2016-09-04

ඔක්කොම ලෙඩ්ඩු ය ඔක්කොම දොස්තරු සමග දර්ශනයට පෙරවදනක්

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මාර සංවේදී නිසා එය පමණක් වෙළඳපොළකරණය නො ඉවසා, එය පමණක් රජය විසින් පමණක්, නොමිළේ පමණක් දිය යුතුයි කියන ‘විප්ලවවාදීහු' සිටිති. 

පෙර පාසල් අධ්‍යාපනය ද මිනිස් ජීවිතයට වෛද්‍ය විද්‍යාව තරම් ම වැදගත් බව අපි අමතක කරමු. මන්ද, පෙර පාසල් අධ්‍යාපනය ගැන කතා කරන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ධනවත් සමිති නැත. එසේම, පෙර පාසල් ගුරුවරියක වීම සමාජ ලාලසාවක් හෙවත් අත්පත් කර ගැනීමට හූල්ල හූල්ලා බලා සිටින තත්වයක් නො වේ. ඒ නිසා ඒ ගැන කතා කිරීමෙන් අපට දේශපාලන බලය ගොඩනගා ගත නො හැකි ය.

දොස්තරලාගේ කූට ජාවාරම් ද ඉවසමු. මන්ද, දොස්තරකම යනු සාමාන්‍ය තවත් එක් වෘත්තියක් පමණක් නො වේ. අර ලාලසාව නිසා දොස්තරකම යනු ආශාවකි. (මේ මා ලියන්නේ මට අහිමි වූ ආශාවේ වස්තුවෙන් අනෙකා ලබන ප්‍රමෝදය කෙරෙහි පසමිතුරුකම නිසා ය කියා ලාංකික ගොන් හුකාන්ලාට කියන්නට පුළුවන. ලකාන්ට බුදු සරණයි!)

එහෙත්, වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය සෙසු සියල්ලට වඩා මිනිස් ජීවිතයට සංවේදී ය කියන අය  පහත සඳහන් කාරණය ගැන කිසිවෙක් කතා නො කරන්නේ ඇයි?

ලංකාවේ දොස්තරලා තරමට ම හොර දොස්තරලා සිටිති. ඇලොපති වෛද්‍ය විද්‍යාව අනුව හොර දොස්තරකම ලෙස හැඳින්විය හැකි ගර්හිත විද්‍යාවන්ට රජයෙන් උපාධි ද දෙනු ලැබේ. ඒවා හැඳින්වෙන්නේ දේශීය වෛද්‍ය උපාධි ලෙස ය. එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජ්‍යෝතිෂ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ යෝජනාවක් ද තිබිණි. අලි මදිවාට හරක් ය. ඉන් පසු මෙම උපාධිධාරීන්ට රස්සා දීමට පාසල්වල ජ්‍යෝතිෂය විෂය හඳුන්වා දීමටත් සිදු වනු ඇත. 

මෙම ප්‍රකාශය මතභේදාත්මක බව මම පිළිගනිමි. මන්ද, ඇලොපති වෛද්‍ය විද්‍යාව අධිපති කතිකාව බවට තහවුරු වීම පසුපස තිබෙන දැනුම ක්‍රියාවලිය අහිංසක එකක් නො වේ. එය පසුපස දැනුම සම්බන්ධ ආක්‍රමණශීලිත්වයක් තිබේ. එයට එරෙහිව විකල්ප දැනුම වෙනුවෙන් පෙනී සිටීම එක්තරා අන්දමක අධිපති විරෝධී ක්‍රියාවකි.

2004 වසරේ ප්‍රදර්ශනය කරන ලද, මයික් ලෙයි විසින් අධ්‍යක්ෂණය කරන ලද වේරා ඩ්‍රේක් චිත්‍රපටය මේ පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවකි. අධිපති දැනුම විසින් සම්ප්‍රදායික දැනුම හෙළා දකිනු ලැබීම එහි තේමාවයි. වේරා ඩ්‍රේක් ගබ්සා සිදු කරන්නේ සමාජ සේවාවක් ලෙස සලකා ය. එහෙත්, එය නීති විරෝධී ය. චිත්‍රපටය පිළිබඳ මෙතැනින් කියවිය හැකි ය.

එහෙත්, ලංකාවේ තිබෙන වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ ප්‍රශ්නය මෙය නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාව ව්‍යාප්ත වන්නට පෙර ගමේ සිටි වෙද මහත්තයා සමග පටලවා ගත යුතු නැත. අද පවතින්නේ එම තත්වය නො වේ. අද වන විට දොස්තරවරු තරමට ම හොර දොස්තරවරු, වෙද්දු, ප්‍රාතිහාර්යකරුවෝ, කේන්දරකාරයෝ, කට්ටඩි සහ වෙනත් තක්කඩි සිටිති. ඔවුන්ට මුග්ධ දේශපාලකයන්ගේ අනුග්‍රහය ලැබෙන බැවින් ඔවුහු දවසින් දවස ව්‍යාප්ත වෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ මෙවැන්නන් විශාල පිරිසක් මහජන මුදලින් නඩත්තු කරන ලදී. 

හදිසි අනතුරකින් පසුව, මහජන මුදලින්, නියමිත පරීක්ෂණ කිරීමෙන් අනතුරුව, ශල්‍යාගාරයක් තුළ අස්ථි නිසි පරිදි තබා දමන ප්ලාස්ටරයත් රැගෙන මරදන්කඩවල අස්ථි වෑල්ඩිං කරන බව කියන වෙදා ගාවට යන ලෙඩ්ඩු ඒවා මේස පිහිවලින් කපා විසි කර අත පය ඇදට සවි කර ගනිති. නැතිනම්, ආපසු රෝහල්වලට පැමිණ මහජන මුදල්වලට වග කියති. 

ඒ වනාහි එක් උදාහරණයක් පමණි. මා ඇසූ තවත් කතාවකට අනුව, කුරුණෑගල පැත්තේ සිටින හොර වෙදෙකු කරන්නේ එහි එන රෝගීන් ලවා වමනය කරවීමයි. ඉන් පසු එම වමනය ගොඩ පෙරා බලා එහි තිබෙන යම්කිසි වස්තුවක් කිසිවකු විසින් දෙන ලද විෂක් බව පෙන්වති. ඉන් පසු කෝලිකුට්ටු ගෙඩියක් හා හකුරු සමග බෙලි මල් වතුර කෝප්පයක් දෙනු ලැබේ. මෙතනට ගෙන ගොස් වමනය කරවූ එක් තරුණ කාන්තාවක් වසර දෙකකට පමණ ඉහතදී විජලනයෙන් මිය ගියා ය.

ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ ඊනියා විප්ලවවාදීන් කිසිවෙක් මේවාට එරෙහිව සටන් කරන්නේ නැත. මාක්ස්වාදීන්, තවත් විවිධ දාර්ශනිකයන්ගේ ලාංකික නිල අලෙවි නියෝජිතයන් ලෙස පෙනී සිටින තවත් අය මේවා ගැන කට අරින්නේ නැත. හේතුව, එක් පැත්තකින් සමාජය ගැන නො දන්නාකමයි. නැතිනම්, තමන් ද සිය ජීවිත තුළ මේවා සමග බැඳී සිටීමයි. මා දන්නා එක් අසහාය විප්ලවවාදියෙක් සිය විප්ලවවාදී බිරිඳ කසාද බැන්දේ පන්සලේ පිරිත් සජ්ජායනයකින් පසු ය. ඒ අය දැන් අප මනෝ විශ්ලේෂණය කරන්නට එන විට අප ඔවුන් නම් නො කරන්නේ ලොව කිසිවෙක් පරිපූර්ණ නැති නිසා ය. 

