2016-06-30

පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් පාරිභෝගිකයන් ගසා කන අන්දම


පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් කම්පැණිය වගේම රජයත් පාරිභෝගිකයන් ගසා කන අන්දම ගැන අපි බලමු.

පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් වුනත් 2016 ජුනි බිල්පත සකස් වෙන්නෙ 2016 ජුනි 17 සිට 2016 ජූලි16 දිනය දක්වායි. බිල්පත ගෙවන්න ඕනත් 2016.07.07 ට කලිනුයි. මෙන්න අය කිරීම්.

සේවා ගාස්තුව 699.00
ජාතිය ගොඩනැගීමේ බද්ද 14.54
රජයේ වෙනත් බදු 14.54
විදුලි සංදේශ බදු 182.02
එකතු කළ අගය මත බද්ද 136.51

කම්පැණියේ ගසා කෑම
1. පසු ගෙවුම් සබදතාවක් වුවත් සේවය ලබා දී අවසන් වෙන්න පෙරම ගාස්තුව ගෙවන්නට වීම. ඒ අනුව එය පෙර ගෙවුම් සබදතාවක් ලෙසට කම්පැණිය විසින්ම නීති විරෝධීව සකස් කරගෙන. දිගින් දිගටම කළ මේ අසාධාරණය සම්බන්ධව විදුලි සන්දේශ කම්ෂන් සභාවට පිටපතක් සහිතව 2014 මැයි වල ඩයලොග් ටීවී ආයතනයට ලිඛිතව දැනුම් දුන්න. විදුලි සන්දේශ කමිෂන් සභාවෙන් මේ වනතුරුත් පිළිතුරක් නෑ. ඩලොග් ටීවී ආයතනයේ කාන්තාවක් දුරකතනයෙන් මා අමතා තමන්ගෙ වැරද්ද සාධාරණීකරණය කරන්න දිගින් දිගටම උත්සාහ දැරූවිට මා කීවේ ලිඛිතව කළ පැමිණිල්ලට ලිඛිතව උත්තරයක් එවන ලෙසයි. අද වනතුරුත් පිළිතුරක් නෑ.

2. සබදතාවේ බිද වැටීමක දී සේවාව ප්‍රකෘති කර ගැනීමට කම්පැණිය ඇමතීම ඉතාම අපහසු කරුණක්. ඒ නිසා සේවාව අලුත්වැඩියාවට එන්නේ ඉතා ප්‍රමාදවයි. එලෙස ඔවුන්ගේ ප්‍රමාද කාලයටත් සේවාව සදහා ගෙවිය යුතුයි.

රජයේ සූරාකෑම

1. විවිධ නම් වලින් බදු වර්ග හතරක් අය කරන අතර එය ඉතා ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ අනුව 50%කට ඉතා ආසන්න මුදලක් බදු වශයෙන් ගෙවිය යුතුයි. චන්ද්‍රිකා තාක්ෂණයෙන් රූපවාහිනී සේවාවක් නැරඹීම එතරම් බදු ගෙවීමට තරම් බරපතල කරුණක් ද?

2. 26.04%ක නිශ්චිත නොවන අනුපාතයකින් විදුලි සංදේශ බද්දක් ගෙවමින් විදුලි සංදේශ කමිෂන් සභාව පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් නොව විදුලි සංදේශ කම්පැණි වෙනුවෙන් හා දේශපාලකයන්ට තප්පු ලෑමටයි. ගිය ජනාධිපතිවරණයේ දී සිල් රෙදි බෙදන්නට ගත්තේ මේ බදු මුදලුයි.

3. ලෝක බදු සම්ප්‍රදාය අනුව බදු පනවන්නේ භාණ්ඩයේ/ සේවාවෙ මිලටයි. එහෙත් මෙරට විදුලි සංදේශ සේවාවේ බදු කරන්නේ සේවාවෙ හා වෙනත් බදු වල මුළු එකතුවටයි. ඒ අනුව එකතු කළ අගය මත බද්ද වන 15% අය කරන්නේ සේවාවෙ මිල වන රුපියල් 699.00ට නොව එම මුදල හා අනෙකුත් බදු මුදල වන රුපියල් 211.10 මුළු එකතුවටයි. මෙය බදුකරණයේ දී cascading effect ලෙස හදුන්වන නින්දාසහගත තත්ත්වයක්.

මේ බදු වලින් කරන්නේ කුමක්ද ඒ බදු මුදල් යන්නේ කොහේටද යන්න නිශ්චිත නෑ. කෙසේ හෝ සුඛෝපභෝගී නොවන යම් භාණ්ඩයකට හෝ සේවාවකට 50%ක තරම් ඉහළ බද්දක් අය කිරීම ලැජ්ජාවට කරුණක්. ලෝකයේ ප්‍රවනතාව වන්නේ ඝෘජු බදු අය කිරීම වුනත් 80%ක තරම් ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අය කරන්නේ මෙලෙසයි.

( දැන් රාජපක්ෂවාදීන් පස්වනක් චිත්තප්‍රීතියෙන් රෙදි කඩාගෙන නහයෙන් අඩමින් වෙනෂ ෂැපදැයි මගෙන් නොවිමසන්න. විදුලි සංදේශ සේවාවෙන් එකතු කළ අගය මත බද්ද අය කිරීම හැරෙන්නට මේ සියළු කුපාඩිකම් රාජපක්ෂ විසින් ද යහමින් කළේය. cascading effect සිදුවන ලෙස මුලින්ම බදු පැනවූයේ රාජපක්ෂ යුගයේ දී බව කාරුණිකව සලකන්න. එබැවින් රෙදි කඩාගෙන උඩ පැමිණීමට රාජපක්ෂවාදීන් පෙරට එන්නේ නම් වෝට්ස් 66,000 විදුලි ධාරාවන්ගෙන් පරිස්සම් වන්න)



ළඟදීම අප්පුහාමි ඉඹලා පිළිගන්නට සැරසෙන
පිලිප් ශාන්ත විසිනි  








මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

චම්පික නිහඬ ඇයි?

වැඩේ පිටුපස හිටියේ මේ සූත්තර පුංචා ද?
රාජගිරියේදී තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක් වූ සිදුවීමකදී එම රිය පැදවූ බවට ඇතැමෙකු විසින් චෝදනා කරන ලද ඇමති චම්පික රණවක එම රිය පැදවූ බවට සාධක නැති බැවින් ඔහු අදාළ නඩුවේ වගඋත්තරකරුවකු බවට පත් කිරීම අධිකරණය විසින් ප්‍ර‍තික්ෂේප කර තිබේ. 

මෙතෙක් අධිකරණය හමුවේ තිබුණ ප්‍ර‍ශ්නය වූයේ ඇමතිවරයා වාහනය පැදවූවා ද යන්නයි. ඔහු රිය පදවා, අනතුරකට සම්බන්ධ වී, ඉන් පසු සිය රියදුරු ඉදිරිපත් කර වගකීමෙන් ගැලවුණු බව සාක්ෂිකරුවන් කීපදෙනෙකු ද, මාධ්‍ය ද, දේශපාලකයෝ ද පැවසූ හ. 

එපමණක් නොව, කිසියම් සංවිධානයක් ඇමති චම්පික රණවක අත්අඩංගුවට ගන්නැයි අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළ හ. 

ඇමති චම්පික රණවක වනාහි ජාතිවාදියකු හා මේ රටේ ජාතිවාදයට විරුද්ධ බලවේගවලට එරෙහිව සෑහෙන ජාතිවාදී වෛරයක් මුදාහළ දේශපාලකයකු බව ඇත්ත ය. එහෙත්, මෙම සිද්ධියේදී ඔහු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලකයන් හා මාධ්‍ය කටයුතු කළ ආකාරය අතිශය ගැටලු සහගත ය. 

ඔහු ඇත්තට ම මෙම අනතුරට සම්බන්ධ වූවා නම්, විමර්ශනයකින් එය ඔප්පු කිරීම වර්තමානයේදී එතරම් දුෂ්කර යයි අපි නො සිතමු. ඇමතිවරයාගේ ජංගම දුරකථන විස්තර, වාහනයේ රස පරීක්ෂණ වාර්තා ආදිය ද පොලිස් හා වෙනත් සාක්ෂි ඔස්සේ එය ඔප්පු කිරීම දුෂ්කර නැත. 

දැන් සිදු වී තිබෙන්නේ ඒ සියල්ල වංචනික ලෙස විකෘති කර, අධිකරණය නොමග යවා වැරදි තීන්දුවක් ලබා ගැනීම යයි චම්පිකට චෝදනා කළ අය පවසනවා ද? එසේ විය හැකි ද? අධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව ඔවුන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග මොනවා ද? 

අනෙක් පැත්තෙන් වැදගත් කාරණයක් වන්නේ මෙතැනදී යම්, යම් පුද්ගලයන් දේශපාලන උවමනා මත බොරු සාක්කි දුන්නා ද යන්නයි. 

ඇමතිවරයා සම්පූර්ණයෙන් ම නිර්දෝෂී පුද්ගලයකු බව අධිකරණය පිළි ගෙන තිබේ. එහෙත්, ඔහු නිහඬ ය. ඒ ඇයි? තමන්ට එරෙහිව සිදු වූ අසාධාරණය ගැන ඔහු තවම කතා නො කරන්නේ ඇයි?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-29

වර්තමාන අර්බුදයට ජවිපෙ සමාජවාදී විසඳුම

ජවිපෙට ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන දැක්ම මේක නම්, මං හිතන්නෙ ජවිපෙ අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුව දැනටමත් ඒක කරමින් ඉන්නවා. විනාඩි 5.54 සිට තමයි ෆන් ම හරිය තියෙන්නෙ. ඒක තමයි ජවිපෙ වර්තමාන අර්බුදයට යෝජනා කරන සමාජවාදී විසඳුම. 

රටට තිබෙන ලොකුම බර තමයි රජය. අඩුවෙන් වැඩ කර හෝ වැඩ නොකර පඩි, වරප්‍රසාද, ලාභ ලබන දේශපාලකයන්, රජයේ නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් ආදී විශාල ධනපති හා මධ්‍යම පංතියක් තමයි රජයෙන් ඵල ප්‍රයෝජන ලබන්නේ. මේ ණය අරගෙන තිබෙන්නේ ඒකට. දූෂණයේ යෙදෙන්නේ ආණ්ඩුවේ දේශපාලකයන් විතරක් නෙමෙයි. විපක්ෂයේ, රජයේ සේවයේ, කොන්ත්‍රාත්කරුවන් ආදීන්ගේ සිට ගොවි සංවිධාන හා ඉන් පහළ දක්වාමත් මේ දූෂණවලට සම්බන්ධයි. ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ද යැපෙන්නේ දූෂණයෙනුයි. 

ක්‍රමය වෙනස් කරන්නට පෙර ක්‍රමය මොකක් ද කියලා හඳුනා ගත යුතුයි. ජවිපෙට එහෙම අවබෝධයක් නැති බව මේ අදහස්වලින් පෙනෙනවා. ජවිපෙට විතරක් නෙමෙයි ලංකාවේ වාමාංශිකයන් වැඩි දෙනෙකුට තිබෙන්නේ මෙවැනි පටු දැක්මක්. 

මේ පිළිබඳ සවිස්තර ලිපියක් සිකුරාදා බලපොරොත්තු වන්න.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-28

වංගු බැහැ හඳුන්නෙත්ති. කෙළින් එන්න!

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් බාහිර බලපෑම් මත කටයුතු කරන්නේ නම් තමන් සභාපති ධුරයෙන් අස් වන බව කෝප් සභාපති, ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කරන්නේ කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගැන විමර්ශනයක් කරමින් සිටියදී ය.

කෝප් කමිටුව බාහිර බලපෑම්වලින් තොර එකක් යයි බලාපොරොත්තු වීම ම වැරදි ය. එය වනාහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් 26දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. එම මන්ත්‍රීන් එම කමිටුවට පත් කරන්නේ පක්ෂවල පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයන් විසිනි. එසේම, මෙම මන්ත්‍රීවරුන් වනාහි කෝප් කමිටුව වැනි අධිකරණ බලතල සහිත ව්‍යූහයක් නියෝජනය කිරීම සඳහා වෘත්තිකමය හෝ ආචාර ධාර්මික සුදුසුකම් ඇති අය ද නො වෙති. මේ අතරින් ඇතැමෙක් දූෂණ චෝදනාවලට ලක් වූ අයයි.

කෝප් කමිටුවේ අවසන් නිගමනය ගනු ලබන්නේ ඡන්ද විමසීමක් ඔස්සේ ය. මෙම කමිටුවේ බහුතර බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ය. රජයට එහි පැහැදිලි බහුතරයක් හිමි ය. මේ වන විටත්, කමිටු සාමාජිකයන් අතර, අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් එජාපය සහයෝගය ඉල්ලා සිටිමින් ඇති බව වාර්තා වේ.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය ජුනි 30දායින් අවසන් වේ. කෝප් කමිටුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් තමන් සේවා දීර්ඝ කිරීමක් ඉල්ලා නො සිටින බව මහේන්ද්‍රන් පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් ද භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලදී. 

කෝප් කමිටුවට එම වාර්තාව ද අධ්‍යයනය කරන්නට පුළුවන. 

ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුළ විමර්ශනය කළ යුතුව තිබුණු කාරණයකට අවසානයේදී කෝප් කමිටුව මැදිහත්ව තිබේ. කෝප් කමිටුවට මෙම විමර්ශනය සඳහා අවශ්‍ය උපරිම බලය තිබුණු බව පැහැදිලි ය.

