2016-09-30

රාජපක්ෂය සමුපකාර ඡන්ද දිනීම

මූලාශ්‍ර‍ය: සමුපකාර දෙපාර්තමේන්තුව
මහින්ද රාජපක්ෂගේ ඉපදෙන්නට සිටින පක්ෂය කොහේදෝ පිටිසර පළාතක සමුපකාර ඡන්දයක් දිනා ඇති බව ආඩම්බරෙන් කියයි.

ගිය අවුරුද්දේ ලංකාවේ ලොකුම සමුපකාරයක ඡන්දයක් තිබිණි. ඒ ලක්ෂයකට වැඩි සක්‍රිය සාමාජික පිරිසක් සිටින අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියේ මැතිවරණයයි. එයින් ජය ගත්තේ ජවිපෙ විසින් සංවිධානය කරන ලද කණ්ඩායමකි.

සමුපකාර ඡන්ද යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන විවිධ සේවා සමුපකාර සමිතිවල ඡන්දවලදී කරන්නේ විවිධ සමුපකාර සමිතිවලින් මහ සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමයි. අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගනු ලබන්නේ එම නියෝජිතයන් අතරිනි.

සමුපකාර සංකල්පය අනුව, සමුපකාර සමිතියක් යනු සාමාජිකයන්ගේ විවෘත, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, ස්වෛරී, ස්වතන්ත්‍ර, ස්වේච්ඡා සංවිධානයකි. ‍එහෙත්, විවිධ සේවා සමුපකාර සමිති යනු එවැනි දෙයක් ද? එවැනි දෙයක් නම්, එහි ඡන්දයක් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් විසින් ජයග්‍ර‍හණය කර තිබේ ය යයි කීම කුමන විහිළුවක් ද?

සමුපකාර ඡන්දවලදී මහ සභා නියෝජිතවරණය සඳහා පුද්ගලයන් තරග කරන්නේ තනි තනිව මිස කණ්ඩායම් ලෙස නො වේ. මේ කණ්ඩායම් ගොඩනගා ගන්නේ ද, එය දේශපාලනිකව අර්ථකථනය කර ගන්නේ ද සමුපකාර ව්‍යාපාරයේ පුළුල් අරමුණු වෙනුවට පටු අරමුණු ඉදිරියට දමා ගනිමිනි.

වර්තමානය වන විට විවිධ සේවා සමුපකාර සමිති බොහෝ දුරට රජයේ ව්‍යවසායන් බවට පත් වී තිබේ. ඒවායේ පැවැත්ම බොහෝ දුරට රජයේ ආධාර, බදු නිදහස, දේශපාලනය වැනි කාරණා මත පදනම් වේ.

සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් විය යුතු ය. 1992 අංක 11 හා 1983 අංක 32 දරණ සංශෝධන පනත් සමඟ කියැවෙන 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනත මඟින් සහ 1973 සමුපකාර සමිති රීති මාලාව මගින් සමුපකාර දෙපාර්තමේන්තුවට බලය ලබා දී තිබෙන්නේ ද සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබලය සපයමින්, සමුපකාර සමිතිවල යහපාලනය ගොඩ නැගීම සඳහා පුළුල් ලෙස මැදිහත්වීමට ය. (මූලාශ්‍ර‍ය මෙතැනින්

සමුපකාර ඡන්දවලදී නියෝජිතයන් තේරී පත් වන්නේ ප්‍රාදේශීය සමිති මට්ටමෙනි. එහෙත්, අද වන විට මෙම ප්‍රාදේශීය සමිතිවල මූලික ව්‍යවසාය වන සමුපකාර ප්‍රාදේශිකයට හෙවත් සමාගං කඩේට අත් වී තිබෙන්නේ කුමන ඉරණමක් ද? විවිධ සේවා සමුපකාර සමිති බොහොමයක පණ යන්තමින් ගැට ගසා ගැනීමට ඉවහල් වී තිබෙන කෝප් සිටි කඩයක පවා තත්වය කුමක් ද? අඩු වැටුපට වැඩ කරන, අසහනයෙන් පෙළෙන, සිනා නො වන, පාරිභෝගිකයන් ගැන සැලකිලිමත් නැති සේවකයන්ගෙන් පිරි, බොහෝ විට බක්කි හිස් වී තිබෙන සමුපකාර කඩවලින් අද වන විට තිබෙන ප්‍රයෝජනය කුමක් ද? 

සමුපකාර ඡන්දය ද සමුපකාර සමිතිය වැනි ම ප්‍රෝඩාවකි. ඡන්ද දිනා ගන්නට අවශ්‍ය අයට සාමාජිකයන් බඳවාගෙන ඡන්ද දිනන්නට පුළුවන. සමුපකාර ඡන්දය ගැන උනන්දුවක් පොදු ජනතාව තුළ ඇත්තේම නැති බව බොරුවක් නො වේ. 

සමුපකාර සංකල්පය යනු ලංකාවේ දේශපාලකයන් හා රජය විසින් අපහරණය කරන ලද තවත් සංකල්පයකි. රාජ්‍ය ධනවාදය විසින් සමුපකාරය ගිල ගන්නා ලදී. එහෙත්, දිළිඳුභාවයට එරෙහි සමාජ අරගලයේදී සමුපකාරයට තවමත් විභවයක් තිබේ. පීඩිත ගොවීන්ට, ධීවරයන්ට, ශිල්පීන්ට, සුළු කර්මාන්තකරුවන්ට තමන්ගේ ම සමුපකාර සමිති ඔස්සේ ජීවන අරගලයට ශක්තිය ලබා ගන්නට පුළුවන. රජය කළ යුත්තේ එවැනි සමුපකාර දිරි ගැන්වීම හා උපකාර කිරීම පමණි. සමුපකාර අධ්‍යයනය ගැන එස්. නන්දලාල් ලියූ පොතක් ගැන තොරතුරු මෙම සබඳතා පුරුකෙන්.

සමුපකාරයට දේශපාලනය පටලැවූ අය දැන් ඒ දේශපාලනයේ ම පටලැවී අක්මුල් සොයා ගන්නට බැරිව සමුපකාර ඡන්දයෙනුත් ගොඩ යන්නට පාරවල් සොයති. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-29

පාසල්වල ගුරුවරියන් යටපත් කිරීම හා රටේ ම පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම

සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 28දා නියෝග කළේය.

2011 නොවැම්බර් 27දා විද්‍යාලය ඉදිරිපිට පැවති මව්පිය උද්ඝෝෂණයකදී මාධ්‍යයට අදහස් පළ කිරීම හේතුවෙන් මෙම වගඋත්තරකරුවන් දෙපළ ඇයට ප්‍රසිද්ධියේ ශාරීරිකව හා මානසිකව හිංසා කළ බවත්, ඔවුන්ගේ බලපෑම මත 2012 පෙබරවාරි 01 සිට ඇගේ වැඩ තහනම් කර ඇති බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටියා ය. එමගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ හා සමානාත්මතාවේ හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවට ඇය නඩු පැවරුවා ය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටින මෙම නිලධාරීන්ට එරෙහිව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විනය පියවර ගත යුතුයි. සමහර විට, මොවුන්ගේ අනුගාමිකයන් මේ ලක්ෂ දෙක ගෙවන්නට සම්මාදමේ යන්නත් පුළුවන්.

විවියන් ගුණවර්ධනට පහර දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දුන් ජේ.ආර්. ජයවර්ධනගේ අනුගාමිකයන් ලෙස සැලකිය හැකි බන්දුල ගුණවර්ධන වැනි සමාජ විරෝධීන් තවමත් සිටිනවා. අධිකරණ දණ්ඩනයක් ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කරන මෙවැනි අය ගැන නීතියේ අවධානය යොමු විය යුතුයි.

2015 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,144ක සිසුවෝ 4,129,534ක් උගනිමින් සිටියා.

ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 236,998ක් සිටියා.

ඒ අතරින් 172,536ක් හෙවත් 73%ක් ම ගුරුවරියෝයි.

තත්වය එසේ වුණත්, පාසල් බොහොමයක පිරිමි විදුහල්පතිවරු හා අධ්‍යාපන නිලධාරීන් මෙවැනි දැඩි ආධිපත්‍යයක් ගුරුවරියන් විෂයෙහි පවත්වාගෙන යනවා.

අනෙක් පැත්තෙන්, පාසල්වල විදුහල්පති තනතුරු සඳහා පත් වන කාන්තාවන් නිරීක්ෂණය කරන විට ඇතැම් විටෙක ඒ සඳහා මූලික සුදුසුකම කරගෙන තිබෙන්නේ නාසිසිස්ම් හෙවත් ආත්ම රාගය ද කියන සැකය ඇති වන සිද්ධි අධ්‍යයනත් තිබෙනවා.

කොහොම වුණත්, පාසල්වල තිබෙන මෙම බහුතර කාන්තාවන් යටපත් කර ගැනීමේ පිරිමි ‘දේශපාලනය' ආමන්ත්‍රණය කිරීම ඉතා වැදගත්. පාසල්වල තිබෙන මෙවැනි ආන්තික සංස්කෘතීන් රටේ අනාගත පරපුරට ඍජුව බලපාන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි.

මිශ්‍ර පාසල්වලදී සිසුවියන්වත් දෙවන පෙළ පුරවැසියන් බවට පත් කරන්නේ ඇතැම් විට දෙවන පෙළ පුරවැසියන් බවට පත් වී සිටින ගුරුවරියන් විසින්මයි.

අධ්‍යාපන විද්‍යා පීඨවල දකින්නට ලැබෙන මෙම සම්බන්ධතාවේ දැක්වෙන සංසිද්ධිය කියවා බලන්න. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැත්තෙන් අප සිටින්නේ කෙතරම් පිටුපසින් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-28

මල්ලියෙ තාමත් පණ ද බං?



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-27

දේශපාලන රාත්‍රී භෝජනයෙහි මේස චාරිත්‍ර යුගය අවසන්

2009 ජනවාරි 8දා මරා දමන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය 27දා ගොඩ ගන්නා ලදී.

කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණ මගහරිමින් සැඟවී සිටින රාජපක්ෂ බැලයකු වන උදය වික්‍රමතුංග ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට අවසර දෙන්නැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 26දා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

මෙම සිද්ධි දෙක එකිනෙක සම්බන්ධ ය. ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට හේතුව ලෙස සැලකෙන්නේ මිග් ගනුදෙනුවෙහි දැවැන්ත වංචාවක් ගැන හෙළිදරව් කිරීමට කටයුතු කිරීමයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය මෙන් ම මිග් ගනුදෙනුව පිළිබඳ විමර්ශනය ද සිදු වන්නේ මන්දගාමීව ය.

මේ අතර ඩඩ්ලි සිරිසේනගේ පුතකුගේ විවාහ මංගල්‍යය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් හා මෛත්‍රීපාල අසුන්ගෙන සිටි මේසය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

ඩීල් ගැන ද අනුමාන සිදු වේ. මෙවැනි භයානක පුද්ගලයන් සමග එහෙම ගොන් ඩීල් ගහන්නට නම් ඉතින් අඩි අටක් යට වැළලීමේ මාර ආසාවක් මෛත්‍රීපාලට තිබිය යුතු ය.

කවුරු කෙසේ කීවත්, ලංකාවේ දුෂ්කර දේශපාලන ක්‍රීඩාව තුළ ආණ්ඩුව වසර එකහමාරක් සාර්ථක ලෙස ගේම ගසා තිබේ. මේජර් අජිත් ප්‍රසන්නත් අන්න රවුමක් හැරෙමින් සිටියි.

ජයග්‍රාහී පිලට ඩීල් දාන්නට උවමනාවක් නැත. දැනට පවතින තත්වය තුළ නම් ඩීල් දාන්නට එන්නේ ගෝටා විය හැකි ය. ගෝටා දාන ඩීල්වලින් ඒකාබද්ධ විපක්ෂය පරිස්සම් විය යුතු බව අපි අන්තිම සටනට සැරසෙමින් සිටින ජාතිවාදී ගම්මන්පිල - විමල් - වාසු නඩයට මතක් කර දෙන්නෙමු.

ඔවුන්ගේ මාස්ටර් පැලෑන අනුව, වාසුදේව - විග්නේශ්වරන් දෙහූරෝ ජාතිවාදයෙන් උතුරු කොණත්, දකුණු කොණත් ගිනි ලන්නට පන්දම් ඔතමින් සිටිති. එහෙන් දෙමළ ඩයස්පෝරාව ද, මෙහෙන් ජාතිවාදී මහසොහොන් පිල්ලි ද දත් මදිති.

දේශපාලන රාත්‍රී ආහාරයෙහි මේස චාරිත්‍ර යුගය අවසන් වෙමින් තිබෙන බව පෙනේ. බාබකියු එක සූදානම් ය. අපි එය නිරීක්ෂණය කරමින් සිටිමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මල්ලව පොරය

 මහන්සියි මචං මට
ගුටි ඇනගෙන ම
උඹටත් එහෙම ද?
මැරෙන්න ද මං
නැතිනම් මැරෙමු ද අපි 
දෙන්න ම

ඔන්න ඔය රෙද්දවල්
අත හැරල ඔක්කොම
බොමු ද අපි මැරෙන්න ම
ගුටි ඇන ගැනුම නවතා
නටමු පිස්සුවෙන් වගෙ
මුරුගසං වැස්සට 
තෙමුණු සේ
බීල අපි

මහන්සියි මචං මට
ඒත් අත්හළ නො හැකි ය 
ජීවිතය බොහෝ අය මැරි මැරී
අපට ඉතිරි කර දී ගිය

යමු මචං
බීර වීදුරුවක් බිබී අපි
හති අරිමු
බීර සිසිලින් දහදිය
සිසිල් වී සිසිල් දහදියෙන්
යළි සිසිල් වෙමු අපි

එහෙනම් ගිහින් එන්නං
උඹ උදෙන් එනව ද හෙට? 
ආයෙමත් පටන් ගන්නට

අජිත් පැරකුම් ජයසිංහ
2016-09-27


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-26

නාගොල්ලාගම මේජර් ජනරාල් විදර්ශන????????

