2016-03-31

බෝම්බ හම්බ වුණාම ජී.එල්. පීරිස්ට මේ තරම් ජොලි ඇයි?

චාවාකච්චේරියේදී හා මන්නාරමේදී සියදිවි නසාගැනීමේ ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, මහින්ද යාපා අබේවර්ධන වැනි අය අමන්දානන්දයට පත් වී වහා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා සිය සතුට ප්‍ර‍කාශ කරමින් ආණ්ඩුව ජාතික ආරක්ෂාව නො තකා හැර ඇති බවට චෝදනා එල්ල කළේ ය. 

ඔවුන්ට අමතක වී ඇති මූලික කාරණය වන්නේ සිදු වී තිබෙන්නේ පිපිරීමක් නො වන බවයි. සිදු වී තිබෙන්නේ විනාශයක් සඳහා යොදා ගත හැකිව තිබුණු භයානක ද්‍ර‍ව්‍ය ප්‍ර‍මාණයක් කල් තබා සොයා ගැනීමයි. 

එය ආරක්ෂාව පැත්තෙන් ජයග්‍ර‍හණයකි. එම සොයා ගැනීම කළ අය ප්‍ර‍ශංසාවට ලක් කළ යුතු ය. එහෙත්, ජී.එල්. පීරිස් වැනි මහින්දගේ අන්තේවාසිකයන් මේ කරන්නේ කුමක් ද? 

දැන් ඔවුන්ට තිබෙන ප්‍ර‍ශ්නය එය සොයා ගැනීම බව පෙනේ. සිංහල පත්තර පිටුවක ඔතා තිබුණු මෙම බෝම්බය පුපුරුවනු ලබන තැනට ගියා නම් ඔවුන් මීට වඩා අමන්දානන්දයට පත් වී “අපි ඔය ටික කිව්වා," යි කියමින් උඩ පනිනු ඇත. 

තමන්ගේ දේශපාලන ඉච්ඡා භංගත්වය මේ අයුරින් සනසා ගැනීම කෙතරම් පවිටු ක්‍රියාවක් ද යන්න සිතා බලන්න. තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බෝම්බ පුපුරන තෙක් බලා සිටින මෙවැනි අය නියම ත්‍ර‍ස්තවාදියෝ ය. 

අවධානය යොමු විය යුතු තවත් සිදුවීමක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ද සිදු වී තිබේ. එහි ගමන් කරන වාහනවලට ගල් ගසන්නන් ජී.එල්. පීරිස්ලාගේ පහළ මට්ටමේ ගෝලබාලයන් වන්නට පුළුවන. ඒ ගැන වහා සොයා බැලිය යුතු ය. 

ගරිල්ලා යුද්ධයක් යනු සම්ප්‍ර‍දායික යුද්ධයකට වඩා භයානක විය හැකි තත්වයකි. උදාහරණයක් ලෙස යුරෝපය මේ මෙහොතේ මුහුණ දෙමින් සිටින්නේ නාගරික ගරිල්ලා යුද්ධයකටයි. පවිටු අරමුණු ඇති සුළු පිරිසකට පුපුරන ද්‍ර‍ව්‍ය රැස් කර, බෝම්බ හදා, එයින් සිවිල් වැසියන් ඝාතනය කර විශාල විනාශයක් ඇති කරන්නට හැකියාව තිබේ.

ජී.එල්. පීරිස් කියන අන්දමින් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත රැක ගත්තා ය, ආරක්ෂාව තර කළා ය, හමුදා නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියාමාර්ග හා අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කර සිටියා ය කියා ත්‍රස්තවාදය නැති වන්නේ නැත. 

එයට කළ යුතුව තිබෙන්නේ ජනතාවගේ ප්‍ර‍ශ්න විසඳීමයි. දෙමළ ඊලාම් අරගලය ඇති වූයේ හුදෙක් ම ආර්ථික ප්‍ර‍ශ්න නිසා නො වේ. එතැන පැහැදිලි දේශපාලන ප්‍ර‍ශ්නයක් තිබිණි. යුද්ධය අවසන් කර වසර හතක් ගත වී ඇතත්, තවමත් මෙම දේශපාලන ප්‍ර‍ශ්නය ආමන්ත්‍ර‍ණය කිරීම සඳහා පියවර ගෙන නැත. 

දහස් ගණනින් මිනිස් බෝම්බ නිර්මානය කළ ප්‍ර‍ශ්නය එහෙමම තබාගෙන ආරක්ෂාව තර කළ පමණින් නැවත මිනිස් බෝම්බ නිර්මානය වීම නවතින්නේ නැති බව ජී.එල්. පීරිස් හා ඔහුගේ හාම්පුතුන් තේරුම් ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-30

සේපාල ඒකනායක හා ඊජිප්තු ගුවන් යානා හයිජැකර්

මෙම ඡායාරූපයේ සදහන්ව ඇති මාධ්‍ය ද මෙවැන්නන් වීරයන් කිරීම ගජරාමෙට කරගෙන යති. 
අපරාධකරුවන්, උම්මත්තකයන්, මෝඩයන් වැනි අය ක්‍ර‍ විරෝධී වීරයන් ලෙස සැලකීමේ ප්‍ර‍වණතාවක් ඈත අතීතයේ සිට ම ලංකාවේ තිබේ. එයට හේතුව ලෙස මට නම් පෙනෙන්නේ ලංකාවේ සමාජය තුළ නවීනත්වයට එරෙහි මානසික කැරැල්ලක් පැවතීම විය හැකි ය. 

සාමාන්‍ය මංකොල්ලකරුවෙකුට වඩා විශේෂ පුද්ගලයකු බවට කිසිදු සාක්කියක් නැති සරදියෙල් වීරයකු කරගෙන ඇත්තේ ඒ කාලයේ කවුරුන් හෝ සුද්දකු ඔහු රොබින් හුඩ් පුරාවෘත්තයට සමාන කිරීම නිසා ය. 

රොබින් හුඩ් යනුවෙන් පුද්ගලයෙකු ඇත්තට ම සිටි බවට සාධක ඉතා විරල ය. මෙම ඉතිහාස සටහන කියවන්න. නැතිනම් වීඩියෝව බලන්න. 

සරදියෙල් අධිරාජ්‍ය විරෝධියකු හෝ දුප්පතුන්ට ධනය බෙදා දුන් අයකු කළ හැක්කේ සාහිත්‍යයකින් පමණි. එහෙත් සාහිත්‍යය ඉතිහාසයක් ලෙස ළමයින්ට ඉගැන්වීමෙන් අප අනාගත පරම්පරාවන්ට ලබා දෙන්නේ ඉතා වැරදි පූර්වාදර්ශයකි. 

මරු සිරා සම්බන්ධයෙන් ද කිව හැක්කේ මෙය ම ය. මරු සිරා අපරාධකරුවකු කළේ සමාජය විසින් ය යන සමාජ සත්තා යථාර්ථවාදී කලාකරුවන්ගේ සමාජවාදී අදහස වෙනත් ඕනෑම අපරාධකරුවෙකුට ද අදාළ කළ හැකි ය. මරු සිරා පුරාවෘත්තයක් වීම වෙනම කාරණයකි. එහෙත් ඔහු වීරයෙක් නො වේ. 

1989 කැරැල්ල සමයේදී සමාජය විසින් අපරාධකරුවන් කරන ලද මෙවැනි වීරයෝ ඇතැමෙකුට ජවිපෙ කොක්ක ගැසුවේ ය. මාල කැඩීම සම්බන්ධයෙන් සිරගතව සිටි පුද්ගලයකුට ඒ කාලයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ටිල්වින්ලා කොක්ක ගසා තිබිණි. මෙම පුද්ගලයා පසුව ජවිපෙ සමග එක් වී ප්‍ර‍ධාන නගරයක මැද්දේ නිර්භයව පෝස්ටර් ඇලවීම වැනි කටයුතු කළේ ය. පසු කලෙක අසන්නට ලැබුණු පරිදි ඔහු ජවිපෙ නමින් සොරකම්වල යෙදී තිබිණි. මෙවැනි ඇතැමෙකු අවසන් ගමන් ගියේ ජවිපෙ අතින් ම ය. 

මිනිසුන් අපරාධකරුවන් වන්නේ සමාජයේ වරදින් ම නො වේ. එයට බලපාන වෙනත් මානසික හේතු රැසක් තිබේ. මෝඩකම හා හිතුවක්කාරකම ඒ අතරින් ප්‍ර‍මුඛ ය. මෙවැනි මෝඩ, හිතුවක්කාර අපරාධකරුවකුට කදිම උදාහරණයකි, සේපාල ඒකනායක. 

දැනුත් පත්තරකාරයෝ අවුරුද්දකට හමාරකට වරක් මේ පුද්ගලයාගේ සම්මුඛ සාකච්ඡා ආදිය පළ කර ඔහු ඔසවා තබති. අතිශය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගෙන රටේ කීර්ති නාමයට බරපතල කැළැලක් සිදු කළ මෙම පුද්ගලයා පිළිබද කාලකන්නි මතකය අනාගත පරම්පරා වෙත ලබා දීමෙන් තමන් කරන්නේ කුමන පාදඩ වැඩක්දැයි මෙවැනි අමනයන් සමග සම්මුඛ සාකච්ඡා කර පළ කරන මාධ්‍යකරුවන්ට යථාර්ථය තේරුම් ගන්නට ඊයේ සිදු වූ ගුවන් යානා පැහැර ගැනීම ඉවහල් කර ගත හැකි ය. 

පවුලේ ප්‍ර‍ශ්නයක් හේතුවෙන් එම ගුවන් යානය පැහැර ගෙන සයිප්‍ර‍යට ගෙන ගිය ඊජිප්තු ජාතිකයා ත්‍රස්තවාදියකු නොව මෝඩයෙකු බව සයිප්‍ර‍ස් ජනාධිපතිවරයා පැවසී ය. 

මෙම මෝඩයා ලාංකිකයකු වී නම් ලංකාවේ මාධ්‍ය මේ වන විට ඔහු වීරයකු කර හමාර ය. 

ගණන්කාරයන්, සමාජ විරෝධීන් හා සාමාන්‍ය අපරාධකරුවන් ක්‍ර‍ම විරෝධීන් ලෙස හදුනා ගැනීම අතිශය භයානක ය. 

සේපාල ඒකනායක සම්බන්ධයෙන් මතු වන චෝදනාවක් වන්නේ ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධයෙන් සිරගත වී සිටි ඔහු 1983 ජුලි මාසයේදී දෙමළ සිරකරුවන් 53ක් පහර දී, කපා කොටා මරා දැමීමේ ප්‍ර‍හාරයට නායකත්වය දුන් බවයි. එහෙම නායකත්වය දීමේ හැකියාවක් ඔහුට ලැබෙන්නට ඇත්තේ මාධ්‍ය විසින් එහු පිම්බීම නිසා ය. 

මෙම ඝාතනයට එවකට වැලිකඩ බන්ධනාගාරයේ සිටි ප්‍ර‍ධානීන්ගේ අනුග්‍ර‍හය ලැබී තිබිණි. එම සිදුවීම මෙහෙයවූ බව කියමින් වීර සිංහලයකු හා ඉතා සැර පරුෂ පුද්ගලයකු ලෙස හැසිරුණු ප්‍ර‍ධාන ජේලර්වරයකු වසර කීපයකට පසු මම මැගසින් බන්ධනාගාරයේදී දුටුවෙමි. මෙම සමූහ ඝාතනය ගැන කිසි කලෙක නිසි විමර්ශනයක් සිදු වූයේ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-29

පාසල් දැරියක මරාගෙන කන්නට සැරසෙන අයුතු ජන රාශියෙන් කියවෙන පාසල්වාදයේ භයානකත්වය

හොල්මන් ද පොල්කොළ හෙවත් බැක් ටු ස්කූල් 
පාසල්වාදය යනු තවත් ස්වෝත්තමවාදයකි. එය ජාතිවාදය තරම් ම භයානක ය. උම්මත්තක ය. පාසල්වාදයෙන් උමතු වූවන්ට පාසල් දරුවකුට පහර දෙන්නට, මරා දමන්නට පවා හැකියාව තිබෙන බව මෙම වීඩියෝවෙන් පෙන්නුම් කෙරේ. මේ උම්මත්තක ගැහැනුන් හා පිරිමින් ගැන වෙන වෙන ම සොයා බැලුවහොත් ඔවුන් හුදෙක් දරුවන්ගේ මව්පියන් පමණක් නො වන බව සොයා ගත හැකි වනු ඇත. 



පාසල්වාදයේ තෝතැන්න ආදි ශිෂ්‍ය සංගම් ය. අධ්‍යාපනයට කිසිදු ඍජු අදාළත්වයක් නැති ආදි ශිෂ්‍යයන්ට පාසල්වලට මැදිහත් වීමේ නීතිමය බලයක් ලැබී තිබෙන්නේ පළමු ශ්‍රේණියට සිසුන් බවා ගැනීමේදී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 25%ක පමණ දැවැන්ත කෝටාවක් ලබා දීම නිසා ය. මේ හේතුවෙන් පාසල ආසන්නයේ පදිංචි දරුවන් රැසකට පාසලට පිවිසීමේ අවස්ථාව අහිමි වේ.

ආදි ශිෂ්‍යයන්ට පාසලට පරිත්‍යාගයක් කිරීමට කැමැත්තක් තිබේ නම් එසේ කිරීම වෙන ම කාරණයකි. එහෙත්, එම පරිත්‍යාගය භාර ගත යුත්තේ කොන්දේසි මත ය. එම පරිත්‍යාගයේ මුවාවෙන් පාසලේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නො දිය යුතු ය. අද වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ විශාල වශයෙන් ව්‍යාපාරවල යෙදී සිටියි.

