2017-01-16

ධර්මදාසගේ චින්තනය හා ධර්ම දේශකයන්ගේ විරෝධය

‘කැපිටලිසම් කියන එක ලෝකෙට හඳුන්වා දෙන්නේ කාල් මාක්ස්. ඒ එයාගේ දාස් කැපිටාල් කියන ෆික්ෂන් එක ඇතුළේ. සොෂලිසම් කියන සුපර් හීරෝව හදන්න එයා කැපිටලිසම් කියන සුපර් විලන්ව නිර්මාණය කරනවා. එහෙම නැතුව කැපිටලිසම් කියල එකක් ලෝකේ කොහේවත් පැවතුනා නෙමෙයි.

ශිෂ්ටාචාරේ පටන් ගත්ත තැන ඉඳන් මිනිස්සු ජීවත් වුණු සාමාන්‍ය විදිහ මාක්ස් කැපිටලිසම් කියල ප්‍රබන්ධගත කරනවා. ඒකට ලෝකේ වටේම ෆෑන්ස්ලා හැදෙනවා. විප්ලවය කියන්නේ ඒකෙ මාකටින් කැම්පේන් එක.’

චින්තන ධර්මදාස විසින් කරන ලද උක්ත ප්‍ර‍කාශය විසින් ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ ඇති කරන ලද කම්පන තරංගය තවමත් ප්‍ර‍තිකම්පනය වෙමින් තිබෙනු දක්නට ලැබේ.

යමෙකු ආගමක් විවේචනය කළ විට ආගමික සමාජයෙන් එයට ප්‍ර‍තිචාර දැක්වෙන ආකාර දෙකක් තිබේ. එකක් වන්නේ විවේචකයා මරා දැමීමයි. එසේ කිරීමෙන් තමන්ගේ භක්තිය වැඩිපුර ප්‍ර‍දර්ශනය කළ හැකි ය. ඒ සඳහා වැඩිය කරදර වෙන්නට ද උවමනා නැත. 

වර්තමානයේදී නම් කුණුහරුප ටිකක් ෆේස්බුක්හි ලිව්වත් ඇති ය. මේ ප්‍ර‍ශ්නයේදී ද පිරිසක් එසේ කළ හ.

අනෙක් පිරිස වන්නේ මෙම විවේචනයට බුද්ධිමය ලෙස ප්‍ර‍තිචාර දැක්වීමෙන් එය පරාජය කළ යුතු යයි සිතන අයයි. බව බ්ලොග් අඩවිය ඒ වඩා දුෂ්කර කාර්යයට අත ගසා තිබේ.

ලෝකය එදා පටන් ම පැවති පිළිවෙල එක ම පිළිවෙලක් යයි කිව හැකි ද යන්න මම නො දනිමි. එහෙත්, එය අදහසක් ලෙස ප්‍ර‍තික්ෂේප කරන්නට ද මට උවමනාවක් නැත. එසේම, මාක්ස්ගේ යුගයේ පැවතියේ ධනවාදයක් ද, තවමත් පවතින්නේ ඒ ධනවාදය ම ද, නැතිනම් වෙනත් එකක් ද, මාක්ස්ගේ විග්‍ර‍හය මුළු ලෝකයට ම අදාළ ද යන්න ද මම නො දනිමි. අවංකව ම නො දනිමි. මට ඒ පිළිබඳව අවසන් තීරණයකට එන්නට උවමනාවක් ද නැත. 

විශ්වය ගැන දැනුම මහා සාගරයක් නම්, අප එයින් දන්නේ වතුර බිංදුවක තරම විය හැකි ය. එ් කතාව ඉතිහාසයට ද අදාළ ය. ඒ නිසා යමක් නො දන්නවා යයි කීමට ලජ්ජා විය යුතු නැත. මන්ද, දන්නවා යයි කියන අය ද ඇත්ත ම කිව්වොත් දන්නා රෙද්දක් නැත.

මෙතනදී නලින් ද සිල්වා ගුරුත්වාකර්ෂණය ගැන ඇසූ ප්‍ර‍ශ්නය නිදසුනකට ගත හැකි ය. ගුරුත්වාකර්ෂණය තිබෙනවා යයි අප පිළි ගන්නේ ඇයි? අප කවුරුවත් එය දැක ඇති නිසා ද? නැත. හැමෝ ම කියන නිසා ය. හැබැයි ඉතින් නටුවකින් ගෙඩියක් ගිලිහුණු විට එය අහසේ පා වී නො ගොස් පොළවට වැටෙන්නට මොකක් හරි හේතුවක් තිබිය යුතු ය. ඒ තියෙන එකට අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය යයි කීවේ ය. (නලින් ද සිල්වා මහතා ගුරුත්වාකර්ෂණය ඔහු ගේ පන්චෙන්ද්‍රියන්ට දැනෙන්නේ නැතැයි කියයි. එතුමා කළ යුත්තේ අංගොඩ හන්දියේ සිල්ලර කඩයකින් පිටි ගෝනියක්‌ මිල දී ගෙන එය කර තබාගෙන කිලෝමීටරයක්‌ ගමන් කිරීම ය. එවිටත් ගුරුත්වාකර්ෂණය නො දැනේ නම් අංගොඩින් ම පිහිටක්‌ ලබාගත හැකි ය. කියවන්න බෝධි ධනපාල, විදුසර)

ධනවාදය ගැන කියන්නට තිබෙන්නේ ද එය ම ය. මේ තිබෙන එක මොකක් හරි එකකි. මාක්ස් එය ධනවාදය ලෙස කදිමට විග්‍ර‍හ කළේ ය. මාක්ස්ගේ ඉතිහාසය පිළිබඳ විග්‍ර‍හය පිළි නො ගත්තත්, බොහෝ දෙනෙක් ධනවාදය පිළිබඳ විග්‍ර‍හය පිළි ගනිති. බව බ්ලොග් අඩවියේ දැක්වෙන ආකාරයට “උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා මට්ටමේ හෝ දැනුම" තුළ පවා එසේ තිබේ. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගෙන ගන්නා අය ලබන දැනුම තුළ දුකට හේතුවක් ලෙස කර්මය ද දැක්වේ.

