2016-10-19

සෘජු විදේශ ආයෝජනත් නැති නම් රජයේ ආර්ථික උපායමාර්ගය ඵලදායී ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් මහ බැංකු වාර්තාව උපුටා දක්වමින් පළ කරන ලද පහත සඳහන් වාර්තාව සමග රජයේ ආර්ථික උපායමාර්ගය පිළිබඳ බරපතල ලෙස සලකා බැලීමට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ.

මේ වසරේ (2016) මුල් මාස හයේදී ලද සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2016) මුල් මාස හයට සාපේක්‍ෂව සියයට 37.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

මේ අනුව ගිය වසරේදී (2016) මුල්මාස හයේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 533.8 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය මේ වසරේ (2016) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 335.9 ක්‌ දක්‌වා අඩු වී ඇත.

ඉහත වගුව පෙන්වා දෙන ආකාරයට 2014 වසරේ මුල් මාස හයට  සාපේක්ෂව 2016 වසරේ මුල් මාස හයෙහි සෘජු විදේශ ආයෝජනවල කඩාවැටීම 50% ඉක්මවයි. 

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික උපායමාර්ගය තුළ ප්‍රධාන මූලෝපායක් වන්නේ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමයි. රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද පුන පුනා කියන්නේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම වැනි සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ය.

එපමණක් නො ව, අගමැති, ජනාධිපති, ඇමතිවරු හා නිලධාරීන් කෙළවරක් නැතිව රට යන්නේ ද මෙකී මූලික අරමුණ පෙරදැරි කරගෙන ය. 

රජය සිය මූලික ආර්ථික උපායමාර්ගයෙහිදී මෙතරම් අසාර්ථක නම්, එයට හේතු වහා විමසා බැලිය යුතුව තිබේ.

2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය වෙනස් කරමින් මේ රටේ ජනතාව විසින් තබන ලද බලාපොරොත්තු අතර ආර්ථිකය සංවර්ධනය කිරීම හා ණය බරෙන් රට මුදවා ගැනීම ප්‍රධාන වේ. මේ වන විට මේ දෙකම සිදු වන්නේ නැත. රජය කරමින් සිටින්නේ එදිනෙදා ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා තව තවත් ණය ගැනීමයි. 

අනෙක් පැත්තෙන්, යහපාලනය, නාස්තිය හා දූෂණය දුරලීම යන කාරණා පැත්තෙන් ද ආණ්ඩුව බලාපොරොත්තු සුන් කරමින් තිබේ.  

ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීම යන කාරණය ද කොට උඩ යැව්වොත් 2015 ජනවාරි 8 වෙනස අවලංගු වී යන බව නිසැක ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

42 comments:

  1. මගේ යාළුවෙක් ණය අරං මලා

    ReplyDelete
  2. ඉන්වෙස්ටස්ලා එයිද හැමදාම අගනගරේ උද්ඝෝෂණ තියෙන රටකට.

    මම ඔහොම ආපු සෙට් එකක දෙන්නෙක් එක්ක වීක් එකක් විතර උන්නා.. ඒ හිටපු දවස් දෙකකම උන්ට වෙලාවට ඇපොයිමන්ට් වලට යන්න බැරි උනා වගේම හැන්දෑවේ හෝටලේට යන්න බැරි උනා.. එක දවසක් කඳුළු ගෑස් කෑවා.. උන් ගියේ ආයේ මේ රටේ පස් පාගන්නවත් එන්නේ නෑ කියලා..

    අනික හැම එකාම ජරාව ඉල්ලන බවත් උන් කෙලින්ම කියලා ගියේ..

    උඹ හිතන්නෙ උන් ඕඅවා උන්ගේ යාළුවන්ට කියන්නේ නෑ කියලද.. උන්ගේ ඔක්කොම මියන්මාර්වල කරනවලු දැන්..

    ReplyDelete
    Replies
    1. මචන් උඹ වීක් එකක් උන්ට සැප දුන්නද? ගල් කාරයෝ සෙට් එකක්ද ආවේ?
      දන්න ලබ්බක් කතාකරහන් බන්. උඹ හිතන්නේ මියන්මාරේ පගාව ගන්නේ නැති ඇති සුන්දර රටක් කියලද. නිකන් පොර ටෝක් නොදී හිටපන් ගූතලන්

      Delete
    2. I love threesomes. Lucky goothalan.

      Delete
    3. "මේ උන්නැහේ කවුද කියා මම හොඳින්ම දනිමි. අර අපේ රුවන් එම් ජයතුංග දොස්තර මහත්තයා කියනවා වගේ, මූ විශාදය නමැති රෝගයෙන් පෙළෙන්නෙකි. මූට විශාදය හැදුනේ හරිහමන් පදනමක් නැති ජීවන රටාවක ඉන්නා එකෙකු නිසාය.

      හැබැයි මේ පුඟුලා උඩින් පෙන්වන්නේ බොහොම ලොකු හිතවත්කමකි. මේ අයියා, නූගත්කම, බේබදුකම, අවුල්සහගත පවුල් අතීතය නිසා, තවතවත් විශාදයේ පතුලට කිඳා බසිමින් සිටී."

      - ව්චාරක

      Delete
    4. නෑ ගල් කාරයෝ නෙමෙයි ආවේ. හොඳ බඩු කාරයෝ ටිකක්. මම උන්ට උඹලගේ අම්මා සෙට් කලා. ආන් ඒකට නම් මට ගානක් හම්බ උනා.

      Delete
    5. ඒ කියන්නේ මචං උඹ අර උඩ ඇනෝගෙ කව්ද වෙනුවෙන් පිං_ වැඩේ කළා? පරිස්සමින් ලියපන් බං.

      Delete
    6. මාතලන්,

      විදෙස් ආයෝජකයින් රටක ආයෝජනය කරන්නේ රටක අගනුවර උද්ඝෝශන තිබේද නැද්ද යන්න මත හෝ තම හිතමිතුරන්ගෙන් එහෙන් මෙහෙන් අසා අහුලාගත් තොරතුරු මත නොව ඉතාම වැදගත් ආර්ථික සහ ආයෝජන දත්ත රැසක් සලකා බැලීමෙනි. මූලිකවම එම රටේ ආර්ථික දේශපාලන ස්ථාවරත්වය, පැහැදිලි බදු ක්‍රම මෙන්ම දූෂණය අවම වූ පරිපාලන ව්‍යුහයක් තිබිය යුතුය. වත්මන් පාලකයින් මේ සියල්ලෙන්ම අතිශයින්ම අසාර්ථක බවක් පෙන්වයි. පසුගිය රජය ස්ථාවරත්වයක් පවත්වාගෙන ගියත් දූෂිතභාවය අවම නොවූ නිසා දිගුකාලීන ආයෝජන නොලැබුණි. අප දැන් ග්‍රීසිය දෙසට ගමන් කරන තත්ත්වයක් තිබේ. රුවල් ඉරී ගිය දිසාවක් නොමැතිව ඔහේ පාවෙන නැවක් බවට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. පෙනෙන එකම් විසඳුම නම් වඩාත් සංවර්ධිත රටකට මයිග්‍රේට් කිරීමයි.

      Delete
    7. Maathaya methanath anagaththa neda, onna dan pol roberta gahen bahala duwagena eyi

      Delete
    8. ඉන්ව්ව්ස්ට් කරන්න සාකච්ඡාවට එන එකාටත් කඳුළු ගෑස් පාර වැදුනාම කොහොමද සනීපේ.. ආන්ඩුවේ අම්මත් මතක් කරලා ගියේ.

      Delete
    9. ස්තූතියි මාතලන්,

      මා සඳහන් කලේ සෛද්ධාන්තික තත්වයයි. ඇතැම්විට ප්‍රායෝගිකව ඔබ කියන සිදුවීම වැනි අසාමාන්‍ය සිදුවීම් නිසාද ඇතැම් ආයෝජකයින් අධෛර්යයමත්ව නැවත හැරී යා හැකියි. ඔබ අප සාමාන්‍යයෙන් සිතනවාට වඩා වෙනස් තත්වයක් පෙන්වා දුන්නා. එයත් විය හැකියි.

      Delete
    10. සෛද්ධාන්තික, ඒ කියන්නේ පොතේ තියරියට අනුව.
      ඔහොම හිතන පොළොවේ පය ගහල නැති අයගේ ප්ලෑන් නිසා තමයි අපිට මෙච්චර කෙල වෙලා තියෙන්නේ.

