2016-09-24

හන්දි හන්දි ගානේ පිළිම ඇටවීම හා බෞද්ධ කලාවට ගිය කල

අවුකන හා මතුගම 
හන්දි හන්දි ගානේ බුදු පිළිම අටවන එකට විරුද්ධව දකුණේ අප ද හර්තාලයක් කළ යුතු ය.

මුලින් ම හන්දියක රජයේ ඉඩමක් අවිධිමත් ලෙස අත් පත් කරගෙන බුදු පිළිමක් අටවනු ලැබේ. ඉන් පසු එතන බෝ පැළයක් ද සිටුවනු ලැබේ. පිං කැටයක් ද අටවනු ලැබේ. ලවුඩ්ස්පීකරය අත්‍යවශ්‍ය අංගයකි. උදේ හවස එයින් පිරිත් සජ්ජායනා කරමින් රටට ම වධ දෙනු ලැබේ.

උතුරේ මෙය කෙරෙන්නේ තනිකර ම ආක්‍රමණශීලී මානසිකත්වයෙනි. එහෙයින් බුදු පිළිම ළඟ මුරට සෙබලුන් දමන්නට පවා සිදු වන තත්වයක් පැන නැගී ඇත. 

ඔය අතරේ ස්ථානයේ ආර්ථික වටිනාකම වැඩිනම් සිවුරුකාරයෙක් ද එතැනට සෙට් වේ. කේන්දර බැලීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය ද වෙනත් හොර ජාවාරම් ද සිදු විය හැකි ය.

මෙවැනි බුදු පිළිමවලට මුවා වී පාරවල් පළල් කිරීම වළක්වා ගැනීමේ හා තම තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති ද දියත් වේ.

මේ වන විට බුදු දහමට මුවා වෙමින් ආර්ථික වශයෙන් ඉතා වැදගත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන තිබේ.

මේ බුදු රූ හා ඒවා සරසා ඇති එල්ඊඩී වැනි කලාංගයන් දෙස පුළුල් ඇසකින් බලන්න.

තව අවුරුදු සිය ගණනකට පසුව, මෙම යුගයේ බුදු දහම ආශ්‍රිත කලාව නිරීක්ෂණය කරන කෙනෙකු කුමක් කියනු ඇද්ද?

මා නම් සිතන්නේ බෞද්ධ කලාව අන්ත පරිහාණියකට පත් වූ යුගය මෙම 20, 21 ශතවර්ෂ යයි අනිවාර්යයෙන් ම කියැවෙනු ඇත.

මෙම සියවස්වල පන්සල් චිත්‍ර කර්මාන්ත අතරින් කැලනි විහාරය, බොරැල්ල ගෝතමී විහාරය වැනි තැන් කීපයක හැර කලාවක් තිබෙන්නේ කොහේ ද? පසුගිය දිනවල මම එවැනි දැවැන්ත බිතු සිතුවම් කර්මාන්ත දෙකක් වන වෙහෙරහේන හා වැවුරුකන්නල බැලුවෙමි. චිත්‍ර ශිල්පීන් මේ ගැන කතා කළ යුතු ය. ඒවායේ තිබෙන බිතු සිතුවම් කෙතරම් ප්‍රාථමික කලා නිර්මාන ද?

තැන් තැන්වල අටවන දැවැන්ත බුදු පිළිමවල කුමන කලාවක් තිබේ ද? ඒවා වැඩි ම වුණොත් අවුකන වැනි බුදු පිළිමයක තරමක් හොඳ අනුරුවක් පමණි. බොහෝ පිළිමවල බාහිර හැඩය හා ශරීර අනුපාතිකයන් පවා විකෘති ය. මා මෙහි දක්වන උදේ සවස මා දකින බුදු රුව එවැන්නකි. මෙය ඉදි කළේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. සැලසුම කාගේදැයි නො දනිමි. නවීන තාක්ෂණය භාවිතා කළ හැකි වර්තමානයේ අප අවුකන බුදු පිළිමය ඉදි කළ අනුරාධපුර යුගයට වඩා කෙතරම් පිටුපසින් සිටින්නේ ද යන්න සිතා බලන්න.

ඒ අතින් බැලූ කල, වෙහෙරහේන හා වැවුරුකන්නල බුදු පිළිම කලාත්මක නිර්මාන බව කිව යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

23 comments:

  1. හන්දි ගානේ නැතුව කෙළින්ම තඩි ඉඩම් වල කුරුස පල්ලි හැදෙන එක ගැන අපි හර්තාල් කොරන්ට ඕන නැත්ද ආයිබෝං?

    ReplyDelete
    Replies
    1. නිසි අවසරය ගෙන පන්සල් හෝ පල්ලි ඉදි කිරීමෙහි ගැටලුවක් නැත. එහෙත්, හන්දි හන්දි ගානේ සුරුවම් අැටවීම ද මෙවැනි ම පිටුදැකිය යුතු කටයුත්තකි.

      Delete
    2. නැචුව, නැචුව
      මක්කට කියනවද ආයුබෝවන්.