දැන් තව දුරටත් බෙදුණු තීන්දු, ඉල්ලා අස්වීම් ආදී වැඩේ අතරමග නවතින වැඩ කරන්නට සුනිල් හඳුන්නෙත්ති ඇතුළු කෝප් කමිටුවට අයිතියක් නැත. මහ බැංකු අධිපති වංචාවක් කර ඇතිනම්, ඔහුට දඬුවම් කළ යුතු ය. සිදු වූ පාඩුව පියවිය යුතු ය. 

මේ පරීක්ෂණය ආරම්භ වූයේ මහ බැංකු අධිපති වංචාවක් කර තිබේ ය යන පූර්ව විනිශ්චයෙනි. දැන් කෝප් කමිටුව උත්සාහ කරන්නේ එසේ නැති ය කියන්න ද? 

නැතැයි කියා ඔප්පු වුණොත්, චෝදනා කළ අය ගැන කළ යුත්තේ කුමක් ද? 

කෝප් කමිටුවේ සාමාජික නාම ලේඛනය:

Sunil Handunnetti (Chairman) Rauff Hakeem (SLMC), Anura Priiyadarshana Yapa (UPFA), Dayasiri Jayasekera (UPFA), Ravindra Samaraweera (UNP), Wasantha Aluvihare (UNP), Lasantha Alagiyawanna (UPFA), Dr Harsha de Silva (UNP), Ajith P Perera (UNP), Ranjan Ramanayake (UNP), Ashoka Abeysinghe (UNP), Anura Kumara Dissanayake (JVP), Lakshman Seneviratne (UPFA), Chandrasiri Gajadeera (UPFA), Bimal Ratnayake (JVP), Weerakumara Dissanayake (UPFA), Mavai Senathiraja (TNA), MA Sumanthiran (TNA), Hector Appuhamy (UNP), Velu Kumar (UNP), Dr Nalinda Jayatissa (JVP), Harshana Rajakaruna (UNP), S Sritharan (TNA), Abdulla Maharoof (ACMC), Gnamutthu Srinesan (TNA) and Mahindananda Aluthgamage (UPFA).

(උපුටා ගැනීම දි අයිලන්ඩ් පුවත්පතෙනි)

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-27

ජනතාව බලමුළුගන්වන දේශපාලනයකින් තොරව ඉදිරියට යා හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-06-26

පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, දූෂණ විරෝධී පෙරමුණ ආදී විවිධ නම්වලින් ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සමාජ දේශපාලනය 2015 ජනවාරි 8 විපර්යාසය වෙනුවෙන් මෙන් ම අද දවසේ ද ලංකාවේ දේශපාලනය කෙරෙහි සාධනීය බලපෑමක් කරමින් සිටින බවට විවාදයක් නැත.

එම දේශපාලනය විසින් අරමුණු කරනු ලබන්නේ පුරවැසියන්ගේ විචාරශීලීත්වය අවදි වන ආකාරයෙන් පොදු මහජන කටයුතු පිළිබඳ සංවාදය ශක්තිමත් කිරීමයි. දේශපාලන පක්ෂ හා දේශපාලන කාඩර්වරුන් ගොඩනැගීමේ අදහසක් හෝ ජනතාව අතර ජනප්‍රිය පදනම් ගොඩනගා ගැනීමේ උවමනාවක් එම ව්‍යාපාරවලට ඇති බවක් නො පෙනේ.

පුරවැසි දේශපාලනය ලෙස අප හඳුන්වන මෙම සිවිල් සමාජ දේශපාලනයේ සාධනීය මෙන් ම නිෂේධනීය සීමාවන් ද සලකුණු වන්නේ එතැන ය.

ලංකාවේ පක්ෂ දේශපාලනය මේ වන විට අන්තයට ම පිරිහී තිබේ. ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලන පක්ෂ ගොනුවීම් වන එජාප, ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍ර‍සය, ජනතා විමුක්ති පෙරමුණ වැනි සියලු පක්ෂ මේ වන විට එක් නිශ්චිත ස්වරූපයක් අත් කරගෙන තිබේ. ඒවා දේශපාලනයේ යෙදෙන්නේ මැතිවරණවලදී සිය බලය ගොඩනගා ගැනීම එකම අරමුණ කරගෙන ය. ඔවුන් ජනතාව වෙත සමීප වීම, සංවාද ගොඩනැගීම,ජනතාව අතර සංවිධාන කටයුතුවල නියැලීම හා බලමුළුගැන්වීම සිදු වන්නේ එකී අරමුණ වෙනුවෙන් පමණි. මෙම පක්ෂ කිසිවකට මනා ලෙස නඩත්තු කරනු ලබන පක්ෂ සංවිධාන යාන්ත්‍ර‍ණයක් නැත. තිබෙන යාන්ත්‍ර‍ණයන් ද බිම් මට්ටම දක්වා විහිදීමක් සිදු වන්නේ නැත. යහපත් දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමේ උවමනාවක් කිසිවෙකු තුළ නැත.

ජනසන්නිවේදනයේ දියුණුවත් සමග දේශපාලන පක්ෂ ද වැඩි වැඩියෙන් ජනමාධ්‍ය වෙත ඇදී ගියේ ය. අද වන විට ප්‍ර‍ධාන දේශපාලන පක්ෂවල මූලික ම කාර්යය වී තිබෙන්නේ මාධ්‍ය සමග අන්තර්ක්‍රියාකාරිත්වයයි. සරළව කිවහොත්, දේශපාලනය වී තිබෙන්නේ මාධ්‍යවලට ප්‍ර‍කාශ නිකුත් කිරීම, සංවාද, විවාද ආදියයි. මෙම සංදර්භය තුළ මාධ්‍යවල බලය අධික ලෙස වර්ධනය වී තිබේ. රටේ දේශපාලනය තීරණය වන්නේ මාධ්‍යවල අවශ්‍යතාව අනුව ය. මෙය සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. එක්තරා පුවත්පත් ආයතනයක් චම්පික රණවක පිළිබඳ වාර්තා නො කරන ප්‍ර‍තිපත්තියක් අනුගමනය කරයි. එම පුවත්පත් චම්පික රණවකගේ මෝටර් රථය හා සම්බන්ධ සිද්ධිය වාර්තා කරද්දී ඔහුගේ පාර්ශ්වයේ පැහැදිලි කිරීම් හිතාමතා ම මගහරිමින් ඔහුට විරුද්ධව අදහස් පළ කරන අයට සෑහෙන ප්‍ර‍සිද්ධියක් ලබා දුන්නේ ය.

මාධ්‍යවලට ලැබී තිබෙන මෙම අසීමිත බලය හමුවේ මාධ්‍ය විසින් දේශපාලකයන් නටවන ආකාරය දකින විට සිහි වන්නේ වලිගය විසින් බල්ලා නැටවීම ගැන ප්‍ර‍කට උපහැරණයයි. දේශපාලකයන් ජනතාව පසුපස යන්නේ අවුරුදු පහකට පමණ වරක් එළඹෙන මැතිවරණවලදී පමණි. 2015 අගෝස්තු මාසයේදී පැවැති මහ මැතිවරණය සමයේ මනාප හිඟමින් ජනතාව වෙත පැමිණි දේශපාලකයෝ දැන් කොහි ද?

මාධ්‍ය මත යැපීමේ ව්‍යාධිය පුරවැසි දේශපාලනය තුළ ද ඔඩු දුවා තිබේ. සිවිල් සමාජ නායකයන් දකින්නට ද හැක්කේ ජනමාධ්‍ය ඔස්සේ පමණි. ක්‍රියාකාරකම් ද බොහෝ දුරට අගනුවරට සීමා වී තිබේ. දේශපාලකයන්ට නම් අඩු තරමේ බලය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව හෝ තිබේ. එහෙත්, සිවිල් සමාජ නායකයන් මාධ්‍ය ආවරණය වැනි සරළ දේවලින් තෘප්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට දේශපාලනික බිම් මට්ටමක් නැත. ඇත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වන දේශපාලන ඉහළ තලයක් හා බිම් මට්ටම දක්වා විහිදුණු රජයකි. රාජ්‍ය යාන්ත්‍ර‍ණය ඉතා ශක්තිමත් එකකි. එය ගමේ ග්‍ර‍ාමසේවා නිලධාරියා දක්වා ද, ආරක්ෂක කමිටු, ගොවි සංවිධාන ආදී ප්‍ර‍ජා සංවිධාන හරහා ඉන් පහළට ද විහිදේ. බිම් මට්ටමේදී රජයේ කටයුතු සුපුරුදු ඕලාරික ස්වභාවයෙන් සිදු වෙයි. රාජ්‍ය අංශය ඉතා අකාර්යක්ෂම ය. මහජන ප්‍ර‍ශ්නවලට විසඳුම් ලබා ගැනීම අතිශය දුෂ්කර තත්වයක පවතී. රජයේ සේවකයන්ට ලබා දුන් දැවැන්ත වැටුප් වැඩි කිරීමත් සමග රජය දැඩි ආර්ථික පීඩනයකට ද මුහුණ දී සිටියි. එහෙත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍ර‍යකින් හෝ ඉහළ ගොස් ඇති බවට සාධක දැකිය නො හැකි ය.

දේශපාලනය බිම් මට්ටම දක්වා ගෙන යාම යනු දේශපාලන නායකයන් බිම් මට්ටම දක්වා හැම දෙයකට ම ඇඟිලි ගැසීම නො වේ. එහෙත්, බිම් මට්ටමේ දේශපාලනය ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම බලපායි. විශේෂයෙන් ම රාජ්‍ය අංශය කෙරෙහි එහි ඇති බලපෑම අති මහත් ය. දැවැන්ත රාජ්‍ය අංශයක් හා දුර්වල ආර්ථිකයක් ඇති ලංකාවේ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා බිම් මට්ටමේ බලමුළුගැන්වීම් ඉතා වැදගත් වේ.

එහෙත්, අද වන විට ප්‍ර‍ධාන, අප්‍ර‍ධාන දේශපාලන පක්ෂ සියල්ල බිම් මට්ටමේ ජනතා බලමුළුගැන්වීම් අතහැර දමා තිබේ. පුරවැසි ව්‍යාපාර සම්බන්ධයෙන් ද තත්වය එයයි. සරළව කිවහොත්, දේශපාලනිකව සවිඥානක ජනතාවට වුව බිම් මට්ටමේදී යමක් කරන්නට තිබෙන අවස්ථාව ඉතා සීමිත ය. හේතුව, ඒ වෙනුවෙන් වගකීම් භාර ගන්නා නායකත්වයක් නැතිකමයි.

රජය කෙතරම් ප්‍ර‍ජාතාන්ත්‍රික ප්‍ර‍තිසංස්කරණ සිදු කළත්, බිම් මට්ටමේ ජනතා බලමුළුගැන්වීම්වලින් තොරව ඒවායේ ප්‍ර‍තිඵල අත් කර ගත නො හැකි ය. මෙය සරළ උදාහරණයකින් පෙන්වා දිය හැකි ය. ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටු දැකීමේ පනත ලංකාවේ බලාත්මක කර දැන් වසර 10කට වැඩි ය. එහෙත්, ලංකාවේ දැනට සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව පවා ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වයට ගොදුරු වී රෝහල් ගත වෙයි. ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි නීති ඇති බව ලංකාවේ පවුල් වෙත සන්නිවේදනය වී තිබේ ද? ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය පිටුදැකීමේ මහජන ප්‍ර‍යත්නයක් පවුල් මට්ටමෙන් තිබේ ද? නැත. හේතුව එකී කාරණය සම්බන්ධයෙන් ද මහජන බලමුළුගැන්වීමක් නැති වීමයි.

තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත වැනි අතිශය ඉදිරිගාමී පනත් සම්මත කර ගත්තත්, ඒවායින් පල නෙළා ගත හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් මාධ්‍යවලට සීමා වී පවතින අතර මහජනතාව අතර බිම් මට්ටමේ සක්‍රිය වී තිබෙන්නේ කුමන බලවේග ද? මෙම ලැයිස්තුවට ඔබගේ අත්දැකීම් මත තවත් බොහෝ දේ එකතු කර ගත හැකි වනු ඇත.


  • සෙසු ආගම් හා ජාතීන් කෙරෙහි වෛරය ප්‍ර‍වර්ධනය කරන නොගැඹුරු ආගමික දර්ශන හා ක්‍රියාකාරකම්
  • ජ්‍යෝතිෂය හා කට්ටඩිකම්
  • ටියුෂන් අධ්‍යාපනය
  • ලෙඩුන් ගසා කන සුදුසුකම් ලත් හා නොලත් වෙද්දු
  • ගිනි පොළීකාරයෝ
  • ක්ෂණික සල්ලි ගැන සිහින විකුණන පිරමිඩ් ජාවාරම්කාරයෝ


මහජන තලයේ ඇති දුෂ්ට, ප්‍ර‍තිගාමී බලවේගවලට එරෙහිව සටන් වදින්නට ජනතාව බලමුළුගන්වන දේශපාලනයක දැඩි අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-26

The lost book

Photo Credit >>  

This is so bad and I have no words
In fact, my ears believed you said
You had lost my book
Perhaps I might have expected
So simply you say one day
'I tried to find it my best
But someone has taken it to read
Without asking me
If you can order it online
I can pay the price'

Man, you don’t know,
It was not mere book for me
My wife called me and asked
If it was essential to give the book
I insisted giving it
Because you came all the way
To collect that precious book
Do tell me now
How I can tell her about this.