පොත් 
කොළඹ පොත් පොළ අවසන් විය.

ඒ ආසන්නයේ නිතර ගැවසුණත්, මම නම් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එවැනි තදබද ස්ථානවල ගැවසෙන්නට මා තුළ කැමැත්තක් නැත. අනෙක, ඔය තරම් පොත් කියවන්නට ද මට හැකියාවක් නැත. මන්ද, මා ජීවත් විය යුතු බැවිනි. පොත් කියවීම ජීවත් වීමෙහි එක් කොටසක් පමණි.

දවසකට එක ගණනේ ලොකු පොත් කියවිය හැකි විස්මිත චරිතවලට පවා අවුරුදු පනහක් පොත් කියැවූවත් කියවන්නට පුළුවන් පොත් 18,250ක් පමණි. එහෙයින්, ඔය කියවූ බව කියවන වැඩි දෙනෙක් කියවූ ප්‍රමාණයට වඩා නො කියවූ ප්‍රමාණය සුවිසල් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මම නම් මගේ ජීවිතය තුළ බරසාර පොත් 2000ක්වත් කියවා ඇත් ද යන්න මට නම් සැක සහිත ය. අච්චර කියෙව්වා මෙච්චර කියෙව්වා යයි කියවීම ගැන පම්පෝරි ගැසීම පට්ට බොරුවකි. ඔය පම්පෝරිකාරයන් වැඩි දෙනෙක් පොත් 5000ක්වත් නො කියවූ අයයි. ඒ වුණාට පෙනී සිටින්නේ ලක්ෂ ගණන් කියවූ අය ලෙස ය. 

රටක සාහිත්‍යයේ, කලාවේ ප්‍රබෝධයක් ඇති වන්නේ දේශපාලනයේ ස්ථාවරත්වය හා නිදහස් වටපිටාව හේතුවෙන් බව කී විට, එම ප්‍රකාශයට අකැමැති අය ඒ බරපතල ප්‍රකාශය කරන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද යන්න අසන්නට ද පුළුවන. එහෙත්, ඒ ප්‍රකාශයට කැමැත්තක් දක්වන අයට එය පිළි ගන්නට පුළුවන. ලංකා ඉතිහාසයේ සාහිත්‍ය ප්‍රබෝධයක් දක්නට ලැබුණු කෝට්ටේ යුගය මෙවැනි ප්‍රබෝධයක් දක්නට ලැබුණු, සාපේක්ෂ වශයෙන් දේශපාලනික ස්ථාවරත්වයක් ද පැවති යුගයක් ලෙස සැලකිය හැකි ය.

එහෙත්, මේ ප්‍රමාණාත්මක වර්ධනය  තුළ ගුණාත්මක විපර්යාසයක් තිබේ ද යන්න සැක සහිත ය. මෙය මම නවකතාව ආශ්‍රයෙන් තරමක් දුරට අධ්‍යයනය කළෙමි. කෙතරම් විශාල නවකතා ප්‍රමාණයක් බිහි වුවත්, 2015 වසරේ නවකතාව තිබෙන තැන එතරම් ඉහළ ස්ථානයකැයි කිව නො හැකි ය. සිංහල නවකතාව තවමත් සැලකිය හැක්කේ මෙම කොදෙව්වේ සීමාවන් තුළ පමණ ය. ඒ ද වික්‍රමසිංහ, කේ. ජයතිලක වැනි ලේඛකයන්ගේ නවකතාවට බොහෝ පසුපසිනි.

විශාල වශයෙන් කවි පොත් නිකුත් වීම ද දැකිය හැකි ය. කවි පොත් පළ කිරීම මා නම් දකින්නේ ලෙහෙසියෙන් ලේඛකයකු වීමේ හා සමාජ ප්‍රාග්ධනය උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් වී ඇති බවයි. 

නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික්ට්ගේ කවි පොත නිකුත් වූ උත්සවයෙහිදී විදර්ශන කන්නන්ගර පැවැත්වූ කතාව පිළිබඳ ඇති වූ මත ගැටුම මෙම අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකි ය. ධර්මසිරි බෙනඩික්ට් යනු විදග්ධ කවියෙක් නො වේ. ඔහු ජන කවියෙකි. විදර්ශන කන්නන්ගර කීවා සේ ම ඔහු ළං වන්නේ (රත්න ශ්‍රී විජේසිංහට වඩා) විල්බට් අඹතලාවට විය හැකි ය. එහි කිසිදු වරදක් ඇතැයි මම නො සිතමි. මේ සමාජයේ රත්න ශ්‍රී විජේසිංහට මෙන් ම විල්බට් අඹතලාවට ද තිබෙන ස්ථානය පිළිබඳ අප ගෞරවනීය විය යුතු ය. 

මෙතැනදී කෙනෙක් මෙසේ අසන්නට ද පුළුවන. එසේ නම් අප ඉරාජ් වීරරත්න විවේචනය කිරීමේදී නිර්දය වන්නේ ඇයි ද යන්නයි. 

විල්බට් අඹතලාව කවියෙන් යමක් උපයා ගන්නා අහිංසක කලාකරුවෙකි. ඉරාජ් වීරරත්න මුදල් ඉපැයීම ම අරමුණු කර ගත් සංගීත ව්‍යාපාරිකයෙකි. යැපුම් වෘත්තිකයකු වන හස්ත කර්මාන්ත ශිල්පියකුගේ ගුණාත්මකභාවයට වැඩි දෙයක් ධනේශ්වර කර්මාන්තකරුවකුගෙන් බලාපොරොත්තු වීමට පාරිභෝගිකයකුට අයිතියක් තිබේ. 

ධර්මසිරි බෙනඩික්ට් කවි නො ලියූ ප්‍රකාශනයක් නැති තරම් ය. ඔහු විසින් ස්පර්ශ නො කරන ලද සමාජ ප්‍රශ්නයක් ද නැති තරම් ය. ඔහු ලියූ කවි ඒ ඒ සංදර්භයන් තුළ දේශපාලනමය හා සමාජ වටිනාකමක් අත්පත් කර ගත් මුත්, ඒවායේ සර්වකාලීන වටිනාකම් අඩු ය. ඔහු ඒ කවි එක් කර පොතක් පළ කිරීම වැදගත් වන්නේ ඉතිහාසයක් ලේඛනගත කිරීම සඳහා ය. එහිදී එම අවස්ථාව සිද්ධියක් ලෙස ද ගත යුත්තේ එම අර්ථයෙනි. විදර්ශන කන්නන්ගරගේ කතාව එතැනට නො ගැලපෙන්නේ එහෙයිනැයි මම සිතමි. එහෙත්, එතැනට විදර්ශනට ආරාධනා කළ අය ඔහු කාලෝ ෆොන්සේකා වැනි යාලුකමට ඕනැ මගුලක් මාරයි කියන පුද්ගලයකු නො වන බව තේරුම් ගත යුතුව තිබිණි. ඔහුගේ නිදහස් අදහස් ඉදිරිපත් කළ පසු එය ධර්මසිරි බෙනඩික්ට්ට කළ අවමානයක් ලෙස සැලකීම බොළඳ වැඩකි. 

ඔය සර්වකාලීන වටිනාකම් ගැන කතා කරන විට මෙය ද කිව යුතු ය. ලංකාවේ වර්තමාන යුගයේ බිහි වන කලා කෘති කීයක එවැනි වටිනාකම් තිබේ ද? විශේෂයෙන් ම, සම්මාන හා දහසින් බැඳි පියලි ඉලක්ක කරමින් ලියැවෙන පොල් කුඩු බඳු සම්මානලාභී නවකතා බොහොමයක තිබෙන සර්ව කාලීන වටිනාකම කුමක් ද?

මෙම සාහිත්‍ය ප්‍රබෝධය තුළ ඇති තවත් වැදගත් ලක්ෂණයක් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඒ වනාහි කමල් ගුනරත්නගේ පොත කෙරෙහි ඇති වූ උන්මාදයයි. එය මිළ දී ගත් කී දෙනෙක් එය කියවනු ඇද්ද? වාර්තාවක සඳහන් වූ එක් කාන්තාවක පැවසූ වදනක් මෙහිදී ඉතා වැදගත් ය. ඇය කියන්නේ මෙම පොත නො කියවූවත්, එය ගෙදර තබා ගත යුතු එකක් බවයි. හරියට පිරුවානා පොත් වහන්සේ වගේ ය. ඒ ඇයි? ඒ වනාහි දෙමළ ලේ සුවඳ විහිදුවන හඳුන්කූරක් වැනි එකකි. සිංහල බෞද්ධ ජාතිවාදියෝ එයට කැමති ය. සිංහල බෞද්ධ ජාතිවාදය පවතින්නේ ම ඒ ලේ සුවඳ මත ය. 

පොත් පොළට සෙනග එන තරමට පොත් නො විකිණෙන බව ද, පොත් විකිණෙන තරමට හොඳ පොත් නො විකිණෙන බව ද, මිළ දී ගන්නා තරමට මිනිසුන් පොත් නො කියවන බව ද, පොත් කියවන තරමට හොඳ පොත් නො කියවන බව ද, හොඳ පොත් කියවන තරමට මිනිසුන් හොඳ නො වන බව ද මගේ අවබෝධයයි.

පොත් පොළ සම්බන්ධ තවත් නිරීක්ෂණයක් වන්නේ ධනවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන දාර්ශනිකයන් බොහෝ දෙනෙකුගේ ද ජීවිතය පොත් පොළ කේන්ද්‍ර කරගෙන ගොඩනැගීමයි. වෙළඳපොළට එරෙහි දැනුම පවා අලෙවි වන්නේ වෙළඳපොළෙහි ය. වෙළඳපොළ නොමැති සංදර්භයක් ගැන සිතා ගන්නට බැරි තරමට වෙළඳපොළ මිනිස් සමාජ ජීවිතය සමග බැඳී තිබේ. 

පොත් පොළ යනු නියාමනයක් නැති වෙළඳපොළක් පිළිබඳ කදිම නිදසුනකි. නියාමනය යයි කී විට බොහෝ විට අපගේ සිහියට එන්නේ රජයයි. එහෙත්, සමාජ සංවිධානවලට ද නියාමනයට මැදිහත් විය හැකි ය. සාහිත්‍යය හා කලාව යනු කිසි සේත් ම රජය විසින් නියාමනය කළ යුත්තක් නො වේ. එය යටත් විය යුත්තේ සමාජ නියාමනයකට ය. 

සාහිත්‍යය සම්බන්ධයෙන් එවැනි සමාජ නියාමනයක් තිබේ ද? 

සරළ නිදසුනකින් මෙය විමසා බලමු. නවකතාව සම්බන්ධයෙන් මතු වී තිබෙන තත්වය විමසා බලන්න. අද වන විට බොහෝ ලේඛකයන් නවකතා ලියන්නේ ස්වර්ණ පුස්තක, ගොඩගේ, ෆෙයාවේ, රාජ්‍ය සාහිත්‍ය වැනි සම්මාන බලාගෙන ම ද යන ප්‍රශ්නය මතු වේ. අවුරුද්දකට දෙකකට වතාවක් කෙසේ හෝ නවකතාවක් පඩ්ඩා ගැනීමේ රුදාව තුළ බොහෝ නවකතාකරුවන් පෙන්වන්නේ පසුගමනයකි. මෙවැනි තත්වයන් පාලනය කළ හැකි සමාජ නියාමනයක් සිදු වෙනවා ද? විචාරකයන් ලෙස සිය අනන්‍යතාව සලකුණු කර ගන්නා හා සෙසු අය එම අනන්‍යතාව භාවිතා කිරීමට එරෙහි වන්නන් මෙහිදී සිය කාර්යභාරය ඉටු කර තිබේ ද?

මා සිතන්නේ අප යන ගමන වේගවත් වැඩි ය කියා ය. සම්භාව්‍ය කලාව දඩ බඩ ගා පොත් පැඩ්ඩීම නවත්වා ගුණාත්මකභාවය ගැන සිතිය යුතුව තිබේ. දිවීම නවත්වා නැවතී වටපිට බැලිය යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-25

සිරසේ ආපදාව කළමනාකරණය කිරීම හා රංග කලන්සූරිය

ආපදා කළමනාකරණයේදී ජනමාධ්‍යයන්ගේ වගකීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලන්සූරිය විසින් කරන ලද ප්‍රකාශයක් හා එයට සිරස ආයතනය දක්වන දැඩි විරෝධය හේතුවෙන් පුළුල් සමාජ සංවාදයක් ඇති වී තිබේ.

රංග පැවසුවේ අපදාවකදී මාධ්‍ය සංවිධානවල වගකීම වන්නේ පරිත්‍යාග එක්රැස් කිරීම හා බෙදා හැරීම නො ව, මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම හා රජයේ අඩුපාඩු පෙන්වා දීම බවයි. 

මෙම මතක් කර දීම ඉතා වැදගත් එකකි. ලංකාවේ රජය වනාහි අති දැවැන්ත ආයතනයකි. ආපදාවකදී ක්‍රියාත්මක වීම පිණිස දැවැන්ත යාන්ත්‍රණයක් එයට තිබේ. ඒ වෙනුවෙන් සමාජය විශාල පිරිවැයක් දරයි.

