා sarcasm සාමාන්‍ය කීම් එක්ක මික්ස් කරලා තියන විදිහට, මොන ටික මොකක්ද කියල හිතා ගන්න බැහැ .

    // මුදල් ගෙවූ පලියට විෂයක අවසාන විභාග සමත් කරන සිරිතක් එහි නැත. සිසුන් අසමත් වෙන තරමට විශ්වවිද්‍යාලයට ලාභයි. //

    දෙවෙනි කෑල්ලෙන් පේන්නේ මේක විශ්ව විද්‍යාලය ගැන අහිතකින් ලිව්වා වගේ. ඒ කියන්නේ කුණු කතා අහ ගන්නේ නැතුව ඉන්න නම් මුදල් ගෙව්වා නම් විභාග පාස් කල යුතු බව ද? මෙතැන ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක්. මොකද සයිටම් එකට විරුද්ධ උන්ටත් තියන එක පොයින්ට් එකක් මේක. ආණ්ඩුවේ ආයතනයක් හින්දා වී.වී.වී. ලෙචාලා උන්ට ඕනේ හැටියට ඔපරේට් උනත් (එහෙම වෙන එක 100% හොඳම නැහැ, එකේ නරක අන්තය තමයි ලෙචාලා පුද්ගලිකව ඕනේ ඕනේ විදිහට වැඩ කිරීම) ප්‍රයිවෙට් කැම්පස් එකකට මෙහෙම රෙපියුටෙෂන් එකක් ගියොත් "අම්මට හුඩු ඕකට සල්ලි දුන්නට විබාග පාස් වෙන්න පට්ට අමාරුයි" කියල, ඒකට තියන මාකට් එක අඩු වෙනවා. නැත්නම් කියන්නේ "සල්ලි ගරා ගන්න ෆේල් කරනවා, ඕකට යන්න එපා" කියල! (සයිටම් එක මෙහෙම කරනවා මයි කියනවා නෙවෙයි. ආණ්ඩුවේ කොලිටියට වඩා පුද්ගලික කොලිටිය ගැන වැඩි පරෙස්සමක් තිබිය යුතු මේකයි.)

    // නැවත ගාස්තු ගෙවා විභාගයට පෙනී සිටිය යුතුය. ඒ තත්වය උඩ විෂයෙහි දක්ෂයෙකුට හැරෙන්නට උපාධි සහතිකය ලබන්නට නොහැකි තත්වයක් පවතී (අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව). //

    ඒ කියන්නේ *සමාන දක්ෂකම් තියන*, *සමාන අද්යාපන අවස්ථා තියන* අය ගේ වි.වි.වි. සහ අනෙක් රාජ්‍ය වි.වි. ෆේලියර් රේට්ස් මේ ලේඛකයා ගාව තියනවද? "අනෙක් කැම්පස්" වල උන් අඩුවෙන් ෆේල් වෙන එක අමුතු දෙයක් නෙවෙයි. ඒවායේ ඉන්නේ ස්ටටිස්ටිකලි *විභාග කරන්න* වැඩි දක්ෂ කමක් පෙන්නපු, ෆුල් ටයිම් ඉගෙන ගන්න උන්. මේකෙන් කියන්න බැහැ වි.වි .වී. විභාග අමුතුවෙන් අමාරුයි කියල.

    // නීති, කළමනාකරන පශ්චාත් උපාධි ඩිප්ලෝමා, හෙද, මුල්ළමාවිය සහ ප්‍රාථමික අධ්‍යාපනය, එම්බීඒ වැනි පාඨමාලාවල් සඳහා ප්‍රවේශ විභාග පවත්වා බඳවා ගැනීම සිදු කරයි. .... කිසිදු ප්‍රැක්ටිකල් එකක් නොමැති ඉහත කී පාඨමාලාවලට (විශේෂයෙන් නීති, කළමනාකරන පාඨමාලාවලට) බදවාගෙන ඇත්තේ 500ට පහල ප්‍රමානයන්ය. //

    සම්පත් කියන්නේ පුටු මේස විතරක් නෙවෙයි. මම ලෙචෙක් නම් මම දන්නවා සිසුන් කී දෙනෙක් ගේ අසයින්මන්ට් බලන්නද, කී දෙනෙක් ගේ අන්තිම විභාග ප්‍රශ්න පත්තර බලන්නද මට වෙලාව තියෙන්නේ කියල.