අප කර්මය පිළිබඳ සංකල්පය ප්‍ර‍තික්ෂේප කර ධනවාදය පිළිබඳ විග්‍ර‍හය වැළඳ ගන්නේ ඇයි? අනෙක තෝරා ගන්නා අයට වඩා අප බුද්ධිමත් නිසා ද? අප වඩා බුද්ධිමත් යයි අප සිතන්නේ කුමකට සාපේක්ෂව ද? ඇත්තම කිව්වොත් මෙය ලියන මට වඩා ඔබ බුද්ධිමත් වන්නට ප්‍ර‍ධාන හේතුව මා මෝඩයකු බව මෙහි පැමිණ නිර්නාමිකව අදහස් පළ කරන බොහෝ දෙනෙකු නිතර කියන එක නිසා මිස වෙන හේතුවක් නිසා නො වන්නට පුළුවන. මිනිස් බුද්ධිය ද මහා සාගරය වැනි පුළුල් එකකි. දර්ශනය ගැන දැනුම එහි එක් කුඩා අංශයක් පමණි. එහි තව බොහෝ පැතිකඩ තිබේ. යමෙක් තව කෙනෙකුට වඩා බුද්ධිමත් යයි කියන්නේ යම් නිශ්චිත අංශයකින් පමණි. 

ඇන්.ඇම්. පෙරේරා එක වර බුද්ධිමය කාර්යයන් කීපයක් කිරීමේ සූරයකු බව කියැවේ. බුලත් විටක් කමින්, කොන්දොස්තර සමග කතා කරමින්, දුරකථනයට ද පිළිතුරු දෙමින්, බෙල් එකට ද ඇහුම්කණ් දෙමින්, පැති කණ්ණාඩිය ද බලමින්, ට්‍රැෆික් පොලිසිය ගැන ද සැලකිලිමත් වෙමින්, පාරේ වාහන අතරින් සීරුවෙන් ඔබ යන බසය ධාවනය කරන අට පාස් රියදුරා කරන කාර්යය ඇන්. ඇම්. පෙරේරාට කළ හැකි ද? ඒ කියන්නේ ඇන්. ඇම්. බුද්ධි හීන පුද්ගලයකු ය කියන එක නො වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

බව වෙබ් අඩවිය ප්‍රාග්ධනය මිනිසුන්ට තේරෙන බසකින් නැවත ලියන එක විශිෂ්ට, අගය කළ යුතු ක්‍රියාවකි. එහෙත්, පුංචි උපදේශයක් දිය යුතු ය.

ලංකාවේ වාමාංශිකයන් දෙමළාට දෙමළ වීම නිසා ප්‍ර‍ශ්නයක් ඇති බව කියා දෙන්නට කොයි තරම් උත්සාහ දරා තිබේ ද? එහෙත්, නැවත වතාවක් මෙම සටහනට පහළින් දෙමළාට දෙමළ වීම නිසා ප්‍ර‍ශ්නයක් තිබෙන ප්‍ර‍ශ්නය කුමක් ද යන ප්‍ර‍ශ්නය ලියැවෙන එක වළක්වන්නට බැරි ය. හේතුව ඒ ප්‍ර‍ශ්නය මතු වන සිංහල ජාතිකවාදී කතිකාව, වාමාංශිකයන් උත්තර දෙන මාක්ස්වාදී කතිකාව නො වන නිසා ය. 

බව බ්ලොග් අඩවිය කරන අය ඔය ඔක්කොම කළාට පසුවත් චින්තන ධර්මදාස අර මුලින් දැමූ තොරතුරු චිත්‍ර‍ණය නැවත පළ කළහොත් කලකිරී ඉවත් නො වන්නට ආත්ම ශක්තිය ගොඩනගා ගත යුතු ය.

මාක්ස්ට නො ව, ඉතිහාසයේ කිසිම මිනිස් ප්‍රාණියකුට ඉතිහාසය පිළිබඳ පරිපූර්ණ විග්‍ර‍හයක් කළ නො හැකි ය. හේතුව ඉතිහාසය යනු ශුද්ධ ගණිතය වැනි මිනිස් මනසේ පවතින දෙයක් නො ව, භෞතිකව තිබූ හා ඉදිරියටත් පවතින දෙයක් වන බැවිනි.

මාක්ස්වාදී ඉතිහාස කතිකාව අදාළ වන්නේ එම කතිකාව සමග යම් ආකාරයකින් සම්බන්ධ වන අයටයි. එම කතිකාව ප්‍ර‍තික්ෂේප කරන අයෙකුට එම කතිකාවෙන් කොයි තරම් ප්‍රාතිහාර්ය පෙන්නුවත් වැඩක් නැත. සම්පූර්ණයෙන් අන්ධ වූවෙකුට දේදුනු හතක් අහසේ මවා පෙන්නුවත් වැඩක් නැත.

චින්තන ධර්මදාස විසින් සිය වචන කීපයෙන් දර්ශනවාදීන්ගේ රෙදි ගලවා තිබෙන්නේ ඒ අයුරිනි.

චින්තනට ගංජාකාරයා, ඇඩ්වටයිසිංකාරයා, අරූ, මූ කියන ගමන්, මේ විවාදයේ සියලු පැති දෙස උනන්දුවෙන් බලා සිටින අපටත් මාක්ස්වාදියෝ බනිති. ඒ අපි ඒවාට ලයික් දානවා ය කියා ය.