පාසල්වලට අවශ්‍ය වියදම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දිය යුතු ය. පාසල් වැඩ කළ යුත්තේ එම වියදම් සීමාව තුළ ය. ඉන් එහා පාසල් හදන්නට විදුහල්පතිවරුන් දැගලිය යුතු නැත. විදුහල්පතිවරුන් අරමුදල් සම්මාදමේ යාම වහා ම නැවැත්විය යුතු ය.

මෙවැනි තත්වයන් ඇති වන්නේ විදුහල්පතිවරුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නොව, ආදි ශිෂ්‍ය සංගම්වල උවමනාවන් මත කටයුතු කරන්නට යාම නිසා ය.

පාසල්වල සියලු මූලික වියදම් කරන්නේ රජයයි. ඒ අතර ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ප්‍ර‍ධාන ය. ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය තනිකර ම කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි. ආදි ශිෂ්‍ය සංගම් කරන සියලු කටයුතු එයට ද්විතීයක ය. ආදි ශිෂ්ය සංගම් විසින් කරනු ලබන ඇතැම් ව්‍යාපාර නීති විරෝධී බව ද සිහිපත් කළ යුතු ය.

රජයේ අධ්‍යාපනය රජයේ වැඩක් විය යුතු ය. විදුහල්පතිවරයකු සාධාරණ හේතුවක් මත මාරු කරන්නට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හැකි විය යුතු ය. එය ප්‍ර‍ශ්න කරනවා නම් කළ යුතුව තිබෙන්නේ නිල පටිපාටියකට අනුවයි.

පටු අරමුණු වෙනුවෙන් සිසුන් හෝ ආදි ශිෂ්‍යයන් හෝ නො මග යවා කලබල කිරීමට යොමු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු ය.

අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන කතා කරන සංවිධාන මේ ආදි ශිෂ්‍ය මාෆියාව ගැන නිහඩ ය. එහෙත්, ඇත්තෙන් ම, පාසල්වල දූෂණය වැඩිපුර ම ව්‍යාප්ත කරන්නේ ආදි ශිෂ්‍ය සංගම් ය.

ජාතිවාදයෙන් මිදීම තරමට ම පාසල්වාදයෙන් මිදීම හා පාසල්වාදයට එරෙහිව සටන් කිරීම ද වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-28

ගෝටයිම්බර කෝලමෙන් ආණ්ඩුවේ රස්සාවකට

මුලින් ම මේක කියන්න ඕනැ. මේක විචාරයක් නෙමෙයි. මොකද මං ලයිසන් විචාරකයෙක් නෙමෙයි. ඒකට අවශ්‍ය ය කියන ඇකඩමික් සුදුසුකම් මට නැහැ. හැබැයි, අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට තමන් විඳපු රසයක් බෙදාගන්නට තිබෙන අයිතිය වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඇකඩමික් තග දමමින් පොදු ජනයා නිහඬ කිරීමට විරුද්ධව අරගලයක් අපට තිබෙනවා. 

පසුගිය දවස්වල අපූරු නාට්‍ය අත්දැකීම් දෙකක් ලැබුණා. කොළඹින් බැහැර ඉන්න අපට නාට්‍ය බලන්න ලැබෙන අවස්ථා අඩුයි. ගම්වල නාට්‍ය පෙන්නුවාට හේතු කීපයක් නිසා ඒවා සාර්ථක නැහැ. එකක් ටිකට් මිළ වැඩියි. පවුල් පිටින් යන්නත් එපායැ. අනෙක ශාලා දුර්වලයි. 

ගෝටයිම්බර කෝලම පෙන්නුවේ එළිමහනේ. ප්‍රෝසීනියම් වේදිකාවෙන් මහ පොළවට බැහැලා. ඒත් ගමක නම් නෙමෙයි. කොළඹ ම තමයි. කොළඹ හතේ පදනම් ආයතනයේ. 

අපි නො දන්න නෙළුම් පොකුණ වගේ රංග ශාලා තිබෙන කොළඹ නගරයේ එළිමහනේ නාට්‍ය පෙන්නන්න ඕනැද? ප්‍රෝසීනියම් වේදිකාව ගැන ලංකාවේ නාට්‍යකරුවන් නිරන්තරයෙන් ම සිය අතෘප්තිය ප්‍රකාශ කර තිබෙනවා. නාට්‍යය ජනතාව අතරට යා යුතුයි කියන විශ්වාසය ඔවුන් අතර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ අත්හදා බැලීම් කරනවා. හැබැයි, බොහෝ විට ඒ අත්හදා බැලීම් කොළඹින් ම අවසන් වෙනවා. 

ගම්වල තවමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය පෙන්වනවා. ඒ කියන්නේ භාතිය සන්තුෂ්ලාගේ සංගීත සංදර්ශන වගේ ජාතියක්. කලින් නාට්‍යේ හඬ පටිගත කරනවා. ඊට පස්සෙ ඒ කැසට් එක වාදනය කරන ගමන් වේදිකාවේ රඟපානවා. 

ගම්වල නාට්‍ය පෙන්නන්නේ එළිමහනේ හදපු සංගීත සංදර්ශන වේදිකාවල. ඒවායේ ඉඳන් කියන දෙබස් ඈතට ඇහෙන්නේ නැති නිසායි ඔය තාක්ෂණය භාවිතා වුණේ. දැන් නම් එෆ් එම්, ක්ලිප් මයික් එහෙම තිබෙන නිසා ඔය ගැටලුව නැහැ. දැන් පාට පාට එළි අල්ලලා, කෘත්‍රිම දුම් එහෙම දමලා, එෆ්.එම් මයික් ගහගෙන කරන්නෙත් පරණ නාට්‍ය ම තමයි. හැබැයි ඉතින් ඒක තමයි වර්තමාන ගැමි කලාව. 

මං රැඳවුම් කඳවුරුවල, ගම්වල ඉස්කෝලවල නාට්‍ය කරලා තිබෙනවා. ඒවායේදී මුහුණ දෙන අභියෝග වෙනස්. අවශ්‍ය ශබ්දය නිෂ්පාදනය කරන්න ළමයින්ට අමාරුයි. ඒ නිසා ගම්වල ළමයින් එක්ක බාගෙට එළිමහන් ඉස්කෝල හෝල්වල නාට්‍ය පෙන්නනකොට ප්‍රේක්ෂකයෝ කෑගහනවා ඇහෙන්නෙ නැහැ කියලා. දවසක් එක නාට්‍යයකදී ප්‍රේක්ෂකයෝ බලෙන් වගේ මයික්කාරයා දැම්මා වේදිකාවට. මිනිහා ඉතින් චරිතෙන් චරිතෙට පැන පැන මයික් එක කටට ඇල්ලුවා. ඒකෙ නාට්‍යය තිබුණෙ එතන. ඕක තමයි ඇත්තෙන් ම ගම්වල තත්වය. ගමේ නාට්‍ය කලාව තවම දහඅට සන්නියෙන් උඩට ඇවිත් නැහැ. 

ඩෙනිස් පෙරේරාගේ ගෝටයිම්බර කෝලම භාවිතා කළේ තොවිල් ආකෘතිය. ඒක දුම්මල, පන්දම්, ගොක් සැරසිලි, බෙර, නැටුම් සහිත ව්‍යාජ තොවිලයක්. තොවිලයක් ඔස්සේ කාලීන දේශපාලන, සමාජ, සංස්කෘතික ප්‍රශ්න ගැන කරපු සාකච්ඡාවක්. තොවිලයේ තිබෙන ග්‍රාම්‍ය හා ප්‍රාථමික නාට්‍ය ලක්ෂණ සියල්ල එහෙමම එහි තිබුණා. ඒ ගමන් ම එය සෑම ආකාරයක ම ගතානුගතිකත්වය නිර්දය විධියට විවේචනයත් කළා. ආන්තික ලෙස ගතානුගතික ආකෘතියක් යොදා ගනිමින් ගතානුගතිකත්වය නිර්දය ලෙස විවේචනය කිරීම ම ප්‍රබල නාට්‍යමය අවස්ථාවක්. 

හැබැයි, ගෝටයිම්බර කෝලමේ කතාව අවුලක්. ඒකෙ සඳහන් වන ගෝටයිම්බර යුගයේ රටේ ඇති වන ප්‍රශ්නය වන්නේ මිනිසුන්ට මහසෝනා වැහෙමින් ඔවුන් එකින් එකා බැගින් ගැහැනුන් බවට පත් වීමයි. ගැහැනුන්ගේ සමාජ භූමිකාව වර්ණනා කරන ගමන් ම සමාජය ගැහැනුන් බවට පත් වීම සමාජ ප්‍රශ්නයක් ලෙසත් විග්‍රහ කරනවා. මහසෝනාට එරෙහිව සටන් කළ ගෝටයිම්බර රජ්ජුරුවෝත් අවසානයේදී මහසෝනා වැහී ගැහැනියක් බවට පත් වෙනවා. ස්ත්‍රී විරෝධයයි, ස්ත්‍රීවාදයයි දෙකම එකට ඔසවා තබන එක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වැනි දෙයක්. 

ගෝටයිම්බර කෝලම කොළඹ පදනම් ආයතනයේ පෙන්නුවා ම ඒකෙන් ආතල් එකක් ලැබෙන්නේ තොවිල් දැකලා නැති හරි එහෙම දැකලා නැති බව පෙන්නන හරි කොළඹ කූල්ටූර්කාරයන්ටයි.

නාට්‍ය කලාවේ ප්‍රායෝගික ප්‍රශ්න එක්ක පොරබදන එක තේරුමක් නැති වැඩක් ය කියලායි මම නම් හිතන්නේ. නාට්‍ය රසිකයන් බිහි නො වන්නට එක ම හේතුව නාට්‍යය ජනතාවට සමීප නො වීම නෙමෙයි. තාමත් නාට්‍යයක ටිකට් එකක් ගන්න යන මුදල කසිප්පු බෝතලේක ගානට වඩා අඩුයි. 

ජනතාවගේ රසිකත්වය ඉහළ නංවන්න පාසල් අධ්‍යාපනය, මාධ්‍ය ආදිය වැදගත් වෙනවා. ඒ වගේ ම සමාජ වටිනාකම් පිළිබඳ ආකල්පත් එතනදී වැදගත් වෙනවා. බල්ලන් මරා හරි සල්ලි හෙවීම හා හොඳින් හෝ නරකින් හෝ බලවත් වීම වැදගත් ය කියා හිතන සමාජයක නාට්‍ය කලාවට ලොකු වැදගත්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ම කලාවෙන් ඒ කියන තත්වයන් වෙනස් කරන්නත් බැහැ. ඒ නිසා නාට්‍ය ජනතාවට සමීප කරන්නට ය කියලා ආකෘතික හරඹ කරන්නටඑච්චර මහන්සි වෙන්න ඕනෑ ය කියලා මම නම් හිතන්නේ නැහැ. 

ඕනැම කලාත්මක ප්‍රකාශනයක ආකෘතිය කියන්නේ අන්තර්ගතයෙන් ම මතු වන දෙයක් කියලායි මම නම් හිතන්නේ.

නාට්‍යයක් එක්ක ප්‍රේක්ෂකයාට ආත්මීය වෙන්නට වැදගත් වන්නේ ආකෘතියට වඩා අන්තර්ගතයයි. මේ බව ඔප්පු කරන්නට කදිම නිදසුනක් පසුගියදා පැවැත්වුණු බ්ලොග් සම්මාන උළෙලේ පෙන්නපු ආණ්ඩුවේ රස්සාවක් නාට්‍යයෙන් ලැබුණා. 

ආණ්ඩුවේ රස්සාවක් ඉදිරිපත් කරන Unnamed Theatre Group විසින් ලංකාවේ ගතානුගතික නාට්‍ය ඔස්තාද්ලාට තියුණු අභියෝගයක් එල්ල කර ඇති බවයි මට නම් හිතෙන්නේ. ලංකාවේ ස්ථාපිත කලාකරුවන් හා ඇකඩමික් පණ්ඩිතයන් විසින් මෙවැනි ප්‍රවණතා මරා දමන්නේ ඒ ගැන කතා නො කර සිටීමෙනුයි. සැනසිලි තෑගි දීමත් එවැනි ම ප්‍රතිගාමී වැඩක්. 

ගෝටයිම්බර කෝලමට ලැබුණු සැනසිලි තෑග්ගක් මං පෙන්නන්නම්. 

"1956 සරත්චන්ද්‍ර ගමේ කමතේ, තොවිල් පොලේ, රඟදැක්වුනු කෝලම්,නැටුම් නාඩගම් විදග්ධ නාට්‍ය ආකෘතියක් බවට පෙරළුවා. එකී ගැමි රංගනයන්ගේ තිබුණු ගොරහැඩි බව අකා මකා දමා සුලලිත, සුභාවිත සියුම් නාට්‍ය අත්දැකීමක් ගෙනදිය හැකි ආකෘතියකට රූපාන්තරණය කළා. එපමණකින් නොනැවතී එම නාට්‍යාකෘතිය සංකීර්ණ මිනිස් සබඳතා සහ ජීවන අත්දැකීම් බහාලිය හැකි ශක්තිමත් සහ සියුම් එකක් බව තමා විසින්ම කල නිර්මාණයන් හරහා තහවුරුකලා. ඉන් දශක 6 කට පසුව, ප්‍රෝසීමියම් වේදිකාවෙන් නැවත එළිමහන් දෙවොල් මඩු ආකෘතියට පසු බැස, සරත්චන්ද්‍ර විසින් සඟවා තැබූ ගැමි නාටකයේ ඇති ගොරහැඩි, විරෝධාකල්පික, පූජාවිධිමය මූලද්‍රව්‍ය මතුකර අද්යතන සංකීර්ණ දේශපාලනික ගැටලුවක් කේන්ද්‍රකොට වෙනස් නාට්‍ය අත්දැකීමක් ගෙනඊය හැකි අත්හදා බැලීමක් 'ගෝඨයිම්බර කෝලම'. මෑත කාලීනව මේ ආකෘතියේ කෙරුණු අභ්‍යාසයන් අතරින් වඩාත් සාර්ථක අභ්‍යාසය එය බවයි මගේ තක්සේරුව."