එසේම, කිසිවකුට එම යාන්ත්‍රණයට අභියෝග කිරීමේ හැකියාව ද නැත. ග්‍රාමසේවා නිලධාරිගේ සිට හමුදාව දක්වා සමස්ත යාන්ත්‍රණය ම ද, අනාථ කඳවුරු ආදිය පිහිටුවන පොදු ස්ථාන බොහොමයක් ද රජයේ දේපල ය. 

ආපදා කළමනාකරණ කටයුතු නිසි ලෙස කිරීම රජයේ වගකීමක් වන අතර, මාධ්‍ය හා ස්වේච්ඡා සංවිධාන ඇතුළු අනෙකුත් අංශ විසින් කළ යුතුව තිබෙන්නේ රජයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට උපකාර කිරීමයි. ආපදා කළමනාකරණ කටයුතුවලදී රජය අභිභවා කැපී පෙනෙන්නට උත්සාහ කරන මාධ්‍ය අශ්වයාට ලාඩම් ගසන විට තමන්ගේ කකුල ඔසවන අසු කුර මත වැසූ මැස්සා වැනි ය. 

ඒ බව මතක් කර දීම කාටවත් කේන්ති යන්නට දෙයක් විය යුතු නැත. මන්ද, මෙම මතක් කිරීම දෙපැත්තට ම අදාළ වන බැවිනි. රජයට තම කාර්යය හරියට කරන්නට ඇති වගකීම ද එමගින් නැවත සිහිපත් කෙරේ. මෙම මතක් කිරීම කරන අවස්ථාවේ ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ද, එම ක්ෂේත්‍රයේ සෙසු බලධාරීහු ද එතැන සිටිය හ. 

ආපදා කළමනාකරණයට හා සංවර්ධනයට මාධ්‍ය කරන මැදිහත්වීම සමායතන සමාජ වගකීමේ සීමාවන් ඉක්මවමින් තිබෙන බව පැහැදිලි ය. මේ පසුපස විගණනය නො වන දැවැන්ත අරමුදල් රැස්කිරීම් ද තිබේ. 

කේන්ති යන්නට හේතුව එයයි. 

පිළිතුරු දීමට අවස්ථාව නො දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දෙන සිරසට මතක් කර දිය යුතු තවත් දෙයක් තිබේ. 

සිරස විසින් භාවිතා කරමින් තිබෙන විකාශන තරංග සංඛ්‍යාත පරාසය යනු කාගේවත් පෞද්ගලික දේපලක් නො වේ. එය පොදු මහජන දේපලකි. ඒවා භාවිතා කරන අය මහජනතාවට වගකිව යුතු ය. ප්‍රජාතාන්ත්‍රික මූලධර්මවලට ගරු කළ යුතු ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-24

හන්දි හන්දි ගානේ පිළිම ඇටවීම හා බෞද්ධ කලාවට ගිය කල

අවුකන හා මතුගම 
හන්දි හන්දි ගානේ බුදු පිළිම අටවන එකට විරුද්ධව දකුණේ අප ද හර්තාලයක් කළ යුතු ය.

මුලින් ම හන්දියක රජයේ ඉඩමක් අවිධිමත් ලෙස අත් පත් කරගෙන බුදු පිළිමක් අටවනු ලැබේ. ඉන් පසු එතන බෝ පැළයක් ද සිටුවනු ලැබේ. පිං කැටයක් ද අටවනු ලැබේ. ලවුඩ්ස්පීකරය අත්‍යවශ්‍ය අංගයකි. උදේ හවස එයින් පිරිත් සජ්ජායනා කරමින් රටට ම වධ දෙනු ලැබේ.

උතුරේ මෙය කෙරෙන්නේ තනිකර ම ආක්‍රමණශීලී මානසිකත්වයෙනි. එහෙයින් බුදු පිළිම ළඟ මුරට සෙබලුන් දමන්නට පවා සිදු වන තත්වයක් පැන නැගී ඇත. 

ඔය අතරේ ස්ථානයේ ආර්ථික වටිනාකම වැඩිනම් සිවුරුකාරයෙක් ද එතැනට සෙට් වේ. කේන්දර බැලීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය ද වෙනත් හොර ජාවාරම් ද සිදු විය හැකි ය.

මෙවැනි බුදු පිළිමවලට මුවා වී පාරවල් පළල් කිරීම වළක්වා ගැනීමේ හා තම තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති ද දියත් වේ.

මේ වන විට බුදු දහමට මුවා වෙමින් ආර්ථික වශයෙන් ඉතා වැදගත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන තිබේ.

මේ බුදු රූ හා ඒවා සරසා ඇති එල්ඊඩී වැනි කලාංගයන් දෙස පුළුල් ඇසකින් බලන්න.

තව අවුරුදු සිය ගණනකට පසුව, මෙම යුගයේ බුදු දහම ආශ්‍රිත කලාව නිරීක්ෂණය කරන කෙනෙකු කුමක් කියනු ඇද්ද?

මා නම් සිතන්නේ බෞද්ධ කලාව අන්ත පරිහාණියකට පත් වූ යුගය මෙම 20, 21 ශතවර්ෂ යයි අනිවාර්යයෙන් ම කියැවෙනු ඇත.

මෙම සියවස්වල පන්සල් චිත්‍ර කර්මාන්ත අතරින් කැලනි විහාරය, බොරැල්ල ගෝතමී විහාරය වැනි තැන් කීපයක හැර කලාවක් තිබෙන්නේ කොහේ ද? පසුගිය දිනවල මම එවැනි දැවැන්ත බිතු සිතුවම් කර්මාන්ත දෙකක් වන වෙහෙරහේන හා වැවුරුකන්නල බැලුවෙමි. චිත්‍ර ශිල්පීන් මේ ගැන කතා කළ යුතු ය. ඒවායේ තිබෙන බිතු සිතුවම් කෙතරම් ප්‍රාථමික කලා නිර්මාන ද?

තැන් තැන්වල අටවන දැවැන්ත බුදු පිළිමවල කුමන කලාවක් තිබේ ද? ඒවා වැඩි ම වුණොත් අවුකන වැනි බුදු පිළිමයක තරමක් හොඳ අනුරුවක් පමණි. බොහෝ පිළිමවල බාහිර හැඩය හා ශරීර අනුපාතිකයන් පවා විකෘති ය. මා මෙහි දක්වන උදේ සවස මා දකින බුදු රුව එවැන්නකි. මෙය ඉදි කළේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. සැලසුම කාගේදැයි නො දනිමි. නවීන තාක්ෂණය භාවිතා කළ හැකි වර්තමානයේ අප අවුකන බුදු පිළිමය ඉදි කළ අනුරාධපුර යුගයට වඩා කෙතරම් පිටුපසින් සිටින්නේ ද යන්න සිතා බලන්න.

ඒ අතින් බැලූ කල, වෙහෙරහේන හා වැවුරුකන්නල බුදු පිළිම කලාත්මක නිර්මාන බව කිව යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-23

යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරන ලකුණු

යුරෝපා සංගමයේ ඉහළම උසාවිය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හා පලස්තීනයේ හමාස් සංවිධානයට නීත්‍යානුකූලභාවය ලබා දීම තහවුරු කරන්නට හේතු විය හැකි පියවරක් ගෙන තිබේ.

යුරෝපීය යුක්ති අධිකරණයේ අද්වකාත් ජනරාල්වරයකු විසින් යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් මෙම සංවිධාන දෙකෙහි තහනම ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබුණු අභියාචනා ප්‍ර‍තික්ෂේප කළ යුතු බව නිර්දේශ කර තිබේ. සාමාන්‍යයෙන්, මෙම නිලධාරිවරයාගේ උපදෙස් විනිසුරුවරුන් විසින් අනුගමනය කරන බව රොයිටර් පුවත් සේවය පවසයි.

තහනම් කිරීමේ පටිපාටියේ වැරදි හේතුවෙන් මෙම සංවිධාන දෙක යුරෝපයේ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බව 2014 අග භාගයේදී යුරෝපා සංගමයේ පහළ සාමාන්‍ය අධිකරණය තීන්දු කළේ ය. අධිකරණ මතය වූයේ තහනමෙහිදී යුරෝපා සංගම් නායකයන් තමන්ගේ පරීක්ෂණවලට වඩා මාධ්‍ය වාර්තා මත බර තබා ඇති බවයි.

2014දී ශ්‍රී ලංකාව මෙම තීන්දුවට විරුද්ධව තහනම සඳහා අවශ්‍ය සාක්ෂි සපයන බව පැවසී ය.

වසර 15කට පෙර වනවන ලද මෙම තහනම හේතුවෙන් දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානයේ යුරෝපයේ දේපල භාවිතාව තහනම් කර තිබෙන අතර, එම සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව ගමන් බිමන් තහනම් පනවා තිබේ.

මේ පිළිබඳ කතා කරමින් ඊශ්‍රායල් විදේශ අමාත්‍යංශ ප්‍ර‍කාශකයෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ මෙය අධිකරණ බැඳීමක් නැති නීතිමය මතයක් හා යුරෝපා අධිකරණ ක්‍රියාවලියේ කොටසක් පමණක් බවයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මා නො වන මම හෙවත් අජිත් පැරකුම්-2


කුලියාපිටියේ මගේ මිත්‍රයෙක් කතා කරලා අහපි “කෝ දැන් අර පත්තරේ නැවැත්තුව ද?" කියලා.

මං ඇහුව මොකක්ද කියලා.

“අර හෙටදින ද මොකක් ද කියලා අලුතෙන් ආවෙ බදාදට."

“ඒ මොන මගුලක් ද?"

“උඹේ නමත් තිබුණ හින්ද මාත් ගත්තා."

“ආ යූ ෂුවර්?" මං ප්‍රභාකරන් මරපු හමුදා නිලධාරියාගෙන් එයාගේ ලොක්ක ඇහුව වගේ ඇහුව. එයා එහෙම ඇහුවෙ ඊට කලින් දවසෙ මරපු මිනිහෙකුවත් ප්‍රභාකරන් ය කියල හිතපු නිසා ලු.

අන්තිමට තලගොයා මරාපු බ්‍රාහ්මණයා වගේ වුණ මගේ මිත්‍රයා පත්තරේ පිංතූර ගහලා මට එවලා තිබුණා.

“යුරේකා!" මං කිව්වා.

සිංහල බෞද්ධ රටේ මිනිහෙකුව මරපු දවස ලු නේ සතුටු ම දවස. මට මගේ මිනිය හම්බ වුණා වගේ සතුටක් දැනුණා.

එහෙම නො වෙන්නත් ඇති. අර නිකම් කියන්නෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා ය කියලා. මේ මං වගේ තව එකෙක් වෙන්න ඇති.

ඌත් අජිත් පැරකුම්. මාත් අජිත් පැරකුම්. නයිස් ටු මීට් යූ මචං. 

ඔන්න බොලාට පබ්ලිසිටි පාරක්. කරගෙන පලයල්ලා. හැබැයි මට උසාවි ගානෙ රස්තියාදු වෙන්න බැහැ හරිද? බොලා ම ඒකත් කර ගනිල්ලා. 

මට රස්සාවල් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුහරි ඉන්නවා නම් මගෙන් අහලා ඉඳපල්ලා. 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-22

අළුගෝසු යුගයෙන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අවදි වන පොලිසිය හමුවේ ඇති අභියෝග

තාත්තා කෝ?
හම්බන්තොට පොලිසියෙන් පැන ගිය බඳගිරි තරුණයාත්, ඔහුට රැකවරණ දුන් සොයුරු සොයුරියනුත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එක් සොයුරියක රිමාන්ඩ් කරනු ලැබුවේ දරුවකු ද සමගයි.

ලංකාවේ අධිකරණ පටිපාටිය තුළ රිමාන්ඩ් කිරීමත් එක්තරා ආකාරයක දණ්ඩනයක් ලෙස භාවිතා වන බව පැහැදිලි ය. මිනිසකුට රැකවරණය දීමේ හේතුවන් ඇප පිට නිදහස් නො කිරීමට කිසිදු හේතුවක් නැති, නැති බැරි මිනිසුන් රිමාන්ඩ් වෙද්දී එදින ම වෙනත් අධිකරණයකදී පුද්ගලයකු පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කළ බවට චෝදනා ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර‍ ඇතුළු පිරිස එක් දිනක් හෝ රිමාන්ඩ් භාරයේ නො සිට නිදහස ලැබූ හ.

නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව ද හිරුනිකාලා, ගෝඨාභයලා වැනි අය වැඩිපුර සමාන බව ද පෙනේ.

කෙසේ වෙතත්, පොලිසිය ද මෙම සිද්ධියේදී සුපුරුදු පොලිස් ක්‍රියාවල යෙදී ඇති බව පෙනේ. තරුණයාට පහර දී තිබේ ද යන්න ගැන ද, තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු පමණක් ගත් බවට සටහන් තැබීම ගැන ද විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශකවරයා පැවසී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිබුණු තත්වයන් සමග බැලූ විට දැන් බොහෝ වෙනස්කම් සිදු වී ඇති බව ඉතා පැහැදිලි ය. එහෙත් පරණ භාවිතාවන් තවමත් අවසන් වී නැති බවක් ද පෙනේ. පසුගියදා පුස්සැල්ලාව පොලිස් සිර මැදිරියේදී පුද්ගලයකු එල්ලී මිය ගොස් තිබුණු සිද්ධිය ද ගැඹුරින් විමර්ශනය කළ යුතු ය.