අප නම් ලයික් දාන්නේ චින්තන ධර්මදාසට පමණක් නො වේ. අපි විදර්ශන කන්නන්ගරවත්, නිර්මාල් දේවසිරිවත්, සුමනසිරි ලියනගේවත්, වංගීස සුමනසේකරවත්, දීප්ති කුමාර ගුණරත්නවත්, රෝහිත භාෂාණවත් තමන් දාර්ශනිකයන් යයි හඳුන්වා නො ගන්නා තවත් බොහෝ දෙනෙකුත් කියවන්නෙමු. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ පාඨකයන් වූ අපට අද වුණත් ඔවුන් කියන්නේ කිසිවක් නො දන්නා මැට්ටන් ය කියා ය. ඒ කියමන අපට වඩා අදාළ වන්නේ අපගේ එකී ගුරුවරුන්ට බව විලි ලැජ්ජාවේ සන්තෝසෙන් පවසමි. එහෙත්, ඔවුන්ට දන්නා අය ලෙස පෙනී සිටීමට නම් අප වැනි නො දන්නා අය ලෙස ඔවුන් විසින් පෙන්වා දෙන අය ද සිටිය යුතු ය.

අප නම් අප ගැන කියන්නේ අප නිදහස් මතධාරීන් බවයි. අපි සත්‍යය පිළිබඳ වාක්‍යයට නැවතුම් තිතක් නො තබා බලා සිටින්නෙමු. ඒ තිත අප කිසිදාක තබන්නේ ද නැත. 

වාදීන් වන ඔබ සමග අපට කිසිදු ගැටලුවක් නැත. ඔබේ කාර්යය ඔබ කරන්න. එහෙත්, පිළිගැනීම, ප්‍ර‍තික්ෂේප කිරීම සිදු වන්නේ කුණුහරුප කියන්නට තිබෙන හැකියාව මත නො ව, තමන්ගේ විදුරු නුවණ මෙහෙයවා කරන විග්‍ර‍හයන්ගේ තාර්කිකත්වය මත ය. 

ඔය දැන් කරන විදියේ පානදුරා වාද පරණ ජාතියක් බව ද, අදට එතරම් ආකර්ශනීය නො වන බව ද මගේ අදහසයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

66 comments:

  1. බීගත්ත වෙලාවට බොරු වෙරියක් පිට එතෙන්ට තමන් එක්ක ආපු මිතුරු කාන්තාවකගේ පස්ස මිරිකන එකෙක් දාර්ශනිකයෙක් වෙන්නෙ කොහොමද අජිත්? මේ කියන කතාව ඔයත් අහල ඇති.

    ඔය බොහොම "දාර්ශනිකයන්ගෙ" ඇතුලාන්තය දැක්කොත් බල්ලො බත් කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තවත් එක්තරා විදියක දාර්ශනික පශ්චාත් නූතනවාදියෙක් තමන් එක්ක එකට ජීවත් වුනු කාලේ පිරිමි පුතෙක් ලබාගන්න බෙල්ලන්විල ගිහින් කරපු බෝධි වන්දනා දේව කන්නලව් වගේ අභිචාර විධි සහ තවත් දේ ගැන ලියල එක් කාන්තාවක් ඒ දාර්ශනිකයාගේ “හැව” ඇරලා තිබුණ. ඔය ගැන මාතලන් ගෙන් අහන්න එයා කියයි වැඩි විස්තර.

      Delete
    2. සමාජවාදය ජීවන භාවිතාවක් විය යුතුයි කියන එක අපි ප්‍රවර්ධනය කරන්නේ ඒ නිසායි. අපි අනාගතේ බලාපොරොත්තු වන වෙනස අපේ ජීවිත තුළ අද ඇති කර ගන්න අපි උපරිම උත්සාහ ගන්නවා. මටත් මගේ බිරිඳටත් අවුරුදු දහයක් දරුවන් නැතුව හිටියා. අපි කිසිම මිථ්‍යාවක් පසුපස ගියේ නැහැ. දයානි සිරිවර්ධන කියන ආයුර්වේද වෛද්‍යවරියගෙන් වරක් ප්‍රතිකාර ගෙන එහි තිබෙන බොරුව තේරුම් ගත්තා. එදා සිට අද දක්වා ගර්හිත විද්‍යාවන්ට අපේ ජීවිතය තුළ කිසිම චාන්ස් එකක් නැහැ.

      අපි බැන්දෙ කේන්දර බලලා, නැකැත් බලලා හරි පන්සල් ගිහින් පිරිත් කියලා හරි නෙමෙයි. ඒ වගේ ම අද වෙනකල් අපේ ළමයින්ට කේන්දර නැහැ. හැබැයි උපන් වෙලාව ලියා තබා තිබෙනවා ඔවුන්ට ඕනැ නම් ඒවා හදාගන්න. ඒක ඔවුන්ගේ කැමැත්තක්.

      හැබැයි ඉතින් කාන්තාවකගේ පස්ස මිරිකන එකයි යම්කිසි දාර්ශනික සංවාදයක් පවත්වාගෙන යන එකයි මට නම් දෙකක්. එතන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වයක් තිබෙන්නට පුළුවන්. එතැනදී මම විරුද්ධයි.

      ඒත් මෙහෙමනේ. හෛඩගර් ගැන කතා කරනකොට නාසිවාදය සම්බන්ධ එයාගේ භූමිකාව පටලවා ගත්තොත් වරදින්නේ අපටමයි. ඒ නිසා පුක මිරිකන එක එයාට දෙමු. එයා කරන හොඳ දේ අපි ගනිමු. එච්චරයි.

      Delete
    3. ඔය puka මිරිකන කෙනා wangisa සුමනසේකර කථිකාචාර්ය දාර්ශනික තුමාda?

      Delete
    4. ඔය "හැව" ඇරගත්තෙ සර්පයා නේද?