      Delete
    11. අඃ ගූතලන් පොන්නය ඇවිල්ල තියෙන්නේ. රන්න පොජෙක්නේ මූ බලන් ගියාම

      Delete
    12. ඇනෝ ලොක්කො, ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට එන ආයෝජකයො, ඔය කියන දියුණු රටවල තියෙන දත්ත (දූෂණය, බදු ප්‍රතිපත්ති වගේ ) මේ අපායෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් උන් එනකොටම පුදපු ගමන් කාපි යකා වගේ කඳුළු ගෑස් කාලා දුවන්න වුණාම උන් එයිද ? අනික මීට කලින් ආපු ප්‍රධාන ආයෝජකයන්ගෙන් මුලින්ම ජරාව ඉල්ලන්නෙ බැෂියා, ඊට පස්සෙ පෝලිමට ආණ්ඩුවෙ පඟර නැට්ටන්ට ජරාව දුන්නෙ නැත්නම් එතනින් එහාට වැඩක් වෙන්නෙ නෑ. ජරාව දීල මේ අපායෙ ආයෝජනය කරන්න තරම් උන්ට පු අමාරුවක් නෑ. අනික මේ ජහ පාලකයො කියල වෙනසක් නෑ, පරණ සිස්ටම් එක අලුත් උන් රන් කොරනවා. ලෝකෙ ඉන්න ලොකුම ආයෝජකයො ළඟට රනියා ගිහින් වැඳලා කරලා එක්කන් ආවත් උන් මෙහෙ ලේබර් ලෝස් දැක්කම පස්ස ගහනවා. අනික පොඩ්ඩ බැරි වුණොත් ස්ට්‍රයික්. ඉතින් මෙහෙට හරියන්නෙ කැසිනෝ එකක් ඇරලා බඩු ස්පොට් ටිකක් දාල පොඩි එන්ටර්ටේන් ආර්ථිකයක් හැදීම. කොහෙද පැකර්ටවත් එන්න දුන්නෙ නෑනෙ.

      Delete
    13. Mama kiwwe pol roberta amudeth gaha uda Dala dan duwan eyi kiyala..

      Ammapa basiya thamayi neda pol roberto, basiya enna issellath oya daha jara wada kale okama thamayi, mama kiyanne 78- 94 kaleth. Anna ehema kiyagena warenko apith umbata sup ekak dennam. Anna maathalan goyiya kakussiya paththata umbata enna kiwwa

      Delete
    14. //සෛද්ධාන්තික, ඒ කියන්නේ පොතේ තියරියට අනුව.
      ඔහොම හිතන පොළොවේ පය ගහල නැති අයගේ ප්ලෑන් නිසා තමයි අපිට මෙච්චර කෙල වෙලා තියෙන්නේ.//

      න්‍යාය සහ ප්‍රායොගිකත්වය යන දෙකම සමබර විය යුතුයි. න්‍යාය සෑදී ඇත්තේ වසර දහස් ගණනක ප්‍රායෝගික අත්දැකීම්වල සම්පිණ්ඩනයකිනි. නමුත් එය ප්‍රායෝගිකව ඇප්ලයි කරන ආකාරය භාවිතාවෙන්ම උගත යුතුය. ඉහත මාතලන් කියා ඇති දේවල් පවා න්‍යාය තුළ නැතිවුණත් ප්‍රායෝගිකව බලපෑ හැකිය. මන්දයත් කාලයෙන් කාලයට ලොව වෙනස් වීමත් අප නොදකින වෙනත් පැත්තක්ද තිබිය හැකි බැවිනි. එබැවිනි මා ඉහත මාතලන් සමග එකඟ වූයේ.

      Delete
    15. උඹ මෙහෙ පොල් රොබටගෙ පොල් ඇහිඳිනකොට , මාතලන් උඹේ ගෙදර කොටුව පැනල. උඹේ ගෑණි කොටියා වගේ ආතල් දුන්නා කියන්නෙ. අනුන්ගෙ සීනි කිරන්න ඉස්සර ගෑණිව පරිස්සම්කර ගනින් පොන්සියො. මදෑ ඔයින් ගියා, උඹේ අම්මා බේරුණේ පූරුවෙ පිනකට, මාතෙයා ඔය වයස් භේද බලන්නෙ නෑ.

      Delete
    16. රොබටා උඹව සෑහෙන්න පාවිච්චි කළා කියන්නෙ ඇත්තෙයි ? උඹට සෑහෙන්න ඇරියෙස් ඇති ඌත් එක්ක නේද ? ගණන් ගන්න එපා බන්, ඒ කාලෙ උඹට සුද්දො කී දෙනෙක් කියලනම් වැඩේ දුන්නද ? අල්ලලා දාපන් AnonymousOctober 19, 2016 at 8:53 PM

      Delete
    17. Robert,

      //ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට//

      තුන්වෙනි ලෝකය යන යල්පැනගිය අපහාසාත්මක වචනය පැවතියේ මීට වසර 60-70කට පෙරය. ඇත්තටම ලොව ඇත්තේ "සංවර්ධිත" සහ "වෙමින් පවතින" රටවල්ය. මෙයින් "සංවර්ධනය වෙමින් පවතින" රටවල්ද මැදි ආදාඅයම් සහ අඩු ආදායම් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. මින් ලංකාව මැදි ආදායම් සහිත රටකි. ලංකාව අපායක් නොව සෑහෙන දුරට මැදි ආදායම් සහිත සංවර්ධනය වන රටකි. ලෝකයේ දුප්පත්ම අප්‍රිකානු සහ ඇෆ්ඝනිස්ථානය වැනි විනාශ වූ රටවලට සාපේක්ෂව ලංකාව ඉතා හොඳ තැනක සිටී.

      //ආයෝජකයන්ගෙන් මුලින්ම ජරාව ඉල්ලන්නෙ//

      ලොව බොහෝ රටවල කොමිස් මුදල් ඉල්ලා සිටින්නේ අවශ්‍ය "අනුමැතිය/ ඔතෝරිටි ඇපෲවල් ආදිය ඉතා ඉක්මණින් මෙන්ම පහසුවෙන් කරදීමටය. බැසිල්ලා දූශිත බව ප්‍රකට කරුණකි. නමුත් ඔබ මතුකර ඇති බොහෝ කටකතා අතිශයෝක්තියට නැගූ පල්හෑලි පමණකි.

      //උන් මෙහෙ ලේබර් ලෝස් දැක්කම පස්ස ගහනවා. අනික පොඩ්ඩ බැරි වුණොත් ස්ට්‍රයික්.//

      ලංකාවේ ලේබර් ලෝස් වලට වඩා යුරෝපය වැනි බටහිර ලේබර් ලෝස් ඉතා තදය. හැබැයි වෙනත් බොහෝඅ අඩු ආදායම් රටවලට වඩා අපේ ලේබර් ලෝස් සේවකයාට හිතකරය. නමුත් මෙහි ලේබර් ලෝස් නිසා ආයෝජකයන් අකමැතිබවක් සිතිය නොහැක. නමුත් මෙරට නිවාඩු ප්‍රමාණය වැඩිවීම නම් ගැටලුවකි. කෙසේ නමුත් බොහෝ අපනයන ව්‍යාපාරවල නිරත පුද්ගලික ආයතන නිවාඩු නැතුව ටාගට් මත වැඩ කරන් නිසා මේය්ත් ගැටලුවක් නොවේ. මෙරට ශ්‍රමිකයන්ගේ වැටුප් පරිමාණය තරඟකාරී රටවලට වඩා වැඩිවීමත් බලශක්ති (විදුලී අර්බුදයත් ගැටලුවකි. මේ සියල්ලටම වඩා ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්ති නොමැති වැනෙනසුලු කිසිසේත්ම කලින් පුරෝකථනය කළ නොහැකි බදු ප්‍රතිපත්ති ආදී දේවල්ය.

      Delete
  3. // අනෙක් පැත්තෙන්, යහපාලනය, නාස්තිය හා දූෂණය දුරලීම යන කාරණා පැත්තෙන් ද ආණ්ඩුව බලාපොරොත්තු සුන් කරමින් තිබේ.

    ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීම යන කාරණය ද කොට උඩ යැව්වොත් 2015 ජනවාරි 8 වෙනස අවලංගු වී යන බව නිසැක ය. //


    බැසිල් මාමි ගේ මුදල් බ්ලොග් ලිපියක් ලෙස එලියට ඇවිත් ද හිටන්?

    ReplyDelete
  4. "රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද පුන පුනා කියන්නේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම වැනි සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ය."

    ඔව් ඔව් පැරාටත් ළඟදීම ෆොක්ස්වගන් එකක් ගත්තහැකි මරුටිය වෙනුවට. ෆොක්ස්වගන් වැට මොඩල්,කනේ මයිල් මොඩල් වගේ ලංකාවෙ හදන එකට කියන්නෙ ලබු මොඩල්.

    ලබ්බේ මොඩල් ෆොක්ස්වගන් පැරා යනකොට කට්ටිය මෙහෙම කියනව.

    රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න

    ටයිඑක බැඳ උජාරුවට

    ෆෝක්ස්වගන් නැග යනකොට

    දකින දකින අය කියාවි

    ආං යනව පැරා කියල

    ආං යනව පැරා කියල ආං

    ඩොලර් යුරෝ දුන්නෙ කවුද

    එන්ජීඕ දුන්නෙ ඒව

    ෆෝක්ස්වගන් දුන්නෙ කවුද

    පොනිල් තමයි දුන්නෙ ඒව

    ReplyDelete
    Replies
    1. රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න

      ටයිඑක බැඳ උජාරුවට

      ෆෝක්ස්වගන් නැග යනකොට

      දකින දකින අය කියාවි

      ආං යනව පැරා කියල

      ආං යනව පැරා කියල

      ඩොලර් යුරෝ දුන්නෙ කවුද

      එන්ජීඕ දුන්නෙ ඒව

      ෆෝක්ස්වගන් දුන්නෙ කවුද

      පොනිල් තමයි දුන්නෙ ඒව

      Delete
    2. මේක නම් මරු බං..පැරාව පැත්තකට තිබ්බත් මුල් නිර්මාණයට පෑහෙනවා. ඔහොමම හොඳයිනේ පොඩි නාට්‍ය පිටපතකුත් ලිව්වා නම්.. " ෆොක්ස් සහ කැලේ...." කියලා. ෆොක්ස් වෙනුවට නරියා කියලා දාමු.

      Delete
    3. ලියමු ලියමු අරුණ. උඹ කිව්ව බ්ලොග් එක කියවන්න පටන්ගත්ත.

      Delete
  5. ඇත්ත ආයෝජන නෑ තමයි.

    ආණ්ඩුවක් වෙනස් වුනු ගමන් දුවගෙන ඇවිල්ලා ආයෝජනය කරන්න තරම් ලංකාව ආකර්ෂණීය නෑ.

    ඒවගේම ආයෝජන pipe line එකක් තිබිලත් නෑ. ආයෝජකයින් රටක ආයෝජනය කරන්නේ අවුරුදු ගණන් සැලසුම් කරලා. මේ අවුරුද්දේ එන ආයෝජනයට අඩිතාලම වැටෙන්න ඇත්තේ මීට අවුරුදු 2-3 කලින්.

    ඒ කාලේ ලංකාවේ ආයෝජන කරන්න කවුරුත් සැළසුම් නොකල නිසා දැන් ආයෝජන එන්නේ නෑ. ආණ්ඩු වෙනසකින් පසු ලංකාවේ ආයෝජනය කරන්න එය අය සැබැවිම ඒ මුදල් ලංකාවට ගෙනැවිත් ආයෝජන කරන්න තව අවුරුදු 2-3ක් වත් යයි.

    මේවා කලබල වියයුතු දේවල් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම අවුල් තමයි;

    1] අලුත් ආණ්ඩුවක් රට බාර ගන්නේ පරණ ක්‍රමයට හොඳින් හැඩගැසුනු හා ඒ ක්‍රමය වෙනස් කිරීමට අකමැති මිනිසුන් විශාල පිරිසක් මර්මස්ථාන වලට අරක් ගෙන සිටින තත්වයක් තුල බව වටහා නොගැනීම

    2] මැගී දානවා වගේ ආර්ථික ප්‍රශ්ණ විසඳන්න පුලුවන් යයි සිතීම

    3] රටක් පාලනය කරනවා කියන එක තේ කඩයක් පාලනය කරනවා වගේ ලේසියි කියා සිතීම

    4] බස් කොන්දොස්තරලාගේ, ත්‍රීවීලර් කාරයින්ගේ පල් පාට්, ගෙම්බර්, කුණු කතා, නීති විරෝධී වැඩ අනන්ත ලෙස ඉවසීමට පුරුදුව ඇතත්, ආණ්ඩුවකට රටක් වෙනස් කරන්නට කාලයක් දී ඉවසීමෙන් බලා සිටීමට නොහැකි වීම.

    ReplyDelete
    Replies
    1. ඈ ගෙඩියෝ,

      ගෙඩියටද අර "මෛත්‍රීපාල නයෙක්" සහ "පචවිද කිරියා වලියෙ" කියන මාගල් වල බයිලා කෙලියෙ.අපරාදේ ඒ පොත් ගහපු කඩදාසි.

      අර ආලාපාලු රණවකය දැන් ජාතික බැනියම විතරද අඳින්නේ?

      Delete
  6. Boss: Who are you serving now?
    APJ: This is only a tactical withdrawal because of this recent Boss/APJ attack. Speaking up my mind might help building my image up.

    ReplyDelete
  7. විදේශ ආයෝජන මෙසේ කඩා වැටීමට හේතු මොනවද..

    ReplyDelete
    Replies
    1. කවුද ඉතිං අරය මිසක්... ;)

      Delete
    2. පසුගිය කාලය පුරාවට රටේ තිබූ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය. මෙයට වසරකට පමණ පෙර නිල විදේශ සංචිත මාස 5 1/2 ක කාලයක් විදේශ ආධාර වලින් තොරව යැවීමට තරම් ප්‍රමාණවත් විය. එහෙත් ශ්‍රී ලංකාවේ රජයේ (මහ බැංකු) ආර්ථික ප්‍රතිපත්ති නිසා විදේශ සංචිත විශාල ලෙස අඩුවීමක් සිදුවිය. මාස 5 1/2 කට ප්‍රමාණවත් වූ සංචිත මේ වන විට මාසයකට පමණක් ප්‍රමාණවත් මට්ටමට කඩා වැටුණි.

      මෙම විදේශ සංචිත අඩුවීම මත පසුගිය පෙබරවාරි මාසයේදී පමණ සම්පස්ථ ණය මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් (රුපියල් කෝටි 30,000 පමණ) පමණ අපේක්‍ෂා කරන බවට වූ ඉල්ලීම මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ලදි. මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ‍දෙකක් මෙම ඉල්ලීම විමර්ශණය කරන ලදි. සාමාන්‍යයෙන් සමීපස්ථ ණය මුදල් මූල්‍ය අරමුදල සපයන්නේ හදිසියේ ඇතිවන ගෙවුම් ශේෂ හිගයක් මග හරවා ගැනීමටය. මෙම මුදල් ගෙවුම් ශේෂය පියවීමට හැර වෙනත් කිසිම කරුණකට යෙදවීම තහනම්ය. මෙම ණය කෙටිකාලීනය. උපරිම මාස 5 න් ගෙවීමට සිදුවේ. සංවර්ධන ණය මුදලකට වඩා පොළියද ඉහලය. සාමාන්යකයෙන් 6% ත් 8% ත් අතර මට්ටමක පවතී.

      මෙම ණය මුදල ලබාගැනීමේදී රජයේ ප්‍රධාන කොන් දේසියක් වුයේ අයවැය හිගය 5% දක්වා අඩුකිරීමයි. (ද.දේ.නි ප්‍රතිශතයක් වශයෙන්) එම අරමුණ ඉටු කර ගැනීමට නම් රජයට විශාල වශයෙන් තම වියදම් කලමණා කරණයට යාමට සිදුවණු ඇත. නැතිනම් වර්තන වියදම් සැලකිය යුතු ආකාරයකින් කපා හැරීමට රජයට සිදුවන බව පැහැදිලිය. එසේත් නැතිනම් ආයෝජක වියදම් කපා හැරීම සිදු කළ හැකිය. මෙම පියවර අනුගමනය නොකරන්නේ නම් රජ්‍ය ආදායම සැලකිය යුතු ලෙෂ වැඩි කර ගැනීමට රජයට සිදු වනු ඇත. නමුත් පසු ගිය වසර 1 1/2 තුල ශ්‍රී ලංකාවේ රාජ්යි ආදායම දෙස බැලීමේදී එය අපේක්ෂාන මට්ටමට ළගාවු බවක් පෙනෙන්නට නැත. පසුගිය වසරේ රාජ්යය ආදායම රුපියල් බිළියන 754 ක් පමණ වෙතැයිඅපේක්ෂාට කළත් වසර අවසාන විට රජයට ලැබුනේ රුපියල් බිලියන 655 ක් පමණි. එසේම මෙම වසරේ රජ්යද ආදායම රුපියල් බිලියන 864 ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබුනත් වසරේ මුල් මාස 04 දී රජයට ලබා ගත හැකිවී තිඛෙන්නේ රුපියල් බිලියන 192 ක ආදියමක් පමණි. ඒ අනුව පෙනීයන්නේ මේ වසරේදීද රජය අපේක්ෂාක කරන ආදියම් ලබාගැනීමට අසීරු කරුනක් වී ඇති බවයි. අපනයනය වැඩිවී ආනයනය ඉහල යන තත්වයක් පෙනෙන්නට නැති අතර එයට සාපේක්ෂකව ආනයනයේ වියදම් ඉහල ගොස් ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබේ.

