2016-11-25

ඉන්දීය මුදල් නෝට්ටු අවලංගුවේ කතාව

රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරන්නට ඉන්දියා රජය ගත් හදිසි තීන්දුව ලෝකය පුරා ම අවධානයට ලක් වුණා. පැරණි නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු ලබා ගන්නට පෝලිමේ ගිය ජනයා අතර සිටි අගමැති මෝදිගේ මවගේ ඡායාරූපය ද ලොව පුරා ප්‍රසිද්ධ වුණා.

මේ වන විට ඉන්දීය රුපියලක් ශ්‍රී ලංකා රුපියල් දෙකකට වඩා වැඩියි. ඒ නිසා මෙම නෝට්ටු හරියට ලංකාවේ රු. 1000 නෝට්ටු හා රු. 2000 නෝට්ටු(?) අලුත් කරනවා වගේ වැඩක්.

ඉන්දියාවේ මහ බැංකුව වන සංචිත බැංකුව මේ අනුව අවලංගු කරන ලද නෝට්ටු කොළ බිලියන 20ක් කීතු කීතුවලට ඉරා දමා ඒ කැබලි ඉඩම් ගොඩ කිරීමට යොදා ගැනීමට නියමිතයි. පසුගිය මාර්තු වන විට ඉන්දියාවේ නෝට්ටු කොළ බිලියන 90ක් විතර සංසරණය වෙමින් තිබුණු බව වාර්තා වෙනවා. ඒ අතරින් සෑම නෝට්ටු පහකින් ම හතරක් එක්කෝ පන්සීයේ හෝ දාහේ කොළයි. මෙම පියවර ඉන්දියාවේ සල්ලි කොළවලින් 86%ක් ම අලුත් කිරීම හා සමානයි.

ඉන්දියාව තමයි ලෝකයේ දෙවන ලොකු ම මුදල් නෝට්ටු හා කාසි භාවිතා කරන්නා. එරට දෙවෙනි වන්නේ චීනයට පමණයි. ඉන්දියාව තමන්ගේ සල්ලි තමන් ම අච්චු ගසා ගන්නවා. නෝට්ටු මුද්‍රණාල හතරකුත්, කාසි වාත්තු ස්ථාන හතරකුත් ඉන්දියාව සතු වෙනවා.

එක රැයින් සල්ලි කොළ තහනම් කිරීමේ මෙම තීරණය ඉන්දීය රජය ගත්තේ දූෂණ හා කළු සල්ලි ජාවාරම් පිටුදකින්නටයි. කළු සල්ලි යනු යම් ගනුදෙනු මගින් උපයාගෙන, උපයා ගත් ආකාරය පැහැදිලි කිරීමට බැරි නිසා සඟවාගෙන සිටින සල්ලියි. 2007 වන විට ඉන්දියාවේ 24%ක පමණ කළු ආර්ථිකයක් පැවති බව ලෝක බැංකුව තක්සේරු කර තිබුණා.

මෙම පියවර මගින් සඟවා තිබෙන රුපියල් බිලියන ගණනක් ආපසු ආර්ථිකයට ලබා ගැනීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වෙනවා. ආදායම් බදු වංචාකරුවන් හා වෙනත් ජාවාරම්කරුවන් විසින් බැංකුවල තැන්පත් නො කර සඟවාගෙන සිටින මුදල් මෙමගින් ආපසු ආර්ථිකයට ලැබෙනවා. එසේම, සංසරණය වෙමින් තිබෙන නීති විරෝධීව මුද්‍රණය කළ හොර සල්ලි ද භාවිතයෙන් ඉවත් වෙනවා. අලුතෙන් රු. 2000 නෝට්ටුවක් ද ඉන්දීය මහ බැංකුව විසින් හඳුන්වා දී තිබෙනවා.