      Delete
  2. මම නම් කියන්නේ ඔය ඔක්කෝටම පිස්සු. ආගම් කර තියෙගෙන යන හරකුන්ට එහා ඔය දර්ශනවාදයි. ජිජැක්ලයි ෆුකෝලයි පුකෝලයි කර තියාගෙන යන උන්. අපේ උන් ඔය වගේ ඒවට මරා ගනිද්දි ලෝකය යන්නේ හෙජින් ගිවිසුම් අපිට හිතාගන්නවත් බැරි ඔය එකුටවත් තේරෙන්නෙත් නැති. තේරුම ගන්න ඕනත් නැති සිස්ටම් උඩ. හෙජින් ගිවිසුම්. ෂෙයර් බ්‍රෝකරින්. බැඳුම්කර ගණුදෙනු, රටවල් අතර ආර්ථික ගිවිසුම්. ආරක්ෂා ගිවිසුම්, අළුත් සේද මාවත් ඔස්සේ. අපරාදේ කියන්නේ අර අපි ඔක්කෝම බනින උදය ගම්මන්පිලයට නම් ඒ අවබෝධයවත් තියෙනවා. ඒ තීලත් ඌ කරන්නේ මෙහේ මිනිස්සු රවට්ටන එක. මොකෝ මෙහේ ඉන්නේ අමු හරක් කියලා ඔය හැම එකාම දන්නවා. ජිජැක් කියෙව්වා කියලා ජිජැක් අපේ උන්ට පොවන්න යන උන්ගෙවත්, ඒවා බීලා ඩෝප් වෙලා දඟලන උන්ගෙවත් බඩ පිරෙන්නේ නෑ නේ. චින්තනට එක එක කීවට. උන් තමයි කුඩු කාරයෝ. පැරා කුඩු කාරයෝ ගැන දන්නවනේ. උන්ට කුඩු වලින් තිර ලෝකයක් නෑ. මාක්ස්ගේ අබිං කතාවම උනත් ඒකට ආදේශ කොර ගත්තට අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි. ගම්මන්පිල ඕවා දන්නේ එයා පිට රටක (දියුණු රටක) කාලයක් හිටි නිසා සහ එහි ඉගෙනගත් නිසා. ලංකාවේ ඉන්න අයට ළිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න අමාරුයි. මේ ඉන්ටෙර්නෙට් යුගයේ පවා ලංකාවේ තරුණ පරපුර සෝෂල් මීඩියාවල කුණුහරුප වපුරමින් පෙන්වන්නේ ඔය ළිං මැඩි මෙන්ටැලිටි එකම නොවේද?

      Delete
    2. බොහොම හරි! පිට රටක (දියුණු රටක) කාලයක් නොහිටියොත් සහ එහි ඉගෙන නොගත්තොත් ලංකාවේ ඉන්න අපි වගේ අයට (මේ ලියන මා සහ පැරා ඇතුලුව) ළිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න අමාරුයි.

      පිටරටක කාලයක් හිටියම සහ එහෙ ඉගෙනගත්තම විශ්වීය ජීවියෙක් වෙනව. පනමෙ මයියොක්ක ගෙනියන්න ආවනං ඒක අරගෙන පලයන් මහත්තයො යන්න මෙතන ඉඩමෙ අක්කර ගාන හොයන්නැතුව.

      Delete
    3. එතකොට Australia ඉපදිලා ඒ රටේම ඉගනගෙන එහෙ ජීවත්වෙන සියලු දෙනා මහා දැක්මක් තියෙන දාර්ශනික දැවන්තයොද? සමහරවිට මෙහෙ ජාම බේරාගන්න බැරුව පහු කාලෙක එහෙට පැනගෙන එදා වේල හොයාගන්න උන්ට නම් එහෙම පෙනීම පුදුමයක් නෙමෙයි.

      ඕයි, කොයි රටේ හිටියත් දැනුම ලබා ගන්න ඕන එකා ඒක ලබා ගන්නව. යහපත් දේ කරන්න ඕන එකා ඒක කරනව. හිට්ලර් සහ මුසෝලිනී ඉපදුනෙ "නොදියුණු" රටවල් වලද? ටිකක් හරි කියවනව. Australia වල හිටියයි ඉගනගත්තයි කියල ප්‍රාඥයෙක් වෙන්නෙ නෑ. එහෙ නොහිටියයි එහෙ ඉගන නොගත්තයි කියල බුද්ධිමතෙක් වෙන්න බැරිකමකුත් නෑ.

      ඔන්න දුන්න ආයි "ඔසී වරුනේ" නොකියන්න තේරෙන බාසාවෙන්ම !!!

      Delete
    4. "ගම්මන්පිල ඕවා දන්නේ එයා පිට රටක (දියුණු රටක) කාලයක් හිටි නිසා සහ එහි ඉගෙනගත් නිසා."

      ඔහෙට අනුව ගම්මන්පිල ඉගෙනගත්තේ සහ කාලයක් ජීවත්වුනේ ඕස්ට්‍රේලියාවේ හින්ද තමයි එයා ඕව දන්නෙ. මෙහෙ ඉගනගත්ත සහ ජීවත්වෙන එවුන් ඕව දන්නේ නෑ. උඩ ඇනොල තමුන්ගෙ රෙද්ද ගලෝල තියන නිසා මම වැඩිය කියන්නෙ නෑ.

      හැබැයි එකක් කියන්න ඕන. තමුන් තමුන්ට ගැලපෙනම පින්තූරයක් profile picture එකට දාල තියනව.

      අම්මප ඔහේ වගේ මොලේ නැති කන්ගරුවෙක් !

      Delete
  3. චින්තනගේ අලුත් බ්ලොග් සටහනේ මාක්ස්ගේ අදහස් ගැන චින්තන ඉදිරිපත් කරන නිරූපණය අතිශයින් ප්‍රශ්නකාරීයි. මාක්ස් පරිභෝජනවාදයට විරුද්ධ වූ බව සහ චින්තනගේ කරැණුමය ඉදිරිපත් කිරීම්වල අවංකභාවය සහ නිරවද්‍යභාවය ප්‍රශ්න කළ යුතු වෙනවා. මේක ආගමික ප්‍රවේශයෙන් පිට ගවේෂණාත්මක අර්ථයකින් කළ යුතු දෙයක්.

