2016-10-28

ධනේශ්වර අවනීතියට ගූ ගැසූ මිනිසුන් ගැන කියන 'උසාවිය නිහඬයි'

නැවත නැවත දකින කමලාවතී 
ප්‍රෙස් ෂෝ එකට ප්‍රසන්නගෙන් ආරාධනාවක් ලද මුත් මට එයට යන්නට බැරි විය. රීගල් සිනමා ශාලාවට ගොස් ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඬයි චිත්‍රපටය බැලුවෙමි. පැයක පමණ ධාවන කාලයකින් යුක්ත වාර්තා චිත්‍රපටයක් බැලීමට රීගල් සිනමා ශාලාවේ සැලකිය යුුතු පිරිසක් සිටිනු දැක අධිකරණයට ස්තුති කරන්නට සිත් විය. ලබා දුන් ප්‍රචාරය අගනේ ය.

වාර්තා චිත්‍රපටයක් වෙනම ම චිත්‍රපට ශාලාවක ප්‍රදර්ශනය කිරීම සිංහල සිනමාවට අලුත් ම තත්වයකි. අතීතයේදී වෘත්තාන්ත චිත්‍රපට සමග වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලදී. පවුල් සංවිධාන සංගමය වෙනුවෙන් අමරනාත් ජයතිලක විසින් නිර්මානය කරන ලද යුවතිපති චිත්‍රපටය අධ්‍යාපනික චිත්‍රපටයක් වුව ද එය වාර්තා චිත්‍රපටයක් නො වේ. මා සිතන පරිදි නම් මේ ලංකාවේ සිනමා ශාලාවක වෙනම ම පෙන්වන පළමු සිංහල වාර්තා චිත්‍රපටයයි. මා වැරදි නම් දන්නා කෙනෙකුට නිවැරදි කළ හැකි ය.

රජයේ චිත්‍රපට ඒකකය විසින් ද හොඳ වාර්තා චිත්‍රපට නිර්මානය කළේ ය. එසේ ම, රූපවාහිනියට ද විශිෂ්ට වාර්තා චිත්‍රපට නිර්මානය වී තිබේ. තිලක් ජයරත්න බිඳුණුවැව ඝාතනය පිළිබඳ කළ වාර්තා චිත්‍රපටය ද ලංකාවේ අභියෝගාත්මක නිර්මානයකි. එය ප්‍රදර්ශනය කිරීමට අනන්ත බාධක ඇති විය. එබැවින් එය බැලුවේ ඉතා සීමිත පිරිසක් පමණි.

උසාවිය නිහඬයි ප්‍රදර්ශනය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය කෙරෙහි අවධානය යොමු වී තිබෙන අතිශය වැදගත් කාල වකවානුවක ය. ලංකාවේ අධිකරණය ස්වාධීන නැති බව පීඩිතයෝ ඕනෑවටත් වඩා හොඳින් දනිති. එය රෝම ලන්දේසි නීති පද්ධතිය මත පදනම්ව බ්‍රිතාන්‍ය අධිකරණය අනුකරණය කරමින් සංවිධානය කරන ලද මුත්, එය බොහෝ දුරට හැඩගැසී තිබෙන්නේ සිංහල රජුන්ගේ මහනඩුවෙහි හෙවත් ප්‍රධාන අධිකරණයෙහි ලක්ෂණවලිනි. බොහෝ විනිසුරන් සිය සේවාදායකයන් ඉදිරියේ රඟන්නට උත්සාහ කරන්නේ මහනඩුවේ නඩු ඇසූ රජුගේ භූමිකාවයි.

මෙය කෙතරම් මුල් බැසගත් බලපෑමක් ද යත්, ලංකාවේ විප්ලවවාදී ව්‍යාපාරවල අධිකරණ ද මහනඩු ම තමා ය. මේ පිළිබඳ හොඳ ම උදාහරණය කොටි සංවිධානය මහත්තයාගේ නඩුව ඇසූ ආකාරයයි. හැත්තෑ එකේ කැරැල්ල සමයේ ජවිපෙ සිරකඳවුරුවල පිහිටවූ ජනතා අධිකරණවල නඩු ඇසූ ආකාරය රංජිත් හෙන්නායකආරච්චිගේ බක්මහ කඳුළ කෘතියෙන් කියවිය හැකි ය. 1989 ගැන නො කියන්නේ එහි තිබුණේ ඊටත් අන්ත පොල්කටු උසාවි නිසා ය.

මෙකී ඊනියා නඩුකාර රජවරුන්ගේ අධිකරණ ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් අතර ඇති අහසට පොළව අතර පරතරය විසින් ආදර්ශවත් මිනිසුන් නිර්මානය කරනවා ද, මානසික අසහනයෙන් යුත් දුෂ්ටයන් නිර්මානය කරනවා ද යන්න ගැන අධ්‍යයනය කළ යුතු ය. එහෙත්, සරත් නන්ද සිල්වා, සරත් ආබෘ හා උසාවිය නිහඬයි චිත්‍රපටයේ අවධානය යොමු වන ලෙනින් රත්නායක වැනි චරිත දෙස අවධානය යොමු කළ විට දකින්නට හැකි වන්නේ දෙවෙනි කාරණය සැබෑවක් බවයි. ආදර්ශවත් විනිසුරුවරු ලංකාවේ නැති බවක් මෙයින් අදහස් වන්නේ නැත. (කරුණාකර ශිරානි බණ්ඩාරනායක ගැන වාද බයිලා නො කියන්න. ඇය ද අයත් වන්නේ ආබෘලාගේ පරපුරට ම බව මතක් කර දිය යුතු ය. ඇයට එරෙහි නඩුව වත්මන් සමයේ යට ගසන ලදී.)

චිත්‍රපටයේ සඳහන් වන ආකාරයට ලෙනින් රත්නායක යනු නිර්භයව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අධිකරණ සේවයට එක් වූ වංචනිකයෙකි. එසේම, දරුණු ලිංගික අසහනයකින් පෙළෙන්නෙකි. ආර්තවය සිදු වෙමින් සිටි දිළිඳු ගැහැනියක් සිය බලය අපහරණය කරමින් කාමරයකට ගෙන ගොස් එක් රැයක් තුළ සිව් වරක් දූෂණය කිරීමට තරම් අසහනයක් ඔහුට ඇත. ආදරයකින් තොරව ලිංගිකව එක් වන, ලිංගික කාර්යය හුදෙක් තමන්ගේ ශුක්‍රානු ටික පිට කර ගැනීමට එහා රසයක් ලෙස නො සලකන, ජීවිතයේ මූලික රසයන්වත් නො දන්නා මෙවැනි මිනිසුන් රජුන් සේ නඩු අහන රටකට පායාවිද ඉර දෙවියෝ?

මානසික රෝහල්වල සිටිය යුතු අය නඩු අහන ලංකාවේ අධිකරණය ගැන සංවාදය පෝෂණය කිරීමට උසාවිය නිහඬයි චිත්‍රපටයෙන් දොර විවර වී තිබේ. ලෙනින් රත්නායක වැනි බඩුකාරයකු නඩුකාරයකු වී කරන අවකල්ක්‍රියා හමුවේ පීඩිතයන් මුහුණ දෙන තත්වයට විසඳුම් සෙවිය යුත්තේ කෙසේ ද?

ලංකාව නායකයන් නැති රටකි. උදාහරණයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවට රටට නායකත්වයක් දිය හැකි වෙනත් කිසිවකු ඇද්දැයි අප ප්‍රගතිශීලී කඳවුරෙන් ඇසූ කල කිසිවෙකු පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ නැත. මෙම ප්‍රශ්නය තවමත් විවෘත ය. නිර්නාමිකව නො ව, නමින් පැමිණ යෝජනාවක් කරන්නට නො බියව ඉදිරිපත් වන්න.

