2016-09-08

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

මේ මගේ දුව. පංතිය 2 ශ්‍රේණිය. අකැමැති ම දේ පාසල් යාම. හේතුව ගුරුවරියගේ ටියුෂන් පංතියට නො යෑම නිසා සිදු වන වෙනස්කම්.
ටිකක් දිග වැඩියි. හෙමිහිට කියවන්න

පළමු කතාව ලියනගේ අමරකීර්තිගේ ලංකාදීප කොලමෙන්:

පාසැල්වල ඛාදනය ඉතා අනුවේදනීය වූද උත්ප්‍රාසාත්මක වූද ආඛ්‍යානයකට නගන කෘතියක් මෑතකදී පළ විය. “එය ඉඩක් දෙන්න ඇස් අරින්න” නම් වේ. එය සූරිය පොතකි. යශෝධරා ගුණසේකර එහි කතුවරියයි. ඇය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. ඇගේ පොත අධ්‍යාපන බලධාරීන්ගේත් ගුරුවරුන්ගේත් අවධානයට ලක් විය යුතුය. මේ කෘතිය ළමා කථාවක් සේ රසවිඳින්නටද පුළුවන. ළමා මනසේ ස්වභාවය ගැන ආකර්ෂණීය චිත්‍රයක් එහි මැවේ.

එක වසරේ සිට පහේ ශිෂ්‍යත්වය දක්වා පාසැල් දිවිය ගැන ළමා වීර කථාවක් වැනි පොතකි මේ. ශිෂ්‍යත්වය සමත්වූ ආකාරය ගැන ලියවෙන කොටස ගැන පමණක් අවධානයට ගනිමු.

පහේ පන්තියේ ගුරුවරිය කතුවරියට මුණ ගැසෙන්නේ ඇය හතරේ පන්තියේ සිටියදීමය. දවසක උදෑසන රැස්වීමේ කතාවක් පවත්වන්නට පහේ පන්තියේ සිසුන් කිසිවෙකු නොවූ නිසා හතරේ පන්තියේ යශෝධරාට ඒ අවස්ථාව ලැබෙයි. ඇයට කතා පැවැත්වීමට දක්ෂය. මේ පොතෙන් කොටසකි:

“...මගේ කතාව අවසන් වූ අවසන් වූ පසු වෙනදාට වඩා උස් හඩින් අත්පොලසන් හඬක් ලැබුණි. මම බොහෝ සෙයින් සතුටු වුණෙමි. මුලසුන හෙබවූ පහ වසර පන්ති භාර ගුරුතුමිය මා දිරිමත් කරමින් හා අගය කරමින් කතාවක් පැවැත් වූවාය. එය අවසානයේ දී ඇය “යසෝධරා දුවට තව අත්පුඩියක් ගහන්න ඔක්කොමලා”යි පැවසුවා ය. ඒ සමග ම මගේ හිතේ සතුට දෝර ගලන්නට විය. එවිට එම ගුරුතුමිය කෙරේ මගේ සිතේ ඉමහත් ආදරයක් හා ගෞරවයක් ඇති විය.

එදින විවේක කාලයේ මා පාසැල් භූමියේ සක්මන් කළේ දළදා කරඬුව රැගත් ඇත් රජු පෙරහැරේ ගමන් කරන්නාක් මෙන් ආඩම්බරයෙන් පා මාරු කරමින් ය. මා මෙලෙස සක්මන් කරන විට උදෑසන මා අගය කරමින් කතා කළ ජ්‍යෙෂ්ඨ ගුරුතුමිය සිය සුරතින් සංඥා කර මා එහි කැඳවූවාය.
“දුව හරි දක්ෂයි. ලබන අවුරුද්දෙ මගේ පන්තියට වැටුණොත් හොඳයි. මම දුවට තවත් ලස්සනට කතා පවත්වන්න කියලා දෙන්නම්කො.” යැයි පැවසුවාය...”

හතරේ පන්තියෙන් සමත් වන යශෝධරා අර ගුරුවරියගේම පහේ පන්තියට තේරෙන විට පාඨකයන් වන අපටද දැනෙන්නේ පුදුම සතුටකි. ඒ ශිෂ්‍යත්ව පන්තියයි.

මේ ගුරුවරියගේ චරිතයේ අඳුරු පැත්ත පෙනෙන්නේ ඒ පන්තියේදීය. ඇය ශිෂ්‍යත්වය වෙනුවෙන් ඇගේ නිවසේ අමතර පන්තියක් පවත්වයි. පාසැල් පන්තියේ සිටින අයට එහි ආ යුතුය. එහෙත් යසෝදරා එහි නොයයි. ඈට සෙනසුරාදාට සෙල්ලම් කරන්නට ඇති බැවිනි. ඇය ටියුෂන් පන්තියට නොඑන බව කී පසු ගුරුවරිය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. ගුරුවරිය දවසක පාසැලට එන්නේ යශෝධරාට ‘වැඩක් දෙන්නට’ බව පෙනේ. මේ පොතෙන් ගත් කොටසකි:

“යසෝදරා මොකක්ද ගනිසම කියන්නෙ?”
එවිට මම අසුනින් නැගිට්ටෙමි. ගුරුතුමියගේ දීප්තිමත් දෑස් මා වෙත යොමු වී තිබිණ.
“දන්නෙ නෑ ටීචර්.” මම ගරුසරු ඇතිව පිළිතුරු දුන්නෙමි.
“උත්තරේ දන්නවා වගේ හිටගත්ත හැටි! ගොන් මැට්ටි! ගොම ගොඩ! ඕකවත් දන්නෙ නැද්ද? ඉඳගන්නවා.” ගුරුතුමිය නොරිස්සුම් ලෙස පැවසුවාය...”
ඒ ගුරුතුමියගේ ටියුෂන් පන්තියට යන ළමයෙක් ගනිසම යනු ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය යැයි පිළිතුරු දී ගුරුතුමිය සතුටු කරයි.

“ගනිසම” වැනි දරුවෙකුට අදාළ නැති දෙයක් කටපාඩම් කරගැනීම ප්‍රාථමික අධ්‍යාපනයද යන්න වෙනම ඇසිය යුතු ප්‍රශ්නයකි. එක් එක් දරුවාගේ ආවේනික කුසලතා මතු කර කර, ඒ ඒ දරුවාගේ අත්ම ශක්තිය සහ ආත්මාභිමානය වර්ධනය කරමින් ඔවුන්ගේ පරිකල්පනයට සහ විචාරාත්මක චින්තනයට දිරි දීම නොවේද අධ්‍යාපනය විය යුත්තේ?

ගුරුවරිය තවත් දවසක යශෝධරා පෙන්වා මෙසේ කෑගසයි: “ළමයි හොඳට බලාගන්න ඔය ඉන්නෙ මේ සැරේ ශිෂ්‍යත්වෙ ෆේල් වෙන ළමයෙක්. එයාගෙ ඔළුවෙ මොළේ කළඳක් නෑ. තියෙන්නෙ ගොම. මේ වගේ හරක්නේ ටියුෂන් යන්නම ඕනෙ...”

අපවාද විඳවිඳ වුවද යශෝධරා ටියුෂන් පන්ති නොයා ගෙදරදීම විභාගයට සූදානම් වෙයි. ගුරුවරයෙකු සහ ලේඛකයෙකු වන පියා(ගුණසේකර ගුණසෝම) සහ මව දැරියට උපකාර කරති. එවැනි පවුල් පසුබිමක් නොවී නම් අර වැනි ගුරුවරියක නිසා දැරියගේ ජීවිතයම විනාශ වන්නට ඉඩ තිබිණි. යශෝධරා ඉහළින්ම ශිෂ්‍යත්වය පාස් වෙයි. එවිට අර ගුරුවරිය ඉදිරියට පැමිණ ‘තමා පාසැලේ ඉගැන් වූ දෙයින් පමණක් විභාගය ලියා සමත් වූ’ යශෝධරාගේ ජයග්‍රහණයටත් උරුමකම් කියයි. දියුණු රටක නම් ඇය පාසැලක් අහලක සිටින්නටවත් ඉඩ නොලබනු ඇත.

ශිෂ්‍යත්ව ප්‍රථි්ඵල ආ දා පාසැලේදී යශෝධරා පවත්වන කතාවකින් ආඛ්‍යානය අවසන් වේ. මෙම කෘතිය මතක සටහනකි. ඇත්ත කතාවකි. දෙවැනි කන්නංගර විප්ලවයක් සිදු විය යුතුය. අධ්‍යාපනය යනු ලාභ උපයන බිස්නස්කාරයන්ට බාර දී අහක බලාගෙන සිටින්නට තරම් නොවටිනා දෙයක් නොවේ. එය ශිෂ්ටාචාරමය අවශ්‍යතාවකි. ශිෂ්‍යත්ව ටියුෂන්කාරයා සිට සයිටම්කාරයා දක්වා පරීක්ෂාවට ලක් විය යුතු බව ඇත්තය. ඊටත් වඩා අපේ පාසැල් පද්ධතිය දෙස විචාරාත්මකව බැලිය යුතු නොවේද?