- අශෝක හඳගම

මං මේ කතාව විශ්වාස කරන්නෙ නැහැ. හේතුව, ගෝටයිම්බර කෝලමේ විහිළුවලට හිනා යන්නේත් නැතිව, හිනා නොවීත් බැරුව වගේ මට ඉදිරියෙන් අනෙක් පැත්තේ පුටුවක හඳගම ඇඹරි ඇඹරී හිටපු හැටි මං නාට්‍යය වගේ ම බලාගෙන හිටියා. 

ආණ්ඩුවේ රස්සාවක් ආකෘතික හරඹයක් නෙමෙයි. ඔවුන් නාට්‍යය පෙන්නපු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරත් නාට්‍ය වේදිකාවක් ඇති තැනක් නෙමෙයි. එහෙත්, සමස්ත ප්‍රේක්ෂකාගාරය ම කම්පනයට පත් කරන්නට ඔවුන් සමත් වුණා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි, නාට්‍ය පිටපතේ හා රංගනයේ තිබුණු ප්‍රබලකම නිසා. නාට්‍යයක සංගීතය කියන්නේ හරියට වාක්‍යයක යටින් ඉරක් ඇඳලා මතු කර පෙන්වනවා වගේ වැඩක් ය කියා සුගතපාල ද සිල්වා හෝ ධම්ම ජාගොඩ හෝ කියූ බවක් මට මතකයි. මං හිතන්නේ සංගීතයට විතරක් නෙමෙයි, ආලෝකය, වේදිකා පසුතල, රංග භාණ්ඩ, වස්ත්‍රාභරණ ආදී සියල්ලට මේ කතාව අදාළයි. ඒ වගේ ම නාට්‍ය ආකෘතියටත් අදාළයි. 

නාට්‍යය ආපසු පෙළ හා රංගනය වෙත අවධානය යොමු කළ යුතුයි. නාට්‍යයේ වැදගත් ම දෙය නාට්‍යයි. නැතිනම් ගැටුමයි. පෙම්වතිය විවාහ කර ගන්න ආණ්ඩුවේ රස්සාවක් නැතිකම බාධාවක් වී ඇති තරුණයෙකුට ආණ්ඩුවේ රස්සාවක් ලැබෙනවා. ඒ අළුගෝසුකම. ඔහු එයට කැමති නැහැ. ඒ මිනී මරන්න වෙන නිසා. ඒ අතරෙ පෙම්වතිය ගැබ් අරගෙන්. පෙම්වතාට අවශ්‍යයි දරුවා ගබ්සා කරන්න. ඒ ගැටුම තුළ පෙම්වතිය........... ඇය තමයි ගැහැනිය! නාට්‍යය බලන්න.

බ්ලොග් සම්මාන උළෙලේ ම පෙන්වපු රැඩිකල් නාට්‍යකරුවකු වන අසංක සායක්කාරගේ ‘ටොයියයි - බයියයි‘ කියන ජවනිකාව නාට්‍ය කලාව මුහුණ දී සිටින ඛෙදවාචකය කදිමට නිරූපණය කළා. සමාජ දේශපාලන ව්‍යාපාර විසින් බලාපොරොත්තු තබා තිබුණු නාට්‍යකරුවනුත් අවසානයේදී පොඩි මල්ලිලාගේ, චූටි මල්ලිලාගේ විකට ජවනිකාවලටත් ගව් ගානක් පසුපසින් ඇද වැටෙන එක තමයි ඛෙදවාචකය. 

පොල්ලෙන් ගැහුව වගේ ජෝක් බලාපොරොත්තුවෙන් නාට්‍ය බලන්නට යන ප්‍රේක්ෂකයන්ට යට වන නාට්‍යකරුවන්ට සියුම් හාස්‍යය කියන්නේ මොකක් ද කියන පාඩමත් ආණ්ඩුවේ රස්සාවක් නාට්‍යය පෙන්වා දුන්නා. 

“ටොයිලට් යන්නැති ප්‍රශ්නෙටත් අපි මොනව හරි කරමු."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-27

යායක් ලෙස නෙළුම් පිපීමේ වැදගත්කම

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මාන ලැබූ බව සතුටින් ප්‍රකාශ කරමි. කොහෙවත් හිටිය මං දේශපාලන බ්ලොග්කරුවෙක් වෙච්ච අලකලංචිය රසවත් කතාවක් වෙයි කියලා හිතලා පස්සෙ ලියඤ්ඤං කියලා හිතුවා. ලිව්වෙ නැතිනම් මතක් කරන්න. 

2014 වසරේ හොඳම බ්ලොග්කරු වුණේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ. දෙවන බ්ලොග් සම්මාන උළෙලට යන විට ඒ ටයිටල් එක පැහැර ගන්නට කාන්තාවක් සමත් වීම මම නම් හිතන්නේ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක්. මක් නිසාද යත්, බ්ලොගාවකාශය කාන්තාවන්ට නිසි තැන, සම තැන විතරක් නෙමෙයි සම්භාවනීය තැනකුත් දෙන්න සමත් වී තිබෙන බව එයින් ප්‍රකාශ වෙනවා. 

බස්සි හෙවත් යශෝධා සම්මානි ප්‍රේමරත්නට උණුසුම් සුබපැතුම්. 

යාවජීව සම්මානයට පාත්‍ර වූ පුරෝගාමී සිංහල බ්ලොග්කරුවන් දෙදෙනා වන නාලක ගුණවර්ධනට හා රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිට මීළඟ යුගයේත් පුරෝගාමීන් වන්නට ශක්තිය හා ධෛර්යය පතමි.

සම්මානලාභී අනෙකුත් බ්ලොග්කරුවන්ගේ විස්තර සංවිධායක මණ්ඩලය ඊයේ ලේට් නයිට් බීච් පාටියෙන් පසු අවදි වී, තැඹිලි වතුරෙන් පැනඩෝල් කාරිය බී, හෝන්දු මාන්දු ගතිය නැති කරගෙන කොම්පියුටරය ඉදිරිපිට වාඩි වූ විට අප්ඩේට් වනු ඇත. සියලු දෙනාට උණුසුම් සුබපැතුම්. 

මේ වැඩේට මහන්සි වුණ අජිත් ධර්මකීර්ති ඇතුළු සියලු දෙනා ද සිහිපත් කරමි. 

නෙළුම්යාය දේශපාලනික වශයෙන් වැදගත් අවස්ථාවකි. එක පැත්තකින් එය බ්ලොග්කරුවන්ට ප්‍රසිද්ධිය, පිළිගැනීම ලබා දෙන අවස්ථාවකි. එසේම, තව තවත් පිරිස් පුරවැසි මාධ්‍යකරණය වෙත යොමු කරන්නකි. 

පුරවැසි මාධ්‍යකරණයේ එකම ස්වරූපය බ්ලොග් නො වේ. එහෙත්, තවමත් පුරවැසි මාධ්‍යකරණයේ වඩාත් ම සාර්ථක ස්වරූපය බ්ලොග් ය. ෆේස්බුක්, ට්විටර් වැනි මාධ්‍ය බ්ලොග්වලට වඩා ජනප්‍රිය ය. එහෙත්, ඒවා බ්ලොග්වලට වඩා සීමිත ය. උදාහරණයක් ලෙස බ්ලොග් සටහනක් ඉන්ටර්නෙට්හි ඊ අන්තර්ගතයක් ලෙස සංරක්ෂණය වී පහසුවෙන් ප්‍රවේශ විය හැකි දැනුමක් බවට පත් වේ. එය අන්තර්ගතයක් ලෙස යල් පැන යන්නේ නැත. ඒ නිසා දැනට ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි මාධ්‍ය භාවිතා කරමින් සිටින අයටත් මම නම් නිර්දේශ කරන්නේ තමන්ගේ අන්තර්ගතයන් නිකමට හෝ බ්ලොග්ගත කරන ලෙසයි. එය සමාජ සේවයකි. 

නෙළුම්යාය අඩුපාඩු නැති, පරිසමාප්ත සම්මාන උළෙලක් නො වේ. එහි අඩුපාඩු සාධනීය අන්දමින් විවේචනය කළ යුතු ය. එසේම, නෙළුම්යාය තව පුළුල් විය යුතු ය. 

නෙළුම්යාය සංවිධානය වූ ආකාරය ගැන අජිත් ධර්මකීර්ති වෙන ම විස්තරයක් කරනවා නම් හොඳ ය. ලෝකයේ තැන් තැන්වල විසිරී සිටින පිරිසක්, විධිමත් සංවිධාන ව්‍යූහයක් නැති ව්‍යාපාරයක් තුළ ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙමින්, අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධීකරණය වෙමින්, ස්වේච්ඡාවෙන් දායක වෙමින්, ඉන්ටනෙට් හරහා ම සාකච්ඡා කරමින්, සයිබර් අවකාශයෙන් මහ පොළවට පැමිණ භෞතික සම්මාන උළෙලක් සංවිධානය කළ ආකාරය හා එය ලොව පුරා සිංහල සමාජය සමග බෙදා හදා ගත් ආකාරය නවීන සංවිධාන ක්‍රම ගැන කදිම අත්දැකීමක් හා පාඩමකි. 

ඊයේ මා අජිත් ධර්මකීර්ති සමග කතා කරන විටත් මෙය ඔහුට හරියට මීටර් වී තිබුණේ නැත. 

ඔහු ඒ ගැන සවිස්තරව ලිවිය යුතු ය. විශේෂයෙන් ම කමිටු රැස්වීම් බර ගණනක් පවත්වා, සෑහෙන ඉන්ධන, ශ්‍රමය, කාලය වැය කර අතළොස්සක් සහභාගි වන, බලපෑම අවම වැඩසටහන් පවත්වන විකල්ප ව්‍යාපාරවලට වැදගත් පාඩමක් එයින් උගත හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-25

නිර්මාල් රංජිත් දේවසිරි ජාතිවාදියෙකි


නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ කියයි. අජිත් පැරකුම් ජයසිංහට අනුව මා ETCA ගිවිසුමට විරුද්ධ වන්නේ මා තුළ ඇති "ජාතිවාදී ජාන" නිසාය. ඒ පිළිබදව නම් මම නොදනිමි. නමුත් මා අජිත්ගෙන් ප්‍රශ්න තුනක් ඇසීමට කැමැත්තෙමි. ETCA වලට පක්ෂ වෙනත් අයටත් කැමැතිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය.

1. මෙවැනි ගිවිසුම් වලට විරුද්ධ වීමට "ජාතිවාදියෙක්" වීමටම අවශ්‍යද? ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? ආරක්ෂණවාදය මුළුමනින්ම අහෝසිකර ඇති ආර්ථිකයන් මෙළොව තිබේද?

2. මේ ආණ්ඩුවට මේ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය මහජන අවසරය ලැබුනේ කෙසේද? (මගේ ප්‍රශ්නයේ පදනම වන්නේ ආණ්ඩුබලයට තාවකාලිකව පත් වන පිරිස් වලට තමන්ගේ මතිභ්‍රමයන්ට අනුව කටයුතු කිරීමට ප්‍රාතන්ත්‍රවාදය තුළ ඉඩක් නොමැති නිසාය.)

3. ETCA වැනි ගිවිසුමකින් ලංකාවට ලැබිය හැකි සාපේක්ෂ වාසි ඉතාම සංයුක්තව දැක්විය හැකිද? (ප්‍රාග්ධනය පැමිණීම වැනි වියුක්ත කතා නොව, එසේ පැමිණිමට ඇති සංයුක්ත ඉඩකට පෙන්වා දිය යුතුය.)

නිර්මාල් මේ ප්‍රකාශය කරන්නේ මා මීට කලින් පළ කළ ලිපියක් ෆේස්බුක්හි බෙදා හදා ගනිද්දී එය සමග තබන ලද පහත සඳහන් කරනු ලබන සටහන නිසා ය.

“අප ලෝක ආර්ථිකය සමග සම්බන්ධ විය යුතු ය. ජාතික දේශ සීමාවන් මකා දැමෙන ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණවලට උපකාර කළ යුතු ය. දේශපාලන ප්‍රජාවන් පුළුල් වන දේශපාලන ක්‍රියාමාර්ගවලට සහයෝගය දීම සමාජවාදී ය. හේතුව ලෝකයේ ම කම්කරු පංතිය අතර සම්බන්ධතා පුළුල් වීමට හා පොදුබවක් ඇති වීමට මෙම ක්‍රියාමාර්ගය ඉවහල් වේ. සමාජවාදියාට සිංහල හෝ ශ්‍රී ලාංකික කම්කරුවාගේ, හාම්පුතාගේ හෝ රජයේ සුවිශේෂත්වයක් නැත. ශ්‍රී ලාංකික ජාතික ආර්ථිකය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හදන නිර්මාල් රංජිත් දේවසිරිලාගේ ජාතිවාදී නිලීන ජාන දැන් මතු වී තිබේ."

මේ ප්‍රශ්න තුනට මා පිළිතුරු දුන්නේ මෙසේ ය:

1. //ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? // නිර්මාල් මේ ඔයාට තිබෙන රෝගයේ ලක්ෂණයක්. අපි ආචාර්ය මහාචාර්යවරු නොවුණාට සාමාන්‍ය පත්තර කියවන මිනිස්සුන්ට වුණත් ඔය වචනය ආගන්තුක එකක් නෙමෙයි. ඉන්දියාවත් එක්ක ආර්ථික ගිවිසුමක් අත්සන් කළ පළියට ආරක්ෂණවාදයන් ඔක්කොම අහෝසි වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා ද?