එහෙව් රටක, සාධාරණ විනිසුරන් වන්නට තරම් පුළුල් මිනිසුන් සොයා ගන්නට බැරි වීම ගැන පුදුම විය යුතු නැත. එහෙත් අපට විනිසුරන් අවශ්‍ය ය. විනිසුරන් මැනැවින් පුහුණු කිරීම, ඔවුන්ට මනෝ විද්‍යාව, උපදේශනය වැනි විෂයන් ද ගැඹුරින් ඉගැන්වීම, ඔවුන් කටයුතු කළ යුතු නීතිමය හා ආචාරධාර්මික වැඩරාමුව මනාව සැකසීම හා විනිශ්චය මෙවලම් පැහැදිලිව සංවිධානය කිරීම කළ හැකි ය. එකී මෙවලම් භාවිතා කරමින් තීන්දු දෙන වෘත්තීය නඩුකාරයන් මිස රජවරුන් අපට අවශ්‍ය නැත. විනිසුරන් දෙන තීන්දු විමසා බැලීම සඳහා පවතින ක්‍රම තව සරළ කළ යුතු ය. එසේම, විනිසුරන් හොඳින් නියාමනය කිරීම ද අවශ්‍ය ය.

විනිසුරු භූමිකාවෙන් ඔබ්බෙහි සාමාන්‍ය ජීවිත ගත කිරීමට එම තනතුරු දරන පුද්ගලයන්ට අවස්ථාව ලබා දිය යුතු ය. ඒ සඳහා මූලිකව ම අධිකරණ භූමියේ තිබෙන භීෂණය නැති කළ යුතු ය. කැස්සාට, කිඹුහුමක් ඇරියාට අහිංසකයන්ට අත්තනෝමතික ලෙස දඩ ගසන, හිරේ අරින එක වළක්වන්නට නීති පැනවිය යුතු ය. අධිකරණ භූමියේ තිබෙන වැඩවසම් අභිචාර තහනම් කළ යුතු ය. අධිකරණ ගරුත්වය නිර්මානය කර ගත යුත්තේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙනි. මේ අභිචාර අවශ්‍යව තිබෙන්නේ සමාජය තුළ අධිකරණය කෙරෙහි නැති ගරුත්වය බලෙන් ලබා ගැනීමටයි. අධිකරණය තරම් අල්ලස රජ වූ තැනක් ලංකාවේ තව කොහේවත් නැත. නඩුකාරයා ඉදිරියේ ම බන්ධනාගාර නිලධාරීහු, අධිකරණ නිලධාරීහු පගා මරති. නඩුකාරයෝ ද පගා ගන්නට ගොස් අසු වූ අවස්ථා තිබේ.

මෙසේ වන්නට ප්‍රධාන හේතුව ලංකාවේ බලවත් හා අතිශය ධනවත් වෘත්තික පිරිසක් වන නීතිඥයන්ගේ වෘත්තිකමය නො වන චර්යාවයි. වීදි අයිනේ දූලි වැකුණු කඩකාමරවල ගැවසෙන, වෘත්තීය ගරුත්වය වෙනුවට සල්ලි ගැන පමණක් ම සිතන, අඩු තරමේ බිල්පතක්වත් නිකුත් නො කරන, ආදායම් බදු වංචා කරන, නවීන තාක්ෂණයක් භාවිතා නො කරන, නඩුකාරයන්ට පන්දම් අල්ලන, පීඩිතයන් සූරාකෑම ම එක ම අරමුණ කර ගත් සාමාන්‍ය නීති වෘත්තිකයන් විසින් නිර්මානය කරන නීති වෘත්තියේ චිත්‍රය වෙනස් නො වන තාක් කල් ලංකාවේ අධිකරණ පද්ධතිය ද වෙනස් කළ නො හැකි ය. නීතිඥ සංගමයට හා ප්‍රගතිශීලී නීතිඥයන්ට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරේ.

උසාවිය නිහඬයි චිත්‍රපටය නිර්මානය වන්නේ දැඩි සීමා පද්ධතියක් තුළයි. එහි රූපරාමු නිර්මානය ම දැඩි අභියෝගයකි. තමන් අතට පත් වෙන සීමිත රූපරාමු ප්‍රමාණය තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගනිමින් බලවත් සමාජ සතුරකු වන ධනේශ්වර අවනීතියට එරෙහිව සාධාරණත්වය සඳහා පීඩිතයන් කරන අරගලයක හරය ග්‍රහණය කර ගන්නට ප්‍රසන්න දැඩි වෙහෙසක් දරයි. නීතියේ බලය විසින් පීඩිත ස්ත්‍රිය නිහඬ කර දූෂණයට ලක් කරන ආකාරය, එය දූෂණයක් නො වන ස්වකැමැත්තෙන් සිදු වූ දෙයක් ලෙස අර්ථකථනය කිරීමේ නීතිමය ප්‍රවණතාව, බිත්තියට ම තල්ලු කර, අන්ත අසරණභාවයට පත් කරන ලද පීඩිතයන්ගේ විරෝධය නඩුකාරයාට හා අධිකරණයට ගූ ගැසීම දක්වා දිගු වන හැටි ආදිය ප්‍රසන්න ඉතා සිනමාරූපී ලෙස ඉදිරිපත් කරයි. ලංකාවේ ඊනියා ධනේශ්වර අධිකරණයේ විකෘතිය අපූර්වාකාරයෙන් චිත්‍රණය කිරීමේ කූටප්‍රාප්තිය සිදු වන්නේ ජනරංජනගේ චිත්‍ර හා අසූචි ප්‍රහාරය එල්ල කළ වින්දිතයාගේ (හෝ නළුවකුගේ) හඬ ඇසුරෙනි. සිනමාවේදී හඬ, මිනිස් කටහඬ, ඉතා ප්‍රබල ලෙස යොදා ගත් අවස්ථාවකට එය නිදසුනකි. මට මතක් වන ශබ්දය භාවිතා කිරීමේ මෙවැනි ප්‍රබල අවස්ථාවකි, විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටයේ හේමසිරි ලියනගේ කියන කැටකිරිල්ලගේ කතාව.

එහෙත් උසාවිය නිහඬයි චිත්‍රපටය රාවයේ ගවේශනය ඉක්මවා යන්නට හෝ වික්ටර් අයිවන් විසින් නායකත්වය දෙන ලද අරගලයේ ගැඹුර සිනමාත්මක ලෙස ග්‍රහණය කර ගන්නට සමත් වී ද යන්න ප්‍රශ්නයකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

71 comments:

  1. කමෙන්ට් මොඩරේෂන් කිරීම තාවකාලිකව කරන ලද්දකි. ඔබේ අදහස් හැකි ඉක්මණින් පළ කිරීමට කටයුතු කරනු ලැබේ.

    මෙසේ කිරීමට සිදු වූයේ අපේ කට්ටිය තේරුමක් නැති පැටලිලිවලට යන නිසා ය. සාමාන්‍යයෙන් බ්ලොග්කරුවන් සමග වලි නැති මට අනුන්ගේ වලිවලට සමථ මණ්ඩල දාන්නට හෝ කාගේවත් පැති ගන්නට හෝ බැරි ය.

    බොලා ඔක්කොම මගේ ෆ්‍රෙඬාලා ය.

    ReplyDelete
    Replies
    1. The darkest places in hell are reserved for those who maintain their neutrality in times of moral crisis......


      Delete
    2. We are already in one of the darkest places of the hell. So what?

      Delete
    3. You should have leave the country long time ago.

      Delete
    4. “The opportunist, by his very nature, tends to avoid a definite and final solution of a question; he is always seeking for alternatives; he writhes like an eel between mutually exclusive points of view; he tries to ‘be in agreement’ with all sides, but expresses his disagreements in amendments, doubts, pious and innocent wishes, etc. etc.”

      — One Step Forward, Two Steps Back, 1904

      Delete
    5. ඔය කියමන මට අදාළයි කියලා හිතන කෙනා හිතනවා ඇත්තෙ ඒක කිව්වෙ ලෙනින් රත්නායක ය කියලා වෙන්න ඇති.