We don’t have good house
Good money and other goods
But we have some good books
And good old memories in them
Books are to be read away
But memories are not 

You can buy me a book
But you will never buy me the touch
Of a friend who is no more alive
To touch that book again
Please forgive me for happening
To say this to you
A bundle of paper to you
Can be a life to another man

- Ajith Perakum Jayasinghe, 2016-06-26


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-25

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීන්දුව හමුවේ ලංකාව

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-06-26

මෙම සටහන තබන මොහොත වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සිටිනවා ද, පිට වෙනවා ද යන්න තීරණය කරන ජනමත විචාරණයේ ප්‍ර‍තිඵල නිකුත් වෙමින් තිබේ. ප්‍ර‍තිඵලය බොහෝ විට යුරෝපා සංගමයෙන් පිට විය යුතු ය යන තීරණය වෙත යොමු වෙමින් ඇති බව දක්නට ලැබේ.

බ්‍රිතාන්‍යයේ මෙම තීරණය සමස්ත ලෝකයේ ම අනාගතයට බලපාන එකකි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු ය යන අදහසට සහාය පළ කරන පිරිස් අතර අන්ත දක්ෂිණාංශික, ජාතිවාදී හා ෆැසිස්ට් අදහස් දරණ අය ඉදිරියෙන් සිටිති. බොහෝ විට විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගෙන සිටින ලාංකිකයන් අතරින් ද සැලකිය යුතු පිරිසක් යුරෝපා සංගමයෙන් වෙන් වීමට පක්ෂව ඡන්දය දෙන බව අපට දක්නට ලැබිණි. ඔවුන්ගේ මූලික තර්කය වන්නේ යුරෝපා සංගමයට එක් වී සිටින පෝලන්තය, ලිතුවේනියාව වැනි දිළිඳු නැගෙනහිර යුරෝපා රටවල සංක්‍ර‍මණික ශ්‍රමිකයන් නිසා ඔවුන්ට රැකියා අහිමි වන බවයි. නුදුරේදී ම තුර්කිය යුරෝපා සංගමය සමග එක් වීමත් සමග ම තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එහෙත්, මේ ලාංකිකයන් හා තවත් එවැනි ආසියාතිකයන් අමතක කරන කාරණය වන්නේ බ්‍රිතාන්‍යයේ මේ නැගී එන ජාතිවාදී රැල්ලේ මීළඟ ගොදුර විය හැක්කේ තමන් බවයි.

ලක්ෂ 30ක් බ්‍රිතාන්‍ය නො වන යුරෝපීයයෝ බ්‍රිතාන්‍යයේ රැකියා කරමින් ජීවත් වන්නේ යුරෝපා සංගමය තුළ ක්‍රියාත්මක වන ලිහිල් සංක්‍ර‍මණික නීති නිසා ය. යුරෝපා සංගමයේ ඕනෑම රටක වැසියකුට සංගමයට අයත් වෙනත් රටකට සංක්‍ර‍මණය වීම පහසු ය. මෙම පහසුකම භාවිතා කරමින් බ්‍රිතාන්‍ය වැසියෝ ද ලක්ෂ 12ක් යුරෝපා සංගමයේ වෙනත් රටවල රැකියා කරමින් ජීවත් වෙති.

බ්‍රිතාන්‍යය යුරෝ සංගමයෙන් පිටවීමේ මෙම ව්‍යාපාරය යොමු වන දිශානතිය නිරූපණය කළ එක් සිද්ධියක් ලෙස පසුගිය ජුනි 16 සිදු වූ ඝාතනය සැලකිය හැකියි. කම්කරු පක්ෂ මන්ත්‍රීවරියක වන ජෝ කොක්ස් මහ මගදී වෙඩා තබා මරා දමනු ලැබුවේ “පළමුව බ්‍රිතාන්‍යය" යන සටන් පාඨය කියූ 52 හැවිරිදි අන්තවාදියකු විසින් ය.

විශාල සරණාගතයන් පිරිසකට රැකවරණ සපයා ඇති රටක් වන ජර්මනිය තුළ ද, තවත් යුරෝපා රටවල ද යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ උද්ඝෝෂණ පණ ගැන්වීමට බ්‍රිතාන්‍යයේ වෙන් වීම හේතු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ කොන්සවටිව් පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි අගමැති ඩේවිඩ් කැමරන් මෙම ජනමතවිචාරණය පවත්වන්නට කටයුතු කළමුත්, ඔහු පෙනී සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට පක්ෂවයි. ඔහුගේ පක්ෂයේ දක්ෂිණාංශික කොටස් වෙන්වීම වෙනුවෙන් උද්ඝෝෂණ කළ හ. මෙම ජනමතවිචාරණ ප්‍ර‍තිඵලය ඩේවිඩ් කැමරන්ගේ ශක්තිය දුර්වල කරනු ඇත. එපමණක් නොව, එය කොන්සවටිව් පක්ෂයේ සමස්ත ශක්තිය ම දුර්වල කරනු ඇත. අන්ත දක්ෂිණාංශික එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය මෙම තත්වය හමුවේ තවත් ශක්තිමත් වන්නට ඉඩ තිබේ.

මෙම වෙන්වීම එක්සත් රාජධානියේ පැවැත්මට ද බරපතල තර්ජනයක් වනු ඇත. හේතුව ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වීමේ ප්‍ර‍වණතාව මේ සමග නැවත වරක් ශක්තිමත් වනු ඇත. 2014 සැප්තැම්බර් 18දා ස්කොට්ලන්තයේ පැවැත්වුණු ජනමතවිචාරණයේදී අසන ලද ප්‍රශ්නය වුණේ ‘ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් විය යුතු ද?' යන්නයි. එහිදී ස්කොට්ලන්ත ජනතාවගෙන් 55.3%ක් ඡන්දය දුන්නේ නැත කියායි.

මෙම ජනමතවිචාරණය නීත්‍යානූකූලව පවත්වන ලද පිළිගත් ජනමතවිචාරණයකි. ඒ සඳහා පසුබිම සැකසුණේ ස්කොට්ලන්ත නිදහස් ජනමතවිචාරණ පනත ඔස්සේයි. ස්කොට්ලන්ත හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවල එකඟතාවෙන් මේ පනත 2013 නොවැම්බරයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබිණි. ඒ අනුව සාමාන්‍ය වැඩි ඡන්ද ප්‍රමාණයකින් වෙනම රාජ්‍ය හිමිකම තහවුරු කර ගන්නට ස්කොට්ලන්තයට අවස්ථාව ලැබිණි. මේ ජනමතවිචාරණයේදී ස්කොට්ලන්තයේ වෙන් වීමේ අයිතිය සම්මත වුණා නම්, පනතට අනුව මාස 18ක කාලයක් තිස්සේ එක්සත් රාජධානිය සමග සාකච්ඡා ඔස්සේ 2016 මාර්තු 26දා වෙනම ස්කොට්ලන්ත රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන්නට ස්කොට්ලන්තයට අවස්ථාව තිබුණි. එහෙත්, ස්කොට් ජනතාව එක්සත් රාජධානිය තුළ රැඳී සිටීමට තීරණය කළ හ.

මෙහිදී ස්කොට්ලන්ත වෙනම රාජ්‍යයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ප්‍රධාන කණ්ඩායම වුණේ Yes Scotland ය. එම පිරිස මෙම මැතිවරණයේදී පෙනී සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු ය යන ස්ථාවරයේ ය.

ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි.

සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දෙන ගිවිසුම් අත්සන් කර ඇත. බ්‍රිතාන්‍යය ද ඉදිරි කාලයේදී යුරෝපා සංගමයේ රටවල් සමග තම සම්බන්ධතාව නව ගිවිසුම් ඔස්සේ ප්‍ර‍තිව්‍යූහගත කර ගනු ඇත. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය සමග එක් වුණ අතර ඒ අනුව ක්‍රොඒෂියානුවන්ටත් යුරෝපා සංගමයේ සෙසු රටවලට හිමි වරප්‍රසාද ස්විට්සර්ලන්තයෙන් ලැබෙන සේ දෙරට අතර ගිවිසුමක් අත්සන් කරන්නට ස්විට්සර්ලන්තය එකඟ වී තිබිණි. එහෙත්, 2014 පෙබරවාරි 08දා එරට පැවැත්වුණු ජනමත විචාරණයකදී ස්විස් ජාතිකයන්ගෙන් 50.3%ක් ම යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ නීති වෙනස් කරමින් සංක්‍රමණිකයන් සඳහා කෝටා ක්‍රමයක් අනුගමනය කළ යුතු බව පවසමින් ඡන්දය දුන් හ.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට ද දැඩි ලෙස බලපානු ඇත. එහෙත්, බොහෝ දේශපාලන පක්ෂවලට මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳ නිසි විග්‍ර‍හයක් පැවති බව දක්නට නො ලැබිණි. අප මේ පිළිබඳව විශේෂයෙන් වාමාංශික පක්ෂවලින් විවෘත විමසීමක් කරන ලද නමුදු එම පක්ෂවලින් ද පැහැදිලි ස්ථාවරයක් ප්‍ර‍කාශ කෙරුණේ නැත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැහැදිලිව ම සිය ස්ථාවරය ප්‍ර‍කාශ කළේ ය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් නො විය යුතු බව ප්‍ර‍කාශ කරමින් ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“එක්සත් රාජධානිය විසින් යුරෝපා ඒකීය වෙළඳපොළක් ව්‍යූහගත කර තිබේ. එමගින් ඔවුන්ට ලෝක දෙකෙහි ම හොඳම තත්වය ලබා දී තිබේ. එය වනාහි යුරෝ කලාපය හා ස්ටර්ලිං පවුම් කලාපය අයත් වන මිලියන් 500ක් ජනතාවගේ ඒකීය වෙළඳපොළකි. යුරෝ හා ස්ටර්ලිං පවුම් යනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංචිත විනිමය ඒකක පහෙන් දෙකකි. පසුගිය වසරේ ලන්ඩනය නිව්යෝක් පසු කරමින් නැවත වතාවක් ලොව ප්‍රධානතම මුල්‍ය මධ්‍යස්ථානය බවට පත් විය. යුරෝපා සංගමය ලොව ලොකුම ආර්ථිකයයි. එය ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වැඩි ය. එය ලොව විශාලත ම වෙළඳ කලාපය වේ. ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවියෙන් 15%ක් සිදු වන්නේ එහි ය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 80කට වැඩි සංඛ්‍යාවක විශාලතම අපනයන වෙළඳපොළ එයයි. එබැවින් එක්සත් රාජධානිය යුරෝපා සංගම් වෙළඳාමෙන් ඉවත් විම නිසා ඇති විය හැකි ආර්ථික ප්‍රතිඵල ලෝකයේ අප ජීවත් වන කලාපයට ද දැනෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ කැමැත්තක් දක්වන අය පවසන්නේ එරට යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් මාලාවකට එළැඹීමෙන් යුරෝපා තනි වෙළඳපොළ අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල අවම කර ගනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අපි 2000 දශකයේ අග භාගයේදී GSP+ අහිමි වීමේ විපාක භුක්ති වින්දෙමු. එම අත්දැකීම අනුව, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ නරක ආදීනව වඩාත් වැඩි ය. (එක්සත් රාජධානියේ අපනයනවලින් 45%ක් සිදු වන්නේ යුරෝපා සංගමයටයි.)"


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-24

“දිශාවක් නො දත් සුළඟ”: ප්ලේටෝගේ සිට මාර්ක්ස් ඔස්සේ ඩෙරීඩා දක්වා කියවීමකට නිසි මාහැඟි කව් මිණ

අප විසින් ලියන ලද දිශාවක් නො දත් සුළඟ නම් පද්‍යය පිළිබඳ අප සමග නිරන්තර සංවාදයක යෙදෙමින් අප දරුණු ලෙස විවේචනයට ලක් කරන නිර්නාමික මාක්ස්වාදී විචාරකයකු විසින් ලියන ලද දීර්ඝ විචාරයක් මෙහි නැවත පළ කිරීමට සිතුවෙමි.

අධිපති කතිකාව තුළ විචාරය පිළිබඳ ගොඩනැගී තිබෙන විද්වත් අනන්‍යතාව මත පිහිටා ලියන ලද එම විචාරය අවධානයට පාත්‍ර‍ විය යුතු යයි අප සිතන්නේ එය අප ලියූ කවියක් පිළිබඳ විචාරයක් නිසා නො වේ.

විද්වත් විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා පිරිස් විචාර කරනවා වෙනුවට මුදලට, හිතවත්කමට, සම්මාන ලෝභයට හා වෙනත් වරප්‍ර‍සාද තකා කරන පිට කැසීම් වෙනුවට තමන්ගේ පදනම මත පිහිටා මෙවැනි විචාර කිරීම අගය කළ යුතු ය.

අපගේ පාඨකයකු මෙම පරිකථනය හෙවත් ආලෝචනය ගැන මෙසේ අදහසක් පළ කළේ ය: මට නම් හිතෙන්නේ මේ විචාරය ලියල තියෙන්නෙ කලින් පෝස්ටුවකට “විපැරාකරණ සංහිතා“ කියල කමෙන්ටුවක් දාපු කෙනාම තමයි. පැරාට කින්ඩියට වගේ ලියන මේ කමෙන්ටු ඇත්තෙන්ම රසවත්.. 

මෙම පරිකථනය කින්ඩියට ම ලියූවක් යයි මම නො සිතමි. එහෙම ලිව්වත් කමක් නැත. එහි අන්තර්ගතය ඉතා වැදගත් ය.

එබැවින් එම සටහන කිසිදු සංශෝධනයකට ලක් නො කර ඒ අන්දමින් ම මෙහි පළ කරනු ලැබේ.

