2016-12-10

උත්සව ධනවාදය හා ගාලුමුවදොර නත්තල් ගස

කාදිනල් 
ගාලුමුවදොර පිටියේ දැවැන්ත නත්තල් ගස හැදීමේ කටයුත්ත මේ වන විට නතර කර ඇති බව වාර්තා වේ.

කාදිනල් මැල්කම් රංජිත් පීරිස් ඊයේ මෙයට විරෝධය පළ කළේ එය නාස්තිකාර වියදමක් බව හා ඒ මුදල්වලින් දිළින්දන්ට පිහිට වීමට හැකියාව තිබුණු බව කියමිනි.

ඒ පිළිබඳ අශෝක හඳගම පළ කරන අදහස ඉතා වැදගත් ය. ඔහු මෙසේ පවසයි:

“මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ 'බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය." දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.

“මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි. පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත් වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම් හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට, අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන් සිටියි.


“නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින් වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින් මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.

“මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල් රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්, පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. 'බැලුම්ගල හෙලිදරව්වෙන් පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි' කියා නෙත් ප්‍රවෘත්ති කියන්නා උද්දාමයෙන් වාර්තා කරනු ඇසිණි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල් දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල කුඩා ව්‍යවසායකයින් ය." (අශෝක හඳගමගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගන්නා ලදී.)

මහ බැංකුව හා සම්බන්ධ අශෝක හඳගම හොඳින් දන්නා කරුණක් වන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට මේ වියදම් ද දායක වන බවයි. ඒ අනුව මේ වියදම් ද ආර්ථික වර්ධනය ලෙස සලකුණු වේ. මේවා පමණක් නො ව, අප බොන අරක්කු හා දුම්වැටි පවා ආර්ථික වර්ධන වේගයට දායක වෙයි. ඇත්තෙන් ම මේ හරහා විවෘත වන්නේ ඉතා වැදගත් සංවාදයකි. එය අපගේ සමස්ත ජීවිතය ගැන ම ප්‍රශ්න කිරීමට කවුළුවක් විවර කර දෙයි. අශෝක හඳගමගේ අදහසට සම්බන්ධ ප්‍රතිවිරුද්ධ අදහසක් මීට කලකට ඉහතදී පිලිප් ශාන්ත විසින් සටහන් කර තිබිණි. ඒ මෙසේ ය:

“දින දර්ශනයට අනුව සිද්ධීන් අළලා රාජ්‍ය උත්සව පැවැත්වීම දැන් සාමාන්‍ය දෙයක්. එදා මෙදා තුර සෑම ආණ්ඩුවක්ම මෙවැනි උත්සව පැවැත්වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. මේ උත්සව පැවැත්වීමේ අර්ථය හරිම අහිංසක වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ධනය වැය කරමින් පවත්වන මේ උත්සව වල අවසන් ප්‍රතිලාභය කුමක්ද යන්නයි.

“උදාහරණයකට පසුගිය දා පැවැති ලෝක ළමා දිනය සැමරීම සදහා ජාතික උත්සවයක් මෙන්ම ප්‍රාදේශීය උත්සවයන් ද රජයේ අනුග්‍රහයෙන් පැවැත්වූවා. එදාටම යෙදී තිබූ ලෝක වැඩිහිටි දිනය සැමරීමට ද මෙවැනිම උත්සව පැවැත්වූවා. ඇත්තටම මේ උත්සව හරයාත්මකව ගත්විට කතා සාප්පු පමණයි. එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභයක් නෑ.


“නමුත් අප මෙහි නොදකින පැත්ත තමයි මේ උත්සව පැවැත්වීමේ අරමුණ. ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන්න මැතිවරණයකට තරග කරන විට ව්‍යාපාරිකයන් ඊට උදව් කරනවා. එසේ උදව් කළ අයට ඒ මුදල් පොළියත් එක්ක ලබා ගැනීමේ අවස්ථාවක් මේ උත්සව නිසා ලැබෙනවා. රාජ්‍ය උත්සව බොහොමයක් දැන් සංවිධානය කරන්නේ රජයේ නිලධාරීන් විසින් නෙවෙයි. ඒවා උත්සව කළමනාකරන (Event Management Company) සමාගම් වලට පවරනවා. එවැනි සමාගම් පවත්වාගෙන යන්නේ අළෙවිකරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්.


“තමන්ට මැතිවරණයේ දී උදව් කළ ව්‍යාපාරිකයන් ඒහි භික්ඛුභාවයෙන් උත්සව සංවිධාකයන් බවට පත් කර වියදම් වූ මුදල් පොළියත් සමග ලබාගැනීමට අවස්ථාවක් උදා කර ගැනීම තමයි වැඩි වැඩියෙන් රාජ්‍ය උත්සව පැවැත්වීමේ අරමුණ. ඒ නිසා පත්වන ඕනෑම ආණ්ඩුවක් වටා මෙවැනි මහජන මුදල් උරා බොන්නන් පෙළ ගැසී සිටිනවා. හිටපු ජනාධිපතිවරයාගේ 2011 පදවි ප්‍රාප්ත උත්සවය වෙනුවෙන් නිදහස් චතුරඝ්‍රයේ පැවැත්වූ ප්‍රදර්ශනයකට මේ අන්දමින් රුපියල් මිලියන 62ක් වියදම් කළා. එහි උත්සව සංවිධායකයා වූයේ ඒහිභික්ඛුභාවයෙන් උත්සව සංවිධායකයෙකු වූ ප්‍රබල ඇමතිවරයකුගේ සහචරයෙක්.