      Delete
  2. අපායේ අඳුරුම තැන් හිමිවන්නේ යුක්ති ධර්මය පිලිඹඳ ප්‍රශ්න පවත්නා කාලයේ සිය මැදිහත් භාවය රැකගැනීමට වෙර දරන අජිත් පැරකුම් වැනි පොරවල් සඳහාය....

    ReplyDelete
    Replies
    1. උඹලා වැනි යමපල්ලන් සිටින තැනකට වඩා වෙනත් අඳුරු කොණක් අපායේ ඇති ද නො දනිමි.

      Delete
    2. පැරා, මෙහෙම යි මචං. උඹ අර "කොණ්" කපන්න ගිය දවසේ කිව්ව දේ මතක නැති ද? කොන හා කොන් මිස කොණ හා කොණ් නැත.

      මෙහෙම මතක තියා ගනිං: සමකාලීන සිංහලයේ "ණ්" ලෙස අවසන් වන වචන නැත. යම් පදයක බහු රෑපය හල් අකුරකින් අවසන් වේ නම් එම හල් අකුර "ණ්" නො ව "න්" විය යුතු ය. එනිසා ඒක රෑප පදයේ අවසන ද "ණ" නො ව " න" විය යුතු ය. මෙය ළ හා ල කාරවලට ද අදාළ ය.

      (උඹේ ඔය පරණ යාළුවන් ගොඩට උඹ මා ද එක් කරාවී ද???)

      Delete
  3. චීප් ජස්ටිස් පාරේ බඩු ගැහුවා..
    ගෝලයේ උසාවියේ ගැහුවා..
    දැන් උන් රනිල්ගේ අයියගේ චැනල් එකේ බණ කියනවා..

    ඉතින් කාටෙයි කියන්නේ පැරා මේ අවනඩු...

    ReplyDelete
  4. බිඳුණුවැව ඝාතනය පිළිබඳ කළ වාර්තා චිත්‍රපටය බැලීමට හැකි මාවතක් පෙන්වා දෙන්න

    ReplyDelete
  5. මේ චිත්‍රපටය බලන්න ඕන.චිත්‍රපටයට ලබා දුන් ප්‍රචාරය ගැන ලෙනින් රත්නායක දැන් කනගාටු වෙනවාත් ඇති.මිනිහා හරියට තමන්ගේ රෙද්ද ප්‍රසිද්ධියේම කඩා ගත්තා වාරණ නියෝග ගන්න ගිහින්.චිත්‍රපටය බලන්න වගේම චිත්‍රපටයට පාදක වෙච්චි වික්ටර් අයිවන්ගේ "නොනිමි අරගලය" පොත අරගෙන කියවන්නත් ඕන.

    ReplyDelete
    Replies
    1. "නොනිමි අරගලය" වගේම "පෑන අහිංසකද?" ත් කියවන්න.

      Delete
  6. "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවට රටට නායකත්වයක් දිය හැකි වෙනත් කිසිවකු ඇද්දැයි අප ප්‍රගතිශීලී කඳවුරෙන් ඇසූ කල කිසිවෙකු පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ නැත."

    ඇයි ගෝටාභය රාජපක්ෂ නරක වන්නේ කෙසේද ?

    ReplyDelete
    Replies
    1. ඔහුට සුළුතර ජාතීන් ඇතුළු සුළුතර ප්‍රජාවන්ටත්, ප්‍රජාතන්ත්‍රවාදීන්ට හා ප්‍රගතිශීලීන්ටත් නායකත්වය දෙන්නට බැරි නිසා ය. මූලිකව ම ඉහත කී කොටස් ඔහු නායකයකු ලෙස පිළි ගන්නේ නැත. (දත්ත මත පදනම් සාක්ෂි අවශ්‍ය නම් පසුගිය ජනාධිපතිවරණයේ ඔහුගේ අයියාට ඡන්ද ලැබී තිබෙන ආකාරය අධ්‍යයනය කළ හැකි ය.)

      Delete
    2. නමුත් පැරා ඔහුට වෙනස් වන්නට බැරිද ? රනිල් වික්‍රමසිංහ අසූ ගණන් වලදී සැලකුනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙසද ? සුළුතර ප්‍රජාවන් 2010 ජනධිපතිවරණයෙදී සරත් ෆොන්සේකාට මහින්ද රාජපක්ෂට වඩා චන්ද ලබා දුන්නේ ෆොන්සේකා නායකයකු ලෙස පිළිගන්නා නිසාද?

      රනිල් සුළුතර ප්‍රජාව අතර ඔයතරම් පිළිගැනීමක් ඇති නායකයෙක් නම් 2013 උතුරු පළාත් සභා චන්දයේදී එජාපය චන්ද 7,380 (1.64% ) ලබා කිසිදු ආසනයක් දිනා නොගන්නේ ඇයි? 2015 මහා මැතිවරණයේදී යාපන දිස්ත්‍රික්කයෙන් එජාපය ලැබූ චන්ද 20,025 (6.67%) ආසන 1යි. එජනිස 17,309 (5.76%) ආසන 0 යි. ඉතින් සිංහල නායකයන්ට ඔය ප්‍රදේශවල ලොකු පිළිගැනීමක් නැහැ.

      ඒ ප්‍රජාවන් කැමති තමන්ට හසුරවාගත හැකි සිංහල නායකයන්ට. එහෙම හසුරුවා ගත නොහැකි නායකයන් පරාජය කරන්න මේ ප්‍රජාව සිංහල නායකයකුට යුනත් චන්දය දෙන්න කැමති බව ෆොන්සේකා - සිරිසේන ජනාධිපතිවරණ ප්‍රතිපල වලින් පැහැදිලියි.

      Delete
    3. තමන්ට අනාගත නායකයා වෙන්න පුළුවන් ද බැරි ද කියන එක තීරණය වෙන්නේ ගෝඨාභය වර්තමානය කළමනාකරණය කර ගන්නා ආකාරය අනුවයි.

      ඔහුගේ ඉතිහාසයට අදාළව නැගෙන අපරාධ චෝදනා ලංකාවේ දේශපාලකයන්ට ඒ තරම් අලුත් නැහැ. මම මේ කතා කරන්නේ යුද අපරාධ ගැන නෙමෙයි. ඒවා දේශපාලනික කාරණා. මම කතා කරන්නේ විශාල සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කරන්නට හේතු වූ තත්වයන් ගැනයි. ඔහු තමන් යහපත් මානසික තත්වයක සිටින කෙනෙකු බව පෙන්විය යුතුයි.

      අනෙක් පැත්තෙන් රටක පාලකයෙකු විය යුත්තේ ජාත්‍යන්තරවත් පිළිගැනීමක් තියෙන මිනිහෙක්.

      වෙනස් වෙන්න කාට වුණත් පුළුවන්. නායකත්වය වෙනුවෙන් වෙනස් වීම ගැන හදාරන්නට ඕනැ නම් ගෝටාට ඒක මෝදිගෙන් කරන්නට පුළුවන්.

      Delete
    4. ඇත්ත. නායකත්වය වෙනුවෙන් වෙනස්වීම ගෝඨාභය හැදෑරිය යුතුයි. මෝදි පවා ආරම්භ වෙන්නේ RSS එකෙන්නෙ. දැන් ගෝඨාභය විද්වත් කතිකාවක් කරනවා නේද? මම නම් වැඩි යමක් දන්නේ නෑ. පැරා යමක් දන්නවද? මම හිතන්නෙ එතනදී විවිධ මත ඉදිරිපත් වෙලා සාකච්චාවක් ඇති වෙනවා නම් ඒක හොඳ පියවරක් විදියට.මම රනිල් තුළ දකින ලොකුම දුර්වලතාවය තමයි තමන්ට සහ තමන් විසින් තෝරාගත් පිරිසට කිසි ලෙසකින් වරදින්නේ නැත යනුවෙන් සිතීම.