(නිර්මාල් රංජිත් දේවසිරි වැනි පුද්ගලයන් සිය නිල අධ්‍යාපන සුදුසුකම් පාවිච්චි කර දේශපාලන සංවාද මත ආධිපත්‍යය පතුරුවන්නට දරන උත්සාහයන්ට නිර්දය අන්දමින් පහර දිය යුතු ය. සාමාන්‍ය පොදු ජනතාවට දේශපාලන සංවාදවලට මැදිහත් වන්නට තිබෙන අයිතියට පාණ්ඩිත්‍යයෙන් තග දමමින් අරක වැරදියි මේක වැරදියි කියන්නට ඔවුන්ට අයිතියක් නැත. දේශපාලන සංවාදයට කාගේවත් උපාධි අදාළ නැත.)

2. ඔබේ දෙවෙනි ප්‍රශ්නයට අනුව, තව බොහෝ දේ ගැන ද ඔය ප්‍රශ්නය ම ඇසිය හැකි ය. උදාහරණයක් ලෙස හමුදාව පැහැර ගත් උතුරේ ජනතාවගේ ඉඩම් ආපසු දෙන්නට ආණ්ඩුවට අවසර ලැබුණේ කෙසේ ද යන්න ද ජාතිවාදියෝ අසති. මේ ගිවිසුම තවම අත්සන් කර නැති දෙයකි. එසේ ම, එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. තවද, මෙම ආර්ථික ගිවිසුමට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. ඒ සඳහා කලින් ආණ්ඩු කීපයක්මත් සම්බන්ධ වී තිබේ. මේ සියලු ආණ්ඩු මහජනතාව විසින් පත් කර ගත් ඒවා ය. මේවා බලයට පත් වන අයගේ මතිභ්‍රම නම් ඔබගේ විරෝධය එවැනි මතිභ්‍රමයක් නො වේ යයි කියන්නේ කෙසේ ද ? අඩු තරමේ ආණ්ඩුව බලයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පටිපාටියක් තිබේ. ඔබ කවුරු ද? ඔබගේ කණ්ඩායම වනාහි කිසිදු ජනවරමක් නැති ජනරාශියක් පමණි. ජනතාව නියෝජනය කරන්නට ආණ්ඩුවට තරම්වත් යුක්ති යුක්ත අයිතියක් ඔබට නැත. නවීන සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය හදාරන්න. ඔබ කියන ආකාරයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නවීන සමාජයන්හි ක්‍රියාත්මක කළ නො හැකි ය. එය රෝමයේ ක්‍රියාත්මක වූයේ ද සීමිත පිරිසකගේ ආධිපත්‍යය වෙනුවෙන් පමණි.

මෙම ප්‍රශ්නයට තවත් කදිම පිළිතුරක් චන්දන ප්‍රසන්න විසින් ලබා දී තිබිණි. ඒ මෙසේ ය:

දැන් එතකොට අපි 'ආණ්ඩු' කියල ජාතියක් පත්කරන්නෙ මොකටද? මම දන්න විදියට නම් මහජනතාව තමන් සතු ස්වාධිපත්‍යය බලය යම් නිශ්චිත කාලයක් සඳහා යම් කණ්ඩායමකට පවරනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකට ඉදිරිපත් වෙද්දි ඒ පක්ෂ තමන්ගේ මූලික ප්‌රතිපත්ති ජනතාවට කියනවා. ඒ මූලික ප්‍රතිපත්ති රාමුව උඩ ඉඳන් නීති හදන එක/ ගිවිසුම් ගහන එක වගේ දේවල් ඒ ආණ්ඩුව කරන්න ඕන. නැත්නම් හැම පනතකටම/ ගිවිසුමකට ම ජනමතවිචාරණයක් තියන්න බෑනේ... මම හිතන්නේ unp ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා විදේශ ගිවිසුම් ගැනත්. එයාලා තමන්ගේ ලිබරල් ස්ථාවරය ගැන පැහැදිළිව කියල තියෙනවා. ඔන්න බැරිවෙලාවත් ලිබරල් ප්‍රතිපත්ති උඩ බලයට ආපු unp එක සමාජවාදී, ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට යනව නම් ඒකෙ තමයි අවුල තියෙන්නේ... එකතොට අපිට අහන්න පුළුවන් ''කවුද ඔව්ව කරන්න අවසර දුන්නෙ" කියල...

3. මා විසින් මතු කර දක්වන්නේ සාපේක්ෂ වාසියක් නොව, ඉතා පැහැදිලි දේශපාලන ක්‍රියාවලියකි. එය වනාහි දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමේ සංදර්භය තුළ හා ලෝකයේ කම්කරු පංතිය අතර සම්බන්ධතා ශක්තිමත් වීම යන සංදර්භයන් තුළ ඉන්දියාවත් සමග ආර්ථික ගිවිසුම අදාළ වන දේශපාලන ක්‍රියාවලියයි. මම ඒ ගැන ලිපි ගණනාවක ලියුවෙමි. එහෙත් නිර්මාල්ට ඒවා පෙනෙන්නේ නැත. ඔහුගේ පුහු පණ්ඩිතමානී මනස ඒවා ගැන කතා කරන්නට සූදානම් නැත. නිදාගෙන සිටින අය අවදි කළ හැකි මුත් බොරුවට නිදාගන්නන් අවදි කරන්නට බැරි ය.

නිර්මාල් ජාතිවාදියකු බව මම කීවෙමි. ඒ ඔහු ආර්ථික ජාතිකවාදයකු නිසා ය.

නිර්මාල් ජාතිවාදියකු පමණක් නො වේ. ඔහු ස්වෝත්තමවාදියෙකු බව ද කියමි. ඒ ඔහුගේ සංවාද ප්‍රවේශය තුළ දක්නට ලැබෙන පුහු පණ්ඩිතමානීකම නිසා ය.

රස්තියාදුකාරයන් වන අපට නිර්මාල්ට ලොකු බොහෝ දේ ලොකු නැති බව කියන්නට අවශ්‍යව තිබුණත්, අපට ගුරුහරුකම් දුන් අයකු ලෙස ඇති ගෞරවය නිසා මෙතෙක් නො කියා සිටියෙමි. එහෙත් මේ අවස්ථාවේ කියමි.

ස්වෝත්තමවාදයන්ගෙන් ගැලවීම අතිශය දුෂ්කර ය. පාසල්වාදය එයට හොඳම උදාහරණයකි. පුරුෂෝත්තමවාදයෙන් ගැලවුණු අය පවා පාසල්වාදය ළඟ නිරුවත්ව සිටිනු දැකිය හැකි ය. වාසනාවට නිර්මාල් නම් තමන්ගේ අල්මා මේටරය ගැන නන් දොඩවනු අසා නැත.

දේශපාලන සංවාදවලින් පසුව, පෞද්ගලිකව තරහා වන සෙසු බොහෝ වාමාංශික පසුගාමීන්ට වඩා නම් නිර්මාල් ඉදිරියෙන් සිටින බව සිතමි. හෙටත් අප මිතුරන් ම වනු ඇතැයි පතමි.

මෙන්න නිර්මාල්ට අලුතින් ලැබුණු අනුගාමිකයකුගෙන් මට ලැබුණු ප්‍රතිචාරය.

නිර්මාල් ජාතිවාදීයෙක් නම් උඹ මෝඩ තක්කඩි කාලකන්නියෙකි.
උඹ ගේ ඉහ නිකට පැහිල තියෙද්දිත් උඹ නොදකින ekta ගිවිසුමේ අදුරු පැත්ත
නිර්මාල් දේවසිරි දකිනව.
ඕක තමයි ඇත්ත .
උඹට තියෙන්නේ කුහක කමක් නැතිව උඹ නොදකින
එතුමා දකින අදුරු පැති ගැන කුහක කමක් නැතිව ගරු කිරිමයි.
නමුත් මම දන්නවා
උඹ ආත්මෙකට ඒක කරන්නේ නැහැ .
මොකද උඹට ඕන මේ රටේ උගතුන් මොන මගුලක් හරි කරල යට.කරල තියාගන්න .
තව ටිකක් වට පිට බල බල ඉදල කියපං
නිර්මාල් දේවසිරි මැදමුලන එකාගේ බත් බැලයෙක් කියල.

අලුත් යාලුවන් සමග අලුත් ගමනක් යන අපේ මිත්‍රයාට සුබපැතුම්!

කලින් ලිපිය මෙතනින්. ඊට පෙර ලියූ ලිපිවලට සම්බන්ධතා පුරුක් එහි තිබේ.

දුර බලනු! ළඟ නො බලනු! ETCA ඉදිරියට ගෙන යනු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ලස්සනයි හරි ලස්සනයි

ලකිඳු පීරිස් විසිනි

තිලක් කරුණාතිලක යනු අප අත්‍යවශ්‍යයෙන්ම කතාකල යුතු එහෙත් කිසි දිනෙක ඇගයීමට, කතාබහට ලක් නොවු සංගීතඥයෙකි.

ගුවන් විදුලි ගීත කිහිපයක් සංගීතවත් කලත් ඔහු වැඩිපුරම ගනුදෙණු කලේ සිනමා සංගීතය සමඟිනි. නමුත් ඔහු දායක වු බොහොමයක් චිත්‍රපටි කතාසාරය අතින්ද වානිජ අතින්ද සාර්ථක නොවු හෙයින් ඔහු නිර්මාණය කල ගීත ද වැඩිපුර රසිකයන් අතර ප්‍රචලිත වුයේ නැත.

මා අද පල කරන ගීතය අඩංගු වු "සඳ නැග එද්දි (1967)" චිත්‍රපටියම ඊට මහඟු උදාහරණයකි.එකල දිනමිණ පුවත්පතට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩයන් සිනමාපටය පිලිබඳ අදහස් දක්වා තිබුනේ ලෙසිනි. "මේ අවුරුද්දේ පහත්ම චිත්‍රපටිය මහදැනමුත්තාද නැතිනම් කිංකිණි පාදද යන්න එක එල්ලේ තීරණය කරගත නොහැකිව සිටි මම සඳ නැඟ එද්දි දුටු පසු එය ඉබේම විසඳාගතිමි".

එවැනි අසාර්ථක සිනමා කෘතියක් තුල වුවද සදාකාලික රසයක් ජනිත කල හැකි ගීත දෙකක් කරුණාතිලකයන් සිනමාපටයේ ගීත හතරට එක්කාසු කොට කොට ඇත.අද දින ඉදිරිපත් කරන "සීත නලවැල්" ඉන් එක් ගීයකි.

සිනමා පටයේ නමටම ඔබින සෞන්දර්ය වෑහෙන මේ පද සිත්තම නිමවුයේ චිත්‍රානන්ද අබේසේකරයන් අතිනි.ගායනය හරුන් ලන්ත්‍රා හා ඇන්ජලින් ගුණතිලකයන් විසිනි.ගීතයට දායක වු පාර්ශව හතරින් අද ඉතුරුව සිටින ඇන්ජලින් ගුණතිලක මහත්මියට දිර්ඝායුෂ පතමින් මේ ගීතය රස විඳිමු.
...............................................
සීතල නලවැල් තුරු අතරේ
මීදුම් කඳුමුදුනේ වැතිරේ
මේ කුළු පියඹා යයි අඹරේ
ලස්සනයි හරි ලස්සනයි
ඇල දොළ බැස යයි-මිණිකැට මතු වෙයි
මිහිර ලබාදෙයි -සමඟ විනොදේ
කිරිසිදු දිය ඇල්-පාට පාට මල්
පිපිලා සුවඳේ -මෝහන සුව දේ
තේ දළු නෙළනා කොමලියෝ දකිනා
සන්තොස පතුරයි සම්පත උතුරයි
ඇබරෙන කැරකෙන නයින් වගේ යන
වළලු වළලු වැනි මාවත සිරියයි
අමා වැසි වසී ගම සිනාසිසී
අලංකාර වේ අපේ ජීවිතේ
...........................................................................
ගායනය-හරුන් ලන්ත්‍රා හා ඇන්ජලින් ගුණතිලක
රචනය-චිත්‍රානන්ද අබේසේකර
සංගීතය-තිලක් කරුණාතිලක



2016-03-24

දුර බලනු! ළඟ නො බලනු! ETCA ඉදිරියට ගෙන යනු!

කෝටා ක්‍ර‍මය අවසන් වුණා ය කියා ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණේ නැත.
මම මූලධාර්මිකව ETCA ගිවිසුමට පක්ෂ ය. හේතුව මම කලින් ද කීවෙමි. මම ආර්ථික ජාතිවාදයට විරුද්ධ ය. ලෝකය ආර්ථික වශයෙන් වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට මම පක්ෂ ය. එය ප්‍රාග්ධනය තලයේ මෙන් ම ශ්‍ර‍ම තලයේ ද සිදු විය යුතු ය. 

ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට ඇති බාධා අවම ය. ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් එයට පහසුකම් සලසයි. රටට ආයෝජකයන්ගේ පැමිණීම මහත් උනන්දුවෙන් අපේක්ෂා කරනු ලැබේ. කිසිවෙක් එයට විරෝධය පළ කරන්නේ නැත. 


ETCAට විරුද්ධ වන අය මූලිකව ම විරුද්ධ වන්නේ ශ්‍ර‍මයේ නිදහස් සංචලනයටයි. නැතිනම්, ශ්‍ර‍මිකයන්ට ශ්‍ර‍ම වෙළඳපොළ අවශ්‍යතාවන් අනුව නිදහසේ සංචලනය වීම සඳහා ලැබිය යුතු නිදහසටයි. 