සාමාන්‍යයෙන් කළු සල්ලි ජාවාරම්කරුවන් විසින් කරනු ලබන දෙයක් වන්නේ මුදල් නෝට්ටු දී රත්තරං මිළ දී ගෙන ඒවා සඟවා තබා ගැනීමයි. එහෙත්, ක්ෂණිකව මුදල් නෝට්ටු තහනම් කිරීම නිසා එසේ කිරීමට ද බැරි වෙනවා. එහෙත්, නොවැම්බර් 8 හා 9 දිනවල ඉන්දියන් රන්කරුවන් දිවා රෑ නො බලා වැඩ කළ බව ද වාර්තා වෙනවා. ඒ කළු සල්ලි රත්තරං බවට පත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙසයි. රත්තරංවලට හරවන ලද කළු සල්ලි අල්ලා ගැනීම ලෙහෙසි කාර්යයක් නෙමෙයි. ඉන්දියාවේ කළු ආර්ථිකය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් තරම් විශාල බවට තක්සේරු තිබෙනවා.

තමන් සතු තහනම් නෝට්ටු බැංකුවලට හෝ තැපැල් කාර්යාලවලට භාර දී ඒ මුදල් ගිනුම්වලට බැර කර ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනවා. රු. 4000ක් දක්වා මුදල් බැංකු ගිනුමක් නොමැතිව මාරු කර ගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් 2016 දෙසැම්බර් 30 දක්වා කාලය ලබා දී තිබෙනවා. සල්ලි කොළ සඟවාගෙන සිටි අය දැන් ඒවා බැංකු කරා ගෙන එන විට, බදු නිලධාරීන්ගේ උකුසු ඇස ඒ වෙත යොමු විය හැකියි.

හැබැයි මේ අතර පැරණි නෝට්ටු අඩු මුදලට මිළ දී ගන්නා අයත් බිහි වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව දාහේ කොළ රුපියල් හත්සීයට, අටසීයට ගන්නා අයත් ඉන්න බවයි නිල නො වන වාර්තා පවසන්නේ.

ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු හා ඉන්දියාවේ කලින් පැවති කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික උපදේශක වන කෞෂික් බාසු මේ මුදල් නෝට්ටු හුවමාරුව ගැන කීවේ එය දුර්වල ආර්ථික ක්‍රියාවක් බව හා එයින් සිදු වන හානිය එහි වාසිවලට වඩා වැඩි බවයි. අලුත් මුදල් නෝට්ටුවලින් ද කළු සල්ලි ගොඩගසා ගැනීම පෙර පරිදි ම සිදු විය හැකි බව තවත් ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දුන්නා. එහෙත්, මෙයට විරුද්ධ මත දරන ආර්ථික විද්‍යාඥයන් ද සිටිනවා.

කෙසේ වෙතත්, ඉන්දීය රජයේ මෙම තීරණය නිසා අපහසුවට පත් බොහෝ පිරිස් සිටිනවා. ඉන්දියාවේ නගරවල බැංකු ශාඛා රැසක් තිබුණත්, කිලෝමීටර් පහක් ඇතුළත බැංකු ශාඛාවක් ඇත්තේ ඉන්දීය ගැමි ජනතාවගෙන් 27%කට පමණයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, අන්තර්ජාල මුදල් හුවමාරු වැනි ක්‍රමවලට වඩා කොළ සල්ලි භාවිතය තවමත් ඉහළයි. ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ෆ්ලෙචර් විද්‍යාලය විසින් 2012දී කරන ලද සමීක්ෂණයකට අනුව, ඉන්දියාවේ ගනුදෙනුවලින් 86.6%ක් ම තවමත් සිදු වන්නේ කෙළින් ම මුදල් නෝට්ටුවලින්. දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකව ඉන්දියාවේ නෝට්ටු මුදල් භාවිතය12%ක් වෙනවා. මෙය දියුණු ආර්ථිකයන් ඇති රටවලට සාපේක්ෂව ඉතා ඉහළ අනුපාතිකයක්.

