2016-09-15

අතීතකාමය හා භාෂාවේ අනාගතය

භාෂාවක් යනු චලනයක පවතින ප්‍රපංචයකි. එය නිරතුරුව වෙනස් වෙමින් තිබේ. භාෂාවක වැරදි-නිවැරදිභාවය පිළිබඳ සංකල්ප ද කාලය විසින් වෙනස් කරනු ලැබේ. 

එහෙත්, භාෂාව තිබෙන හැටියෙන් භාර ගෙන හුදු මෙවලමක් ලෙස භාවිතා කිරීම ඉක්මවා ගිය භාෂා සංවාදයක් සමාජයේ තිබිය යුතු ය. එය භාෂාවේ දියුණුවට ඉවහල් වෙයි. 

මෑත කාලයේදී භාෂාව නවකතාවක චරිතයක් වීම පිළිබඳ කදිම උදාහරණය සපයන්නේ සේපාලි මායාදුන්නේ විසින් ලියන ලද මහාසාමි නවකතාවෙනි. ඒ පිළිබඳ මවිසින් තබන ලද සටහනක් මෙතැනින් කියවිය හැකි ය.

භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමේදී හුදු අතීතකාමිත්වයෙන් ඇති පලක් නැත. සේපාලි මායාදුන්නේ භාෂාව භාවිතා කළේ අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මානය කිරීමේ කාර්යය වඩා සාර්ථක කිරීමටයි. 

හෙළ හවුලේ බස් වහර ද සිංහල බසට වැදගත් මැදිහත් වීමක් විය. එහෙත් එය ජන ව්‍යවහාරය තුළ ස්ථාපිත වූයේ නැත. හේතුව එහි සුඛනම්‍යශීලිත්වයේ අඩුව යයි සිතමි.

පහත අප විසින් නැවත පළ කරන්නේ අපගේ පාඨකයකු විසින් කලින් ලිපියකට අදාළව පළ කරන ලද පරිකතාවකි.   


ඇ කාරය පිළිබඳ විමැසු නිවැරැදි වහරට රුචි මැතිඳුනි,
ඔබතුමන් ඇ කාරය යෙදුමැ සම්මතය උගැනුමට රිසි වැ එසඳහා නිසි මඟ විමැසුම අපි මහත් සේ අගයමු. සිංහල බසැ සුවිසෙස් ලකුණෙක් නම් “ඇ” ශබ්දය සේ මැ ඒ සඳහා මැ වෙන් වූ “ඇ” අක්‍ෂරයෙක් ද පැවැතීම යැ. බොහෝ වෙනත් බසැ “ඇ” ශබ්දය පැවතිය ද එකී ශබ්දයට මැ වෙන් වූ අක්‍ෂරයෙක් නො පවතී.