වර්තමානයේදී ලාංකීය සමාජය පෙළන ප්‍රධානත ම පීඩකයන් පිරිසක් වන්නේ හොර දොස්තරවරු, ජ්‍යෝතිෂකාරයෝ, කට්ටඩියෝ හා ආගමික ප්‍රාතිහාර්යකාරයෝ ය. 

ආගමික ප්‍රාතිහාර්යකාරයන්ගේ ගනයට මාක්ස්වාදීන් ද ඇතුළත් කළ හැකි වීම මෙම ඊනියා විප්ලවවාදීන් මෙම පොදු කුලකයට එරෙහිව නො යාමට හේතුව විය හැකි ය. හාමුදුරුවරුන් නිර්වානය නම් ෆැන්ටසිය යෝජනා කරන්නා සේ මාක්ස්වාදී ආගමිකයෝ කොමියුනිස්ට් සමාජය යෝජනා කරති. ඒ වෙනුවෙන් පංති කිරීම වැනි විවිධ ආගමික ව්‍රතයන් හා මැයි දිනය, විරු දින වැනි අභිචාර තිබේ. 

මේ සත්‍යය වසන් කරමින් ඇත්ත සමාජ පීඩකයන් හඳුනා ගනු වෙනුවට ව්‍යාජ සතුරන් සහ ෆැන්ටසි ප්‍රවර්ධනය කරන ඊනියා විප්ලවවාදීන් හඳුනා ගැනීමට අප සමත් විය යුතු ය. 

න්‍යාය හා දර්ශනය යනු තමන්ගේ භෞතික ජීවිතයෙන් බැහැර හුදු මනස හා සම්බන්ධ දෙයක් පමණක් නො වේ. එය භාවිතාවකි. ලංකාවේ මේ මොහොතට අදාළව නම් අවිද්‍යාවට, මිථ්‍යාවට එරෙහි දැවැන්ත අරගලයක් තිබේ. පෝරුවල නො නැග, නැකැත් නැතිව කසාද බැඳීම, නැකැත් නැතිව, කේන්දර නැතිව දරුවන් හැදීම, මිරිස් කරල්, දෙහි ගෙඩි නො එල්ලා, මග දිගට පඬුරු නො දමා වාහන පැදවීම, මාක්ස්වාදය ද ඇතුළු ආගම්වලින් බැහැර වීම ආදිය මේ අරගලයේ කොටස් ය. ජීවත් වීම ම දර්ශනය වෙනුවෙන් කරන අරගලයකි. 

අපට අපගේ ජීවිතය තුළ ලොව සියලු දාර්ශනිකයන් කියවා දර්ශනවාදයන් රැස් කර ගබඩා කර ගත නො හැකි ය. අපට කළ හැක්කේ අප වෙනුවෙන්, යුගයට සාපේක්ෂ, ඉදිරිගාමී දර්ශනයක් ගොඩනගා ගැනීමයි. එය ස්ථිතික දෙයක් නො වේ. එය ද ඇත්තේ චලනයක ය. චලනය තුළ දැවැන්ත වෙනස් වීම් වුව වලංගු ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

41 comments:

  1. පැරා,

    ඇලෝපති නැත්නම් බටහිර වෙදකමේ වෛද්‍ය වරයකු වීමට දැඩි කැපවීම වගේම විශාල කාලයක් යෙදිය යුතු වෙනවා මේ අංශයේ විවුර්ත මනසක් ඇති වෛද්‍ය වරයෙක් බිහිවෙන්නේ බොහෝ කලාතුරකින් ඉට හේතුව ඔවුෂධ මාෆියාව මගින් ඔවුන්ව නිහඩ කර තිබෙන ක්‍රමවේදයයි, ඔබ මහා ඉහලින් බටහිර වෙදකම ගැන කිව්වහම බොහෝ දෙනා නොමගයන්නේ https://www.youtube.com/watch?v=nvXIqUyOdK4&feature=youtu.be මෙවැනි සිදුවීම් ගැන හාන්කවිස්සියක් මිනිසුන් නොදන්නා නිසයි.

    දේශීය වෙදකමේ ප්‍රතිකර මහින් බොහෝ මාරාන්තික රෝග සුවය ලබනවා මම දෑසින් දැක තිබෙනවා නමුත් මෙහිදී කිවයුත්තේ නිසි වෙදමහතා තෝරාගැනීමට ඇති දුෂ්කර තාවයයි.

    කැඩුම් බිදුම් වෙදකමේදී https://www.youtube.com/watch?v=s4TutV-jWXE හොරිවිල වෙදපරම්පරාව ගැන ඔබේ නොදනිම කණගාටු දායකයි. මේවගේ දේශීය වෙදමහතුන් සොයාගැනීමේ අභීයෝගය ජයගත හැකි නම් ලබන සේවය විශාලයි.

    කිසියම් කෙනෙකුට මෙම වේදමතාකුට අභියෝග කල හැකිනම් හරිම පහසුයි මොකද දහස් ගණනක් ලේඩුන් මොවුන් ගෙන් බෙහෙත් ගන්නවා ඔබට බාහිර පුද්ගලයකු ලෙස මෙවැනි තැනකට හෝස් ලෙඩුන් ගේ විස්තර ගෙන වසරකට පසුව තෝරාගත් ලෙඩුන් කිප දෙනෙකුට කතාකර බලන්න.

    ReplyDelete
    Replies
    1. මා දේශීය ඥානය ප්‍රතික්ෂේප කරන්නෙකු නො වේ. එහෙත් එය මාර එකකැයි උත්කර්ෂයට නගන කතිකාවට මා එකඟ නැත. එමගින් සිදු වී තිබෙන්නේ සොරුන්ට යුක්තියක්ත වෙළඳපොළක් නිර්මානය වීමයි.

      දේශීය ඥානයන් සම්බන්ධ මූලික ගැටලුව ඒවා සංවර්ධනය නො වී එක තැන පල් වීමයි. බටහිර වෛද්‍ය විද්‍යාව දිනෙන් දින සංවර්ධනය වෙයි. එහි ද ගැටලුව වානිජකරණය මිස අන් කිසිවක් නො වේ.

      එහෙත්, කුමන ක්‍රමයෙන් ගත්තත්, ජීවය යනු අස්ථිර දෙයකි. එය තේරුම් ගෙන ජීවත් විය යුතු ය. ජීවිතය හැර දා යන්නට සිදු වූ විට අනුන්ට වද නො දී යන්නට සූදානම් වීම සඳහා ජීවන දර්ශනය වැදගත් ය.

      Delete
    2. පැරා,

      දේශීය ඥානය කියන්නේ ඉතා දියුණු විෂය පථයක්, නමුත් ඔබ කියන ප්‍රශ්නය මෙහි තියනවා එනම් මෙහි සිටින වෙදුන් ගෙන් සැලකියයුතු පිරිසක් සොරුන් සහ වෙදකම බාගෙට ඉගනගත් අයයි, වෙදකමේදී දක්ෂ වේදමහතකු බොහෝවිට නියමකර්න්නේ ඉතා අඩු මුදලක්, නමුත් අදාළ බෙහෙත් සදහා තරමක වියදමක් දැරිය යුතු වෙනවා (මෙහිදී බොහෝවිට වෙදමහතා මේ බෙහෙත් සොයාදීම කරන්නේ නෑ ) නමුත් ඔබට අපහසුවෙන් නමුත් මේ බෙහෙත් පාවිච්චි කළහැකි නම් ඔබට බොහෝ අසනිප සදහා නිට්ටාවට සුවයක් ලබාගන්න පුළුවනි.