    චින්තන මාක්ස්ව දකින්නේ පවතින සම්ප්‍රදායික වමේ පිළිබිඹුවක් විදිහට වීමත්, ඒ වමට එල්ල වෙන ප්‍රතිචාර තුළින් වීමත් ගැටළුවක්. ගමේ ආච්චිලා මාක්ස් සහ එංගල්ස්ගේ රූප චේගුවේරා කාරයින්ගේ රූප ලෙස හැඳින්වීමට මෙය වෙනස් නැහැ. වමේ ප්‍රතිචාරය කෙසේ වෙතත්, බ්ලොග් එක ඇතුළේ සංවාදයේ දී නම් චින්තනට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී තියෙනවා. :)

    ReplyDelete
  4. අනේ මට බැනලා හරි මේකටවත් කොමන්ට් දාපල්ලා. අරූ 200 පැලා දෙයියනේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ. මම අරූගෙ අඩවිය බැලුවනේ.

      Delete
    2. දැන් 255 ත් පැනලා බොලල්ලා.... මොනවා හරි ඉක්මනටම කරපියව්.

      Delete
    3. කුණු රසට කවුරුත් කැමතියි නේ බං, මේ උඹල අපි උනත්.

      Delete
    4. කමෙන්ට්ස් නං වැහි වැහැල. ඒක කියවන ඇනෝල දෙන්න හෝගාල කමෙන්ට්ස් දානවා මාරුවෙන් මාරුවට
      හැබැයි සති දෙකකට විතර ඉස්සෙල්ල පැරාගෙන් බැනුම් අහල ඒ ප්‍රසිද්දියෙන් පොඩ්ඩක් උඩට ආපු උගේ පඩංගුව ආපහු සුපුරුදු තැනටම පල්ලම් බැහැල.

      Delete
    5. සිරාවට. හොඳම විහිලුව තමයි මෙච්චරකල් ඇනෝ කමෙන්ට්ස් දාන්න බැරිවෙන්න බ්ලොක් කරලා හිටපු සාරසයා පැරා ඌට බැන්නට පස්සේ ඇනෝ කමෙන්ට්ස් ඕපන් කරලා ඌම කමෙන්ට්ස් උගේ ලිපි වලට කමෙන්ට්ස් දාගන්න පටන් අරගෙන.
      ඌට තියෙන්නේ අමුතුම මානසික ලෙඩක්

      Delete
    6. අර ෆේස් බුක් ජනාධිපති අනුර කුමාර කියන්නා වගේ තමයි, කමෙන්ට් ලෝකේ රජ්ජුරුවෝ කුමාර කළුආරච්චි. දෙන්නම කුමාරයෝ වෙච්චි..
      පට්ට ආතල් ඕයි මුන් දෙන්නේ.

      Delete
  5. ////වාදීන් වන ඔබ සමග අපට කිසිදු ගැටලුවක් නැත. ඔබේ කාර්යය ඔබ කරන්න. එහෙත්, පිළිගැනීම, ප්‍ර‍තික්ෂේප කිරීම සිදු වන්නේ කුණුහරුප කියන්නට තිබෙන හැකියාව මත නො ව, තමන්ගේ විදුරු නුවණ මෙහෙයවා කරන විග්‍ර‍හයන්ගේ තාර්කිකත්වය මත ය. ////////

    ++++++++++++++++++++++

    ReplyDelete
  6. මේ මොහොතේ ලෝකයේ ජිවත් වන ලොකුම සල්ලි කාරයින්ගෙන් පළමු අට දෙනා සහ ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ වෙලා තියෙනවා.
    Bill Gates-75 billion, Amancio Ortega-67, Warren Buffett-60.8, Calos Slim Helu-50, Jeff Be Zos-45.2, Mark Zukerberg-44.6, Larry Ellison-43.6, Michael Bloomberg-40. එකතුව බිලියන 426.2 මේ අට දෙනා සතු වත්කමත් ලෝක ජනගහනයෙන් 50% සතු වත්කමත් සමාන බව ප්‍රකාශ වෙනවා. මේ තත්වය විග්‍රහ කරන න්‍යාය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය කාරණේ ගැන ෆේස්බුක් එකේ මාත්, බව බ්ලොග් එකේ බදියුවාදියෙකුයි අතර සංවාදයක් ඇති වුණා. ඒක ඇති වුණේ බදියු විසින් කරන ලද ඔය වගේ ම ප්‍රකාශයක් පදනම්වයි.

      මා කියන කාරණය වන්නේ ඔය විදියට කියන එකේ ගැටලුවක් ඇති බවයි. ඒ ගැටලුව තමයි, මෙවැනි ප්‍රකාශ හිමිකාරිත්වය පිළිබඳ ගැඹුරු දැක්මක් මත පදනම් නො වීම.

      හිමිකාරිත්වය කියන්නේ පවත්නා ක්‍රමය තුළ මෙන් ම ඊට කලිනුත් පැවති සමාජයේ පැවැත්මට හා සංවර්ධනයට බලපා තිබෙන ප්‍රපංචයක්. ඒක එක්තරා විදියක වෘත්තකමය ස්වභාවය ඉක්මවා ගිය වෘත්තියක්.

      ලංකාව යටත් විජිතයක් වෙන්නට කලින් රටේ දේපල සියල්ල හිමි වුණේ රජ්ජුරුවන්ට. හැබැයි ඒක තීරණය වුණේ රජ්ජුරුවන්ට භූමිය පාලනය කරන්නට තිබුණු බලය මතයි.

      හැබැයි එදා ඉඳලා ම හිමිකාරිත්වය කියන එක පරම එකක් වුණේ නැහැ. හිමිකාරිත්වය විවිධාකාරවලින් පාලනය වෙනවා. මේක ගැන අර මාත් එක්ක පැටලුණු බදියුවාදියා කියපු කාරණයක් තමයි එයාට රුපියල් දාහක් අයිතියි කියන්නේ ඒක එයාට අයිතියි කියන එක මිස වෙන දෙයක් නෙමෙයි කියන එකයි.

      මම ඔහුට කිව්වා එහෙම වුණාට ඔහුට ඒ රුපියල් දාහ ගිලින්න බැහැ. හේතුව, මුදල් විනාශ කිරීම නීති විරෝධීයි. ඒ වගේ ම ඒක මහේක්ෂ ආර්ථික විද්‍යාවත් එක්ක සම්බන්ධයි. ඒ වගේ ම මුදල් ආහාරයක් නෙමෙයි. ඒ නිසා ඒවා කෑවා ම සෞඛ්‍ය ප්‍රශ්නත් ඇති වෙනවා.