සිංහල බසැ ඇ කාරය යෙදුම වහරෙහි මැ පැවැති බව අපගේ විශ්වාසය යැ. යට වැ ගොස් පැවැති එකී ඇ කාරය මතු කැරු එළි පෙහෙළි කළෝ කුමරතුඟුවෝ යැ. එකදහස් නවසිය විසිහය වසැ “ස්වදේශ මිත්‍රයා” නමැති පුවත්පතට ලිපියෙක් ලියමින් කුමරතුඟුවෝ ඇ කාරය යෙදියැ යුතු පහත අවස්ථා දැක්වූහ:
1. පස් වැනි (ආධාර) විභක්ති ඒක පද - ගසැ (ගසෙහි), කලැ (කාලයෙහි), බසැ (බසෙහි), නළලැ (නළලෙහි), වසැ (වසෙහි), ලිපියැ (ලිපියෙහි) ඈ විසින්.
2. ඊ, ඉති ආදි ප්‍රත්‍යයන් ගන්නා ධාතූන්ගෙන් නිපන් පූර්ව ක්‍රියා පද - කැරැ, ගැනැ, ගෙනැ ඈ විසින් සහ වී අරුතින් රිසි වැ, යට වැ, ඇදුරෙකු වැ ඈ විසින්.
3. අර්ථාවසානයෙහි “යැ” නිපාතය - පැවතීම යැ, පැවසූයේ යැ, කුමරතුඟුවෝ යැ, ලියුවේ යැ ඈ විසින් සමාප්ති වාචක නිපාත සහ ගියේ යැ?, දුටුවේ යැ?, පැවසී යැ? ඈ විසින් ප්‍රශ්නාර්ථ වාචක නිපාත.
4. අවධාරණාර්ථයෙහි “මැ” නිපාතය - සේ මැ, ඔබ මැ, පළමු වැ, ශබ්දයට මැ ඈ විසින්.
5. “අ”’ කාරයට අනම්‍යාදේශ සහිත පද - වරද > වැරැදි, පරණ > පැරැණි ඈ විසින්.
කුමරතුඟුවන් විසින් ඉහත ලිපියැ වෙසෙසි වැ වර නො නැඟුණ ද විධි ක්‍රියා (එන්නැ, ලියන්නැ, කන්නැ, යන්නැ ඈ විසින්), “ඉයැ” ප්‍රත්‍යය යෙදි අසම්භාව්‍ය ක්‍රියා (පෙරළියැ හැකි යැ, බැලියැ හැකි යැ ඈ විසින්), කියැ ප්‍රත්‍යය යෙදි අසම්භාව්‍ය ක්‍රියා (නො කියැ හැකි යැ, කියැ හැකි යැ ඈ විසින්) සහ විච්ඡේද වාචක මිසැ නිපාත (මා මිසැ නැත ගරුමන් කොටැ, ඔබ මිසැ වෙනකෙක් යැ? ඈ විසින්) ද ඇ කාරය සමඟ යෙදේ.

අප පාසල් සිසුන් වැ සිටි පනහ-හැට දසකයන්හි නම් අපි කුමරතුඟුවන් පැවැසු පරිදි මැ ඇ කාරය යෙදීමු. පසු කලැ සකුවට ද පෙළට ද නැඹුරු වූයෙන් ද ඇ කාරය භාවිතය සම්මත සිංහල වහරින් යටපත් වැ ගියෙන් ද අපි ඇ කාරය යෙදුම සීමා කළෙමු. සරසවියැ කුමරතුඟු අදහස් වැජැඹුණු බවක් නො පෙනිණි. පසු කාලීන වැ සකු හා පෙළ එක් වැ නිපැයුණු අපට මැ අනන්‍ය බසකට පිළිපන් නිසා ඇ කාරය අපගෙන් වෙන් වී යැ. වත්මනැ නම් අප විසින් ඇ කාරය යෙදෙනුයේ “මැ”, “වැ” නිපාත සහ ඇතැම් අනම්‍යාදේශ පද සඳහා පමණි.
මෙම සටහන ඇ කාරයේ පැරුණි නිසි සම්මතයෙන් මැ ලියුවේ ඔබතුමන් ඇ කාරයට දක්වන උනන්දුවට කෙරෙන ගෞරවයෙක් ලෙස යැ.
අප විසින් දැක් වුණු කරුණු ද සිතැ දරා කුමරතුඟුවන්ගේ ව්‍යාකරණ විවරණය සහ ක්‍රියා විවරණය ඇතුලු මාහැඟි ‍පොතපත කියැවීමෙන් ඔබතුමනට ද ඇ කාරය යෙදුම ප්‍රගුණ කළ හැකි යැ.

ඇ කාරය සහිත වැ ලියන කලැ ඇතැමෙකු විසින් උසුළුවිසුළු කරනු ලැබැ හැකි යැ. නිවැරැදි බස් වහරට ගරහන්නෝ අඥානයෝ යැ. එවැනි අඥානයෝ කුමරතුඟවන් ජීවමාන සමයැ ද සිටියහ. පහත දැක්වෙන්නෙ එවැනි අඥානයෙකු විසින් කුමරතුඟුවනට අපහාස කරනු වස් ලියැවුණු කවකි:
“වියරණය මොළවා - කවි රැජන සළු ගලවාඇක්මය පටලවා - වෙසේ නායක වපර රිලවා”
භාෂාශාස්ත්‍රෝන්නතිකාමී,
බන්‍ධුල කුදලාගම,
ටොරන්ටෝව.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

25 comments:

  1. "මෑත කාලයේදී භාෂාව නවකතාවක චරිතයක් වීම පිළිබඳ කදිම උදාහරණය සපයන්නේ සේපාලි මායාදුන්නේ විසින් ලියන ලද මහාසාමි නවකතාවෙනි. ඒ පිළිබඳ මවිසින් තබන ලද සටහනක් මෙතැනින් කියවිය හැකි ය."