දෙවන කතාව තරංගා කුලරත්නගෙන්:

මතක විදිහට මං අටේ පන්තියේදි වගේය. ඉස්කෝලේ - ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය, බම්බලපිටිය. පිහිටා ඇත්තේ පල්ලිය පිටිපස්සේ ඉඩමේ වුවද, ඉස්කෝලෙ නම ක්‍රිස්ත්‍රියානි වුවද, ඒ කාලේ ඉස්කෝලේ බහුතරය සිංහල-බෞද්ධය. බහුතරය කිව්වට මාජිනල් මැජොරිටියකි. ක්‍රිස්තියානි, මුස්ලිම්, දෙමළ, ලන්සි, ජා, මැලේ මෙකී නොකි ජාති,ආගම් කොක්ටේල් එකක් අපේ ඉස්කෝලෙ තිබ්බාය. හිටියේ මොන ජාතියෙ, ආගමේ එවුන්දැයි හොයනවට වඩා නොහිටියෙ මොන ජාතියෙ එවුන්දැයි හොයන එක ලේසිය. (එය, තාත්තා මාව ඒ ඉස්කෝලෙට දාද්දී වැඩියෙන් කැමති වුනු කාරණයක් විය). ගුරු මණ්ඩලය මැජෝරිටි සිංහල බෞද්ධය. සදුදාට එසෙම්බ්ලිය. සියළු සිසුන් පෝලිම් ගැසී ග්‍රවුන්ඩ් එකේය. පන්සිල් ගැනීම අනිවාර්යය. අඩු හරියට ප්‍රින්සිපල්ගේ කාමරේ මයික් එකෙන් එක ළමයෙක් හඩට පන්සිල් දෙයි. ග්‍රවුන්ඩ් එකට කන පැලෙන්න ඇහෙන්න ස්පීකරුත් හයි කරලාය. ඉස්කෝලෙ ඇරෙද්දිත් ඒ විදිහමය. බෞද්ධ නොවන ළමයින්ට ආගම සිහි කිරීමට වෙනම තැන් නැත. ඒගොල්ලොත් අර පෝලිම් වලය. "සිංහල-බෞද්ධ නොවෙන ළමයි නිශ්ශබ්දව බිම බලාගෙන තම තමුන්ගෙ ආගම සිහි කරගන්න. අනිත් අය වැඳගෙන පන්සිල් ගන්න"

මට මේකෙ අවුලක් දැනෙන්න ගත්ත නිසා මං වැඳිල්ල නැවැත්තුවාය. පන්සිල් ගැනිල්ලත් නැවැත්තුවාය. බිම බලාගෙන ඉන්න එකත් නැවැත්තුවාය. ඒ වෙනුවට අත් දෙක පිටි පස්සට බැදගෙන, ඔළුවත් කෙලින් තියාගෙන, නිහඩව අනිත් අය ආගම් සිහි කරන තුරු සිටියාය. ළමයින් වැඩේ හරියට කරනවාද නැද්ද බලන්න හිටපු ගමන් මිස් ලා කංකාණිලා වගේ පෝලිම් අතර ඇවිදියි. එහෙම නැත්නම් මිස් ලා සහ ප්‍රින්සිපල් ඉන්නේ සිමෙන්ති ප්ලැට්ෆෝම් එක උඩ නිසා නොවඳින්නේ මොකාද කියා පෙනෙයි. මාව වැඩි දවසක් නොගොස් නෝට් වී, මාට්ටු වුනාය. එසෙම්බ්ලිය ඉවර වූ සැනින් ප්‍රින්සිපලුත් මිස් ලා බහුතරයකුත් මාව වට කරගත්තාය.

ප්‍රින්සිපල් සහ තවත් මිස් ලා කීප දෙනෙක් - "කුලරත්න මොකද ආගම සිහි කරන්නෙ නැත්තෙ? පන්සිල් ගන්නෙ නැත්තෙ?"

මම - "මං ඒකට කැමති නෑ. මං කැමතියි ඒවා නොකියා සද්ද නැතුව ඉන්න"

කලින් කියපු සෙට් එක - "එහෙම බෑනෙ. හැමෝමලා තම තමුන්ගෙ ආගම සිහි කරගන්න ඕනෙ. තමුන් සිංහල-බෞද්ධ නෙ. තමුන් පන්සිල් ගන්න ඕනෙ"

මම - "මං ගෙදරදිවත් පන්සිල් ගන්නෙ නෑ. මං කාටවත් කරදර කරන්නෙ නෑනෙ මැඩම්. අනිත් එක ආගම සිහි කරගන්න එක කට්ටියකට විතරක් මයික් දාලා ස්පීකර් එකෙන් කියන්නෙයි, අනිත් අයට ඒ සද්දෙත් එක්ක නිහඩව ආගම සිහි කරගන්න කියන්නෙයි ඇයි? ඒගොල්ලන්ට හරි අමාරු ඇතිනෙ පන්සිල් ගන්න සද්දෙ එක්ක ඒගොල්ලන්ගෙ ආගම් සිහි කරගන්න. අනිත් එක මැඩම්, මං සිංහල-බෞද්ධ කියලා මැඩම් කියන්නෙ කොහොමද?"

මිස් ලා ප්‍රින්සිපල්ට - "මේ ළමයා ගාණට වැඩියි මැඩම්. හරි පණ්ඩිතයි"

මිස් ලා මට - "ඔය ළමයගේ උප්පැන්න සහතිකේ තියෙන්නෙ සිංහල-බෞද්ධ කියලනෙ"

මම - "මගේ උප්පැන්න සහතිකේට ඒවා දාන්න ඇත්තෙ අම්මා තාත්තානෙ මිස්. ආගම කියන්නෙ එහෙම කවුරුවත් බලෙන් මාව අල්ලලා දාන්න පුළුවන් දෙයක්ද? බුදුහාමුදුරුවො කාටවත් කියලා නෑනේ එයාට වඳින්න කියලා"

ප්‍රින්සිපල් - "එකට එක කියන්න එපා කුලරත්න, ඊලග දවසෙ එද්දි අම්මා හරි තාත්තා හරි එක්ක එනවා. මට කතා කරන්න තියනවා කිව්වා කියනවා"

අපේ තාත්තා - "මං එන්නෙ නෑ. ඔයා කරලා තියෙන දේ හරි. ඔයා ඔයාට කැමති දේ කරන්න. කවුරුවත් බල කරාට බය වෙන්න එපා"

සුමානයක් ගියේ නැත. මං ආයෙම මාට්ටු විය. ඒ පාර අහුවුනේ දවල් ඉස්කෝලෙ අරින වෙලාවට පන්ති වල ඉදන් ගාථා කියන වෙලාවේදීය. මොන වැඳිල්ලක්වත් කාගෙවත් සිහියක නැත. ඔය වැඳිල්ල වඳින්නේ එක කකුලක් පන්තියෙ දොරෙන් එලියෙ තියාගෙන, බෑග් එක එක අතකින් කරේ එල්ලගෙන, අනිත් අතින් බාගෙට වැඳගෙන, ස්කූල් බස් එකට හුරේ දා දුවන්න රෙඩි පිටය. අපේ පන්තිය භාර මිස් පන්තියේ හිටියේ නැත. අල්ලපු පන්තියක සිටි හෙන්දවිතාරණ මිස් (ඉගැන්නුවෙ සමාජ අධ්‍යයනය ය!) ඒ වෙලාවේ තවත් මිස් කෙනෙක් එක්ක අපේ පන්තිය පහුකරගෙන ඇවිදං යන අල්ල පනල්ලේ මාව දැක්කාය. (වැඳිලි අපිටය - ඒගොල්ලන්ට රෂ් එකය!)

හෙන්දවිතාරණ මිස් - "කිසි කෙනෙක් පන්තියෙන් පිටවෙන්නෙ නෑ මේ ප්‍රශ්නෙ ඉවර කරනකම්. කුලරත්න, තමුන් මොකද ගාථා කියන්නෙ නැත්තෙ? තමුන් ගැන අපි දන්නෙ නෑ කියලද හිතේ? තමුන් උදේට පන්සිල් ගන්නෙත් නෑ කියලා ප්‍රින්සිපල්ට කම්ප්ලේන්ස් ගිහින් තියෙන්නෙ"

මම - "මං කාටවත් කරදර කරේ නෑනෙ මිස්"

හෙන්දා - "ඒක නෙවෙයි අපි ඇහුවෙ. අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. මොකද තමුන් ගාථා කියන්නෙ නැත්තෙ?"

මම - "බුද්ධං සරණං ගච්ඡාමි කියන්නෙ මම බුදුන් සරණ යමි කියන එකනෙ මිස්. මං දන්න තරමින් බුදු හාමුදුරුවො එහෙම එකක් කියලා නෑ. එයාව සරණ යන්න කියලා එයා කාටවත් බල කරලා නෑනේ. අනිත් එක දැන් මේ දවල්ට කියන එක අපි හැමෝමලා කියන්නෙ "යෝ වද තම්පාව රෝමනු ජේසු - ජේසුගෙ අම්මට බාගෙට පිස්සු කියලා". මං ඒකේ තේරුම දන්නෙ නෑ මිස්. වඳින වැඩ වලට නම් මට දැනගන්න ඕනෙත් නෑ. යාළුවො ඒකෙ තේරුම දන්නෙත් නෑ මිස්. ඕනෙ නම් අහලා බලන්න"

හෙන්දා මට අත දික්කරගෙන ගහන්න පැන්නාය!