මේ අතර දිනේෂ් ගුණවර්ධන නම් අලුත උපන් බිළිඳෙක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එවැනි දේ සිදු වීම වස ලජ්ජාවක් බව කියා තිබිණි. මේ දිනේෂ් ගුණවර්ධන වනාහි මහින්ද රාජපක්ෂගේ කාලේ ඇමතිවරයකු ව සිටි හාදයා වන්නට බැරි ය. මන්ද, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් විලාසිතාවට මෙන් ආයුධ පෙන්නන්නට ගොස් පැන යාමට තැත් කර වෙඩි කා හෝ ගඟේ ගිලී හෝ මිය යන විට ඒ දිනේෂ්ට ලජ්ජාවක් තිබුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ව සිටි සමයේ රාජ්‍ය අනුග්‍ර‍හයෙන් පොලිසිය මේ අන්දමින් මිනී මැරූ බව ද තවත් අංශ රැසක් මේ මිනී මැරුම් යුක්තියුක්ත කිරීම සඳහා නිල බලය භාවිතා කළ බව ද අපි ප්‍ර‍කාශ කරමු.
මයුරි - මධුශ්ක

අනුරාධපුරයේ මයුරි ඉනෝකා මෙසේ අතුරුදහන් කරන ලද විශාල පිරිසකගේ ඥාතීන් නියෝජනය කරන්නියකි. මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද සිය සැමියා මධුශ්ක වෙනුවෙන් ඇය කරන අරගලය ඇගේ පමණක් අරගලයක් නො වේ.

ඒ හඬක් නැති තවත් විශාල පිරිසකගේ හඬකි. ඔවුහු මාධ්‍යකරුවෝ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ හෝ දේශපාලනයක ඍජු පාර්ශ්වකරුවෝ නො වූ හ. ඔවුන් සමාජය ඉදිරියේ නම් කෙරුණේ අපරාධකරුවන් ලෙසයි. ඔවුන් අපරාධ කර තිබිණි නම්, කළ යුතුව තිබුණේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මිස විවිධ බොරු හදමින් ඔවුන් අමු අමුවේ මරා දැමීම නො වේ. මෙසේ මරා දමන ලද ඇතැම් මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට හරි හමන් අවමංගල්‍යයක්වත් පවත්වන්නට ආණ්ඩුව හා පොලිසිය ඉඩ දුන්නේ නැත.

එයින් සිදු වුණේ රාජ්‍ය බලය භාවිතා කරමින් මිනී මැරූ තවත් විශාල පිරිසක් නිර්මානය වීම පමණි. ඒ ඝාතනවලට කාකි ඇඳුම් අඳින අය පමණක් නොව, විග් දාන අයත් සම්බන්ධ ය. සුදු ඇඳගෙන පන්සල් යන බොහෝ දෙනෙක් ඒවා අනුමත කළ හ. 

අපි හැමෝ ම අළුගෝසුවන් වූ යුගයක් හමාර කරන්නට ද නැවත ඒ යුගය පණ නො ගන්වන්නට ද අරගලය දිගට ම ගෙන යා යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-21

ඉරාජ්ට දශක ගණනකට කලින් කාන්තා සමලිංගිකත්වය ගැන ගී ලියූ ප්‍රේමකීර්ති

මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික දර්ශන ඇතුළත් වන බවක් කියවෙනවා. මමත් ඒක ටිකක් බැලුවා. මට නම් ඒක කිසිම හැඟීමක් නො දැනෙන, මොන ම කලා රසයක්වත් නැති නියඟලා අලයක් වගේ බඩකඩුත්තුව ඇති කරන මගුලක්.

මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්. 

ආදර සුබා වාසනා වේවා
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී

බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ
අකුරු කියවලා
අතුරු මිතුරු වී
හා හා

තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ)
නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ශ්‍රීමතී තිලකරත්න

මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද,  ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා.

යෙහෙළිය මුකුළිත වන්නේ ඇයි? තුරුණු වියේදී සාමාන්‍ය යෙහෙළියක විවාපත් වීම දරා ගත නො හැකි තරම් ශෝකය දනවන සිදුවීමක් නො වේ.

පළමුවෙනි අන්තරා කොටසේ අකුරු කියවලා - අතුරු මිතුරු වී කියලා ඊට පස්සෙ අර හා හා කියන්නෙ මොක ද? එය වර්තමාන ඉංග්‍රීසි ව්‍යවහාරයේ එන බ්ලා බ්ලා වැනි පදයක් විය හැකි ය. නැතිනම් වචනයෙන් කිව නො හැකි දෙයක් ගැන යොදන හඬක් විය හැකි ය.

දෙවන අන්තරා කොටසෙහි යෙදෙන‘අමොද’ යනු සංස්කෘත ‘ආමෝද’ යන වදනින් බිඳ ගත් වචනයකි. එහි අරුත පී‍්‍රතිය, සතුට, සොම්නස යනාදියයි. තුරුණු වියේ අමොද සුවේ පාවීම යනු කුමක් ද? කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ යන යෙදුම නම් සක්ක පද යෙදූ අපැහැදිලි ප්‍ර‍කාශනයකැයි මට සිතේ. එහෙත් ඒ මට ඇසුණු හැටියට ය.  

ස්ත්‍රී සමලිංගිකත්වය ගැන වර්තමානයේ තරම්වත් කතා කළ නො හැකි ඒ කාලේ මෙවැනි පෙම්වතියන්ගේ උරුමය වෙන් වීම විතරමයි. එහෙම වෙන් වෙලා සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ සාමාන්‍ය මිතුරුකමක් විතරයි.  ඒකවත් ඉතිරි කර ගනිමු කියලා යි මේ ශෝක භරිත පෙම්වතිය කියන්නේ.  






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-20

විශ්වවිද්‍යාල සූදුවෙන් ජයගෙන අත්වැරැද්දක් නිසා පැරදුණ සිසුවෙකුගේ දුක්ගැනවිල්ලක්

මේ දුක්ගැනවිල්ල මොහොතකට කලින් ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගය සමත් වූ සිසුවෙකු දුරකථනයෙන් කතා කර හැඬූ කඳුළෙන් මට කියූ කතාවක්.

මේ දරුවා මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත පාසලක උසස් පෙළ සඳහා ඉංජිනේරු තාක්ෂණවේදය හදාරා විභාගය සමත් වූ සිසුවෙක්. ඔහුගේ දිස්ත්‍රික් ශ්‍රේණිය 10ට අඩු එකක්. සමස්ත ලංකා ශ්‍රේණිය 700 ආසන්න ගණනක්. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙන් තෝරා ගන්නා සිසුන් සංඛ්‍යාවට ඇතුළත් වන්නට ඔහුට සුදුසුකම් තිබෙනවා.

“මගේ ප්‍රතිඵලය හොඳ නිසා මම විශ්වවිද්‍යාලෙට තේරෙයි කියලායි බලාපොරොත්තු වුණේ. ඒ නිසා 2016 අවුරුද්දේ විභාගය කළෙත් නැහැ. විශ්වවිද්‍යාලයට අයදුම් කරනකොට මම ඉල්ලුවේ ජයවර්ධනපුර, සබරගමුව, වයඹ, රුහුණ කියන විශ්වවිද්‍යාලයි. මගේ පාඨමාලාව පවත්වන විශ්වවිද්‍යාල අටක් නම් කළ හැකිව තිබුණත් මම නම් කළේ හතරයි. දැන් නම් හිතෙනවා මම කර ගත්තෙ මෝඩ වැඩක් ය කියලා. ඒ වුණාට අපි දන්නෙ කොහොම ද විශ්වවිද්‍යාල ප්‍රවේශය මෙච්චර කෘරයි කියලා.

“ඒකෙනුත් සබරගමුව විශ්වවිද්‍යාලයට ඉංජිනේරු තාක්ෂණය සඳහා සිසුන් බඳවා නො ගන්නට පසුව තීරණය කරලා තියෙනවා. අයදුම් කරනකොට අපට ඒක කිව්වෙ නැහැ. අනෙක් විශ්වවිද්‍යාලවලට තේරෙන්නට තරම් මගේ ඉසෙඩ් ස්කෝර් එක මදි. දැන් මාව කිසිම විශ්වවිද්‍යාලයකට තේරිලා නැහැ. ඉංජිනේරු තාක්ෂණවේදයෙන් දිස්ත්‍රික්කයේ මට වඩා පහළ මට්ටම්වල ඉන්න අයටත් විශ්වවිද්‍යාල ලැබිලා.

“මම විශ්වවිද්‍යාල අට ම ඉල්ලුවා නම් මටත් මොකක් හෝ ලැබෙන්නට තිබුණා. ඒ වුණාට මං ඉල්ලපු විශ්වවිද්‍යාලයකට සිසුන් බඳවා නො ගන්න තීරණය කළේ මම අයදුම් කළාට පසුවයි. මට විශ්වවිද්‍යාලයක් නො ලැබෙන එක අසාධාරණයි නේ ද?"

මෙම සිසුවාගේ පියා ගොවියෙකි. සිසුවා නැවත විභාගයට පෙනී සිට ද නැත. විශ්වවිද්‍යාල සූදුවෙන් දරුවාට අත් වී තිබෙන්නේ භයානක පරාජයකි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස මම සිසුවාට කීවෙමි. දරුවා මේ මොහොත වන විටත් සිටින්නේ තදබල මානසික පීඩනයක බව මට දැනිණි. මෙය ජීවිතයක් සමග සෙල්ලමකි.

මගේ අදහස නම් මෙතැන පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වී ඇති බවයි. මෙම වරද නිවරද කළ යුතු ය.

මෙය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. තවත් මෙවැනි ප්‍රශ්න තිබේ නම්, ලියා එවන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

වාමාංශිකයන් සමග සටන් විරාමයක්

මහපට ඇඟිල්ලයි මැදඟිල්ලයි ඉහළින් තියෙන්නෙ මේක කියවන ඇතැමෙක් වෙඩි තියන්නට කැමති තැනක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වාමාංශිකයන් සමග ඒක පාක්ෂික සටන් විරාමයක් දියත් කර තිබේ.  දින නියමයක් නොමැත.

සියලු එදිරිවාදිකම් අත්හිටුවා ඇත. 

අපේ වැඩේ අපි ඉදිරියට ගෙන යන්නෙමු. ඔබේ වැඩේ ඔබ කර ගන්න. ඒ කියන්නේ අපේ පරිප්පු කන්නේ අපි ම ය. තමන්ගේ පරිප්පු තමන් ම කන වාමාංශිකයන් සමග අපේ කිසිම අමනාපයක් නැත. පිටරට උයන තමන් නො කන පිළුණු පරිප්පු මෙහේ දිළිඳු, නූගත් දරුවන්ට ගිල්ලා බඩේ අමාරු හදන්නට උත්සාහ කරන අය ගැන අනතුරු ඇඟවීම නම් දිගට ම කරගෙන යනු ලැබේ. 

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදීන් වාමාංශිකයන් නො වන බව ඒ බව අමතක වී ඇති අයට මතක් කර දෙමි.

ඇනොනිමස් ත්‍ර‍ස්ත ප්‍ර‍හාරවලට පමණක් නිර්දය ලෙස ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. 

- මෙයට පැරා නොහොත් පෝලෝ සීයා නොහොත් විප්ලවවාදීන්ගේ ආශාවේ වස්තුව වන W3Lanka සංස්කාරක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-19

රමිඳු පෙරේරා නම් කවියාගේ සිතට නිදැල්ලේ එන සිතිවිලි

සැප්තැම්බර් 4 වන දා රාවය පුවත්පතේ පල වූ අජිත් පැරකුම් ජයසිංහ විසින් රචිත 'සයිටම් වාමාංශිකයෝ' නම් ලිපිය හා එම පුවත්පතේම පල වූ පුද්ගලික විශ්ව විද්‍යාලවලට සහය පල කරමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් දුන් සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර ලෙස රමිඳු පෙරේරා විසින් ලියන ලද ලිපියක් අක්ෂය වෙබ් අඩවියේ පළ වී තිබේ.

මෙම ලිපිය එම සම්පූර්ණ ලිපිය පිළිබඳ නො වේ. එහි පහත සඳහන් කොටසෙහි තර්කනය පිළිබඳවයි.

1. පලමුව කිව යුත්තේ අජිත් පැරකුම්ගේ ප්‍රස්තුත ලිපිය කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි ලිවීම පිලිබද කදිම සාම්පලයක් බවයි. කරුනු කිහිපයක් මෙසේය. ඔහුට අනුව රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි. මෙවැනි නිගමනයකට අජිත් පැරකුම් එලැඹෙන්නට පදනම් කරගත් සාධක මොනවාද? මේ ආකාරයේ බරපතල ප්‍රකාශයක් ඔහු කරන්නේ කවර අනුභූතික සාක්ෂි මත පදනම්වද?

2. ඔහු තවදුරටත් කියන්නේ මෙම අරගලය වෛද්‍ය සිසුන්ගේ පටු අරගලයක් බවත්, වෛද්‍ය සිසුන් දේශනවලට යන විට ශාස්ත්‍ර පීඨවල සිසුන් පාරේ උද්ඝෝෂණ කරන බවත්ය. එය එසේ බව සිතීමට තිබෙන කැමැත්ත හැර මෙම ප්‍රකාශය සනාථ කරවන කිසිදු කරුණක් අජිත් පැරකුම් සතුව වේද? ඔහු මෙසේ ලියන්නේ පසුගිය දිනවල තිබූ ශිෂ්‍ය උද්ඝෝෂණවලට වෛද්‍ය සිසුන් කොපමණ පැමිණියාද,විශ්ව විද්‍යාල ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහවලට වෛද්‍ය සිසුන් සහභාගී වන අනුපාතය කවරක්ද ආදිය ගැන සොයා බැලීමකින් පසුවද?