    සගය ලින්කුව පෙන්වීම අමතක වූ හැඩය. මා මතකයට අනුව කුමරතුඟුවෝ බසය, රේඩියෝව වැනි වහර යෙදූහ. එබැවින් ලින්කුව ලෙස යෙදීම නිවැරදි යයි සිතමි.

    කුදලාගමයන් ඉහත පරිකථනය කළේ මා කමෙන්ටුවකට පිළිතුරු ලෙසිනි. මම බසෙහි හෝ වියරණයෙහි වෙසරද නොවෙමි. නමුදු බස පිළිබඳව සංවාදයකට තුඩුදෙන මේ පොස්ටුව පිළිබඳව ජයසිංහයනට තුති කුසුම් පුදමි.

    "දහසක් මත ගැටෙන තැන දහසක් කුසුම් පිපෙනු ඇත."

    ජයසිංහයනි, කුදලාගමයන් ඔබ දන්නේද? ඔහු ඇමතිය හැකි මගක් වේද ?

    ReplyDelete
    Replies
    1. නිවරැදි කිරීමයි. "දහසක් මත ගැටෙන තැන දහසක් කුසුමන් පිපෙනු ඇත."

      Delete
    2. බන්දුල කුදලාගම යනු ව්‍යාජ නමකැයි සිතමි.

      Delete
    3. කුමරතුඟුවෝ නෙය පද මැවු‍මැ ඉසුරා‍ණෝ යැ. ඔවුන් විසින් නිමැයුණු නව පද ඔවුන් විසින් මැ නිමැවුණු බව නො දැනැ බොහෝ දන වත්මනැ එපද වහරති. ඉංගිරිසියැ bus යන වදනට ඔබ පැවැසි බසය යන වදන කුමරතුඟුවෝ නිමැවූවෝ යැ.

      ව්‍යංජනාන්ත නාම පද ඉංගිරිසයෙන් සිංහලයට ගැනුමැ දී එම පදැ අගට “එක” යන පදය එක් කැරැ පැවැසුම අවියත් යැ. නිදසුන් ලෙස බස් එක, කාර් එක, බෝට් එක, ගේට් එක ඈ වහර අවියත් යැ. කුමරතුඟුවෝ ව්‍යංජනාන්ත නාම පද ඉංගිරිසියෙන් සිංහලයට ගැනුමැ දී එම පදැ අගැ වූ ස්වරාන්ත නාම පද බවට පෙරැළැ සුවියත් වැ යෙදූහ. එනයින් බසය, කාරය, බෝට්ටුව, ගේට්ටුව ඈ පද වහරට පැමිණී යැ.

      ඉංගිරිසි‍යැ radio යන වදන නිරුක්තික වැ radius යන ලතින් වදනෙන් බිඳි යැ. radius යනු අරය හෙවත් මැදැ සිට ඉවතට නෙක දෙසැ විහිදුමකි. කුමරතුඟුවෝ ලතින් නිරුක්තිය සැලැකුවෝ “අරයෙන් දෙවෙනුයේ” යන අරුතැ පිහිටා අර+දෙව් > අරදෙව් > ර‍දෙව් > රෙදෙව් ලෙස radio යන්නට රෙදෙව්ව යන සිංහල වදන නිමැවූහ. ගුවන් විදුලිය යන අරුත්සුන් වදනට වඩා රෙදෙව්ව අරුත්බර නො වේ ද?

      පාසල, විදුහල, සරසවිය, ඇදුරු, මහැදුරු, සිසු, විබෙදුව (විභාගය), මීයැසි (music), ලකිසුරු, විනිසුරු ඈ නේක නව පද කුමරතුඟුවෝ සිංහලයට එකතු කළහ.