      රටක නායකත්වයට පත්වන කෙනෙකුට ජාත්‍යන්තර පිළිගැනීමක් අවශ්‍ය බව ඇත්ත. නමුත් රටේ බහුතරයකගේ පිළිගැනීම තමයි මූලිකවම වැදගත්.

      Delete
  7. Ahinsakinta untomatika leasa dadagaseemata usawiyata nohaka.
    There is a lower and upper limit for all punishments in the law. All layers know about these limits and they can and do complain to the judicial commission about irregularities. Often judges get reprimanded for not following the book and in turn they affect promotions.

    ReplyDelete
  8. ඔබේ අගනා ලිපියට බොහොම ස්තුතියි. අන්තරගතය ගැන සම්පූර්නයෙන්ම පාහේ එකඟයි.

    මම ප්‍රගතිශීලියෙක් නම් නෙවෙයි. මම හිතන්නේ මම ධනවාදයට කැමති කෙනෙක් කියල.

    මගේ අදහස නම් මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ දැනට ලබාදෙන ආකාරයේ නායකත්වයක් නම් චන්ද්‍රිකා බණ්ඩාරනායකට වුවද බොහෝදුරට ලබාදිය හැකි වෙනු ඇතිය කියල. ඒ ගැන ඔබේ අදහස දැනගන්නත් කැමැතියි.

    ඔබෙන් අහන්න කැමතියි, වික්ටර් අයිවන් ලබාදුන් ගවේශනීය මාධ්‍යකරණයට අනාගතයේදී නායකත්වය දෙන්න පුළුවන් වෙනත් කෙනෙක් ඉන්නවද කියන එකත් ?

    ReplyDelete
    Replies
    1. අපි උඩුවාව ට්‍රේන් කොරල ගමු.

      Delete
    2. ඌ හොඳයි. අන්දන්න බලාගෙන ඉන්න එවුන්ගෙන් බේරිලා ඉන්න ආත්ම ශක්තිය තිබුණොත් ඌ හැදෙයි.

      Delete
  9. සමාවෙන්න ඕන මෙහෙම අහනවට. නො දන්න නිස යි අහන්නෙ.

    මේක සිනමා විචාරයක් ද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන මෙහෙම අහනවට. නො දන්න නිස යි අහන්නෙ.

      විචාරයක් කියන්නෙ මොකක් ද?

      Delete
    2. ඇයි වස්තුවේ නො දන්න මගෙන් අහන්නේ ඒක? කට්ටියක් ඔයාට උපදෙස් දීලා තිබුණ නේ ද කල්ට් එකෙන් ඉගෙන ගන්න කියලා සිනමා විචාර ගැන. උන් කුහක නෑ උඹ වගේ පැරා. කාගේ වුණත් හොඳ දේ අගය කරනවා. සාමාන්‍යයෙන් වම්මු කියන්නේ ඊරිසියාකාරයෝ. ඒත් උඹේ පරණ යාළුවොි එහෙම නැහැ. උන් කට පුරා අක්ෂයට හොඳ යි කියනවා. පැරණි වම එහෙම නැහැ. ඉස්සර විකොස (පස්සේ සසප) එකේ ඕනෑම කතාවක් ඉවර වෙන්නේ නසසප බාහු සහෝදරයාට බැණ වැදිලා. ‍ස්ටැලිනිස්ට් සී.පී. එක එක්ක නො වෙ යි සසපට ඇරියස් තිබුණේ.ට්‍රොට්ස්කිස්ට් නසසස එන්කම යි.

      Delete
    3. ඔච්චර දන්න එකේ මගෙන් අහන්නෙ උඹ ම තීරණය කර ගනින්කෝ.

      මට නම් ඔය වචන සහ ටයිටල් වැදගත් නැහැ.

      ඕකත් අර ෆෙඩරල් වගේ තව වචනයක් විතරයි. වැදගත් වෙන්නෙ වචනය නෙමෙයි, ක්‍රියාවලියයි.

      මෙතන සිදු වන ක්‍රියාවලිය මොකක් ද? අපි උත්සාහ කරන්නේ සමාජය මේ චිත්‍රපටය ගැන අවදි කරන්න. ඒක රසවිඳින්න යොමු කරන්න. එච්චරයි.

      Delete
  10. "අධිකරණ භූමියේ තිබෙන භීෂණය නැති කළ යුතු ය. කැස්සාට, කිඹුහුමක් ඇරියාට අහිංසකයන්ට අත්තනෝමතික ලෙස දඩ ගසන, හිරේ අරින එක වළක්වන්නට නීති පැනවිය යුතු ය. අධිකරණ භූමියේ තිබෙන වැඩවසම් අභිචාර තහනම් කළ යුතු ය."

    රාජපක්ෂගේ සොරකම, නාස්තිය පවතින කාලයේ අපේ මිනිස්සුන් කියනවා මට ඇහිලා තියෙනවා "ජනාධිපති උනාම එහෙම තමා, වියදම් කරන්න ඕනි, හොදට ඉන්න ඕනි" ...
    කොන්දක් නැති, හිනමානි සිතුවිලි ඇති ශ්‍රී ලාංකිකයන්ට නම් මෙවැනි නීති පැවතිය යුතුමය. නැතිනම් ඔවුන් කියාවි "එතකොට කවුරුත් ඕක ගණන් ගන් නැ. එහෙම තමා අධිකරණයක් උනාම කියලා" එහෙව් ජාතියකි අපි.
    අපේ මිනිසුන් නිවට, නියාලු මිනිසුන් ලෙස පවතිනකම් අධිකරණ වල මේවැනි වෙනස්කම් දේශපාලකයන් කරන්නේද නැත, වෙනස්කම් කිරීමට කැමැත්තේද නැත. අපේ මිනිසුන් එකම පද්ධතියේ කටුක අත්දැකීම් සමග දශක ගණනාවක් ගමන් කර ඇතත්, මේ කිසිවකුට මේ නීති වෙනස් කිරීමට උවමනාවක් හෝ උත්සහයක් දරා ඇති බව මා නම් දැක නැත.
    ශ්‍රී ලංකාවේ සමස්ත නීති පද්ධතියම වැඩි වශයෙන් හසුරුවන්නේ මානසික රෝගීන් පිරිසකි. මෙයට විනිසුරන් මෙන්ම පොලිස් නිලධාරීන් ද සිටිති.
    https://thereadus.wordpress.com/2016/10/25/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4/

    ReplyDelete
  11. //ලංකාවේ ඊනියා ධනේශ්වර අධිකරණයේ විකෘතිය අපූර්වාකාරයෙන් චිත්‍රණය කිරීමේ කූටප්‍රාප්තිය //

    මගෙ අම්මෝ පැරා තුමා දන්න බර වචන!!

    ReplyDelete
    Replies
    1. ජෙප්පෙක් අලියෙක් උනාම තියෙන අපූර්වත්වය... හෙහ් .... හෙහ්...

      Delete
    2. බුත්සරණ අමාවතුරෙන් තම්බලා වගේ නේ?

      Delete
    3. සරසතුමෝ, අමයුරු වදන් පෙළක් නො වැ ඔබතුමා ලියුවේ. අප ද නන් නය නඩැ ලා පැරකුමුවන විසින් සැලකෙන බැවින් මෙදවස අප නිහඬ යැ. එනමුදු ඔබතුමා රණබිම වැද රුපුන් ඔද තෙද බිඳලන අසිරි මම නිතොර විමසමි. විදුරවියකින් මහනෙල් මල් කලඹක් සිඳලන ලෙස සරසයෝ ද විරුකම් පාති.