මම - "මිස් මට ගහන්න විතරක් එපා. ගැහුවොත් මං අධ්‍යාපන අමාත්‍යාංශෙට කම්ප්ලේන් කරනවා" (ඒ වයසට ඒ වාක්කිය කටට ආවේ කොහෙන්ද කියා හිතුනට අටේ පන්තියේ කියන්නේ පොඩි නැත.) "මට ආගම සිහි කරන්න කියලා බල කරන්නත් එපා"

හෙන්දා ආයේ ගහන්න පැන්නාය. මං පස්සට පැන්නාය. අනිත් මිස් ගහන්න ආවේ නැති වුනත් හෙන්දා ව නැවැත්තුවේද නැත.

වැඩේ ප්‍රින්සිපල්ට වාර්තා විය. ආපහු තාත්තට හෝ අම්මට එන්න කියන්න කිව්වාය. "කිසි කෙනෙකුට ඔයාට ගහන්න ඉඩ දෙන්න එපා. ගහන්න ආවොත් පුළුවන් නම් නවත්තගන්න බලන්න. ඒත් ගැහුවොත් ඔයත් ගහන්න. තමුන් වරදක් කරලා නැත්නම් ගුටි කාලා, බැනුම් අහලා ගෙදර එන්න එපා. ගැහුවොත් ගහන්න, බැන්නොත් බනින්න. ඉතුරු හරිය මං බලාගන්නම්. තාත්තා එන්නෙ නෑ කිව්වා කියන්න ප්‍රින්සිපල්ට. ආයෙ එක සැරයක් හරි අත උස්සලා තිබ්බොත් හරි, ඔයාට බල කරලා තිබ්බොත් හරි මං හම්බවෙන්න යන්නෙ ප්‍රින්සිපල්ව නෙවෙයි කියලා කිව්වා කියන්න"

කුලරත්න ඒ ටික ඒ විදිහටම ගිහින් කියා, O/L බුද්ධාගමට D එකක් ගත්තාය.

ඒ ගුරුවරුන්ගේ ආනුභාවයෙන් නොවේ. තාත්තා - අම්මා ගේමට ෆේස් කරන්නේ කොහොමද කියා කියා දුන් නිසාය.

A/L වලදිත් තත්ත්වයේ වැඩි වෙනසක් වුනේ නැත.

තුන්වන කතාව චන්දන ගුණසිංහගෙන්:

"E " Class ....

E class කියපු ගමන්ම මතකයට ඒවි ලෝකයේ ඉන්න ධන කුවේරයින් පාවිච්චි කරන සුපිරි මර්සිඩීස් බෙන්ස් රථ ගැන. ඊට පස්සෙ e වචනෙත් එක්ක ලෝකෙ අළුත් කරපු සන්නිවේදනය එක්ක සම්බන්ධ පන්තියක් ගැන හිතාවි. ඒත් මම කියන්න යන්නෙ ඒ දෙක ගැනම නෙමේ.

මගෙ ළමා කාලය අරණායක මුස්ලිම් මිනිසුන් ජිවත්වෙන ගමක ගෙවුන කාලයෙන් පස්සෙ සිංහල, ඉංග්‍රිසි , දෙමල මාධ්‍ය තුනම තියෙන රාජකීය විදුහලේ අධ්‍යාපනයත්, රටේ හතර දිග්බාගේ උන් එක්ක හිටපු ජර්මන් ටෙක් එකත්, රටවල් විසි තිස් ගානක් මිනිසුත් එක්ක කරපු නැව් රස්සාවත් එක්ක විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එක්ක තිබුන සමානාත්වයට මගේ හිතේ තියෙන ඇල්ම හින්දම විවිධ ජාතින් විවිධ ආගම්වල දරුවන් ඉගෙනුම ලබන නගරයේ ඇති පාසලට මම ආදරය කෙරුව.
ඒත් , මේ පාසැලේ ශ්‍රේණි කිහිපයක ඇති E පන්තිය ගැන ආරංචිය මට දැඩි කළකිරීමක් හා අසතුටක් දැනුනා. A,B,C,D,E යනුවෙන් සමාන්තර පන්ති ඇති මෙම විදුහලේ E පන්තිය තුලින් බමුණු කුළයක් බිහි කරවන්නට ගුරුවරු කිහිප දෙනෙකුගේ දරන උත්සාහය පොදුවේ දරුවන්ගේ සිත්වලට වෛරී හැගීම් ඇතිකරවන සුළුය .

වාර විභාගවලින් ඉහලම ලකුණු ලැබූ දරුවන් යැයි වෙන්කරගන්නා මෙම පන්ති සුපිරි පන්ති ලෙස වෙන්කරගෙන ඇති අතර එම පන්ති භාර සමහර ගුරුවරුන් මෙම දරුවන් අනික් දරුවන් සමඟ ඇසුරු කිරීම පවා තහනම් කර වෙනම කුලයක් නඩත්තු කිරීම පුංචි ලමයින්ට සමානතාවට පිළිබදව දෙන වැරදි අාදර්ශයක් බව මගේ හැගීමයි. තමන් සුපිරි යැයි සිතන දරුවන් අනික් දරුවන් කොන්කිරීම පමනක් නොව පාසැලේ පිරිසිදු කිරීම් පවා ප්‍රතික්ෂේප කරන්නේ එ්වා E පන්තියට මදිකමක් වන බව පවසමිනි .
වාර විභාග පැවැත් වෙද්දි අනික් පන්ති හතරම මිශ්‍ර කර විභාග පැවත්වුවද සුපිරි පන්තිවල දරුවන්ට වෙනම විභාග පැවැත්වීම කොතරම් අසෝබනද?


පාසැලේ පන්ති තුල පන්ති භේදය ඇති කර දරුවන්ගේ සිත්තුල වෛරී සිතුවිලි ඇති කරවන ගුරුවරුනට බුද්ධිය පහළවේවා..


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

50 comments:

  1. අපේ පාසල් අධ්‍යාපනය ගැන නම් මට ද තිබෙන්නේ කණගාටුවක් හා අප්‍රසාදයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයද ඊට එතරම් වෙනස් නොවේ.

    ඔබේ ලියවිල්ල කියවීමෙන් මේ ගැන යමක් ලිවීමට අදහසක් ඇතිවිය.

    ReplyDelete
  2. මගෙනුත් කතාවක්
    ============

    මං හතරෙ පන්තියෙදි වෙච්ච සිද්දියක්.

    අපි ප්‍රාථමික පන්තිවල ඉන්න කොට ඉංගිරිසි හැර අනෙක් සේරම විෂයයන් උගන්වන්නෙ පන්තිය බාර ටීචර් තමයි. වාර විභාග පවත්වන්නෙත්, ලකුණු දෙන්නෙත් එතුමියම තමයි. ඉංගිරිසි වලට වෙනම සර් කෙනෙක් හිටිය.

    ඔන්න එක වාර විභාගයක් ඉවර වෙලා ටීචර් රිපෝර්ට් කාඩ් හදන කොට තමයි තේරුනේ, මගෙයි තව ළමයි දෙතුන් දෙනෙකුගෙයි ඉංගිරිසි ලකුණු එයා ට ලැබිල නැති බව.

    "ගිහින් ඉංගිරිසි සර්ගෙන් ලකුණු සේරම ලයිස්තුව ඉල්ලගෙන එන්න!" අපේ ටීචර් මට කිව්ව.
    මාත් ඉතිං ඒ අණ පිලිපැද්ද.

    ඉංගිරිසි සර් ගෙ මේසෙ වටේ ළමයි දෙතුන් දෙනෙක් පිරිල හිටිය. සර් උත්තර පත්තර සේරම අවුල් කරගෙන. ඔන්න ඉතිං එයා සේරම කොල කෑලි අවුස්ස අවුස්ස අපේ ලකුණු හොයන්න පටන් ගත්ත.

    එක පාරටම, එතන හිටපු අනිත් ළමයි ටික අන්තර්ධාන වුණා. මං විතරයි ඉතුරු වුනේ. බැලින්නං අපේ නපුරු විදුහල්පතිතුමා සම්ප්‍රාප්ත වෙලා.

    එතන හිටපු අනිත් ළමයි කෙසේ වෙතත්, මං එතනට ඇවිල්ල හිටියෙ අපේ පන්ති බාර ටීචර් ගෙ පණිවිඩයකට නෙ. මං බලං හිටිය අපේ ඉංගිරිසි සර් මට ලකුණු ලයිස්තුව හොයල දෙනකං. ඔය අතරෙ, නපුරු විදුහල්පතිතුමා අපේ ඉංගිරිසි සර් එක්ක මොකක්දෝ කතාවක් පටන් ගත්ත.

    තත්පර කිහිපයකින් පොර දැක්ක මං එතන නොසැලී ඉන්න බව. දැකල පොර හැරුණ මං හිටිය පැත්තට.

    "ගුරුවරු කතා කරන තැන්වල මොකද මේ කරන්නේ?" කියල මට බණින ගමං කෙලින්ම ජාතික ඇඳුමෙ අත යටින් එලියට ආව එයාගෙ දිග වේවැල.