      බටහිර බෙහෙත් වල ඇති ප්‍රශ්නය එක ලෙඩක සුවය කියන්නේ තව රෝගයක පටන්ගැනීමයි. මෙහිදී බටහිර වෙදකම රෝග ලක්ෂණ නැති කිරීම සාර්ථකව කරනවා නමුත් මුල් රෝගය පවතිනවා, රෝග ලක්ෂණ කියන්නේ (වේදනාවක්, කෑම අරුචියක්, කිසියම් අපහසු තාවයක් ) වියහැකියි බටහිර වෙදකමෙන් මේ ලක්ෂණ මිනිසාට නොදැනෙන ආකාරයට සකස් කරනවා, මෙය හරියට සොරුන් පැමිණි බව හගවන ALARM එකක් නින්දට බාදාවක් කියල, ක්‍රියා විරහිත කරනවා වගේ.

      දේශීය දැනුම කොතක් දියුණු දැයි දැනගැනීමට කුඩාකල මගේ මිතුරකුට වුන දෙයක් කියන්නම්, ඔහුට දනිස්සේ "bone marrow" ක්ෂය විමනිසා ඇතිවන අපහසු කමකින් පෙළුන මිට ඒ කාලයේ බටහිර ප්‍රතිකාර තිබුනේ නෑ අදනම් bone marrow transplantation නමැති ප්‍රතිකාරය තියනවා මිට ඩොලර් ලක්ෂයක් පමණ අදත් වැයවෙනවා.

      ඉතින් මගේ මිතුරාගේ දෙමාපියන් සිදුකලේ ඔහුව දුෂ්කර ප්‍රදේශයක වේදමහතකු වෙත ගෙන යාමයි, අදාළ වෙදමහතා ලබාදුන් බෙහත් වලින් මාස කීපයකට පසු පරික්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ නැවත bone marrow වැවී ඇති බවයි.

      මේගැන ඔහුව පෙන්වපු බටහිර වෛද්‍යවරු පවා පුදුම වූ බව ඔහු කිව්වා.
      නමුත් කණගාටු දායක දේ තමයි මේ වේදමහත්තයත් ඒ වෙනකොටත් වයස්ගත පුද්ගලයකු වීම අදවනවිට ඔහු ජිවතුන් අතර නැතිව ඇති, ඔහුත් සමග අදාළ වෙදකමත් විනාශයට ගියා වෙන්න පුළුවනි.

      මේකට හේතුව මේ වෙදවරුන් මිනිසුන්ට බෙහෙත් කිරීමෙන් උපයාගන්නා ලද එකම දේපල ආත්ම තෘප්තිය පමනෛයි. එහෙම නැතුව මෙනිසා ලැබෙන මුදලක් නෑ. නව පරපුර කැමති නෑ දිලිදු ලෙස දිවිගෙවන්න අද ලෝකයේ ආත්ම තෘප්තිය කියන දේ ඇති වටිනාකම ඉතා අඩුයි.

      Delete
    3. //බටහිර වෙදකම රෝග ලක්ෂණ නැති කිරීම සාර්ථකව කරනවා නමුත් මුල් රෝගය පවතිනවා, රෝග ලක්ෂණ කියන්නේ (වේදනාවක්, කෑම අරුචියක්, කිසියම් අපහසු තාවයක් ) වියහැකියි බටහිර වෙදකමෙන් මේ ලක්ෂණ මිනිසාට නොදැනෙන ආකාරයට සකස් කරනවා, මෙය හරියට සොරුන් පැමිණි බව හගවන ALARM එකක් නින්දට බාදාවක් කියල, ක්‍රියා විරහිත කරනවා වගේ.//

      මේ ප්‍රකාශය ගැන බටහිර වෛද්‍ය විද්‍යාව ගැන දන්නා අය අදහස් පළ කරනවා නම් හොඳයි.

      අනෙක ඔබ කියන කතාව වැනි කතා තිබෙනවා. ඔබට නම් ඔබගේ මිතුරාගේ නම හා ඒ වෙද මහතාගේ ගම කියන්නට පුළුවන් ඇති. එහෙත්, බොහෝ දෙනෙකු කියන කතාවල මූලාශ්‍ර සොයාගන්න නැහැ. හෙළ වෙදකමේ ප්‍රාතිහාර්ය ගැන ජන සාහිත්‍යයකුත් තියෙනවා. ඒ ඇතුළෙන් සත්‍යය සොයා ගැනීමට කිසිම කෙනෙක් පර්යේෂණ කරලා නැහැ. දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාල පවා තිබෙන, ඒ වෙනුවෙන් ඇමතිලා, දෙපාර්තමේන්තු පවා සිටින රටක එහෙම පර්යේෂණ සිදු වී නැත්තේ ඇයි? සාක්ෂි මත පදනම් වූ දත්ත වෙනුවට සාහිත්‍යයක් මත යැපෙන්නට සිදු වී තිබෙන්නේ ඇයි?

      මම නම් අඬුව තියෙද්දී අත පුච්චා ගන්නට කැමති නැහැ. කොහොම වුණත් යන්න වෙන දවසට යන එකටත් සූදානම් වෙලා ඉන්න ඕනැ.

      Delete
    4. බටහිර වෙද කමට අනුව රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට හැකි රෝග මෙන්ම නොහැකි රෝග ද ඇත .

      Delete
    5. අතීතයේ සුලබව තිබූ රෝග සියල්ලටම ඇලොපති ප්‍රතිකාර හඳුනාගෙන අවසානයි (99.9%), එත් උපදින සියළු දෙනා මොකක් හරි වෙලා මැරෙන්නත් ඕනනේ, ඒ නිසා වර්ථමානයේ මිනිසුන් පීඩා විඳින්නේ / මිය යන්නේ කුපෝෂණය, වැරදි ඉරියව්,සහ අනතුරු නිසා වෙන්.

      ඔය අළුත් තත්වයට (ඒ කාලේ නොතිබුනු රෝගා බාධ වලට) පැරණි දේශීය ප්‍රතිකාර ඇතියි කියන එක විහිළුවක්, ලොකු වංචාවක්

      Delete
    6. ලාංකීය සිතුවිලි, වැඩි දුර යන්න ඕන නැහැ. ලංකාවෙන් පෝලියෝ මැලේරියා දෙක දුරු කර ගත්තේ මොන වෙද මහත්තයගේ කසායෙන්ද කියල reference you tube video එක දානවද?