      පෙරපර දිගැ බසැ වෙසරද ඇතැම් පඬුවෙක් කුමරතුඟු බස “සුඛනම්‍යශීලීත්වයෙන් අඩු යැ” යි පවසත්. සකුවෙන් ගෙනැ සුඛනම්‍යශීලිත්වයෙන් යැයි පැවැසුමට නැවුණු ඔවුනගේ දිව පාඨශාලා යැයි සකුවෙන් මැ ගෙනැ පැවසුමට ද නැවෙතත් පාසල යන කුමරතුඟු වදනට නො නැවෙන සෙයකි. කුමරතුඟුවන් නිමැයු හෙදියට ද මෙපඬුවනගේ දිව නො නැවේ යැ? වෙදහෙදකම් ගෙනැ හෙදිය සහ හෙදුවා යන වදන් කුමරතුඟවන් විසින් නිපැයුණු බව සැලැකේ.

      සිගැරැට්ටුවට (කුමරතුඟු වදන) ලොල් වැ රුධිර නාල නැසී දොළොස් වැනි කපාල ස්නායුවැ ඉහළ චාලක නියුරෝන දුබලතාවට පත් වූවනගේ දිව නම් සුඛනම්‍යශීලීත්වයෙන් අඩු විය හැකි යැ.

      Delete
  2. කෝ මගෙ දරුවෝ අනේ
    කෝ මගෙ කූඩුව අනේ
    නෑ පෙනෙනට මේ තැනේ
    කාට කියමි මේ වැසනේ

    කොල්ලනි මගේ දරුවනුත්
    අල්ලාගෙන නොකැර මෙත්
    සොල්ලා හැර කූඩුවක්
    දැල්ලුවෙ කිම දුක මහත්

    තොප නැති වුණ හොත් තොපේ
    මව හඬමින් බිම හැපේ
    ඇයි නැති කෙළෙ මගෙ සැපේ
    සිත මගෙ තිබු වැනි ලිපේ

    මින් මතු සොඳ ළමයිනේ
    වන්මට මේ දුක දැනේ
    ඉන්නට අපටත් වනේ
    පින් ඇති ඇරියොත් අනේ

    [කුමරතුඟු කවි ගී]

    උපුටාගැනීම - http://www.boondi.lk/article.php?ArtID=1656

    ReplyDelete

  3. පැරකුම් මහත්මයාණෙනි... ඔබ විසින් තබන ලද සටහනේ ලින්ක් ලබා දී නැහැ නේද

    ReplyDelete
    Replies
    1. මෙම අඩුව පෙන්වා දුන් සැමට ස්තුතියි. නිවැරදි කළා.

      Delete
  4. අජිත් සහෝ, භාෂා ගැන ලියූ ලිපියක් මෙතැන තිබෙනවා.එය මෙම සංවාදයට වැදගත් වේවි කියා සිතෙනවා.
    http://godayage-adaviya.blogspot.com/2016/06/blog-post_29.html

    ReplyDelete
  5. “හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    හිට­ගෙන ගඟ ගාවා
    වට පිට ඇහැ ලෑවා

    කොළ දෙක­ටක් කෑවා
    පැන් උගු­රක් බීවා
    ‍තොල කට ලෙව කෑවා
    ඉතින් ඇතැයි කීවා

    තබා නිකට ගාවා
    වීණා­වක් ගෑවා
    මිහිරි සින්දු කීවා
    නැටුම් ටිකක් පෑවා

    එයින් වෙහෙස වූවා
    ඉඳ­ගෙන හති ලෑවා
    තණ බිස්සේ බාවා
    ඇඟ පත සැතැපූවා
    බිරුම් හඬක් ආවා
    ඉහළ වීසි වූවා

    බිරීම නැවැ­තූවා
    නාසය බිම ගෑවා
    ඇහින් රැහැන් ලෑවා
    කොයිද කොයිද හාවා”

    කෝ මේ සාරසතුමා ? කවියක් කියන්න එන්නකො.

    ReplyDelete
    Replies
    1. // කෝ මේ සාරසතුමා ? කවියක් කියන්න එන්නකො. //

      පැරා ගේ මඤ්ඤන්
      පේජයට එඤ්ඤම්
      කවියක් කියඤ්ඤම්
      ඇනෝ නන්ගිට දේරි සඤ්ඤම්!