    හොඳ වෙලාවට මං ආපහු හැරුණෙ. ඒක හින්ද වේවැල් පාර වැදුණෙ මගෙ කකුලට විතරයි. කකුලෙ තිබුණු පොඩි විසර ගෙඩියක් පැලිල ලේ ගලන්න පටන් ගත්ත.

    අපි හිටපු තැනට එයා තමයි පස්සෙ කඩං වැටුනෙ කියල විදුහල්පති එක්ක රණ්ඩු කරන්නයැ?

    මං ගුටිය කාගෙන අපේ පන්තියට දුවල ගියා.

    ඇක්සයිස් පොතක අග පිටුවෙන් බාගයක් කඩල කෙලවලින් ඒක පොඟෝල අර ලේ එන තුවාලෙ අලව ගත්ත.

    එච්චරයි. මං අපේ අම්මටවත් කිව්වෙ නෑ මේ කතාව.

    "ආනන්තර්ය පාප කර්මයක්" කියන්නෙ, පාසැල් සිසුවෙකුගෙ ලේ හෙලවීමට නෙමේ නේද?

    මං හිතන්නෙ ඒක "අහෝසි කර්මයක්" වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබේ ළමා කාලයේ අමිහිරි අත්දැකීම් වල පව් ගෙවීමට සිදුව ඇත්තේ බ්ලොග් රසිකයන්ටයි.

      Delete
    2. සභාවේ සිනා.

      ඔබ නම් අපරාපරිය වේදනා කම්මයක් කර ඇති බව පෙනේ.

      Delete
    3. මම ඉස්කෝලෙ අන්තිම කාලෙ ඉන්නකොට හිටියෙත් ඔයවගේම පින්සිබල් කෙනෙක්. ඉස්සෙල්ල ගහනව, දෙවනුව මොකද්ද සිද්ධිය කියල හොයනව.
      බුවා දැං ඉන්නෙ මගේ ඔපීසිය කිට්ටුව. දැං නං හොඳයි.

      Delete
    4. අටේ පන්තියේදී බුද්ධාගම උත්තර පත්තරේ ගුරුවරයාට ලබා නොදී ගෙදර ගෙන ගියා, උත්තර පත්තරේ බුදුන්ගේ මහාපුරුෂ ලක්ෂණ චිත්‍රයට නැඟු නිසා එය විශය බාර ලොකු හාමුදුරුවන්ට දුන්නා නම් කණ පලා ගන්න වෙනවා. එත් රිසල්ට් කාඩ් එකේ බුද්ධගමට ලකුණු 80ක්ම ලැබී තිබුණා, මම ගුරුවරයෙක්ව සිටි මාස 8 කාළයේ මගේ නොසැළකිල්ලෙන් නැති කරගත් ළමුන්ගේ උත්තර පත්තර කීපයකට සාත්තර බලා ලකුණු දෙන්න වුන නිසා 8 පන්තියේදී මට ලකුණු ලැබුනේ කෙසේදැයි දැන ගත්තා.

      Delete
    5. //"ආනන්තර්ය පාප කර්මයක්" කියන්නෙ, පාසැල් සිසුවෙකුගෙ ලේ හෙලවීමට නෙමේ නේද?

      මං හිතන්නෙ ඒක "අහෝසි කර්මයක්" වෙන්න ඇති. //

      වෙන්නැති. ඒත් රසික ආපහු හැරිලා ප්‍රින්සිපල්ව ප්‍රශ්න කලා නම් ඒක ආනන්තර්ය පාප කර්මයක් වෙන්න තිබ්බා. මේක කියවල මට මගේ අත්දැකීමක් මතක් වුනා.

      අපේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් සර්ලා කිහිප දෙනෙක් හිටියා, මේ අයට ඕන වෙලා තිබ්බෙ ඉස්කෝලෙ ඉන්න 'සැරම, වසම සර්' තමා කියල හඳුන්ව ගන්න. මේ තර‍ඟය තිබ්බෙ ගුරුවරු තුන් හතර දෙනෙක් අතරෙ. ඉතින් මේ අය ළමයින්ට (විශේෂයෙන් පිරිමි ලමයින්ට) ගහන්නෙ තරඟෙට වගේ. ගැහැණු ළමයි ඉස්සරහා පිරිමි ලමයින්ට පහර දෙනව තවත් වැඩියි.

      මේ සිද්ධිය වුනේ වාර විභාග තිබ්බ දවසක.

      මුළු සෙක්ෂන් එකම වාර විභාගයට මුහුණ දෙන අතරේ අපේ පන්තියට ඇහෙනවා ළමයෙක්ට කවුරු හරි ගහන සද්දෙ. චටාස් පටාස් ගගා වෙඩි පුපුරනව වගේ. (වේවැලෙන් නෙමේ, අතින්. අර කලින් කිව්ව ගුරුවරු ළමයින්ට පහර දෙන්නෙ වේවැලෙන් නෙමේ. පිටට, කම්මුලට තමයි වැඩියෙන්ම ගහන්නෙ.) සද්දෙ නිසාම අපේ පන්තියෙ හිටපු ටීචර් සහ සෙක්ෂන් එකේ හෙඩ් විදියට ඉන්න සර් ඒ පැත්තට දුවල ගියා බලන්න මොකද වෙන්නෙ කියල

      අන්තිමට බලද්දි වෙලා තියෙන්නෙ, අර වසම සර් කියල පට්ටම ගන්න හදන සර් කෙනෙක්ට ළමයෙක්ව මාට්ටු වෙලා. සර් දැක්ක විදියට ළමයා කොපි කරනව වගේ වුනාට පස්සෙ දැනගත්තෙ ළමයා කොපි කරල නෑ.

      කොහොම හරි ප්‍රශ්න නොඅහා එක පාර සතෙක්ට වගේ ගහන්න ගත්ත නිසා ළමයටත් මල පැනලා (එතකොට අපි 10-11 වසර වගේ ඇති). ළමයා අනිත් පැත්තට සර්ට කියලා "සර්, බොරුවට මෙතන ගහගෙන එන්න එපා" කියල. අන්න අර රසික කිව්ව "ආනන්තර්ය පාප කර්මය". ආපහු සර්ව ප්‍රශ්න කරපු එක.

      ඒකට සර්ට අසූහාරදාහට මල පැනල. ඒකයි අච්චර සීමාව ඉක්මවා ළමයට පහර දීලා තියෙන්නෙ.

      කොහොම හරි අන්තිමට අපේ සෙක්ෂන් හෙඩ් මැදට පැනලා ලමයව බේරලා. අන්තිමට ආරංචි චුනා ටීචර් කෙනෙක් ඒ ළමයට ගහපු විදිය දැකලා ඇඬුවාය කියල.

      මේ වගේ සිද්ධි අපේ ඉස්කෝලේ නම් සාමාන්‍යයයි. හැම දාම ළමයින්ට ගහන්නෙ වසු පැටවුන්ට වගේ.

      Delete
    6. මා ජීවිතයේ පාසලේදී ගුටි කා ඇත්තේ එදා විතරයි. හතරේ පන්තියේ අවුරුදු නමයක ළමයෙකු ගුටි කා ඉවසනවා හැර මොනවා කරන්නද?

      Delete
    7. මා ජීවිතයේ පාසලේදී ගුටි කා ඇත්තේ එදා විතරයි. හතරේ පන්තියේ අවුරුදු නමයක ළමයෙකු ගුටි කා ඉවසනවා හැර මොනවා කරන්නද?

      Delete
    8. ඔව් නේද.

      Delete
    9. Please do not write Rasika. We have had enough.

      Delete
    10. කුඩාකල මෙවැනි අපයෝජනයවූ ළමයෙක්, ලොකු මහත්වී හීනමානයෙන් පෙලීම කොතරම් අනුවේදනීයද? මෙම ළමයාගේ නොකී කතා, කෙදිනක හෝ බ්ලොගයේ ලිව්වොත්, අප කියනදේ සත්‍යවනු ඇත.

      Delete
    11. මන් පාසල් යන දවස්වල අපි හය වසරේ හිටියා ගුරුවරියක් අංශ භාර, ආනන්දයට ශිෂ්‍යත්වය සමත් වෙලා ගියපු මුල. පාසලේ ආදී ශිෂ්‍ය සංගමයෙන් අඩු ආදායම්ලාභී දරුවොන්ට දෙනවා ශිෂ්‍යත්වාධාරයක්.ශිෂ්‍යත්වේ සමත් වෙලා එන ළමයින්ට මේක දෙන්නේ. රජයේ ශිෂ්‍යාධාර ලැබෙන අයට එන්න කිව්වා. මමත් ගියා. ඔතනදි ශිෂ්‍යත්වාධාරයක්/ශිෂ්‍යාධාර වචන දෙක පැටලුනා මට. මේ හේතුව නිසා රංජනී කියන ඒ ගෑනි කකුල් දෙක පැලෙනකම් ගැහුවා.මට අද වගේ මතකයි. අදටත් වයිරයි මතක් වෙනකොට

      Delete
  3. ගුරුහොරු යනු මා හටනම් අප්‍රසන්නම සත්ව කොට්ඨාශයකි. නරක එවුන් නිසා හොඳ එවුන් පවා මගේ මනසින් ඉවත්ව ගොස් ඇත...

