2016-10-06

වරු ගුරු

ඡායාරූපය: රාවය 
අද ලෝක ගුරු දිනයනේ. මම ගුරු වෘත්තියෙන් සමු අරගෙන අවුරුද්දක් පිරෙනවා.

1993දී ගුරු වෘත්තිය තෝරාගෙන ඈත පදවියට යන්නට තීරණය කරනකොටත් මම පුවත්පත් කලාවේදියකු ලෙස වැඩ කරමිනුයි හිටියේ. එහේ ගිහිනුත් මම පදවියේ ලංකාදීප, යුක්තිය පත්තරවල වාර්තාකරු වෙලා හිටියා. අවුරුදු විසි ගණනකට පස්සෙ ගුරු වෘත්තිය ඇති ය කියලා හිතුණාට පසුව පාරට බැස්සාමත් පනං හතරක් හොයා ගන්න ඒ කුසලතාව ඉවහල් වුණා.

ගුරු වෘත්තියෙන් ඉවත් වුණ එක ගැන මට තවමත් හිතේ කණස්සල්ලක් තියෙනවා. ඒත්, එකම රැකියාව හැමදාම කරන එක ලොකු තේරුමක් ඇති දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, තමන්ට ඒ රස්සාවෙන් උපරිමය කරන්නට බැරි වෙනකොට ඉවත් වෙන එක හොඳයි. ගුරු වෘත්තිය රැකියාවක් විතරක් නොවෙයි.

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ගුරු වෘත්තිය අයිස් ජොබ් එකක් කියලා. එහෙම හිතලා ගුරුවරියන් කසාද බඳින මහත්තුරු විතරක් නෙමෙයි, ගුරු වෘත්තියට එන නෝනලා හා මහත්තුරුත් ඉන්නවා.

“පැය හයයි නේ. සෙනසුරාදා, ඉරිදා නිවාඩු නේ. නිවාඩු කාල තුනකුත් තියෙනවනේ."

වරුවක් වැඩ කරන නිසා අපි ඉස්සර අපේ රස්සාවට වරු ගුරු කියලා විහිළුවට කිව්වා. ඒ වුණාට, ගුරුවරයා වැඩ කරන කාලය නිසි ලෙස නිර්ණය කිරීම කියන කාරණය යුනෙස්කෝ සංවිධානයේ පවා සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා. මම නම් හිතන්නේ ගුරුවරයකු වැඩ කරන කාලය ගණනය කිරීම දුෂ්කරයි.

මුල් පත්වීම අරගෙන පදවියේ පාසලේ ගුරු නිවාසයේ නතර ව සිටි කාලයේ අපි ගුරු වෘත්තියේ ජීවත් වුණා. උදේට පාසලේ උගන්නලා, සවසට ළමයි එක්ක සෙල්ලම් කරලා, රෑට ගමේ මිනිසුනුත් එක්ක කැළෙන් එන කොටි ගැන බය වෙන්න සිදු වුණ යුගයක් ඒක. පාසලේ හිටපු සති අන්තවලත් අපි නාට්‍ය, ක්‍රීඩා ආදිය කළා. 

ගුරුවරයා පොත පත කියවන්නට, මාධ්‍ය ඇසුරු කරන්නට ගත කරන කාලයත් ඔහුගේ වෘත්තීය ඵලදායිතාවට ඍජුවම බලපානවා. හැබැයි, දැන් නම් ගුරුවරුන්ගේ පාසල් කාලයෙන් සැලකිය යුතු කාලයක් කඩදාසි පුරවන්නට ගත වෙනවා. හවසට ටියුෂන් කරන්නට ගත වන කාලය ගුරුවරයාගේ ගුරු පෞරුෂය වර්ධනයට ඉවහල් වෙනවා ය කියා මම නම් හිතන්නේ නැහැ. ඒ වුණත්, ගුරුවරුන්ට ගෙවන සුළු වැටුප අරගෙන පවා, ගරාජ්වල, මඩුවල හවසට පීචං වෙලා වුණත්, කලිසමක්, සාරියක් පිළිවෙලට අඳින්නට පුළුවන් වෙලා තියෙන්නේ ටියුෂන් නිසායි.

මගේ ගුරු ජීවිතේ වැඩි කාලයක් ගෙවුණේ දුෂ්කර පාසල්වලයි. ඒ නිසා සෑහෙන කාලයක් මගට ගෙවී ගියා. ඒ වුණත්, ඒ පාසල්වලදි ලබපු සතුට නගරයේ පාසල්වලදි ලැබුණෙ නැති තරම්. ඒකට හේතුව නගරයේ පාසල්වලට එන විට මිනිස් සම්බන්ධකම් වානිජකරණය වී තිබීම වැඩි වීමයි.