3. ඔහුට අනුව සයිටම් විරෝධය පසුව වම්මුන් කර ගැසූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කොන්ත්‍රාත්තුවකි. එහෙත් සත්‍යය නම් මෙම ආයතනයට රාජපක්ෂ යුගයේ පටන් විරෝධය පල කිරීමට පුරෝගාමී වූයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන බවත් ඒ සම්බන්ධ ප්‍රමාණවත් විරෝධයක් නොදැක්වීම පිලිබදව එම සංවිධාන වෛද්‍ය නිලධාරී සංගමය කෙරෙහි විවේචනාත්මක වූ බවත්ය. අජිත් පැරකුම් ලියන්නේ මේ කිසිවක් සොයා නොබලාය.

4. මේ සරල නිදසුන් කිහිපය මුලින්ම සදහන් කලේ අජිත් පැරකුම් වැනි අය ලියන බොහෝ 'විශ්ලේෂණ' කරුනු මත පදනම් වූ දේවලට වඩා සිතට එන සිතිවිලි නිදැල්ලේ ලිවීමක් නියෝජනය කරන හෙයිනි. යම් සමාජ ක්‍රියාවලියක් විග්‍රහ කිරීමේ දී අප පදනම් විය යුත්තේ දත්ත සහ කරුණු මතය. සිතට එන සිතිවිලි නිදහසේ ලිවීම හොද කවියෙක්ගේ ලක්ෂණයක් විය හැකි වුවද සමාජ විචාරය සම්බන්ධව ගත් කල එය ඉතාම නරක දුබලතාවයකි.

මේ එක් එක් ඡේදයක් පිළිබඳ අප විසින් පෙරළා මෙම ප්‍ර‍ශ්න මතු කරන්නෙමු.

1.  දැන් මෙතැනදී අනුභූතික කියලා රමිඳු බර වචනයක් පාවිච්චි කරනවා. (වාමාංශිකයන් මෙවැනි බර වචනවලට හරි කැමතියි) මම හිතන්නේ ඔහු භාවිතා කරන්නේ empirical කියන ඉංග්‍රීසි වචනයේ සිංහල අරුත විය යුතුයි. මං මේ ලොකු වචන දන්නෙ නැති නිසා මම ඒවා ඉගෙන ගනිමිනුයි මේ ලියන්නේ. ඔහු අදහස් කළේ ඒ වචනය නම්, එහි තේරුම මෙන්න මෙහෙමයි:

1. derived from or guided by experience or experiment.
2. depending upon experience or observation alone, without using scientific method or theory, especially as in medicine.
3. provable or verifiable by experience or experiment. (dictionary.com)

අනුභූතික යන සංස්කෘත වචනයේ තේරුම මේ ලෙස සඳහන් වෙනවා.

(in philosophy) knowledge gained by means of the four pramāṇa-s (perception by the senses, inference, comparison, and verbal authority)

මවිසින් ඉදිරිපත් කරන නිරීක්ෂණය ඔය කියන ආකාරයේ අනුභූතික සාක්ෂි මත පදනම් කරන්න ය කියලා නේ ඔය කියන්නේ. මෙන්න අනුභූතික සාක්ෂි: වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ඉවහල් විය හැකි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට රජයේ වෛද්‍යවරුන් දිගින් දිගට ම විරුද්ධ වීම, ශ්‍රී ලංකාවට වෛද්‍යවරුන් විදේශයන්ගෙන් ගෙනැවිත් සේවයේ යොදවනවාට විරුද්ධ වීම හා වෛද්‍ය හිඟය කේවල් කිරීම සඳහා භාවිතා කරමින් සෙසු රජයේ සේවකයන්ට වඩා වරප්‍ර‍සාද භුක්ති විඳිමින්, රජයේ සේවයේ යෙදෙන ගමන් ම පෞද්ගලික ව්‍යාපාරවල යෙදීම.

මේ අනුභූතික සාක්ෂි ඕනෑම කෙනෙක් දන්නා දේවල් මිස අලුත් කාරණා නෙමෙයි. මෙතැනදී ප්‍ර‍ශ්නය ඇති වන්නේ මෙහෙමයි. මේ සාක්ෂි පිළිගන්නට රමිඳු කැමති නැති බවක් පෙනෙනවා. ඒ වුණාට රමිඳු මෙහෙමත් කියනවා.

2009 යුද්ධය අවසාන වූ පසු ලංකාව නව ලිබරල්කරණයේ අලුත් අවධියකට පිවිසි අතර මේ වනවිට රාජපක්ෂ යුගයේ නව ලිබරල් ව්‍යාපෘතිය මත තවරා තිබූ ජාතිවාදී වහන්තරාව ඉවත් වී නිදහස් වෙළදපොලට අවශ්‍ය ලෙස සමාජය ප්‍රතිසංවිධානය වීමේ ව්‍යාපෘතිය නග්න ලෙස අප ඉදිරියේ දිග හැරෙමින් ඇත.

දැන් මම මෙහෙම ඇහුවොත් රමිඳු මොන වගේ උත්තරයක් දෙයි ද? ලංකාව නව ලිබරල්කරණයේ අලුත් අවධියකට පිවිසුණා ය කියා රමිඳු කියන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද?

රමිඳුගේ අනුභූතික සාක්ෂිත් අර මම ඉදිරිපත් කරපු ඒවා වගේ ම වෙන්න පුළුවන්.

රමිඳු අහන්නේ දත්ත මත පදනම් වූ සාක්ෂි නම්, ඔන්න අපි දෙන්න ම අමාරුවේ. මොකද, එතකොට අපි දෙන්නට ම තව අධ්‍යයනය කරන්නට වෙනවා. දත්ත සපයන්නට වෙනවා. අදහස් ලියනකොට එසේ දත්ත මත පදනම් වෙන එක විද්‍යාත්මකයි. එහෙත්, රමිඳුට පුළුවන් ද දන්නෙ නැහැ ඔහු පදනම් වන මාක්ස්වාදය විද්‍යාත්මක ය කියා පෙන්වන්නට.

හැබැයි ඉතින් දැනට නම් රමිඳුයි, මමයි වෙනසක් නැහැ. ඔහු මේ කොටසේදී ලියන්නෙත් කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි ලිවීම පිලිබද කදිම සාම්පලයක් ම තමයි. හැබැයි, රමිඳු හිතාගෙන ඉන්නවා එයා මං වගේ නෙමෙයි කියලා. එච්චරයි වෙනස.

2. මං හිතන්නේ මෙතනදිත් අදාළ වෙන්නේ අංක 1 යටතේ සඳහන් කළ කරුණු ම තමයි.

3. මෙතනදී රමිඳුට අවශ්‍ය නම් පරණ පුවත් සබඳතා පුරුක් වගේ දේවලින් ඔහු කියන දෙයට සාක්ෂි සපයන්නට පුළුවන්. ඒ වුණාට, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන කියන්නේ වම ය කියන එක නම් අනුභූතික සාක්ෂිත් නැති, එසේ බව සිතීමට තිබෙන කැමැත්ත හැර මෙම ප්‍රකාශය සනාථ කරවන කිසිදු කරුණක් නැති සිතට එන සිතිවිලි නිදැල්ලේ ලිවීමක්. 

4. දැන් මේ ඡේදය මම නැවත මෙසේ ලිව්වොත් කොහොම ද?
“මේ සරල නිදසුන් කිහිපය මුලින්ම සදහන් කලේ රමිඳු පෙරේරා වැනි අය ලියන බොහෝ 'විශ්ලේෂණ' කරුනු මත පදනම් වූ දේවලට වඩා සිතට එන සිතිවිලි නිදැල්ලේ ලිවීමක් නියෝජනය කරන හෙයිනි. යම් සමාජ ක්‍රියාවලියක් විග්‍රහ කිරීමේ දී අප පදනම් විය යුත්තේ දත්ත සහ කරුණු මතය. සිතට එන සිතිවිලි නිදහසේ ලිවීම හොද කවියෙක්ගේ ලක්ෂණයක් විය හැකි වුවද සමාජ විචාරය සම්බන්ධව ගත් කල එය ඉතාම නරක දුබලතාවයකි."

රමිඳු පෙරේරා කියන්නේ තවම ඔහු කඩේ යවන්නට බලා සිටින සෙසු වාමාංශිකයන් මෙන් අං ගිලපු අංකූරෙක් නො වේ. ඔහුගේ සාපේක්ෂ අවංකකම නිසා ඔහු ප්‍ර‍ශ්නවලට විසඳුම් සෙවීමට උත්සුක වීම ඇත්තෙන් ම අගය කළ යුතු ය. කපටීන් හා කුහකයන් නො වී ඇත්ත සමාජ ප්‍ර‍ශ්න සමග සංවාද කළ හැක්කේ එසේ ය. එහෙත්, ලොකු රවුමක් ගොස් ඔහු ආපසු ඇවිත් ඉන්නේ අප සිටින තැනට ම ය. 

විශ්වවිද්‍යාල ප්‍ර‍ශ්නයට ඔහු යෝජනා කරන විසඳුම මෙන්න:

“ඒ අනුව දැනට තිබෙන අධ්‍යාපන ප්‍රශ්නය විසදීම සදහා ද්විත්ව ප්‍රවේශයක් අවශ්‍ය යැයි යෝජනා කල හැක. පලමුව අධ්‍යාපනයේ සම අවස්ථා සමාජයට තහවුරු කෙරෙන සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කල හැකි එකම මාර්ගය වන නිදහස් අධ්‍යාපන පද්ධතිය පුලුල් කිරීම සදහා වූ අධිෂ්ඨානසහගත වැඩපිලිවෙලක් හා ඊට පහසුකම් සැලැසිය හැකි ලෙස ආර්ථිකය සංවිධානය කල හැකි මොඩලයක්.

“දෙවනුව, එය සිදු වන තුරු තාවකාලික අතරමැදි විසදුමක් ලෙස නාමික හෝ සහනදායී ගාස්තු මත සුදුසුකම්ලාභීන්ට රාජ්‍ය ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම හා පවතින පුද්ගලික ආයතනවල ගාස්තු දැඩි සීමා කිරීමට යටත් කිරීම.

“දෙවැන්න අවශ්‍යයෙන්ම පලමුවැන්නට යටත් විය යුත්තකි. රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් අධ්‍යාපන පිලිවෙතට එරෙහිව ඉදිරිපත් කල හැකි වාම-ප්‍රජාතාන්ත්‍රීය විකල්පය වූ කලී එයයි.“ - රමිඳු පෙරේරා (අක්ෂය)

දෙවෙනි එක අඩු වැඩි වශයෙන් අප විසින් යෝජනා කරන එක ම තමා ය.

පළමුවෙනි එක ඔහුටවත් තේරෙනවා නම් පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-17

කොටපල සිට මොරවකට ස්ථාන මාරු ලැබූ දොස්තරගේ දරුවා කොළඹ ඩී.එස්. සේනානායකය ඉල්ලන්නේ ඇයි?

කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය 
මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරයකු අප සමග මෙසේ පැවසී ය:

සම සුදුසුකම් තියෙන අවස්ථාවක ඔබ රැකියාවකට තෝරාගන්නේ පොල්පිතිගම ළමයද? මලියදේව ළමයද? මෙන්න මේ වෙනස නිසා තමයි මේ තරගය.

මෙය සත්‍යයක් ද? මෙය අර්ධ සත්‍යයක් බව මගේ අදහසයි.

මේ මොහොතේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ මෙවැනි ප්‍රධාන පාසලකින් පැමිණි අයෙකු නො වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (තර්ස්ටන්), ජනාධිපති ඩී.බී. විජේතුංග (ගම්පොළ ශාන්ත ඇන්ඩෘෘ), ජනාධිපති ප්‍රේමදාස (ශාන්ත ජෝසප්) ගත්තත් ඔවුහු ද රෝයල්, ආනන්ද මට්ටමේ පාසල්වලට ගිය අය නො වෙති.

එතැන් සිට පහළට මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි ය. මෙයට ප්‍රතිවිරුද්ධ උදාහරණ ද පෙන්වන්නට පුළුවන. එහෙත්, පාසලේ කීර්තිය පුද්ගල පෞරුෂයන්ට බලපාන ආකාරය සීමිත ය. වඩා වැදගත් වන්නේ පුද්ගලයාගේ පෞරුෂය මිස පාසලේ කීර්තිය නො වේ.

පාසල් කීර්තිය පාසල්වාදී ගෝත්‍රිකයන් විසින් ම ප්‍රවර්ධනය කරන, එයින් ම යැපෙමින්, එයින් ම පවතින තත්වයකි. මෙම පාසල් සෙසු පාසල්වලට වඩා සුවිශේෂ නො වේ යයි මා මෙයින් අදහස් කරන්නේ නැත. එහෙත්, මේවාට යන්නට අවස්ථාව ලබා ගන්නා පිරිස පෞරුෂයෙන් හෝ සමාජමය වශයෙන් හෝ මහ ලොකු සුවිශේෂතා ඇති පිරිසක් නො වේ. මිනිස් ගුණය පැත්තෙන් නම් කතා කර වැඩක් නැත. රනිල් වික්‍රමසිංහ මෙන් ම, මහින්දානන්ද අලුත්ගමගේ ද ගියේ එක ම රාජකීයට ය.