      හිමිකාරිත්වය ඔය වගේ දෙයක්. ඒක බොහෝ කරුණුවලින් සීමා වෙනවා. දැන් මේ ලැයිස්තුවේ ඉන්න අයට ඇත්තට ම ඔය ඔක්කොම අයිති ද?

      මේක බරපතල ප්‍රශ්නයක්. ලෝකෙම ඉන්න අය ඔහේ කියන්නන් වාලේ ඕවා කියනවා. ඔය ප්‍රකාශ පිටුපස හිමිකාරිත්වය පිළිබඳ ගැඹුරු දැක්මක් නැහැ.

      Delete
    2. හිතවත් අජිත්, අපේ කුඩා උත්සාහයට මෙහෙම සහයක් ලබා දීමට බොහොම ස්තුතියි.

      කෙසේවුවත්, ඉහත කොමෙන්ටුවේ ඔබ සඳහන් සංවාදය ඇති ව තිබෙන්නේ 'බව' බ්ලොග් එකට සම්බන්ධ කිසිවෙක් සමග නොවේ. ඔහු බදියුවාදියෙක් ද යන්නනම් නොදනිමු.(අමතර කරුණක්, 'බදියානුවෙක්' කියන එක වඩා ලස්සන නැද්ද?) නමුත් නිශ්චිත ලෙසම බව එකට සම්බන්ධ කිසිවෙක් නෙමෙයි.

      එහිදී මේ කරුණ ගැන බව සම්බන්ධ ප්‍රතිචාරයක් යටින් සඳහන් කර තිබුණි. ඒ ඇසුරින් මේක ටිකක් වැඩිපුර කතා කිරීමට හැකිනම් එය ප්‍රාග්ධනය සම්බන්ධයෙන් අප කරන්නට සිතා සිටිනා සාකච්ඡාවටත් බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. ඔබගේ ෆේස්බුක් පිටුවේ වෝල්දා එකේ දැමූ අදාළ කොමෙන්ටුව මෙයයි:

      "අජිත්, ඔබ මතුකරන ප්‍රශ්නය වැදගත්. මෙයට පූර්ණ පිළිතුරක් දිය හැක්කේ දේශපාලන-ආර්ථික විශ්ලේෂණයක් තුළ පමණි (එවැන්නක් මුළුමනින් සාර්ථක ලෙස මට කළ හැකි බව මෙයින් ඉඟි කරන්නේ නැත). නමුත් පළමු තලයේ මෙවැනි ප්‍රතිචාරයක් දිය හැකිය. මෙවැනි දේපළක් හිමි පුද්ගලයෙකු යටතේ පඩි ලබන විශාල පිරිසක් සිටිනා බව සත්‍යයකි. නමුත් එවැනි ව්‍යාපාර වල පඩි වශයෙන් ගෙවන දේ, ඔවුන්ගේ 'දේපළ' යටතට ගණන් ගැනෙන්නේ නැත. මෙවැනි ගණනය කිරීමකට ඇතුලත් වන්නේ ඔවුන් සතු ඉඩම්, ගොඩනැගිලි, මුදල්, දියමන්ති, ගුවන් යානා, නැව්, වාහන, චිත්‍ර වැනි දේවල් වල එකතුවයි. එම දේපළ නඩත්තු කිරීම සඳහා යන වියදම ඔවුන්ට හිමි වන එකක් නොවේ. එය ඔවුන්ට අහිමි වන එකකි"

      'බව'

      Delete
    3. This is what Marx thought.

      "Apologetic economists... say:... [the worker's] labour-power, then, represents his capital in commodity-form, which yields him a continuous revenue. Labour-power is indeed his property (ever self-renewing, reproductive), not his capital. It is the only commodity which he can and must sell continually in order to live, and which acts as capital (variable) only in the hands of the buyer, the capitalist. The fact that a man is continually compelled to sell his labour-power, i.e., himself, to another man proves, according to those economists, that he is a capitalist, because he constantly has “commodities” (himself) for sale. In that sense a slave is also a capitalist, although he is sold by another once and for all as a commodity; for it is in the nature of this commodity, a labouring slave, that its buyer does not only make it work anew every day, but also provides it with the means of subsistence that enable it to work ever anew." ―Karl Marx, Capital Vol. 2, Chapter 20 section 10

      Delete
  7. “ ගුරුත්වාකර්ශනය“ තමා යන්තම් හරි තේරුනේ.
    දහයෙ පන්තියෙ තියන පාඩමට ගුරුත්වාකර්ශනය ඉගැන්නුවාම එක ළමයෙක් අහනවා “ එතකොට ටීචර් ගුරුත්වාකර්ශනය හොයා නොගත්ත නම් අපි ඉන්නෙ පාවි පාවි ද ?“ කියලා.

    බලාන ගියාම “මාක්ස්වාදය“ , “ධනවාදය“ . “ප්‍රඡාතන්ත්‍රවාදය“ . “සමාජවාදය“ කියනෙව්වට වඩා “විද්‍යාව“ හරි සරලයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ජිවත් වන ජනගහනයෙන් බාගෙකට සින්දු කියන්න පුළුවන්. ඉතිරි බාගෙට නටන්න පුළුවන්. ඉතින් අපි ඉන්නේ පාවී පාවී තමයි.

      Delete
    2. ලංකාවේ වමට ළොකු වටිනාකමක් තියෙනවා..

      ඒ තමයි වමෙන් පුක හෝදන්න පුළුවන් එක..

      සුද්දන්ට වමෙන් වැඩක් නෑ...

      මොකෝ උන් පුක හෝදන්නේ නෑ නේ..

      Delete
    3. පොඩි එකා අහල තියෙන්නේ බරපතල ප්‍රශ්නයක්. ඔතන අවුල තියෙන්නේ සොයා ගැනීම කියන වචනයත් එක්ක.