පස්සෙ කාලෙක මම නාගරික පාසලක ඉගැන්වීමට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවත් භාර ගත්තා. ඒක කිසිදු විවේකයක් නැති පැය 24 රස්සාවක් වගේ. ඒ වගේ ම, කිසිදු අමතර ගෙවීමකුත් නැති, අතින් කා හරක් බැලීමක්. එහෙම කරලාත්, කිසිම දවසක හොඳක් අහන්නත් නො ලැබුණු යුගයක් ඒක. විශේෂයෙන් ම විවිධ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වල කටයුතු නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් ඒ සමග ලැබුණා. ආදි ශිෂ්‍යයන් අධ්‍යාපන පද්ධතියේ වර්තමානයේ ඔවුන්ට හිමි තත්වයෙන් ඈත් කළ යුතුයි කියන මතයේ මම දැඩිව එල්බ ගත්තේ මේ කාලයේ මගේ අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙසයි.

ගුරුවරයෙකු වුණා ම, තමන් උගන්වන විෂයට අමතරව, විවිධ දේ ගැන දැනුම වගේ ම විවිධ සමාජ අත්දැකීමුත් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ගුරුවරයා කියවන පොත්පත්, යෙදෙන සමාජ කටයුතු ආදියත් ඔහුගේ වෘත්තීය ජීවිතයේ ම කොටස්.

මෑත කාලීනව ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ඇති වුණ වැදගත් ම සාකච්ඡාවට මුල පිරුණේ සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ නඩුවත් එක්කයි.

බ්ලොග්කරණයේ, පුවත්පත්වලට ලිවීමේ යෙදී සිටින ගුරුවරුන් වගේ ම වෙනත් රජයේ සේවකයිනුත් මගෙන් විවිධ අවස්ථාවල අසා තිබෙන කාරණයක් වන්නේ ඔවුන්ට එසේ කිරීමට නීතියෙන් ඉඩක් තිබේ ද යන්නයි. එහෙම ඉඩක් තිබෙනවා. එහෙත්, ආයතන සංග්‍රහය විසින් එම ඉඩ සීමා කරලාත් තිබෙනවා. ඒ අනුව ගුරුවරයකුට මල් වැවීම, මුද්දර එකතු කිරීම, කේක් සෑදීම, සාරි හැට්ට මැසීම වැනි දේ ගැන කතා කරන්නට පූර්ණ නිදහස තිබෙනවා. හැබැයි, අධ්‍යාපනය පිළිබඳ විවෘත අදහස් ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ. අධ්‍යාපන බලධාරීන් සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියගේ වැඩ තහනම් කරන්නේ ආයතන සංග්‍රහයේ xxxi වැනි පරිච්ඡේයේ 3.2 වගන්තිය භාවිතා කරලා, මාධ්‍යයට ප්‍රසිද්ධියේ අදහස් දැක්වූවා ය කියන චෝදනාව මතයි.

එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වැඩ තහනම් කිරීම වැරදි බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. SC/FR/76/2012 අංක දරණ මූලික මානව හිමිකම් පෙත්සමේ තීන්දුව ඓතිහාසික එකක් වන්නේ ඒ නිසායි. එම ගුරුවරියට එරෙහිව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන වගන්තියේ ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ ලෙස ලැබීමට ඇයට ඇති අයිතිය කඩ වී ඇති බවත්, 14(1) වගන්තිය අනුව ඇයට හිමි භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ද කඩකොට ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා.

2016 තොරතුරු දැනගැනීමේ පනත සම්මත වුණායින් පස්සේ ආයතන සංග්‍රහයේ මේ ප්‍රතිපාදනය නිර්බල වෙන බව නීතිඥ ජගත් ලියනආරච්චි රාවය පුවත්පතට පවසා තිබෙනවා. 

තොරතුරු සම්බන්ධ ආකල්ප, මාධ්‍ය හා සන්නිවේදනය විශාල පරිවර්තනයකට ලක් වෙද්දී රජයේ සේවකයන්ගේ ආයතන සංග්‍රහය එක තැන පල් වෙනවා.

ඒ සම්බන්ධයෙන් නඩුවක් පැටලේවා කියා බලාපොරොත්තුවෙන් තමයි මම පසුගිය කාලේ අධ්‍යාපනය සම්බන්ධයෙනුත් විවෘතව ම බ්ලොග්කරණයේ යෙදුණේ. එහෙම නඩුවක් පැවරුණා නම් අපට මේ ගැන වඩා විවෘත සාකච්ඡාවක් ආරම්භ කරන්න තිබුණා. ඒත්, මම විශ්‍රාම යනකල් ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ මාධ්‍යකරණයේ යෙදීම සම්බන්ධයෙන් මට එරෙහිව කටයුතු කළේ නැහැ. 