එසේම, වෙළඳපොළ විවෘත කිරීමට ද ඔවුහු විරුද්ධ ය. පුදුමය කියන්නේ ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් දමනවාට පවා විරුද්ධ ය. ලංකාව ලෝක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කරන ජාත්‍යන්තර කේබල්වලට හා චන්ද්‍රිකා හරහා කෙරෙන සන්නිවේදනයටත් මොවුන් විරුද්ධ ද?

ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍යය තීරණාත්මක ලෙස ආර්ථිකය විවෘත කළේ 1977දී ය. ඒ කාලයේදී ද බොහෝ දෙනෙක් එයට විරුද්ධ වූ හ. එහෙත්, 1977න් පසු ශ්‍රී ලංකාව ලබා තිබෙන සමාජ, ආර්ථික සංවර්ධනය හා විවෘත ආර්ථිකය එකිනෙකින් වෙන් කළ නො හැකි ය. 

ශ්‍රී ලංකාවට ආර්ථිකය විවෘත කරන්නට සිදු වූයේ සමාජවාදයේ නමින් පවත්වාගෙන ගිය ස්වයංපෝෂීභාවය ඉලක්ක කළ ජාතිකවාදී සංවෘත ආර්ථිකය විසින් ලංකාව දරුණු අර්බුදයකට ඇද දමා තිබුණු නිසා ය. 

මහින්ද රාජපක්ෂගේ දශකයෙන් පසුව ද ලංකාව සිටින්නේ එවැනි තීරණාත්මක සන්ධිස්ථානයක ය. දැවැන්ත රාජ්‍ය අංශයක හා රාජ්‍ය ණය උගුලක ලංකාව හිර වී තිබේ. රැඩිකල් ක්‍රියාමාර්ග නො ගෙන මේ අර්බුදයෙන් ගොඩ ආ නො හැකි ය.

ETCA ගිවිසුම ඔස්සේ පවත්නා තත්වයන්ට සෑහෙන බලපෑමක් ඇති වන බව ඇත්තකි. උදාහරණයක් ලෙස, ලංකාවට වෛද්‍යවරු පැමිණියහොත්, දේශීය වෛද්‍යවරුන්ට හා හොර වෙදුන්ට මේ තරම් පහසුවෙන් රෝගීන් සූරා කන්නට බැරි වනු ඇත. හැබැයි, වෛද්‍ය සේවාවවන්ගේ ගුණාත්මක තත්වය අනිවාර්යයෙන් ම පිරිහෙනු ඇතැයි කිව නො හැකි ය. රජයට ඒවා නියාමනය කරන්නට පුළුවන. හැබැයි කුමන නියාමනයකින්වත් වම, දකුණ මාරු කර ගැනීම වැනි නොසැලිකිලිමත්කම් නැති කළ නො හැකි ය. ඒ සඳහා වෘත්තිකයන් වගකීම් සහගත පුරවැසියන් විය යුතු ය.

මා මේ දක්වන ලද උදාහරණය උපහාසාත්මක වැඩි නම් ඔබට වෙනත් උදාහරණ දැක්විය හැකි ය. ඒවා එසේ නො වේ යයි කියන්නට මට අවශ්‍යතාවක් නැත. 

මා කියන්නේ මෙයයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අනිවාර්යයෙන් ම ලෝක ආර්ථිකයත් සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට සිදු වනු ඇත. අපට එහිදී ඉන්දියාව කිසි සේත්ම මගහැරිය නො හැකි ය. අපට බාහිර ලෝකයේ ආරම්භය ඇත්තේ ඉන්දියාවෙන් ය. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ ETCA ගිවිසුමට එරෙහි වීම නො ව, ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමේ මූලෝපායන් පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කිරීමයි. 

ලංකාවට ඒ සඳහා අවශ්‍ය ප්‍ර‍ත්‍යාස්ථිතිය තිබේ. ඒ සඳහා හොඳම උදාහරණයක් ඇඟලුම් කර්මාන්තයෙන් සපයා ගත හැකි ය. කෝටා ක්‍ර‍මය අහෝසි කිරීමෙන් පසු ඇත්තෙන් ම ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයක් සිදු විය. කෝටාවට ලාභ ඇඳුම් මහනවා වෙනුවට වෙළඳ නාම වෙනුවෙන් ගුණාත්මක අතින් ඉහළ ඇඳුම් මහන්නට ලංකාව සමත් විය. ඇතැම් කර්මාන්ත ශාලා කඩා වැටුණු බව ඇත්තකි. එහෙත්, සමස්තයක් ලෙස කර්මාන්තය ගුණාත්මක වශයෙන් ඉහළ ගියේ ය. ඒ කර්මාන්තයේ නියැලි ජනතාවගේ අප්‍ර‍තිහත ධෛර්යය නිසා ය. 

ETCA සම්බන්ධයෙන් ද කියන්න තිබෙන්නේ ඒ ටික ම ය. ජාතිවාදී, දේශපාලනික හා පෞද්ගලික අරමුණු සහිතව පෙළපාලි යන අසුබවාදීන් කුමක් කිව්වත් මේ රටේ ජනතාවට ඔය තත්වයන්ට හැඩගැසෙන්නට අවශ්‍ය ප්‍ර‍ත්‍යස්ථතාව තිබේ.

මෙම ලිපිත් කියවන්න: 
අප ඉන්දියාව සමග එක්ව යා යුත්තේ ඇයි? 
ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-22

මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ.

මෙම බලවේගය උත්සාහ කරන්නේ කුමකට ද යන්න විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. ඔවුන් උත්සාහ කරන්නේ වෙන පක්ෂ හදන්නට නොව ශ්‍රීලනිපයේ බලය අල්ලන්නට ය. ඉන්පසු අගමැතිකම ඩැහැගන්නට ය. අගමැතිකම ඩැහැගන්නට හැකි වුණොත් සිරිසේනට අයියෝ සොරි ම තමා ය.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැරදුණා නම් සිරිසේනට හා ඔහුගේ සමීපතමයන්ට වෙන්නට තිබුණු දෙය නැවත සිහිපත් කර ගත්තා නම් හොඳ ය.

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය සුද්ද කළ යුතු ය. ඒ වෙනුවෙන් මිළක් ගෙව්වාට කමක් නැත. ඒ මිළ 2016දී ගෙවන එක ද නරක නැත. මන්ද, ප්‍රධාන මැතිවරණ යළි පැවැත්වෙන්නේ 2020දී පමණ ය.

මහින්ද රාජපක්ෂ සමග ගැලවී යන්නට කැමති පිරිසට ගැලවී යන්නට දිය යුතු ය. ඒ වෙනුවෙන් අදාළ වන විනය ක්‍රියාමාර්ග රැගෙන අවශ්‍ය උත්ප්‍රේරකය සැපයිය යුතු ය.

එහෙම නො කළොත් සිදු වන්නේ කුමක් ද? මීළඟ පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ ද නායකත්වය මහින්දට දෙන්නට සිදු වනු ඇත. ඊළඟට උදේනිලා වැනි පල් හොරුන් රැළක් පළාත් පාලන මැතිවරණ තරග කරනු ඇත. දැන් සිටින පල් හොරුන් ටිකට ඔවුන්ගෙන් අමතර ශක්තියක් ලැබෙනු ඇත.

මේ වෙලාවේ දැඩි විනය ක්‍රියාමාර්ග ගත්තොත් වන්නේ කුමක් ද? මන්ත්‍රීවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ තනතුරු රැක ගන්නවා ඇත. එහෙත් ඔවුන්ට  අලුත් පක්ෂ හැදීම අමාරු වනු ඇත. අලුත් පක්ෂයක් හැදුවත් එහි කටයුතු කරන්නට සිදු වන්නේ මන්ත්‍රීකම අනතුරේ හෙළමිනි. තව අවුරුදු හතරක කාලයක් ඇති බැවින් විධිමත් අන්දමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රීලනිපයට කාලය තිබේ. ඒ අතර ලැයිස්තුවල ඊළඟට සිටින අය හා අලුත් අය සමග ආසන සංවිධාන කටයුතු කරගෙන යා හැකි ය.

2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ලේ ඇති නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අනාගත අභියෝග භාර ගැනීමට සූදානම් තත්වයකට ගෙන ආ හැකි ය.

ශ්රීලනිපය නො කැඩී මේ අන්දමින් අභ්‍යන්තර අර්බුදවලින් අඩපණ වීමේ වාසිය ඇත්තේ අන් කවරකුටවත් නොව එක්සත් ජාතික පක්ෂයටයි. 

ප.ලි: අපගේ පාඨකයකු විසින් මේ වගත් මතක් කර දෙන ලදී. මහින්ද සිටින තාක් කල් ශ්‍රීලනිපයට ජාතික පක්ෂයක් වන්නට බැරි ය. මන්ද, සුළුතර ජාතික හා ආගමික ප්‍රජාවන්ගේ සහයෝගය ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැත.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත් අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-20

මහින්දට යළි බලය දෙන්නට නම්

මහින්ද රාජපක්ෂ පසුගියදා හයිඩ් පිටියේදී පැවති රැස්වීමේදී තමන්ට නැවත බලය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වත්මන් ආණ්ඩුව අසාර්ථක බව ඔහු පවසයි. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලය තුළ අධික ලෙස විවෘත වෙළඳපොළෙන් ගත් ණය හා පොළී ගෙවන්නට රජයේ සමස්ත ආදායමත් මදි වී ඇති සංදර්භයක් තුළ ආණ්ඩුවකට අතිශය සාර්ථක වන්නට බැරි ය. 

ඔහු කළ බව කියා උදම් අනන හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි අසාර්ථක ව්‍යාපෘතිවලින් ණය ගෙවීමට තබා පොළී ගෙවීමටවත් ආදායම් උපදින්නේ නැත. 

වත්මන් ආණ්ඩුව ගත් ණය ගැන කියන විට ඔහු මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ඒ ණය ගත්තේ ප්‍රධාන වශයෙන් ම ඔහුගේ කාලයේ ගත් ණය ගෙවන්නට බව ඔහු මතක තබා ගත යුතු ය. 

අනාගත පරම්පරා ගණනාවක් උගස් තබා ගත් මේ ණයවලින් වැඩි ප්‍රමාණයක් මහින්ද හා ඔහුගේ අන්තේවාසිකයන් පිල්ලි ගැසූ බව නො රහසකි. වත්මන් ආණ්ඩුව මහින්දලාට එරෙහිව ප්‍රමාණවත් පියවර නො ගත්තා ය කියා මේ ඇත්ත බොරු වන්නේ නැත. 

එහෙත්, මහින්ද විසින් මවන ලද සංවර්ධන මායාව ගිල ගත් විශාල ජනගහණයක් මේ රටේ සිටිති. 

මහින්ද දෙමළ ජාතිවාදී කැරැල්ල පරදවා සිංහල ජාතිවාදීන්ට සිවිල් යුද්ධයේ ජයග්‍රහණය අත්පත් කර දෙන්නට ගත් පියවර හේතුවෙන් ද ඔහු සිංහල ජනතාව අතර ජනප්‍රිය ය. ඔහුගේ ජන ඝාතක යුද්ධය ඔහුටත් ඔහුගේ ආධාරකරුවන්ටත් මහා දෙයකි. හැමදාමත් යුද විරෝධීන් වූ අපි එය පිළි නො ගනිමු. 

එහෙත්, යුද්ධය සම්බන්ධ සුසමාදර්ශීය වෙනස නිර්මානය කළ පාලකයා මහින්ද බව අප අවිවාදයෙන් පිළි ගත යුතු ය. එම සුසමාදර්ශීය වෙනස දේශපාලනික ඉතිහාසය තුළ අතිශය වැදගත් ය. කිසිවෙකුට එය නො තකා හැරිය නො හැකි ය. 

මහින්ද රාජපක්ෂ යනු කාටත් නො තකා හළ නො හැකි නායකයකු වන්නේ එම සංදර්භය තුළයි. එහෙත්, යුද්ධය නිමාවෙන් පසු ඔහුගේ වසර පහමාරක පාලනය තුළ ඔහු අසාර්ථක නායකයෙකි. 

ජාතීන් අතර සංහිඳියාව නිර්මානය කිරීම, සාමය ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර සහජීවනය, ආර්ථිකය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි කිසිදු වගකීමකදී ඔහු සාර්ථක වූයේ නැත. රාජ්‍ය බලය හා සම්පත් මුළුමනින් ම තමන්ගේ වාසියට යොදාගෙන පවත්වන ලද ජනාධිපතිවරණයකින් පවා ඔහු පරදින්නේ ඒ නිසා ය. 

ඔහුගෙන් පසු වසරක පමණ කාලය තුළ අපි නිදහස භුක්ති වින්දෙමු. 

තමන් කළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට දණ්ඩනයට ලක්ව සිටිය යුතු මහින්ද රාජපක්ෂ යළි ජනතාව ඉදිරියට පැමිණ පපුවට ගසා ගනිමින් යළි බලය තමාට දෙන්නැයි කියන්නේ ඒ නිදහස වල් බූරු නිදහසක් තරම් දුර දිග ගොස් ඇති නිසා ය. 

හරි. ඔහු ඉල්ලන නිසා අප යළි ඔහුට බලය දිය යුතු යයි සිතමු. ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ඔහුට රාජ්‍ය බලය ලබා ගත නො හැකි ය. ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රීන් වැඩි පිරිසකගේ සහයෝගය ඔහුට ලබා ගැනීමයි. 