      දැන් බලන්න ටීචර්ලා පොඩි උන්ට කියල දෙනවා විදුලි බල්බය හොයාගත්තේ අහවල් එක්කනා එතකන් මිනිස්සු හිටියේ ලාම්පු පත්තුකරන් වගේ දේවල්. එතනින් කතා කරන්නේ invention කියන දේ ගැන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කරගන්න තිබ්බ ක්‍රමයට වඩා අලුත් ක්‍රමයක් යෝජනා කරන එක. හැම invention එකක් එක්කම, ඒකෙන් වෙනස් වෙච්චි දෙයක් තියනවා. උදා: කොච්චි, කාර් බස් වලින් වෙනස් කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රවාහන ක්‍රමය. ඒ වගේ දේ වලට කලින් ගොඩක් මින්නිස්සු ගියේ පයින්. එතකොට ළමයෙකුට අහන්න පුළුවන් කාරෙක හොයා ගන්න කලින් මිනිස්සු ගියේ පයින්ද කියල. එතකොට ඔයාල වගේ ටීචරලා දෙන්න ඕන උත්තරය පැහැදිලිනේ. 'ඔව් යකෝ. වාහන තිබිලත් අපි තාමත් පයින්' වගේ එකක්. මොකද ටීචර්ලට පර්මිට් නෑනේ. ටියුෂන් නැත්නම් පයින් තමයි.

      හැබැයි නිව්ටන් කරේ invention එකක් නෙවෙයි. තිබ්බ සංසිද්ධියක් ප්‍රමාණාත්මකව විග්‍රහ කිරීම. එකට කියන්නේ formulation කියල.

      මේක පොඩි එකා ටීචර්ව troll කරන්න අහපු ප්‍රශ්නයක්. හැබැයි එහෙම අහන ගොඩක් ප්‍රශ්න වල මාරම ගැඹුරු දෙයක් තියනවා. සමහරවිට මුළුමනින්ම මගහැරුණු සංකල්පයක්.

      Delete
    4. // බලාන ගියාම “මාක්ස්වාදය“ , “ධනවාදය“ . “ප්‍රඡාතන්ත්‍රවාදය“ . “සමාජවාදය“ කියනෙව්වට වඩා “විද්‍යාව“ හරි සරලයි.//

      https://en.wikipedia.org/wiki/Hard_and_soft_science

      Delete
    5. ඔබ හරි invention එකක් ඇති වෙන්නේ මෙනාම හරි අවශ්‍යතාවයකට / ගැටළුවකට විසඳුමක් ලෙස. ඒත් ඒ විසඳුම් හරි කෙනාට යන්නෝනි නියම වටිනාකම දැනෙන්න. දැන් ඔය විදුලි බල්බය වුනත් එඩිසන් ඉස්සරෝම පෙන්නල තියෙන්නෙ රදළ පැලැන්තියට. රදළ පැලැන්තියට ඇති තරම් සල්ලි තියන නිසා එයාල කියල තියනවා “ අපට මේ සෞම්‍ය ඉටි පන්දම් එළයි හොඳයි , ගිහින් ඕක දුප්පතුන්ට දෙන්න “ කියලා....

      Delete
  8. ෆේස්බුක් සංවාද වල නිතර දකින්න පුළුවන් දෙයක් තමයි ඔය දාර්ශනික අදහස් අරගෙන තර්ක කරන අය ඉන්නේ පුදුම විදිහට කොටු ඇතුලේ බව. මොනවා හරි තමන් අල්ලා ගන්නා කෑල්ලෙන් එපිට කිසිම දෙයක් පවතින්න බැරි විදිහට තමයි ඔවුන් හැසිරෙන්නේ.

    ඒ අතින් චින්තක වෙනස්. චින්තකගේ කැපිටලිස්ම් ගැන කියමන වගේම ඒකට ආපු වෙච්ච ප්‍රතිචාර ගැන දීලා තියන උඩ තියන රූපයේ තියන පැහැදිලි කිරීමටත් මම කැමතියි. නිව්ටන්ගේ නියම පවා සත්‍ය වෙන්නේ එක්තරා සන්දර්භයක් ඇතුලේ විතරයි. ඒ නිසා වචනාර්ථය වගේම යමක් ප්‍රකාශ කරන සන්දර්භයද තේරුම් ගන්න එක වටිනවා.

    ReplyDelete
  9. එහෙටත් නැති මෙහෙටත් නැති මේ කපටි ලිපියේ තේරුම මොකක්ද? වමට ගහන ඕනැම අදහසක් ෂෝක් කියන මානසිකත්වයේ ආතල් එක මොකක්ද? වම ගල් වෙලා කියන එකයි වම කියන දේ පරම සත්‍ය විය නොහැකි බවයි වම වැඩක් නෑ කියන්නෙයි වෙනමම ප්‍රශ්නයක් නේ. නමුත් ඒ නිසා චින්තන කියන ලියන ගල් පැලෙන බොරු හිතළු මාර අදහස් වෙනවද? මාක්ස් කිව්වයි කියලා චින්තන එක එක හිතළු දාන එක වැඩක් නම්, දෙකයි දෙකයි පහයි කිව්වත් වෙනස් අදහසක් නිසා මාර ෂෝක් ද? වම වගේම තවත් කරදරකාර බොරුකාර දකුණක් මොකටද?

    මාක්ස්ට එකඟ වෙන නොවෙන එක වෙනම දෙයක්. ඒත් මාක්ස් කීවේ මෙයයි කියා වමේ එකෙක් වුණත් දකුණේ එකෙක් වුණත් බොරු ලියනව නම් ඒක අසාධාරනයක් නේ. ඒක සාධාරනීකරනය කරන එක කපටි කමක් විතරයි.

    නිදහස් මතධාරී කියා කිසිවෙක් නැති බව හැමෝම දන්නවනේ. ඒකම දැන් යුගයේ අවබෝධයට අනුව යල් පැනගිය කපටි බොරුවක්. මේ විදිහට තමන්ටම වංචා කර කර කාලකණ්නි විදිහට දවස පුරා බොරු ලිය ලියා ඉන්න බෝරිං නැද්ද අනේ. මොකද්ද මේ ජීවිතවල තේරුම?