අදාළ කවිය මෙසේ ය:

දිශාවක් නො දත් සුළඟ

ජීවිතය මැටි පිඬකි
කුඩා දරුවෙකු අත
කුරුල්ලන් සේ ම
නයින් ද ඉන් හැදෙත

කුරුල්ලාට ද නාගයාට ද
තමා අහිංසකයෙකි
ආදරය සොයා යන
දඩයක්කාරයින් මැද

ජීවිතය වෙහෙස ය
දෛනිකව ගතු කියන
ආදරය හැමදාම
සෙවුමක් විතරම ද

බලාපොරොත්තුව
පුංචි බිජුවටක කැටි කර
උණුසුම් කර රකින්නේ
තටු ලැබ අහිමි වන්නට ය

කුරුළු බිත්තරෙනුත්
නාග බිජුවටෙනුත්
උපදින්නේ එකම
අනාගතයයි නො දත්

අතීතය පසුතැවිල්ලකි
අනාගතය පිපිරුණ බිජුවටකි
බිත්තර කටු තුඩ ගාන
ජීවිතය මතකයක් පමණ ය

හැඬුමත් සිනාවත්
දෙක ම එක දිය ම ය
සුවඳ ද පිළී දුගඳ ද
හැඟීම් මාත්‍රයක් පමණ ය

මම සිටිමි ද මැරී ඇත් ද
නො දනිමි නො හැඟේ ය
කුමක් වුවත් කුමට ද
අප හැම තරු දුහුවිලි ය

අනන්ත කාලයක
ඉමක් නො පෙනෙන විශ්වයක
හොඳ නරක සොයා කුමට ද
ඔබට ඔබවත් හමු වෙද

ජීවිතය ගෙන දෝතට
යමු ද අපි කඳු මුදුනට
පා කර හරින්නට එය
දිශාවක් නො දත් සුළඟට

පැරකුම් ජයසිංහ, 2016-06-19

ඇනොනිමස් විචාරය මෙතැන් සිට: 

පූරෝගාමී වියුණුසටහන්කරුවෙකු, වෘත්තීය පරිවර්තකයෙකු, ෆ්‍රීඩ්මානියානු ලිබරල් ධනවාදී බුද්ධිමතෙකු, විශ්‍රාමික පාඨශාලා ආචාර්යවරයෙකු, විශ්‍රාමික කැරලිකරුවෙකු, පිටතොටකරණය වූ වාමාංශිකයෙකු, බහිෂ්කරණය වූ මාධ්‍යකරුවෙකු, උපරිව්‍යුහාත්මක හා අපසරණීය සමාජ-දේශපාලන-කලා විචාරකයෙකු, පර්යේෂණාත්මක නව්‍ය ශානරීය නිර්මාණ සාහිත්‍යකරුවෙකු සේ ම කලකට පෙර කාව්‍ය සංග්‍රහයක් ද පළ කළ විභවතාපූර්ණ කවියෙකු ද වන මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පී. ජයසිංහයන්ගේ අභිනව කාව්‍ය සංකල්පනාවේ පද සරණිය අපගේ අවධානයට යොමු විණ. කාව්‍ය නාමයෙන් සළුපිළී අන්දවා සමකාලීන ලංකාවේ නි‍බඳ ව පළ වන, අගනගරයේ බොහෝ සන්ධ්‍යාවන්හි මහත් උත්සවශ්‍රීයෙන් නිකුත් වන කවි බඩකඩිත්තු ද කවි ප්‍රෙහේලිකා ද කවි සටන් පාඨ ද කියවා වෙහෙසට පත් වන මනසට කවීන්ද්‍ර පී. ජයසිංහයන්ගේ “දිශාවක් නො දත් සුළඟ” නම් කව් පද සරණිය සැනසුම් සුසුමකි; ගිම්හානයේ නිශා යාමයේ ගතසිත සිසිල කරනා පවන් රොදකි; නිරුදක සමකාලීන සිංහල කවි කතරට වට උදක දහරකි.

මානව ශිෂ්ටාචාරයේ අනාදිමත් කාලයක සිට වර්තමානය දක්වා ද අනාගතය දක්වා ද මානවයා විසින් නන් අයුරින් විමසන ලද, විමසනු ලබන හා විමසනු ලැබීමට නියමිත සදාතනික ප්‍රශ්නයක් කවීන්ද්‍ර පී.ජයසිංහයෝ නව්‍ය කාව්‍යෝක්තියක් ද කාව්‍යමය හද බසක් ද උපයුක්ත කර පුනර්විමර්ශනයකට ලක් කරති. මානව ජීවිතයේ සුපිළිපන්, සුශික්ෂිත සහ සුසාර වූ අභිප්‍රේතාර්ථයෝ, අභිලාෂයෝ සහ අභිධානයෝ කවරහු ද?

මෙකී ප්‍රශ්නය අරබයා කවීන්ද්‍ර පී. ජයසිංහයන් අප වෙත පිළිගන්වන කවි මිණෙහි ද්විඛණ්ඩිත ද්විපාදීය චතුෂ්පද ආකෘතිය ද එහි සාර අන්තර්ගතය ද විසින් අපගේ මතකයට ගෙන එනු ලබන්නේ ශ්‍රේෂ්ඨ පර්සියානු කිවිඳු ඔමාර් ඛයියාම් තම අභිකෘතිය වූ රුබෙයියාට්හි සඳහන් කළ මතු දැක්වෙන අදහස ය. රුබෙයියාට්හි සම්භාවනීය ඉංගිරිසි පරිවර්තනය වන 19 වන සියවසේ මැද දී පළ වූ එඩ්වර්ඩ් ෆිට්ස්ජෙරල්ඩ් පරිවර්තනය එම අදහස මෙසේ පවස යි:

“Into this Universe, and why not knowing,
 Nor whence, like Water willy-nilly flowing:
And out of it, as Wind along the Waste,
 I know not whither, willy-nilly blowing.”

මෙකී ධ්වනිතාර්ථපූර්ණ කව්මිණිමාලයෙන් උද්දීපනය වූ මඩවල සිරිසේන රත්නායකයෝ පසුගිය සියවසේ දෙවන භාගයේ දී පූර්වෝක්ත ඉංගිරිසි පද මෙලෙස රමණීය සිංහලයට පෙරළුහ:

“මන්ද කියාලා කිසිවක් නො දනිමි
දිය දහරක් මෙන් ඇදෙමින් ආවෙමි
කොයි ද කියාවත් කිසිවක් නො දනිමි
මරු කතරක සුළඟක් මෙන් පිටවෙමි”

ඛයියාම්ට පෙර ද පසු ද බොහෝ සුධීමත් මානවයෝ මානව ජීවිතය අලළා එකී අතිමූලික ප්‍රශ්නය ම නැඟූහ; නඟති; නැඟීමට නියමිත ය. ඇතන්ස්හි ප්ලේටෝගේ සිට මතුගම පී. ජයසිංහ දක්වා අසංඛ්‍ය මානව සමූහයක් විසින් විවිධාකාරයෙන් එම ප්‍රශ්නය විමසනු ලැබ ඇත. කවීන්ද්‍ර පී. ජයසිංහයන් එකී විමසීම කරනු වස් තම කාව්‍යයේ දී උපයෝගී කර ඇති ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතා විධික්‍රමය සැලකිය යුතු වැදගත්කමකින් යුක්ත ය.

“ජීවිතය මැටි පිඬකි
කුඩා දරුවෙකු අත
කුරුල්ලන් සේ ම
නයින් ද ඉන් හැදෙත”

මෙහි කුරුල්ලන් යන සංඥාව විසින් හැඟවුම්කරණය වන මෘදු අහිංසකත්වය සේ ම එහි රූපික ප්‍රතිවිරුද්ධතාවය වන නාගයන් යන සංඳාව විසින් හැඟවුම්කරණය වන දෘඪ ක්‍රෑරත්වය ද ජීවිතය නම් එක ම මැටි පිඬකින් ම ජනිත වන අයුරු කවියා නිරූපණය කරයි. එම ප්‍රතිවිරුද්ධ නිර්මාණවල නිර්මාණකරුවා ලෙස කුඩා දරුවෙකු යෙදවීම ජීවිත පරිඥානය සම්බන්ධයෙන් මානවයාගේ නොපිරිපුන් දුරවබෝධය නිරූපණය කරනු වස් ඖචිත්‍ය කාව්‍යෝක්ති සැකසීමකි.

“හැඬුමත් සිනාවත්
දෙක ම එක දිය ම ය
සුවඳ ද පිළී දුගඳ ද
හැඟීම් මාත්‍රයක් පමණ ය”

“මම සිටිමි ද මැරී ඇත් ද
නො දනිමි නො හැඟේ ය
කුමක් වුවත් කුමට ද
අප හැම තරු දුහුවිලි ය”


හැඬුම-සිනාව, සුවඳ-දුගඳ, සිටීම-මැරීම ඈ රූපික ප්‍රතිවිරුද්ධතාවයන් අන්‍යෝන්‍ය ලෙස අභිමුඛ කර තම කාව්‍යාහිප්‍රේතාර්ථය වූ ජීවිතයේ සාරයන් ප්‍රශ්න කිරීම වඩාත් තීව්‍ර කිරීමට කවින්ද්‍ර පී. ජයසිංහයන් ප්‍රශංසනීය වෑයමක් දරා ඇත.

මානව ජීවිතය පිළිබඳ රූපික ව එකිනෙකට ප්‍රතිපක්ෂ වන ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතාවයන් පැවතීම නිෂේධනීය ද? නැත හොත් සාධනීය ද?

19 වන සියවස දක්වා ම පැවති සම්භාව්‍ය හෙවත් ඇරිස්ටෝටලියානු රූපික තර්ක ශාස්ත්‍රය මත පදනම් වූ විශ්ලේෂණ විධික්‍රමය තුළ නම් කළු හෝ සුදු හෝ ය; දෙකෙන් එකක් පමණි. නැත හොත් හොඳ හෝ නරක හෝ ය; දෙකෙන් එකක් පමණි. හොඳ යැයි සලකන ලද දෙය පැවතිය යුතු බවත් නරක නො පැවතිය යුතු බවත් එකී ශික්ෂාව පවත්වා ගැනීම පරම මානව කාර්යභාරයක් බවත් පිළිගැනිණි. මානව සංහතියේ ඉතිහාසය පුරා මහත් ව්‍යසනයන් ඇති වූයේ මෙලෙස හොඳ යැයි සලකනු ලැබූ සාරයන් ප්‍රවර්ධනයටත් නරක යැයි සලකනු ලැබූ අසාරයන් නාශනයටත් මානව වර්ගයා සිදු කළ ගැටුම් නිසා ය.

යමක් හොඳ වීමත් එහි රෑපික ප්‍රතිවිරුද්ධතාවය නරක වීමත් නිර්ණය වූයේ කෙසේ ද? සත්‍ය ලෙස ම එකී නිර්ණය සඳහා සාර්වත්‍ර ව පිළිගත හැකි නිර්නායකයෝ කිසි කලෙක නො පැවතියෝ ය.

හොඳ සහ නරක අතර ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතාවය වූ කලී මානව ශිෂ්ටාචාරය පුරාවට ම අතිමහත් බලපෑමක් කළ, එහි ප්‍රගමනයේ දිශානතිය නිර්ණය කළ ඉතා වැදගත් සාධකයකි. මානව සංහතියේ ප්‍රගමනයේ සුවිශේෂි සංධිස්ථානයන් සනිටුවහන් කෙරී ඇත්තේ මෙකී හොඳ-නරක පිළිබඳ ඒ ඒ යුගවල, ඒ ඒ මානවයන් හෝ මානව සමූහයා හෝ ලබා දුන් අර්ථකථන අනුව ය. එකී අර්ථකථන පදනම් වන්නේ සලකනු ලබන යුගයේ අධිපති දෘෂ්ටිවාදය මත ය. අධිපති දෘෂ්ටිවාදයට පරිබාහිර දෘෂ්ටිවාදයෝ ද ඒවා දරන්නෝ ද සම්මත සමාජයයේ සීමා මායිමෙන් ඉවතට පිටමං කරනු ලබති.

හොඳ හෝ නරක හෝ නිර්ණය කිරීමේ නිර්නායක ව්‍යාකූල ව පවතින තත්ත්වයක් යටතේ දී එකී ද්විරූපකය මත පදනම් ව සමාජයේ එක් කොටසක් පහත හෙළා තවත් කොටසක් උත්කර්ෂණයට ලක් කිරීම පරම ප්‍රතිගාමී අස්ථානයකි.

කවීන්ද්‍ර පී. ජයසිංහයෝ මෙම කරුණ තම කවි මිණෙහි මෙලෙස පවසති:

“අනන්ත කාලයක
ඉමක් නො පෙනෙන විශ්වයක
හොඳ නරක සොයා කුමට ද
ඔබට ඔබවත් හමු වෙද”

කෙතරම් ප්‍රශස්ත කාව්‍යකරණ සුරුවිරුකමක් ද මෙය? මාහැඟි ය. එමතු නො ව කවීන්ද්‍ර පී. ජයසිංහයෝ එකී ද්විරූපික විඛණ්ඩනයේ ව්‍යාකූලත්වය මනරම් කාව්‍යෝක්තියකට ද නඟති:

“කුරුල්ලාට ද නාගයාට ද
තමා අහිංසකයෙකි
ආදරය සොයා යන
දඩයක්කාරයින් මැද”

යන චතුෂ්පාදයේ දී කවීන්ද්‍ර පී. ජයසිංහයෝ හොඳ-නරක පිළිබඳ සරාර්ථවල ඇති සාපේක්ෂ බව කාව්‍යරූපී ව ඉස්මතු කරති.