“ඒ සංස්කෘතිය දැනුත් වෙනස් වී නෑ. ආණ්ඩුව වටා හා ආණ්ඩුවේ දේශපාලකයන් වට පොදි ගැසී සිටින ව්‍යාපාරිකයන් උත්සව සංවිධානය වෙනුවෙන් මහජන මුදල් කොල්ල කනවා. මෙය උත්සව සංවිධානයේ ධනවාදය ලෙස හදුන්වන්න පුළුවන්." (පිලිප් ශාන්තගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගැනිණි.)

ලංකාවේ ධනේශ්වර ආර්ථිකයේ නිෂ්පාදනය උසස් තත්වයක නැති බව අපි කවුරුත් දන්නවා. සම්ප්‍රදායික නිෂ්පාදන වන තේ, රබර්, පොල් කර්මාන්තවල පවා තිබෙන්නේ පරිහාණියක්. නිදසුනක් ලෙස, තේ වතු කර්මාන්තය සඳහා යෙදවෙන ඉඩම් අක්කර ගණන සේ ම, අක්කරයකින් ලබන අස්වැන්නත් වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. ලංකාව ඒ පැතිකඩවලින් කෙන්යාවට හා ඉන්දියාවට වඩා පසුපසිනුයි සිටින්නේ. මේ වන විට ඇඟලුම් කර්මාන්තයේ පවතින උග්‍ර ශ්‍රම හිඟය නිසා ඇඟලුම් නිෂ්පාදකයන් දැන් දැන් මූලික ඇඳුම් මැසීම වෙනත් රටවලදී කර, ලංකාවේදී වටිනාකම් එකතු කිරීම පමණක් කරන්නට යොමු වෙලා. විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් තමයි මේ වන විට ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම. විදේශගත වන ශ්‍රමිකයන් සංඛ්‍යාවත් අඩු වෙමිනුයි පවතින්නේ. ආනයන - අපනයන අතර තුලනය පවත්වා ගෙන යාම ලංකාවේ ආර්ථිකයට ඉතා දුෂ්කර කාර්යයක්.

ලංකාවේ වැඩි ම ආනයන වියදම ඉන්ධන සඳහායි. එහෙත්, මේ ඉන්ධන පරිභෝජනය කරමින් අප ඵලදායී කටයුතු කීයක් කරනවා ද? අධික ලෙස ඉන්ධන පුළුස්සමින් බස්වලින්, කෝච්චිවලින්, පෞද්ගලික වාහනවලින්, තදබදයේ දිනපතා කොළඹ එන හා ආපසු යන රජයේ සේවකයන් උදාහරණයක් ලෙස ගනිමු. ඔවුන් වැඩි දෙනෙක් කාර්යාලයට පැමිණ ඔවුන් ලබන වැටුපට සරිලන සේවයක් කරනවා ද? වැඩි දෙනෙක් කරන්නේ ලියුමක් ටයිප් කිරීම වැනි පුංචි දෙයක්. ඔවුන් කරන ප්‍රධාන දෙය වන්නේ මහත් වධ විඳිමින් එන, යන එකයි. එන්නට, යන්නට විඳින වධයේ හැටියට ඔවුන්ට වැඩ කරන්නට ශක්තියකුත් නැති තරම්.

අපි සාපේක්ෂව වඩාත් ඵලදායී සේවාවක් කරන රාජ්‍ය අමාත්‍යාංශයක් වන සෞඛ්‍ය අමාත්‍යාංශය ගනිමු. මෑතදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල පුවත්පත් සාකච්ඡාවකදී කියූ කාරණයක් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවුරුද්දේ දින ගණනට වැඩි පුවත්පත් සාකච්ඡා ප්‍රමාණයක් වසරකදී පවත්වන බවයි. ඒවා පවත්වන්නේ කිසියම් කරුණක් පිළිබඳ දැනුවත් කරන්නටයි. බොහෝ ඒවා පැවැත්වෙන්නේ ප්‍රධාන පෙළේ හෝටල්වලයි. එහෙම නො වුණත්, ඒ හැම එකකට ම පසුව සෞඛ්‍යයට එතරම් හිතකර නො වූ ආහාරවලින් සමන්විත සංග්‍රහයක් පැවැත්වෙනවා. මෙම වැඩසටහන්වලට සහභාගි වන මාධ්‍යකරුවන් කීදෙනෙක් මේවා හරියට වාර්තා කරනවා ද? ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන හෝ පසු විපරමක් කරනවා ද?

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ආදිය අවුරුද්ද පුරා ම කරන්නේ රාජ්‍ය ආයතනවල, අන්තර් රාජ්‍ය ආයතනවල, රාජ්‍ය නො වන සංවිධානවල උත්සව සඳහා සේවා සැපයීමයි. මෙම ආයතනවල සේවකයන්ගේ, නිලධාරීන්ගේ කාලය හා ශ්‍රමයත් මේ වෙනුවෙන් වැය වෙනවා. උත්සව කළමනාකරණ සමාගම් පමණක් නොවෙයි උත්සව භාණ්ඩ සපයන්නන්, කෑම-බීම සපයන්නන්, ලිපිද්‍රව්‍ය සපයන්නන්, දේශන පවත්වන්නන්, නැට්ටුවන්, සංගීතඥයන්, විහිළුකාරයන් ආදී වූ විශාල පිරිසක් මේ උත්සව සංස්කෘතියෙන් යැපෙනවා. උත්සව සංස්කෘතියෙන් යැපෙන ඇතැම් ඉතා මානව හිතවාදී දේශකයන් අය කරන ගාස්තු ඇසුවොත් ඔබේ ඇස් උඩ යාවි.