    // වසර පහක පමණ එකතුවකින් තමයි හැම වසරකම ඉල්ලුම 12000 මට්ටමේ පවතින්නෙ. ... ඉල්ලුම්පතක් රුපියල් 1000 ගානෙ 12000ක් විකුනගන්න පෝලිම ආරක්ෂා කරන්න තමයි ප්‍රවේශ විභාග පවත්වන්නෙ. //

    මේ මනුස්සය කියන විදිහට (වැඩේ අල්ලල දාන උන් අමතක කරොත්) අවුරුද්දකට 3200ක් වගේ ඉල්ලුමක් තිබිල තියනවා. (අනික් අවුරුදු 4න් ඉතුරු 2200 x 4 + මේ අවුරුද්දේ 3200 = 12,000). ඉතින් මේච්චර ඉන්ටේක් එකක් අවුරුද්දකට හැන්ඩ්ල් කරන්න පුලුවන් ද? ලෝයර්ස් ලා 3,200ක් අවුරුද්දකට රටට ඕනේ ද? "ඉන්ටේක් එකෙන් ඇතුලට ගත්තට ඔක්කොම ග්රජුවේට් වෙන්න නැහැ" කියන්න එපා - ඔයාම කියනවා නේ එතකොට "විබාග ෆේල් කරන්න කරන්න කැම්පස් එකට වාසි" කියල!

    අනික අවුරුද්දකට ලොයර්ස් ලා ගානේ 3,200ක් අවුට් කරන්න තරම් කොලිෆයිඩ් 3,200ක් (ලෝ කොලේජ්, faculty, foreign uni ගිය උන් අත ඇරියට පස්සේ) ලංකාවේ ඉන්නවද? එහෙම නැත්නම්, බැරි උන්ව නිකන් ට්‍රිප් එකක් අරන් ගිහින් පස්සේ ෆේල් කරන්නේ නැතුව මුලදීම ඉන්ට්‍රන්ස් එකක් තියල ෆේල් කරන එක උන්ටත්, රටටත් හොඳ නැද්ද?

    පුද්ගලිකව ගන්න එපා, මට පෙන විදියට මේ අදහසට පාදක වෙලා තියෙන්නේ ඇතුලේ විභාග ෆේල් වෙවී අවුරුදු ගණන් ඉඳලා හරි අනේ ලෝයර් කෙනෙක් වෙන්න ඇත්නම් කමක් නැහැ කියන හිතිවිල්ල. එහෙම නම් මට කියන්න තියෙන්නේ ඊට වඩා ලේසි නේ, මහන්සි වෙලා එන්ට්‍රන්ස් එක පාස් වෙන්න ට්‍රයි කරන්න කියලයි.

    (ගුරා ලා පගාව ගෙන හොරට ලිවීම යනාදිය මෙයට අදාළ නැත. හොරට විභාග ලියනවා නම්, පාස් කරනවා නම්, ඒවා කෙසේ හෝ නැවැත්විය යුතුය. නැතුව ඔක්කොම උන් කොස් එකට බඳවා ගැනීම විසඳුම නොවේ. නැත්නම් ඇතුලට ආ පසුත් ගුරා ලා හොරට සල්ලි/වෙන දේවල් ගෙන විභාග පාස් කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් නැත).


    ReplyDelete
  7. පැරා තමාගේ නූගත් කම ගැන ලියූ එක මම කියෙව්වා. විමල් වීරවංස සීගිරි යන්න බැරි වීම ගැන ලියපු එකෙන් පස්සේ කියපු ඒ ජාතියේ හොඳම එක කියන්න පුළුවන්. හේතු කිහිපයක් නිසා මට උත්තර දෙන්න බැරි උනා.