කෙටි කාලීනව ඉන්දීය ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය අඩු කිරීමට මෙම මුදල් නෝට්ටු අලුත් කිරීමේ ක්‍රියාවලිය ඉවහල් වී තිබෙනවා. දේපල, වාහනවල සිට හාල්, සිල්ලර බඩු දක්වා හැම මට්ටමක ම මිළ දී ගැනීම් පසුගිය සතියේදී සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ නිසා ඉන්දීය ජනයා බොහෝ සේ පීඩාවට පත් වී තිබෙනවා. බැංකු හා මුදල් යන්ත්‍ර අසල දක්නට ලැබෙන දිගු පෝලිම් මෙයට නිදසුනක්. දිගු පෝලිමක ගියත් අවසානයේදී මුදල් යන්ත්‍රවල නෝට්ටු අවසන් වීම නිසා බලාපොරොත්තු සුන් වී ආපසු හැරෙන්නට සිදු වන අවස්ථා එමටයි. මුදල් ආපසු ලබා ගැනීම සීමා කර තිබෙන නිසා රෝග පීඩා ආදිය වෙනුවෙන් අවශ්‍ය මුදල් ගෙවා ගන්නට පවා ඇතැමෙකුට බැරි වී තිබෙනවා. දුක සේ මුදල් උපයාගෙන ඉතිරි කර ගත් ගැමියන්, සුළු වෙළෙන්දන්, ගොවියන්, කම්කරුවන් හා නිවසේ අල්මාරියේ සඟවාගෙන මුදල් ඉතිරි කළ ගෘහනියන් වැනි පිරිස් මෙමගින් මහත් දුෂ්කරතාවට පත් වී තිබෙනවා. මේ හා සම්බන්ධ රසකතාත් කියැවෙනවා. ඇතැම් භාර්යාවන් විසින් සඟවාගෙන සිටි මුදල් ස්වාමිපුරුෂයන්ට අසු වී තිබෙන්නේ මේ සමගයි. කෙසේ වෙතත්, මෙම මුදල් නෝට්ටු තහනම ගැන අවබෝධයක් නැති දුප්පතුන් විශාල පිරිසකට තමන්ගේ ඉතුරුම් අහිමි වීම පිළිබඳ කතා ලබන අවුරුද්දේ සිට අසන්නට ලැබෙන එක වළක්වන්නට බැරි වේවි.

ඉන්දියාව 1948දී හා 1976දීත් මෙසේ මුදල් නෝට්ටු අවලංගු කිරීම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද 1972 අයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මෙවැනි දෙයක් කළේ ය. එවකට පැවති ලොකු ම මුදල් නෝට්ටු වන රු. 50 හා 100 අවලංගු කරන ලද අතර ජනතාවට එම නෝට්ටු අලුත් මුදල් නෝට්ටුවලට මාරු කර ගැනීමට ලබා දුන්නේ සති දෙකක කාලයක් පමණි.

මේ කාලයේ ම එක් ගුවන් විදුලි නිවේදකයෙක් අප්‍රේල් 01දාවක රටේ ජනතාවට විහිළුවක් කරන්නට සිතා එක් මුදල් නෝට්ටුවක් අවලංගු කරන්නට රජය තීරණය කර ඇති බැවින් එම මුදල් නෝට්ටු බැංකුවට භාර දී වෙනත් මුදල් ලබා ගන්නා ලෙස ජාතික ගුවන් විදුලියෙන් නිවේදනය කළේ ය. ඒ කාලය අද කාලය වගේ නො වේ. එවක රටේ තිබුණේ එක් ගුවන් විදුලියක් පමණි. ඒ නිසා ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයකු කළ මෙම මෝඩ විහිළුව ඇත්තකැයි ජනතාව විශ්වාස කළ හ. පැය කීපයක් යන්නට පෙර රටේ බැංකු එකී මුදල් නෝට්ටු අතින් ගත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. අවසානයේදී එකී පුවත බොරුවක් බව ගුවන් විදුලියෙන් ම නිවේදනය කරන්නට රජයට සිදු විය. ඒ අවස්ථාවේදී වැඩ තහනම් කරන ලද මෙම නිවේදකයා පසුගිය ආණ්ඩුව සමයේ ජාතික රූපවාහිනියෙන් රටට ම උපදෙස් දෙන අත්තප්පෙකුගේ භූමිකාව රඟ පෑවේ ය.

ඇමරිකානු රූපවාහිනී හා සිනමා විකට නළුවකු වන ග්‍රවුචෝ මාක්ස් වරක් පැවසූ පරිදි සල්ලිවලින් ප්‍රීතිය මිළ දී ගත නො හැකිමුත්, එයින් ඔබට ඔබ කැමති ස්වරූපයේ කාලකන්නිකම තෝරා ගන්නට පුළුවන්.