රජයේ හා වෙනත් ආයතනවල උත්සව කියන්නේ උත්සව සංස්කෘතියේ එක් පැතිකඩක් පමණයි. තවත් පැත්තකින් ආගමික උත්සව පැවැත්වෙනවා. මේ වන විට පන්සල් පල්ලි කියන්නේ උත්සව මධ්‍යස්ථාන. නිදසුනක් ලෙස පසුගිය දිනවල ගමක් ගමක් පාසා පැවැත්වුණු කඨින පිංකම් කියන්නේ කා බී පාරේ ජවුසන් නටන අවස්ථා බව පැහැදිලිව දක්නට ලැබුණා. පලතුරුවලින් චෛත්‍ය වැසීම වැනි නාස්තිකාර පූජාත් පැවැත්වෙනවා. ඒවාත්, මහත් විරෝධය මැද නවත්වන ලද සත්ව බිලි පූජාත් අතර හරයාත්මක වෙනස අපැහැදිලියි. පසුගිය දිනෙක හිටපු ඇමති මිලින්ද මොරගොඩ ප්‍රමුඛ පුරවැසියන් පිරිසක් පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ නායක පූජක උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව නඩු පවරා තිබුණා. අධික ශබ්දය නැඟෙන සේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමෙන් කායික, මානසික සෞඛ්‍යයට, ජන ජීවිතයට සිදු වන පීඩාව පිළිබඳ ඔවුන් කරුණු මතු කර තිබුණා. එහෙත් අධිකරණය පවා පවතින ශබ්ද සීමා නීති ක්‍රියාත්මක කිරීම වෙනුවට අවවාද කර නඩුව සමථයකට පත් කර තිබුණු බවයි මාධ්‍ය වාර්තා කළේ. මුස්ලිම් පල්ලි ද මෙම ශබ්ද විකාශන නීති උල්ලංඝනය කරනවා. ක්‍රිස්තියානි පල්ලි කියන්නේ ඈත අතීතයේ සිට ම උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ආගමික ආයතන විශේෂයක්. ගාලුමුවදොර නත්තල් ගස නැතත්, පල්ලිවල උත්සවවලදීත් තොරන ගසාගෙන, ලයිට් දමාගෙන, ශබ්ද විකාශන යන්ත්‍ර දමාගෙන හැසිරෙන එක සාමාන්‍යයි. මේ කිසිදු ආගමික ආයතනයක් උත්සව පවත්වන මුදල්වලින් දුප්පතුන්ට පිහිට වන්නේ නැහැ. යමකට විරුද්ධ වෙන්නට උවමනා වූ විට පමණයි ඒ තර්කය පාවිච්චි කරන්නේ.ලෝකයේ උස ම, ලොකු ම ආදී වශයෙන් විවිධ පිළිම ආදිය වෙනුවෙන් කරන නාස්තිය සුළුපටු නොවෙයි. ඇත්තෙන් ම ඒවායින් දුප්පතුන් රැසකට වඩා යහපත් ජීවිත ලබා දෙන්නට පුළුවන්.

පෞද්ගලික උත්සව තවත් පැතිකඩක්. මේ වන විට මඟුල් ගෙවල් විතරක් නෙමෙයි අවමංගල්‍යයනුත් කා බී, කණ් පැලෙන්නට ශබ්ද පතුරුවා, ‘ප්‍රීති' වන උත්සව අවස්ථා බවට පත් වී හමාරයි. අවමංගල්‍යයක් වෙනුවෙන් වැය කරන්නට සිදු වන මුදල අති විශාලයි. ඉන් පසු එන බණ, දාන ආදියේත් ප්‍රධාන වන්නේ කෑම හා බීමයි. පුටු, කුඩ, ටෙන්ට්, කෑම, බීම, මල්, විදුලි ආලෝකය, සංගීතය, නැටුම්, මල් වෙඩි, ඡායාරූප, වීඩියෝ, රූපලාවණ්‍යය ආදී විවිධ සේවා ආශ්‍රිතව දැවැන්ත උත්සව කර්මාන්තයක් රටේ අස්සක් මුල්ලක් නෑර ම පැතිරී තිබෙනවා. මේවායින් ජීවනෝපාය සලසා ගන්නා අති විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් විසින් ඒ කර්මාන්තයේ හැඩතල නිරතුරුව ම වෙනස් කරනවා. පුළුල් කරනවා. නිදසුනක් ලෙස දැන් දැන් මේ ලොකු, ලොකු උත්සව සමග අලුතෙන් එකතු වී තිබෙන අංගයක් තමයි, සහභාගිකයන් මොකක් හෝ අදහසක් ලියූ පුවරුවක් රැගෙන ඡායාරූපයකට පෙනී සිටින ෆොටෝ බූත් එක. මඟුල් ගෙවල් සම්බන්ධව නිරතුරුව එකතු වන ජවනිකා ගැන ඔබට අවබෝධයක් ඇත. ලාභය මත දිවෙන, නියාමනයක් රහිත වෙළඳපොළ ධනවාදයේ ලක්ෂණයක් වන්නේ භාණ්ඩය හා සේවාව විසින් අවශ්‍යතාව නිර්මානය කිරීමයි. උත්සව ධනවාදය මෙය ඉතා පැහැදිලිව දැකිය හැකි තැනක්.

එහෙත්, අවසාන වශයෙන් අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ මේවා මොකට ද කියා ය. උත්සව හා විනෝදය ජන ජීවිතයට අවශ්‍ය ය. එහෙත්, මේ වන විට සිදු වී තිබෙන්නේ කුමක් ද? උත්සව ධනවාදය විසින් ජන ජීවිතය දැවැන්ත උගුලක සිර කර තිබීමයි. උත්සව ධනවාදයෙන් ලාභ ලබන සියලු දෙනා උත්සව කළමනාකරණ සමාගම් වැනි දැවැන්ත ආයතන නො වේ. සුළු ව්‍යාපාරිකයෝ රැසක් ඒ හා සම්බන්ධව ජීවනෝපාය සලස්වා ගනිති. එහෙත්, එයින් ඇති ඵලදායිතාව කුමක් ද? ඵලදායී නො වන රැකියා සඳහා මිනිස් ශ්‍රමය යෙදවෙන්නේ නිදහස් වෙළඳ කලාපවල පමණක් කවදාවත් නො පිරවෙන පුරප්පාඩු 20,000ක් පමණ තිබියදී ය. කෘෂි නිෂ්පාදන ආදියට අවශ්‍ය ශ්‍රමයේ දැඩි හිඟයක් තිබියදී ය.