මේක තවත් උදාහරණයකින් දක්වනවා නම්, ආයතන සංග්‍රහයේ රජයේ සේවකයන් විදේශගත වීම සම්බන්ධ නීති නැව්වලින් පිටරට යන කාලේ හදපු ඒවායි.

තමන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට පවා යොමු වූ බලවතුන්ට එරෙහිව නො බියව සටන් කළ සමන්ති මනෝහාරි පැලකැටිය වගේ ගුරුවරියන් තමයි වර්තමානයට අවශ්‍ය. 

මේ ලිපිත් කියවන්න: 

පාසල්වල ගුරුවරියන් යටපත් කිරීම හා රටේ ම පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

47 comments:

  1. මගේ තාත්තා පමණක් නොව, නැන්දා, බාප්පා, පුංචි අම්මා සහ පරම්පරාවේ හැටහුටහමාරක් ම ගුරුවරු. ඒ කාලයේ නම් ගම්බද අයගේ එකම රජයේ වෘත්තිය වී ඇත්තේ ගුරු සේවයට බැඳීමයි!

    මගේ මල්ලීත් ගුරුවරයෙක්.

    ඔය ගුරු දින වගේ දේවල් අපි පාසල් යන කාලයේ නම් තිබුණේ නෑ.

    පැය පහේ සේවය කීවාට, එක දිගට පැය පහක් කතා කිරීම නම් පිස්සු හැදෙන වැඩක්.

    ඕස්ටේ‍ර්ලියාවේ විශ්ව විද්‍යාලවල දේශන පැවැත්වීම ගැන සළකන විට තමන් ම දේශන පිළියෙල කරනවා නම් ඒ සඳහා අමතර 200% කාලයක් ලැබෙන බවයි මගේ (දැන් දස වසරක් පැරණි) මතකය.

    ReplyDelete
  2. /* 1993දී ගුරු වෘත්තිය තෝරාගෙන */
    /* 2016 තොරතුරු දැනගැනීමේ පනත */

    ඒ ආකාරයට ඉලක්කමකින් වාක්‍යයක් ඇරඹීම (සම්මතයට විරුද්ධ බව කෙසේ වෙතත්) කැතයි, කැතයි වගේ නේද?

    (මේ ප්‍රශ්නය අසන්නේ සාකච්ඡාව වෙනතක යොමු කිරීමට නොවන බව සහෘද පාඨකයෝ සළකත්වා!)

    ReplyDelete
    Replies
    1. මේක වැඩිදෙනෙකු පිළිගත් ව්‍යවහාරයේ නම් ‘එක්දහස් නවසිය අනූ තුනේදී ගුරු වෘත්තිය තෝරාගෙන' ලෙස ලියනවා. මම හිතන්නේ ඒකත් අර වගේ ම කැතයි.

      Delete
    2. සාකච්ඡාව වෙනතක යොමු වෙනවා ද මන්දා?

      මං නම් ලියන්නේ එක්කෝ "වසර 1995 දී..." යනාදී වශයෙන්, නැතිනම්, ඉතා ලේසියෙන් පුළුවන් වාක්‍යයේ සැකිල්ල වෙනස් කරන්න!

      Delete
    3. එ්ක හොඳ අදහසක්

      Delete
  3. පැරා මහත් වෙලා වගේ.
    නෝටිය.

    ReplyDelete
    Replies
    1. ගුරු වෘත්තිය කරන කොට කෙට්ටු වෙනවා. හරියට කන්න තරම් පඩියකුත් නැහැ. කෑගහලා ම ශක්තිය පිට වෙනවා. දැන් මං දවසකට කතා කරන වචන ගණනට වඩා ලියනවා. ඒ නිසා ශක්තිය ඉතිරි වෙනවා.

      අර එක කාන්තාවක් කියනවා මං චීන ඌරෙකු වගේ ය කියලා. ආසාව වෙන්නැති.

      Delete
    2. ආශාවේ වස්තුව චීන ඌරෙක්?

      Delete
    3. මේ මොනව කියනවද රසික,

      ඌරු මස් "සැපුමට" මරු. ඔය "චීන ඌර"ටත් වඩා "වන ඌර" මරු. පලතුරු වඩියකින් පෙරවලගත්ත බඩුයි, පිටි ගතිය වැඩි තම්බපු මයියොක්කයි, අත වැඩියෙන් දෙහි මිරිස් උම්බලකඩ දාපු පොල් සම්බෝලෙකුයි එක්ක තෙල් පෑදෙන්න හින්දපු "වන සූකර මාංශයි" තියනවනම් ආයි ඉතිං වෙන මොනවද?