(රාවය - තනියාය, 2016-11-27)


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

20 comments:

  1. අජිත්, මේ වැඩේට ලොකු බැනරයක් තිබුනත් මේක අන්තිම අමන සහ විකාරරුපී ක්‍රියාවක්. අර RSS හරහා හැදුනු මෝඩි හිතනවා නම් ඉන්දියාවේ කළු සල්ලි ඔක්කොම ඔය හංගපු ඉන්දියානු රුපියල් 500 හා 1000 එකතුවෙ තියනවා කියල ඉන්දියාවට ත්‍රි මුර්තියේම පිහිටයි.

    මේකෙන් මූලිකව කෙළවන්නේ උගුර නොතෙමා බඩට නොකා අර කොලේ උඩින් මේ කොලේ තියන අන්ත පසුගාමී ග්‍රාමීය ඉන්දියානු "වෙන්න සුළු ධනේශ්වරයට". මේ එක අතකින් බැලුවම මෙයාල තමන්ගේ පැවැත්ම පිළිබඳව ලොකු සැකයකින් ඉන්න සාපේක්ෂව අහිංසක නමුත් තෘෂ්ණා භරිත කොටසක්.

    මම හිතන්නේ මේක manage කලේ නැත්නම් මෝඩි කෙලෝ ගන්නේ මෙතනින්. ඉන්දියාව වගේ දැවැන්ත රටකදී ජාත්‍යන්තරයත් එක්ක දැවැන්ත bargaining power එකක් තියාගෙන Certificate of Deposits (CDs) හෝ Numbered Accounts වගේ දේ උපක්‍රමිකව භාවිතා කරන්න මෝඩි දන්නෙ නෑ වගේ.

    අම්මප, මේ අපේ රටේ ඉන්න අග්නිදිග ආසියාවේ ආර්ථික සර්වඥයා ගෙන් මෝඩිට උපදෙස් ගන්න තිබුනනෙ අජිත්? දැන් ලෝකෙම දැක්කනේ අවුරුදු දෙකකට කිට්ටුව කරපු ආර්ථික ප්‍රාතිහාර්යය.

    -මොණරවිල



    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. දැන් බලන් යනකොට 'මොණරවිල' ඉන්ඩ තිබුනේ ඉන්දියාවේ.
      කොච්චර වටිනා උපදේශද මෝදීට දීල තියෙන්නේ. නොමිලේ!

      Delete
  2. මෙතන කළු සල්ලි වලට අමතරව තව කතාවක් තියෙනව. ඉන්දියාවෙ කෝටි ගාණක හොර සල්ලි තියෙනව. මේව පකිස්ථානෙ අච්චු ගහල නේපාලෙ හරහ ඉන්දියාව ඇතුලට එන්නෙ. පරණ මුදල් මාරු වෙනකොට මේ හොර සල්ලි අයින් වෙනව හෝ අහු වෙනව. ආයි අලුතින් නිකුත් කරන නෝට්ටු වලට හොර සල්ලි ගහන්න ඉතාම අමාරුයි කියලලු කියන්නෙ.

    ReplyDelete
  3. 'හැබැයි මේ අතර පැරණි නෝට්ටු අඩු මුදලට මිළ දී ගන්නා අයත් බිහි වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව දාහේ කොළ රුපියල් හත්සීයට, අටසීයට ගන්නා අයත් ඉන්න බවයි නිල නො වන වාර්තා පවසන්නේ. '

    මෙන්න මේ දේ නං මං දැක්කා ප්‍රවෘත්ති වල. ඒත් මෙවැනි දෙයක් කිරීමෙන් ඒ උදවියට ලැබන වාසිය මොකක්ද? දාහේ කොලේ අටසියට ගත්තත් එව්වා ආයේ මාරු කරගන්න අමාරුයි නේ. ඒ ගැන වැඩි විස්තර සදහන් උනේ නැද්ද පැරකුම් මහත්මා ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒ උං ගන්න මිනිස්සු දාලා ඒවා පෝලිම්වල ඉඳලා බැංකුවලින් මාරු කරගන්නවා. අඩු කරන මුදල තමයි ලාබය සහ පෝලිමේ ඉන්න අය ගේ පඩිය

      Delete
  4. මුදල් අවලංගු කිරීමකදී තමන් ලඟ තිබෙන අවලංගු මුදල් අලාභයක් නොමැතිව හුවමාරු කරගන්නේ post dated cheque වලට සල්ලි පොලියට දෙන මිනිස්සු. අදාල පොලී මුදලත් හරියටම අඩු කරගන්නවා.