      Delete
    7. //කිසියම් කෙනෙකුට මෙම වේදමතාකුට අභියෝග කල හැකිනම් හරිම පහසුයි මොකද දහස් ගණනක් ලේඩුන් මොවුන් ගෙන් බෙහෙත් ගන්නවා //

      ඉන්දියාවේ සායිබාබා, තිරුපති වගේ ආගමික මධ්‍යස්ථාන වලටත් ලක්ශ ගනනක් මිනිස්සු එනවා... ඔවුන් බහුතරයකගෙන් ඇහැව්වොත් ඒ තැනින් තමන්ට සනීපයක් අත්වුනා කියයි.. අතෙන්ට අච්චර එනවා, මෙච්චර එනවා කීමෙන් එතැන කෙරෙන දේ ගුනාත්මකභාවය මනින්න බෑ...
      lankika sithuwili වගේ බටහිර විරෝදී, බටහිර විද්‍යාව පෙරදිගට වඩා ශ්‍රෙෂ්ටයි කියල පිලිගන්න බැරි, ලංකාවේ ඉදන් දුක්විදින ගමන් බටහිර මිනිස්සු තමන්ත වඩා සාර්ථකව ජීවත්වෙනවා කියන දේ තේරුම්ගන්න අකමැති, බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නෑ වගේ ගොන් කතා කියන (මෙහෙම ගොන් කතාවක් පැරාගේ බ්ලොග් එකේම මූ කියල තිබ්බා ) ජාතික චිංතන ගොබ්බයෙකුටනම් හොරිවිල ජෝක් මැජික් වෙන්න ඇති...

      Delete
    8. හැබැයි ඔය කියන ජාතික චින්තනේ ලොකු එකත් මැරෙන්න ගියාම ගියේ ඔය කියන බටහිර ඉස්පිරිතාලෙට මිසක් හොර වෙද්දු ලඟට නෙමෙයි
      http://www1.kalaya.org/2016/08/2.html

      Delete
  2. මම නම් හිතන්නේ නෑ මේවා කවදාවත් නවත්තන්න පුළුවන් දේවල් කියලා.. මොන බයිලා හැහුවත් අපි හැමෝම ඩව්ඩ් ෆුල් මිනිස්සු... අපි කොයි වෙලාවෙත් ආස අපි ගැන හොඳක් අහන්න.. ඒත් ඒ හොඳ කියන දේ සීමාවක් නෑ.. ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා ට්‍රයි කරන්නෙත් තව හොයන්න මිසක් නති කර ගන්න කෙමයක් නෙමෙයි නේ.. එකෙක්වත් කැමති නෑ නරක දේ අහන්න... නින්දා අපහාස විඳින්න.. දුක් විඳින්න.. ඒවත් එක එකාට අනුව සාපේක්ෂ දේ... ඒත් ලද දෙයින් සතුටු වෙන මිනිස්සුන්ට ඔහොම ලෙඩ නෑ... කිසි දෙයක් විශ්වාස කරන්න ඕනත් නෑ.. අදහන්න ඕනත් නෑ.. අතේ තියෙන කීය හරි තම සතුට වෙනුවෙන් එක එකාට වියදම් කරන්න ඕනත් නෑ.. නමුත් කවුරු හරි අර නමෝ නාරයන් හක්ගෙඩියක් අරගෙන ඒකට වැඳුම් පිඳුම් කරන එකෙක් පිස්සෝ වගේ පෝඅලිම්වල ගිහින් නිසැක දාතු වඳින එකෙයි.. පල්ලි පන්සල් කෝවිල් ගානේ ගිහින් වඳින එකෙයි වෙනසක් මම නම් දකින්නේ නෑ.. හාමුදුරුවරුන්ට මුළු පෝය දවසෙම රූපවාහිනිවල කෙප්ප කෙලින්න හොඳනම්, තමන්ගේ අතින් කයිට් කරගෙන රූපවාහිනි චනල් වලටත් ආදයමක් ලබා දෙමෙන් ඔය කියන ජාතියේ උනුත් කෙප්ප කෙලින එකේ කිසි වරදක් මම නම් දකින්නේ නෑ..

    පැරාගේ නවකතාවෙත් මේ වගේ කෙනෙක් ගැන කියවෙනවනේ.. ඒ මනුස්සයා නිසා කී දෙනෙක් ජීවත් උනාද කියලත් ඒකේ තියෙනවා නේ..

    මේ දේවල් කලබලේ නවත්තන්න කාටත් බෑ... අනික රූපවාහිනිවල මේ වඩසටහන් කරන උන් දැක්කාම පුකෙන් හිනා යනවා... උන්ගේ කිසි ප්‍රොෆෙෂනල් ගතියක් නෑ.. පොඩි ලමයි වගේ ඉදිරිපත් කිරීම්.. ඒ වගේම උන් බැලන්ස් නෑ.. ඒක පාර්ෂවිකයි..

    ඕඅවා නවත්තන්න ඕන මිනිස්සුන්ට නිදහසේ හිතන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හරහා මිසක්.. මේ හොරුන්ගේ ක්‍රමයටම හෝ ඊටත් අන්ත විදියට ඒවට පහර ගහලා නම් නෙමෙයි.. එතන තියෙන්නේ දැණුම්වත් කිරීමක් නෙමෙයි... හෙලා දැකීමක්.. ඒකෙන් වෙන්නේ වෛරසහගත් දෙපිරිසක් බිහිවීම පමණමයි..

    ReplyDelete
    Replies
    1. හරිම වැදගත් අදහසක්. පී ඩයල් එකක් ලියපු බවක් පේනවා

      Delete
    2. Keri pera thoge anmata hukasganne nathuw daapan commet eka. Tho keri Maathata erehi comment block karanawa nam keri maathaa daana commentuth block karapan. Eliyakande sepa aayeth one nehe neda?

      Delete
    3. ඔය කියන දේවල් කළත් මාතලන්ට හෝ වෙනත් අයෙකුට හෝ පහර දෙන්නට මෙම බ්ලොගයේ දමන කමෙන්ට් බ්ලොක් කිරීම දිගටම කරන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    4. එළියකන්ද උත්කර්ෂයට නගන්නා තිරිසනෙකු පමණය. ඉහත Anonymous September 4, 2016 at 2:23 PM ඒ බව සැකයක් නොමැතිව තමන් භාවිතා කරන භාෂාවෙන් ඔප්පුකර ඇත. මාතලන් - රසිකලොජි ආරවුලින් මා නම් අලුත් කුණුහරපයක් ඉගෙනගත්තා පමණි.

      Delete
    5. @AnonymousSeptember 4, 2016 at 1:56 PM and @AnonymousSeptember 4, 2016 at 2:23 PM

      Can you people let go of this for heaven's sake?

      Maathalan has not mentioned anything wrong here, nor has he used uncivilized language. He should be allowed to get back to his previous rational persona, and contribute to a healthy discussion.

      If you or anyone else has any "arrears" to be settled with Maathalan, it's best done in another way, leaving the rest of us readers out of it. We do not wish to be a read these expletive-laden conversations between you guys and Maathalan.

      Delete
  3. ජහපාලන බ්ලොග් ලොල්ලන් ගේ කශිලියට පැරා සම්බන්ධ උනේ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. ලෝල්ලෙකුත් හිටිය බන්. ඌට දුන්න නැති වෙන්න

      Delete

    2. මේ ප්‍රශ්නේ මුල නම්, ඇනෝ එන අය හඳුනා ගැනීමේ ( guess කිරීමේ නොවේ) හැකියාව තමන්ට ඇතැයි සිතන මාතලන් සහ නෙලුම් අජිත් ඒ මුලාවේ එරී තමන් ගේ හිතට එන ඕනෑම කෙනෙකුට බැට දීම කිසි හිරිකිතයක් නැතිවම කිරීමට පටන් ගැනීමයි.