      Delete
    2. ඇනෝ, නංගි කෙනෙක් නම් නෙමෙයි සාරස තුමෝ. හැබැයි නංගිලා මහණ කරන්නත් මහණ වුනු නංගිලටත් හරිම කැමතියි.

      Delete
    3. සමාවන්න. "මහණ වුනු නංගිල" යන යෙදුමෙන් කිසිදු ආගමක යතිවරියක්, පූජකවරියක්, උපාසිකාවක්, කන්‍යා සොහොයුරියක් හෝ ඒ සමාන කිසිවෙකු අදහස් නොකෙරේ.

      Delete
  6. Replies
    1. තම රටට , ජාතියට , ආගමට සංස්කෘතියට ද්වේශ කරනා උන්ට ඇ කාරය විතරක් ප්‍රිය වීමට සාධාරණ හේතුවක් නැත

      Delete
    2. රසිකගෙ මේ කොමෙන්ටුවනම් විකාරයක්ම තමයි.

      Delete
    3. "පරකන්දෙනියේ ප්‍රා(අ)ඥයාට" අපහාස කිරීම පිලිබඳ අපගේ බලවත් විරෝධය !!!

      මීට

      ඇම්. බුලත් සිංඤ්ඤෝ
      පුවක්පිටිය,
      හුණු දුංකල මාවත,
      කෙල පාර,
      පඩික්කම.



      ‌‌‍‍‌‌‍‍

      Delete
  7. තමන්ට නොතේරෙන සියලු දේ විකාරයක් ලෙස සැලකීම මල විකාරයකි!

    ReplyDelete
  8. ඇකාරය භාවිතා කරන අය වර්තමානයේ නම් ඉතා විරල ය. භාෂාව එවැනි දැඩි රීතිවලින් බැඳ ගැනීමෙන් ප්‍ර‍කාශනයට බාධා පැමිණේ. ඇත්තෙන් ම වැදගත් වන්නේ ප්‍ර‍කාශනය මිස භාෂාව නො වේ. හොඳ බස හොඳ පැවසුමකට පහසුව සලසයි.

    ReplyDelete
  9. ඈ බං පැරා,

    අප ඉහත සටහන තැබුවේ යම් නිෂ්චිත සංදර්භයක ය. උඹ දැන් මේ කර තිබෙන්නේ එකී සංදර්භයෙන් පිට මෙම සටහන උපුටා දක්වා අප භාෂාව පොදු ජනයාගෙන් වෙන් කරන්නට වෙර දරන බවක් නො වේ ද?

    ඈ බං ගොනෝ, උඹ පහත කොටස කියෙව්වේ නැති ද? අප මෙතරම් කලක් උඹට ලියූ ආලෝචන ලියූ භාෂාව උඹට අමතක ව ගොස් ද? උඹටත් බං අපට මඩක් ගහන්න ලැබෙනවා නම් ඉතිං ඊට වඩා මොනව ද නේ ද? උඹට ඕන ඉංගිරිසිය යි, සිංහලය යි, දේශපාලනය යි අරක යි, මේක යි සේර ම උඹගේ සම්මතයට ම ගන්න ද? ගොනෝ, සම්ප්‍රදාය හදාරපං. ඊට පස්සේ එය සමතික්‍රමණය කරපං.

    උඹ අර ඇගේ කතාව ද මොකක් ද හිස්ටරික පල් හෑල්ලක් උඩ දැම්ම වෙලාවේ අප සේපාලිගේ අගනා පොත ගැන සඳහන් කළ බව මතක ඇති නේ ද?

    උඹ අප භාෂාප්‍රේමී සහෝදරයන් සමඟ ඇරඹූ භාෂා ව ගැන කතිකාවට එතරම් කැමති නැති බව පෙනෙනවා. ඒකනේ උඹ අප කැනේඩියානු Eh වහර ගැන ලියූ ආලෝචනය තුන් වරක් ම උඹගේ වාරණයේ අයෝමය පාදපාවට යට කළේ.

    අනෙක් රසවත් ම දෙය තමා අපගේ උපත, පවත හා විපත ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නො හැර දන්නා බවට පරවම්භනය කරන උඹ මේ කරුණේ දී “අනේ මා නම් බන්‍ධුල කුදලාගම නො දනී” යැයි කීම. කමක් නැහැ කමක් නැහැ බං පැරා. ඔහොම යං ඔහොම යං. අපගේ හිත්වල නැත තරහා!