    1. වෙලාව මදි වීම
    2. පැරා ගේ කඳුළු පිහිදාන්න, පිටට ටැප් කරන්න, ලේන්සු දෙන්න bandwagon එකට ගොඩ වෙන්න කට්ටිය පෝලිමේ ඉඳීම.
    3. අනික් උන්ගේ නූගත් කමට අපහාස කරන උද්දච්ච මෝඩයන් එක්ක මටත් ඇරියස් තිබීම

    එහෙම උනත් ඒ ලිපියෙත් උත්තර දෙන්න වටින දේවල් තිබුනා. පැරා පල කරපු මේ ලිපියෙත් ඒ ලයින් එකම තියන නිසා පොඩ්ඩක් එකක් කියන්නම්. එකක් තමයි, තමන් වැඩි මහන්සියක් නැතුව ටොයිස් වගේ අනික් සබ්ජෙක්ට් පාස් උනා කියල ලෙචා ලට/ සබ්ජෙක්ට් වලට නොන්ඩි කරන පැරා (කියන විදිහට පැරා ඒවා පාස් වෙන්න කැම්පස් සබ්ජෙක්ට් එකකට වෙන්න ඕනේ තරම් මහන්සි වෙලා නැහැ), අනික් පැත්ත හැරිලා තමන්ව ෆේල් කරා කියලා මෛත්‍රී ට වග පල කියන එක!!! ඒ කියන්නේ මෛත්‍රීත් අනික් උන් වගේ ඔහේ පොඩ්ඩක් පොතක් දෙකක් කියවපු ගමන් සුටුස් ගාලා උත්තර ලියන්න බැරි කෝස් එකක් නොකරපු එකද පැරා ගේ ප්‍රශ්නේ?

    ReplyDelete
  8. මට හිතෙන විදිහට නීති විශය කියන්නේ හිතා මතාම පටලවන, ඒ පටලැවිල්ලේ පිහිටෙන් අයුතු මුදල් රැස්කරන බුද්ධාගම වගේ (අනිත් ආගම් ගැන නොදනී) විශයයක්, ඔය පැටලැවිල්ල ලිහන්න උදව්වට ගන්න පුළුවන් ගැටළුවට අදාල ලෝ පොයින්ට් සේරම පොයින්ට් අවුට් කරන සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙම එකක් කරන්න ගියොත් නම් දොස්තරවරු වඩා හොඳ බව අපට තේරුම් යයි.

    අපේ ගමේත් පඳුරු කීපෙකට ගැහුවොතින් විසිවෙන්න ලෝයරයෙක් විසිවෙන ගානට ඉන්නවා, ඒ එක් කෙනෙක්වත් එකපාරෙන් AL පාස් වුන අය නෙවෙයි, ලස්සන කතා පවත්වන්න නම් අති දක්ෂයෝ, දශකයක් හමාරක් කොළඹ කරන් ගහල ලෝයර් නෛක් වෙලා ගමට එනවා, ඉතිං ඊට පස්සේ ...

    ReplyDelete
  9. බඳවාගත්ත ප්‍රමානය 500ක් නම් ෆයිනල් ඉයර් වෙද්දි ඉන්නෙ 50ක්.//මාර ප්‍රශ්නෙ නෙහ්

    අඩුම තරමේ විවෘත විශ්වවිද්‍යාලෙවත් අධ්‍යාපන නිදහස දිනාගත යුතුයි. ප්‍රවේශ විභාග ඉවත් කළ යුතුයි.ඉල්ලුම් කරුවන් සියලු දෙනා බඳවාගත්තොත් ගාස්තු පහත හෙලීමටත් හැකිවනු ඇත.//
    හුරේ ප්‍රවේශ විභාග එපා. අපට ඒව බෑ අපට ඒව බෑ අපට ඒව බෑ