      අම්මප කෝ මේ හැලපෙල, විචාරකල, අරුණල, මාතලන්ල ? අඩුගානේ අපිත් එක්ක මේකෙදිවත් එකඟ වෙයල්ලකො.

      පැරකුම්ට චීන ඌර වගේ කියන්න නැතුව මෙහෙම කිව්වොත් මොකද?

      "සගයිනි, තෙල පෙනෙන පැරකුමු තෙමේ තෙල් පුසුලක් වැනිය."

      - මොණරවිල

      Delete
    4. තෙල පෙනෙන කියන්නේ තෙල් ගතිය පේනවයි කියන එක ද? අනෙක තෙල් පුහුල් කියල ජාතියක් තියෙනව ද?

      Delete
    5. මේ මොනව අහනවද පැරා,

      තෙල පෙනෙන කියන්නේ අර පෙනෙන කියන ඒකනේ.

      "වත්තල තෙල් පුහුල් සිහිකර තොලකට ලෙව කඤ්ඤම්" කියල කොළඹ යුගයේ කවියක තිබුණ වගේ මතකයි. මතක් විදියට කවියා ආනන්ද රාජකරුණා. ඔතන "වත්තල තෙල් පුහුල්" කියන්නෙ වත්තල ඌරු මස් වලට.

      මතුගමත් "වන සූකරයො" ඉන්නව නේද? ආවොත් අපිටත් බැරිද කිතුල් ගහේ බඩු ටිකක් එක්ක පිටි ගතිය වැඩි තම්බපු මයියොක්කයි, අත වැඩියෙන් දෙහි මිරිස් උම්බලකඩ දාපු පොල් සම්බෝලෙකුයි එක්ක තෙල් පෑදෙන්න හින්දපු "වන සූකර මාංශ" රසබලන්න.

      - මොණරවිල

      Delete
    6. හරි අදත් පැරාගෙ පෝස්ට් එකට බඩු බනිස් වෙන්නයි යන්නෙ.
      හෙලු සෙට් එක ඇවිල්ල.

      Delete
    7. "දුවන පුහුල්" දැක නොදමවු නෙලූ පලා කිවිවලු හිටන්!

      Delete
    8. සගය සාරසයිනි,

      කිතුවසින් වසර දෙදහස් පසළොසක් වූ දුරුතු මස අටවැනි දින සිදුවූ විපත ද එයමය. නෙලූ පලාව පසෙකලා දුවන පුසුලක් සේ සලකා පැරකුමු ප්‍රමුඛ පුඟුලන් බදාගෙන ඇත්තේ ලබ්බකි. දැන් උහු "නාරිකේල මුඩු" අධෝ මග රුවා ලබු කිරිබත් බුදිති.

      - මයුරවිල මි.

      Delete
    9. //////අම්මප කෝ මේ හැලපෙල, විචාරකල, අරුණල, මාතලන්ල ? අඩුගානේ අපිත් එක්ක මේකෙදිවත් එකඟ වෙයල්ලකො. //////////////

      මොනවා කියනවද දොරේ එකඟයි නේන්නම්. මහවැව පදිංචියට යන්න හිතෙනවා මෙනු එක දැක්කම.

      Delete
    10. සහතිකවම මචං!

      - මොණරවිල

      Delete
    11. "Anonymous October 6, 2016 at 8:15 AM

      පැරා මහත් වෙලා වගේ.

      නෝටිය."

      අම්මප මේ රනිල්ගෙ comment එකක්ද පැරා ?

      Delete
    12. මොණරවිල ඇන්ඩ් මයුරවිල.......අපේ පොරක් ඉන්නවා කබරවිල කියලා. ඌ බිව්වාම වමනේ දාලා ඒක උඩම නිදාගන්නවා. උගේ රූමා කියනවා මූ කබරවිලේ හංසයෙක් වගේලු උදේට ඇඳේ ඉන්නේ.

      Delete
    13. අරුණ,

      ඌ හොඳයි. ඒ කාලේ අපේ එකෙක් හිටිය ගල් බීල රෑට නැගිටල වෙරි මරගාතෙ අපේ සපත්තු පිරෙන්න චූ කරනව. කොහොමද කියල හිතපන් උදේ අපි වැඩට යන්න ලැහැස්තිවෙලා සපත්තු දාන්න ගියාම සනීපෙ.