    //අප පාසල් සිසුන් වැ සිටි පනහ-හැට දසකයන්හි නම් අපි කුමරතුඟුවන් පැවැසු පරිදි මැ ඇ කාරය යෙදීමු. පසු කලැ සකුවට ද පෙළට ද නැඹුරු වූයෙන් ද ඇ කාරය භාවිතය සම්මත සිංහල වහරින් යටපත් වැ ගියෙන් ද අපි ඇ කාරය යෙදුම සීමා කළෙමු. සරසවියැ කුමරතුඟු අදහස් වැජැඹුණු බවක් නො පෙනිණි. පසු කාලීන වැ සකු හා පෙළ එක් වැ නිපැයුණු අපට මැ අනන්‍ය බසකට පිළිපන් නිසා ඇ කාරය අපගෙන් වෙන් වී යැ. වත්මනැ නම් අප විසින් ඇ කාරය යෙදෙනුයේ “මැ”, “වැ” නිපාත සහ ඇතැම් අනම්‍යාදේශ පද සඳහා පමණි.

    මෙම සටහන ඇ කාරයේ පැරුණි නිසි සම්මතයෙන් මැ ලියුවේ ඔබතුමන් ඇ කාරයට දක්වන උනන්දුවට කෙරෙන ගෞරවයෙක් ලෙස යැ.//

    මෙන්න මේකත් මතක ඇති ව කියවපං පැරා. උඹෙනුත් බැණුම් අපගේ පැරණි ශාස්ත්‍රාලීය සුමිතුරන්ගෙනුත් බැණුම්! වෙනදාට සුවියත් ඉංගිරිසි පමණක් ම වහරන අපගේ පැරණි විද්වත් සහෝදරයෙකු මෙන්න මේක වයිබර් කර තිබුණා:

    //yako eka serayakuth kiwwa ajiyata AD daalaa uge site eka hit karanne nathuwa hitapiya kiyala.... mathugama yana welaawaka ajiyawa hammba welaa wichaarakage ala giya mula giya then kiyanna mata hithila thiyenne//

    අපට උඹත් එක්ක විසංවාදයක් තිබෙන්නේ දේශපාලනික ව විතර යි බං. බොරුවට නාඩ ඉදිං පැරා.

    ReplyDelete
    Replies
    1. AnonymousSeptember 15, 2016 at 11:53 AM වෙත කරුණාවෙන් ලියමි,

      ඇනෝ තුමියනි,

      ඔබ පැරකුම් මැතිඳු වෙත ඔබගේ පියාට මෙන් අමතනු දැකීම අපගේ උදක්ම පැසසුමට හේතු වේ.
      නමුත් ඔබගේ පියතුමා ඔබට ලබාදීමට උත්සාහ කළ අදියෙවුම (education) ඔබ නිසි ලෙස ලබාගෙන නැති බව ඔබගේ ලියවිල්ලෙන් මොනවට පැහැදිළිව පෙනේ.
      ඒ මක් නිසාද යත්, මේ ලිපියට අදාල නොවෙන දේ ගැන ඔබ වියරුවෙන් මෙන් මෙහි පලකරන දෑ බොහෝ විසුළු ජනකයැ.
      ඔබ ආලෝචනයයි කියා ලියා ඇත්තේ පාචනයැක් දැයි මට සිතේ.
      ඔබට ජයම වේවා!

      Delete
    2. මචං පැරා,

      අප උඹට “උඹ” යයි අමතන්නේ අද ඊයේ සිට නො වේ. ඒ වගේ ම තමා අප උඹත් ඒක්ක වාද කරන්නෙත් අද ඊයේ සිට නො වේ. අප උඹට “උඹ” යයි අමතන්නේ තරහකින් නො වේ. උ‍ෙඹ් වර්තමාන අනුගාමික හා මුග්ධ ප්‍රසන්න රැළ උඹ හා අප අතර කලකට පෙර තිබූ ළබැඳියාව නො දන්නවා ඇති. ඔවුන්ගේ නොදැනුම අපගේ ගැටලුවක් නො වේ. “උඹ” යනු සමීපයනට ළබැඳි ආමන්ත්‍රණයකි. අප සෘජු ව ම උඹ අමතා ලියන කවර සටහනක වුව “පැරා මචං”, “උඹ” වැනි වචන ඇමතුම් වාචක ව යොදන්නේ පැරණි හිතවත්කමට යි.