      ආදායම වැඩි කරගැනීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා රජයට බදු ගෙවන මාර්ග වලින් ආදායම වැඩිකර ගන්නා බවට එකඟ වී ඇති අතර එයට රාජ්යන ව්යවසායන්ගේ ලාභ ලබා ගැනීමත් ගාස්තු හා අයකිරීම් වැඩි කිරීමටත් තීරනය කර ඇත. මෙම අරමුණ ඉටුකර ගැනීමට ණය මුදලේ කොන්දේසියක් වී තිඛෙන්නේ දැනට පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්වයට පත් කරලීමයි. එය පාඩු නොලබන තත්වයට පත් කිරීමට අපේක්ෂාද කරයි. එය ප්‍රයෝගිකව අත් කරගැනීම අසීරුය.

      ආදායම වැඩි කරගැනීමට නොහැකි නම් ගතහැකි අනෙක් ක්‍රියා මාර්ගය වියදම් සීමා කිරීමයි. නැතිනම් වියදම් කපා හැරීමයි. එහෙත් රජයේ වියදම් කපා හැරීමද මේ වනවිට යම් ගැටලූ සහගත තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලූ නිසා මේ වනවිට රජයට විශාල වියදම් දැරීමට සිදුවී ඇත. රජය මේ කිසිදු වියදමක් කපා හැරීමට අපේක්ෂා නොකරයි.

      නමුත් 2017 අයවැය සකස් කිරීමේ දී ප්‍රග්ධන වියදම් කපා හැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එමගින් රජයේ ආයෝජන පහල යෑමේ ප්‍රවනතාවක් ඉදිරි කාලයේදී ඇති විය හැක. ආර්ථීකයේ ආයෝජන අඩු කිරීම තුලින් සමහර ඉල්ලූමේ අඩු වීමක් සිදුවිය හැකි අතර දිගු කාලයේදී එය ආර්ථීකයේ නිමවුම් මට්ටම අඩුවීමකට බලපා එය ආර්ථීක වර්ධන අරමුණට ලගාවීම වලක්වයි.

      සංවර්ධන ණය ආධාරවලින් 70%-80% අතර ප්‍රමාණයක් උතුරු නැගෙනහිර සඳහා යොදවන බවට රජය එකග වී ඇත. මෙහිදී මතුවන ගැටලූව වන්නේ සමස්ත ජනගහනයෙන් ඉතා සුළු ප්රථීසතයක් වෙනුවෙන් සමස්ත ණය ආධාරවලින් මෙතරම් විශාල ප්‍රමාණයක් වැය කිරීමෙන් අතිමහත් බහුතර ජනතාවගේ සුභ සාධන අවශ්යතා වෙනුවෙන් යෙද වීමට තිඛෙන මුදල් සීමා වීමක් වේ.

      මෙය සමානාත්මතා අරමුණ විවාදයට ලක් කරයි. මෙසේ යොදවනු ලබන ලද මුදල් ප්‍රධාන වශයෙන් ඛෙදී යන්නේ එම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ හා යළි ගොඩනැංවීමේ කටයුතු සඳහාය. මෙහිදී මෙම මුදල සීමිත වශයෙන් ආයෝජන වෙත යොමු කරන අතර වැඩි වශයෙන් ආර්ථීක වර්ධනයක් සිදුවේ යයි අපේක්ෂා කිරීම අපහසු වේ.

      Delete
    3. ස්ථාවර ආන්ඩුවක් හා ස්ථාවර ආර්ථික ප්‍රථිපත්ති නැති වීම. බදු ප්‍රතිපත්තිය. උන්ට ඒකාදිපතියෙක් උන්නත් අවුලක් මෑ එක ප්‍රතිපත්තියක ඉන්නවා නම්. මේ මෑතක සිඳුවීම තානාපති කාර්යාල පවා කැලඹුවා.

      Delete
    4. ඉදිරි දස වසරේ ශ්‍රී ලාංකීය ආර්ථික වර්ධන යම් නිශ්චිත ප්‍රවේගයකින් පවත්වාගෙන යෑමට නම් සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතු වේ. පසුගිය රජය 2020 මෙරට පංචබල ආර්ථික කේන්ද්‍රයක් ලෙස වර්ධනය කිරීමේ සිහිනයක පසුවූවද එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි විය. පසුගිය ආණ්ඩුව වසර 2020 වන විට ඩොලර් බිලියන 5 ක සෘජු විදේශ ආයෝජන අපේක්ෂා කළ අතර එවකට ආයෝජන ප්‍රවර්ධන විෂය භාර අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ මෙම ඉලක්කය කෙසේ හෝ සාක්ෂාත් කර ගන්නා බවයි. එහි එක් සැලැස්මක් වුණේ ජේම්ස් පැකර් වැනි කැසිනෝ සූදු ව්‍යාපාරයෙහි කෙළ පැමිණි ව්‍යාපාරිකයන්ට වසර දහයක තරම් දීර්ඝ බදු විරාම ලබා දෙමින් කැසිනෝ සූදු පහසුකම් ද සහිත හෝටල් ගොඩනැඟීමට අවස්ථාව ලබාදීමයි. එම ආයෝජනය ඩොලර් මිලියන 500 ක් වූවද පැකර්ට ලැබුණු බදු විරාමය දිගුකාලීනව ඩොලර් බිලියනයකට ආසන්න බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස විය. මහින්ද ගේ පරාජයෙන් අනතුරුව බලයට ආ නව රජය ඉදිරිපත් කළ අයවැයෙන් කැසිනෝ බලපත්‍රලාභීන් සඳහා පැනවූ රුපියල් බිලියනයක බද්ද හේතුවෙන් ක්‍රවුන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සිදු නොකරන බව පවසා පැකර් යන්නට ගියේය.

      වසරකට ඉහළම සෘජු විදේශ ආයෝජන ලබන රටත් වෙනත් රටවල ඉහළම ආයෝජනයට පෙලඹෙන රටත් චීනයයි. රුසියාව, බ්‍රසීලය හා මෙක්සිකෝව ඉන් අනතුරුව ලැයිස්තුවේ ස්ථානයන්ට පත්වෙයි. දකුණු ආසියාවේ රටවල් අතර සෘජු විදේශ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම අතින් ඉන්දියාව පෙරමුණ ගන්නා අතර පකිස්ථානය සහ බංග්ලාදේශය දෙවැනි හා තෙවැනි තැනට පත් වෙයි. යුද්ධය අවසන් වී වසර 7 1/2 ක් ගත වී ඇතත් සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීම් අතින් බංග්ලාදේශය අබිබවා යෑමට ද අපි අසමත් ව සිටිමු. සෘජු විදේශ ආයෝජන මඟින් රටවල් දෙකක් අතර දිගුකාලීන ආර්ථික සහසම්බන්ධතාවක් ගොඩනැ‍ඟේ. ප්‍රාග්ධනය, තාක්ෂණය, විශේෂඥ භාව මෙම ගනුදෙනුව හරහා දෙරට අතර හුවමාරු වෙයි. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වඩාත්ම සහන ලබාදෙන ක්ෂේත්‍රය වෙත ආයෝජන නැඹුරු වෙයි. රටක් ලෙස සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීමේ දිගු කාලීන වැඩපිළිවෙළක් අපට තිබිය යුත්තේ ඒ හේතුවෙනි.

      මෙරටට ආකර්ෂණය කළ හැකි සෘජු විදේශ ආයෝජන සඳහා වර්ධනය කළ යුතු ක්ෂේත්‍රයන් මොනවා ද කර්මාන්ත හා සේවා යන දෙඅංශයෙහිම තුලනයක් සහිතව සෘජු විදේශ ආයෝජන සඳහා රට සූදානම් කළ යුතුව ඇත. දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළට පැමිණෙන විදේශ ආයෝජන පිළිබඳව මීට වඩා අවධානයකින් අප කටයුතු කළ යුතු වෙයි. මේ සඳහා දැකගත හැකි වූ ආසන්නම සිද්ධිය වුණේ පසුගිය අයවැයෙන් පසුව එළැඹි සමයයි. එනම් අයවැයෙන් අනතුරුව කොටස් වෙළෙඳපොළ දේශීය ආයෝජනයන්හි පිරිවැටුම සැලකිය යුතු මට්ටමකින් පහළ ගිය අතර විදේශීය ආයෝජකයින්ගේ ආයෝජනයන්හි අඩු වීමක් දක්නට ලැබුණේ කොටස් වෙළෙඳපොළ මිල සංවේදී තොරතුරු ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට වඩා වැඩි වේගයකින් විදේශීය ආයෝජකයින්ට ලබා ගත හැකි නිසයි. ඒ නිසා ඔවුන් වඩාත් ලාභදායී ආයෝජනයන් වෙත යොමුවන අතර ඉතිරි වන ප්‍රතිලාභ අවම ආයෝජනයන් ලාංකිකයින්ට ඉතිරි වෙයි.