      ළගත් සරසයෙනි, පෙළ හා සකු වදනින් හෙළයට බිඳි වදන් ද බැඳි අකුරු ද අලළා ලිපියෙක් ඉදිරියැ ලියුමට සිතා සිටිමි. සකුවැ විඥාන ලෙස ද පෙළැ විඤ්ඤාණ ලෙස ද එන පදය ලිවිය යුතු අයුරු මෙලෙස යැ පැවසෙන නව නයෙක් යම් වියුණුවකැ මෑතක දිටිමි. ඒ නව නය නම් විසුළුවෙකි. බස නො හසළ දනන්ගේ දිගු නයි ඇරීමෙකි. මෙදවස වියුණු ලොවැ ඇති කම්පන පිරිකම්පන පහ ව ගිය සඳ එම ලිපිය පළ කරනු රිසි යැ. දබරයට මම නො රිසියෙමි. සිප් සමවාදයට නම් රිසි යැ. එම ලිපිය බස්පෙම්පත් සරසයන, රසිකයන, මයුරවිලයන ඈ සුධීමත් සද් දන සඳහා මැ යැ.

      Delete
    4. සරසයනට ලියුවේ ටොරන්ටෝවැ එදවස විසූ සදම්ටනයැ මෙදවස වසන බන්‍ධුල කුදලාගම යැ.

      Delete
    5. සබඳ ඔබ මෙහි පැමිනි විට, පැරා තුමා ගේ බර වදන් හිරු දුටු කදෝපැනියන් වැන්න......

      ඔබේ නව වියමන කියවන්නට සැදී සිටිමි.....

      Delete
    6. "සකුවැ විඥාන ලෙස ද පෙළැ විඤ්ඤාණ ලෙස ද එන පදය ලිවිය යුතු අයුරු මෙලෙස යැ පැවසෙන නව නයෙක් යම් වියුණුවකැ මෑතක දිටිමි."

      සගය ඔබ සුබැසි කුදලාගමයන් හෝ කීරාලයනැයි සිතමි. ඉහත නව නය මම ද දුටිමි. ඒ ඉදිරිපත්ව තිබූ බස නම් නිසැකවම "බස් වඩුවකුගේ" මය.

      බොහෝ කලෙකින් මෙහි නොපැමිණියෙමි. පැරකුමු සේයාරුව නොයෙක් වර නෙත ගැටුනද එ දෙස වැඩි විමසිල්ලෙන් නොබැලුවෙමි. මන්ද යත් ඒ තිලකුණු සිහිකරවන බැවිනි.

      අද මදක් විමසිලිමත් වීමි. පැරකුමු තෙමේ උඩුකය වසා සිටුනුයේ ප(ච්)ච වර්ණයෙන් බව දුටිමි. "ප(o)ච විධ(ද)" කිරියෙන් සැට මසක් තුළ රට නැගුම වැනු පැරකුමුට කෙසේ වුව රට නම් ලද ඇටයෙක් නැත.

      නරකෙසින් යුතු පැරකුමු හිස් රැවුල් කරුප්පු ලූ කලවත් තිලකුණු සිහි නොකෙරේද?

      - මයුරවිල මි.

      Delete
    7. // අද මදක් විමසිලිමත් වීමි. පැරකුමු තෙමේ උඩුකය වසා සිටුනුයේ ප(ච්)ච වර්ණයෙන් බව දුටිමි. "ප(o)ච විධ(ද)" කිරියෙන් සැට මසක් තුළ රට නැගුම වැනු පැරකුමුට කෙසේ වුව රට නම් ලද ඇටයෙක් නැත. //

      ප(ච්)ච වර්ණ "ප(o)ච විධ(ද)" කිරියාභිදාන, පැරකුමු නයුවා වන සිරිකොත ගල් වඩු තෙම අද රජ සබයෙහි කේප්ප වස්සන්ගේ කෝප්ප වියුනුවෙන් බඩ පුරා කාගත්තෙහිය....

      Delete
    8. මා සන්මිතු මයූරවිලයෙනි,

      දැන් දැන් බස් වඩුවෝ බැලු බැලු සැම දෙසැ සිටිති. බස ද නැසේ, දෙස ද නැසේ, රැස ද නැසේ.

      මයූරවිලයෙනි, මා මෙහි පැමි‍ණෙනුයේ මැ ඔබගේ ද සරසයනගේ ද බස් සුරුසුරුකම් බැලුමට මැ යැ. මේ මහ නිරුදක කතරට වට සිසිල් උදක දහර නම් ඔබ දෙපළගේ බස් අම වැසි මැ යැ.

      අකල් වැස්ස සේ විත් හද සිසිල කර
      මයුරවිල වඩී හද විල පොබයා තඹර

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය. (ටොරන්ටෝවැ සිට මම යළි නිවස පැමිණියෙමි)

      Delete
  12. ඊළඟ නායකත්වයට අර ජාතික ලයිස්තුවක හිටි මායාදුන්නේ නරකද?

    නමත් රජ නමක්.

    ReplyDelete
  13. දැන් උඹේ අර රතු අමුඩේ ගලවලා තියල කඩේ ගිය රනිල් මහත්තයත් ධනේශ්වර ක්‍රමේ අත ඇරියවද්ද බන්?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ධනේශ්වර ක්‍රමයෙ අයිතිය තියෙන්නෙ ධනපතියන්ට නෙමෙයි බං. මේව මං කියල දීල තියෙනවා. කොහෙද කොච්චර කිව්වත් තේරෙන එකක් යැ.

      ලංකාවෙ පවුල් ලක්ෂ 50න් ලක්ෂ 15කට වඩා රජයෙන් යැපෙන්නෙ. උන් තමයි බදු ආදායම් හා ණය කන්නෙ. මේ කට්ටියට දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා සාමාන්‍ය සේවකයනුත්, රජය සමග කොන්ත්‍රාත් කරන එවුනුත් අයිතියි.

      සංඛ්‍යාත්මකව ගත්තොත් රජයේ සේවකයන් ලක්ෂ 14+, රජයේ විශ්‍රාමිකයන් ලක්ෂ 5 සමග මුන් ලක්ෂ 20ක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහණයෙන් 10%ක්.

      මේ මධ්‍යම පංතිය තමයි ලංකාවේ ශක්තිමත් ම පංතිය. උන්ගෙ තමයි ආණ්ඩුව. පෙරෙට්ටො, ජවිපෙ විතරක් නෙමෙයි එජාප, ශ්‍රිලනිප පවා නටවන්නෙ මේ පංතිය. රතු අමුඩ ගහන් ඉන්න එවුන් කඩේ යන්නෙ මේ පංතියට.

      අපි ඒ අමුඩෙ ගැලෙව්වා.

      අපි පෙනී ඉන්නෙ පීඩිත පංතිය වෙනුවෙන්. ලංකාවෙ පීඩිතයන්ගෙ ප්‍රධාන හතුරා තමයි රජය.

      උඹ මොකෝ රනිල්ට මහත්තයා කියන්නෙ? අනිවාර්යයෙන් ම පෙරෙට්ටෙක් වෙන්න ඇති. භාෂාවෙන් කියන්න පුළුවන් සෙවලකම.

      රනිල්ට රනිල් කියපං. නැතිනම් අගමැති කියපං.

      Delete
    2. // අපි පෙනී ඉන්නෙ පීඩිත පංතිය වෙනුවෙන්. //

      පැරා තුමෝ....
      පීඩනේ (p) අඩු කොරන්න නම් එක්කෝ පරිමාව (v) වැඩි කලයුතුය.. නැත්නම් උස්නත්වය(t) අඩු කොල යුතුය කියලා නේ තතු දත් උදවිය පවසන්නේ....

      Delete
    3. ඇති යන්තම් පැරා වෙන සතුරෙකු නිර්මාණය කර ගත්තා! නැතිනම් ඉතිං සියලු කුණු බේරේ වරවට වවේ මෙතන වෙන සියලු විරෝධතා අර අහිංසකයගේ පිටින් යවනව‍නේ. උඹ ආමි එකත් එක්ක ගේම් ගහලා ලංකාවේ අනාගතය බාර ගන්න හිටපු උන්ව මේ රටෙන් තොලොංචි කළා. දැන් ලූලා නැති වළට කණයා පණ්ඩිතයා කිව්ව වගේ පොර ටෝක් දෙනවා මහා සිනමා විචාරකයා වගේ. උඹ හිතං ඉන්නේ උඹ ඇෂ්ලි රත්නවිභූෂණ කියල ද? ඇෂ්ලි හල්පේ කියල ද? විමල් දිසානායක කියල ද? අනේ බං පැරා සිරිකොත ගැන යි, ඔබේ ශාස්තෘවරයො ගැන යි ප්‍රශස්තියක් ලියං හිටපං බං.