      වැඩිහිටියන්ගේ කතා මැදට පැන ගන්නා තොත්ත බබාලාටත් උඹට බොරු ආරක්ෂා සපයන්නට රඟන පකේ මහත්තුරුනටත් අප පිළිතුරු දෙන්නේ නැත. ඒ අයට කතා කළ යුතු බස ද අප දන්නා නමුත් අපට ඒ සඳහා රුචියක් නැත. අප සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි, ග්‍රීක, ලතින් හා ප්‍රංශ පමණක් නො ව සුද්ද සිංහලය හොඳින් දන්නා බව උඹ දනී. නිසි අයට සුද්ද සිංහලෙන් අමතන්නට අප උගත්තේ වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහිම් සිල්වා සූරින්ගෙන් සහ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ගෙනි (ඇත්තට ම බං ප්‍රඥාරාම හිමි මොන ජගතටත් කතා කළෙත් “උඹ” කියල නො වැ!)

      පැරා, උඹලා අප දැන හඳුනගත් කාලවල ජංගිය තෙමා ගනිමින් හිටි එවුනට පිළිතුරු දෙන්නට අපට අවශ්‍ය නැත. මේ ටික කිව්වෙත් උඹ වරදවා වටහා ගන්නට ඉඩ ඇති නිසා අප උඹට බැණ ඇති බවක්. උඹ මචං උඹේ ආරක්ෂාව වඳුරනට පවරන්න එපා. අන්තිමට උන් උඹට ම කොට යි.

      Delete
    3. කොලුවෝ 'උඹ' නම් හෙළයෙක්ම තමා.
      මා පෙන්වා දුන්නේ 'උඹ' නමින් ඇමතීම නොවේ 'ඈ බං ගොනෝ' වශයෙන් ඔබ ඔබේ පියා ඇමතීමයි.
      අපේ (වෙන්ඩ ) වම් ගැති නුඹ වන්නන් කෙදිනත් හඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බලන්නෝ නෙවැ.

      Delete
  10. මෙම ආලෝචනය මවිසින් තබන ලද්දක් නොවන බව ද, උපුටා ගත් ආලෝචනය පමණක් මගේ බව ද කරුණාවෙන් සලකන්න.

    ඉහත ආලෝචනය සටහන් කළ පුද්ගලයාගේ රස්තියාදුකාර මනෝභාවය මම ද හෙළා දකිමි.

    පැරා, මා ව්‍යාජයක් නොවේ. නුදුරු දිනෙක ඔබ දුරබනුවෙන් අමතන්නට මම බලාපොරොත්තු වෙමි.

    බන්‍ධුල කුදලාගම,
    ටොරන්ටෝව.

    ReplyDelete
    Replies
    1. බන්‍ධුල කුදලාගම,

      කාන්තාවක් හැඳින්වීමට "එකී" හෝ "එකිය" යන වදන් යෙදීම ගැන ඔබේ වියත් අදහස දැන ගැනීමට කැමැත්තෙමි.

      Delete
  11. හෙළ හවුලේ අභාසය ලැබූ නාරිවේද දොස්තර මහත්තයෙක් හිටියා. දවසක් අදාල ප්‍රදේශයේ දිලීර ආසාදනයක් හැදිච්ච කාන්තාවක් ආවා මෙතුමාගෙන් ප්‍ර‍තිකාර ගන්න. එතුමා තුණ්ඩුවක් එක්ක තවත් වෛද්‍යවරයෙක් වෙත කාන්තාව යොමු කළා. තුණ්ඩුවේ තිබුණේ මේ වග් එකක්.

    " *** අස්සෙහි පුස්සක් ඇත. පුස්සට නිස්සක් කරව.. "

    වගේ එකක්. සම්පූර්ණ කතාව මතක නෑ. පත්තරෛ් තිබ්බේ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.