    ReplyDelete
    Replies
    1. මට උගන්නපු ගුරුවරු ඔක්කොගෙන්ම මම ගරු කරන්නෙ එකම එක ගුරුවරයෙක්ට විතරයි. අනිත් ඔක්කොම කිසිම ගරුත්වයක් හිමිනොවිය යුතු සල්ලි වලටම පමණක් වැඩ කරන, එහෙම කරලත් තමාගෙ රස්සාවවත් හරියට කරන්නෙ නැති කාලකණ්ණි

      Delete
  4. මට කවදාවත්ම අමතක කරන්න බැරි පාසල් මතක කිහිපයක් තියෙනවා

    අපේ පාසල කන්‍යාරාමයක්. එකේ ආගම් බේදය තදටම තිබුණා. නවය වසරේදී කතෝලික ආගම උගන්වපු ගුරුතුමී අපේ පන්තියේ ඉඳගෙන උත්තර පත්තර වගයක් බලමින් හිටියා. ටීචර්ගේ රතු පෑන ඉවර උනා. ඈ පන්තියෙන් පොදුවේ පෑනක් ඉල්ලා හිටියා. ඉස්සරහින්ම වාඩිවෙලා හිටි මම මගේ පෑන දුන්නා.
    "ඔයා බෞද්ධ ළමයෙක් නේද, වෙන කවුරු හරි කතෝලික ළමයෙක් පෑන දෙන්න" ඈ කිව්වා.

    හයේ පංතියේ පන්තිබාර ටීචර් , එක එක උපක්‍රම යොදාගෙන පන්තියේ ළමයින්ව රවටාගෙන හිටියා. (සමහර මොලේ ඇති ළමුන් ඇගෙන් ගැලවෙන්න තරම් උපක්‍රමශීලි උනා). ඉතින් ඈ පන්තියට ඇවිත් ගුරුපුටුව මත පත බෑවුනාම මේ ළමා හමුදාව පැමිණ ඇගේ ඔලුව මසාජ් කරනවා. කකුලේ තිබූ හොරි දදයකට බෙහෙත් දානවා. එකම වැඩයි. ඈ උපදෙස් දී තිබුනේ පන්තියට පිටින් කවුරුහරි එනවා නම් වහාම ඇගේ අසලින් ඉවත්වන ලෙසටයි.
    දිනක් ඉහල පන්තියක සිසුවියන් පිරිසක් අපේ පන්තියට එන විට ඇගේ ආවතේව කරුවෝ වහා වහා එහාට මෙහාට පැනගත්තත් මේසය යට ඉඳගෙන ඇගේ කකුලේ හොරි පිඹිමින් හිටි පොඩි එකීය ඒ බවක් දැක්කේ නැහැ. ඈ අර මේසය යට උන් අසරණ දැරිය පයින් ඇන ඉවත් කළා!

    පාසලෙන් හොඳම ප්‍රථිපල රැගෙන දිස්ත්‍රික්කයේ දෙවෙනියා , තෙවැනියා හා දහවනියා වූ සිසුවියන් තිදෙනෙකුට අනෙක් ළමුන් සුබ පතමින් ඉන්නා තැනකට කඩන් පාත් වූ ගුරුවරියක් මුල්දෙදෙනාට දැඩිව පහර බැගින් දී බැන වැදුනා. (දහවෙනියාව ඈ පෞද්ගලිකව අදුනන නිසා පහර දුන්නේ නැහැ) ඇගේ පුතා එවරත් උසස් පෙළ අසමත්වීමේ කෝපය ඈ පිටකලේ එහෙමයි.

    ලියන්න පුළුවන් තව හුඟක්. අපේ රටේ පාසල්වල තත්වය ඔන්න ඕකයි. (හොඳ ගුරුවරු මුණගැහුනා බොහොම කලාතුරකින්)

    ReplyDelete
    Replies
    1. හෆොයි, මේ සිරි ලංකාවෙද?

      Delete
  5. බොහොම කණගාටුදායකයි! තව අවුරුදු එකහමාරකින් මගේ කොල්ලත් වැටෙන්නෙ මේවගේ රැලකට කියල හිතුනම කණගාටුව වැඩියි.

    එක පැත්තකින් මේවා දෙමාපියන්ගෙත් වැරදි. ගුරුවරු ටියුෂන්කාරයන් බවට පත්කිරීමට වගේම ගුරුවරුන් දේවත්වයට ඔසවා තැබීම ඔවුන් විසින් සිදුකරනව. ගුරුවරුන්ට අල්ලස් දීල තමන්ගෙ ළමයට වැඩි අවධානය ගන්න කටයුතු කරනව. සියල්ලටම එහෙයි කියන පරම්පරාවක් හදන්න ගුරුවරුන් කැමතිවීමට මේ මාපිය හැසිරීම් බලපානව.

    අනෙක් අතට ගුරු වෘත්තිය කියන්නෙ ටිකක් පසුගාමී චින්තන ඇත්තන් ඉන්න තැනක්. එක්කෝ ඔවුන්, ටියුෂන් කරන්න නැත්තං නිදහසේ ගෙදර වැඩ ටික කරල හවස් වරුව ගතකරන්න ජොබ්එකට එන අය. යාවත්කාලීන වීම අඩුයි. බලන්න අන්තර්ජාලයේ අපට මුණගැහෙන්නෙ කොතරම් සුළු පිරිසක්ද?

    ReplyDelete
    Replies
    1. අපිත් පංතියේ පොඩ්ඩා ගේ ටීචර්ට අල්ලස් දෙනවා, පංතියට ඕන නමුත් ටීචර් නොකරන ඩිසයින්, ප්‍රින්ටින් අතේ වැඩ සොයා බලා කරදෙනවා, ඉඳ හිට ටීචර්ගේ ළමයින්ගේ ප්‍රින්ටින් වැඩත් ලැබෙනවා.

      Delete
  6. අපි ඉස්කෝලෙ යන කාලෙ සැතපුම් තුනක් විතර ඈත ගෙදර එන්නට පාසල් බසයක් නො දෙන එක නිසා අපි හරියට දුක් වින්දා. මතුගම-හොරණ පාරේ අනෙක් බස් ඩ්‍ර‍යිවර්ලාට සීසන්කාර පාසල් ළමයි වහ කදුරු වගේ. මේ සැතපුම් තුන යන්න බස් එකක් නැතිව අපි පැයක් බස් නැවතුම්පොළේ රස්තියාදු වුණ දවස් ඕනැ තරම් තිබුණා. මේ සිද්ධිය මම දැක්කෙ එහෙම පාසල් බසයක් නැතිව රස්තියාදු වෙමින් ඉඳලා අන්තිමේදි ඩිපෝ එකේ අස්සක තිබුණු බසයක් එවපු වෙලාවක.

    අපේ ගෙවල් ළඟ ගෙදරක අක්කා කෙනෙක් කලින් නැගලා සීට් එකක වාඩි වුණා. අපේ ගෙවල් ළඟ ම ගුරුවරියකුත් බස් එකට නැග්ගා. අර අක්කා සීට් එක දුන්නා මිස්ට. මම හිටියෙ එතැන හිටගෙන. ඒ අලුතෙන් පාසල් වාරයක් පටන් අරන් තිබුණු අලුත. අර අක්කා ඇඳගෙන හිටියෙ අලුත් සුදු ගවුමක්.

    අර බස් කබලට නගිනකොට ඒ මිස්ගෙ අතේ ඇඟිලිවල කළු පාට දූවිලි වගයක් ගෑවිලා තිබුණා. මිස් අර අක්කා දුන්න සීට් එකේ වාඩි වෙලා ඒක පිහදා ගන්න වටපිට බැලුවා. මොකවත් නැති පාර එයා අත පිහ දැම්මෙ එතන හිටගෙන හිටපු, එයාට සීට් එක දීපු අර ගැහැනු ළමයාගෙ ගවුමෙ. එයා ඒක දැක්කෙ නැහැ. අද වෙනකල් දන්නෙත් නැහැ.

    මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතළිහක් විතර ඇති. දැන් ඒ ගුරුවරිය මැරිලා ගොඩක් කල්. අර අක්කාත් දැන් ආච්චි කෙනෙක්. මං අවුරුදු විසි ගණනක් උගන්වලා විශ්‍රාම ගත්තා.

    මේ දර්ශනේ මගේ මනසෙන් කවදාවත් අයින් කරන්න බැරිව ඇඳිලා තියෙනවා. මට තවමත් හිතාගන්න බැහැ ඇයි ඇය එහෙම කළේ කියලා.

    ReplyDelete
    Replies
    1. Again? Why are you responding to things that you do not know Raskikaa?

      Delete
  7. ඕනම දෙයක්, කෙනෙක්, සංකල්පයක් දේවත්වයට එසෙව්වාම ඒ දේව ලේබල් එක පිටිපස්සෙ හැංගිලා අකටයුතුකම් කරන්න පහසුයි. ගුරු වෘතිය දේවත්වයට ඔසවලා උදේ හවහ වන්දනාමාන කරන එකේ වැරැද්ද තමා මේ.