      මුදල් වෙළෙඳපොළේ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සිදු කෙරෙන ආයෝජනයන් ද නව රජය සැලකුවේ සෘජු විදේශ ආයෝජනයන් ලෙසටයි. තාක්ෂණික ලෙස එහි වරදක් නොවූව ද කෙටි කාලීනව සිදු කෙරෙන මෙම මුදල් ආයෝජනයන් තුළින් සැබෑ ලෙසටම දිගුකාලීනව ප්‍රාග්ධනය විශේෂඥ භාවය හෝ තාක්ෂනය හුවමාරු වන්නේ නැත. එවැනි කෙටිකාලීන මුදල් ආයෝජනයන් වෙනුවට අපට අවශ්‍ය වන්නේ සැබෑ ලෙසටම ආර්ථිකය ඉදිරියට ගෙන යන සෘජු විදේශ ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීමට දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමයි.

      නව රජයේ විෂය භාර නියෝජනය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවකදී පැවසුවේ විවිධ හේතු මත විවිධ ව්‍යාපෘති සියයකට ආසන්න සංඛ්‍යාවක් නැවතී ඇති බවයි.

      ප්‍රමුඛතාව ලබා දිය යුතු අංශයන් මොනවා ද වෙනත් රටවලට සාපේක්ෂව අපට ලබාදිය හැකි පහසුකම් සහ එම පහසුකම් ප්‍රවර්ධනය කිරීමට ප්‍රශස්ත ලෙස ගත හැකි පියවර මොනවා ද යන්න සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකසා ගැනීමේදී ඉහළින් සලකා බැලිය යුතු කරුණු අතර පවතී.

      ආයෝජන පරිසරයන් ලෝකයේ වේගයෙන් පරිවර්තනයන්ට ලක්වෙයි. මානව සම්පත තාක්ෂණය හා ප්‍රාග්ධනය වඩාත් උපාය මාර්ගික ලෙස ආයෝජනයෙහි යෙදෙන මෙවන් පරිසරයක සැබැවින්ම තරගයක් දෙන්නට අපට හැකි වන්නේ ශ්‍රී ලංකාව ද එම වේගයට සරිලන ලෙස තම වේගය වැඩි කර ගත හොත් පමණයි.

      Delete
    5. ///// සෘජු විදේශ ආයෝජන මඟින් රටවල් දෙකක් අතර දිගුකාලීන ආර්ථික සහසම්බන්ධතාවක් ගොඩනැ‍ඟේ. ප්‍රාග්ධනය, තාක්ෂණය, විශේෂඥ භාව මෙම ගනුදෙනුව හරහා දෙරට අතර හුවමාරු වෙයි. ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වඩාත්ම සහන ලබාදෙන ක්ෂේත්‍රය වෙත ආයෝජන නැඹුරු වෙයි. රටක් ලෙස සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීමේ දිගු කාලීන වැඩපිළිවෙළක් අපට තිබිය යුත්තේ ඒ හේතුවෙනි.//////////////

      විස්තර සහිත පැහැදිලි කිරීමට ස්තුතියි!!!!!

      මා ඔබගේ අදහසෙන් උපුටා ගත් කොටස හා එට්කා ගිවිසුම ගැන ඇති විරෝධයන් පිලිබඳ සමස්තයක් ලෙස ඔබේ අදහස කුමක්ද..

      ඔබට මේ ලිපිය කියවීමට අවස්තාවක් ලැබුනේ නැතිනම් කියවා බලන්න.

      Delete
    6. අප රට කුඩා රටක්‌ නිසා ඉන්දියාවට ආර්ථික වශයෙන් ලංකාව එතරම් වැදගත් නොවන බව ඇතැමෙක්‌ පවසති. නමුත් එය සදොස්‌ සිතිවිල්ලක්‌ බව සංඛ්‍යා ලේඛන කියාපායි. අපනයනයේදී, ඉන්දියාවට ලංකාව කිසිසේත්ම කුඩා රටක්‌ වි නැත. 2015 දි සිය ප්‍රමුඛතම ගනුදෙනුකරුවා වන, ඇමරිකානු ඩොලර් බිලියන 10,000ක ආර්ථිකයක්‌ ඇති චීනය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 10ක භාණ්‌ඩ අපනයනය කරන ඉන්දියාව ඇමරිකානු ඩොලර් 80ක පමණ කුඩා ආර්ථිකයක්‌ ඇති ලංකාව වෙත 2014 දී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ භාණ්‌ඩ අපනයනය කර ඇත. ලංකාව සමඟ වෙළෙඳ පරතරය ඉන්දියාව විසින් කාලානුරූපීව ඉහළ නංවා ගැනීමට සමත් වී ඇත. මෙම වෙළෙඳ පරතරය වැඩි කර ගැනීම සඳහා දැනට පවතින 1998 දී චන්ද්‍රිකා මැතිණිය විසින් ඉන්දියාවේදී අනපේක්‌ෂිත ලෙස අත්සන් කළ ඉන්දු ලංකා නිදහස්‌ වෙළද ගිවිසුම මනා පිටිවහලක්‌ වී ඇති බව නොකිව මනාය.

      ඉන්දියාවට චීනය සමඟ ඇති වෙළෙඳ පරතරයේ ගැටලුවට වඩා බරපතළ ගැටලුවක්‌, ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ පරතරය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාව සහ චීනය අතර වෙළඳ පරතරය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සෘණ 2.5% ක්‌ පමණ වන අතර ලංකාවේ ඉන්දියාව සමඟ වෙළඳ පරතරය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 4.5% ක පමණ සෘණ අගයක්‌ ගනියි.

      ඉන්දියාව විසින් චීනය සමඟ වෙළඳ පරතරය අඩු කළ හැක්‌කේ කෙසේදැයි නිරතුරු සංවාදයක නිරත වෙයි. නමුත් ඔවුන් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනය සමඟ කිසිදු නිදහස්‌ වෙළඳ ගිවිසුමක්‌ සදහා යෝජනා කරන්නේ නැත. එවැනි ගිවිසුමක්‌ මගින් ඉන්දියාවේ අවාසිය තව කිහිප ගුණයකින් වැඩි වන බව ඉන්දියාව දනියි.

      දැන් ඉන්දියාව අපට සේවා ගිවිසුමක්‌ සඳහා ද ආරාධනා කරයි. මෙහිදී ඉන්දියානු ආර්ථික චේතනාව පැහැදිළිව උපකල්පනය කළ හැක. ලංකාව සමඟ භාණ්‌ඩ වෙළඳාමේ පරතරය වැඩි කර ගන්නා අතරම ඔවුනගේ මිලියන 37 ක විරැකියාවෙන් පෙළෙන ජනතාවට යම් රැකියා ප්‍රමාණයක්‌ ලංකාව තුළින් උත්පාදනය කිරීම හරහා සේවා වෙළඳාමේ පරතරයද ඉහළ නංවා ලංකාව තුළින් තවත් විදේශ විනිමය ඉපැයීම ඔවුනගේ ආසන්නතම එක ආර්ථික චේතනාවක් ලෙස උපකල්පනය කළ හැක. මෙලෙස සෘණ පරතරය ඉහළ නැංවී ආර්ථික වශයෙන් බෙලහීන වන ලංකාව සිය ග්‍රහණයට ගත හැකි බව ඉන්දියාව දනියි.

      අද වන විට විදේශ සංචිත හිඟ වී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් ඇති ලංකාව වෙත එට්‌කා ගිවිසුම අභිමුව තබා ඩොලර් මිලියන හත්සියයක ණය මුදලක්‌ ඉන්දියාව විසින් ලබා දීම අමාරුවේ වැටුණු කෙනකුට කරන උපකාරයක්‌ මෙන් පෙනී ගියද එය එක අතකින් ණය ලබා ගැනීම හරහා අසරණ වන ණය ගැතියාගේ තරුණ දුව කරකාර ගන්නට කරන බලපෑමක්‌ විය හැකිය.