ඒ සඳහා ඔහු වහා පාර්ලිමේන්තු දේශපාලනයට පැමිණිය යුතු ය. පන්සල්වලදී, උසාවි ළඟදී, රැස්වීම්වලදී ඔහු කියන කතා කියන්නට නියම තැන පාර්ලිමේන්තුව ය. තමන්ගේ කාලයේ කළ කී දේ ගැන ප්‍රශ්නවලට නිල අන්දමින් පිළිතුරු දෙන්නට ඔහුට පුළුවන. එසේම, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නට තමන්ට ඇති සැලසුම් ද ඔහුට සවිස්තරව හෙළිදරව් කළ හැකි ය. 

එහෙම නැතිව පපුවට ගසා ගත්තා ය කියා ඔහුට නැවත මේ රටේ පාලන බලය ලැබෙන්නේ නැත. රැස්වීමකට සෙනග ආවා ය කියා ආණ්ඩු පෙරළෙන විප්ලව සිදු වන්නේ නැත. 

දේශපාලන අවබෝධයක් ඇති කිසිවෙක් ඒවායින් සැලෙන්නේ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

අජන්තාට ආදරෙන් ලියූ සටහනක්

හෂිත අබේවර්ධන විසිනි

අමරදේව ගයන ගී අතර මා අඬවන ගී කීපයක් ඇත.. එක් ගීයක් නම් මහගම සේකර පරසතු මල් චිත්රපටියට ලියූ 'සඳකත් පිණිදිය' ගීයයි. ඒ ගීය අවසන් වන්නේ 'සුසුම් හෙළන තුරු ලතා ලපල්ලේ.. සිහිල් සුවඳ හා එතී...මගේ කවුළු දොර තුළින් එබී ඔබ සොයා ඇදේ' යනුවෙනි..



මගේ කවුලු දොර තුළින් එබී ..............

ඉන් පසුව, ඇසිය යුතු ගීය බිහිවුනේ 1993-95 අතර කාලයේ විය යූතුය.

ඒ ගීය අසන විට මා නිතැතින්ම සිටින්නේ පේරාදෙණියේ ගලහ පාරේ කෝච්චි පාරට උඩින් ඇති, සුද්දා හැදූ ගල්පාලම මත සිටගෙන ඒ අසළ ඇති උස, රතු මල් පිපෙන, ගහ දිහාබලා ගෙනය, වෙලාව පාන්දර හතරට පමණ විය යුතුය.

උදෑසන පින්නේ විදුලි බුබුලු වෙතින් නික්මෙන්නේ අඳුරු පැහැ එළියකි. ඒ අතරේ සරසවි උයන ශාලාව දෙසට විහිදෙන දුම් රිය මග පින්නේ දිළිසෙයි. විජේවර්ධන ශාලාවේ වරක් වර්ණපාල මහතා විසූ ශාලාවේ මතු මහලේ සිවුවෙනි කවුළුවෙන් 'දන්නා මුහුණ' පෙනෙතැ‍යි බලමින් ඇවිද යමි. ඇය පේරාදෙණිය රෝහලේ සේලයින් හා හයිඩ්රකෝටිසෝන් බට හයක් අතර බව මට මොහොතකට අමතක වූ බව සිහිවෙයි. මම නැවත පාර පනිමි.

වරක් සයිමන් මතක් කළ කහපාට රොබරෝසියා නො-වරණ මාස් කන්ද අයිනේ ගස් පෙළ පසු කරමින් සරසවි උයන ශාලාව වෙත යමි.

වයලීනයක් ඔලුව පුරා වැයෙයි... එබඳු ප්රාරම්භ වාදනයක් ඇති සින්දු ලංකාවේ සුලබ නැත. සින්දුවකට එබඳු වැයුමක් ලියවෙන්නේ පද පෙළ නිසාය.. උදෑසන අහසේ අරුන්දතී තාරකාව පායා ඇත. හිත වෙලා ගත් අවිනිශ්චිත බව, මරණයේ සෙවණැල්ල අමතක කරන සෝබර බවින් මරණය කෙරේ සිත උකටලී කෙරෙන [melancholic] ගීයක පද සඳකත් පීණිදිය හා වෙලී ඇත්තේ වෙන්කර හඳුනා ගත නොහැකි අන්දමිනි, ඒ මගේ මනසේය. එය සමාන අසමානතා අතර තිත් යා කරයි.

'ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට හිතුණා..'

මේ තරම් හිතට අවිනිශ්චිත බව දනවන වෙනත් පද දෙකක් මගේ මතකයේ නොවේ, ඒ නිසා මම 'තරු අරුන්දතී' ගීය නිතර නො අසමි, එය ඉඳලාම අසන දිනයක සිත පුරවන මිහිරි ශෝකය දුලබ සුරාවක් මෙන් සුරැකිව තබා ගනිමි.

මහගම සේකරට පසුව අමරදේවට හොඳම ගීතය ලියා ඇත්තේ අජන්තා විය යුතුය. අමරදේව ගේ හඬේ ඇති උකටලී බව තීව්ර කෙරෙන වෙනත් ගීයක් [මා මළ පසු ගීයෙන් පසුව] ලියවී ඇත්නම් ඒ තරු අරුන්දතී ම ය. ගී දෙකේම වයලිනය රැහැ‍යි හඬක් ඇති කරනවා යයි මට හිතෙන්නේ 'සාංකාවෙනි'.

අජන්තා ගේ පරිණතිය ඇත්තේ මේ ගීයේය. එය මා වෙළා ගන්නේ බැසයන දම්පාට සඳ එළියක් මෙනි. එක වරක් ඇසූ පසු බොහෝ වතාවක් නොඅසා බැරි යැයි හිතෙන 'තරු අරුන්දතියේ' ඇති තනිකම ජීවිත අත්දැකීමකට සමපාත වීම ඉන් මිදීමේ පහසුව සැළසීය. [එදා මා සමග පේරා දෙණිය රෝහලේ කොරිඩෝවක බොහෝ වෙලා ඉඳගෙන සිටි අනිත් අජන්තා -ආචාර්ය අජන්තා හොරදාගොඩ- මියගොස් මාස කීපයකි.]



දැන් මගේ සිත නැවත බියෙන් වෙළී යයි. අජන්තා ගැන කුමක් ලියන්නද, ඔහු රසදිය මෙන් ඇඟිලි අතරින් පෙරී යන ගී රචකයෙකි. ඒ අතරේම ඔහු රිදී දහරක් මෙන් අඳුරේද දිදුළයි. ඔහුගේ එක් වෙසෙස් ගුණයක් වන්නේ ඔහු සතු පුළුල් බවයි. [මේ පුළුල සතුව ඔහුට පෙර අයෙකු සිටියා නම් ඒ ජෝන් ද සිල්වා සූරීන් හා කරුණාරත්න අබේසේකර සූරීන් පමණක් වෙන්න ඇත]. 'ජගදානන්දන' බඳු බැතියෙන් උතුරන ගීයක් සේම 'විල්ලුද පුංචි දෙපා' වැනි ගීයක් ලිව්වේ එකම අතකින් දැයි අසන තරමට ඔහුගේ රචනා පරාසය විස්මිත ව පැතිරී ඇත. කාලිදාස 'ආප'යට පර්යාය වදන් දහසක් දැන සිටීම කාලිදාසගේ වරදක් නොවේ.

ගී පදයෙන් ඔහු ස්පර්ශ කළ සෑම විෂයයක් ම එහි පරිසමාප්තික ප්රකාශනය දක්වා මුහුකුරා යැවීමට සමත් කවිකමකට උදාහරණ ලෙස 'බෝධියේ විහාරයේ' ගීය දැක්විය හැකිය. අදත් බාලිකාවන් ගී තරඟයකට යනවා නම් තෝරා ගන්නා එක් ගීයක් වන්නේ වන්නෙ 'බෝධියේ විහාරයේ' බව අවුරුදු අටක ප්රායෝගික අත් දැකීමක් ඇත.

සාරංගාට ම ලියූ 'සිරිමාබෝ මැඩ' ගීය දුවක් නැලවීමට ඉබේ මතක් වීම අපටද පොදු අත් දැකීමකි. ඒ අජන්තා සතු චිරන්තන සාහිත්යයේ, ජන ශ්රැතියෙ සංකේත ස්විය කරණය කරගැණිමේ මහත් කෞශල්යය නිසා විය යුතුය.

අජන්තා ගේ සින්දුවෙන් සින්දුව ගෙන බොහෝ දේ ලිවිය හැකි මුත්, ඔහු අපේ ජීවිත හා බැඳි ඇති අයුරු ලියා තැබීම මගේ අරමුණ විය. මහගම සේකර සමරුවකට ඔහුගේ ගී රචනා ගැන කතා කිරීමට එන්න ‍යැයි ආරාධනා කළ විට, 'නෑ, ඕකට හරියන්නේ මම නෙවෙයි.' කියා ධර්මසිරි ගමගේ වෙත අප යොමුකළ දා ලේක් හවුසියේ පඩි පෙළ බැස ආ 'තරුණ' ජේත්තු කාරයා අවසන් වරට රූපවාහිනියේ දකින විටද වියපත් බවේ ඉරි අතරින් එබී බැලූ හැටි පේරාදෙණිය ඉස්පිරිතාලේ හිටි 'ඇය' ද මා ද දැක පැහැදිලි කරගෙන ඒ ගැන කතා කළෙමු.

දැන් ඔහු තවදුරටත් වියපත් නොවෙන ඉසව්වකට ගමන් කර ඇත.

'නොගිහින් එන්න බැරි' නමුත් නොයාම ඉන්නවා නම් මොනතරම් පහසුද?

හෂිත - 2016 පෙබරවාරි 27
රසවතිය








මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-18

රාජපක්ෂ පෙන්නා ගොඩ යන්නට ආණ්ඩුවට හැකි වේ ද?

දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ. 

තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත. 

මෙම බලවේගයට එරෙහිව ශ්‍රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතු ය. එයට ගැලවී යන්නට ඉඩ දිය යුතු ය. 2015 අගෝස්තුවේ මෙන් ශ්‍රීලනිපය හයිජැක් කිරීමට ඉඩ නො දිය යුතු ය. 

එසේ ම, ශ්‍රීලනිපය ද 2015 අගෝස්තුවේ කළා සේ නැවත වතාවක් මෙම බලවේගය හයිජැක් කරන්නට උත්සාහ නො කළ යුතු ය. ඔවුන්ට ඔවුන්ගේ ගමන වෙන ම යන්නට ඉඩ දිය යුතු ය. 

මෙය ඉතා පැහැදිලිව දූෂිත බලවේගය වෙන ම ගොනු වන චෞර විපක්ෂයකි. එය ඉතා හොඳ තත්වයකි. 

විශේෂයෙන් ම ශ්‍රීලනිපයට මෙය අනගි අවස්ථාවකි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බුද්ධිමත්, ප්‍රගතිශීලී, නව දේශපාලන නායකත්වයක් ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතු ය.

ජනතාව අතර සැලකිය යුතු පිරිසක් දේශපාලකයන් තරමට ම දූෂිත බව අපි මුල සිට ම කියා ඇත. එබැවින් මහින්දලා පසුපස මෙවැනි පිරිස් වහ වැටීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ගේ සිහිනය දකින්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. සිහිනය යළි සැබෑවක් නො වන්නට පමණක් වග බලා ගත යුතු ය. මේ පරම්පරාව ඔවුන් සමග යාම වළක්වන්නට ද ලොකු උත්සාහයක් ගත යුතු නැත. බැලිය යුත්තේ අනාගත පරම්පරාවන් දෙස ය. ඔවුන් අතර තරුණයන් නැති බව සුබවාදී ඇසින් බැලිය යුතු ය. එය රැක ගත යුතු තත්වයකි. 

රට ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතිය හා යුක්තිය ගැන හැඟීමක් ඇති බලවේගයට ඇත්ත අභියෝගය තිබෙන්නේ මහින්දවාදීන් සමග ය. ඔවුන් වෙන ම පෙරමුණක ගොනු වීම ඇත්තෙන් ම ඉතා යහපත් තත්වයකි. මේ රැළි මාලාව රට පුරා ම කරගෙන යන්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. එය එක පැත්තකින් විදේශයන්හි සඟවා තිබෙන කළු සල්ලි සුදු කර ගන්න ද හොඳ ක්‍රමයකි. බත් පැකට්, අරක්කු ලෙස හෝ ඒවා මේ රටට ආපසු එන එක විදේශයන්හි තිබෙනවාට වඩා හොඳ ය. 

ආණ්ඩුවට මේ ටිකත් කිව යුතු ය. තව දුරටත් රාජපක්ෂ බිල්ලා පෙන්නා වැඩේ කර ගන්නට නම් නො ආ යුතු ය. රාජපක්ෂ බලයට ආවොත් කාට කාටත් වන දේ තම තමන් තේරුම් ගෙන වැඩ කර ගත්තාට අපට කමක් නැත. එහෙත් රාජපක්ෂ නිසා තව දුරටත් ආණ්ඩුවට සහයෝගය දෙන්නට තරම් අපට අමාරුවක් නැත. 

මේ චෞර නඩයට මෙසේ වීදි සරන්නට ඉඩ දුන්නේ අප නො වේ. මහින්දලා, වෙල්ගමලා, විමල්ලා මෙන් ම වේදිකාව පිටුපස හැංගී සිටින රෝහිතලා, මහින්දානන්දලා ආදීන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත්තේ ඇයි ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. මහින්ද කළා සේ තම විරුද්ධවාදීන් අල්ලා කූඩු කිරීම වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. 

එසේම, රටේ පවතින ඇත්ත මහජනතාවට තේරෙන අන්දමින් කියන එක ද ආණ්ඩුවේ වැඩකි. මහජන සහයෝගය ලබා ගන්නට නම් ආණ්ඩුව හා මහජනයා අතර යහපත් සංවාදයක් තිබිය යුතු ය. ආණ්ඩුව විසින් ළං කරගෙන සිටින පිරිස් එය නිර්මානය නො කරන බව පැහැදිලි ය. 