හොඳ යනු කුමක් ද යන්න මානව සංහතියේ දාර්ශනික දැනුම් සංශ්ලේෂණයේ පූර්වකාලීන යුගවල සිට ම කතිකාවට බඳුන් වූ ප්‍රශ්නයක් බව පෙනේ. ආදී ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් හොඳ යන්න විග්‍රහ කරන ලද්දේ සාංකල්පික “සාමාන්‍යයන්” පිළිබඳ දැනුම ලෙස ය. ප්ලේටෝ තම “ජනරජය” සංවාදයේ දී විග්‍රහ කරන අයුරු ප්ලේටෝනියානු “සාමාන්‍යයන්” යනු ද්‍රව්‍යමය යථාර්ථයන් නො වූ අතර එවා “සාංකල්පික හොඳ” නැමැති “දිව්‍යමය” සංකල්පයන් විණ. ප්ලේටෝට අනුව ලෝකයේ පවතින සියලු හොඳ (යහපත්) දේ දිව්‍යමය හොඳට අනුරූප ව ව්‍යුත්පන්න කර ගනු ලබන දේ ය. මෙය “සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලදී” යන ආගමික විශ්වාසය තුළ එළඹ ගත් අස්ථානයකි. හොඳ සහ නරක පිළිබඳ මෙකී ආගමික නැඹුරුව කෙතරම් ප්‍රබල වී ද යත් හොඳ පිළිබඳ ප්ලේටෝනියානු සංකල්පයට එරෙහි වී එය ද්‍රව්‍යමය ආකාරයකට විස්තීරණය කළ ඇරිස්ටෝටල් ද දෙවියන් වහන්සේ පිළිබඳ භක්තිය අභිභවා පුද්ගල නිදහස පිළිබඳ කතිකාව ප්‍රමුඛත්වය පැමිණි යුරෝපයේ බුද්ධි යුගය තුළ සමාජ එකඟත්වය පිළිබඳ කතිකාව සැකසූ ශන්-ශක් රූසෝ ද පුද්ගල නිදහසෙන් යම් ප්‍රමාණයක් රාජ්‍ය නම් පොදු සංස්ථාපිතය සඳහා කැපකිරීමේ කතිකාව සැකසූ තොමස් හොබ්ස් ද පුද්ගල නිදහස සුරැකීමේ වගකීම රාජ්‍ය සංස්ථාපිතයට පැවරීමේ කතිකාව සැකසූ ජෝන් ලොක් ද ස්වභාවික යුක්තිය පිළිබඳ කතිකාව සැකසූ හියුගෝ ග්‍රෝශස් ද කිසියම් ක්‍රියාවක හොඳ හෝ නරක හෝ නිර්ණය කිරීමේ දී එම ක්‍රියාවේ ප්‍රතිඵල නො ව එකී ක්‍රියාවේ නෛසර්ගික සාරය ම සැලකීමේ කතිකාව (යුක්තිවේදය) සැකසූ එම්මැනුවෙල් කාන්ට් ද ආගමික නැඹුරුවෙන් සම්පූර්ණයෙන් ම මිදුණු බවක් නො පෙනේ.

කාන්ට්ට ප්‍රතිපක්ෂ ව යමින් කිසියම් ක්‍රියාවක හොඳ හෝ නරක හෝ නිර්ණය කිරීමේ දී එම ක්‍රියාවේ ප්‍රතිඵලය සැලකීමේ කතිකාව (උපයෝග්‍යතාවාදය) සැකසූ ජෙරමි බෙන්තම් හා ස්ටුවර්ට් මිල් ද ප්‍රපංචයන්ගේ තාර්කික (පරිමේය) ස්ථාවරය මත ඒවා ඇගයීමේ කතිකාව සැකසූ විල්හෙම් හේගල් ද දකුණු (වෘද්ධ) හේගලියානුවන් ද වුව හොඳ සහ නරක පිළිබඳ ආගමික විග්‍රහයෙන් සම්පූර්ණයෙන් මිදු‍ණු බවක් නො පෙනේ. හොඳ සහ නරක පිළිබඳ එතෙක් පැවති විඥානවාදී කතිකාව උඩු යටිකුරු කරන ලද්දේ වම් (තරුණ) හේගලියානුවෙකු වූ කාල් මාර්ක්ස් විසිනි. දෙවියන් වහන්සේ විසින් ස්වකීය ස්වරූපයෙන් මිනිසා මවනු ලැබීම නො ව මිනිසා විසින් ස්වකීය ස්වරූපයෙන් දෙවියන් වහන්සේ මවනු ලැබීම සිදු වුණු බව මාර්ක්ස් විශ්වාස කළේ ය (මෙය ඔහු ලුඩ්විග් ෆොයබාර්ක් සමඟ හවුලේ දරන ලද අස්ථානයකි). ආගමික නැඹුරුව ප්‍රතික්ෂේප කළ මාර්ක්ස් විසින් ආගම සලකන ලද්දේ සමාජයේ උපරිව්‍යුහයේ පවතින පූර්වතාර්කික (පූර්වපරිමේය) සංඝටකයක් ලෙස ය. මාර්ක්ස්ගේ ලේඛන තුළ හොඳ, නරක, සදාචාරවත් ආදී ව්‍යාකූල වදන් ඉතා විරල ය. ඔහුට වැදගත් වූයේ ක්‍රියාවක දිශානතිය සමාජ ප්‍රගමනයේ ප්‍රගතිය දෙසට යොමු වේ ද නැත හොත් සමාජ ප්‍රගමනයේ ප්‍රගතියෙන් ඉවතට යොමු වේ ද යන්න ය.

වාම (තරුණ) හේගල්වාදය සමඟ එක මඟ පිය නඟන කාල් මාර්ක්ස් එක් සංධිස්ථානයක දී හේගල්වාදයට සමුදෙමින් සම්ප්‍රදානය කරන වැදගත් ම විශ්ලේෂණ විධික්‍රමය වන්නේ අපෝහක භෞතිකවාදය යි. ප්‍රවාද- ප්‍රතිවාද-සහවාද යන ත්‍රිපාදීය සූත්‍රය ඇසුරින් රූපික ප්‍රතිවිරුද්ධතාවයන්ගේ අන්‍යෝන්‍ය ඝට්ටනය, නිෂේධනය, අන්තර්විනිවිදීම හා පොළාපැනීම මඟින් සිදුවන ප්‍රගමනය හැඟවුම්කරණය වන අපෝහකය හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ හේගල්ට ය (පෙරදිග දර්ශනයේ ද මීට සමාන විධික්‍රමයක් පැවති බව නාගාර්ජුන, ධර්මකීර්ති, දිග්නාග වැනි පෙරදිග දාර්ශනිකයන්ගේ සම්ප්‍රදානය විමර්ශනය කළ විට දැක ගත හැකි ය). එහෙත් හේගල් විසින් අපෝහකය භාවිතා කරන ලද්දේ වියුක්ත විඥානවාදී ආකාරයකට ය. විඥානවාදී අපෝහකය හෞතිකවාදී අපෝහකයක් බවට පත් කරනු ලබන්නේ මාර්ක්ස් විසිනි. හේගල් විසින් හිස මත සිටුවා තිබූ අපෝහකය තමා විසින් දෙපා මත සිටුවන ලද බව මාර්ක්ස් තම අභිකෘතිය වූ දාස් කැපිටාල්හි‍ පෙරවදනෙහි සඳහන් කරන්නේ එකී හේතුව නිසා ය.

අපෝහක විශ්ලේෂණ විධික්‍රමය අනුව ප්‍රතිවිරුද්ධතාවයන්ගේ පැවත්ම යනු අවසාන වශයෙන් සාධනීය කරුණකි. කුමක් නිසා ද යත් එකී ප්‍රතිවිරුද්ධතාවයන්ගේ (ප්‍රවාද හා ප්‍රතිවාද) ගැටීම විසින් අවසානයේදී නව්‍ය ප්‍රගමනයක් (සහවාද) ජනනය කෙරෙන බැවින් ය. මානව සංහතියේ ඉදිරි ගමන ට දායක වන ගාමක බලය වන්නේ ප්‍රවාද බිහි වීම, එවාට ප්‍රතිවිරුද්ධ ව ඒවා නිෂේධනය කරමින් ප්‍රතිවාද බිහි වීම සහ එකී ප්‍රවාද-ප්‍රතිවාද ගැටීමෙන් නව සහවාද බිහි වීම ය.

කවීන්ද්‍ර පී. ජයසිංහයන් තම කවි මිණ පබඳින්නට ප්‍රයෝජ්‍ය කළ ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතා විධික්‍රමය වූ කලී මාර්ක්ස්ට, එංගල්ස්ට හා ප්ලෙකානොව්ට පසු ව වාග්විද්‍යා දර්ශනය තුළ ස්වාධීන ව විශාල වර්ධනයක් ලැබූ විශ්ලේෂණ විධික්‍රමයකි. ෆර්ඩිනන්ඩ් ඩී සෝෂුවර්ගේ සිට ශක් ඩෙරීඩා දක්වා ශතවර්ෂයක පමණ කාලයක් පුරා ප්‍රංශ ව්‍යුහවාදය ආලෝකමත් කළ ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතා විධික්‍රමය තුළ ප්‍රතිවිරුද්ධ අර්ථ ඇති වදන් යුග්ම යනු විසංවාදයන් නො ව අන්‍යෝන්‍ය ලෙස අනුපූරක ස්ථිතීන් ය. එපිළිබඳ සාකච්ඡා කිරීම අපි මෙම ලිපියෙන් නො කරන්නෙමු. යථා කාලයේ දී අදාළ සන්දර්භයන් තුළ එපිළිබඳ සාකච්ඡා කරමු.

කවීන්ද්‍ර පී. ජයසිංහයෝ රමණීය කවි බසකින් කව්මිණිමාලයක් නිමවති. ඔවුන්ගේ කාව්‍යාත්මක හද සමඟ ඒකාත්ම වන රසික ජනයා හෙවත් සමාන හදැති සහෘදයෝ එකී කාව්‍යාස්වාදයෙන් ස්වකීය ආනන්ද මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කර ගනිති. එලෙස ආනන්දයෙන් උද්දීපනය වන සහෘද මනස කවීන්ද්‍ර පී. ජයසිංහයන් පවසන ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතාවයන්ගේ සමතුලිතතාවය වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ අන්තය වෙත යොමු කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සිතා බලයි. එයට බාධා කරන සතුරු සමාජ සම්බන්ධතාවයන් මොනවා ද එම බාධා ජයගත හැකි වන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳ සහෘද මනස යොමු වේ. එනයින් සහෘදයෝ ස්වකීය ඥාන මණ්ඩලයේ නිම් වළලු ද සම්ප්‍රසාරණය කර ගනිති. මෙකී දෑ සිදුවන විට කවීන්ද්‍ර පී. ජයසිංහයන් තම කවි මිණ අවසන් කර නික්ම ගොස් ය. එහි කවර නම් වරදක් ද? කිසිඳු වරදක් නැත. කවියෙකු ලෙස තම කාර්යභාරය කවීන්ද්‍ර පී. ජයසිංහයන් අවබෝධ කරගෙන ඇති බවට එය මනා සාක්ෂ්‍යයකි. ඔවුන්ගේ වචනයෙන් ම පවසතොත් කලාකරුවාගේ ප්‍රොටොකෝලය කවීන්ද්‍ර පී. ජයසිංහයෝ මනා ලෙස වටහාගෙන සිටිති.

කලාකරුවාගේ කාර්යභාරය වූ කලී සතතාභ්‍යාසයෙන් සහ ව්‍යුත්පන්නයෙන් ඔපවත් වූ තම ප්‍රතිභාව උපයුක්ත කර සහෘදයාගේ ආනන්ද මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කරවා මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත සහ සුපරිපූර්ණ වීමට බාධා කරන පසමිතුරු සමාජ සම්බන්ධතාවල නිස්සාර ස්වභාවය ඉස්මතු කිරීමෙන් සහෘදයාගේ ඥාන මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කරවීම ය. කලාකරුවාගේ කාර්යභාරය එතැනින් නිම ය. විශිෂ්ට කලාකෘති පරිශීලනයෙන් ආනන්ද-ඥාන මණ්ඩල ප්‍රකම්පනය වී නැඟී එන සහෘද මානවයාගේ විප්ලවිය විභවය උපයුක්ත කර සමාජ-දේශපාලන විප්ලවය සිදු කර මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ කිරීම දේශපාලන කාර්යයකි. ලියෝ ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැටපත වූ බව ලෙනින් ප්‍රකාශ කළේ පෙර කී කලාකරුවාගේ කාර්යභාරය සලකා ය. කලාකරුවා දේශපාලන මතවාද වැපිරීමට නිර්මාණ කිරීම කලාව ද දේශපාලනය ද යන දෙක ම පිරිහීමට හේතුවකි. කලාකරුවා දේශපාලන ප්‍රචාරණවාදියෙකු නො විය යුතු බව අපෝහක භෞතිකවාදය ඉතිහාසය හා කලාව කියවීමේ ක්‍රමවේදයක් බවට පත් කරවීමට යුගකාරක මෙහෙයක් සිදු කළ රුසියානු මාර්ක්ස්වාදයේ පීතෘ ජෝර්ජි ප්ලෙකානොව් ප්‍රකාශ කළේ ද ඉහත අර්ථයෙන් ය.

කවීන්ද්‍ර පී. ජයසිංහයන් තම කව්මිණිමාලය අවසන් කරන්නේ මෙලෙස ය:

“ජීවිතය ගෙන දෝතට
යමු ද අපි කඳු මුදුනට
පා කර හරින්නට එය
දිශාවක් නො දත් සුළඟට”

කවීන්ද්‍ර පී. ජයසිංහයන් අපට ජීවිතය දෝතට ගෙන කඳු මුදුනට යන්නට ඇරයුම් කරන්නේ ජීවිතය පිළිබඳ නීට්ෂියානු ශුන්‍යවාදී දර්ශනයකින් නො විය යුතු ය; උස් කඳු තැනිතලා මතින් පා වී වලා රොදක් සේ සැරිසරමින් මානව නිදහසේ රන්වන් කුසුම් දහසක සිරි නැරඹුමට විය යුතු ය.