    ReplyDelete
  8. මගේ මතකයක්

    උසස් පෙල සත්ව විද්‍යාව ඉගැන්වීමට පැමිණියේ දමිල සම්භවයක් ඇති තරුණ ගුරුවරියකි. ඉංග්‍රීසි බසින් ඉගෙනගෙන ඇති ඇය ඊටකලින් දින රාත්‍රියේ පිළියෙල කර ගත් සටහන් කිහිපයක් භාවිතා කරමින් සිංහල වචන සහ ඉංග්‍රීසි වචන කලවමේ යොදාගනිමින් ඉතා ඕනෑකමින් උගන්වයි. මුළු කාලයේදීම විනාඩියක හෝ විරාමයක් නොගෙන සිටගෙන සිට උගන්වන එම ගුරුවරිය ඇගේ වෘත්තිය කොතරම් ඉහල මට්ටමකින් කලා දැයි විස්තර කිරීමට වචන මදිය. වාර විභාගයක් අවසාන වූ කාලයේ කොරිඩෝ එකකදී හමුවුණොත් බලෙන් නවතාගෙන උත්තර වැරදී තිබුණු තැන් ගැන කථා කරයි. පන්ති දෙක තුනක ළමයින් අසූ ගණනක ළමයින්ගේ හැකියවන් දුර්වල කම් සියල්ල වෙන වෙනම ඇය දනියි.

    පාසැලේ ගුරුවරුන්ට වැඳීමේ සංස්කෘතියක් නොතිබුණි. දශක දෙකකට පමණ පසුව අප පන්තියේ මිතුරකුගේ නිවසේදී එම ගුරුතුමියට උපහාරයක් පැවැත්වූ දිනයක ඇය පිටත් වන විට කර දඬු උස්වූ අපි අපේ දරුවන් සහ බිරින්ඳෑවරුන් ඉදිරිපිට පළමුවරට ඇයගේ පාද නමස්කාර කළෙමු.

    ReplyDelete
    Replies
    1. ඉයන් තුමා ගේ සත්ව විද්යා ගුරුතුමිය වන ගුරු---- මෙනෙවිය (පසුව වික්-----) මහත්මිය මගේ පාසල් අවසාන පන්ති ගුරුතුමියයි....

      පසුගිය වසරේ අපේ පන්ති ගෙට්ටුවේ දී අප එකිනෙකා ගේ දස්කම් විස්කම් අපේ බිරින්දෑවරුන් හට සහ දරුවන්ට ඈ කියාදුන්නේ හරිට ඇගේ දරුවන් ගැන විස්තර කරනා ආකාරයෙනුයි...

      ඉහත සමහර කොමෙන්ටු වල කෘර ගුරුවරු ගැන කියවන විට මිස් ගුරු--- වැනි සැබෑ ගුරු මාතාවන් ලැබූ අප කොපමන වාසනාවන්ත ද?

      Delete
    2. අතිගරු සා රසතුමනි,

      අපි කාලයක සිට ඔබතුමන්ගේ හරබර ආලෝචන නිතොර කියවන්නෙමු. එහෙත් අපට අතිමහත් ආනන්‍ඳයක් දැනුණු දිනය නම් අද ය. උගතෙකු හා බුද්ධිමතෙකු වන ඔබතුමන් අපගේ චීරකාලීන සන්සඛී ගුරු… සිරිමතියගේ ශිෂ්‍ය රත්නයක් බව දැන ගන්නට ලැබී ම මහත් ප්‍රහර්ෂයකි. ඔබගේ ආලෝචනය විසින් අපගේ මතක හදවිල පියුම් පොබයවනු ලැබේ. මෙම කෙටි ආලෝචනය එකී හෘදරසායනීය විචිත්‍ර මතකයන් කීපයක් පිළිබඳ යි.

      ෆේ. ගුරු… (FG) සිරිමතිය අපගේ ඇදුරුතුමියක වන්නට තරම් අපගේ පරම්පරාව යෞවන වූයේ නැත. එහෙත් ඇය අපගේ සමකාලීන විද්‍යාර්ථිනියක වූ බව පවසන්නට තරම් අපි වාසනාවන්තයෝ වූයෙමු. FG පිළිබඳ අපගේ මතකය හැත්තෑව දශකයේ මුල් කාලයට දිව යයි. එවකට අප කොළඹ සරවියේ යම් පීඨයක අධ්‍යයන කටයුතු කරමින් සිටියෙමු. ඇය කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් කොළඹ සරසවියට පැමිණි ප්‍රියමනාප ශිෂ්‍යාවක වූවා ය. හැත්තෑව දශකයේ මැද දී ඇය විද්‍යාවේදී උපාධිය ලබා කොළඹ සරසවියෙන් පිට ව රාජකීය විද්‍යාලයට ආචාර්යවරියක ලෙස එක් වූවා ය. අනූව දශකයේ මුල දී විශ්‍රාම ගන්නා තෙක් දශක එකහමාරක කාලයක් ඇය රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයනට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වූවා ය.

      FG හා අපගේ මිතුදම වැඩෙන්නට එක් හේතුවක් වූයේ අප ද දෙහිවල ප්‍රේ.. ඇවන්‍යුහි කලක් පදිංචි ව සිටීම ය. ඇය පසු ව වික්‍ර…. වූ බව සා රසතුමන් විසින් පැවසිණි. ඇය විවාහ වූයේ කීර්තිමත් විද්‍යාර්ථියෙකු වූ ආචාර්ය සු.. වික්‍ර…. (SSW) සමඟ ය. විවාහයෙන් පසු FG යන නාමය වෙනුවට ඇය බොහෝ විට භාවිත කළේ FW නාමය යි. අප අසූව දශකයේ අග දී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා යුරෝපය කරා නික්ම යන තෙක් ම SSW-FW යුවළ අපගේ හිතෛෂීහු වූහ. අනූව දශකයේ මැද දී කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි කල අප යළි මුණගැසුණෙමු. ඒ අපගේ ඥාති සහෝදරියකගේ පුතණුවෙකුට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වීමට ඇයට භාර කිරීමට අප ඇය සොයා ගිය නිසා ය. ඒ වන විට ඇය රාජකීය විද්‍යාලයේ සේවයෙන් විශ්‍රාම ගෙන කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයේ තාවකාලික පදනම මත සේවයේ නිරත ව සිටි බව අපට මතක ය.

      FG ඉතා පිළිවෙළට වැඩ කටයුතු කළ තැනැත්තියකි. ඇය තම ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දීමට ඇගේ කුඩා අත්අකුරින් ලියූ සටහන්වල ඡායාපිටපත් අපට පෙන්වූවා ය. ඇය එම සටහන් ඉතා උනන්දුවකින් සුපරික්ෂාකාරී ව සකස් කර තිබිණි. ඒ වන විට ඇයගේ සිංහල ඉතා හොඳ තත්ත්‍වයක තිබිණි (ඇයට කවදත් සිංහල ව්‍යවහාරයට අපහසුවක් තිබූ බවක් අපට නො දැනිණි. ඇයගේ මව සිංහල ස්ත්‍රියක වූ බවට යම් මතකයක් අපට ඇත). උසස් පෙළ සත්ත්‍ව විද්‍යා විෂයට මානව ජීව විද්‍යාව වැඩි වශයෙන් එක් කිරීම ඇරඹුණු මුල් යුගය වූයේ අනූව දශකයේ මැද අප පවසන එම සමය ය. “දැන් ගෙම්බො කැරපොත්තො එළවන්න යි හදන්නේ” යැයි ඇය සිනා සෙමින් පැවසූ ආකාරය මට අද ද මැවී පෙනේ. ඇය තමන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දෙන ප්‍රශ්නවලට ඔවුන් ලියූ පිළිතුරු ඉතා උවමනාවෙන් පරීක්ෂා කරන බව පැහැදිලි විණි. ඔවුන් ලියා තිබූ ඇතැම් පිළිතුරුවල වාක්‍ය ඛණ්ඩ ද ඇයට මතකයෙන් පැවසිය හැකි ව තිබිණි.

      SSW පසු කලක තම විෂය ක්ෂේත්‍රයේ මහාචාර්ය ධුරයක් ලැබූ බව අපි දනිමු. FW මෙතෝදිස්තයේ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන බව වසර හතකට අටකට පමණ පෙර දැන ගන්නට ද ලැබිණි. ඔවුන් පිළිබඳ මෑතක දී අපට කිසිදු තොරතුරක් දැන ගන්නට නො ලැබිණි. එහෙත් ඔවුන් තවමත් ‍ෙප්‍ර්.. ඇවන්‍යුහි වාසය කරන බව නම් විශ්වාස ය.

      අපටත් ගුරු වූ මෙවැනි ම විශිෂ්ට ගුරුවරියක් එකල වැල්ලවත්තේ ෆසල්ස් වීදියේ පදිංචි ව සිටියා ය. ඇය නම් විශිෂ්ට රසායන විද්‍යා ගුරුවරියක වු වල්ලිපුරම් සිරිමතිය යි. කාබනික රසායනය ඉගැන්විමට ඇය තරම් සූර ගුරුවරියක අප තවමත් දැක නැති තරම් ය. ඇය කාලයක් ගම්පහට නුදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගැන්වුවා ය. වැල්ලවත්තේ සිට දිනපතා වේයන්ගොඩට රාජකාරිය සඳහා ගිය වල්ලිපුරම් සිරිමතිය කිසි දිනෙක පමා වි පාසලට නො පැමිණි බවත් පාසලට යොදුන් කීපයක දුරින් පදිංචි ව සිටි ගුරුවරියක සෑම දිනක ම පමා වි පැමිණි බවත් අපට දැන ගන්නට ලැබිණි. ඒ බව අපට පැවසුවෝ ද විශිෂ්ට ගුරුදේවයාණ කෙනෙක් වූහ. කලක් ඔවූහු සූර හා ප්‍රකට භෞතික විද්‍යා ආචාර්යවරයෙක් වූහ. ලියනගේ යන නාමය එකල ග්‍රොරෝ නාමය තරමට ම භෞතික විද්‍යාව සමඟ බැඳී තිබිණි. සා රසතුමා වල්ලිපුරම් සිරිමතියගේත් ශිෂ්‍යයෙකු ද යන්න දැන ගනු රිසියෙමු.