      උත්ප්‍රාසජනක කාරණය වන්නේ ලංකා රජය සහ මෙරට උද්ධච්ඡ නමුත් අඥාන ආර්ථික විද්‍යාර්ථීන් යෑයි කියා ගන්නා උපදේශකයන් මේ පිළිබදව දක්‌වන දැඩි ඉන්දියානුවාදී ආකල්පයයි. රොහාන් සමරජීව, සහ ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමී වසර ගණනක්‌ තිස්‌සේ මේ සඳහා කැපවෙන පුද්ගලයින්ය. මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා මරාගෙන මැරෙන සටනක්‌ දුන්නද ඔවුන් විසින් අවම වශයෙන් මෙම ගිවිසුමේ වාසි සහ අවාසි පිළිබඳවවත් කිසිදු අධ්‍යයනයක්‌ කර නැති බව ඒකාබද්ධ වෘත්තිකයන්ගේ ව්‍යාපාරය සමඟ පැවැත්වු සාකච්ඡාවලදී හෙළි විය. අවම වශයෙන් ප්‍රථමයෙන් මෙම නව එට්‌කා ගිවිසුම බලාත්මක කරනවා යයි පැවසූ තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රය හෝ නාවුක ඉදිකිරීම් ක්‌ෂේත්‍රය ගැනවත් ඔවුහූ කිසිදු අධ්‍යයනයක්‌ කර නැති බව පිළිගත්තෝය. මොවුන් මෙලෙස ඉතාම වගකීම් විරහිත සහ හිතුවක්‌කාරී ස්‌වරුපයකින් ක්‍රියා කරන්නේ මේ දේශයේ අනාගතය උගසට තබමින් බවට ඔවුන් කිසිදු හැඟීමක්‌ නොමැති වීම රටේම අවාසනාවකි.

      ඔවුන් පවසන්නේ ලෝකය තුළ රටවල් අද ගිවිසුම් ගසන බවත් අපට ලෝකය තුළ තනි විය නොහැකි නිසා අපද සෙසු රටවල් සමඟ ගිවිසුම් වලට යා යුතු බවත්ය. නමුත් එම අන්ධානුකරණ ගෝලියකරණ සංකල්පයට පමණක්‌ යට වී කිසිදු හැදෑරීමකින් තොරව ගිවිසුම්වලට යැමෙන් අපට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමකි. ලංකාව පැත්තේ සිටගෙන ලංකාවට සිදුවන වාසි අවාසි පිළිබඳ අවධානය යොමු කළ හැකි මනසක්‌ මේ ඊනියා ජාත්‍යන්තරවාදීනට නැත. අප එලෙස කටයුතු කරන්නේ සැමවිටම ඉන්දියානු අභිලාෂයන් පෙරමුණෙහි තබා කටයුතු කරන, තව එක ඩොලරයක්‌ හෝ ඉන්දියාවට රැගෙන එන්නේ කෙසේදැයි ගණන් බලන ඉන්දියානු නිලධාරීන් සමඟය.

      ලංකාවෙ ඉන්දියාව සම්බන්ධව මෙවන් අදහසක් තියෙනවා. මෙච්චර කාලයක් තිස්සෙ අපි ඉන්දියාව සමග ගණුදෙනු කළාට අපිට දියුණුවක් පේනවද කියල අහන අය ඉන්නවා. ඉන්දියාවෙ අති විශාල ආර්ථික බලය ලංකාව ගිල ගනියි කියලත් බය තියෙනවා. මිට කලින් කරපු ගිවිසුම් ලංකාවට වාසි වෙන විදියට කරන්න පුළුවන් වුනාද කියන ප්‍රශ්නෙත් තියෙනවා.

      Delete
    7. ඒවා එහෙම වුනත් වර්තමානයේ ජීවත් වෙන්න නම් මේ වගේ දේවල් වලට අතගහන්න වෙනවා. බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් පිටවී ඒ වෙළඳපල නොමැතිව සාර්ථක වීමට අපහසු වෙනවා වගේම ලංකාවට එට්කා වැනි ගිවිසුම් නොමැතිව රට වැටී ඇති ණය උගුලෙන් ගැලවෙන්නට බැහැ. මුදල් තිබෙන තැනකින් අපිට ආයෝජන අවශ්‍ය වෙනවා. එම මුදල් ලබාගැනීමට අපිට වෙළඳ ගිවිසුම්වලට අත්සන් කරන්නට වෙනවා. ගිවිසුමක් වූ පමණින්ම මෙය ලංකාවට අවැඩක් ගෙන දෙන්නේ නැහැ. ගිවිසුම ලංකාවට අවැඩක් නොවන අයුරින් සැකසීම සිදුකල යුතු වෙනවා.

      අනෙක් අතින් බැලුවොත් ගිවිසුමට අයත් වන්නේ ආර්ථිකය හා තාක්ෂණය යන විෂයයන් දෙකය. ආර්ථික කටයුතු අනුව ඉන්දීය භාණ්ඩ ශ්‍රී ලංකාවටද, ශ්‍රී ලංකාවේ භාණ්ඩ ඉන්දියාවට ද හුවමාරු වනු ඇත. ඒ විශේෂ සහන යටතේ ය. දැනට ඉන්දියාවට යවන අපේ උසස් තත්ත්වයේ (බ්‍රෑන්ඩඩ්) ඇඟලුම් ප්‍රමාණය ගිවිසුම යටතේ වැඩිකර ගත හැකි ය.

      ඉන්දියාවේ තාක්ෂණය අපට වඩා බොහෝ ඉදිරියෙන් පවතින බව රහසක් නොවේ. ඉන්දියාව මේ වනවිට මෝටර් රථ හා දුම්රිය නිෂ්පාදනය කරන තැනක සිටී. එහි පරිගණක තාක්ෂණය බොහෝ දියුණුය. ඉන්දීය පරිගණක ශිල්පීහු ලොව පුරාම සේවය කරති. ගිවිසුම යටතේ මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට පහසුවෙන් ම ලබාගත හැකි ය. එය අපගේ රැකියා වෙළෙඳ පොළට සාධනීය ලෙසින් බලපානු ඇතැ’යි සිතිය හැකිය. මෙරට දී පුහුණුව ලබන පරිගණක ශිල්පීන්ට ඉන්දියාවේ හෝ වෙනත් රටක රැකියා අවස්ථාවන් ලබාගත හැකිය. අපේ පරිගණක ශිල්පීන් පිටරටවල සේවයේ නිරත වන්නේ ඉතා ස්වල්ප වශයෙන්ය. අලුත් ආර්ථික ලෝකය සමඟ බද්ධ වෙමින් මේ තත්ත්වයන් පුළුල් කරගත යුතුය.

      එට්කා සමඟ ඉන්දීය ගිලන් රථ සේවාවක් ද සම්බන්ධ කරගෙන සමහරු චෝදනා කරති. ගිලන් රථ සේවය ගිවිසුමට අදාළ දෙයක් නොවන බව රජය කියා සිටී. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අස්සන් කැරෙන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර එබඳු ගිවිසුම් ගණනාවක් අස්සන් කර තිබේ. ගිලන් රථ සේවාවද පරණ ගිවිසුමකට අයත් දෙයකි. මේ ගිලන් රථ සේවාව වර්ෂයක් පුරා නොමිලේ සිය සේවාව සපයන බවද දැනගන්නට ලැබී ඇත.

      බ්‍රිතාන්‍ය කර්මාන්තවල සාර්ථකත්වයට විශාල රුකුලක් වුනේ ඔවුන් විදෙස් පුහුණු ශ්‍රමිකයින් යුරෝපා සංගමය හරහා පහසුවෙන් තම සමාගම්වලට බඳවා ගැනීමයි. එසේම බ්‍රිතාන්‍ය වැසියන් විදේශ රැකියාවලට බැඳීමෙන් හරි විදේශවල ආයෝජන කිරීමෙන් නැවත බ්‍රිතාන්‍ය වෙත මුදල්, ශ්‍රමය ආදිය එවීමටද යුරෝපා සංගමයේ පද්ධතිය තුල පහසු වුණා.

      හොඳින් සැකසුණ එට්කා ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවටත් මෙවැනි වාසිදායක ශ්‍රමික තත්වයක් උදාකරගන්න පුළුවන්. පුරප්පාඩු පිරවිය හැක්කේ එම තනතුරට සුදුසු කෙනෙකුටයි. ශ්‍රී ලංකාව තුල අවස්ථා සොයාගත නොහැකි අපේ ශ්‍රමිකයින්ට ඉන්දියාව තුල අවස්ථා සොයාගැනීමට අපිට ඉඩ ලබාදීමට පුළුවන්. එමෙන්ම ලාංකීය සමාගම්වලට ලංකාවෙන් අවශ්‍ය ශ්‍රමය ලබාගත නොහැකි නම්, ඉන්දියාවෙන් එය ලබාගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ට දියුණු වීමට ඉඩ දිය හැකියි. දැනටත් මෙය ආර්ථික ප්‍රවර්ධන මණ්ඩලය හරහා සිදුකල හැකි වුනත් එට්කා ගිවිසුමක් හරහා එය වඩා පහසු වෙයි.