      මේ හරියට ඉස්සර ගම්වල කෙනෙකුට කොඩිවින කිරීම පිලිබදව අසල්වාසියෙක් සැක කොට ඌව මරාගන්න යනවා වැනිය. යකදුරා පැමිණ අමාරුවේ වැටුන මිනිහෙකුට ඔප්පු කර පෙන්වන්නේ මේ සියලුම කරදර අල්ලපු ගෙදර මිනිහාගේ කොඩිවිනයක් නිසා බවයි. ගෙදර කරදර වලට හේතුව තමන් හවසට කසිප්පු බී ගෙදර යටත් අහලපහල මිනිස්සුන්ටත් වදයක් වීම බව නොපිළිගන්නා ආතුරයා, කොඩිවින කල උන් ගෙන් පලිගැනීම තම එකම කාර්ය බවට පත් කර ගනී. යකදුරා හා කුමන්ත්‍රණ කරනුවට අමතරව හවස කසිප්පු වඩියෙන් පසු අති විශේෂ කුණුහරුප ගම පුරා වපුරයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් තව තවත් අගතියටම වැටෙමින් ක්‍රෝධයම තව දුරටත් වර්ධනය කර ගනී.

      මෙහි ප්‍රතිඵලය කසිප්පු කාරයටත්, චෝදනා ලබන්නන්ටත් , ගමේ අනෙක් යටත් කරදරයක්ම පමණකි. නාහෙට අහන්නැති උන් වැඩි ගමක සිදු උනොත්, එකෙකු හෝ දෙන්නෙකු මියයන්නටත් ඉඩතිබේ.

      මෝඩයන්ගෙන් ගාන කපා ගැනීමට මේවාට උල්පන්දම් දෙන යකැදුරන් , කසිප්පු කාරයාට වඩා හානිකර බව වටහා ගත යුතුය. කසිප්පුවා කෑ ගහන්නේ යකැදුරා විශ්වාස කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හටගත් ක්රෝධයෙනි. "මගේ අඳුනෙන් පේනවා උඹට කොඩිවින කරන්නේ අරූ" යයි කියන යකදුරාගේ සහතිකය කසිප්පුවාට උවමනා කරන තල්ලුවයි.

      මේවා තීව්‍ර කරන්නේ අපි හුඟ දෙනෙකුටම ඇති මානසික සන්කූලතාවන්ය. මේ සංවාද වලදී නිර්ලෝභීව භාවිතා කෙරෙන පොන්නයා වචනය එක් උදාහරණයකි. සමහරුන්ගේ නිළ මේ වචනයෙන් ඇල්ලිය හැකිය.

      මා මේ කොමෙන්ටුව ඇනෝ දමන්නේ අනුමාන කරන්නන්ගේ රස වින්දන සඳහාය. තව දවසකින් දෙකකින් මෙතනටම ඇවිත් මගේ ප්‍රොෆ්යිලයෙන් ම මේ කොමෙන්ටුවේ වගකීම බාරගනිමි. ඒ දක්වා මේ කොමෙන්ටුව සම්බන්ද ප්‍රොෆයිලය සොයාගැනීම සිංහල බ්ලොග් ලෝකයේ මහා රහස් පරීක්ෂකයන්ට භාර කරමි.

      Delete
    3. කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්...
      The Truth Well Told !!!

      Delete
    4. කෑව කෑව මෙදා ජුබිලි පාටිය

      Delete
    5. සිංහල බ්ලොග් ලෝකේ ප්‍රශ්නේ මිනිස්සු ඇනෝ ගහන එක නෙවෙයි, ඇනෝ කොමෙන්ට් ඈඳල අහිංසක මිනිස්සුන්ට බ්ලොග් ලිවීම එපා කරවන එතරමට වධ දෙන එකයි. ඒක නවත්තන්න නම් මේවයේ ලියන මෝඩයින්ව දැනුම්වත් කරන්නයි ඕන. නැතුව ඇනෝ අල්ලන මැජික් එකක් තියෙනවා කියල මිත්‍යා විශ්වාස පතුරුවන එක නෙවෙයි.

      ++++++++++++++++++++ ඉයන්ගේ බ්ලොග් එකේ තිබුන චොම්මෙන්ට් එකකින්.

      Delete
    6. Ian has proved the existance of Sinhala Blog Mafia. It can come to you all, sooner or later. when they are at your door you will have to bend, unless you are a straight person .

      Delete
  4. රටේ පැවැතිය යුත්තේ රජය විසින් පමණක්, නොමිළේ ය කියන විදියට පමණක් දෙන අධ්‍යාපනය පමණක් ය කියලා හිතන අය මේ දවස්වල පත්තර බලන්න එපා. අධ්‍යාපන දැන්වීම් දැකලා යථාර්ථය අවබෝධ වෙයි. එහෙම වුණොත් සමාජවාදී ෆැන්ටසිය අවුල් වෙයි.

    ReplyDelete
  5. පැරා,
    " මේ ලිපිය කො‍හොමද? ගල් (0) "
    ගල්කාරයින්ට අපහාස කළාට මගේ බලවත් විරෝධය. ගල් යනු සෙම අඩු හොඳ බීමකි. හැබැයි හොඳ තැනකින් ගන්න ඕනෑය.















    ReplyDelete
  6. මිනිසුන් රවට්ටන්නේ ඔබ සඳහන් කල අය පමණක් නොවේ. විශාල කොම්පැණි කාරයෝද එසේමය. හැම දන්තාලේප කොම්පැණි කාරයාම කියන්නේ උගේ දන්තලේපය ඇතිල්ලූ විට දත් සුදෝ සුදු වෙන බවය. සබන් කම්පැනි කාරයෝ කියන්නේ උගේ ඒවා ගෑ විට නිලියන් සේ ලස්සන වෙන බවය. පිටි කිරි බිව් විට පුදුමාකාර ලෙස ශරීර වර්ධනයක් වන බව පිටි කිරි මුදලාලිලා කියති.ලැයිස්තුව කියන්නට ගියොත් රෑ කෑම හීතල වෙන නිසා ලියන්නේ නැත. ඉතින් ඉහත කී සියලු රැවටිලි වලට චන්ද දායකයන් අහු උනත් කොයි ආණ්ඩුවක්වත් කරපු දෙයක් නැත. එමෙන්ම දේශප්‍රේමී මාර්ක්ස්වාදී කට්ටියත් ඒවාට විරුද්ධව කරපු අහවල් දෙයක් ද නැත ඒ වෙනුවට දේශප්‍රේමී ලොකු මාර්ක්ස්වාදී මහත් වරු ඔවුන්ගේ Chamber of Commerce කියන රැස්වීම් වලට ගොස් " බය වෙන්න එපා. අපි ආවම ඕගොල්ලන්ට සුපුරුදු පරිදි බිස්නස් කොරන්න දෙනවා ." කියා පිටට තට්ටුවක්ද දමා මනාප වැඩි කර ගත්තා කියා සිතමින් ආපසු එති.

    ReplyDelete
    Replies
    1. පොලිටික්කෝ ඡන්ද ගන්න විසිකරන භාණ්ඩාගාරයේ මුදල් භාණ්ඩාගාරයට ආපසු ගේන්නේ ඔබ සඳහන්කර ඇති රැවටිලිකාර විශාල කොම්පැණිකාරයන්ය, ඔබ සඳහන් කර නැති ඩිස්ටලිරීස් සහ දුම්කොළ කොම්පැනි ද ඒ අතරට අයත්ය.