      අප දැන සිටි බොහෝ ගුරුවරු මෙවැනි විශිෂ්ටයෝ වුහ. දේශපාලනයත් ගුරු වෘත්තියත් දෙක ම කරන්නට ගොස් අවසානයේ දී ඒ දෙක ම අසාර්ථක කරගෙන සම්මානනීය බ්ලොග්කරුවෙකු බවට පත් ව ගුරු වෘත්තියට අපහාස කරන අසත්පුරුෂයන් නම් අප දැන සිටියේ එකෙකු පමණි. එවැන්නවුන් දකින විට අපට සිතෙන්නේ ගුරු වෘත්තියෙන් සමුගෙන දේශපාලනයට කැප වුණු පාණී විජේසිර්වර්ධන සහෝදරයා රත්තරන් නො වේ ද යන්න යි.

      විශිෂ්ට ගුරුවරියක වූ ෆේ. ගුරු… සිරිමතිය පිළිබඳ මතකය අවදි කළ සා රසතුමාටත් ඇය පිළිබඳ මුල් සටහන තැබූ ඉයන් මැතිඳුනටත් අපගේ ගෞරව ප්‍රණාමය.

      Delete
    3. ඔවු... මා වල්ලිපුරම් මැතිනියගේ ශිශ්යයෙක්....ඇය ගේ ඉගැණ්වීම් නිසාම අපට රසායන විද්යාව ප්‍රියජනක විශයක් වුනා.... එතුමිය ගේ අඟුරු කුට්ට්යේ පරීක්ශාව වගේ කෑලි කිසිදා අමතක වෙන්නේ නැහැ... ඒ වගේමයි වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම දසන් විදහා පෙන්වන ඇගේ සිනාව!!

      ෆේ -- ගුරු මැතිනිය විවාහ වුනේ 1985 දී වගේ.. අපේ පන්තිබාර ගුරුතුම්යව සිටියදීමයි! අපට ෆැබ් කේක් සන්ග්‍රහයකුත් ලැබුනා.....

      ගිය වසරේ අපේ පන්තියේ කස්ටිය ඇයව කැඳවා ගෙනවුත් උපහාර පුද කලා... අපේ නම් ගම් කල කේ දෑ සහ ලියාපු උත්තර පවා ඇයට තාම මතකයි!

      මෙතෝ ශිශ්යාවන්ට් ට ඇයගේ ශිශ්යයන් වන අපගේ නම් ගම් කියමින් එම දැරියන් ව දිරිමත් කරනවා කියලා ඇය කීව ඉතාම සතුටින්...

      ෆේ -- ගුරු-- මැතිනිය ගැණ සටහනක් තබා උපහාර කලාට ඔබ ට ඉස්තූත්යි ඇණෝ තුමනි!

      Delete
    4. //අප දැන සිටි බොහෝ ගුරුවරු මෙවැනි විශිෂ්ටයෝ වුහ. දේශපාලනයත් ගුරු වෘත්තියත් දෙක ම කරන්නට ගොස් අවසානයේ දී ඒ දෙක ම අසාර්ථක කරගෙන සම්මානනීය බ්ලොග්කරුවෙකු බවට පත් ව ගුරු වෘත්තියට අපහාස කරන අසත්පුරුෂයන් නම් අප දැන සිටියේ එකෙකු පමණි.//

      මා ගුරුවරයකු ලෙස වැඩිපුර ම වැඩ කර තිබෙන්නේ දිවයිනේ දුෂ්කර ම පාසල්වල ය. මම ඒවායේ නම් කීපයක් ඉදිරිපත් කරමි. පදවිය බුද්ධංගල ම.ම.වි., මැදවච්චිය කරපික්කඩ ක.වි., පුසියන්කුලම ම.වි., කලුතර දිස්ත්‍රික්කයේ ඉලුක්පොත ක.වි., හැඩිගල්ල ක.වි.

      මීට අමතරව මම අගලවත්ත මිහිඳු ම.ම.වි., මතුගම ශාන්ත මේරි ම.වි. යන පාසල්වල උගන්වා ඇත. පරිපූර්ණ ගුරුවරයකු වූයේ යයි මම නො කියමි. එහෙත්, ඕනෑම කෙනෙකුට මෙම පාසල්වල මා සේවය කළ කාලයේ සිටි ළමයින්ගෙන් හා ගුරුවරුන්, විදුහල්පතිවරුන් වැනි අයගෙන් මා පිළිබඳ විමසා දැන ගත හැකි ය. ඇතැම් විදුහල්පතිවරුන් නම් මට අකැමැති වන්නට පුළුවන. ඒ මා වෘත්තීය සමිතිකාරයකු වූ නිසා හා කොන්ද නමාගෙන වැඩ නො කළ නිසා ය.

      මට ගුරු වෘත්තිය හරියට කරන්නට බැරි වූ එක් හේතුවක් වන්නේ හිරු කණ්ඩායමේ දේශපාලනය වෙත මා නැඹුරු වීමයි. ඒ නිසා ම මට අවුරුදු තුනක් රස්සාව නැති විය. ඉන් පසු මට වැටුප් වර්ධක අවකරණය කරන ලද අතර, මෙම දණ්ඩනයන් නිසා මට ඉදිරි උසස්වීම් ලබා ගැනීමට ද හැකියාවක් නැති විය. දැන් එකී හිරු කණ්ඩායමේ යයි මීට පෙර ඇඟවූ ඉහත කී පුද්ගලයා මෙහි පැමිණ කියන කතාව බලන්න.

      වාමාංශිකයන් සමග කිසි කලෙක දේශපාලනය නො කළ අයට සිරිමතියන් වන්නට ද, උන් සමග දේශපාලනය කළ අයට යම් දිනෙක උන්ගේ ම කටින් අසත්පුරුෂයන් යයි අසා ගන්නට ද සිදු වන බව බල්ලන් සමග නිදා ගන්නට අදහස් කරන කාගේත් දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමි.

      කෙළින් ඉදිරිපත් වන්නට බැරි මෙම පුද්ගලයා හඳුනා ගන්නා සලකුණු මම මීට පෙර සටහන් කළෙමි. ඔහුගේ සත්ව විද්‍යා ගුරුවරිය ලවා මෙම අපූරු දේශපාලන කැරපොත්තා විච්ඡේදනය කර බැලුවහොත්, වාමාංශිකයන්ගේ කුහක සංස්කෘතිය හා ඔවුන්ගේ ජීවී ලක්ෂණ අතර සම්බන්ධයක් තිබේ ද යන් බලා ගැනීමට හැකි වනු ඇත.

      Delete
  9. අපේ ගමේ වැඩි හිටියෝ කියනා විදිහට xxx විදුහල්පති තුමා තමා ඔවුන් දැක ඇති ශ්‍රේෂඨම ගුරුවරයා, ඔවුන් එතුමාට ගෞරවයක් විදිහට ඔහුගේ දියණිය පාර්ලිමෙන්තුවටත් පත් කරලා එව්වා.
    එයා නියමෙටම ළමයි හැඳුවා, උදේ ඇසෙම්බ්ලි එකේදී අපේ ෆීල්ඩ් මාර්ෂල් වරයා ඉදල හිටල කියන සත්තුන්ගේ නම් හැමදාම කියනවා, එයාට වේ වැල් ඕන නෑ ළමයින්ගේ බෙල්ලෙන් අල්ලලා ඔළුව දනිස්සෙන් පහළට හිටින්න වක්‍රා කරව හිටින්න නමනවා ඊ්ට පස්සේ පිට මැද්දට දෝයි! දොයි!! ඔය වැඩේ කරන්නේ සියල්ලෝ ඉස්සරහ උස සිමෙන්ති ස්ටේජ් එක උඩ තියාගෙනයි, වරද එසෙම්බ්ලි එකේ ඇඳගැහිල හිට ගෙන හිටීම වගේ දෙවල්, පියා යූඑන්පී කාරයෙක් නම් බඩුම තමයි, උදේට කෙලින් ඉදීම කෙසේ වෙතත් උදේට නොකා ඉස්කෝලේ එන අය කීපයක් කලන්තය දාලා වැටීමත් ඒ ඉස්කොලේ සාමාන්‍ය දෙයක්.
    පලාතෙම ඉන්න හොරු දාමරිකයෝ ඔක්කොම එතුමාගේ කාලේ පාසල් හැර ගිය අය, ඒ නිසයි ගමේ වැඩි හිටියෝ කියන්නේ එතුමා ඉස්කොලේ පිරිසුදු කරා කියලා. හරිම සේවයක්, එතුමා නොහිටියා නම් අපේ ගම් පලාතට හොරු දාමරිකයෝ නැති වෙන්නත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. //පලාතෙම ඉන්න හොරු දාමරිකයෝ ඔක්කොම එතුමාගේ කාලේ පාසල් හැර ගිය අය, ඒ නිසයි ගමේ වැඩි හිටියෝ කියන්නේ එතුමා ඉස්කොලේ පිරිසුදු කරා කියලා. හරිම සේවයක්, එතුමා නොහිටියා නම් අපේ ගම් පලාතට හොරු දාමරිකයෝ නැති වෙන්නත් තිබ්බා.//

      :D

      Delete
    2. ඇණයා රත්නපුරේ කොල්ලෙකු වගෙයි?