      තවත් එකෙක් හිටිය බාර් එකෙන් බීල බීල ඇවිල්ල කොහොම හරි ට්‍රයි කරල ලියුම් දාන කටෙන් තැපැල් කණුව ඇතුලට චූ කරනව. ඒ අතින් ඔය කබරවිලය රත්තරං පොරක් මචං.

      උඹ කිව්ව බ්ලොග් එක කියවන්න බැරිවුණා. කියවල උඹට කියන්නම්.

      - මොණරවිල හෙවත් මයුරවිල මි.

      Delete
    14. අපෙත් එකෙක් හිටියා බං ඒ කාලේ. දවසක් එකෙක්ගේ බූට් එකක් ඇතුලට කබරයා දාලා. සද්ද නැතුව ඉන්නවා. ඌ හිතුවේ ඒක පඩික්කමක් කියලලු.

      තව එකෙක් හිටියා .ඌ දැන් ඉතා ඉහල තනතුරක් දරන දොස්තරයෙක්. පුංචි බොරැල්ලෙ ඉඳන් බ්ලොම් එකට එන්නේ අර රෝද තියෙන කුණු බක්කියේ. ඒවා ලංකාවට ආපු අලුත. බීලා ඉන්න අපිට ඌව උස්සගෙන එන්න බැහැ. දාලා එන්න බැරි නිසා උස්සල අරන් අර බක්කියට දාලා තල්ලුකරන් ඇවිත් හොස්ටල් එකේ ගාල් කරනවා. එලිවෙනකං නිදාගෙන ඉඳලා ඌ පාන්දරම අරකෙන් පැනලා ගඳ ගගහා එලියට එනවා. හිතලා බලපං අපි හතර පස් දෙනෙක් මහ රෑ අර විශාල කුණු බක්කියක් තල්ලු කරන් එනකොට තියෙන ආතල් එක.

      අපේ තාත්තගේ යාලුවෙක් හිටියා ගෝමස් අන්කල් කියලා. තාත්තගේ ඔෆිස් එකේ පියන්. දවසක් අම්බානක බීලා තාත්තයි, ගෝමයි අපේ ගෙදර ආවා. පොර ඉස්සරහ දොර වෙනුවට අල්මාරියේ දොර ඇරලා චූ කරලා. පහුවදා තාත්තයි, ගෝමයි වරුවක් රෙදි හේදුවා. අම්මා තාත්තට බනිනවා...තාත්තා ගෝමට බනිනවා. ගෝමා අඬනවා. සබන් ගානවා. දෙන්නට උදෙත් ඩෝප්ද කොහෙද. ෆුල් ආතල් බං.

      අර බ්ලොග් එක කියවපන්.

      Delete
    15. Trivia

      මැදි වියේ සිටි විදුහල්පතිනියකට ප්‍රේමය ප්‍රකාශ කර ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇයට ලිංගික අතවරයක් කරන්නට තැත් කර විනය දණ්ඩනයකට යටත් වූ විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරයා කවුද?

      ඉඟිය: මොහු පසු කාලයක දී සම්මානනීය බ්ලොග්කරුවෙකු බවට පත් වූවෙකි.

      Delete
    16. // ඉඟිය: මොහු පසු කාලයක දී සම්මානනීය බ්ලොග්කරුවෙකු බවට පත් වූවෙකි. //

      අර රසික සූර්වෙච්චිආරච්චි කියන මැන්ස් ද?

      Delete
    17. Trivia

      මැදි වියේ සිටි විදුහල්පතිනියකගේ වැසිකිලියේ කැමරාවක් සඟවා තබා ඇගේ වැසිකිලි කෘත්‍යය රෑපගත කරන්නට ගොස් හසු වීමෙන් විනය දණ්ඩනයට යටත් වූ විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරයා කවුද?

      ඉඟිය: මොහු පසු කාලයක දී සකල විධ ලෝක ධාතුවේ සියලු ස්ත්‍රීන්ගේ විමුක්තිය තම බ්ලොග් පඩංගුවේ මැදිහත් වීමෙන් සිදු විය යුක්තක් බව පැවසී ය.

      Delete
    18. එකට වැඩ කළ කිසිවෙකුට චරිතය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පදනමක් ඇති චෝදනාවක් ඉදිරිපත් කළ නො හැකි පෞරුෂයක් වාම දේශපාලනය තුළ නඩත්තු කළ මතුගම පදිංචි විප්ලවවාදියා කවුරු ද?
      ඉඟිය: තව බොහෝ අයගේ කෙරුවාවල් ගැන ඔහුගේ ලිපි ගොනුවේ ඇත. ඒවා කිව්වොත් බල්ලන් බත් කන්නේත් නැත.