      Delete
  7. හුකාන් ලකාන් කිව්වේ අර ඉස්සර ලකෆ්‍රෑන්ස් කියලා මහ කයියක් ගහපු පොන්නයටද

    ReplyDelete
  8. අවිද්‍යාව සමාජගත කිරීමට මම ද විරුද්ධ වෙමි. සිරිතට ගරුකරමින් නැකත් පඬුරු භාරහාර වීමත් ඒවා මතම යැපීමත් අතිශය වෙනස් තත්ව දෙකකි. ඇත්තෙන්ම මම විරුද්ධ වන්නේ අවිද්‍යාව මත යැපෙන සමාජයක් ඇති කිරීමට දරන උත්සාහයට පමණි. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළබඳ වෘත්තීයමය පර්යේෂණ විද්‍යාඥයෙක් ලෙස මම නම් ඉගෙන තිබෙන්නේ සහ විශ්වාස කරන්නේ ලෝකයේ ඇති එකම විද්‍යාව වර්තමාන බටහිර විද්‍යාව පමණක් නොවෙන බවයි.

    නැකත් නැතිව පෝරුවේ නොනැග විවාහවීම, ආගම අතහැරීම වැනි දේ ඔවුන්ගේ කැමැත්ත වුවත් ඒ එතරම් හොඳ නැඹුරුවක් නොවෙන බව මම සිතමි. අත්දැකීම් වලින්, දැනුමෙන් හෝ අධ්‍යාපනයෙන් නොහික්මුණු මිනිසුන් ආගම අතහැරීමෙන් සමාජයට වෙන්නේ අවැඩක් බව මගේ අදහසයි. නැකතට පෝරුවේ නැගීම අලංකාර සංස්කෘතික අංගයකි. එවැනි දේ ඇත හැරීමෙන් වන්නේ අපගේ අනාගත පරම්පරා සංස්කෘතියක් නැති අහසින් වුටුණු අය බවට පත්වීමයි.

    කලාව සහ දර්ශනය අභියස තැබූ විට බටහිර විද්‍යාව යනු තවමත් ළදරුවෙකි. බටහිර විද්‍යාත්මක දැනුම් පද්ධතියේ සීමාව නොදැන බටහිර විද්‍යාව පසුපස යාමද බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම තරමටම අවිද්‍යාත්මක බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ආගම යනු කෑදරකමේ අන්තයයි.
      කාගෙන යන විදියට මේ ආත්මයේ කා නවත්වාගැනීමට හිත හදාගන්න බැරි අවස්ථාව ඊලඟ ආත්මය ගැන සිතීමට පටන් ගන්නා මොහොතයි.
      ආගම් අදහන්නෝ එය විශ්වාස නොකරති. හිත හදාගැනීමට අර ගිලෙන මිනිහාගේ පිදුරු ගහේ තියරියට අනුව එල්ලෙති.
      ආගම් අදහන්නන් බහුතරයක් සිටින අවස්ථාවක එසේ නැති එවුන් අන්තිම හොඳමඋන් බව සිතමි.

      Delete
    2. ඔබ ඉන්න ජපානේ ආගම කොයි තරම් මිනිස්සු පිළිපදිනවාද? ආගමක් නැති වීම නිසා ඔවුන්ට අවැඩක් වෙලා තියෙනවද?

      Delete
    3. ජපානයේ තිබෙන්නේ විශේෂිත තත්වයකි. ඔවුන් ආගමක් මෙන් දැඩිව පිළිපදින්නේ ඔවුන්ගේ සංස්කෘතික රීතීන් ය. එවැනි තත්වයක ආගමක් දැඩිව පිලිනොපැදීමේ නරක ප්‍රතිඵල පෙනෙන්නේ නැත. නමුත් ආගමත් සංස්කෘතික කාරණාත් එකවිට අත්හැරීමෙන් තරමක් තදබල සමාජ පරිහානින් ඇතිවන බව මගේ අදහසයි. නමුත්, අත්දැකීම් වලින්, දැනුමෙන් හෝ අධ්‍යාපනයෙන් මුහුකුරා ගොස් ස්වයං හික්මීමක් ලැබූ අය ආගම අතහැරීමෙන් සමාජයට එවැනි අවැඩක් සිදුවෙන්නේ නැත.

      ජපනුන්ට ආගමක් නැත්තේ නොවේ. කිසිදු වෙනත් රටක ජපානයේ තරම් ආගම් තිබෙන වෙනත් තිබේද යන්න මට සිතේ. ජපනුන් ආගම් අදහන්නේ නැත්තේ නොවේ. නමුත් බොහෝ ජපනුන් ආගම් කිහිපයක් අදහන බව පෙනේ. දෙසැම්බර් 25 නත්තල සමරන ඔවුන් 31 වෙනිදා රෑ හෝ ජනවාරි 1 වෙනිදා මහා පෝලිම් වල සිටිමින් සිද්ධස්ථාන වලට ගොස් හත්සුමොදේ සමරති. උගත්කම් වයස භේදයකින් තොරව පඬුරු දමති. එක වරක් ජීව විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභී ජපන් මහාචාර්යවරයෙක් පඬුරු දමනවා ද මම දැක තිබේ.ඔවුන් අප්‍රේල් 8 වෙනිදා හන-මත්සුරි හෙවත් සිද්ධාර්ථ කුමරුගේ උපත සමරන බව මගේ මතකයයි. නැවත අගෝස්තු 10 වෙනිදා සිට ඔවුන් මළවුන් සමරයි. ජපනුන් කිසිවිටෙකත් ඔවුන්ගේ ආගම ප්‍රසිද්ධියේ කියන්නේ නැත.

      ජපනුන්ට අවැඩක් වී නැතුවා මෙන්ම, ඔවුන් ආගම් අදහන්නේ නැත්තේ ද නැත.

      කෙසේ නමුත් ආගම් වෙනුවෙන් මිනීමරා ගන්නවාට වැඩිය නම් ආගම් අතහැරීම හොඳ බව මමත් සිතමි. එහිදී පෙනෙන්නේ ආගම් වල අඩුපාඩුවකට වඩා තමුන්ගේ වාසියට ආගම් වැරදි ලෙස අර්ථකථනය කරගැනීමේ වරදයි.

      Delete
  9. ආගම අත්හැරීම වැරදි කියන්නෙ මාර කතාවක්. මගේ ආගම කියන්නේ මට අම්මල තාත්තල පටවපු එකක්නෙ. ඔයා කියන්නේ අපිට පටෝපු පෝරු නගින ඒවා අපි කරන්ඩම ඕනේ කියන එකනේ,

    ReplyDelete
  10. Moderation stopped?

    ReplyDelete
  11. Mr. Jayesinghe,

    I wish to send an article for your personal reading. I feel its content (although solely on the topic) is not appropriate to be published here. I wonder how to send it since you have stopped the moderation. How shall I send it to you?

    Bandula Kudalagama
    Toronto

    ReplyDelete
  12. 1/5

    FOR PARA’S PERSONAL READING. YOU MAY DELETE THIS AFTER READING.

    Mr. Jayesinghe has inserted a few lines, which are totally irrelevant into a noteworthy article and ruined its organic unity. However, his position on the theme of his article is remarkable. It is a pleasure after all discordances to be on the same grounds with our old ally. His propositions in defence of allopathic medicine as a relatively accurate and effective science are commendable and unassailable.