අප මේ උත්සව පවත්වන්නේ අනාගත පරම්පරා උගසට තබමිනි. රජය ලබා ගන්නා ණයවලින් විශාල ප්‍රතිශතයක් අවසානයේදී වෙන් වන්නේ මේ උත්සවවලටයි. ධනවාදයට විරුද්ධව මොර ගාන බොහෝ විප්ලවවාදියෝ ද මේ උත්සව ධනවාදයේ අසරණ ගොදුරු ය. රටේ සමාජ වෙනසක් කරන්නට අපේක්ෂා කරන අයගේ අවධානය මේ ජොලි සංස්කෘතිය කෙරෙහි ද යොමු විය යුතු ය. මිනිසුන්ට උත්සව අවශ්‍ය ය. එහෙත්, ඒ තමන්ගේ අවශ්‍යතාවට මිස උත්සව ධනවාදය විසින් අප මත පටවන නිසා නො වේ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

29 comments:

  1. මේ කතෝලික පල්ලිවල මංගල්‍ය පවත්වමින් කරන ව්‍යපාරවලදිත් ( මා කියන්නේ මෙයට ව්‍යාපාරයක් කියලා මොකද මෙයට අලෙවිකරණ සංකල්පයේ බොහෝ දේවල් අඩoගුයි.) පල්ලි වලට අධික ලාබයක් ලැබෙනවා. ඒ නිසා ගොඩක් පල්ලි දැන් අවුරුද්දකට දෙපාරක් මංගල්‍ය පවත්වන්නට උත්සහ කරනවා. මා දන්නා කදාන නාගොඩ පල්ලියේ පුජකයෙක් හිටියා ( දැන් නම් නෑ) බොහොම මසුරු කමින් මේ දේවල් කරපු. ඒ අදායම් වලින් කොච්චරක් මොවුන් දිළින්දන්ට දෙනවද? කොච්චරක් තමුන්ගේ සුඛ විහරණයට යොදා ගන්නවද කියන එක මෙයිට වැඩ වැදගත් කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ දැනට ජීවත් වෙන එකම අපෝස්තුලු තුමා ඉන්නෙත් සිරි ලන්කාවෙමයි හිටන්!

      https://www.facebook.com/apostleofsrilanka/

      Delete
  2. ආගමත් බිස්නස් එකක් එකේ ආගමික උත්සව ගැන කවර කතාද...

    ReplyDelete
  3. කේනීසියානු ආර්ථික න්‍යායන්ට අනුව රජයේ වියදම් වැඩිකර ආර්ථිකය වර්ධනය කළ යුතුයි.

    මගේ යෝජනාව ලබන වෙසක්කෙකට ලෝකයේ ලොකුම වෙසක්ගහ අනුරාජපුරයේ හදන්නට යි.

    https://rasikalogy.blogspot.com/2016/12/project-sponsors-and-lessons-learnt.html

    !

    ReplyDelete
    Replies
    1. 1/2

      හිතවත් රසික,

      රටක අර්බුදයකට ගොස් ඇති ආර්ථිකයක් ත්‍රාණනය (salvage) කරන්නට අප විසින් ගනු ලබන මූලික ක්‍රමෝපාය ප්‍රතිපත්තිමය වශයෙන් දෙවැදෑරුම් ය:

      1. ෆිස්කල් (fiscal) ප්‍රතිපත්ති

      2. මූල්‍ය (financial) ප්‍රතිපත්ති

      වශයෙනි. කෙයිනිසියානු ආර්ථික න්‍යාය මූලිකව ම (මෙම වචනය වැදගත්) පිළිතුරු සොයන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිවල යාමනයෙන් ය. එනම් බදුකරණය සහ රාජ්‍ය වියදම් යාමනයෙන් ය. එය සිදු වන්නේ පාර්ලිමේන්තුව ඔස්සේ ය. සුභසාධනවාදී සේයාවක් ඇති නිසා එම න්‍යාය යම් ආකර්ෂණීය බවක් සහිත ව අපගේ හදවතට ආමන්ත්‍රණය කරන බව සැබෑ ය. මෙම න්‍යාය ඵෙතිහාසික ව වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව මම පිළිගනිමි. නමුත් එහි ඇති න්‍යායාත්මක ගැටලු පසු කාලීන ව ඉස්මතු වූයේ දැවැන්ත ආර්ථික අර්බුද ප්‍රතිනිර්මාණය වීමෙන් ය.

      ප්‍රීඩ්මනියානු ආර්ථික න්‍යාය බිහි වන්නේ එකී අර්බුද පිළිබඳ කතිකාව තුළ ය. ෆ්‍රීඩ්මනියානු ආර්ථික න්‍යාය පිළිතුරු සොයන්නේ මූලික ව ම (මෙම වචනය වැදගත්) මූල්‍ය ප්‍රතිපත්තිවල යාමනයෙන් ය. එනම් මූදල් සැපයුම සහ පොළි අනුපාතය යාමනයෙන් ය. එය සිදු වන්නේ මහා බැංකුව ඔස්සේ ය. එකී ප්‍රතිපත්තිය මත රටක ආර්රටකට නඟා සිටුවන්නට ස්වාධීන සහ ශක්තිමත් මහ බැංකුවක් අවශ්‍ය ය. සුභසාධනවාදී සේයාවක් සැලකිය යුතු තරම් ගිලිහී ගොස් ඇති නිසා එම න්‍යාය ආකර්ෂණීය බවින් අඩු ය. එය අපගේ හදවතට නො ව මනසට ආමන්ත්‍රණය කරයි. අර්බුදයට ගිය එක්සත් ජනපද ආර්ථිකය ද එක්සත් රාජධානි ආර්ථිකය ද ප්‍රත්‍යුත්ථානය කර ගන්නට මිල්ටන් ෆ්‍රීඩ්මාන් දුන් සූර විසඳුම වූයේ මූල්‍ය ප්‍රතිපත්ති යාමනය ය.