    ReplyDelete
  5. ඉගෙනගන්න දේවල් තියෙන බ්ලොග් එකක් ගිගින් බලන්න.

    ReplyDelete
  6. මම දකින්නේ මෙම මුදල් අවලංගුව මෝඩි විසින් කරන ලද නිර්භීත ක්‍රියාවක් ලෙසයි. මෙමඟින් ඔහුගේ ජනප්‍රියභාවය යම් තරමකින් අඩුවන බව ඇත්ත. ඒ වුණාට මේ දේ නිසා රටට වාසි විශාල ප්‍රමාණයක් අත්වෙනවා. රටේ තිබෙන කළු සල්ලි ප්‍රමාණය වැඩි වුණාම ඒක රජයේ පාලනයකින් තොරව සිදුවන උද්ධමනයකට බලපානවා.

    ඉදිරි කාලයේ හැම දේකම මිල ගණන් අඩුවීමක් දකින්නට පුළුවන් වෙයි. ඒකෙන් වාසි වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට. උදාහරණයකට දුප්පත් පුද්ගලයෙකුට රුපියල් 5000 ක් තිබී මාරු කරගන්න බැරිවුණා කියමු. නැවත කළු සල්ලි කලින් තිබුණ ප්‍රමාණයටම සමාජයට එන්න අවුරුදු 20 ක් ගතවුණොත් එම කාලය තුල වියදම අඩුවීමෙන් එම පුද්ගලයාට වන වාසිය රුපියල් පන්දාහට වඩා වැඩියි.

    අවාසි පැත්තකුත් තියෙනවා කළු සල්ලි විශාල ප්‍රමාණයක් තිබුණු ඒ හරහා කම්කරු ආදී රැකියා සපයන්නෙකු සිටියා නම් සමහර රැකියා ප්‍රමාණයක් නැතිවෙන්න පුළුවන්.

    මේක්‍රමයෙන් කළු සල්ලි සියල්ලම සංසරණයට එකතු වන්නේ නැහැ. එම ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් වීම වෙනවා. ඒකට හේතුව සමහර පුද්ගලයන් අත තිබුණු කලු සල්ලි ප්‍රමාණය විශාල වීමත් විවිධ ක්‍රම වලින් ඒවා මාරු කරගත්තත් යම් කොටසක් එසේ මාරු කරගන්නට බැරිවෙනවා.

    මේවගේ තීරණ ගන්න රජයකට ශක්තියක් තිබීම රටට හොඳ දෙයක්. හැමදේකම වැරදි පමණක් දකින හෝ කළු සල්ලි ආර්ථිකයේ පංගු කාරයන්ට විශාල පාඩුවක්. දීර්ඝ කාලීනව රටේ සංවර්ධනයට ඉතාම හොඳ පියවරක්. සාමාන්‍ය මිනිසුන්ට වෙන කරදරය මාස කිහිපයකින් අවසන් වෙනවා.

    ReplyDelete
  7. රාවය තනි යාය කියන්නෙ අන්තර්ජාලෙන් නිවුස් කියවලා සතියක ඉන්ග්‍රීසි ප්‍රවුර්ති හත් පත එකට සදවා සින්හලෙන් වචන දාහක් (හෝ දෙදාහක්) ලිවීමද හිටන්?

    ReplyDelete
    Replies
    1. ඒකෙ වැරැද්ද මොකක් ද හිටං? මේ බ්ලොග් එක හෝ රාවය හෝ පළ වන්නේ සියල්ල නො දන්නා සාමාන්‍ය මිනිසුන්ට යමක් කියවා දැන ගැනීමට ය. එසේම, සියල්ල දත් අයට කියවා හෝ නො කියවා අදහස් පළ කිරීමට ද අවස්ථාව තිබේ.