      Delete
    4. නෑ Sa rasa. චාල්ස් ල බොයිල් ල කියපුව පටලවාගෙන වගේ. නිවුටන්ගේ චලිතය ගැන තුන්වෙනි නියමයෙන් කර්මය පැහැදිලි කරන කට්ටියත් ඉන්න එකේ ඕක මොකක්ද ඉතින්. :D

      ඔබ කියන එක වෙන්නේ අභ්‍යන්තර ප්‍රතික්‍රියාවක් නැතුව උදාසීනව තිබෙනකම් විතරයි.

      හැමතිස්සෙම එහෙම v වැඩිකරන්න හෝ T අඩු කරන්න ඕනෙම නෑ.

      අවශ්‍ය සක්‍රීයන ශක්තිය ලැබුණු වෙලාවට අභ්‍යන්තර (condensation වගේ) ප්‍රතිකියාවක් වෙලා පීඩනය අඩු වෙන්නත් පුළුවන්.

      පැරකුම් කියන පද්ධතියේ ඔය සක්‍රීයන ශක්තිය ලැබුණු වෙලාවල් වල සිදු වුන අතුරු ප්‍රතික්‍රියා වලින් වුනේ නම් පීඩනේ වැඩි වුණ එක හැබැයි.

      Delete
    5. සගය සාරසයෙනි,

      කදිම කියුමකි. උන් බොයිලුන් සහ චාල්සුන් නොවේද?

      -මයුරවිල මි

      Delete
    6. // ඔබ කියන එක වෙන්නේ අභ්‍යන්තර ප්‍රතික්‍රියාවක් නැතුව උදාසීනව තිබෙනකම් විතරයි. //

      අපි ඉතින් උදාසීන ඉල්ලන්කා කස්ටිය නේ හිටන්!

      Delete
    7. මගේ යාලුවෙක් උදාසීන වෙලා මළා.

      Delete
    8. ළබැඳි සරසයෙනි,

      ඔබතුමා මා සිත බෝ දුර අතීත‍යැ එක් සොඳුරු සමයෙක ඉමිහිරි මතකයකට ගෙන යයි. ඒ ඔබ ද මා ද අකුරු කළ රාජකීය විදු සෙවණැ භෞතික රසායනය උගත් සමය යැ.

      වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) උණුසුම (T) නියත කලැ ඒ වා පම‍ණැ පරිමාව (V) වැඩි වන කලැ තෙරපුම (P) අඩු වන බැව් ද පරිමාව අඩු වන කලැ තෙරපුම වැඩි වන බැව් ද බොයිලුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (ප්‍රතිලෝම සමානුපාතික යැ):

      P € 1/V

      වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) පරිමාව (V) නියත කලැ ඒ වා පම‍ණැ උණුසුම (T) වැඩි වන කලැ තෙරපුම (P) ද වැඩි වන බැව් ද උණුසුම (T) අඩු වන කලැ තෙරපුම (P) ද අඩු වන බැව් ද ගේ-ලුසැකුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම සමානුපාතික යැ):

      P € T

      බොයිලුනගේ ද ගේ-ලුසැකුනගේ ද දෙනය එක් කළ කලැ මෙසේ යැ:

      P € T/V

      වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) තෙරපුම (P) නියත කලැ ඒ වා පම‍ණැ උණුසුම (T) වැඩි වන කලැ පරිමාව (V) ද වැඩි වන බැව් ද උණුසුම (T) අඩු වන කලැ පරිමාව (V) ද අඩු වන බැව් ද චාර්ල්සුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම සමානුපාතික යැ):

      V € T

      වැසුණු පරියා‍යෙක යම් වා අණු පමණෙක (n) පරිමාව (V) නියත කලැ ඒ වා පම‍ණැ උණුසුම (T) වැඩි වන කලැ තෙරපුම (P) ද වැඩි වන බැව් ද උණුසුම (T) අඩු වන කලැ තෙරපුම (P) ද අඩු වන බැව් ද ගේ-ලුසැකුහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම සමානුපාතික යැ):

      P € T

      වැසුණු පරියා‍යෙක නියත උණුසුමෙක් (T) ද නියත තෙරපුමෙක් (P) ද පවතින කලැ ඒ වා පම‍ණැ අණු පමණ (n) වැඩි වන කලැ පරිමාව (V) ද වැඩි වන බැව් ද අණු පමණ (n) අඩු වන කලැ පරිමාව (V) ද අඩු වන බැව් ද ඇවගාඩ්රෝහු පැවසූහ. එය මෙලෙස සලකුණු කරමු (අනුලෝම සමානුපාතික යැ):

      V € n

      පෙර කී සියලු නය අනුයන වා පිරිපුන් වා නමි. එවන් පිරිපුන් වා පිණිස පිරිපුන් වා නය මෙසේ යැ:

      PV = nRT

      R යනු සකල වා නියතිය ය.

      ළබැඳි සාරදයෙනි, දැන් යමෙකු මෙසේ පැවැසිය හැකි යැ. “ඒ සියලු නය පිරිපුන් වා පිණිස යැ. සැබෑ ලොවැ පිරිපුන් වා නැති යැ”. සැබෑ තර්කයෙකි. එයට පිළිවදන පිරිපුන් වා නය තත් වා පිණිස වැන් ඩර් වාලයනගේ නයෙන් පිරිපහදු කර ගනු මැනැවි යනුවෙන් යැ. එය මෙහි සලකුණඅ කිරීම යම් පමණ උගටහ යැ; වෑයමක් දරමි.

      [P + (an^2/V^2)] [V -bn] = nRT

      a සහ b සලකනු ලබන වා වග පිණිස සුවිසෙස් නියති යැ.

      දියරයට පෙරළෙන වන වා පිණිස පෙර කී නන් නය යෙදුම වරද සහගත යැ. එපිණිස හෙන්රි නයැ සැකැසුව යොදා ගණනය කළ මනා යැ. එකිනෙක කිරිය කරනට රිසි වා පිණිස කිරිය අගැ චල තුලනයැ පල වැ සැදි වා මුසුව සලකා ඩෝල්ටනයනගේ අඩ තෙරපුම් නය යෙදුම කළ මනා යැ.

      ළබැඳි සරසයෙනි, මා මේ සතර එවකට නව යොවුන් වියැ සිටි වල්ලිපුරම් සිරිමතියගෙන් ඉගෙන දැන් දසක සතරකට වැඩි යැ. එතැන් සිට මා උගත්තේ පෙරපර දෙදිග බස්සාහිත යැ, දර්ශන විසා යැ, අපරදිග වෙදකම යැ. එනමුත් වැන් ඩර් වාලුනගේ නය පද කැරැම හැර බෝ දෑ ගල කෙටු අකුරු සේ සිතැ විණ.

      ඒ නම් සැබෑ ගුරුවරු මැ යැ. එවන් ගුරුවරු ලැබීම පෙර දිවියැ කළ පින් බලයෙන් මැ වූ බැව් හැඟේ. අප මිනිසුන වූයේ ඒ සුධීමත් ගුරුවරුනගේ කරුණ සිත් නිසා යැ. දැන් සිටින ගුරුවරුනගේ වදන් මෙලෙස යැ:

      // ඉස්සර මං ඕකුන්ව වාහන හයර් කරගෙන මැච්වලට එක්කගෙන යනවා. මුලින් සල්ලි ටික එකතු කර ගත්තෙ නැතිනම් උන් කඩචෝරු කාාලා හවසට අපේ කොණ්ඩෙ කපනවා. මං සෑහෙන්න අතින් කාලා හරක් බලලා තියෙනවා. උන් නම් සෙල්ලම් කරනවා. තල නම් තෙලට වේලේ - මීබෙටි කුමට වේලේ කියලා මං වැඩේ අතෑර දැම්මා.//

      මෙහෙව් එවුන තමන මහ මඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බැව් කීම පුදුමයෙක් යැ?