රසබර, හරබර මෙවන් මාහැඟි කව් මිණි තව තවත් පබඳින්නට මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පී. ජයසිංහයනට කුසලතා වාසනා ලැබේවා! “දිශාවක් නො දත් සුළඟ” ද කවීන්ද්‍ර අජිත් පී. ජයසිංහ ශ්‍රී නාමය ද කව් රස විඳුමට සිතැති දුලබ දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් පිළිරුව් දේවා!

සෝදුපත:
මෙහි නිර්නායකයෝ සහ නිර්නායක යන දූෂ්‍ය වදන් දෙකක් ලිය වී ඇත. එ්වා යතුරු ලියනය කිරීමේ දී වූ අතපසු වීම් ය. එම වදන් නිර්ණායකයෝ සහ නිර්ණායක ලෙස නිවරද කර ගනු මනා ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-23

නිවැරදි තීරණය ගැනීමට එක්සත් රාජධානියේ ජනතාවට ශක්තිය ලැබේවා - අගමැති රනිල් වික්‍ර‍මසිංහ

1977දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලනඥයකු ලෙස මම පසුගිය වසර හතළිහක් පුරා ලෝක දේශපාලනය තුළ සිදු වූ වැදගත් චලනයන් අධ්‍යයනය කර ඇත්තෙමි. ඒ අතරින් කිහිපයක් මෙසේයි: ඩෙන් ෂියාඕපිං විසින් 1978දී චීනයේ මුල පුරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් එරට ආර්ථිකය ලෝකයත් සමග ඒකාබද්ධ කරන ලදී. ප්‍රබල දේශපාලන පෞරුෂයන් වන බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර්, එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්, ජර්මන් චාන්සලර් හෙල්මට් කෝල් වැනි අයගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සෝවියට් සංගමය හා බර්ලින් තාප්පය බිඳ වැටිණි. ඉන්දීය ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරමින් 1991දී අගමැති නරසිංහ රාඕ විසින් ගන්නා ලද එඩිතර මුලපිරීම් සමග 2016 වන විට ඉන්දියාව වැදගත් කලාපීය බලවතෙක් බවට පත් ව ඇත. 1993 ජනවාරි 1දා සිට ඒකීය යුරෝපීය වෙළඳපොළක් පිහිටුවීම ද මවිසින් නිරීක්ෂණය කරන ලදී. මෙම මුලපිරුම්වල අවසන් ප්‍රතිඵලය වූයේ නව ගෝලීය ආර්ථික පිළිවෙලක් පැන නැගීමයි. එමගින් එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය, ජපානය හා ඉන්දියාව වැනි ප්‍රධාන පාර්ශ්ව අතර විවෘත වෙළඳපොළවල් හා නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන ලදී. වර්තමානයේදී අපි මෙම නව ගෝලීය පිළිවෙලට අයත් වෙමු. එහි දී වෙළඳාම දේශීය සීමාවන්ට හා වෙළඳපොළවලට පමණක් සීමා වී නැති අතර වේගයෙන් කලාපීය තත්වයට පත් වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අප සියලු දෙනා ම 2008 සිට ආර්ථික අර්බුදයකින් යථා තත්වයට පත් වෙමින් තිබෙන අධිපති ගෝලීය ආර්ථිකයක් යටතට හා එහි බලපෑමට ලක් වී සිටිමු.

ගෝලීය මහේක්ෂ ආර්ථික ස්ථායීභාවය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් වැදගත් වේ. ත්‍රස්තවාදය, අභ්‍යන්තර ගැටුම් හා භේදකාරී දේශපාලනය සහිත දශක තුනකට පසු අපි සංහිඳියාවේ, මානව හිමිකම් නඟාසිටුවීමේ, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ හා ගෝලීය වටිනාකම් දම්වැල සමග එක් වෙමින් අපගේ ආර්ථික පදනම ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියකට පිවිස ඇත්තෙමු. අපගේ අපනයන විවිධාංගීකරණය කිරීමේ හා වෙළඳ ශේෂය වර්ධනය කිරීමේ අපගේ උපායමාර්ගයෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ස්ථායී ගෝලීය ආර්ථිකයක් මත ය. එබැවින්, ගෙවුම් ශේෂය අපට වාසිදායක වන පරිදි, අපගේ අපනයනවලින් 30%ක් යොමු වන යුරෝපා ඒකීය වෙළඳපොළෙහි අනාගතය අපට ඉතා වැදගත් ය. එහි සිදු වන බිඳවැටීම් මුළු ලෝකයට ම බලපායි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2016 වසන්ත රැස්වීම අවසන් වූයේ ගෝලීය ආර්ථික වර්ධනයේ පහළට යොමු වූ අවදානමත් සමග ගෝලීය ආර්ථික වර්ධනයේ බලාපොරොත්තු දුර්වල වී ඇති බවට නිගමනය කරමිනි. දැඩි අවදානම් තත්වයක් වන්නේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තිබෙන ඉඩකඩයි. එය ආර්ථික කැළඹීම වැඩි දියුණු කිරීමට හේතු වනු ඇත. ශ්‍රී ලංකාවට මෙන් ම වෙනත් බොහෝ ආසියාතික රටවලට ද තවත් මුල්‍ය කැළඹීම් හා ගෝලීය ආර්ථික කඩාවැටීම් දරා ගැනීමේ හැකියාවක් නැත. එබැවින් ඔබ යුරෝපා සංගමයෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට, එක්සත් රාජධානියට හා ගෝලීය ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳ අපි සැලකිලිමත් වන්නෙමු.

එක්සත් රාජධානියෙහි පිටවීමේ ක්‍රියාවලිය තුළ ඇති පහතට යොමු වුණ අවදානම පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ලෝක දැක්ම අනාවැකිය බ්‍රිතාන්‍ය මහා භාණ්ඩාගාරයේ විශ්ලේෂණය විසින් ද වැර ගන්වා තිබේ. බ්‍රිතාන්‍ය රජයට සිදු වන දැවැන්ත ආදායම් හානි පිළිබඳ හා සෑම පුරවැසියකු ම 2030 වන විට පවුම් 4300කින් දුප්පත් වනු ඇති බව එමගින් ප්‍රක්ෂේපණය කර තිබේ. මෙම භාණ්ඩාගාර වාර්තාව අපහාසාත්මක සඳහන් කිරීම් කීපයකින් නො තකා හැරීම හෝ ඉවත දැමීම කළ නො හැකි ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලෝක දැක්ම අනාවැකිය හා භාණ්ඩාගාර වාර්තාව වෙනත් සංවිධාන රැසක පිළිගැනීමට ලක් වී තිබේ. ඔවුන්ගේ සොයාගැනීම් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා සංවිධානය (OECD), රාජ්‍ය මුල්‍ය අධ්‍යයන ආයතනය, (CBI විසින් ප්‍රසිද්ධ කර තිබෙන) ප්‍රයිස් වෝටර්හවුස් කූපර් වාර්තාව, Unite, GMB, TUC, Unison, Lloyds Bank, Legal and General, Nissan, Goldmansachs, Black Rock, Morgan Stanley, J P Morgan, EasyJet, Vodafone, Royal Dutch Shell, HSBC යනාදී බැංකු වැනි සංවිධානවල සමාන නිගමන මගින් වැර ගන්වනු ලැබේ. මෙම වාර්තා විසින් කරනු ලබන නිගමනය වන්නේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් පිටවීම බ්‍රිතාන්‍ය ආර්ථිකයේ බරපතල පසුබෑමකට හේතු වනු ඇති බවයි.

ඇත්ත තත්වය තුළ එක්සත් රාජධානිය විසින් යුරෝපා ඒකීය වෙළඳපොළක් ව්‍යූහගත කර තිබේ. එමගින් ඔවුන්ට ලෝක දෙකෙහි ම හොඳම තත්වය ලබා දී තිබේ. එය වනාහි යුරෝ කලාපය හා ස්ටර්ලිං පවුම් කලාපය අයත් වන මිලියන් 500ක් ජනතාවගේ ඒකීය වෙළඳපොළකි. යුරෝ හා ස්ටර්ලිං පවුම් යනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංචිත විනිමය ඒකක පහෙන් දෙකකි. පසුගිය වසරේ ලන්ඩනය නිව්යෝක් පසු කරමින් නැවත වතාවක් ලොව ප්‍රධානතම මුල්‍ය මධ්‍යස්ථානය බවට පත් විය. යුරෝපා සංගමය ලොව ලොකුම ආර්ථිකයයි. එය ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වැඩි ය. එය ලොව විශාලත ම වෙළඳ කලාපය වේ. ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවියෙන් 15%ක් සිදු වන්නේ එහි ය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 80කට වැඩි සංඛ්‍යාවක විශාලතම අපනයන වෙළඳපොළ එයයි. එබැවින් එක්සත් රාජධානිය යුරෝපා සංගම් වෙළඳාමෙන් ඉවත් විම නිසා ඇති විය හැකි ආර්ථික ප්‍රතිඵල ලෝකයේ අප ජීවත් වන කලාපයට ද දැනෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ කැමැත්තක් දක්වන අය පවසන්නේ එරට යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් මාලාවකට එළැඹීමෙන් යුරෝපා තනි වෙළඳපොළ අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල අවම කර ගනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අපි 2000 දශකයේ අග භාගයේදී GSP+ අහිමි වීමේ විපාක භුක්ති වින්දෙමු. එම අත්දැකීම අනුව, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ නරක ආදීනව වඩාත් වැඩි ය. (එක්සත් රාජධානියේ අපනයනවලින් 45%ක් සිදු වන්නේ යුරෝපා සංගමයටයි.)

වර්තමානයේදී ශ්‍රී ලංකාව GSP+ සඳහා නැවත අයදුම් කිරීමේ ආසන්නයට පැමිණ සිටියි. අපි ඉන්දියාව සමග ආර්ථික හා තාක්ෂණ ගිවිසුමක් සාකච්ඡා කරමින් සිටිමු. චීනය, සිංගප්පූරුව හා ඇමරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළඳ ගිවිසුම් / පාර ශාන්තිකර සහයෝගිතාවන් සාකච්ඡා කරමින් සිටිමු. වෙළඳාම සංවර්ධනය කිරීම පිණිස අපට එකට වෙළුණු මාවතක් අනුගමනය කිරීමට සිදු වී තිබේ. එහිදී තිබෙන එකම විකල්පය තනි, තනි සාකච්ඡා පැවැත්වීමයි. හේතුව වන්නේ අපගේ දකුණු ආසියාතික කලාපයට තනි වෙළඳපොළක් පිහිටුවීම කළ හැකි දෙයක් නො වීමයි. එබැවින්, අවිනිශ්චිත අනාගතයක් වෙනුවෙන් තම සුරක්ෂිත වර්තමානය අත්හරින රටක් පිළිබඳ මම විස්මයට පත් වෙමි. යුරෝපා ඒකීය වෙළඳපොළෙන් ඉවත් වීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක් ඉහත සඳහන් කරන ලද රටවල් සමග ගිවිසුම්වලට එළැඹෙන තෙක් පෝලිමක බලා සිටීමයි. නිදහස් වෙළඳ ගිවිසුම්වලට දැඩි ඉල්ලුමක් තිබේ ද? යුරෝපා සංගමයෙන් පිටවීම ප්‍රවර්ධනය කරන අයට එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වන මුල්‍ය කැළඹීම් හා ආර්ථික පරිහාණිය බොරු යයි කීමේ හැකියාව නැත.

වැඩිදුරටත්, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු සිදු වන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මුල්‍ය කැළඹීම ද වැඩි කරනු ඇත. එක්සත් රාජධානියේ ඉවත් වීම විසින් යුරෝපා සංගමයේ වෙනත් රටවල ද සමාන ජනමතවිචාරණ සම්බන්ධ ඉල්ලීම් මතු කළ හැකි ය. එමගින් සමස්ත යුරෝපා ඒකීය වෙළඳපොළ ම අවදානමට පත් වේ. සැකයක් නැතිවම, මෙමගින් ගෝලීය වෙළඳපොළෙහි අවිනිශ්චිතභාවයක් ඇති වේ. එමගින් යුරෝපයේ අති දක්ෂිණාංශික දේශපාලන පක්ෂ ශක්තිමත් වන අතර ඔවුන්ගේ ප්‍රාදේශීය ඉල්ලීම් තහවුරු වනු ඇත. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු අලුත් විය හැකි ස්කොට්ලන්තයේ නිදහස පිළිබඳ ඉල්ලීම හේතුවෙන් එක්සත් රාජධානියේ සමස්ත ආර්ථිකය ම අවදානමට ලක් කරනු ඇත.

ශ්‍රේෂ්ඨ රාජධානි තුනක එකතුවක් වන මහා බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ එක්සත් රාජධානිය විසින් නීතියේ පාලනය හා පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය වැනි යහපාලන සංකල්ප ලෝකයට ලබා දුන් බව අපි අමතක නො කළ යුතු ය. එමගින් කාර්මික විප්ලවය පණ ගැන්වුණ අතර නිදහස් වෙළඳාම බිහි විය. ඉංග්‍රීසි කතා කරන ලෝකය ජෝන් හැම්ප්ඩන්, ජෝන් මිල්ස්, ඇඩම් ස්මිත් හා ජෝන් මේනාර්ඩ් කීන්ස් පිළිබඳ දැන ගත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත ව්‍යාපාරය සමගයි. අපගේ පාර්ලිමේන්තුවේ අප නිතර උපුටා දක්වන කතානායක ලෙන්තෝල්ගේ ප්‍රකාශයක් මෙසේයි: “මට මෙම ස්ථානයෙහිදී දකින්නට ඇස් හා කතා කරන්නට දිව නැත. එහෙත් සභාව මා මෙහෙයවීමට කැමති හෙයින් මම එහි සේවකයෙක් වෙමි.” මේ හා සමානව, අපගේ අධිකරණය ද ඇට්කින්ස් සාමිවරයාගේ එකඟ නොවන තීන්දුව ද අපි අදාළ කර ගන්නෙමු. ලිවර්සිජ්ට එදිරිව ඇන්ඩර්සන් (1941 3AER 338) නඩුවේදී “ආයුධ ගැටුම් අතර ද නීතිය නිශ්ශබ්ද නැති බව” කියැවිණි.