      Delete
  4. අවුරුද්දක් දෙකක් ඉඳල පැන්ෂන්එක ලොකු කරගෙන යන්න තිබුනනෙ.

    ReplyDelete
    Replies
    1. යා යුතු හා යන්නට අවශ්‍ය බොහෝ දෙනෙක් ඔහොම හිත හිතා මුළු ජීවිතය ම එක තැන ලගිනවා.

      පැන්ෂන් එක කියන්නේ ප්‍රශ්නයක් තමයි. අවුරුදු 20කට පස්සෙ මට ලැබෙන්නේ සුළු පැන්ෂන් එකක්. ඒත්, ලංකාවේ කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ වැඩිහිටියන්ගෙන් 18%ක් පමණයි.

      කියවන්න තව අවුරුදු 10කට පසු සෑම සිව්දෙනෙකුගෙන් ම එක්කෙනෙක් වැඩිහිටියෙක්

      Delete
  5. හෑ...........මම හිතුවේ පැරා මම වගේ පරණ ගුරුවරයෙක් කියලා. මම ගුරු වෘත්තියට ගියේ 1978 දී. හැබැයි අවුරුදු තුනයි හිටියේ.

    ReplyDelete
    Replies
    1. හැත්තැ අටෙත් මං ඉස්කෝලෙ තමයි. හැබැයි අටේ පංතියේ

      Delete
  6. අපේ කාලේ ගුරුවරුන්ට වඳින සිරිතක් තිබුනේ නෑ . දැන්නම් ළමයි පෙරලි පෙරලි වඳිනවා හැබැයි ඒක සම්මුතියක් විදිහට කරණ එකක්බවයි පෙනෙන්නේ . අපි නොවැන්දාට ගුරුවරුන්ට එදා අපි දැක්වු ගෘව්රවය අද ළමයි ලඟ නෑ . නිකං කෘතිම එකක් තමයි තියෙන්නේ

    ReplyDelete
  7. පැරාගේ කාර් එකයි, නෝනයි, ළමයිනුයි ගැන හැමදාම කොමෙන්ට් දාන අය තවම ඇවිත් නෑ වගේ!

    ReplyDelete
  8. “පාසල්වල ගුරුවරියන් යටපත් කිරීම හා රටේ ම පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම.” -අජිත් පැරකුම් ජයසිංහ

    සාරසයෙනි,

    මේ රනිලුන් නම් විස්කම් දෙව්පුතු සමය. පාසල්හි පුම හෝ ඉතිරි අදිපති බැව් දුරැලීම පිණිස උහු ඉගෙනුම් ඇමතිකම පුම හෝ ඉතිරි ලිංගුවට නොවැටෙන ඇමැත්තෙකු වෙතම පැවරූහ.

    -මයුරවිල මි.

    ReplyDelete
  9. මගේ යාලුවෙක් පැන්ෂන් ගිහින් මළා.

    ReplyDelete
  10. අර රාවය ලින්ක් එක වැඩ කරන්නේ නෑ :(

    ReplyDelete
  11. ජාතික ප්‍ර‍ශ්නය මෙන්ම ඊට වඩා දැනට රටට බලපා ඇති ආර්ථික ප්‍රශ්න විසඳාගතයුතුය. පසුගිය අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පළවාහැර අප විසින් පත්කරගත් නූතන යහපාලන රජයේ ආර්ථික ප්‍රවේශය මදක් සලකා බලමු. උදාහරණයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51,000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

    පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම හරහා ය.

    ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400% ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

    රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණ මතට රජයට රුපියල් කෝටි 6000කට පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද දූශිත මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 10ක පමණ මුදලක් බාරදී තිබියදීත් තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද?

    ReplyDelete
    Replies
    1. FCID එකට යවන්න ලියන එක බැරිවෙලා පැරාගේ බ්ලොග් එකට එවල වත්ද ?

      Delete
    2. Mewa FCID bara ganne na..

      Delete
    3. Sil redi case thamayi eken hoyanne

      Delete
    4. නමුත් 11% ආසන්න අනුපාතයක් තිබුණේ පරිණත කාලය වැඩි බැඳුම්කර වන අතර 8% ආසන්නයේ තිබුණේ කෙටි කාලීන බැඳුම්කරයි. අනෙක් අතට 11% වඩා අඩු අනුපාතයකට ඒ හා සමාන පරිණත කාල සහිත බැඳුම්කර මහ බැංකුව මෑතකදී නිකුත් කරද නැත. අනෙක් අතට මෙම බැඳුම්කර ගනුදෙනුව නිසා ඒ සමාගම අධික ලාභයක් ඉපයුවා නම් මේ බැඳුම්කර මිලදී ගත් අනෙක් සමාගම් වලට එසේ කරන්නට නොහැකි වුනේ ඇයි?