      සාරසයෙනි, මයුරවිලයෝ ද ඔබ ද විදුසත උගත්තෝ බස ද මැනැවින් උගත්තෝ යැ. හරිස්චන්දර විජයතුඟුන් ද අදිකාරමුන් ද සේ යැ. මේ අවීචි මහ නරකාදියැ ඔබ දෙදෙන වන් බස් මුර දෙව්පුතුන හමුව ද මන තුටකි; අසිරි‍යකි.

      Delete
    9. මූට මාර මානසික මාන්දමක් තියෙන්නෙ. රෝයල් එකේ, මෙඩිකල් ෆැකල්ටියෙ හිටියා කියලා එක එකා එක්ක කියන්න ගිහින් කිච වෙනවා, අතනින් මෙතනින් අහුල ගත්ත කෑලි කියලා.

      ඒ අස්සෙ දෙමළ ජාතිවාදය ප්‍රවර්ධනය කරමින් සිංහල ජාතිවාදීන්ට ලව් කරනවා. ඒක නම් ඉතින් දේශපාලනිකව අමු ම අමු නිරුවත් වැඩක්. ඒක හොඳයි. අපි කියන දේ ඔප්පු වෙනවා.

      යකෝ, අපි කතා කරන්නෙ ඇත්ත. තිත්ත ම තිත්ත ඇත්ත. අපි හලුසිනේෂන්වල නැහැ. බෙහෙත් බොන්න අවශ්‍යතාවකුත් නැහැ. බොන්නෙ අරක්කු. මේක ලියන්නෙත් බීලා. ඇයි අවුල් ද?

      Delete
    10. ඒම්බා පැරකුමු, තොප කවර නම් බසෙක් පවසන්නේ ද යනු මට නො වැටහේ. තොප මුළා වී ඇති සෙයකි. මම බන්‍ධුල කුදලාගම ‍මි. එකල ටොරන්ටෝවැ කල් ගෙවුයෙමි. මෙකල සදම්ටනයැ කල් ගෙවමි. තොප නොසරුප් වදනින් මට බිණිනුයේ කවර නම් ම‍න රෝ පීඩාවකින ද?

      මා මෙහි බෝ කල් නො පැමිණියේ ද තොප මා අන් දනන් හා පටලවා ගෙනැ නන් දොඩවන බැවිනි. පැරකුමුවනි, මේ නන් දෙඩුමට අවසන කිරියෙක් නැති ද?

      මම දම්රද විදු සෙව‍ණැ අකුරු කළ රෝ. භා. අබවඩු නො වෙමි. තොපට විරැදය සකල දනන් හිරු වංසයැ ලා සිතුම තොප ළාමක බැව් මැ පසක් කර යි. තොප එසේ සිතන්නේ මන විකලයෙනි. මත්දිය නිසා එසේ වීමට අපහසු යැ. මත්දිය නිති පානය කර එක වර නවතා දැමු කල නම් විය හැකි යැ. ක්ලෝඩයසෙපොක්සයිඩ් ක්‍රමික අවරෝහිත මාත්‍රා පිළියම එවිට නිසි යැ. තොප මත්දියට අමතර වැ කංසො ද රසයන බව හැඟේ. කොරෙක්ස්-ඩී, ට්‍රැමඩෝල් පමණ නො වැ එක්ස්ටසි ද තොප විසින් රසයේ ද?

      මවිසින් පසු ගිය සමයැ ලියැවුණු දෑ තොප පෙර කලැ මිතු, පසු කලැ පසමිතු රෝ. භා. අබවඩුනට ලිවිය හැකි යැ? තොප වරෙක මෙන්ඩලයනගේ පරිවේණි නය ද හාර්ඩි-වයින්බර්ග නය ද ගැන ගව හඬ නඟා කිච වැ, පච වැ, නො පෙනී ගියේ නම් මා හමුවේ යැ.

      පැරකුමුවෙනි, සරසයනට ද, මයුරවිලයනට ද, මට ද බස් වැඬුමට ඉඩ දී තොප නන්දෙඩුම නවතා දමනු මැනැවි. තොප පසමිතුරු නඩයැ මම නැතියෙමි. තොප අරෝව තොප පසමිතුරු නඩය සමඟ විසඳා ගනු මැනැවි.

      Delete
    11. පැරකුමුවනි, මවිසින් ලියැවෙන දෑ නිවරද නො වෙ ද යන්න වෙදකම දත් සරසයනගෙන් විමසා දැන ගනු මනා යැ. සරසයෝ ද ජීව රසායන විදුව හාපරයනගේ ගතෙන් ද කායගත විදුව ගැනොනගේ ගතෙන් ද පේරාදෙණියැ සිට උගත්තෙකි. ගයිටන සහ හෝල් ගත අප කල පකට නො වී යැ. එකල අප කියැ වූ ගත බෙල්-ඩෙවිඩ්සන්-එම්ස්ලි යැ.

      හෞත රසයන විදුවට සරසයන, මයුරවිලයන කල ජේ. කේ. පී. අරියරතන‍යනගේ ගත් පෙළෙක් මැ තිබිණි. එකල වෝකර සමාගමැ ඇණ මුරිච්චි තද කළ තොප මේවා කෙසේ නම් දැන ගන්න ද?

      Delete
    12. පැරකුමුවනි, මවිසින් ලියැවෙන දෑ නිවරද නො වෙ ද යන්න වෙදකම දත් සරසයනගෙන් විමසා දැන ගනු මනා යැ. සරසයෝ ද ජීව රසායන විදුව හාපරයනගේ ගතෙන් ද කායගත විදුව ගැනොනගේ ගතෙන් ද පේරාදෙණියැ සිට උගත්තෙකි. ගයිටන සහ හෝල් ගත අප කල පකට නො වී යැ. එකල අප කියැ වූ ගත බෙල්-ඩෙවිඩ්සන්-එම්ස්ලි යැ.

      හෞත රසායන විදුවට සරසයන, මයුරවිලයන කල ජේ. කේ. පී. අරියරතන‍යනගේ ගත් පෙළෙක් මැ තිබිණි. එකල වෝකර සමාගමැ ඇණ මුරිච්චි තද කළ තොප මේවා කෙසේ නම් දැන ගන්න ද?

      Delete
    13. මං කාලයක් ඇණ මුරිච්චි තද කරපු පුහුණු වන කම්කරුවෙක් තමයි බං. මං ඒ ගැන ආඩම්බරයි. ඒ නිසා ඕවා මට කියන්න එපා.

      Delete
    14. Machan para.me comments thiyapan.hinaa kaala pana yanawa ban meewa balala

      Delete
    15. රෝයල් වෙච්ච ගමන් මොකක්ද වෙන අයට මෙඩිකල් කොලෙජ් වුනාම මොකක්ද ඩබල් වෙනවා. ඒක කලම්බු මෙඩිකල් කොලෙජ් වුනාම බොම්බේ ලුකින් කල්කටා වෙනවා. මම බ්ලොම් එකේ කාලයක් වල බැස්සා. කිත්තේ හිටියවුන්ට උන පොඩ්ඩක් අඩුද මන්දා. බොහොමයක් එවුන්ට නැති ලෙඩ, අතලොස්සකට හැදෙන බව මම දැකලා තියෙනවා. ඕවා ඉතින් ඔහොම තමයි.

      Delete
    16. // ජීව රසායන විදුව හාපරයනගේ ගතෙන් ද කායගත විදුව ගැනොනගේ ගතෙන් ද පේරාදෙණියැ සිට උගත්තෙකි. ගයිටන සහ හෝල් ගත අප කල පකට නො වී යැ. එකල අප කියැ වූ ගත බෙල්-ඩෙවිඩ්සන්-එම්ස්ලි යැ. //

      බන්ධුල කුදලාගම සුදීමතුනි, වායු හැසිරීම පිලිබඳ පාඩමට ද, පාඨ ග්‍රන්ත අතර ගෙවුනු සුන්දර අතීතය ද මතක් කල ඔබට තුති...