අධිරාජ්‍යයන් දෙකක් හා යුරෝපා ඒකීය වෙළඳපොළ සමග ආර්ථික ආධිපත්‍යය ගොඩනැගූ හා නඩත්තු කළ එක්සත් රාජධානියේ ගතිකයන්ට සමාන්තර වන වෙනත් තත්වයක් නූතන ඉතිහාසයේ නැත. එබැවින් මේ මොහොතේ යුරෝපා සංගමයෙන් පිටවීම යනු එම ස්ථානය හා ආර්ථික ආධිපත්‍යයේ මූලෝපාය අත්හැර දැමීමකි. ක්‍රිකට් භාෂාවෙන් නම් එය හිට් විකට් වීමකි. විශේෂයෙන් ම, දෙවන ලෝක යුද්ධයේ හා ෆෝක්ලන්ත අර්බුදයේ අඳුරු වකවානුවලදී පසෙකින් සිට ඔබ වෙනුවෙන් ජයඝෝෂා කළ පාර්ශ්වයන් මෙමගින් බියෙන් වෙවුලුම් කනු ඇත. මෙම තත්වය තුළදී ඔබගේ හිතවතුන් හා මිතුරන් සිය කාංසාව හා සැලකිල්ල ප්‍රකාශ කිරීම පුදුමයට පත් විය යුතු තත්වයක් නො වේ. වසර 31කට පෙර 1985 අප්‍රේල් මාසයේදී අගමැති මාග්‍රට් තැචර් ශ්‍රී ලංකාවට පැමිණියා ය. ජනාධිපති ජයවර්ධන ෂේක්ස්පියර්ගේ හැම්ලට් කෘතියෙන් උපුටා දක්වමින් කතා කරන විට මම එහි සිටියෙමි. ඔහු පොලොනියස් සාමිවරයාගේ ප්‍රකාශයක් උපුටා දැක්වීය. එය මෙසේ ය:

“Those friends thou hast, and their adoption tried,
Grapple them to thy soul with hoops of steel;
(ඔබගේ සැබෑ මිතුරන් ඔබගේ හදවතට සමීපව තබා ගන්න)

එක්සත් රාජධානියේ ඡන්දදායකයන්ට ජුනි 23දා දීමට තිබෙන තීන්දුව 1940 මැයි 28දා බාහිර කැබිනට්ටුව විසින් ගන්නා ලද තීරණයට සමාන එකකි. එදා එමගින් තීරණය කරනු ලැබුවේ චර්චිල්ගේ තීරණය ගමන් මාර්ගයේ වෙනසක් නො කර පවත්වාගෙන යා යුතු බවයි. 2016 ජුනි 23 දින නිවැරදි තීරණය ගැනීමට එක්සත් රාජධානියේ ජනතාවට ශක්තිය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති
2016 මැයි 23

(පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-22

සුන්දර ඉංගිරිසි: ටයි ටයි බොටයි මටයි මැච් එක ටයි

මැච් එක ටයි ටයි කරන්නට අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් ගැසූ Liam Plunkett
ඊයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වුණ එක් දින තරගය සම ලකුණු හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ නිසායි මේ සුන්දර ඉංගිරිසි සටහන ලියන්න හිතුණේ. මේක මම කාලයක් ජනරළ පත්තරේට කොලමක් ලෙස ලිව්වා. 

ලංකාවේ නූතන භාෂාවන්ට, සංස්කෘතියට වැඩියෙන් ම බලපාන බසක් තමයි ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව නිසා නිරතුරුව ම සිංහල, දෙමළ භාෂාවන්ට අලුත් වචන එකතු වෙනවා. 

ක්‍රිකට් තරගයක් සම ලකුණු නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුණාම එය ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ Match tied කියා ය. 

එහෙත්, සිංහලෙන් මෙය තත්සමව යෙදෙන්නේ ටයි-ටයි කියා ය. ඒ වනාහි සම-සම යන අරුත දෙයි. මෙය ශාස්ත්‍රීය බසෙහි සමෝසම ලෙස ද යෙදේ. 

මෙසේ ඉංග්‍රීසියෙන් තත්සම වන වචන දෙකක් එකට යොදා නව විශේෂණ පදයක් සාදා ගැනීම ව්‍යවහාරික සිංහල භාෂාවේ අවස්ථා කීපයක ම දක්නට ලැබේ.

තිත් වැටුණු රෙද්දක් තිත්-තිත් හෙවත් ඩොට්-ඩොට් කියා ද, කොටු වැටුණු රෙද්දක් කොටු-කොටු හෝ චෙක්-චෙක් කියා ද කියනු ලැබේ. 

මෙසේ එක වචනය එක ළඟ දෙවරක් කීම සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. පහත ඇත්තේ ජනප්‍රිය ගී දෙකකින් උපුටා ගත් උදාහරණ ය.

‘යමු යමු අයියේ - යමු යමු අයියේ
සිරි අයියා ළඟටා' 

‘එන්න එන්න මෙන්න අපේ සීනිබෝල හෝටලේ'

එහෙත් එය ක්‍රියා පදයක ධාතුව එක ළඟ දෙවරක් උච්චාරණය කරමින් සාදා ගන්නා මිශ්‍ර‍ ක්‍රියාවෙන් වෙනස් ය. උදාහරණයක් ලෙස ‘බේර බේර කඳුළු කැටී'  කියන විට එහි ඇත්තේ මිශ්‍ර‍ ක්‍රියාවකි. 

මෙසේ ක්‍රියා පදය දෙවරක් යෙදීම සිංහලෙන් ලාංකික ඉංග්‍රීසියට ද පිවිස තිබේ. 

Come! Come!
Sit! Sit!
Thank you! Thank you!
OK! OK! 
No! No!

ලාංකික ඉංගිරිසියේ ත්‍රිරෝද රථයට ටුක්-ටුක් (tuk-tuk) යන වදන යෙදේ. 

අපේ මාතෘකාවට යොදා තිබෙන ‘ටයි ටයි - බොටයි මටයි' යනු ළමයින්ගේ විහිළු කවි පදයකි. බෝල ගසද්දී මැච් එකක් ටයි ටයි වූ විට කොල්ලෝ මේ කවිය කියති. 

ටයි දාගෙන යන මිනිසුන්ට ද එසේ කියනු ලැබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-21

රෝහිතස් ඩැම්සල්ගේ දන්සැල් වන්දනාව හා දන්සැල් ලංකාව

Damsel in Dansal 
දැන් ලංකාවේ අලුත් දන්සැල් රැල්ලක් පැතිර යමින් තිබෙනු ඔබ නිරීක්ෂණය කළා ද?

හැම තැන ම දන්සැල් ය. එක එක විධියේ දන්සැල් ය. බත්, තේ, කෝපි, කොත්තමල්ලි, සිසිල් පැන්, කොස්, මයියොක්කා, රොටි, කිරිබත්, පාන්, සුප්, සව්, අයිස්ක්‍රීම් ආදී විවිධ දේ දන්සල්වල පිරිනැමේ. කණ්ඩායම් එක් වී එක්, එක් වේලාවට එක්, එක් තැන්වලදී දන්සැල් දෙනු ලැබේ. 

ඇතැමෙක් කාලසටහන් හදාගෙන දන්සැල් යති. මෙදා පාර පොසොන් පෝයට විශේෂ ආමිස හෝ ප්‍රතිපත්ති හෝ පූජා එතරම් දක්නට නො ලැබුණ මුත්, දන්සැල් නම් හැම තැන ම තිබිණි. වෙසක්, පොසොන් සැරසිලිවලට හෝ දන්සැල්වලට තරම් උනන්දුවක් දක්නට නැත. 

මේ දන්සැල් රැල්ල සෑහෙන තරමේ ආහාර අපතේ යැවීමක් ද, ලෙඩ රෝගවලට මුල් වන බඩජාරිකමක් ද ප්‍රවර්ධනය කරන බවක් පෙනේ. පෙරැත්තය නිසාත්, නිකම් දෙන නිසාත්, මිනිස්සු තමන්ට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් කුසට දමා ගනු දක්නට ලැබේ. 

මේ අලුත් තත්වය තුළ දැන් වෙසක්, පොසොන් පෝයවල කරන ප්‍රධාන වන්දනාවක් වන්නේ දන්සැල් වන්දනාවයි. මෙහෙම ගියොත් දන්සැල් වන්දනාවට ද ගාථාවක් බිහි වනු ඇත.

ලංකාවේ පන්සල්, පල්ලි, කෝවිල්වලින් ජනතාවට සුබවාදී අදහස් බෙදා දීමක් සිදු වන්නේ නැති බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඒ නිසා මේ ක්‍රියාවන්ගේ නිරර්ථකභාවය ගැන අදහසක් පන්සල්වලින් නො ලැබෙන බව පැහැදිලි ය. 

කැපී පෙනෙන්නට, ප්‍රදර්ශනාත්මකව මෙවැනි දේ කරනවා වෙනුවට මහන්සි වී හරවත් දෙයක් කරන්නට සමාජය යොමු කරන්නට හැකි නම් කෙතරම් හොඳ ද? 

මේ වන විට ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ පොදු ස්ථානවල අපිරිසිදුකමයි. ලංකාවේ සමාජයේ පොදු කටයුතු කරන්නට තිබෙන උනන්දුව පොදු ස්ථානයක් පිරිසිදු කිරීම වැනි කාටත් ප්‍රයෝජනවත් වැඩකට යොදවනවා නම් කෙතරම් හොඳ ද? දන්සැල් පැවැත්විය යුත්තේ එවැනි වැඩ කරන මිනිසුන් වෙනුවෙනි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මුසම්මිල්ට පස්සෙ රංජිත් සෝමවංශට එම චෝදනාව ම

වමේ සිට දෙවැන්නා රංජිත් සෝමවංශ ය
පොදු දේපල අපහරණය අපේ රටේ ඉතා සාමාන්‍ය ක්‍රියාවකි. ඒවා කරන්නේ දේශපාලකයන් පමණක් නො වන බව ද, වැඩිපුර ම පොදු දේපල අපහරණය කරන්නේ රජයේ සේවකයන් බව ද අමතක නො කළ යුතු ය. මූලිකව ම මහජන මුදලින් වැටුප් ලබමින් තමන් කළ යුතු රාජකාරි නො කර ජනතාව රස්තියාදු කිරීම පැහැදලිව ම මහජන මුදල් අවභාවිතාවකි. රජයේ මුදල් යනු පොදු දේපලකි. අප දේශපාලකයන්ගේ පොදු දේපල අවභාවිතාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවා තනි තනි පුද්ගලයන් ලෙස ගත් කල දැවැන්ත නිසා ය. එහෙත්, සමස්තයක් ලෙස ගත් කල වැඩි ම පොදු දේපල අවභාවිතාවක් කරන්නේ රජයේ නිලධාරීහු ය.

මුසම්මිල් රිමාන්ඩ් කර ඇත්තේ අතිශය බරපතල වංචාවක් සම්බන්ධ විමර්ශනකට ය. ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ගෝලයන් සුවිශේෂ සොර පිරිසකි. ඔවුන් වනාහි අති පිරිසිදු යයි කියන ජවිපෙ දේශපාලනයේ සිට ඔවුන් ධනපති පක්ෂ යයි කියන දේශපාලනයට පැමිණි පිරිසකි. විමල්ගේ සිට පහළ ඇච්චන් බැච්චන් දක්වා සොරකම් කරගෙන කරගෙන ගියේ දිගු කලක් බඩගින්නේ සිටි බඩගිනිකාර බල්ලන් පිරිසක් අහු වුණ ඕනෑම කෑම ගොඩක් කාගෙන, කාගෙන යන පරිද්දෙනි.

එහෙත්, නීතිය ක්‍රියාත්මක වන්නේ සර්ව සාධාරණ අන්දමින් නො වන බව පැහැදිලි ය. එහි ඇති වරණයන්ට හේතු විග්‍රහ කිරීම දුෂ්කර ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය පළ කර ඇති ඇතැම් දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන තත්වයක් හෝ නීතිය පමා වන තත්වයක් දකින්නට ලැබේ. උදාහරණයක් ලෙස, මුසම්මිල්ට එල්ල වී ඇති චෝදනාව හා සමාන ම වාහන අවභාවිතයක් පිළිබඳ චෝදනාවක් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශට එරෙහිව තිබේ.

රංජිත් සෝමවංශ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී, 2015දී අමාත්‍යංශය සතු XX 8773 දරණ ජීප් රථය කුලියට වාහන සපයන පෞද්ගලික ආයතනයකට කුලී පදනම මත රියදුරෙක්ද සමඟ ලබා දී රු. 145,750ක් හා රු. 129,200ක් ලබාගෙන ඇති බවට අමාත්‍යවරයාගේ පෞද්ගලික රියදුරන් ලෙස කටයුතු කරන ලද ඩබ්ලිව්. චන්දන, කේ.වී. සුජිත් සමන්කුමාර හා එම්.ඒ.ඩී.ඩී.ජී. ගුණතිලක යන තිදෙනා විස්තරාත්මක පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිවක් සිදු වී නැත. හැබැයි, මුසම්මිල්ගේ සිද්ධිය ඊට කලින් සිදු වූ එකක් නිසා පිළිවෙලට බඩු එනවා වෙන්නත් පුළුවන. හැබැයි, විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ වැනි සැලකිය යුතු පිරිසකට එරෙහිව තවම ක්‍රියාමාර්ග ගෙන නැති අතර, මහින්ද රාජපක්ෂ රට රටවල් ගානේ පවා ගොසින් තමන් හොරකම් කළා නම් ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන්නට පවා එඩිතර හෝ මෝඩ වී ඇත.