      Delete
    3. අර සුනාමි කාලෙට කලින් නොතිබුණු පල්ලි, සුනාමිය පිට දාලා අළුතින් හදපු එක සහ ලොකු කරපු එකට අපි මොනාද කියන්ට ඕන ආයිබෝං?

      Delete
    4. ඕක මගෙන් අහන එක තේරුමක් නැහැ ආයිබෝං. මං සියලු ආගම්වල විනාශය ඉත සිතින් ප්‍රාර්ථනා කරන කෙනෙක්. මට බුද්ධාගම ලොකුවට පෙනෙන්නේ ඒක ලංකාවේ ලොකු එක නිසා විතරයි. සමස්තයක් ලෙස මට ඔය එකකවත් පැවැත්ම වැදගත් නැහැ.

      Delete
    5. මේ වගේ කමෙන්ට් දාන්නෙ වීරක්කොඩි කියල මෝඩයෙක්

      Delete
  2. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සහ ගොඩගේ සම්මානයෙන් සිංහල කවිය ශත වර්ෂ ගණනක් පස්සට ගියා කියා සමහරු මැසිවිලි කියනවා. පැරා හදන්නේ සිංහල පිළිම ඇඹීමේ කලාවත් ශත වර්ඃ ගණනක් පස්සට ගෙනියන්නද?

    ReplyDelete
    Replies
    1. සිංහල නවකතාව ගැනත් කියන්න තියෙන්නෙ ඔය කාරණේ ම නෙවෙයි ද?

      Delete
  3. ගණේමුල්ල, කොස්සින්න රජමහා විහාරයේ බිතු සිතුවම් ඉතා පියකරුයි.

    ReplyDelete
  4. අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

    අක්‍ෂය පාඨකයෙක්

    ReplyDelete
  5. මගේ ඥාති මාමලා තුන්දෙනෙක් හිටියා ඔය විහාර කර්මාන්තය කරපු. ඒ අය සුප්‍රකට සාර්ලිස් මාස්ටර් ( ප්‍රකට චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්න ගේ පියා) ගේ ගෝලයෝ. එක් කෙනෙක් බොහොම ලස්සනට බුදුු ලක්ෂණ පිහිටුවලා පිළිම ඇඹුවා. දෙවැනියා ගේ බුදු පිළිමවල බුදුුහාමුදුරුවෝ කට කොනේ පොඩි අපහාසමාත්මක හිනාවක් තියෙනවා. තුන්වැන්නාගේ බුදුපිළිම නාරි රූපවලට සමානයි. ප්‍රපෝශන් එකෙත් පොඩි නොගැලපීමක් තිබුනා, ඇඟට නොගැලපෙන පොඩි මූණක් වගේ. මේ තුන්දෙනාගෙන් වැඩිම ඉල්ලුමක් තිබුනේ අර නාරි රූප අඹපු මාමට. හිනාවෙන බුදුපිළිම අඹපු මාමට ඒ හැටිම නොවෙතත් වැඩ තිබුනා. ඒත් හරියට වැඩේ කරපු මාමා වැඩත් නැතිව, කසාදයකුත් නොබැඳ, නෑගෙවල්වල වැටී ඉඳිමින් ජීවිතයේ අවසන් කාලයේ වැඩිහිටි නිවාසෙක අසරණයෙක් වගේ ඉඳලා මැරිලා ගියා. කොහොමත් ඉල්ලුමේ හැටියට තමයි සැපයුම.

    ReplyDelete
    Replies
    1. කෝ අර හැමදාම යාලුවෙක් මැරිච්ච ඇනෝ? දැන් ඇවිල්ලා කොමෙන්ට් එකක් දායි 'මගේ යාලුවෙක් පිළිමයක් හදලා මලා' කියලා!

      Delete
    2. මගේ යාලුවෙක් පිළිමයක් හදලා මළා කියලා කොමෙන්ට් එකක් දාන්න ගිහින් මළා.

      Delete
  6. මගේ ඥාති මාමලා තුන්දෙනෙක් හිටියා ඔය විහාර කර්මාන්තය කරපු. ඒ අය සුප්‍රකට සාර්ලිස් මාස්ටර් ( ප්‍රකට චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්න ගේ පියා) ගේ ගෝලයෝ. එක් කෙනෙක් බොහොම ලස්සනට බුදුු ලක්ෂණ පිහිටුවලා පිළිම ඇඹුවා. දෙවැනියා ගේ බුදු පිළිමවල බුදුුහාමුදුරුවෝ කට කොනේ පොඩි අපහාසමාත්මක හිනාවක් තියෙනවා. තුන්වැන්නාගේ බුදුපිළිම නාරි රූපවලට සමානයි. ප්‍රපෝශන් එකෙත් පොඩි නොගැලපීමක් තිබුනා, ඇඟට නොගැලපෙන පොඩි මූණක් වගේ. මේ තුන්දෙනාගෙන් වැඩිම ඉල්ලුමක් තිබුනේ අර නාරි රූප අඹපු මාමට. හිනාවෙන බුදුපිළිම අඹපු මාමට ඒ හැටිම නොවෙතත් වැඩ තිබුනා. ඒත් හරියට වැඩේ කරපු මාමා වැඩත් නැතිව, කසාදයකුත් නොබැඳ, නෑගෙවල්වල වැටී ඉඳිමින් ජීවිතයේ අවසන් කාලයේ වැඩිහිටි නිවාසෙක අසරණයෙක් වගේ ඉඳලා මැරිලා ගියා. කොහොමත් ඉල්ලුමේ හැටියට තමයි සැපයුම.