      වික්‍රමසිංහ මහත්මා විපක්ෂයේ සිටින විට ලංකාවේ ආර්ථිකය ගොඩ ගත හැකි සූර මොළය ලෙස බොහෝ අයකු විසින් පැවසෙන්නේ ඒ මහත්මා අනුයන බවට ප්‍රකාශ වන ෆ්‍රීඩ්මනියානු න්‍යාය සලකා ය. එහෙත් බලයට පැමිණි පසු ඒ මහත්මා ෆ්‍රීඩ්මන් අතහැර කෙයින්ස් කරා යන බව පෙනේ. ඒ මහත්මා නව්‍ය ලිබරල්වාදියකු බව දැන දැන ද එතුමා බලයට ගෙනෙන ජනතාව ඒ මහත්මා බලය‍ට පැමිණි පසු නහයෙන් අඬයි; කන්කෙඳිර ගායි. රට පෞද්ගලික අංශයට පවරන්නේ ය යි පොළොවේ පස් කයි. මට ඇති ප්‍රශ්නය නම් “ඔය දේවල් කරන්න එපා නම් උඹලා වික්‍රමසිංහට ඡන්දය දුන්නේ ඇයි?” යන්න ය. තමා නව්‍යලිබරල්වාදී ප්‍රතිපත්ති අනුයන බව වික්‍රමසිංහ මහත්මා කිසි දිනෙක සඟවා නැත.

      ජනතාව විසින් දෙවරක් වික්‍රමසිංහ මහතා බලයට පත් කර ගනු ලැබී ය. දෙවර ම ඒ මහත්මාට ඇති බව පැවසෙන මොළයෙන් වැඩක් නම් වී නැත. මගේ මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහයන් “රනිල් හොදා යි” කියන්නට ලිපි නො ලියා “රනිල් කරන්නට යන්නේ මේවා යි” කියන්නට ලිපි ලියන්නේ නම් වඩා ඵලදායි වනු ඇත. නැති නම් ආණ්ඩු මාරු කරමින් නව ආණ්ඩුවක “honey-moon” සමයේ ප්‍රතිලාභ පමණක් බලාපොරොත්තුවෙන් ජනතාව සැබෑ අර්බුදය කල් දමා ගනු ඇත. කවුරු බලයට පැමිණිය ද අනුයන්නේ ධනවාදයේ ලිබරල් ප්‍රතිපත්ති ය. එසේ නම් සුරඟන කතා පවසන්නේ නැති ව ලිබරල් ධනවාදයේ වර්තමාන පිළිවෙතට එළඹීම සුදුසු ය. කුමන පක්ෂයක් බලයට පැමිණිය ද කෙයිනිසියානු න්‍යාය මත නම් මේ රටේ ආර්ථිකය ප්‍රත්‍යුත්ථානය කිරීම අපහසු ය. නිදහසින් පසු අඩසියවසකට වැඩි කලක් පටි තද කර ගත් සේ ම තවත් වසර පනහක් ද පටි තද කර ගන්නට නම් හැකි වනු ඇත.

      රසික න්‍යායාත්මක ප්‍රශ්නයක් විමසූ නිසා කෙයිනිසියානු න්‍යායේ අවුල පිළිබඳ පහත විග්‍රහය පළ කරමි. මෙය මා විසින් මේ වසර මුල දී කළ දේශනයක පිටපතින් උපුටා ගත් කොටසකි. රටේ අර්බුද පිළිබඳ ශාස්ත්‍රීය මණ්ඩපවල දී අප සිතිය යුත්තේ වාමාංශිකයන් දක්ෂිණාංශිකයන් වැනි සීමා තුළ සිර ව නො ව පවතින යථාර්ථය මත පිහිටා ය.

      //

      ….

      There is a mighty dissonance between the objectives and the action plan of the government. Although the government has been nominally entertaining Friedmanian liberal capitalism for decades, the economic strategies of the government are still confined to the superannuated ideals from Smith and Ricardo to Keynes. Of course, I do not doubt at all that those ideals had their functions in a specific era of the history. For an instance, Keynesian teachings had served many economies in the aftermath of the Great Depression and the World War II. However, they have already passed their used-by-date.

      Cont…

      Delete
    2. 2/2

      Sri Lanka’s current economic crisis is characterised by the triad of high inflation rate, low economic growth rate and high unemployment rate. This triad which can be identified by a Macleodian term “stagflation”, is a difficult dilemma to be eradicated. Stagflation has been a phenomenon that the old Keynesian economic theories failed to foresee. Keynesian doctrine identifies an inversely proportionate relationship between the unemployment rate and the inflation rate. In other words, Keynesian doctrine believes that when the unemployment rate decreases, the inflation rate will increase. The relationship is depicted in the so-called Philip Curve. This theory is based on the hypothesis as the unemployment decreases, more money will be in the hands of people thus the demand for goods and services will increase. Increased demand will in turn increase the price of goods and services i.e. Inflation will increase.