රජයේ සේවයේ පාරදෘෂ්‍ය බඳවා ගැනීමේ පටිපාටිවලදී පොල්පිතිගම හෝ මලියදේව කියා වෙනසක් සිදු වන්නේ නැති තරම් ය. නිදසුනක් ලෙස පරිපාලන සේවයට බඳවා ගන්නා පටිපාටියේදී පාසලට සුවිශේෂත්වයක් ලබා ගන්නට අමාරු ය. තවමත් සේවයේ නියුතු කීර්තිමත් පරිපාලන නිලධාරියකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බිහි වන්නේ ඔය මට්ටමේ පාසලකින් නො වේ. පිටිසර පැත්තකින් ආ නලින්ද හේරත්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයකු වන්නට ලැබෙන්නේ ද එසේ ය.

ඇත්තෙන් ම පෞද්ගලික අංශයට ද වැදගත් වන්නේ පොල්පිතිගම ද, මලියදේව ද යන්න නොව කුසලතා ය. කුසලතා නො තකා පාසල් පදනමින් බඳවා ගැනීම් කළත්, එය සාර්ථක නො වන අවස්ථා ඕනෑ තරම් තිබේ. කීර්තිමත් පාසල් පදනම් නැති අය කුසලතා නිසා ඉදිරියට යන අවස්ථා ඕනෑ තරම් තිබේ.

සිංහල බෞද්ධකම ප්‍රවර්ධනය කරන ආනන්දයට යන සිසුන් සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණය වන්නේ ඔවුන් බහු වාර්ගික සංයුතිය කැපී පෙනෙන ලක්ෂණයක් වන ඩී.එස්. සේනානායකයට යන සිසුන්ට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂා කුසලතා පැත්තෙන් පසුගාමී බව ය.

ගමේ පාසල්වල දරුවන්ට මෘදු කුසලතා ලබා ගැනීම අද එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. ඒ පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගිය යුතු ය. එසේම, ඒ සඳහා වැඩි අවස්ථා ලබා දිය යුතු ය. රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද විශේෂ අවධානය ඒ වෙත යොමු කළ යුතු ය. 

නිදසුනක් ලෙස, පහත දැක්වෙන වීඩියෝවේ සිටින දරුවන්ට අඩු කුමක්දැයි බලන්න. ඔවුන්ට අඩු ඊනියා නාගරික පොෂ් උච්චාරණය පමණි. 

පාසල් ගෝත්‍රිකවාදය පැවැත්ම තහවුරු කර ගන්නා මූලික පදනම පැරදවීමට හොඳම ක්‍රමය වන්නේ ගැමි දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ලබා දීමයි.

පාසල්වාදය ජාතිවාදය වැනි ම වූ ප්‍රතිගාමී ස්වෝත්තමවාදයකි. අන්ත පසුගාමී ගෝත්‍රවාදයකි. එය පරාජය කිරීම ජාතිවාදය පැරදවීම තරම් ම සමාජමය වශයෙන් වැදගත් ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-16

විශාඛා විද්‍යාලයට තුන ශ්‍රේණියෙන් දියණිය ඇතුළු කළ මාධ්‍ය වීරයා කවුරු ද?

මාධ්‍යකරුවකු විශාඛා විද්‍යාලයේ තුන ශ්‍රේණියට සිය දියණිය ඇතුළත් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. (වීඩියෝව පහත)

ඔවුන්ගේ තර්කය මාධ්‍යකරුවන්ට පුළුවන් නිසා දොස්තරලාට ද පුළුවන් විය යුතු බවයි. 

අපේ තර්කය මෙයයි: මෙම පාසල් රජයට අයත් ඒවා ය. ඒවා නඩත්තු වන්නේ ප්‍රධාන වශයෙන් ම මහජන මුදලිනි. මේවායේ සේවය කරන අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 300ක් පමණ වන පිරිසට වැටුප් ගෙවීමට පමණක් රජය මාසයකට රුපියල් කෝටියකට වඩා මහජන මුදල් වැය කරයි. මේවා පොදු පාසල් වන්නේ ද, මහජනතාවට ඒවා වෙත ඇති ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රික ලෙස තහවුරු කිරීම අතිශය වැදගත් වන්නේ ද, මේවා මහජන මුදලින් නඩත්තු වන මහජන දේපල නිසා ය.

විශාඛා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කළ හැකි පිළිගත් ක්‍රමවේදය අනුව, එසේ ඇතුළත් කළ හැක්කේ පළමු ශ්‍රේණියෙන්, හය ශ්‍රේණියෙන් හා උසස් පෙළ සඳහා ය. ඒ වෙනුවෙන් ඉතා පැහැදිලි ක්‍රමවේද තිබේ. එහෙත්, මේ අතරතුර හොරෙන් රිංගවීම සිදු වන්නේ මුදලට, හිතවත්කමට හා දේශපාලන / නිලධාරි බලපෑමට යටත්ව පාරදෘෂ්‍ය නො වන ක්‍රමවලට ය.

තුන ශ්‍රේණියේදී හොර පාරෙන් දරුවකු විශාඛාවට රිංගවූ විට සිදු වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී එම පාසලට ඇතුළත් වන්නට බලාපොරොත්තු වන සිසුවියකගේ අවස්ථාව අහිමි වීමයි.

මියුසියස් විද්‍යාලයේ සිටි සිය දියණිය හොර පාරෙන් විශාඛා විද්‍යාලයට ඇතුළත් කළ මෙම මාධ්‍යකරුවා කවුරු ද? අප ඒ පිළිබඳ කළ සොයා බැලීම්වලදී, ඔහු ස්වාධීන හා රැඩිකල් මාධ්‍යකරුවකු ලෙස රඟන සිරස රූපවාහිනියේ සුරංග සේනානායක බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබී තිබේ.  

මේ වනාහි මෙම පාසලේ විදුහල්පතිගේ සිට අධ්‍යාපන ඇමති දක්වා පැතිරුණු දැවැන්ත අල්ලස් දීමේ ක්‍රියාවලියකි. මෙවැනි අල්ලස් හරහා විශාඛාවේ සිට අධ්‍යාපන ඇමති දක්වා සිදු වන බොහෝ අකටයුතු ක්‍රියා වසං කර ගැනීම ඉලක්ක කරනු ලැබේ. 

මහරාජා ආයතනය පෞද්ගලික රූපවාහිනියක් වුව ද, මෙය අල්ලස් පනත යටතේ වරදක් ලෙස සැලකිය හැකි ය. හේතුව, ඔවුන් මෙවැනි අල්ලස් ලබාගෙන මාධ්‍ය දොරටුපාලකයන් වී සමාජයේ ප්‍රවෘත්ති හා අදහස් පාලනය කරන හෙයිනි. එසේ කරන්නේ පොදු අයිතියට යටත් සම්ප්‍රේෂණ තරංග භාවිතා කරමිනි. 

විශාඛා විද්‍යාලය මෙන් ම සම්ප්‍රේෂණ තරංග ද පොදු දේපලකි. 

පහත වීඩියෝවේ විනාඩි 3:58 සිට සවන් දෙන්න.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-15

දෙකයි පනහේ දොස්තරලාගේ පාඨශාලා බොරුව

වෛද්‍යවරුන්ගේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ලබා දී නැති ය කියන එක ඇත්තක් නො වේ. කිසියම් හේතුවක් නිසා පාසලක් නො ලැබුණු ඕනෑ ම දරුවකුට දරුවා පදිංචි කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමු වූ විට පාසලක් ලබා ගත හැකි ය.

වෛද්‍යවරුන් ස්ථාන මාරු ලබා ගත් විට ඔවුන්ගේ සේවා ස්ථානයට ආසන්න පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු ය. හේතුව, රජයේ සේවකයන් ලෙස, ආයතන සංග්‍ර‍හය අනුව ඔවුන් තම රෝහලට ආසන්න ස්ථානයක පදිංචි වී සිටිය යුතු නිසා ය.

එහෙත්, අනිවාර්යයෙන් ම, කොළඹින් හා ප්‍ර‍ධාන නගරවලින් ජාතික පාසල් ම ලබා දිය යුතු ය කියා එකක් නැත. මහජන ආයතනයක් වන රජය එවැනි වගකීමක් භාර ගැනීම ද සමානාත්මතාව නො සලකා හැරීමකි.

ස්ථාන මාරු ලැබෙන්නේ දොස්තරලාට පමණක් නො වේ. වෙනත් රජයේ සේවකයන් ද ස්ථාන මාරුවලට ලක් වෙති. බොහෝ ස්ථාන මාරු සිදු වන්නේ අභිමතය පරිදි ය. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී ස්ථානමාරු වෙනුවෙන් පමණක් නොව, විදේශයන්හි සිට සිය රට පැමිණීම වෙනුවෙන් පවා වෙන වෙන ම විශේෂ අවස්ථා ලබා දී තිබේ.  

එහෙත් මේ සියල්ල ම රජයේ සේවකයන්ට ය. රටේ ආර්ථිකයට සැබැවින් දායක වන පෞද්ගලික අංශයට, විදේශ ශ්‍ර‍මිකයන්ට මේ කිසිදු වරප්‍ර‍සාදයක් නැත.

මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට මාස නමයක් තිස්සේ පාසල් නැති කතාව ම අමූලික බොරුවකි. එක්කෝ එම දරුවන්ට පාසල් ලබා දී තිබියදී ඔවුන් එම පාසල්වලට ගොස් නැත. නැතිනම්, ඔවුන් සිය දරුවන්ට පාසල් නො ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී නැත. 

මෙය වනාහි මාස කීපයකට ඉහතදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ළමයින් ඇතුළත් කරන්නට අපේක්ෂා කළ දරුවන් පිරිසකගේ මව්පියන් සමග එක්ව රඟ දැක්වූ නාටකයේ මීළඟ කොටසයි. ඒ සියලු දරුවන්ට නිවෙස් ආසන්නයේ පාසල් ලබා දී තිබිණි. එ්වායේ ගැටලු තිබිණි නම් ඒවා විසඳිය හැකිව තිබිණි. එහෙත්, ඒ සටන කෙරුණේ මීගහතැන්න ප්‍රාථමිකයට ම දරුවා ඇතුළත් කරන්නට ය. ඒ දරුවන් අවසානයේදී ඇතුළත් කරනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිට කිලෝ මීටර් 20කටත් වඩා දුරින් මතුගම නගරයේ පිහිටි පාසලකටයි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මෙම වර්ජන තර්ජනය අතිශය අසාධාරණ ය. කෙනෙකු වෛද්‍යවරයකු වූවා ය කියා එම පුද්ගලයාගේ දරුවා අනිවාර්යයෙන් ම ඉහළ පෙළේ පාසලකට ඇතුළත් කිරීමේ වගකීමක් රජය කිසි සේත් භාර නො ගත යුතු ය. පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේ සාමාන්‍ය පටිපාටියට පිටින් සුවිශේෂ වරප්‍ර‍සාද නො දිය යුතු ය. 

එම පටිපාටිය ද නිවැරදි කළ යුතු ය. පසුගිය යුද සමයේ මෙහෙයුම් ප්‍රදේශවල සිටි හමුදා සාමාජිකයන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා ලබා දුන් සුවිශේෂ පදනම ද ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. 

අධ්‍යාපන කාර්ය මණ්ඩලවල අයට දී තිබෙන සුළු වරප්‍ර‍සාදය පවා ඉවත් කළ යුතු ය. 

වැඩි ම දූෂණයක් සිදු වන පදනම ආදි ශිෂ්‍ය පදනමයි. එවැනි පදනමක් අවශ්‍ය ම නැත. 

රජය කළ යුතුව තිබෙන්නේ සෑම දරුවකුට ම පදිංචි නිවසට ආසන්න ම පාසල ලබා දීමයි.

අනෙක් පැත්තෙන් රජය විසින් කළ යුතුව තිබෙන්නේ සෑම පාසලකට ම පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමයි. එහිදී ජනප්‍රිය නො වන පාසල්වලට වැඩි පහසුකම් ලබා දිය යුතු ය. ජනප්‍රිය පාසල්වලින් ප්‍රාථමික පංති ඉවත් කර ප්‍රාථමික පාසල් ජනප්‍රිය පාසල් සමග අනුබද්ධ කිරීම ද කළ හැකි ය.

රජය විසඳුම් දිය යුත්තේ ජනප්‍රිය පාසල් තරගයට මිස මෙවැනි ප්‍රෝඩාවලට නො වේ. 





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

අතීතකාමය හා භාෂාවේ අනාගතය

භාෂාවක් යනු චලනයක පවතින ප්‍රපංචයකි. එය නිරතුරුව වෙනස් වෙමින් තිබේ. භාෂාවක වැරදි-නිවැරදිභාවය පිළිබඳ සංකල්ප ද කාලය විසින් වෙනස් කරනු ලැබේ. 

එහෙත්, භාෂාව තිබෙන හැටියෙන් භාර ගෙන හුදු මෙවලමක් ලෙස භාවිතා කිරීම ඉක්මවා ගිය භාෂා සංවාදයක් සමාජයේ තිබිය යුතු ය. එය භාෂාවේ දියුණුවට ඉවහල් වෙයි. 

මෑත කාලයේදී භාෂාව නවකතාවක චරිතයක් වීම පිළිබඳ කදිම උදාහරණය සපයන්නේ සේපාලි මායාදුන්නේ විසින් ලියන ලද මහාසාමි නවකතාවෙනි. ඒ පිළිබඳ මවිසින් තබන ලද සටහනක් මෙතැනින් කියවිය හැකි ය.

භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමේදී හුදු අතීතකාමිත්වයෙන් ඇති පලක් නැත. සේපාලි මායාදුන්නේ භාෂාව භාවිතා කළේ අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මානය කිරීමේ කාර්යය වඩා සාර්ථක කිරීමටයි. 