    ReplyDelete
  7. අනුරාධපුර, පොළොන්නරුව යුගවල බෞද්ධ චිත්‍ර‍වලට ගොඩක්ම නෑකම් කියන චිත්‍ර‍ තියෙන්නේ බෙල්ලන්විල පන්සලේ. නිර්මාණය කරේ සෝමබන්දු විද්‍යාපති.
    http://www.ft.lk/ftadmin/wp-content/uploads/2013/03/44680-30.jpg
    දැන් පන්සල්වල චිත්‍ර‍ අඳින්නේ කිසිම අධ්‍යාපනයක්, පුහුණුවක්, සම්ප්‍ර‍දායන් ගැන වැටහීමක් නැති ගොන් වහසන්සේලා ටිකක්. සායම් විධියට පාවිච්චි කරන්නේ ලැකර්.

    ReplyDelete
  8. Replies
    1. https://www.facebook.com/bahujana.hithaaya/videos/704574546347390/

      Delete
  9. අප සාකච්චා කල යුත්තේ හංදි ගානේ හැදෙන බුදුපිළිව ගැන නොව බුදු දහම මේතාක් ආරාක්ෂා වී පැවතීව හා එහි ඉදිරි ගමනට මෙහි ඇති බලපෑමයි. මම නම් සිතන පරිදි මෙහි ඇති වරදක් නැත. ඔබ විචංඩ වාදී ලෙස කතා කරනුයේ අනෙක් රට වල සිදු පන දේ නොදැක ය.සිදු විය යුත්තේ මහා ලොකු තර්ක දමා තමන්ගේ තරව පෙන්වීම නොව ලෝකයේ සිදු වන දේ දැක ඊට අනුරෑපව අපද අප දහමේ ඉදිරි ගමල තීරනය කීරීමයි. අප පමණක් තර්ක කර පිළිවලකට වැඩ කරා යයි ආරක්ෂා වන දහමක් නැත. ඕවා කිරීම තුලින් හරය ඉන්මතු නොවුන ද මෙවැනි දර්ශනයක් තිබේය යන්න අනාගතයට දායාද කල හැක. මම දකින්නේ මෙම ලිපියේඅන්තර්ගතය තුල ඔබ ඔබගේ දර්ශනයක්අනෙකාට කාවැද්දීමට උත්සහ කරා මිස ඉන්දුනීසියාව,ඇෆ්ගනිස්තානය ආදී වූ රට වලට අද උදා වී ඇති තත්වය හා මෙපමණ හෝ අප රට තුල මෙය ආරාක්ෂා වී ඇත්තේ මෙවැනි දේ නිසා නොවේදැයි ඔබ පිළිගන්නට මැලි වන හේතු.කාරණා සහ ඔබගේ ඊනියා බෞද්ධ කම මට නම් නොවැටහේ. තෙරැවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. අර අන්තිමට තියෙන තෙරුවන් සරණයි කියන කෑලේ සංඥාර්ථවලට මං හරි කැමතියි.

      Delete
    2. අපිට තෙරැවන් සරණ වෙන්නේ කොහොමඳ ? අපි තෙරැවන් සරණ විය යුතු නොවෙද?

      Delete
  10. හැකි හැම තැනම පිළිම හදන එක හොඳයි, එතකොට තමා ලෙනින් උන්නැහේට සිද්ධවුන සන්තෑසිය අනෙත් පිළිමවහන්සෙලාටත් සිද්ධවෙන්නේ.

    ප්‍රමාණවත් තරම් ටෝයිලට් නැති ජනාකීර්ණතැන් වල ඉන්න ඔයි පිළිමවහන්සේලා හරිම ප්‍රෙයා්ජනවත් වැඩිපුර බියර්බීපු සැන්දෑවෙළාවට.

    ReplyDelete
  11. ඔයි සුරුවම් හේමත් සුරුවමට හදන්නැතිව බුද්ධාගම කොපි කරලා ආසියාවේ ලොකුම සුරුවම හදන්න ගියානම් ...හන්දියේ හීංමැණිකේ* දේවමාතාව වගේ ඒවත් තියෙන්න තිබ්බා.

    * අර සිත්තරේ හිටිය හීංමැණිකේ වගේ

    අතුරු ප්‍රශ්නයක් - කාන්තාවෝ බුදු වෙන්නේ නැත්ද? ලාස්ට් බුද්ධ ගෑනු කෙනෙත් වුනානම් අපි වසල හමාරයි.

    ReplyDelete
  12. ඉංජිනේරු සංස්ථාව හෙළුවෙන් ඉන්න අවස්ථාවක් මතුගමදී ඔබට නැරඹිය හැකිය.
    ජයවේවා..!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.