      Delete
    2. "සියල්ල දත් අයට කියවා හෝ නො කියවා අදහස් පළ කිරීමට ද අවස්ථාව තිබේ."

      නොකියවා කොහොමද අදහස් පළකරන්නෙ?

      -මොණරවිල (සියල්ල නොදත්)

      Delete
    3. සාරසට නම් සියල්ල "දත්" වගේ තම පෙනෙන්නෙ හිටං

      Delete
    4. //ඒකෙ වැරැද්ද මොකක් ද හිටං? //

      කිසිම වැරැද්දක් නැහැ හිටන්...

      ඉස්තාවරේ පැහැදිලිකොරගන්නයි ප්‍රස්නේ ඇහුවේ හිටන්?

      // නොකියවා කොහොමද අදහස් පළකරන්නෙ?
      //
      පරසිත් දැනගැනීමේ ඤානයෙන් වෙන්නැති හිටන්!

      // සාරසට නම් සියල්ල "දත්" වගේ තම පෙනෙන්නෙ හිටං //

      අහෝ දෙවු "දත්" නොදිටි මොක්පුර හිටන්!

      Delete
    5. කෝ අද අර ගූ රස ගේ 'යහපාලන' කොමෙන්ටුව? ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ?

      Delete
    6. // කෝ අද අර ගූ රස ගේ 'යහපාලන' කොමෙන්ටුව? ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ? //

      ඊයේ නිදාගත්තේ පැදුරේ හිටන්!

      Delete
  8. ලංකාවේ සීයේ නෝට්ටුව අවලංගු කළේ යූබී වන්නිනායක ගේ අත්සන සහිත ඒවා වෙනුවට ඇන්ඇම් ගේ ඒවා දාන්න කියා ඒ දිනවල මිනිස්සු හිතලා තියෙනවා.

    අපේ නැන්දා කියපු කතාවක් තමයි ඒ කාලේ බැංකුවල සල්ලි මාරු කර ගන්න ඉතා දිගු පෝලිම් සහ සල්ලි තැන්පතුවලට පොඩි පෝලිම් තිබුණු බව.

    ReplyDelete
  9. ඒකෙ වැරැද්ද මොකක් ද හිටං? මේ බ්ලොග් එක හෝ රාවය හෝ පළ වන්නේ සියල්ල නො දන්නා සාමාන්‍ය මිනිසුන්ට යමක් කියවා දැන ගැනීමට ය. එසේම, සියල්ල දත් අයට කියවා හෝ නො කියවා අදහස් පළ කිරීමට ද අවස්ථාව තිබේ.

    Very true Mr Jayasinghe. I learned lot after reading this article.
    Thank you.

    J Ovitige - Kadawatha

    ReplyDelete
  10. නලියා මුහුණු පොතේ ලිපි පල කිරීම නතරකරලාලු. මේ තීරණයට චතුස තුෂාර කුමාරගේ යම් කමෙන්ට් වගයක් හේතු වී අතැයි කියවෙනවා. නලියා පහුගිය කාලයේ මංජුල පීරිස් ආසිරි වනිගරත්න ටයිප් එකේ දාර පරාල ඇනයක් වෙමින් තිබුනේ. ඒ නිසා මුලින්ම මේ මහලු මානසික රෝගියා එළවීම ගැන චතුසට ස්තූතිවන්ත විය යුතුයි.

    මෙතැන ඊට වඩා අපූරු ප්‍රශ්නයක් මගේ නම් හිතට එන්නේ. නලියා බයවී දුවන්න තරම් චතුස ඔච්චර පොරක්ද? එක කාලයකදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් දේවසිරි ආචාර්ය ජයදේව උයන්ගොඩ වැනි උගතුන්ටත් නිහඬ කරන්න බැරිවූ නලියා චතුස කුමාර නිහඬ කරන්නේ නාථ හා විපස්සක දෙවිවරුන්ගෙ බලයෙන්ද?