    If Mr. Jayesinghe is seriously interested, I may write a comparative analysis on this matter. I shall base my writing on Western (allopathic) medicine with relevant reference to Ayurveda. Ayurveda has a solid foundation although its origin is somewhat mythical (at least in the way it has been told in Sushruta Samhita). I wonder whether Dhanvantri brought the “knowledge of life” from “the heavens” into this world! As a classical Marxist, it is very hard for me to entertain such a fantastic if not fanatic claim. Despite its legendary origin, Ayurveda has a wealth of literature written in Sanskrit. The works of great ancient scholars in Ayurveda such as Sushruta, Charaka, Nagarjuna et al have been truly magnificent. Ayurveda not only has mighty archives of medical literature of its own, but also its modern day scholars have been prudent to incorporate a great deal of Western medical knowledge into the principles and practice of Ayurvedic medicine. If the formal education in Ayurveda had been confined to what the great genius Gabriel Perera Wickramaarachchi learnt from India and imparted to his bright students in Sri Lanka, Ayurveda would not have survived in this country so long.

    Unfortunately, there are hardly any compendia of indigenous medicine in Sri Lanka to consider substantial or even to validate its practice. Whatever the knowledge remaining in the ola-leaf manuscripts does not possess a methodical system of principles to guide a comprehensive practice of indigenous medicine. The inconsistency of the literature on the principles of indigenous medicine has lead to a non-standardised practice highly depending on the individual preferences. There is no consensus on the principles and practice of indigenous medicine. The treatment for a disease condition varies significantly from one practitioner to another so that there is hardly any agreement on the practice amongst the indigenous medical practitioners. Consequently, the idiosyncrasies of practitioners have become prominent conferring legendary status to some practitioners. Whatever those peculiar practices may be, they do not survive for another generation as they are buried with the bones of practitioners at the end. Since such peculiar practices are not followed by many, they are not tested extensively either. As Mr. Jayesinghe has quite correctly mentioned in his article, indigenous medical practice has failed to evolve in this country over several centuries. Perhaps, indigenous medicine had had a potential to serve the medical needs of an era in the past. However, it has lost its path to the modern era with the same potential. The heterogeneous knowledge that constitutes indigenous medicine in Sri Lanka is non-consistent, non-systematic and non-standardised.

    Let me enlighten you briefly and simply about the philosophy of Western medicine as practiced today. The principles and practice of western medicine is firmly based on reasoning. The fundamental step in the development of Western medical knowledge has been the observation of the characteristics of diseases. Meticulous observation leads to the postulation of how those characteristics have been brought about. In other words, reliable explanations about how a disease brings about various characteristics are proposed. These proposed explanations, which can be called hypotheses are extensively and thoroughly tested using scientific methods by the means of experiments, research etc.

    Cont ...

    ReplyDelete
  13. 2/5

    The hypotheses that are validated by scientific methods can be accepted as theories into the knowledge base. The theories that are consistent over a long period of time are considered laws. The principles of Western medicine are formulated in such sophistication, exhibiting methodical, reproducible, testable and transparent qualities. There is not any magical or wizardly synthesis of knowledge in Western medicine.

    The practice of Western medicine is based on the theories and laws that explain the disease processes, which bring about the characteristics. These characteristics are called clinical features, which include symptoms (what the patient complains) and signs (what the doctor elicits).

    Clinical medicine is the science and art of methodically applying the medical principles into practice. Abnormalities in the normal functioning of human body are described as diseases (conditions with well-defined causes and features) and syndromes (conditions with a constellation of correlated symptoms and signs without well-defined causes). Diseases (as well as syndromes) are studied in Western medicine considering pathophysiology (how an abnormality is brought about as per Western medical principles), aetiology (what causes an abnormality), clinical features (what the symptoms and signs of an abnormality are), diagnosis (how to determine or prove that an abnormality is due to a specific disease or a specific syndrome), treatment (how to cure or control an abnormality), epidemiology (how common an abnormal condition is in the population and how it is distributed across various groups in the population), prognosis (what the probable course and outcome of an abnormal condition is i.e. the chance of recovery) and prevention (how to prevent recurrences of an abnormal condition). The practice of Western medicine is based on such a methodical approach.

    A well-trained and qualified doctor has to consider all these aspects in a short time when treating a patient. This is why it takes a great commitment to master Western medicine. The practice of modern Western medicine is well standardised so that every practitioner follows the same principles with minimum idiosyncrasies. It is true that the individual skills may differ to a certain extent from one practitioner to another. However, the principles they follow will be and ought to be the same so that any other practitioner can understand and interpret the treatment carried out by a particular practitioner.

    In fact, Ayurveda and perhaps indigenous medicine have also been based on some of the above methods. The observation of characteristics of diseases and the postulation of how those characteristics have been brought about are initial steps in Ayurveda as well. Of course, the pathophysiology in Ayurveda, based on the imbalance of the so-called doshas (Vaata, Pitta and Kapa) is different to that of Western medicine. One should not forget the fact that the pathophysiology in Western medicine is also postulations just as in Ayurveda. Earliest descriptions of diseases and how they are brought about in Western medicine were also solely based on observations. So, what could be the difference between Western medicine and Ayurveda (as well as indigenous medicine that shares many teachings of Ayurveda)?

    Western medicine has been continuously and incessantly revised in the light of new discoveries and advances in the modern sciences. For an instance what Celsus, the great ancient medical writer described as inflammation on mere observations, have been developed over the centuries into a basic pathological process that describes an array of disease conditions such as cellulitis, hepatitis, gastritis, arthritis etc. As a result of scientific research and experiments on that ancient concept of inflammation, today, we talk about various inflammatory markers to diagnose various diseases as well as about various inflammatory substances that can be targeted by specific drugs to treat those diseases.

    Cont...

    ReplyDelete
  14. 4/5

    Whenever there is a clinically significant undesirable outcome identified by such processes, the use of the relevant treatment or the drug may be restricted, modified or discontinued accordingly. There are no such clinical trials, research or surveillance regarding the treatments in Ayurveda or indigenous medicine.


    2. Ayurveda and indigenous medicine can treat the cause of disease whereas Western medicine only treats the symptoms.

    This is a very interesting myth that was popularised in Sri Lanka. This is not only a myth but also a hoax. As we have discussed above, both Ayurveda and indigenous medicine do not have a scientifically proven or validated principles regarding the diseases. How can Ayurveda and indigenous medicine treat the cause of a disease, when they do not possess a solid explanation on what happens in that disease? In contrast, Western medicine has its explanations, which are validated to a great extent by scientific methods. In addition, it has a mighty support from the continuous and incessant research, which repeatedly tests the accuracy of its principles. As a result, Western medicine almost always explores the root causes of diseases and treats those causes. In Western medicine, most of the drugs have well-established documentations about what they do to the body (pharmacodynamics) as well as what the body does to the drugs (pharmacokinetics). Such understanding assists to target the treatment towards the cause of the disease. .

    Properly trained and qualified practitioners of Western medicine do not treat the symptoms as the primary objective except in a few cases. Doctors do not prescribe just for the symptoms such as fever, cough, chest pain etc. Doctors listen to the symptoms of the patients, elicit the physical signs, formulate differential diagnosis, request relevant investigation (when they are needed to confirm the diagnosis) and start the treatment targeted towards the diagnosis. When, the diagnosis cannot be established on clinical grounds per se, they will start the treatment targeted towards the most probable diagnosis until the investigation reports are available. If a patient presents with cough, a properly trained doctor will not just prescribe a medication to suppress the cough. Instead, the doctor will establish a diagnosis as to why the patient developed the cough and will specifically treat the cause. For an instance cough may be due to bronchial asthma, tuberculosis, pneumonia etc. Of course, in some life threatening conditions and certain complicated cases doctors will have to attend to the presenting symptoms and signs initially and to treat the cause later. But still the focus is on correcting the cause of the disease. A person who just utters false-statements that Western medicine can only treat the symptoms, exhibits his hopeless ignorance and ideological antagonism towards Western medicine. Perhaps, such a myth is due to superficial interpretation of what laymen see i.e. a patient consulted a doctor for cough and the doctor gave a medicine that relieved the cough.