මේ සියල්ල මැද ආණ්ඩුව රට පාලනය කළ යුතු ය. ආර්ථිකය කළමනාකරණය කළ යුතු ය. මහජනතාවට රිද්දන්නේත් නැතිව අයවැය පරතරයත් අඩු කළ යුතු ය. රටට විදේශ ආයෝජන ද ගෙන ආ යුතු ය. ඇත්තෙන් ම රැකියා උත්පාදනය ද කළ යුතු ය. ලෝක ආර්ථිකයත් සමග යහපත් ගනුදෙනු ගොඩනගා ගත යුතු ය. 

චෞර විපක්ෂය වෙන ම ඒකරාශී වෙමින් තිබේ. එය වඩා පැහැදිලි තත්වයකි. තමන්ගේ අතීත වැරදි වෙනුවෙන් මුක්තිය, සොරකම් කළ මහජන දේපලවලට ආරක්ෂාව, ජාතිවාදය, ආගම්වාදය වැනි සටන් පාඨ ඔවුන්ට ම දිය යුතු ය. 

රට ගැන හැඟීමක් ඇති, බලයට කෑදර නැති, ආණ්ඩුව පිටින් සිට නියාමනය කරන, අනාගතවාදී, හෙට වෙනුවෙන් පොදු අවම වැඩසටහනක් මත පදනම් වූ ප්‍රගතිශීලී විපක්ෂයක් ගොඩනැගීම සඳහා ප්‍රගතිශීලී බලවේග පෙරට ආ යුුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-17

මංජුල වෙඩිවර්ධනගේ පියෙටා රස විඳිමු

ප්‍රසාද් අලුත්වත්ත - මියදුණු ඇසතු ගස යට පියෙටා [Pieta under the dead Asathu tree]
කලකින් දුටු කතා කළ හැකි කවියකි. හොඳ කවියක් දැක්කාම එළ, පට්ට, සිරා හා මල් මිටවල පිංතූර දික් නො කර එයින් විඳ ගත් රසය ගැන කතා කළ යුතු ය. එහිදී තමන් වරලත් විචරකයන් යයි සිතා සිටින අනන්‍යතා අර්බුදවලින් පෙළෙන පණ්ඩිතයන් කියන දේ ගණන් නො ගත යුතු ය. රසවින්දනය පොදු ජන අයිතියක් බව ඔවුන් උගත යුතු ය.

කලාව ගැන කතා කිරීම වැදගත් ය. මන්ද, කලාවේ ඇති දේශපාලනය මතු කර ගත හැක්කේ ඒ ගැන කතා කිරීමෙනි. නැතිනම් කලාකාරයෝ කලාවෙන් දේශපාලනය කරන්නට යති. එය කලාව දුබල කරයි.


පියෙටා - මයිකලාන්ජලෝ
පියෙටා.................

ඇසතු ගහ යට මරියනී
ඇසග පිපිරුණු මරියනි
සකල අවි මැද දිරියෙනි
ඇසතු ගහ යට මරියනී

පුත් කුමරු ඔය උකුළත
ඇත්තටම සැතපෙනවද
නෙත් අරින්නට බැරුවද
සිත් සතන් නැති හෙටකට

මියුණු ගසකට හැකිවෙද
නගනු බෝපත් වෙණ නද
බිඳුණු සුරුවම විනිවිද
බොදුනු හදවත පෙනුනිද?

කුරුස ගසකින් බැස එන
ඇසතු ගස යට කැළඹෙන
එකම පපුවක කැළතෙන
සුසුම කොතැනක නවතින?

-මංජුල වෙඩිවර්ධන
2016 මාර්තු 16

පියෙටා යනු මරියතුමිය ජේසුතුමාගේ මළ සිරුර දෑතින් ගෙන සිටින දර්ශනයක් ඇතුළත් ක්‍රිස්තියානි වැළපුම් කලාංගයකි. මයිකලාන්ජලෝ ඇතුළු කලාකරුවෝ රැසක් මෙය මූර්ති ස්වරූපයෙන් නිරූපණය කර තිබේ.

මේ සමග දැක්වෙන ප්‍රසාද් අලුත්වත්තගේ ග්‍රැෆික් චිත්‍රයෙහි නිරූපණය වන්නේ ඇසතු ගසක් යට පාසල් දරුවකුගේ ලේ වැකි මළසිරුරක් දෑතින් වඩාගෙන සිටින මවකි.

ඇය වටා සිටින්නේ දස මාර සේනාවයි. එය බොහෝ දුරට මහනුවර යුගයට අයත් හිඳගල බිතුසිතුවම්වල දැක්වෙන මාර පරාජය වැනි චිත්‍රයකට සමාන ය.
මාර පරාජය - හිඳගල පන්සල
කවිය වෙනම ම වදන් සිතුවමකි. ඇසතු ගස යනු බුදුන්ට බුද්ධත්වය ලබා ගැනීම සඳහා සෙවණ දුන් බෝධියයි. එය යට වාඩි වී සිටින්නේ මරියා ය. ඇගේ ඇස අග පිපිරී තිබේ. ඒ ඇයි ද යන්න අප සිතිය යුතු ය. දෑස් කුඩා කරගෙන බොහෝ කල් මග බලා සිට වෙන්නට ඇතැයි මට සිතේ. සකල අවි මැද ඇය නො බියව ඇසතු ගස යට සිටින්නේ බුදුන්ගේ මාර පරාජය සිහිපත් කරමිනි. ඒ පුත්‍ර ස්නේහය නිසා ය. මරියා එවැනි මවකගේ සංකේතයකි.

ඇගේ ඇකයේ සිටින පුත් කුමරුවා නිදිදැයි කවියා අසයි. කුමරු යන යෙදුමෙන් අපට සිදුහත් කුමරු ද සිහිගන්වයි. එය රාහුල කුමරු වෙනුවෙන් යසොදරාවතේ සුලබව යෙදෙන්නකි. කවියා අනාගතය දකින්නේ සිත් සතන් නැති හෙටක් ලෙසයි.

ඇසතු ගස මිය ගොසිනි. සුරුවම බිඳී ඇත. එතුළින් පෙනෙන හදවත බෞද්ධයන්ගේ හදවත වැනි ම එකක් නොවේදැයි කවියා අසයි.

කුරුස ගස හා ඇසතු ගස බෞද්ධ හා ක්‍රිස්තියානි සංකේත දෙකක් කදිමට එකට පෑහීමකි. ජේසුතුමා හා බුදු හිමියන් සිය උච්චස්ථානයන්ට එළඹුුණේ එ ගස් ළඟදී ය. කුරුස ගස වඩා කෘර ය. ඇසතු ගස නෙතට ප්‍රිය සෞම්‍ය දර්ශනයකි. දෙවිදියකින් වුවත් මේ දෙපල ළඟා වූයේ එක් ගමනාන්තයකට බව කවියා අදහස් කරනු වැනි ය. එය කුමක් ද? ආගමික අරුතට වඩා මානුෂික අරුතක් එහි ඇත.

සියලු හදවත්වල කැළතෙන්නේ එක ම සුසුමකැයි කවියා කියයි. ඒ සුසුම කුමක් ද? සමාජ සාධාරණත්වය වෙනුවෙන් පවත්නා ක්‍ර‍මයට එරෙහිව අරගල කිරීම හේතුවෙන් මරා දමන ලද දරුවන් වෙනුවෙන් මව්වරුන්ගේ විලාපයයි.

ජේසුතුමන් මරා දමන ලදී. එදා මරා දමනු නො ලැබූ බුදු හිමියන් බෞද්ධයන් අතින් අද ඝාතනයට ලක් වෙමින් තිබේ. දෙමළා මරා දැමීම වරදක්දැයි කියා පමණක් නොව ඇතින්න මරා අලි පැටවා යදමින් බැඳ සුරතලයට හදා ගැනීමට ගෙදර ගෙන ඒම වැරදිදැයි අසන්නේ බුද්ධ පුත්‍රයන් යයි තමන් හඳුන්වා ගන්නා අය ම ය.

ශූර ලෙස කවිය ගොඩනගන අතරතුර ම ඍජුව පණිවුඩ කීමේ පෙළඹුමකින් කවියා පීඩාවට පත් වන බවක් ද පෙනේ. එය ප්‍ර‍සාද් අලුත්වත්තගේ චිත්‍රයෙහි ද තිබේ. කවියන්ට එසේ වන්නේ සමාජය කවි ගැන කතා නො කරන නිසා විය හැකි ය.

පහත පළ වන්නේ ඉහත කවියේ දළ ඉංග්‍රීසි පරිවර්තන උත්සාහයකි. (යටත් විජිත භාෂා වහලුන්ට අපත්‍ය විය හැකි ය)


Pieta

Maria under the Asathu tree
Maria with weary eyes
Boldly under the Asathu tree
Surrounded all by guns

Princely son on your lap
Is he really sleeping?
Can’t he open the eyes
To a senseless tomorrow

Can a dead tree play
The fiddle of rustling leaves
Did you see the Buddhist heart
In the smashed idol

Down a tree of cross
Storming under the Asathu tree
Whither the sigh lingers
That boils in one heart


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-16

මේ ඝන අන්ධකාරයෙන් මිදෙන මං සිතමු


ඊයේ මාර්තු 15 දින ලෝක පාරිභෝගික හිමිකම් දිනයයි. 2012 / 13 ගෘහ ඒකක ආදායම්  වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ ජනතාවගෙන් 90.2%ක් ම විදුලි පාරිභෝගිකයෝ ය. එහෙත්, මෙම සටහන තබන මොහොත වන විට ඔවුන්ගේ පාරිභෝගික හිමිකම් අභියෝගයට ලක් වී තිබේ.

එයට ආණ්ඩුව වගකිව යුතු ප්‍රමාණය කෙතරම් ද යන්න පිළිබඳව සංවාදයක් ඇත. හැම දෙයකට ම ආණ්ඩුවට බැනීම ජනප්‍රිය දෙයකි. අප නම් සිතන්නේ මෙයට වැඩිපුර වගකිව යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය හා එහි ඉංජිනේරුවන් බවයි.

විදුලිය විසන්ධි වුණ ලෝකයක මිහිර හෝ අමිහිර විඳ ගනිමින් සිටින මේ සමය විදුලියට ප්ලග් වුණ ජීවිත ගැන සාකච්ඡා කරන්නට සුදුසු මොහොතකි.

මේ වන විට මුළු ලෝකය ම සිටින්නේ දැඩි අර්බුදයක ය. සිරියාව, යේමනය ඇතුළු අරාබි අර්ධද්වීපයේ හා නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ හා තුර්කියේ දරුණු අර්බුද එම රටවල ජනයාට පමණක් නොව මුළු ලෝකයටමත් බරකි. 

චීන ආර්ථිකයේ මෑත ඉතිහාසයේ පැවති විස්මිත වර්ධනය මේ වන විට දකින්නට ලැබෙන්නේ නැත. චීනයේ වසර 25ක ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධනය වාර්තා වූයේ 2015 වර්ෂයේයි.

මැද පෙරදිග සිට යුරෝපයේ විශේෂයෙන් ම ජර්මනිය වැනි රටවලට සිදු වන දැවැන්ත සරණාගත සංක්‍රමණය විසින් කලාපය දුෂ්කර තත්වයකට පත් කර ඇත. සරණාගතයන් දරා ගත හැකි ප්‍රමාණය උපරිමයට ළඟා වී හෝ උපරිමය පසු කර ඇති බව ද රටේ ජනගහණයේ අභ්‍යන්තර සාමය අනතුරට පත් වී ඇති බව ද ඇතැම් ජර්මානුවෝ පවසති. 

යුරෝපා සංගමය බටහිර ධනවාදයේ සිදු වූ කැපී පෙනෙන වර්ධනයකි. එය විවෘත දේශ සීමා ඇති, පුළුල් දේශපාලන ප්‍ර‍ජාවන් හා සංස්කෘතීන් ගොඩනැගෙන හා වර්ධනය වන අවකාශයක් වනු ඇතැයි බලාපොරොත්තු වුණත්, ඒ වෙනුවට අද වන විට එය බිඳී විසිර යාමේ අවදානමකට මුහුණ දී සිටියි. එක්සත් ජනපදය ද සිය ආර්ථික වර්ධනය දුබල වීම වළක්වා ගැනීමට අරගලයක් කරයි. 

ග්‍රීසියේ මුල්‍ය කඩාවැටීමේ තර්ජනය, ජපානය හා චීනය අතර ආතතිය, බ්‍රසීලයේ දුබල ආර්ථිකය, යුරෝපය හා උතුරු ඇමරිකාවත්, රුසියාවත් අතර ඇති සීතල යුද්ධය වැනි තවත් ප්‍රශ්න රැසකි. 

ලෝකයේ ඉදිරි ගමනට මෙම සියලු අර්බුද වැදගත් වන මුත් එක් කරුණක් පැහැදිලි ය. ගෝලීයකරණය තුළ මුළු ලෝකය ම එකිනෙකා මත යැපෙන බව පැහැදිලි ය. ජය පරාජය තීරණය වන්නේ එකිනෙකා මත යැපෙන මෙම දැවැන්ත යන්ත්‍ර‍ය තුළ හොඳින් අල්ලාගෙන සිටින්නට රටකට ඇති හැකියාව මත ය. 

ලංකාව අද මුහුණ දී සිටින අර්බුදය අප විසින් තේරුම් ගත යුතුව තිබෙන්නේ මෙම සංදර්භය තුළ ය.