      Delete
    3. ඇය හැර තවත් විදුහල්පති දියණියෝ පාර්ලිමේන්තුවේ සිටිති, මා කියන මන්ත්‍රීවරියත් මාත් එකම පාසැල් බස් රියේ ඉස්කොලේ ගියා අය.

      Delete
  10. well it is the sad truth about srilankan education system.My grade nine science teacher was a very famous tution master and during the initial period he taught us very well by february some of our class mates started to go to his private classes and slowly he started to cut down on his teaching .By april most of the class were going to his tution class and he slowly started harrasing the students who arenot going to his class.Slowly all started to goto his class in the end Iwas the only one who wasnot going to his classes .He made my life miserable daily but being a stubborn brat I never gave in nor did I complain to my parents but some of my classmates admired my deed and they gave me their tution notes for me to study and I got highest marks for science in both term tests in that year. our classmates still laugh remembering the look on his face when he got to know I got the science prize that year .Even though I came through that unharmed it was a dreadful experience for me .As I dont think my kids were strong enough to that kind of hadships I always advised them not make any confrontations with teachers .I knew it was not the right thing but I have seen what teachers do to students who go against them.Actually it isnot a sad but a very dangerous situation to which srilankan students are exposed to.My kids started schoolong in uk since this month and what a difference it is.I dont think british teachers are more moral or better people than srilankans ,the main reason is there are rules governing them and each individual is resposible for what they do.Infact I think there is no point in criticizing a particular profession ,just because someone become a teacher he or she maynot be a god person there should be rules govrning them.Same is true with doctors ,going through medical school willnot necessarily make a person better.In england there are strict rules governing doctors even a drunk driving offense might cause a suspension of GMCmembership.That is what our country needs ,a good set of regulations to make people responsile for what they do.

    ReplyDelete
    Replies
    1. Please read Wicked! written by Jilly Cooper :D

      Delete
  11. මගේ යාලුවෙක් සර් ගෙන් ගුටිකාල මළා

    ReplyDelete
  12. පත්වීම් දීමේදී සහ පත්වීම් දුන්නාට පසු පසුවිපරමක් කළානම් හරි හැම ක්ෂේත්‍රයකම.

    ReplyDelete
  13. තමන්ගේ කාර්යය හරියට කරන ගුරුවරුත්, තමන්ට පැවරුණ වගකීමට වඩා දේ කරන ගුරුවරුත් ඉන්නවා. ඒ අය ප්‍ර‍ංසාවට ලක් විය යුතුයි.

    ඒ වගේ ම, සමහරු කලර්ස් පෙන්නන්නට හෝ දරුවන්ට අයිතිවාසිකම් ඇති කර ගන්නට හෝ ඕනෑවට වඩා දඟළමින් දරුවන්ට වධ දෙන අවස්ථාත් තිබෙනවා.

    ගුරුකම ඕනෑවට වඩා ඇඟට ගත් ගුරුසිංහලා නම් සාමාන්‍යයෙන් ම වධයක්.

    ReplyDelete
  14. අපගේ ගුරුවරුන්ට අප අදද සලකන්නෙමු. ඔවුන් නොසිටියේ නම් අප වැනි නසරානියෝ සිටින්නේ කොහේදයි කියා සිතා ගැනීම්ටවත් නොහැක. ඉයන් කීවාක් මෙන් එදා ගුරුවරුන්ට අප නොවැන්ද අතර අත් දෙක එකතුකොට ආයුබෝවන් පමණක් කීවෙමු. එහෙත් අද සමාජයේ මහා පොරවල්ද ඔවුන් ලඟදනින් වැටෙන්යේ සියල්ලන්ගේ දෑස් තෙත් කරමිනි. අප මිනිසුන් කල ඔවුන්ට අපේ ගෞරවය සැමදා නොනැසී පවති.

    විශෙෂයෙන් අප නිදහස් මතධාරීන් කල මාල් විජේරත්න නම් ගුරු රත්නයට අප සදා ණය ගැති වෙමු.

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ පොන්නයෙක් උනේ කොහොමද මචෝ?

      Delete
  15. Ganja kaarayek addiyapane genai guruwaru genai oyata wadaa monawa kiyannada? Maal Wijerathnage pothe ganja gahana hetith thibbada ado? Ganja mathin manda katha nokoya palado.

    ReplyDelete
  16. Paw machan pora ada bayen bayen awilla anthima comment eka Dala thiyenne!! Dan hoyagannath hari amarui

    ReplyDelete
  17. වරක් කොල්ලන් වාර විභාගයට කෘෂිකර්ම විෂයට දුන් ලකුණු මදි බව කියා කෘෂිකර්ම සර් වෙත මැසිවිලි ඉදිරිපත් කළහ​. කොල්ලන් ගේ මැසිවිලි වලට සාවධානව සවන් දුන් කෘෂිකර්ම ගුරුතුමා කෘෂිකර්ම විශයට ලකුණු අඩු ළමුන්ට කෘෂිකර්ම කාමරයට එන ලෙස කීවේය​. සතුටින් පිරී ගිය සිසුන් කෘෂිකර්ම උත්තර පත්තරද ගෙන තවත් වැඩිපුර ලකුණු ලබා ගැනීමට කෘෂිකර්ම කාමරයට රොක් වූහ​. කොල්ලන් ගෙන් කෘෂිකර්ම කාමරය පිරුණු විට කෘෂිකර්ම ගුරුතුමා කෙටි කොසු මිටකින් කොල්ලන්ට නොමසුරුව බෙදුවේය​. කොසු මිට පාරවල් කෑ කොල්ලලෝ හිස් ලුලූ අත දිව ගියහ.

    පාසල් ළමුන්ට පහර දීම හොඳ නැත​. නමුත් මේ පහරදීම් අපගේ ගතට විනා මනසට හාණියක් නොකරේ අප තුල තිබූ ස්පාඤ්ඤ ගොන් පොර මානසිකත්වය නිසා බව සිතමි.

    ReplyDelete
    Replies
    1. // ගොන් පොර මානසිකත්වය නිසා බව සිතමි//

      ගොන් සහ පොර මානසිකත්වය නොවේද??
      wink wink!!

      Delete
  18. දුවගෙන් අහලද ෆොටෝ එක දැම්මේ? නැතිනම් ළමයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නේද?

    ReplyDelete
    Replies
    1. 2 පන්තියෙ මිනිපිරියක් ඉන්න ඕන වයස

      Delete
  19. පැරාස් පැරෆනේලියා කියලා අලුතෙන් නම් කලාද?

    කතා තුන කියවා ලබාගත් අවබෝධය ගැන කමෙන්ට් එකක් නොව ලියන්න වෙන්නේ පෝස්ට් එකකි. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණ, වැඩමුළු, ආදියේදී මේ කතාතුන හඬනගා කියෙව්වොත් අහගෙන ඉඳියිද?

    මොන විකාරද පැරා. 2005 දී මා පුත්තලම ප්‍රදේශයේ ගුරුවරුන් පිරිසකට දේශනයක් පැවැත්වුවා, පාසල්වල ආරක්‍ෂාව සංවිධානය කරගන්නා කාරය ගැන. නෝනලා බාගයක් ඕපාදූප කතා කරමින් හිටියා. මහත්තුරු දුරකතන ඇමතුම්වල හිටියා. අවධානය ගැනීම සඳහා තරමක් තදින් කතාකරන්න මට සිදුවුනා.

    ReplyDelete
  20. මානසික සංවර්ධනය සහ දැනුම උදෙසා පාසැල් යන ළමයි, හීනමානය සමඟ යානිත්‍රීකරණයට ලක් වී වැනසීම කණගාටුදායකයි වගේම පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයක් තුල ගුරු වෘත්තිය, ගුරු සේවය යටකොට පෙරට පැමිණීම අනාගත පරපුරට උරුම කරන විනාශයද එයමයි.

    ReplyDelete
  21. |මිස් ලා මට - "ඔය ළමයගේ උප්පැන්න සහතිකේ තියෙන්නෙ සිංහල-බෞද්ධ කියලනෙ"|
    මේක වැරදියි නේද...? උප්පැන්න සහතිකේ කොහෙවත් කියලා නෑ ආගම මොකක්ද කියලා.
    තියෙන තැනක් දන්නවනම් මට කියන්න. මගේ දුව ඉස්කෝලේ දාන්න ගිහිල්ලා මට ඕක හොයාගන්න බැරිවුනා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.