හෙළ හවුලේ බස් වහර ද සිංහල බසට වැදගත් මැදිහත් වීමක් විය. එහෙත් එය ජන ව්‍යවහාරය තුළ ස්ථාපිත වූයේ නැත. හේතුව එහි සුඛනම්‍යශීලිත්වයේ අඩුව යයි සිතමි.

පහත අප විසින් නැවත පළ කරන්නේ අපගේ පාඨකයකු විසින් කලින් ලිපියකට අදාළව පළ කරන ලද පරිකතාවකි.   


ඇ කාරය පිළිබඳ විමැසු නිවැරැදි වහරට රුචි මැතිඳුනි,
ඔබතුමන් ඇ කාරය යෙදුමැ සම්මතය උගැනුමට රිසි වැ එසඳහා නිසි මඟ විමැසුම අපි මහත් සේ අගයමු. සිංහල බසැ සුවිසෙස් ලකුණෙක් නම් “ඇ” ශබ්දය සේ මැ ඒ සඳහා මැ වෙන් වූ “ඇ” අක්‍ෂරයෙක් ද පැවැතීම යැ. බොහෝ වෙනත් බසැ “ඇ” ශබ්දය පැවතිය ද එකී ශබ්දයට මැ වෙන් වූ අක්‍ෂරයෙක් නො පවතී.

සිංහල බසැ ඇ කාරය යෙදුම වහරෙහි මැ පැවැති බව අපගේ විශ්වාසය යැ. යට වැ ගොස් පැවැති එකී ඇ කාරය මතු කැරු එළි පෙහෙළි කළෝ කුමරතුඟුවෝ යැ. එකදහස් නවසිය විසිහය වසැ “ස්වදේශ මිත්‍රයා” නමැති පුවත්පතට ලිපියෙක් ලියමින් කුමරතුඟුවෝ ඇ කාරය යෙදියැ යුතු පහත අවස්ථා දැක්වූහ:
1. පස් වැනි (ආධාර) විභක්ති ඒක පද - ගසැ (ගසෙහි), කලැ (කාලයෙහි), බසැ (බසෙහි), නළලැ (නළලෙහි), වසැ (වසෙහි), ලිපියැ (ලිපියෙහි) ඈ විසින්.
2. ඊ, ඉති ආදි ප්‍රත්‍යයන් ගන්නා ධාතූන්ගෙන් නිපන් පූර්ව ක්‍රියා පද - කැරැ, ගැනැ, ගෙනැ ඈ විසින් සහ වී අරුතින් රිසි වැ, යට වැ, ඇදුරෙකු වැ ඈ විසින්.
3. අර්ථාවසානයෙහි “යැ” නිපාතය - පැවතීම යැ, පැවසූයේ යැ, කුමරතුඟුවෝ යැ, ලියුවේ යැ ඈ විසින් සමාප්ති වාචක නිපාත සහ ගියේ යැ?, දුටුවේ යැ?, පැවසී යැ? ඈ විසින් ප්‍රශ්නාර්ථ වාචක නිපාත.
4. අවධාරණාර්ථයෙහි “මැ” නිපාතය - සේ මැ, ඔබ මැ, පළමු වැ, ශබ්දයට මැ ඈ විසින්.
5. “අ”’ කාරයට අනම්‍යාදේශ සහිත පද - වරද > වැරැදි, පරණ > පැරැණි ඈ විසින්.
කුමරතුඟුවන් විසින් ඉහත ලිපියැ වෙසෙසි වැ වර නො නැඟුණ ද විධි ක්‍රියා (එන්නැ, ලියන්නැ, කන්නැ, යන්නැ ඈ විසින්), “ඉයැ” ප්‍රත්‍යය යෙදි අසම්භාව්‍ය ක්‍රියා (පෙරළියැ හැකි යැ, බැලියැ හැකි යැ ඈ විසින්), කියැ ප්‍රත්‍යය යෙදි අසම්භාව්‍ය ක්‍රියා (නො කියැ හැකි යැ, කියැ හැකි යැ ඈ විසින්) සහ විච්ඡේද වාචක මිසැ නිපාත (මා මිසැ නැත ගරුමන් කොටැ, ඔබ මිසැ වෙනකෙක් යැ? ඈ විසින්) ද ඇ කාරය සමඟ යෙදේ.

අප පාසල් සිසුන් වැ සිටි පනහ-හැට දසකයන්හි නම් අපි කුමරතුඟුවන් පැවැසු පරිදි මැ ඇ කාරය යෙදීමු. පසු කලැ සකුවට ද පෙළට ද නැඹුරු වූයෙන් ද ඇ කාරය භාවිතය සම්මත සිංහල වහරින් යටපත් වැ ගියෙන් ද අපි ඇ කාරය යෙදුම සීමා කළෙමු. සරසවියැ කුමරතුඟු අදහස් වැජැඹුණු බවක් නො පෙනිණි. පසු කාලීන වැ සකු හා පෙළ එක් වැ නිපැයුණු අපට මැ අනන්‍ය බසකට පිළිපන් නිසා ඇ කාරය අපගෙන් වෙන් වී යැ. වත්මනැ නම් අප විසින් ඇ කාරය යෙදෙනුයේ “මැ”, “වැ” නිපාත සහ ඇතැම් අනම්‍යාදේශ පද සඳහා පමණි.
මෙම සටහන ඇ කාරයේ පැරුණි නිසි සම්මතයෙන් මැ ලියුවේ ඔබතුමන් ඇ කාරයට දක්වන උනන්දුවට කෙරෙන ගෞරවයෙක් ලෙස යැ.
අප විසින් දැක් වුණු කරුණු ද සිතැ දරා කුමරතුඟුවන්ගේ ව්‍යාකරණ විවරණය සහ ක්‍රියා විවරණය ඇතුලු මාහැඟි ‍පොතපත කියැවීමෙන් ඔබතුමනට ද ඇ කාරය යෙදුම ප්‍රගුණ කළ හැකි යැ.

ඇ කාරය සහිත වැ ලියන කලැ ඇතැමෙකු විසින් උසුළුවිසුළු කරනු ලැබැ හැකි යැ. නිවැරැදි බස් වහරට ගරහන්නෝ අඥානයෝ යැ. එවැනි අඥානයෝ කුමරතුඟවන් ජීවමාන සමයැ ද සිටියහ. පහත දැක්වෙන්නෙ එවැනි අඥානයෙකු විසින් කුමරතුඟුවනට අපහාස කරනු වස් ලියැවුණු කවකි:
“වියරණය මොළවා - කවි රැජන සළු ගලවාඇක්මය පටලවා - වෙසේ නායක වපර රිලවා”
භාෂාශාස්ත්‍රෝන්නතිකාමී,
බන්‍ධුල කුදලාගම,
ටොරන්ටෝව.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2016-09-13

පණ පිටින් කුණු වෙමින්

කොළඹ කුණු යනු කොළඹ වැසියන්ගේ කුණු පමණක් නො වේ. කොළඹ නගර සීමාවේ ජීවත් වන හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව විවිධ තක්සේරු අනුව පෙනේ. මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ ජනනය කරනු ලැබේ. 

කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම නැවැත්වීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද වැනි කුප්‍රකට කුණු කඳු ඒ අවට ජනයාට අපායක ජීවිතය නිර්මානය කර දෙයි.

කොළඹ විරෝධය නිසා දැන් ඒ කුණු ඒකලට ගෙන ගොස් දමන්නට තීරණයක් ගෙන තිබේ. කොළඹ කුණු අපට එපා යි කියමින් දැන් ඒකල ජනයා උද්ඝෝෂණය කරති.

මෙම සියලු උද්ඝෝෂණ සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය කිසිවෙකුට තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට අවශ්‍ය නො වීමයි. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ ගෙන ගොස් දැමිය යුතු ය. එහෙත් ඒ වෙන කොහේවත් තැන්වල ද තවත් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ද ඒවා භාර ගැනීමට අවශ්‍ය නැත.

ලංකාවේ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම ඵලදායී කාර්යය කසල බැහැර කිරීම විය හැකි ය. එහෙත්, ඒකවත් හරියට කර ගන්නට පළාත් පාලන ආයතනවලට හැකියාවක් නැත. පළාත් පාලන සභා විසුරුවා හැර තිබීම කසල කළමනාකරණයේ දුබලකමට හේතුවක් වන්නට පුළුවන. එහෙත්, පළාත් පාලන සභිකයන් සිටියත්, ඔවුන් කුණු අදින්නේ නැත. ඔවුන් නොමැතිව කසල කළමනාකරණය හරියට කරන්නට බැරි නම්, එයට හේතුව පළාත් පාලන ආයතනවල ලේකම්ගේ සිට රජයේ සේවයේ අකාර්යක්ෂමතාවයි.

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක් ද නැත. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේ නැත. කසල කළමනාකරණයේ රැකියාවල නියුතු මිනිසුන්ට අවම සෞඛ්‍යාරක්ෂක උපකරණ හෝ නැති බව පෙනේ. ඔවුන් ඒ ගැන තැකීමක් ද නැත. අපිරිසිදු සතුන් ලෙස කසල ලොරිවල එල්ලී යනු දැකිය හැකි ය. අත්‍යවශ්‍ය සේවාවක නියැලි මෙම කම්කරුවන්ගේ ජීවිත ගොඩනැගීම ද කසල කළමනාකරණයේ ම කොටසකි. ඔවුහු මිනිස් කසල නො වෙති. 


කසල යනු මුදල් ය. එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයකි. කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනාත්මක ව බැලූ විට ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැත. 

රජයට ඒ වෙනුවෙන් ආයෝජනය කළ නො හැකි නම්, එය පෞද්ගලික අංශයට පැවරීමෙහි ඇති වරද කුමක් ද?

මෙම ප්‍රශ්නයෙහි තවත් පැතිකඩක් තිබේ. කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතු වේ.

අප දැන් සිටින්නේ කොතැන ද? රේල් පාරක්, මහ පාරක් දෙපස බලන්න. වාහනවල, පයින් යන එන අය විසින් තැන තැන දමා ගිය ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් දකින්නට ලැබේ ද? මිනිසුන් වන්දනාවේ හා සිරි නැරඹීමට යන සිද්ධස්ථාන, පොදු ස්ථාන ආදියේ තත්වය ද එසේ ය. ලංකාව ලෝකෙන් උතුම් ම රට යයි කියන්නට කැමති වුව ද ලංකාවේ මිනිසුන් ඉතා අපිරිසිදු ය. ඒ අපිරිසිදුකම නිසා ඔවුහු ලංකාව විනාශ කරමින් සිටිති.

ලංකාවේ දේශපාලන ව්‍යාපාර සිය දේශපාලනයට මේවා ද අදාළ කර ගත යුතු ය. සමාජ වෙනස ඇති කිරීම සඳහා මේවා ද අදාළ වේ. වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි ය. වගකිව යුතු පුරවැසියන් නිර්මානය කරන්නට විප්ලවවාදී පක්ෂයක් බලයට ගන්නා තෙක් සිටින්නට උවමනා නැත. පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු ය. 

ලංකාවේ කසල කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් මෙතැනින් කියවිය හැකි ය. 

ඒ සම්බන්ධ ජාත්‍යන්තර තත්වය ගැන විග්‍රහයක් මෙතැනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

හිරු කණ්ඩායමේ වර්තමාන ෆැන්ටසිය

හිරු කණ්ඩායම යනු එක් කලෙක ලංකාවේ වාමාංශික දේශපාලනයේ විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධ කතිකාවේදී වැදගත් බලපෑමක් කළ කණ්ඩායමකි. 

රෝහිත භාෂණ අබේවර්ධනගේ නායකත්වයෙන් යුත්, ප්‍ර‍ජාතාන්ත්‍රික සංවිධානයකට වඩා ඇදහිලි කල්ලියක ලක්ෂණවලින් යුත් මෙම කුඩා සංවිධානය අපගේ දේශපාලන ගමන් පථයේදී සුවිශේෂ එකක් වූ බව කියන්නේ නිසි ගෞරවය සහිතව ය. එහෙත්, එය ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලන සංවිධානයක් බවට පත් කිරීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. එසේම, ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ කතිකාව ද එක් තැනක සිර වූ බව පෙනේ. ඒ කෙසේ වෙතත්, ලංකාවේ වාම දේශපාලනය තුළ සෙසු කණ්ඩායම්වලට වඩා සාපේක්ෂ වශයෙන් දියුණු ලක්ෂණ හිරු කණ්ඩායමේ තිබිණි. විශේෂයෙන් ම දේශපාලන සන්නිවේදනයෙහිදී ඔවුහු කැපී පෙනුණ හ.

මෙම දේශපාලන කණ්ඩායම සමග අප නැවැත්වූ තැන සිට කතිකාව ඉදිරියට ගෙන යාමට අපි කැමැත්තෙමු. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ද උනන්දුවක් ඇති බව පෙනේ. හීනමාන චර්යාවක් ලෙස හැඳින්වීමට හැකි, එහෙත්, අප එසේ පටු ලෙස අර්ථකථනය නො කරන, ඔවුන්ට සුපුරුදු චර්යාවක් වන සැඟවුණු කණ්ඩායමක් ලෙස සිටීමේ ආශාව ඔවුන් දිගින් දිගට ම මහත් අභිරුචියෙන් නඩත්තු කරන බව දක්නට ලැබේ. නිර්නාමිකව මෙසේ පෙනී සිටීම ඔවුන්ට වැඩි නිදහසක් සපයා ඇති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් අපගේ අකැමැත්තක් නැත. මෙතැනදී 2003දී හිරු කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සිහල දමිළ කලා උළෙලට සිහල උරුමය විසින් පහර දීමෙන් අනතුරුව දීප්ති කුමාර ගුණරත්න හිරු කණ්ඩායම හැඳින්වීමට භාවිතා කල සයිකෝසික දේවාලයක් යන යෙදිම ද නැවත සිහිපත් කරමි.