    මෙතැනදී නලියා හා චතුස අතර විවිධ සමානකම් සේම විරුද්ධ පැතිද මම දකිනවා.
    මුලින්ම සමානකම්. මේ දෙනාම ප්‍රවේණි බයියන්. ගිය අත් භවයේ ඩී. ඒ. රාජපක්ෂ, ඩී. එම්. රාජපක්ෂ සමයේ ඒ පවුලට බැළ මෙහෙවර කම් කරපු ප්‍රවේණි දාසයින් දෙන්නෙක් වෙන්න ඇති. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගෙන් තොර ජීවිතයක් මේ දෙන්නාටම නෑ. මේ දෙන්නාගේම පරම සැපත රාජපක්ෂ නිර්වානය නොව රාජපක්ෂ නැවත රජ වෙනවා දැකීමයි. ඒ රජ වීම තුලින් ලංකාවේ දෙමළ හා මුස්ලිම් මිනිසුන්ට කෙල වී යනවා දකින්න දෙන්නාම කැමැති බව පේනවා.

    මේ සමානකම් මැදින් මේ දෙදෙනා තුළ ලොකු විරුද්ධකම්ද දකින්න පුලුවන්. නලියා කියන්නේ ගණිත මහාචාර්යවරයෙක්. චතුස කියන්නේ අමාරුවෙන් සාපෙල ගණිතය ගොඩ දාගත්තු කෙනෙක්. නලියාට පී. එච්.ඩී. එකක් තියෙනවා. චතුස සාපෙල පාස් කරගෙන තියෙන්නෙ අමාරුවෙන්. නලියා රට රට වල ඇවිදලා තියෙනවා. චතුස එහෙම නෑ. නලියා ඉංග්ලිෂ් පොත් කියවනවා. චතුසට ඉංග්ලිෂ් බෑ.

    මේ හන්දා කියන කතාවල සමානකම් ඇතත් චතුස කියන්නේ අමුම අමු බයියෙක් වෙනකොට නලියා කියන්නේ ඊට වඩා වේලිච්චි බයියෙක්.

    ඒ වගේම කොයි තරම් ජාතික චින්තනය ගැන කියෙව්වත් නලියාට සුද්දෙක්ගෙන් සැටිපිකට් එක ලැබීම තරම් දෙයක් තවත් නෑ. නලියා බටහිර විද්‍යාව අතහැර දමා නාථ දෙවියන් සරණ යන්නේද බ්‍රිතාන්‍ය විද්‍යා සංගමයේ අධි සාමාජිකත්වය නොලැබීම නිසා කියා නලියාමයි කියන්නේ. මෙහෙම තලයක ඉන්න නලියා නිකම්ම නිකම් මෝඩ බයියෙක් වුණු චතුසට පැරදෙන්න කැමැතිවෙයි කියා හිතන්න බෑ. ඒ හිතේ අමාරුව නිසයි ඔහු නිහඬ වන්නේ.

    එහෙම වුණත් අපි චතුස කුමාරවත් අවතක්සේරු කරන්න නරකයි. ඔහු නලියාට වඩා පොළොවේ පය ගසා ගෙන ඉන්නා කෙනෙක්. නලියාට නැති ඉවක් චතුසට තියෙනවා. ඒකයි චතුසට නලියා පරද්දන්න පුලුවන් වෙන්නේ නලියාට පීඑච්. ඩී. එකක් තිබුණා වුණත්.

    ReplyDelete
    Replies
    1. --- නලින් සිල්වා ගුරුතුමන් බුකියෙන් ඉවත්වීමේ සංවේගයෙනි --

      හේතුව කිමද බැලුකල මැති තැති ගත්තේ
      කුණු බස් දෙඩූ පල් හීරලුවෙකි ඇත්තේ
      උණුකර තාර ගා ඕකගේ පුක පැත්තේ
      සක්වළ ගලින් පහළට පැන්නිය යුත්තේ

      Delete
  11. @ Anonymous November 26, 2016 at 2:34 PM

    එතකොට ඔය ටොයියොයි කියන්නෙ මොක්කුද? පොයියො කියන්නෙ නම් තමුන්නැහල වගේ අය කියන එක පැහැදිලියි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.