      The theory anticipates an equilibrium between unemployment and inflation at some stage. Adherence to this theory has encouraged the governments to tolerate high inflation rate in the hope that it will come down to a reasonable level in the due course. Thereupon, emerged the most cynical appeal of all the governments hitherto in the post-independence Sri Lanka asking people to tighten their belts. It has been more than fifty years that the people have tightened their belts in conformation with various governments lead by Senanayake to Wickremesinghe. Should the people of Sri Lanka wait another 50 years in the austerity in this wildest of dreams? I do not see a rationale for such observation of austerity when there is no clue of the desired end. I do not see a rationale for such observation of austerity when there is a host of instances portraying the failure of the theory that advocates it.

      This old model based on Keynesian teachings started to fail after 3 decades since its introduction. It failed in the United Kingdom, it failed the United States and it failed in many other countries following the capitalism. It was rejected in the capitalist world unanimously at least by 1970s as it failed to guide the economies that ran into crisis while following it.

      Keynesian doctrine has mislead the economies into crisis by advocating them to tolerate rising inflation rate as an indicator of imminent decrease in unemployment rate as well as imminent increase in economic growth rate. This devastating defect of the Keynesian theory was due to its inability to identify that the inversely proportionate relationship between inflation rate and unemployment rate is ought to be breached as the inflation exceeds a certain level. This is the phenomenon that we technically call as the shifting of the Philip curve upwards or to the right.

      This is the locus where Milton Friedman intervened with his versatile theory. For Friedman, the inflation is always a financial phenomenon.

      …….

      //

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      End.

      Delete
  4. ගරු කර්නල් කාදිනල්...

    ReplyDelete
  5. බන්ධුල කුදලාගම - මයුරවිල - සරස කියන ලොල්ලෝ සෙට් එක තාම මේ අලුත් පෝස්ට් එකට සෙට් වෙලා නෑ.... පුදුමයි!

    ReplyDelete
    Replies
    1. අපි ලෝන්ග් වීක් එන්ඩ් හොලිඩේ ආවෝ....!

      Delete
  6. මේ බලන්නකො අජිත් ඕව මොනවද , දයා ගමගේට ජීවිතේටම නත්තල් නේ !!!

    “දයා ගමගේ මහදවල් යෝධ කොල්ලයක!

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ විසින් ඌන කාර්ය සාධන ව්‍යාපාර හා ඌන උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරීමේ පනත යටතේ රාජපක්ෂ රෙජීමය විසින් පෙරළා රජයට පවරාගත් තම සෙවණගල සීනි සමාගම වෙනුවෙන් රුපියල් කෝටි 400 ක වන්දියක් සිය දේශපාලන බලය යොදා ගනිමින් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.
    ඊට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්2016 ඔක්තෝබර් 24 වන දා ලංකා බැංකුවේ ආයතනික ශාඛාව හරහා අංක 480530 යන චෙක්පත හරහා රුපියල් 2,642,965 ක මුදලක් දයා ගමගේ අමාත්‍යවරයාට ගෙවීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේ දී අදාළ වන්දි මුදල මුළුමනින්ම ලබා ගැනීමේ එකඟතාවක් ඇතිකර ගැනීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.
    වැඩිදුරටත් මේ අයුරින් අමාත්‍යවරයා අදාළ වන්දි මුදල ලබා ගැනීමට සූදානම් වන්නේ ආයෝජන මණ්ඩලය යටතේ ගිවිසුම්ගතව රුපියල් කෝටි 200 ක් ආයෝජනය කර මිලදී ගත් සෙවණගල සීනි සමාගම, රජය විසින් ගිවිසුම් කඩකර යළි අත්පත් කරගෙන ඇති බවත් ඒ හේතුවෙන් රුපියල් කෝටි400ක වන්දියක් තමන්ට ලබා දෙන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ ආයතනයට අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ල පාදක කර ගනිමින්ය.
    එසේම එම වාර්තා සඳහන් කරන ආකාරයට අමාත්‍යවරයා ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර රාජපක්ෂ සමයේ දයා ගමගේ අමාත්‍යවරයාට අසාධාරණයක් සිදු වූ බවත් අනෙක් අතට එජාපයේ දුෂ්කර සමයේ පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරයා ලබා දුන් මූල්‍යමය දායකත්වය නිසාත් අදාළ වන්දි මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම පහසු කිරීමට ඔවුන් එකඟව ඇත.
    මේ සම්බන්ධව වැඩිදුර කරුණු විමසීම සඳහා අප දයා ගමගේ අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එසේම අප අදාළ ගෙවීම් පිළිබඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය වෙතින් විමසීමක් කළ අතර එහි දී සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
    “ඇත්තටම අපි ගෙවීමක් සිදු කළා. මොකද ජාත්‍යන්තර බේරුම්කරණය වෙනුවෙන් රාජපක්ෂ පාලන සමයේ සියලු ගෙවීම් සිදු කර තිබෙන්නෙ දයා ගමගේ අමාත්‍යවරයා විසින්. ඒ තුළ අපේ පාර්ශ්වයෙන් අදාළ ගෙවීම අපි අමාත්‍යවරයාට කළා. නමුත් වන්දි මුදල් ගෙවීමක් ගැන අපි තවමත් තීරණයක් ගෙන නෑ. ඒ දේවල් තීරණය වෙන්නෙ බේරුම්කරණ ක්‍රියාවලිය තුළයි.
    ඒ නිසා මේ මුදල වන්දිය ලබා දීමට සම්බන්ධ නැහැ. ඒ වගේම ඒ සමයේ මේ සමාගම අත්පත් කරගෙන තිබෙන්නෙ කිසිම වන්දියක් ලබානොදී. ඒ තුළ ආයෝජන මණ්ඩල ගිවිසුමට පටහැනි ලෙස කටයුතු සිදුව තිබෙනවා.
    මේ පිළිබඳ අප සමාගම් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් වෙතින් ද කරුණු විමසූ අතර ඔවුන් සඳහන් කර සිටියේ අදාළ වන්දි මුදල් ලබා දීම සම්බන්ධව එවකට නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් අදහසක සිට කටයුතු කර ඇති බවත් රජය වන්දියක් ලබා දීමට සූදානම් වනවා නම් ඒ උපදෙස් අධ්‍යයනය කිරීම අනිවාර්ය වන බව ය.
    ඒ සම්බන්ධව ඔවුන් වැඩිදුරටත් ඉදිරිපත් කළ කරුණු අනුව රාජපක්ෂ සමයේ දයා ගමගේ අමාත්‍යවරයා ජාත්‍යන්තර බේරුම්කරණය වෙත පැමිණිලි කළත් මෙරට නීති අංශ පෙන්වා දී ඇත්තේ අදාළ පනතේ සඳහන් ප්‍රතිපාදන අනුව එවැනි අත්පත් කර ගැනීම නීති විරෝධී නොවන බවය. එම පැහැදිලි කිරීම සමඟ දයා ගමගේ අමාත්‍යවරයා ද මේ සම්බන්ධව ක්‍රියා කිරීමට උනන්දුවක් දක්වා නැත.
    අනෙක් අතට ඌන උපයෝජිත පනත යටතේ සෙවණගල සීනි කම්හල ආණ්ඩුවට පවරා ගැනීම සම්බන්ධයෙන් රු. බිලියන14 ක වන්දි ඉල්ලා දයා සමූහ ව්‍යාපාරයට අයත් සෙවණගල සීනි කර්මාන්ත සමාගම ආයෝජන මණ්ඩලයට යැවූ එන්තරවාසියට ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට ලන්ඩන්හි පිහිටි බේරුම්කිරීමේ ජාත්‍යන්තර අධිකරණය තීරණය කළ බවට ද එසමයේ මාධ්‍ය වාර්තා පළ වූ අතර ඒ සම්බන්ධව ද වැඩිදුර කටයුත්තක් සිදු වූ බවක් පසුව වාර්තා වී නැති බව ද ඔවුන් පෙන්වා දෙයි.
    ඒ පසුබිමේ දයා ගමගේ අමාත්‍යවරයාට පමණක් විශේෂයක් සිදු කිරීම ආණ්ඩුවට අපවාදයක් විය හැකි බවත් ඌන කාර්ය සාධන ව්‍යාපාර හා ඌන උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරීමේ පනත යටතේ රාජපක්ෂ රෙජීමය හිල්ටන් හෝටලය ඇතුළුව ආයතන 37 කට ආසන්න ප්‍රමාණයක් ලැයිස්තුගත කර එයින් තෝරාගත් ආයතන ගණනාවක් පවරා ගන්නට කටයුතු කර ඇති නිසා අදාළ සියලු ආයතන සම්බන්ධව පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
    - සංජය ලියනගේ”
    http://sathhanda.lk/news/3319-2016-12-10-07-59-11