    තව එකක් යෝජනා කරන්නද

    අවුරුදු ගනන් ඉගෙන ගෙන කට්ට කන්න බෑ. කෙලින්ම උපාධියට ලියාපදිංචිවෙලා උපාධි සහතිකයම ගෙදට එවපියව්. සතියෙන් උපාධිය. ස්ටඩීස් මොකුත් නෑ. නැත්නම් දානව පත්තරේ දානව බ්ලොග් එකේ. දැනගනිවු

    ReplyDelete
  10. දසක කීපයකට ඉස්සර මා විවෘත විශ්ව විද්‍යාලයේ( technology stream) තාවකාලික ප්‍රදර්ශක (temporary demonstrator )කෙනෙක් ලෙස වැඩ කලා. මට එක්තරා මහාචාර්ය වරයෙක් උත්තර පත්‍ර සහ මාකිං ස්කීම් එකක් දුන්නා පේපර්ස් බලන්න. මෙන විදියට බැලුවත් ලකුණු 40 ට වැඩිය ගත්තේ එක ශිෂ්‍යයෙක් විතරයි. උත්තර පත්‍ර සීයකට අඩු බවයි මගේ මතකය. ඉතිං අපි සාකච්චාකොට ලකුණු ප්‍රමිතිකරනය කරලා 20 දෙනෙක් විතර ගොඩ දැම්මා.

    ReplyDelete
  11. තව එකක් , විවෘතේ දොර උඩ ගහලතියෙන පෝස්ටරේ මෙහෙම එකක් ත්යෙනවා " අවසාන ලේ බිඳුව දක්වා සටන් කරමු" කියල . මේක "අවසාන සතය දක්වා" කියල වෙනස් වෙන්න ඕන නේද කියල ඔතනිං උදේ හවස යන එන මට හිතෙනවා !

    ReplyDelete
  12. නිවැරදි කිරීම් කීපයක්-

    විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධියේ ඉල්ලුම්පත්‍ර ගාස්තුව 2015 දීද රු.1250කි.දැන් ඊට වඩා වැඩිවිය හැක.

    නීති විද්‍යාල ප්‍රවේශයට 20000ක් ලියන්නේ නැත. සාමාන්‍යයෙන් 5000-10000ත් අතර ගණනකි.

    විවෘතයේ ගාස්තු අධික මිලක් නොවේ. නීති උපාධියේ හතර වසරටම වැය වන්නේ රු.120000ක් පමණ මුදලකි. වසරකට රු.40000කටත් අඩුය.මාසයකට කීයද? සුළු ගණනකි.

    කළමනාකරණ උපාධියට වසරකට රු.17000ක් පමණ මුදලකි.

    නීති විද්‍යාලයෙන් වසරකට පිටවන්නේ 250ක් තරම් සුලු පිරිසකි. නීති පීඨ වලින් පිටවන පිරිසද එක්ව ගත්කල 1000කට අඩුය.එසේනම් විවෘතයෙන් පමණක් වසරකදී බඳවාගන්නා 1000ම එලියට දමන්නේ කෙසේද? නමුත් එය බඳවාගන්නා අයට අසාධාරණයකි. කල යුත්තේ ඇතුල් කරගන්නා ගණන සීමා කිරීමයි.

    විවෘතයෙන් හිතා මතාම විභාග අසමත් නොකරයි.හරියට වැඩ ටික කරන්නේ නම් ඕනෑම කෙනෙකුට සමත් විය හැක. මෙහි ගැටලුව ඇත්තේ බොහෝ සිසුන් තව රැකියාවක් කරන බැවින් අධ්‍යයනයට ඇති කාලය සීමිත වීමයි. එවිට කාලය ඇති සුළුතරය සමත් වෙති.

    නීති විද්‍යාල ප්‍රවේශයට උගන්වන ප්‍රසිද්ධ පුද්ගලයන් කවුරුදැයි ඇසූ ඇනෝට- අජිත් පී.පෙරේරා,සාලිය පීරිස්,නන්ද මුරුත්තෙට්ටුවේගම,කේ.ඩබ්ලිව්.ජනරංජන.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.