      Delete
  12. ඇයගේ එඩිතරභාවයටත්, ඈ හා එක්වූ සහ දිරිය දුන් ගුරු සංගම්වලටත්,සිවිල් සමාජයටත්, නීතියෙන් දායකවූ මහතුන්ටත් .. වනචර නොවූ යහපත් සමාජයක බලාපොරොත්තු ඇති අපගේ ආචාරය!!!!!!!

    ReplyDelete
  13. " මට ප‍්‍රින්සිපල් වේවැල කැඩෙනතුරු ගැහුවා.. ජනපතිගේ ඉස්කෝලෙ කතාවක් නෙළුම් පොකුණේදී කියයි.."

    ReplyDelete
  14. ශිශිරය ළඟ ළඟ එන නිසා දිවා කාලය නම් එන්න එන්න ම කෙටි වෙනවා පැරා. අලුත් යමක් ලියුමට වඩා පැරණි ලියුමක් යළි පළ කරනු රිසියි. උඹ වෙනුවෙන් අලුත් ලිපි ලිවීම ලිපි අපතේ යැවීමක්. මේ ටික හෝ ලියුවේ උඹ අප මතක් කර තිබෙන නිසා. කවුරු කොහොම කීවත් උඹට අපත් අපට උඹත් අමතක වෙන්නේ නැහැ බං.

    උඹ ගුරු වෘත්තියේ නාමයෙන් කළ විගඩම් පිළිබඳ සුවිශාල සාහිත්‍යයක් අප සතු ව තිබෙන බව උඹ දනී. ඒ දේවල් මෙහි පළ කර ලංකාවේ සිය දිවි නසා ගත් පළමු වෘත්තීය බ්ලොග්කරු බවට උඹ පත් වෙනු දකින්නට අප අකමැතියි. නරක ද පැරා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන විද්‍යා පීඨයේ දේශක තනතුරකට අයදුම් කළොත්? මොනවා වුණත් උඹ කුරේට වඩා යමක් දන්න කෙනෙකු බව අපට විශ්වාසයි. ඒකට හේතුව උඹ දේශපාලන ශික්ෂණය වැදගත් තැනකින් ලැබූ කෙනෙකු වීම යි.

    පැරා උඹ ස්ටැලින්ලත් එක්ක එකතු වී ගුරු වෘත්තිකයන්ගේ ස්ථානමාරු සකසා දීමේ සමාජ සත්කාරය තව ම කරනවා ද? දැන් ඒ කාලයේ තරම් පහසු නැකි ව ඇති නේ ද ඒ වැඩ? උඹ මචං ඔය වගේ වැඩ ගල් බෝතලයට සිගරට් පැකට් එකට කළාට වෙන අය නම් බර ගණන් ගන්නවා. උඹ ඔය බොරුවට අමරා පියසීලිගේ පුතා එක්ක පැටලෙන්නේ නැති ව එකතු වී සමගියෙන් සමාජ සේවයක් කළා නම් අගෙයි පැරා.

    පැරා මීටර අටසියය ගැන ලියූ ලිපියෙන් වැඩක් වුණා ද? නැහැ නේ ද? ඉතිං උඹ උඩ දාගෙන ලියුවාට වැඩක් නැහැ නේ බං. අපට මතක් වෙනවා නන්ද මැතිව්ගේ කාලයේ මැරතන් කරූ ලෝක මට්ටමේ වාර්තාවක් තැබූ බව කියමින් ක්‍රීඩා නිලධාරීන් පිස්සු නැටූ හැටි. විශිෂ්ට මාධ්‍යවේදි සමන් අතාවුදහෙට්ටිඒ කාලයේ එම වාර්තාවේ නිරවද්‍යතාව ගැන කළ මැදිහත් වීම උඹලා දැන ගන්න ඹ්න. සුනිල් ගුණවර්ධන, සුනිල් ජයවීර, ඒස්. බී. දිසානායක වගේ කීප දෙනෙකු එක්කර ගත් සමන් මැරතන් තරඟයේ දුර නිවරද නො වූ බව කදිමට පෙන්වා දුන්නා. මැතිව් පත් කළ කම්ටුවකින් වාර්තාව නිරවද්‍ය බව තහවුරු කර තිබුණේ ඒ වන විටත්. එවකට ක්‍රීඩා ඇමති ව සිටි නන්ද මැතිව්ට සමන් ඉදිරිපත් කළ කරුණු නිසා දෙවන වරටත් අදාළ සිදුවීම ගැන පරීක්ෂණයක් කරන්නට සිදු වුණා. මැරතන් තරඟයේ දුර අඩුවෙන් ගෙන ඇති බව තහවුරු වුණා. ඔන්න ඔ‍හොමයි පැරා වගකීමක් තිබෙන මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ. උඹ උඩ දාගෙන ලිව්වට කිසිදු වෙනසක් සමාජයට වෙන්නේ නැහැ. රස ආකාරයක් වීම හැරුණු විට. ඒ රසයත් උඹ ලියන සටහන නිසා නො වේ; උඹේ සටහනට එකතු වෙන රසවත් ආලෝචන නිසයි. සමන් අද ඉන්න තැනත් උඹ අද ඉන්න තැනත් සලකා බැලූ විට උඹේ තරම පැහැදිලියි පැරා. ගුරු දිනය වෙනුවෙන් අප උඹට දෙන උපදෙස මෙම කතාව තුළ තිබෙනවා.