මෙය ධනවාදයේ අර්බුදය ලෙස ද විග්‍ර‍හ කරන්නට හැකි ය. කෙසේ වෙතත්, එය ලෝක සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදයකි. 

ජාත්‍යන්තර පාරිභෝගික දිනය මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද?

සෑම මිනිසෙක් ම පාරිභෝගිකයෙකි. මිනිසා පරිභෝජනය කරයි. එසේම, පරිභෝජනය නො  කරන කිසිදු ජීව ප්‍ර‍පංචයක් නැත.

එහෙත් පරිභෝජනවාදය හා භාණ්ඩ වන්දනාව ලෝක ආර්ථිකයට බලපාන ප්‍ර‍තිගාමිත්වයක් බව ඇති වන අර්බුදයන් විසින් පුන, පුනා පෙන්වා දෙමින් තිබේ. 

ලෝකයට පරිභෝජනය ගැටලුවක් නො වන මුත් පාරිභෝජනවාදය දරා ගන්නට බැරි ය. මෙය ලංකාවට අදාළව විදුලි අර්බුදයෙන් ම සලකා බැලිය හැකි ය. අප විදුලිය භාවිතා කරන සියලු ක්‍රියාකාරකම් අපට ඇත්තෙන් ම අවශ්‍ය ද? 

ලංකාවේ ආර්ථිකය බරපතල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටියි. අපගේ ආනයන වියදම් හේතුවෙන් අපනයන ආදායම දැඩි ආතතියකට මුහුණ දී සිටියි. රටේ සංවර්ධනය සඳහා දේශීය ඉතුරුම් නොමැති බැවින් රජය සීමාන්තිකව ණය ගනියි. දැන් දැන් ණය ගන්නේ ගත් ණය ගෙවන්නට හා දෛනික පැවැත්ම සඳහා ය. 

අප ආනයනය කරන සියලු දේ අපට අත්‍යවශ්‍ය ද? අප මෙතරම් ඉන්ධන ප්‍ර‍මාණයක් දහනය කළ යුතු ම ද? මේ පාරිභෝජනවාදී ජීවන රටාව අප රැගෙන යන්නේ කොතැනට ද? 

අර්ථ ක්‍ර‍මය ධනවාදය වුවත්, සමාජවාදය වුවත්, මිනිස් සමාජය විසින් ආමන්ත්‍ර‍ණය කළ යුතුව තිබෙන බරපතල ම ගැටලුව වන්නේ පාරිභෝජනවාදයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-15

දුවේ මං පුතා

ජීවිතයට නුඹලා දුන් සතුට තරම්
කිසි කවියක් පොහොසත් වී නොමැති තරම්
පමා වෙලා මට දුන් පිය පදවි වරම්
දුවේ නුඹයි මට නම් දෙවි සතර වරම් 

මගේ සෙවණ යට නුඹ හැදෙනවා නො වේ
නුඹේ සිසිල තුළ මම දරුවෙක් ය දුවේ
රුදුරු ගොර බිරම් රකුසන් සිටින ලොවේ 
සැරූ වෙහෙස ඔය එක බැල්මකින් නිවේ

කොතෙක් වැරදි කෙරුවත් මා පියා නිසා
පුතෙක් ලෙස වඩාගෙන මා සිත් සනසා
සමාබර සිතින් නුඹ දෙන පණ විලසා 
විසල් දෙයක් දකිනට වෙද තව කෙලෙසා

හිතේ නැගෙන ආදරයට වචන නැත
හදේ සෙනෙහසට දෑසට කඳුළු නැත
දුවේ කියන් මා තාමත් පමා නැත
නැගී පා නගන්නට මට දෙන්න අත
- අජිත් පැරකුම් ජයසිංහ
2016 - 03 - 13

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-13

සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් කතිකාවක් අරඹමු!

ගත් අල්ලසක මුදල් ගනිද්දී අතට ම අසු වූ උදේනි අතුකෝරළ. රාජපක්ෂවාදී විපක්ෂයේ ප්‍රබල සංකේතයක් 
මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට යම් පියවර ගනිමින් සිටියි. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි. රටක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම සාධාරණ ය. එහෙත්, ගත් ණය එම ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ගෙවන්නට හැකි විය යුතු ය. 

රාජපක්ෂලා කර තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට ණය අරගෙන, ගත් ණය ගෙවන්නට තවත් ණය ගැනීමයි. 2005 දක්වා සමස්ත ඉතිහාසය තුළ ලංකාව ගත් විදේශ ණය මෙන් තුන්ගුණයකටත් වඩා ණය රාජපක්ෂලාගේ දස අවුරුදු පාලනය තුළ අරගෙන තිබේ. ගත් ණයවල වාරික හා පොළී ගෙවන්නට රජයේ සමස්ත වාර්ෂික ආදායම ම ප්‍රමාණවත් නැත. 

මේ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කළ යුතු ය. 

මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. දේශපාලනය තහනම් කිරීම මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය. එහෙත්, මොවුන්ට ව්‍යාපාර කරන්නට හා එමගින් ආර්ථිකයට දායක වන්නට ඉඩ දිය යුතු ය. මන්ද, වුණ දේ වුණා ය. මුන් හිරේ දමාගෙන කන්න දෙන එක රටට තවත් පාඩුවක් පමණි.

මේ සහනය භාර ගන්නට අකැමැති මහජන දේපල සොරකම් කළ සියලු සොරුන්ගේ දේපල රාජසන්තක කළ යුතු ය. පිටරට යැවූ මුදල් ආපසු ගත යුතු ය. නැවත මෙවැනි දේ නො කරන්නට මිනිසුන්ට පාඩමක් ලෙස මොවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු ය. 

ජාතික ආර්ථිකයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීති අලුතින් සම්පාදනය කළ යුතු ය. 

අනෙක් පැත්තෙන් මේ අවස්ථාවේදී මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගන්නට ජනතාව රජයට උදව් කළ යුතුව තිබේ. විපක්ෂ දේශපාලනයක් නො කළ යුතු බවක් එයින් අදහස් වන්නේ නැත. 

ආණ්ඩුවට සිය ජන වරම අනුව පාලනය ගෙන යන්නට ඉඩ දී විවේචනාත්මක සහයෝගය ලබා දිය යුතු ය. රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තත්වයන් නැවත ඇති නො වන්නට පුරවැසි බලවේග ලෙස දැඩි පරීක්ෂාවක් පවත්වාගෙන යා යුතු ය. 

මෙම අර්බුදය මැද බලය ගන්නට උත්සාහ කිරීම නො කළ යුත්තකි. බලය ගත්තා ය කියා කිසිවෙකුට මෙම අර්බුදයට විසඳුම් දෙන්නටත් බැරි ය. විපක්ෂයේ කිසිදු දේශපාලන බලවේගයකට තත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත්තේ ද නැත. ෆැන්ටසි මත පදනම් වූ ජාතිවාදීන්ට හා වාමාංශික අන්තවාදීන්ට කළ හැකි හොඳම දෙය ඉවසා බලා සිටීම ය.  

 ඒ අතර, සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් මුලපිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් ය. 

මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන විපක්ෂ දේශපාලනය වනාහි එක්තරා ආකාරයක ලෝක විනාශවාදී හදිසියකින් යුතුව කරන්නකි. එය මූලිකව නියාමනය වන්නේ පසුගිය කාලයේ කළ සොරකම් හා වෙනත් අපරාධ නිසා සිරගත වන්නට සිදු වන එක වළක්වා ගන්නට කරන මෙහෙයුමකිනි. බිම් මට්ටමෙන් ගැඹුරු ජාතිවාදයක් ඇවිස්සීම එහි මූලික ලක්ෂණයකි. මෙය ආණ්ඩුව හා සිවිල් සමාජය විසින් හරි හැටි අවබෝධ කරගෙන ද නැත. ඒ ගැන වෙන ම සටහනක් පසුව තබමි. එහෙත් එය ඉතා හදිසි තත්වයක් බව අප වටහා ගත යුතු ය.

සැබෑ විපක්ෂ දේශපාලනයක් යනු රාජපක්ෂ පන්නයේ දේශපාලනයක් නො වේ. එය ඉවසිලිවන්ත, බලලෝභී නො වන, එහෙත් උන්නතිකාමී, දීර්ඝකාලීන ව්‍යාපාරයක් විය යුතු ය. ප්‍රජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කිරීම හා ජාතිවාදයට යට නො වීම එහි මූලික කොන්දේසියක් විය යුතු ම ය. 

එසේම, නිර්මානය වී තිබෙන විපක්ෂ දේශපාලනයේ රික්තය පිරවීම සඳහා නැවුම් පෞරුෂයන් දේශපාලනයට කැඳවිය යුතු ය. එය අද අප මුහුණ දී සිටින නායකත්ව අර්බුදයට පිළියමක් ද විය හැකි ය.

මා යෝජනා කරන්නේ පුරවැසි බලවේග ලෙස අප කළ යුතුව තිබෙන්නේ මේ සඳහා පහසුකාරිත්ව භූමිකාවක් බවයි. පක්ෂ හා පෙරමුණු නියාමනය කිරීමකි. මග පෙන්වීමකි. 

මීළඟ පරම්පරාවේ දේශපාලනය හැඩගස්වන විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් අපි යමක් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-03-12

ගිත, කවි, රචනා සහ හෑලි........

අජන්තා රණසිංහ 
තුෂාර දන්කැටිය විසිනි (ආරාධිත ලේඛකයෙකි)

අජන්තා රණසිංහගේ වියොවත් සමග මෙරට සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට ගේය පද රචකයෙක් අහිමි වුණා. එ් අහිමි වීමත් සමග මට මතක් වුණේ කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්, කේ.ඩි.කේ. ධර්මවර්ධන, ප්රෙමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කුමාරදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ, ලූෂන් බුලත්සිංහල වැනි රචකයන් නොමැති වූවානම් මෙරටේ ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කිරිමටවත් නොහැකිවෙන බවයි.

මේ කීප දෙනාගෙ ගීපද රාශිය ඉවත් කොට සිංහල ගීතාවලිය දෙස බැලුවහොත් ඉතිරිවන්නේ,"නම්පොත", "මගුල් ලකුණ"වැනි හෑලි ටිකක්.

සැබැවින්ම මෙම රචකයන් භාෂාවෙන් හරඹ පෑ විශිෂ්ටයන්. විටෙක භාෂාවද මොවුන් අතින් පෝෂණය වුණා. හොදම වචන හොඳම විදියට ගලපන්න විතරක් නෙමෙයි මේ රචකයන්ට පුලුවන්. ඕනැම වචනයක් හොඳට ගලපන්නත් පුලුවන් මේ අයට.

අජන්තා රණසිංහගෙ නින්ද නේන රාත්‍රියෙ සිංදුවෙ එන මේ වචන දිහා පොඩ්ඩක් බලන්න.

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනා සලා
සෙනෙහේ විජිනි පතින් සනහන්
මට පවන් සලා....

මෙ පද ගැලපුම හරිම ලස්සන වගෙම ඒ වචනත් ලස්සනයි.



වචන ගැලපුම ලස්සනයි කියන්නෙ, පෙම්වතියට ගොඩාක් ආදරේ කරන පෙම්වතෙකුට පෙම්වතිය දැක්කහම මුවගට එන වචනවලට සමාන වචන තමයි මෙ ගීතයෙ තියෙන්නේ. මේ වගේ ලස්සන වචන ගෙත්තම් කරන්නට අජන්තා සමත්. මොහුගෙ ගීත බොහොමයකම මෙ භාව සූචක ගුණය තියෙනව.

අජන්තා දුහුලුමලක් ච්ත්‍රපටයට ලියු බොඳ මීදුම් කඳුරැල්ලේ කියන ගිතයෙත් ලස්සන යෙදුම් ගොඩක් තියෙනවා.

අනාගතේ කිරුලු දරා 
දෙපා මුලට වඩිනතුරා
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා

ලවන් පොඟන මියුරු තෙපුල් වගෙ යෙදුම් කොතරම් මිහිරිද?




පාළු සුසානේ
ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි (ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටිය)

අතිශය විරහ වේදනාවකට පත්වු කෙනෙකුගෙ මුවගින් මතුවන හැඟීම් සිහිගන්වනව මේ පදවලින්.



කේ.ඩි.කේ ලියපු "දෙයදර විලිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ" යන වචන හරිම අපූරුයි. රතුතොල් දෙකක් ඇයට තියනවා කියල හරි අපූරුවට කේඩිකේ කියනවා.



කේඩිකේගෙ "කුමරියක පා සළඹ සැලුවා" කියන සින්දුවෙ නොකියා කියන ගුණය මනාව තියෙනව.



ලූෂන් ද අලුත් උපමා යොදල හැඟීම් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට සමතෙක්.

බලන්න මෙ එකම ගීත ඛණ්ඩය විතරක්.

නෙලුම් පතක රැදි පිණි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙනතුරා



මේ උපමාව පෙර නොවු විරූ එකක්.ඔබ සමග රෑ එළිවෙනතුරු හිටියත් ඔබට හානියක් කරන්නෙ නෑ කියන එක මේ පද ටිකෙන් අඟවනව.

සුනිල් ආරියරත්නගෙත් කුලරත්න ආරියවංශගෙත් ගීත මේ වගෙමයි. මේව ගැන ලියනවනම් පොත් ගානක් ලියන්න පුලුවන්.

මෙ විශිෂ්ටයො (කී නොකී) ටික නැත්නම් ලංකාවෙ අපට අහන්න වෙන්නෙ මෙන්න මෙ වගෙ ඒව.

ඔයාට මාව එපානම්
කලින් කියන්නට තිබුණා
මෙච්චර දුරක එක්ක නෑවිත්
මගින් හැරෙන්නට තිබුණා.....(තුක් විතරක්!)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.