උදය ගම්මන්පිලගේ සිද්ධිය ද සොරකම් චෝදනාවක් වන අතර, ඒ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ ප්‍රමාද වෙලා ය.

මෙම අත්අඩංගුවට ගැනීම් පළිගැනීම් ලෙස හඳුන්වන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන අංශවල ආවේණික අකාර්යක්ෂමතාව හා ප්‍රමාදය නිසා ය. මේ යන අනුපිළිවෙල අනුව මේ රජයේ සොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනෙනු ඇත්තේ පමා වෙලා ය. එතකල් පක්ෂග්‍රාහිත්වය ගැන නීතිය ක්‍රියාත්මක කරන අංශවලට චෝදනා කරන්නට ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාව තිබේ. කාටත් එක හැන්දෙන් බෙදන එක නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමකි. නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන අතපෙවීම් සාපේක්ෂව අවම බව අධ්‍යයනය කර බැලුවොත් පෙනෙනු ඇත. මේ අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ ද නීතියේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ය. ඒවා දේශපාලන මෙහෙයවීම මත සිදු වන බව සාමාන්‍ය නිරීක්ෂණයක් පමණි.

දැන් ඒකාබද්ධ විපක්ෂයේ අයගේ අඳෝනාව පලිගන්නවා ය කියා ය. එහෙත්, ඔවුන් කර ඇති වැරදි බරපතල ය. මෙතෙක් කල් සිදු වී ඇත්තේ දේශපාලන හයිය භාවිතා කරමින් ඒවා යට ගසා ගන්නා එක ය.

දැන් ඉතින් මේ පලිගැනීමේ කතා වැඩක් නැත. නීතියට මුහුණ දිය යුතු ය. ඒ අතර ඔවුන් සටන් කළ යුතුව තිබෙන්නේ කාටත් සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරවා ගන්නට ය. උදාහරණයක් ලෙස මුසම්මිල්ට එරෙහිව ඇති චෝදනාව වැනි ම චෝදනාවක් වෙනුවෙන් රංජිත් සෝමවංශට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන්නේ මන්ද යන්න ප්‍රශ්න කළ යුතු ය.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය තම දේශපාලන බලය මගින් මගින් නීතිය යටපත් කර ගත හැකි යුගයක් නැවත නිර්මානය කර ගන්නට ය. 

ඒ වෙනුවෙන් ඔවුන් උත්සාහ කරන්නේ වත්මන් පාලකයන් දේශපාලන බලය පාවිච්චි කර ඔවුන්ට එරෙහිව නීතිය උසිගන්වනවා ය කියන්නට ය. 

එහෙත්, නිවැරදි දේශපාලනය වන්නේ නීතිය දේශපාලනයට ඉහළින් පිහිටුවීම වෙනුවෙන් අරගල කිරීමයි. මේ රටේ පුරවැසියන් අරගල කරන්නේ ඒ වෙනුවෙනි. 

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-20

අනිවාර්ය අත්ථකිලමතානුයෝගය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර‍න් ගෙදර යැවීම

අජිත් පැරකුම් ජයසිංහ, 2016-06-19 රාවය

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූ පුරවැසි බලවේග ආණ්ඩුව සමග සටනට එළැඹ තිබේ. ඒ සඳහා මූලික නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ය. ඔහුට සේවා දිගුවක් ලබා නො දෙන ලෙස පුරවැසි බලවේග උද්ඝෝෂණය කරති.

අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල් වික්‍රමසිංහගේ කිට්ටුවන්තයෙකි. ඔහු විදේශිකයකු වීම හෝ දෙමළ ජාතිකයකු වීම හෝ පුරවැසි බලවේග ප්‍රශ්න කරන්නේ නැත. එහෙත්, ඔහුගේ සමය තුළ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මූලිකව ම එහි බරපතල සදාචාර ප්‍රශ්නයක් ඇත. මහ බැංකු අධිපතිවරයාගේ බෑණාට හිමිකාරිත්වය ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය භාණ්ඩාගාර බැඳුම්කරවලින් අධික ලාභයක් උපයා ගත් බවට චෝදනා එල්ල වේ. ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා අභ්‍යන්තර තොරතුරු ලබා දී තිබේ නම්, ඒ වනාහි සදාචාර ප්‍රශ්නයක් නොව බරපතල මුල්‍ය අපරාධයකි.

එහෙත්, මුල්‍ය වෙළඳපොළේ තරගකාරී සමාගම් විසින් එවැනි පැමිණිල්ලක් කර නැති වීම විශේෂ තත්වයකි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් ගමේ සීට්ටු වෙන්දේසි පරිද්දෙන් සිදු නො වන බවත්, ඒවා සිදු වන පාරදෘෂ්‍ය ටෙන්ඩර් පටිපාටියක් ඇති බවත් ඇත්තකි. භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් මෙවැනි සැකමුසු තත්වයක් ඇති වන්නේ මුලින් ටෙන්ඩර් කරන ලද වටිනාකමට වඩා බැඳුම්කර ප්‍රමාණයක් මිළ දී ගන්නට මහ බැංකුවට ඇති අවසරය නිසා ය. සාමාන්‍ය ටෙන්ඩර්වලදී නිදසුනක් ලෙස මිළ දී ගන්නා බව දැනුම් දුන්නේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නම්, මිළ ගණන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් මිළ දී ගන්නට හදිසියේ තීරණය කරන්නේ නැත. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් එසේ සිදු වේ. පසුගිය මාර්තු 29දා සිදු කළ බැඳුම්කර වෙන්දේසියේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. බිලියන 10 ක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන බව ප්‍රසිද්ධ කොට ඒ ප්‍රමාණය මෙන් තුන් ගුණයක එනම් රු. බිලියන 29 ක භාණ්‌ඩාගාර බැඳුම්කර සියයට 14.23 ක අධික පොළියට නිකුත් කර ඇත.

මෙය ද අලුත් තත්වයක් නො වේ. කාලයක් තිස්සේ ම මෙම භාවිතාව ද සිදු වී තිබේ. මේ වනාහි ජනතාවගේ දෑස් වසා මහජන මුදල් කොල්ල කන සංවිධානාත්මක මුල්‍ය ජාවාරමක් විය හැකි ය.මහ බැංකුව කරන ප්‍ර‍ධාන කාර්යය වන්නේ ණය ගත හැකි හැම තැනකින් ම ණය ගැනීමයි. එහෙත්, මේ ණය ගෙවන්නේ මහජනතාවගේ මුදලිනි. 

දේශපාලකයන් පමණක් නොව රජයේ නිලධාරීන් ද ඉහළ සිට පහළට ම දූෂිත ය. අප ඉහත උදාහරණයක් ලෙස දැක්වූ ඩොප්ලර් රේඩාරයේ කතාව රජයේ නිලධාරීන්ගේ ස්වභාවය හෙළිදරව් කරන්නකි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සුනාමියෙන් පසු මිළ දී ගත් ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර‍ය භාවිතාවට නො ගෙන විනාශ වන්නට ඉඩ හැරියේ ය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක් පමණ වියදම් කිරීමෙන් පසු දැන් අලුතින් එවැනි යන්ත්‍ර‍යක් මිළ දී ගන්නට යන්නේ ඊටත් වඩා මුදලක් ගෙවමිනි. 

දේශපාලකයින් හා රජයේ නිලධාරීන් මේ රටේ මහජන මුදල් නාස්ති කරන්නේ තරගෙට ය. බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලකයන්ට වුණත් රජයේ නිලධාරින් කිසි සේත් ම දේශපාලකයන්ට දෙවෙනි වන්නේ නැත. මහජන මුදල් නාස්ති කිරීම වෙනුවෙන් ඔවුන් විශාල වරප්‍ර‍සාද ද ලබා ගනිති. අර්ජුන් මහේන්ද්‍ර‍න් කදිම නිදසුනකි. ඔහුට එරෙහි පුරවැසි අරගලය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වන්නේ එහෙයිනි. 

මහජන මුදල් නාස්ති කරන තවත් ආයතන පද්ධතියක් කෙරෙහි ද රටේ අවධානය යොමු කරන සිද්ධියකි, සාලාව අවි ගබඩා පිපිරීම. මේ වනාහි අනිවාර්යයෙන් ම හමුදා ප්‍ර‍ධානීන්ගේ සිට මෙම කඳවුරේ සෙබළුන් දක්වා මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් වගකිව යුතු තත්වයකි. දැඩි කොන්දේසි යටතේ ණයක් අනුමත කර ගන්නා විට ඒ හා සමාන වටිනාකමකින් යුත් හානියක් හමුදාව විසින් ලංකාවේ කර තිබේ. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පසුගියදා ඩොලර් බිලියන 1.5ක් අනුමත කළ බව වාර්තා වූ දිනවල ම වාර්තා වූ තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා යුද හමුදාව එයින් දෙකෙන් පංගුවකට පමණ වැඩ ලෑස්ති කර ඇති බවයි. ඩොලර් මිලියන 300-400 අතර මුදලක් වැය කරමින් ගුවන් හමුදාව ප්‍රහාරක ගුවන් යානා ආදිය මිළ දී ගන්නට යන අතර, යුද හමුදාව හා පොලිසිය වෙනුවෙන් අවි ආයුධ හා උපකරණ මිළ දී ගැනීමට ද ඒ හා සමාන මුදලක් වැය කිරීමට තීරණය කර ඇත. මහජන මුදලින් ගන්නා දැවැන්ත ණයවලට සිදු වන්නේ මෙයයි. මේ ඊනියා ආයෝජනවලින් මේ රටේ සිදු වන සංවර්ධනය කුමක් ද?  ඒ ණය ගෙවන ජනතාවට වන සුබසෙත කුමක් ද? 

මේ වන විට ලංකාවේ ආර්ථිකය ඇත්තේ අතිශය දුෂ්කර අඩියක බව ඕනෑ තරම් ලියවී, සාකච්ඡා කර තිබේ. නව ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයට බටහිර රටවලින් හෝ ඉන්දියාවෙන් උපකාර නො ලැබෙන බව දැන් පැහැදිලි ය. ලැබෙන උපකාර ද දුෂ්කර කොන්දේසි මගින් බැඳී තිබේ.  මෙම සංදර්භය තුළ ලංකාවට ගොඩ යාමට උත්සාහ කළ හැක්කේ  දැඩි ලෙස අත්ථකිලමතානුයෝගී ප්‍ර‍තිපත්තියක් අනුගමනය කිරීමෙනි. ආණ්ඩුව මේ වන විට එසේ කිරීම සඳහා ජනතාවට බල කරමින් තිබේ. එහෙත්, ආණ්ඩුව පැත්තෙන් එවැනි සූදානමක් පෙන්වා නැත. 

නාස්තිය, දූෂණය අවම කරමින් රට විනයගත කිරීම හා ඵලදායිතාව නැංවීම හැර වෙනත් ආර්ථික ප්‍රාතිහාර්ය පෙන්වීමේ හැකියාවක් ආණ්ඩුවට හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට සුරංගනා කතා කියන කිසිවෙකුට නැත. 

මහජන මුදල් සමග සෙල්ලම් කරන දේශපාලකයන්ගෙන පටන් ගෙන සාමාන්‍ය ජනයා දක්වා ඉහළ සිට පහළට දූෂණයෙන් කුණු වී ඕජස් ගලන මේ සමාජයට අවශ්‍ය පරිදි නායකත්වය මෙහෙයවා ගැනීම සඳහා පුරවැසි ව්‍යාපාරවලට දැඩි අරගලයක් කරන්නට සිදු වනු අැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-06-19

දිශාවක් නො දත් සුළඟ

ජීවිතය මැටි පිඬකි
කුඩා දරුවෙකු අත
කුරුල්ලන් සේ ම
නයින් ද ඉන් හැදෙත

කුරුල්ලාට ද නාගයාට ද
තමා අහිංසකයෙකි
ආදරය සොයා යන
දඩයක්කාරයින් මැද

ජීවිතය වෙහෙස ය
දෛනිකව ගතු කියන
ආදරය හැමදාම
සෙවුමක් විතරම ද

බලාපොරොත්තුව
පුංචි බිජුවටක කැටි කර
උණුසුම් කර රකින්නේ
තටු ලැබ අහිමි වන්නට ය

කුරුළු බිත්තරෙනුත්
නාග බිජුවටෙනුත්
උපදින්නේ එකම
අනාගතයයි නො දත්

අතීතය පසුතැවිල්ලකි
අනාගතය පිපිරුණ බිජුවටකි
බිත්තර කටු තුඩ ගාන
ජීවිතය මතකයක් පමණ ය

හැඬුමත් සිනාවත්
දෙක ම එක දිය ම ය
සුවඳ ද පිළී දුගඳ ද
හැඟීම් මාත්‍රයක් පමණ ය

මම සිටිමි ද මැරී ඇත් ද
නො දනිමි නො හැඟේ ය
කුමක් වුවත් කුමට ද
අප හැම තරු දුහුවිලි ය

අනන්ත කාලයක
ඉමක් නො පෙනෙන විශ්වයක
හොඳ නරක සොයා කුමට ද
ඔබට ඔබවත් හමු වෙද

ජීවිතය ගෙන දෝතට
යමු ද අපි කඳු මුදුනට
පා කර හරින්නට එය
දිශාවක් නො දත් සුළඟට

පැරකුම් ජයසිංහ, 2016-06-19

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.