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. දේශපාලකයො ඔක්කොම හොරු, වෙනස ලොකු හොරකම් සහ පොඩි හොරකම් විතරයි. උන්ගෙ ගුණ ගයන්න හෝ විවේචනය කරන්න දෙපැත්ත බෙදිලා කාකොටා ගන්න ඡන්දදායකයො තරම් මෝඩයො තවත් නෑ.

      Delete
  7. // උත්සව සංස්කෘතියෙන් යැපෙන ඇතැම් ඉතා මානව හිතවාදී දේශකයන් අය කරන ගාස්තු ඇසුවොත් ඔබේ ඇස් උඩ යාවි. //

    හරක් විජේසූරිය කීයක් ගන්නවද දන්නේ නැහැ හිටන්!

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      All I have got to tell you is:

      ඛ්‍යාරොසනා පටිග සංඥා ඤාඤ්ඤ මඤ්ඤස්ස දුක්ක මිච්චෙයිය

      (රොස් බව හෙවත් කෝපයෙන් ගැටුම් ඇතිකොට කෙනෙක් තවකෙකු දුකට පත් කිරීමට කැමති නොවෙත්වා)

      Delete
    2. හහ්හා, සා රස බූරුවෝ. තෝ බූරු හඬ නගනවිට අපට පුකෙන්ද හිනායයි. ඒයි බූරුවෝ අර පාලි ගාථාවේ ඛ්‍යාරොසනා පටිග ඤාඤ්ඤ දුක්ක මිච්චෙයිය කියන්නේ මොන පාලිද? තොගේ පාලි හයියෙන්ද? නොදන්නා ගාථා ලියන්න ගිහින් තෝ බූරු රජෙක් කියලා රටටම පෙන්නන්න එපා.

      Delete
  8. ජාතියන්තර මානව හිමිකම් දිනයේ දී ම හදිසි නීතිය නැතිවම නාවික හමුදාපති තුමා ම මාජ්ජවේදියෙක් ට නෙලුව එක ගැන ඔයා සයිලන්ට් ද පැරා තුමෝ?

    ReplyDelete
    Replies
    1. මේක මරාගේ රතුපස්වල තරම් බරපතල නෑ නේද සරස තුමෝ?