      අපි තවම එට්කා ගැන තීරණයක් අරගෙන නැහැ. ඇත්තටම ජනතාවක් හැටියට අපිට තීරණයක් ගන්නත් බැහැ මොකද මේකේ සම්පුර්ණ වගකීම තියෙන්න අපේ මහජන නියෝජිතයින් අතේ. එ්ත් අපිට ඇස් වහගෙන ඉන්න බෑ. අපිට සැහෙන්න බලපාන්න පුළුවන් මේ වගේ දෙයකට අපේ අදහස් ඇතුළු වෙන එක හුඟක් වැදගත්. ඒක නිසා මේකේ තොරතුරු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ඇර දැනට කරන්න දෙයක් තියෙනාවද? අර ලඟදි පාස් වුන තොරතුරු දැනගැනීමේ පනතින් වත් වැඩක් ගන්න පුළුවන් වෙයිද බලමු.

      ලංකාවට විශාල සේවාවක් නිසි ලෙස සකස් කරපු එට්කා ගිවිසුමකින් ලැබෙනවා. ඒක හින්ද ඒක එක පාර විසි කරන්න බෑ. අපි ඒක අපට හරියට හදාගැනීමයි කලයුත්තෙ.

      Delete
    8. Ane ban, umba kiyanne indian karayo lankawata awilla unge danuma men kiyala beda deyi kiyalada? Umba indian karayo gana danne na! Kohe yana booruwekda manda.

      Delete
    9. @ විස්තරාත්මක පිලිතුරු ඇනෝ......ඔබේ මේ පිලිතුරේ මුල්ම කොටස බ්ලොග් එකේ දකින්න නැහැ. මම ඒ කොටසත් කියෙව්වා. එහි වැදගත් තොරතුරු තිබෙනවා. එය කපා හැරියේ ඇයි.

      Delete
    10. මේ තියෙන්නේ ඔබේ පිලිතුරේ මුල් කොටසද?

      ///////////Anonymous has left a new comment on the post "සෘජු විදේශ ආයෝජනත් නැති නම් රජයේ ආර්ථික උපායමාර්ගය...":

      Aruna Perera

      ස්තූතියි. ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් නවදිල්ලි නුවරදී සංවිධානය කෙරුණු ඉන්දීය ආර්ථික සමුළුවට එක්වුණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා (ECTA) ගිවිසුමට මේ වසර අවසානයේදී අත්සන් තැබීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

      දැන් අප මෙහි සෘණාත්මක/ අවාසිදායක පැත්ත බලමු;

      කාලයක්‌ තිස්‌සේ අප රටේ රජයන් දෙකක්‌ යටතේ විවිධ විද්වත්හු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත සේවා ආශ්‍රිත වෙළෙඳ ගිවිසුමේ වැදගත්කම පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් කරති. එට්කා ගිවිසුම ඉස්සෙල්ලම එළිය දකින්නේ සීපා (CEPA) නමින් 2003 අවුරුද්දෙ විතර. 90 ගණන් වල නිදහස් වෙළඳ ගිවිසුමෙන් දියුණු වෙච්චි ගිවිසුමක්. මහින්ද රාජපක්‍ෂ රජය යටතේද එම ගිවිසුම නම් කරනු ලැබුවේ 'සීපා' හෙවත් විස්‌තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ලෙසයි. 2008දී මේකට අත්සන් කරන්නට ලැහැස්ති වූ එකල රජය, උත්සන්න වූ ඉන්දීය විරෝධී මත සහ ගිවිසුමේ තිබුණු ගැටළු නිසාත්, ගිවිසුමට ඇතිවූ විරෝධතා නිසාත් ඒක අත්සන් කිරීම අතහැරියා.

      පසුව නව රජය විසින් සීපා ගිවිසුමට එරෙහිව දියත් වූ විරෝධතා සමනය කිරීමේ අරමුණින් ඊට 'එට්‌කා' යනුවෙන් නව 'ලේබලයක්‌' ඇලවීය. එහෙත් එම ගිවිසුම්වලට අදාළ ලේඛනවල අන්තර්ගතය තුළ ගිවිසුමේ කොන්දේසි හෝ ආවරණය වන විෂය පරාසයට අදාළව වෙනසක්‌ දක්‌නට නැත. එසේ අන්තර්ගතය වෙනස්‌ නොකර ලේබල් මාරු කිරීම තුළම අරමුණෙහි සද්භාවය ප්‍රශ්න කෙරේ. ගිවිසුමට පක්‍ෂපාතව බරපතළ මැදිහත්වීමක්‌ කරන විද්වතුන් සියලු දෙනාම ගිවිසුමට අදාළව විවිධ බැඳීම් ඇති පිරිසක්‌ බවට දිගින් දිගටම චෝදනා එල්ල වේ. යම් අය සෘජුවම ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශකයන් ලෙස කටයුතු කරති. තවත් අයට ඉන්දියාව සමඟ ගැඹුරු නෑකම් ඇති බව කියවේ. අනෙක්‌ පිරිස රජයෙන් වැටුප් ලබා එම කාර්යය ඉටුකරන පිරිසකි. එම නිසා ඔවුහු සියලු දෙනා කෙසේ හෝ ගිවිසුම අත්සන් කරන තැනට ආණ්‌ඩුව තල්ලු කිරීම සඳහා ඉන් ලැබෙන වාසි පිළිබඳව පමණක්‌ ඉතා පැතැලි (Flat) තර්ක කිහිපයක්‌ දිගින් දිගටම ඉදිරිපත් කරති.

      දැන් අප මෙහි සැබෑ පසුබිම සලකා බලමු. මුලින්ම අප ලෝක ආර්ථිකය සහ ඉන්දීය ආර්ථිකය පිලිබඳ සලකා බලමු. ලෝකයේ දෙවැනි විශාලම ආර්ථිකය (දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක්‌ පමණ) ඇත්තේ චීනයටයි. ඉන්දියානු ආර්ථිකය ලෝකයේ දස වැනියට විශාලතම ආර්ථිකයයි. (දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 ක්‌ පමණ) ඉන්දියාව වැඩියෙන්ම වෙළෙඳ ගනුදෙනු සිදුකරන්නේ චීනයත් සමඟය. 2015 වසර තුළ ඉන්දියාව විසින් චීනයට ඇමරිකානු ඩොලර් බිලියන 10 ක භාණ්‌ඩ අපනයනය කරන්දී චීනය විසින් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියන 62 ක පමණ භාණ්‌ඩ අපනයනය කර ඇත. එනිසා 2015 වසරේදී දෙරට අතර වෙළෙඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 52ක්‌ පමණ වේ. මෙම පරතරය 2014 වසරට සාපේක්‌ෂව සැළකිය යුතු ලෙස ඉන්දියාවට අවාසි සහගත ලෙස වර්ධනය වී ඇත. ඉන්දියාවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉන්දියානු ලොක්‌ සභාව වෙත 2016 මාර්තු මස ලි ඛිතව මෙම ගැටලුව ඉදිරිපත් කළාය. එහි මෙලෙස සඳහන්ව තිබුණි.

      //චීනය වෙත අපනයනයන් නංවාලිමට සහ වෙළෙඳ පරතරය අඩු කර ගැනීමේ ඇති අවශ්‍යතාව ඉන්දියාව විසින් චීනය වෙත දිගු කලක්‌ තිස්‌සේ අවධාරණය කරමින් ඇත. එය තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සංවර්ධනයකට ඉතා වැදගත් වේ.//

      (http://economictimes.indiatimes.com/news/econo
      my/foreign-trade/indias-trade-deficit-with-chinaswells-
      to-51-9-billion-in-
      2015/articleshow/51394591.cms)

      මේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂය මෙන්ම විපක්‌ෂය ද චීනය සමඟ ගනුදෙනුවලදී සිය සෘණ වෙළෙද පරතරය උදෙසා දක්‌වන ආකල්පය ගැන සුළු හැඳින්වීමකි. ඔවුන් අවධාරණය කරන්නේ මෙම වෙළෙඳ පරතරය තම ආර්ථිකයට අයහපත් බවත් එම පරතරය අවම කර ගැනුමට චීන රජය ඉන්දියාවට සහයෝගය දැක්‌විය යුතු බවත්ය. මන්ද යත් මේ සෘණ වෙළෙඳ පරතරය ඉන්දියානු රුපියල දුර්වල වීම කෙරෙහි සහ ඉන්දියාවේ ණය බර වැඩි වීම යන කාරණා සමඟ බද්ධ වී ඇති බැවිනි. //////////////////////////////////////

      Delete
    11. ඉහත නිර්නාමිකව වැදගත් අදහස් දක්වා ඇති පුද්ගලයාට ඉතාම ස්තුතියි. ඒ ප්‍රශ්නය මතුකිරීම ගැන අරුණටත් ස්තුතියි.