    එහෙනම් අප ගියා. පහත උපුටනයේ අවසානයට උඹේ උපගුරු සමයේ ශේෂ පත්‍රය තිබෙනවා.


    AnonymousSeptember 1, 2015 at 2:07 PM
    අනේ බං උඹ දන්න අපි නො දන්න කවි! පැරා උඹ හිතන් ඉන්නෙ උඹ මායාකොව්ස්කි කියල ද? උඹ මේ තටමල තටමල කවියක් (උඹ හිතං ඉන්නෙ ඕක කවියක් කියලනෙ) ලියාගෙන පොර ටෝක් දෙන්ක ගිහින් අනාගන්න එපා. උඹ වගේ එදා විප්ලවයෙන් පලා ගිහින් සහෝදරත්වය පාවල දීල දැන් ධනපත් පංතියේ වසුරු බුදින භ්‍රෂ්ටයෙකුට මායාකොව්ස්කි තියා අර අධිරාජ්‍යවාදී පාලක පංතියට කඩේ ගිය රුද්යාද් කිප්ලින් කෙනෙක්වත් වෙන්න බැහැ. උඹට වඩා කවීත්වයක් ඒ කාලෙ විමලසිරි මල්ලියට තිබ්බා. උඔ කෝකටත් කියල කවි ලිය ලිය කාලය කන්න එපා පැරා. මොකද උඹට ඔය වටිනා ඇකමතය දුන්නෙ කවි ලිය ලිය පිස්සු කෙළින්න නො වෙයි; ධනපති පංතියෙ ඔජ වඩවන්න ලිපි ලියන්න. ඒක උඹ හොඳින් කරනවා. උඹ සමහර විට රිහර්ස් කරනව වෙන්නත් පුළුවන් අර පැරකුම්බා සිරිත වගේ උඹේ දැන් නායකය ගැන ප්‍රශස්ති කාව්‍යයක් ලියන්න. “කළොත් ගුරු සේවේ - සුවඳ පත නල සේ” වේ කියල අගය කළ යුතු ගුරු සේවය හරියට කරං ඉන්නෙ නැතුව උඹත් කරගන්න අලකලංචි මේවා.

    Reply

    ReplyDelete
    Replies
    1. මචං මං ලියපු එක බ්ලොග් ලිපියකින් වෙච්ච නො වෙච්ච දේ ගැන හොයනවාට වඩා නරක ද උඹලා නටපු තොවිලෙන් වෙච්ච දෙයක් තියෙනවා ද කියලා තමන් ගැන ම සොයන එක?

      එහෙම විනයක් ගොඩ නගා ගන්නට උත්සාහ කරපල්ලා. එතකොට සමහර විට අර උඹලා ඉන්න මායා ලෝකයෙන් එළියට එන්නට වුණත් බැරි වෙන එකක් නැහැ.

      Delete
  15. මම දැන් සල්ලි අරන් උගන්වන්නේ . එත් අද මන් බලාපොරොත්තු නැති දෙයක් සිදු උනා. ළමයි කීප දෙනෙකු ඇවිත් "අද ගුරු දිනය " කියා ගුරු ඇගයීම් පුවරුවක් මට තිලින කළා.

    ReplyDelete
  16. බහුතරයක් ගුරුවරියන්ගෙ ඉගැන්වීම ගුරුවරුන්ට වඩා හරිම බෝරින්. ටියුෂන් ජනප්‍රිය වීමට මේකත් එක හේතුවක්. ලංකාවෙ ගුරුවරින්යන්ගෙ ප්‍රමාණයත් ගුරුවරුන්ට වඩා ඉතා වැඩියි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.