      Delete
  9. මේ කාදිනල්වරු තවම තටු ගහල පියාඹන්නෙ නැත්තෙ මුං තවම සුළුතරය නිසා. නැත්නම් බලාගන්න තිබ්බ කතෝලිකයන්ගෙ හැටි

    ReplyDelete
    Replies
    1. ඇයි බන්, කතෝලිකයො බහුතරයක් ඉන්න ඉතාලියෙ, ප්‍රංශෙ කාදිනල්ලා තටු ගහලා ඉගිලෙනවද ? ගොන් කතා කියල තවත් ආගම් යුද්ධෙකුත් අවුලන්නද උඹලා හදන්නෙ ? සිංහල බෞද්ධ (අන්තවාදී ) උඹලට කා එක්කද සමගියෙන් ඉන්න පුළුවන් වුණේ ? දෙමළු සේරම කොටි ත්‍රස්තවාදීන් කරපු උඹලා, මුස්ලිම් ඔක්කොම අයිසිස් ත්‍රස්තවාදීන් කළා, දැන් කතෝලිකයන්ටත් කෙලින්න එනවා. උඹලගෙ තියෙන ඔය ජරා ගති කතෝලිකයො, ක්‍රිස්තියානිකාරයො ලඟ නෑ.

      Delete
    2. මෙහෙමයි රොබට්....ඔය හැම මිනිහෙක් ගාවම හොඳ එකෙකුයි නරක එකෙකුයි ඉන්නවා. ඒක මටත්, උඹටත් කාටත් පොදුයි. මම නම් කියන්නේ මේ නරක සර්පයාව එලියට එන ආකාරයේ දේවල් කරන්න හොඳ නැහැ. හීලෑ කරපු සර්පයන් හොඳ අර අහිගුණ්ඨිකයන් වගේ මිනිස්සුන්ට. මොකද සර්පයා එලියට ගත්තා, පොඩි ශෝ එකක් පෙන්නුවා. ගානක් හොයා ගත්තා. පවුල නඩත්තුවට ගානක් දුන්නා. ඊට ඉස්සෙල්ලා අඩියක් ගැහුවා. වැඩේ ක්ලෝස්. ආපහු නයිකාරයා නැගිටනකං. නයා නයි පෙට්ටියෙ. පොඩි බිත්තරයක් විතරයි දෙන්න ඕන. වැඩේ තේරුං ගනින් මචෝ.

      Delete
  10. නත්තල් ගසට තම අනුමැතිය කලින් ලබා නොගත් නිසාත්, අර්ජුන වෙනත් ආගමක නම් ඒ නිසාත් කාදිනල් වරයාට අමනාපයක් තියෙන්න පුලුළුවන්. කොහොම නමුත් වැඩේ නතර උන එක හොඳයි. සුළු වෙළෙන්දන්ට වන අවාසිය සැලකිල්ලට ගන්න බැහැ. එක වසංගතයක් හොඳ කරන්න තව වසංගතයක් බෝ කරන එකේ තේරුමක් නැහැ.

    ReplyDelete
  11. පැරා මහත්තයො, අන්න ඔයාගෙ යහ පාලන ආණ්ඩුවෙ මාධ්‍ය නිදහස දෝරෙ ගලනවා. රටේ නාවික හමුදාපති හැසිරෙන්නෙ මැරවින් සිලවටත් අන්ත විධියට. කුණුහර්ප කියාගෙන මාධ්‍යවේදීන්ට කණට ගහනවා. ඔය විධියට මහින්දගෙ කිසිම උසස් නිළධාරියෙක් හැසිරුනේ නෑ, අඩුගානෙ අර බත් බැලයා මහින්ද බාලසූරියවත්. මොනවා කරන්නද, ලංකාවෙ මිනිස්සු පව්, මොකා ආවත් කණ පැලෙන්න ගුටි කන්නයි පුක පැලෙන්න බදු ගෙවන්නයි තමයි වෙන්නෙ. මොළේ තියෙන එකෙක් මේ රටෙන් ඔරුවක හරි එල්ලිලා චුත වෙන එක තමයි කරන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද රොබට්,

      මිනිහ ගියෙත් මචං උඹ, මාතලන්, ඉයන්, අරුණ, සාරස, මම ගිය ඉස්කොලෙටම නේද?
      මම දන්නා තරමින් නම් මිනිහ හොඳ decorated officer and a gentle man, නමුත් වැරැද්ද වැරැද්දමයි.

      -මොණරවිල

      Delete
    2. /////නමුත් වැරැද්ද වැරැද්දමයි//////
      +++++++++

      Delete
    3. මොණරවිල,
      එහෙනම් මිනිහා කටයාගෙන් කවමදාවත් කාලා නැතුව ඇති. කටයාගෙන් කම්මුල් පාරක් හරි කාපු එකා හොඳට හැදෙනවා.

      Delete
    4. චිහ්, මූ ඉස්කෝලෙ නම්බුවත් කෑවා, මම හිතුවෙ ආනන්දෙ කියලා ....

      Delete
    5. ඇයි බන් උබලගෙ ඉස්කෝලෙ වෙන ඉස්කෝල වල නැති අමුතු විෂය නිර්දේශයක්ද තිබ්බෙ

      Delete
  12. ".....වියදම් වූ මුදල් පොළියත් සමග ලබාගැනීමට අවස්ථාවක් උදා කර ගැනීම තමයි වැඩි වැඩියෙන් රාජ්‍ය උත්සව පැවැත්වීමේ අරමුණ. ඒ නිසා පත්වන ඕනෑම ආණ්ඩුවක් වටා මෙවැනි මහජන මුදල් උරා බොන්නන් පෙළ ගැසී සිටිනවා"

    මෙවැනි උත්සව වල මහා ම එක තමයි මාගම්පුර වරාය විවෘත කිරීමේ උත්සවය. ජැක්සන් සහ සන්තුෂ්/භාතිය ඒකේදී කොරපු සුද්ධ කිරීම කැන්සොල් කරානම්, හම්බන්තොට දිස්ත්රික්කෙම ඉන්න දුප්පතුන්ට අද වෙන තුරු කන්න දෙන්න තිබුන.

    ReplyDelete
  13. Para, navy captain gana liyanna thama order eka awe natheyi?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.