ඔවුන්ගේ දේශපාලනික ප්‍ර‍කාශනයට මෙතැනින් පිවිසිය හැකි ය. ප්‍ර‍තිචක්‍රීය කරන ලද හිරු පුවත්පතේ පැරණි ලිපි හා තවත් දැනුම් සම්භාරයක් එහි තිබේ. එබැවින් එය විචාර බුද්ධියෙන් යුතුව කියවීමෙන් බොහෝ දේ උගත හැකි ය. ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් නම් ඔවුන්ගේ හා ටැමිල්නෙට් වෙබ් අඩවියේ ස්ථාවරයන් අතර තිබෙන්නේ ප්‍රවේශයන් අතර වෙනස පමණි. ඒ පිළිබඳ ඔවුන් සංවාදයකට සම්බන්ධ කර ගත යුතු ය. (මෙම ප්‍රචාරක දැන්වීම අප පළ කරන්නේ නොමිළේ බව කරුණාවෙන් සලකන්න. ඒ වෙනුවෙන් ඔවුන් එක් යුරෝවක්වත් අප වෙත ලබා දී නොමැත.)

මෙම කණ්ඩායම මේ වන විට සම්පූර්ණයෙන් ම යුරෝපය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතියකි. එහෙත්, ඔවුන් සිය කාර්යය ෆැන්ටසීකරණය කරගෙන ඇති ආකාරය ඉතා අපූරු ය. එය මින් පෙර ඔවුන් විසින් පළ කරන ලද ‘ආලෝචන'වලට වඩා පහත උපුටා දක්වන පරිකතාවෙන් පැහැදිලිව පරාවර්තනය වේ. මේවා විසංයෝජනය කර බැලීම, මනෝ විශ්ලේෂණයට ලක් කිරීම, මාක්ස්වාදී හෝ වෙනත් ඕනෑම ආකාරයකට විග්‍ර‍හ කර ගැනීම ඔබට භාර ය.

පැරා මචං, මොකෝ නිහඬ? අප මේ දිවා ආහාරයට පසු ටිකක් නිවි සැනසිල්ලේ ඉන්නෙ. වරෙන් වරෙන් බය නැති ව. උඹේ රස කතා ටිකක් ඇහැව්ව නම් හොඳ යි කෑම ටික දිරවන්නත් එක්ක.

මචං අපට අවංක කනගාටුවක් දැනෙනවා බං උඹ ගැන කල්පනා කරනකොට. බලපං අද හෙට උඹට අවුරුදු පනස් එකක් වෙන්නත් එනවා. උඹේ මුළු මහත් ජීවිතය ම බ්ලොග් පඩංගුවකට යි මතුගමට යි සීමා වෙලා. උඹලා අප සමඟ ඒ කාලේ හිටි සහෝදරවරුන් අද මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවා ද? අද බොහෝ දෙනෙක් අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක ජය කෙහෙළි නංවනවා. ඒත් උඹ? ඇත්තෙන් ම දුක යි මචං.

උඹ මචං ටිකක් මේවා ගැන හිතන්න ඕන. උඹ දැරි‍යන් දෙදෙනෙක්ගේ තාත්ත කෙනෙක් බව හෝ අවම වශයෙන් හිතපං. උඹ උඹේ ජීවිතේ සෑම අසාර්ථකත්වයකට ම හිරු කණ්ඩායමට ඇඟිල්ල දික් කරන්න එපා. ඇත්තෙන් ම අජිත් පැරකුම් ජයසිංහ නම් චරිතය ගොඩ නැඟෙන්නේ හිරු නිසා. හිරු නැති වුණා නම් උඹ නිකම් ම නිකං විශ්‍රාමික උපගුරු. ඕනෙ ම නම් අපකීර්තිමත් සේවා වාර්තාවක් සහිත කියලා කියනිනත් පුළුවන්.

ආශාවේ වස්තුව වගේ සංකල්ප උඹට අමාරු යි නේ තේරුම් ගන්න. ඒක නිසානේ උඹ ඒ වගේ සංකල්පයක් අවභාවිතා කරන්නේ උඹේ මේ බ්ලොග් පඩංඟුවේ. අපි ඕක උඹට තේරුම් ගන්න පුළුවන් විදියට මෙහෙ ම කියමු: “නරියා මිදි තිත්ත යි කිව්වා වගේ”! නරියා සහ තිත්ත මිදි සංකල්පය අපි උඹට යොදා බලමු.

උඹට උසස් අධ්‍යාපනයක් ලබන්න බැරි වුණු නිසා උසස් අධ්‍යාපනය ලද අය උඹට තිත්ත යි. උඹට ලංකාවේ දෙවන පැරණි ම ඉංගිරිසි පුවත්පත වගේ සම්භාවනීය පුවත්පතක කර්තෘකම ලබන්න බැරි නිසා එවැනි විශිෂ්ට කර්තෘවරුන් උඹට තිත්ත යි. උඹට වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් චරිතයක් බවට පත් වෙන්නට නො හැකි වූ නිසා වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් තාරකාව උඹට තිත්ත යි. ඔය වගේ කරුණු රැසක් උඹේ ජීවිතයෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ සියල්ලෙන් ම උඹට වැඩි ම පීඩාවක් ලැබෙන කරුණ වන්නේ උඹට යුරෝපයේ රටකට සංක්‍රමණය වී අන්තර්ජාතික මට්ටමකට විප්ලවීය දේශපාලනයේ වර්ධනයක් ලබන්න නො හැකි වුණු එක.

ඉතිං මචං මෙහෙම යි දැන් තත්ත්වේ. උඹේ වයසත් එක්ක දැන් නම් එන්න එනින ම යුරෝපයට විසා ගන්න එක අමාරු වෙනවා. නරක ද මචං ඔස්ට්‍රේලියා, නිව් සීලන්ඩ් වගේ රටකට උත්සහ කර බැලුවොත්? ඔස්ට්‍රේලියාවේ ඇබෝලා ඉන්න පැත්තක හෝ ටිකක් ඇතුලට වෙන්න තියෙන සීමිත වීසා ලබා දෙන පැත්තකට හෝ යා ගන්න බලපං. කාලෙකට ඉස්සර නම් එහෙම වීසා පදනමක් තිබුණා. තව එක ක්‍රමයක් තියෙනවා. නර්ස් නෝනාට වීසා ලබා ගෙන උඹට ස්පවුස් වීසාවලින් එල්ලෙන්න පුළුවන් ද කියලා සොයා බලපං. නර්සස්ලාට ඉල්ලුමක් තිබෙනවා. ඒත් උඹට යුරෝපය ම නම් අවශ්‍ය අප උඹට සහයක් දෙන්න බලන්නම්. උඹ ඉතිං කවදත් කන්න දුන්න අත සපා කන එකා කියලා අප දන්නවා. ඒත් කමක් නැහැ උඹ උඹේ ආත්මය පෙළන සමාජ වෛරය සමනය කර ගන්නවා නම් අපට ඒ ඇති.

පැරා මචං, ජීවිතය දෙස, ලෝකය දෙස, අනාගය දෙස ආදරයෙන් බලන්න පුරුදු වෙයං. උඹ කුකුළු කූඩු කතා කිය කිය අපහාස කළාට සන්නගෙන් උඹට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා බං.

එහෙනම් පැරා අප ගිහිං එන්නම්. පැරාගේ ආත්මයට සැනසීම ලැබේවා!

ඔවුන්ගේ ෆැන්ටසිය පුපුරුවා හරින අපූරු පිළිතුරක් අපගේ තවත් පාඨකයකු විසින් නිර්නාමිකව ම එහි තබා ගොස් තිබිණි. එය අනිවාර්යයෙන් ම කියවන්නැයි මම හිරු කණ්ඩායමට ආරාධනා කරමි.
AnonymousSeptember 13, 2016 at 4:02 AM

"... උඹලා අප සමඟ ඒ කාලේ හිටි සහෝදරවරුන් අද මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවා ද? අද බොහෝ දෙනෙක් අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක ජය කෙහෙළි නංවනවා. .."

මේක දැකල පුකෙනුත් හිනා ගියා. මේ යුරෝපෙ කොහෙද අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක් තියෙන්නේ. තියෙන 'විප්ලවීය' කියාගන්න සංවිධානත්, ලංකාවේ තියෙන NGO වලට තමා වඩා සමාන වෙන්නේ. යුරෝපෙන් පිටත රටවල විවිධාකාර බෙදුම්වාදී සංවිධාන වලට සම්බන්ධ සහ අනුබද්ද සංවිධාන නම් තිබේ. නමුත් ඒවා විප්ලවකාරී වන්නේ බෝඩ් ලෑල්ලට පමණි.

දුඹුරු සහ කළු රටවලින් පැමිණෙන දේශපාලන සරණාගතයන් මේවාට සම්බන්ධ වීමට හේතු කාරක ගණනාවක් තිබේ. පළමු සහ ලොකුම කාරණය නම් සරණාගත අයදුම සලකා බැලෙන කාලය තුලදී ඔවුන්ට උදව් කිරීමට සහ ඔවුන් සමඟ ආශ්‍රය කිරීමට ඉදිරිපත් වන්නේ එවැනි සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයන්වීමයි. ලංකාව වැනි රටවලින් පැමිණ නන්නත්තාර වී සිටින සරණාගතයන්ට කොක්ක ගැසීමට ම විශේෂ වුනු ක්‍රියාකාරිකයන් ගැන මා යුරෝපයේ විවිධ නගර වලදී අසාතිබේ. විශ්ව විද්‍යාල වල නවක වධය මෙන්, මෙම සරණාගතයන් අතරින් සමහරක් පසුව කොකු ගසන්නන් බවට පත්වේ. දහසකට අඩු සාමාජිකයන් සහ සීයකට අඩු ක්‍රියාකාරිකයන් ඇති මෙවැනි සංවිධාන වලට එක නව සාමාජිකයෙක් යනුද මහමෙරකි. එකෙකු එකතුවූ විටද හඳුන්වාදීමේ හමු, මත් පැන් බීමේ හමු ආදී වශයෙන් විකාර සැමරුම් කරති. කිසිදු විප්ලවීය ලක්ෂණයක්, රහස්‍ය භාවයක් මේ අවස්ථාවල් දී නොපෙනේ. ප්‍රීතියට හේතුව වන්නේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනුග්රාහකයන්ගෙන් ලැබෙන අරමුදල් වලට අනුලෝමව සමානුපාතික බැවිනි.

තවත් හේතුවක් වන්නේ, මේ වාමාංශික පසුබිම සහිත සරණාගතයන් බොහොමයක් මේ රටවල කළහැකි වෘත්තීයක හැකියාවක් හෝ, ඇඟ හොල්ලා වැඩක් කිරීමට කැමැත්තක් හෝ, යුරෝපීය භාෂා ප්‍රවීනතාවයක් හෝ නැති, 'කතාව පමණයි' මාදිලියේ සත්ව කොට්ඨාශයක් බැවින්, ආණ්ඩුවේ සල්ලි වලින් ජීවිතය ගෙනයාමට ඇබ්බැහි වෙත්දී ඉබේම මෙන් ඔවුන් ගොනු වන්නේ සමාන ඩෝල් කාරයන් අතර බැවිනි. ආණ්ඩුවේ සල්ලි වලින් ජීවත් වෙන ගමන් කාලය කා දැමීමටත්, තමන්ගේ රටවල දී තිබුණු සමාජ පිළිගැනීම ගැන සාංකාව නැතිකර ගැනීමටත් මේ බෝඩ් ලෑලි සංවිධාන වලට යාම් ඊම් කරති.

මෙවැනි සංවිධාන බොහෝවිට ඇතුලතින් හැසිරවෙන්නේ යුරෝපීය ආණ්ඩු වලට සම්බන්ධ ඔත්තු සේවා හෝ පොලීසි වලින් මෙහෙයවෙන මුදලට වැඩකරන පුද්ගලයන් මගිනි. මේවායේ පොදු ලක්ෂණය වන්නේ අවිධග්ද අනුගාමිකයන් කලක් යත්දී ඔවුන් විප්ලවකාරීන් බව සිතීමට පටන් ගැනීමයි. මෙය වාමාංශික/ආගමික විප්ලවයක්, රටක් බෙදීමක් හෝ රෙජීම මාරුවක්‌ වියහැකි අතර, යුරෝපීය සමාජයට තවමත් සංයෝග විය නොහැකි වූ අප සරනාගතයාද තමන් මහා පෙලෙහරක බලකණුවක් බව සිතා සිත සනහා ගනී. තමාගේ රටේ යාළු මිත්‍රාදීන්ටත් , සමහරවිට පුවත් පත් වලටත් තවදුරටත් අතිශයෝක්තියෙන් ම ලියා /කියා යවයි.

ඉතින් මේ ව්‍යභිචාරය හැර යුරෝපයේ කිසිවෙකු කරන විප්ලවයක් නම් දක්නට නොලැබේ. මෙහි ආණ්ඩුවලටත්, මාධ්‍ය වලටත් ජනතාවටත් නොදැනෙන ලෙස සම්පූර්ණයෙන්ම රහසිගතව එය සිදු වේ නම් , ඒ පිළිබඳව අපගේ සුබ පැතුම්! එහෙත් එවැනි දේශපාලනයක 'ජය කෙහෙළි නන්වන්නන්' නම් මෙහි සිටිය නොහේ. එවැන්නන් පිළිබඳව වහාම පියවර ගනු ලැබෙන බැවිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.