      Delete
    17. මා සත් වෑයම සරසයනගේ ද මයූරවිලයනගේ ද සිත තුටු මල් පොබයනු නිසි නම් එය මැ මට ද සතුටකි.

      Delete
  14. ලංකාවේ ඉතිහාසයේ මෙතෙක් සිදුවුන බැදුම්කර මහා හොරකම ගැන ජඩපාලන පාදඩ රැල මික් කියලවත් සද්දයක් නෑ නේ. මහින්දගේ කාලේ එහෙම උනානං මාස ගානකට ජඩපාලන පාදඩයන්ගේ බ්ලොග් වල යන්නේ ඕක විතරයි

    ReplyDelete
    Replies
    1. ලියනව ලියනව බය වෙන්න එපා. පැරා මේ දවස්වල ඒකට ඕනේ කරන කරුණු හොයමින් ඉන්නේ. රාජපක්ෂලාගේ හා මහේන්ද්‍රන්ලාගේ සම්බන්ධකම් ගැන, කොහොමද ඩීල් එක දාලා අහිංසක රනිල්ව අමාරුවේ දැම්ම හැටි ගැන, ලාංකීය ධනේෂ්වර සමාජෙයේ ඉදිරි ගමනට රනිල්ගේ සහ බැඳුම්කරවල ඇති වැදගත්කම වගේ සෑහෙන කරුණු දැනටම හොයාගෙන තියෙන්නේ..

      Delete
    2. @ UnknownOctober 28, 2016 at 5:20 PM
      හෙහ් හෙහ්...

      Delete
  15. // ලංකාවේ ඉතිහාසයේ මෙතෙක් සිදුවුන බැදුම්කර මහා හොරකම ගැන ජඩපාලන පාදඩ රැල මික් කියලවත් සද්දයක් නෑ නේ. මහින්දගේ කාලේ එහෙම උනානං මාස ගානකට ජඩපාලන පාදඩයන්ගේ බ්ලොග් වල යන්නේ ඕක විතරයි //

    ගනන් ගන්න එපා හිටන්....
    රනිලාන්ඩුවට ඔයි ලන්කාවේ විසාලම වන්චා හුරුපුරුදුයි...

    දකුනු ආසියාවෙ විසාලම වන්චාව කොලේත් පහුගිය රනිලාන්ඩුව කාලේ නේ... එ ජා ප ඇමැති බාකීර් මාකර් ගේ මස්සිනා විසින්...

    http://www.thesundayleader.lk/archive/20060402/spotlight.htm

    ReplyDelete
  16. ලෙනින් රත්නායක ඇත්තට ම, කාන්තාවකට අතවර කළා කියලා අපිට තියෙන සාක්ෂි මොනවා ද?

    මම දන්න තරමට ඔය වික්ටර් අයිවන් කියන ඔය කතාව, විකටර් අයිවන් කියන නිසා අපි, පිළිගනිමු කියලා පිළිගත්තොත් මිසක් වෙන පදනමකින් පිළිගන්න හැකියාවක් නෑ. මට පේන විදියට ලෙනින් රත්නායක නීති ක්ෂේත්‍රයට පැමිණීමට පෙර, රක්ෂණ ක්ශේත්‍රයේ රැකියාවක් කරමින් සිටියදී මූල්‍ය වංචාවකට අසුවීමෙන් රැකියාව අහිමි වූ අයකුය යන චෝදනාවට හැර, අන් චෝදනා වලට, අපි ට තනිකරම වික්ටර් අයිවන් කියන දේ (සහ ඒ ඔස්සේ ගලා යන දේ) උඩ ම යැපෙන්න සිද්ධ වෙනවා.

    නමුත් ප්‍රශ්නය වෙන්නේ, වික්ටර් අයිවන් ට, මම කියන නිසා ඕගොල්ලො පිළිගන්න කියලා කියන්න තරම්, විශිෂ්ට ඉතිහාසයක් නෑ. ලෙනින් රත්නායක කියන්නෙ, ගූ ගොඩක් ද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි වික්ටර් අයිවන් කියන්නේ නම්, ගූ ගොඩක් බව නම් මම විතරක් නෙමෙයි මේ රටේ ගොඩක් මිනිස්සු දන්නවා. (ඒක එහෙම නෙමෙයි කියලා කෙනෙක් කියනවා නම්, ආණ්ඩු විරෝධී කැරැල්ලකට සම්බන්ධ වෙලා, ඊට පස්සේ ටික දවසක් යන කොට, ආණ්ඩුවේ සාක්ෂි කාරයෙක් වෙච්ච තැන ඉඳලා ම, වික්ටර් අයිවන් කියන ගූ ගොඩ මට විශ්ලේෂණය කරලා පෙන්වන්න පුළුවන්. මේ අද රනිල් ට මහා ප්‍රාඥයා කියලා සහතික දෙන තැන දක්වා ම. චන්ද්‍රිකා ට, චෞර රැජින කියලා පොතක් ලියපු වික්ටර් අයිවන්, මහින්ද ට චෞර රජා කියලා පොතක් නොලියන්නේ, වෙන දෙයක් නිසා නෙමෙයි, මහින්ද ආයෙත් එයි කියලා, වික්ටර් අයිවන් යටි හිතෙන් සිතන නිසා. ඇත්තම කියනවා නම්, චෞර රැජින ලියපු එක ගැනත්, වික්ටර් අයිවන් දැන් කණගාටු වෙනවා. මොකද චන්ද්‍රිකා ට මේ රටේ ආයේ තැනක් එයි කියලා වික්ටර් අයිවන් කවදාවත් හිතුවෙ නෑ.)

    ඒ නිසා ලෙනින් රත්නායක ට එරෙහිව, වික්ටර් අයිවන් ඉදිරිපත් කරන ස්ත්‍රී දූෂණ චෝදනා ගැන තියෙන සාක්ෂි මොනවාද කියලා දන්න කෙනෙක්, ඒවා මෙතන ඉදිරිපත් කරනවා නම්, මම ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. අධිකරණ කොමිෂන් සභාව විසින් පත් කරපු කමිටු දෙකක වාර්තා නිකුත් වෙලා තියෙනවා. තුන්වන කමිටුවකුත් පත් කර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඒ කමිටු වාර්තා ගැන මෙම චිත්‍රපටයේත් සඳහන් වෙනවා. මෙම චිත්‍රපටය පදනම් වන්නේ ම එම කමිටුවල සාක්ෂි මතයි. අඩු තරමේ චිත්‍රපටය හරි බලන්න.

      Delete
    2. ඔය කමිටු වාර්තා ගැන මමත් අහලා තියෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ, එම කමිටු වලින් ලෙනින් රත්නායක ට එරෙහි, ස්ත්‍රී දූෂණ චෝදනා සත්‍ය බව තහවුරු වෙලා තියෙනවා ද කියන එක. ඒ නිසයි මම නැවතත් ඉල්ලන්නේ, මේ ගැන විස්තර දන්න අයට කරුණාකරලා ඒවා අනිත් අයටත් දැනගන්න මෙහි ඉදිරිපත් කරන්න කියලා.

      Delete
    3. මී හරකෝ, උඹ ඉස්සෙල්ලා සැබෑ ලෝකය සහ සාහිත්‍ය ලෝකය කියවලා හිටින්.

      Delete
  17. කාගෙහරි යාලුවෙක් චිත්‍රපටි එහෙම බලලා මැරිල නැද්ද?

    ReplyDelete
    Replies
    1. sarasa kiyala harak wedek goma kaalaa malaa

      Delete
  18. Dan Bandumkare gana liyanne nadda hitan.. Yaha palana goo horunge sayam okkoma iwarayi neda ada?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.