      //ඉන්දියාවේ තාක්ෂණය අපට වඩා බොහෝ ඉදිරියෙන් පවතින බව රහසක් නොවේ. ඉන්දියාව මේ වනවිට මෝටර් රථ හා දුම්රිය නිෂ්පාදනය කරන තැනක සිටී. එහි පරිගණක තාක්ෂණය බොහෝ දියුණුය. ඉන්දීය පරිගණක ශිල්පීහු ලොව පුරාම සේවය කරති. ගිවිසුම යටතේ මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට පහසුවෙන් ම ලබාගත හැකි ය. එය අපගේ රැකියා වෙළෙඳ පොළට සාධනීය ලෙසින් බලපානු ඇතැ’යි සිතිය හැකිය. //

      මටත් යම් පමණකට එවැනි අදහසක් තිබෙන්නේ.

      තාක්ෂණික හා අගය එකතු කරන ලද නිෂ්පාදන වලදී අපි සිටින්නේ බොහෝ පිටුපසින්.

      මම දන්නා විදියට....හීරෝ-හොන්ඩා එකතුවෙලා මෝටර්බයිසිකල් හැදුවේ. දැන් හීරෝ ඒ තාක්ෂණයෙන් තනිව මෝටර් සයිකල් හදනවා. ඔවුන්ගේ කම්හල් සමාගම් අපේ රටට ඇවිත් අපේ අය ඒවගේ වැඩ කරනකොට අපිට තාක්ෂනය ක්‍රමයෙන් ලැබෙනවා.

      ගිවිසුම් අවශ්‍යයි. අල්ලස් වලට යටනොවී විනිවිධ භාවයෙන් ජනතාව දැනුවත් කර ඒවා සිදුවීමයි වැදගත්.

      Delete
  8. පහත පළ වන්නේ අනෝමා ජනාදරී විසින් ලියන ලද සටහනකි. අනෝමාගේ වචනයෙන් පවසතොත් “ලුම්පන් සහ කඩප්පුලි විචාරකයෙකු” වන අජිත් ගලප්පත්ති නමැත්තා පුම්බන්නට අපමණ වෙහෙසක් ගත් තැනැත්තෙකි අජිත් පැරකුම් ජයසිංහ. එනිසා අනෝමා ගසන ප්‍රබල කනේපහර දැඩි ව වදින්නේ අජිත් පැරකුම් ජයසිංහට ය. මේ සන්තෑසිය අජිත් පැරකුම් ජයසිංහට වන බව අපි දැන සිටියෙමු. අපි අපගේ වගකීම අදාළ සමයේ දී ඉටු කළෙමු. මහා විචාරක ජයසිංහ ඒ ගැන කටක් ඇරියේ නැත. අනෝමා ඔබට අපේ ප්‍රණාම ය. අජිත්ලා ඇයි මේ තරම් කිච වන්නේ? (අජිත් කුමාරසිරි, අජිත් ගලප්පත්ති, අජිත් පී. ජයසිංහ, අජිත් පී. පෙරේරා, අජිත් නිවාඩ් ආදී)

    //
    “නිරුවත” දුන් මා ශත පහක් නොලබත් දී විචාරකයකු ලක්ෂ 50 ක වන්දියක් ලැබීම කෘතියේ නිළියට වඩා විචාරකයා උසස් ලෙස සලකනු ලැබීමක් ද...?
    ANOMA JANADARE·SATURDAY, 13 AUGUST 2016


    මම පුදුමයටත් කළකිරීමටත් පත් වුණා. මේ නඩුවත් එහි තීන්දුවත් ඇසීමෙන් දැකීමෙන් කියැවීමෙන්.හඳගමගේ අත්සනින් උපුල් නිෂ්පාදකයා හැටියට මෙවැනි ලිපියක් අජිත් වැනි පුද්ගලයකුගෙන් "තනි තටුවෙන් පියාඹන්න" වාගේ චිත්‍රපටයකට විචාරයක් ලියන්න ඉල්ලීම ගැන.


    ප්‍රශස්ථ ඝණයේ සිනමාවක් ගොඩ නඟන්න යන ගමනේ අපේ එක තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් "තනි තටුව".එහි ප්‍රබල දායකත්වය තිර රචකයා/අධ්‍යක්ෂකවරයා හැටියට හඳගම ත් , අර්ථපතීත්වය ලබා දෙන්නා හැටියට උපුල් ශාන්ත සන්නස්ගලත් , ප්‍රධාන චරිතය රඟපාන්නිය හැටියට අනෝමා ජනාදරී වන මමත් එම කාර්ය භාරයට මුල් ගල තියනවා.උපුල් මගේ විශ්ව විද්‍යාල සමයේ කිට්ටු මිතුරෙක්.හඳගමට ඔහුව හඳුන්වා දෙන්නෙත් මේ යෝජනාව ගෙන යන්නෙත් මා විසින්. ශ්‍රී ලාංකීය සිනමාවේ ස්ත්‍රී ශානරය විප්ලවීය ගති ලක්ෂණයෙන් පුපුරුවා හරින්නේ "තනි තටුවෙන්".ඒකට චිත්‍රපට වෙළඳ පොළේ ධනපති වෙළඳ දැන්වීම් සමාගම් වල කුළියට දැන්වීම් කරණයේ නියැළෙන ලුම්පන් විචාරකයින් කොහෙත්ම අවශ්‍ය නැහැ.මේ රටේ කලාත්මක ධාරාවේ සිනමා විචාරකයින් සහ සිංහල / බෞද්ධ අන්තවාදී ආචාර්ය මහාචාර්යවරු ටිකම ප්‍රමාණවත් ඒ වෙනුවෙන්.


    මම දැන් විස්තර කළ දේවල් ඒ ආකාරයෙන්ම සිදු වූ බව මේ ලිපිය කියවන අපි හැමෝම දන්නවා.මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට වඩාත් හේතු භූත වුණේ මම අර කලින් කිව්ව පුද්ගලයින් මිසක වෙනත් කිසිවකු නෙවෙයි.එහෙම නම් එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේත් එම පුද්ගලයින්මයි.එයයි මේ කර්මාන්තයේ නියමය.නිරුවත් ජවනිකා කිහිපයක් (රඟපෑමට පවා අසීරු) තිබෙන මෙහි අධ්‍යක්ෂකවරයාට ගෙවන වෘත්තීය ගෙවීම (වෙන රටක නම් ඊටත් වඩා)ට පසුව වඩාත් අධික වෘත්තීය මිල නියම විය යුත්තේ ප්‍රධාන චරිතය රඟපාන නිළියටයි. එහෙත් සිදු වී ඇත්තේ කුමක් ද...? චිත්‍රපටයට ප්‍රබල දායකත්වයක් දුන් මා ශත 5 ක හෝ වේතනයක් නිෂ්පාදකගෙන්(අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකයාට මට ගෙවන ලෙස අද දක්වාම නිර්දේශ කිරීමක් හෝ කර නොමැත) නොලැබීමත් ඒ වෙනුවට චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් කියා ලිඛිත ඉල්ලීම් කර (මේ චිත්‍රපටයට එවැනි විශේෂ ප්‍රචාරණයක් අවශ්‍ය නැති බව නැවතත් අවධාරණය කරමි) අත පුච්චාගෙන ඔවුනට දඩ මුදල් ගෙවීමට මිලියන ගණනින් වැය කිරීම චිත්‍රපටයේ තේමාවටත් මටත් කරනු ලබන නින්දිත අසාධාරණයක් නොවේ ද...?


    හඳගම,උපුල් ඔබ දෙදෙනා මගේ වෘත්තීය ශ්‍රමයට කරණ ලද අසාධාරණය වෙනුවෙන් පසුගිය දශකය තුළ උගත් පාඩම් සැළකිල්ලට ගෙන මගේ ගෞරවය සහ වැටුප ලබා දෙන මෙන් ඉල්ලමි.එසේ නොවන තාක් ඔබ දෙදෙනාටම සිදු වනු ඇත්තේ කඩප්පුලි විචාරකයින්ගෙන් පවා අවමානයට පත් වීමටයි.


    අනෝමා ජනාදරී
    //

    ReplyDelete
    Replies
    1. Anonymous October 19, 2016 at 9:00 PM වෙත ;

      අනෝමා ජනාදරී යනු සෘජු විදේශ ආයෝජනයක්ද නැති නම් රජයේ ආර්ථික උපායමාර්ගයක්ද කියල පහදා දෙනවා නම් ස්තුතිවන්ත වෙමි.

      (ඔබට මතක් කරන්නම් මේ ලිපියේ මාතෘකාව 'සෘජු විදේශ ආයෝජනත් නැති නම් රජයේ ආර්ථික උපායමාර්ගය ඵලදායී ද?')

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.