    3. Ayurveda and indigenous medicine can treat the diseases that cannot be treated by Western medicine.

    This is also a false premise. In medicine, there are diseases that can be cured (such as pneumonia or cellulitis); there are diseases that cannot be cured but can be controlled (such as diabetes mellitus or hypertension); there are diseases that cannot be cured or controlled once you get them (such as rabies). Certain diseases that cannot be cured at present, may be cured in the future due to the on-going research in Western medicine.

    There are many diseases that may resolve without any specific medical intervention (according to some estimates, such diseases may account for about 25% of all cases). For an instance, most of the viral infections do not have a specific treatment. They resolve on their own in the natural course of the disease.

    Cont...

    ReplyDelete
  15. 5/5

    What doctors do, is to look after the patients until the recovery, giving attention for the possible complications and other associated conditions. People who have the wrong idea that the treatment of a disease is just to administer several drugs or other substances, may perceive such watchful waiting as a lack of treatments. If a patient who suffers from such a disease is taken to an indigenous practitioner, there is a high probability that the patient may still recover irrespective of the treatment. People who do not analyse this sort of cases are tempted to conclude that indigenous medicine cures the patient!

    There are some diseases that take time to recover such as fractures and strokes. It takes several weeks to months for fractures to heal. After assessing for the complications and the extent of the fracture both clinically and radiologically, doctors treat them accordingly. The principle is to reduce the fracture according to the fracture mechanism, to align bones properly and to stabilise the fracture until it heals (for which purpose Plaster of Paris casts are placed in some cases). Once the patient is sent home, he/she may consult an indigenous practitioner such as the one Mr. Jayesinghe has mentioned in his article. If the patient is lucky, he/she will survive the additional trauma inflicted by the indigenous practitioner. The fracture will heal naturally in such cases (but in most cases, patient’s fracture will be complicated by inappropriate manipulation). When the fracture heals, people conclude that it is cured by indigenous medicine! A similar scenario can be observed regarding strokes. Most patients improve the disability with physiotherapy after strokes. When the patient is sent home after arranging regular physiotherapy, the relatives may take the patient to an indigenous medical practitioner. What the practitioner does, is to apply oil and continue the physiotherapy until recovery. People conclude that the stroke is cured by indigenous medicine!

    There is no scientific evidence that indigenous medicine has cured fatal diseases such as rabies or disseminated malignancies (cancers that have spread to several parts of the body) for which there is no cure in Western medicine. There may be anecdotal reports based on cock and bull stories, however there are no scientific case reports available .

    Of course, there are many diseases, which cannot be managed by Ayurveda or indigenous medicine. What can Ayurveda or indigenous medicine offer for the treatment of acute myocardial infarction (“heart attack”)? What can Ayurveda or indigenous medicine offer for the treatment of bacterial meningitis (a serious bacterial infection of the coverings of the brain)? What can Ayurveda or indigenous medicine offer for the management of diabetic ketoacidosis (a serious complication of type 1 diabetes mellitus, which needs treatment with insulin)? Answer is: “hardly anything effective”!!!

    If Ayurveda and indigenous medicine can cure such fatal diseases, the practitioners and scholars of such disciplines should publish them in proper ways. If the Ayurveda and indigenous medicine have treatments superior to what we have in Western medicine, the practitioners and scholars of such disciplines should statistically prove that superiority. Just a mere difference, which is statistically insignificant, is most likely to be due to chance.

    To conclude our lengthy discussion let me suggest that you do not risk your own life by pursuing the treatments of unproven effectiveness. The Morris Minor was a superb car in the past. But should you go for an old Morris Minor, when you have Toyotas, Nissans and Hondas with more advanced locomotive technologies readily available at present?

    Mr. Jayesinghe should be appreciated for bringing a vital topic into discourse. I hope that I wrote nothing for which I would be penalised on charges of blasphemy to the most celestial entity of Mr. Jayesinghe!


    Bandula Kudalagama
    Toronto

    End.

    ReplyDelete
  16. HERE IS THE MISSING SEGMENT!

    3/5

    Whereas, Ayurveda and especially indigenous medicine (that is probably a loose derivative of Ayurveda) still keeps on repeating Vaata, Pitta and Kapa in the same manner that they were written millennia ago.

    The principles and practice of Western medicine can be readily subjected to investigation by scientific methods, a fact that empowers Western medicine to boast itself as a scientific discipline. Despite a few deficiencies in Bacon’s scientific method, we need to accept his methodology as a very useful tool to establish the fidelity of a proposition. People who are intellectually blind with anti-Western sentiments such as Nalin de Silva will disregard the need for a Baconian scientific legitimacy of the medical knowledge (Let them be in peace with their ideological jouissance!). Whereas, ordinary people like Mr. Jayesinghe and I, would surely look for the best available medicine in our illnesses. Thus, we are interested in the most verified practice of medicine.

    One of the most important aspects in Western medicine, developed in the last century has been the concept called “the evidence-based medicine”. It refers to the practice of medicine that has been supported extensively by quality evidence, which is drawn primarily from well-designed and well-conducted clinical trials and research. Thorough analyses of various clinical cases are also taken into consideration. The individual expert opinions are not totally ignored but utilised judicially. There are several levels of evidence depending on the strength. Guidelines are compiled using such evidence to guide the practitioners for good clinical practice. Those guidelines contain recommendations, which are also categorised into several levels depending on the risks and benefits.

    What about Ayurveda and indigenous medicine regarding the scientific nature of their practice? Ayurveda has not shown promising results to validate its effectiveness in various diseases according to the handful of research carried out so far. The principles of Ayurvedic medicine are not so readily compatible with high quality scientific research methodologies either. Consequently, Ayurveda is not regarded as a genuine science. The general consensus is to consider it as a pseudoscience. What is the situation of indigenous medicine in Sri Lanka as a science? The answer is shockingly traumatic. I wonder whether we can consider the principles and practice of indigenous medicine at least as a pseudoscience. It has become more supernatural and magical. Some of the treatment modalities are hilarious and ridiculous, as Mr. Jayesinghe has pointed out in his article. There have been practitioners who treat patients using occultism in combination with indigenous medicine. When occultism joins indigenous medicine, the discipline becomes more mysterious. Occultism is not something strange to Ayurveda either. Butavidya, which deals with the mental disorders, is one of the eight components (astanga cikitsa) of Ayurveda. However, this concept of butavidya is also misused for commercial purposes at present, just as panchakarma cikitsa has been misused at spas.

    Let me touch a few myths held firmly by certain fractions of the public regarding Ayurveda and indigenous medicine:

    1. The treatments in Ayurveda and indigenous medicine are harmless and safer than the treatments in Western medicine.

    This is not a rational claim at all. Perhaps, this myth is supported by the misconception that the herbal medicines are free of adverse effects or side effects. Herbal medicines are not as safe as they were thought to be. The results of research on the aetiology and the epidemiology of many diseases, have suggested that the herbal medicines can cause a host of diseases. In contrast, the treatments (including the drugs) used in Western medicine are well tested and validated at various stages from their introduction (clinical trials) to their use (research and surveillance) for efficacy and safety.

    Cont...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.