    ReplyDelete
    Replies
    1. ඔය එහෙටත් නැති මෙහෙටත් නැති කතාව හරි වැදගත්. ඔබ කියන්නේ අපට කතිකාවක් නැහැ කියලානේ. හරි. නැහැයි කියමුකෝ. ඉතින් මොකද? කතිකාවක නැති ය කියලා ජීවත් වෙන්න බැරි ද? අදහස් තර්කානුකූලව ඉදිරිපත් කරන්න බැරි ද? අනෙක ජනප්‍රිය කතිකාවන් තුළ නැති අයට කතිකාවක් නැහැ ය කියන්නට පුළුවන් ද? නිදහස් මතධාරිත්වයත් වෙනස් ආකාරයක කතිකාවක් වෙන්නට පුළුවන්.

      අනෙක, චින්තන කියපු මේ ප්‍ර‍කාශය ගැන බොරු ලියන්නේ ඇයි? ඔහු මෙය මාක්ස් කිව්වා ය කියලා නැහැ නේ. ඒක මාක්ස්වාදය ගැන ඔහුගේ කියවීමක්. ඇයි කලබල වෙන්නෙ?

      මාක්ස් ගොඩාක් ලොකුයි කියන එකයි, චින්තන ගංජා ගහනවා ය කියන එකයි දෙක ම මට නම් සත පහක වැදගත්කමක් නැහැ. මගේ ඔලුවෙ සුරුවම් නැහැ.

      Delete
    2. මාක්ස් කිව්වයි කියලා චින්තනට උපුටා දක්වන්න බැරි නිසා තමයි අර්ථ දැක්වීමක් විදිහට අඟවන්නේ. නමුත් ඒක තමයි මාක්ස් කිව්වේ කියන එක වංචාකාරීව පැතිරවීම තමයි අරමුණ. හරියට "ඔබ කියන්නේ අපට කතිකාවක් නැහැ කියලානේ. හරි. නැහැයි කියමුකෝ." කියලා ඔබ පටන් ගත්තෙත් චින්තන කරන දේමයි. ඒකෙන් කියවන කෙනාට හඟවන්න හදන්නේ මම කිව්වේ ඒක කියලයි. ඔයා මෝඩයෙක් විදිහට ස්වේච්චාවෙන් පෙනී සිටින්නට හැදුවට අපිට කපටියෙක් විදිහට පේන්නේ ඒ නිසයි. ඔබ මෝඩයෙක් වෙනවා නම් වෙන්නේ අවසාන විග්‍රහයේදි.

      චින්තන විතරක් නෙමෙයි මාක්ස් පවා ගංජා ගහන්න ඇති. මාක්ස් ලොකුද පොඩිද කියන එක ෙඓතිහාසික ප්‍රශ්නයක්. අපිට තනි තනියෙන් ලොකු වුනත් පොඩි වුනත් ඒ වගේ මෙතනට අදාල නැති කතා මතු කිරීම ඔබේ පුරුද්දක්. සුරුවම් තියෙනවද නැද්ද කියන එක ඔබට පේන දෙයක් නෙමෙයි. ඒක බලන්න එක්කො කණ්නිඩියක් ඉස්සරයට යන්න. නැත්නම් වෙන අයගෙන් අහන්න.

      Delete
    3. කෙලින්ම කියනවා නම් ඔයාට කතිකාවක් නැහැ කියලා මම කිව්වේ නැහැ. ඒක ඔයාම කපටි විදිහට පැනලා දෙන මුව හමට තඩි බෑමක්. ස්වාධිනව පැවතීම කියන්නේ නම් කතිකාවක් නැති බව. නමුත් ඔබට බරපතල කතිකාවක් තියෙනවා. ඒ නිසා ස්වාධීනව පැවතීම වගේ වංචා සහගත කතා අවශ්‍ය නැති බවයි කිව්වේ.

      Delete
    4. ඔයාට තියෙන්නේ සාංකාව. මං ඕනැ නම් දුක් වෙන්නම්.

      Delete
    5. ඔව් ඔබ තීරණය කළා දැන් මේ සංවාදය ඇති කියලා. ඔබේ රෝග විනිශ්චයට ස්තුතිය. මට තියෙන්නේ පුදුම සාංකාවක්! මාව මානසිකව වැට්ටුවා ඔයා!

      Delete
  10. ඔයි හැම දර්ශනයක්ම (මාක්ස්ලා, සිද්ධාර්ත ගෞතමලා වගේ මාස්ටර්ලා දේශනා කරපුව) හොඳින්ම ඔප්පුකරලා පෙන්වලා තියෙන්නේ ඒ ශුද්ධවූ දර්ශනයන් මහපොලවේදී සස්ටේනබල් නෑ කියන එකනෙව. ඉතින් කාලයට දේශයට අදාල සදාචාරය හෙවත් යහපාලනය පවත්තාගෙන ගියාම මදැයි, ඒ කීවේ පුක මිරිකීම කාලීන අවශතාවක් වූ තැනදී එය නොකිරීමත් සදාචාරයට පටහැනියි නෙව.

    සුත්තරේට අනුව කප්පරක් ගණන් හැදුවත් ගුරුත්වාකර්ශනේ අපට දැනෙන්නේ නැත්තේ ඇයි කියා මීටර්වුනේ අදයි, නලීන් ඇදුරු තුමාටයි, බෝධි ධනපාල ඇදුරු තුමාටයි, ඔහේ තුමාටයි ඒ පිළිබඳ ස්තූතිය.

    ReplyDelete
  11. පැරා, ගුරුත්වාකර්ශනය ගැන කියන කතාව මට පැහැදිලි නෑ. පංචේන්ද්‍රිය කියන්නෙ ඇස්, කන්, නාසය, දිව සහ සම. ගුරුත්වාකර්ශනය පේන්නෙ නෑ, ඇහෙන්නෙ නෑ, සුවඳක් නෑ, රසක් නෑ, ස්පර්ශ කරන්න බෑ. ඔබ කියන පිටි මුට්ටයේ බර දැනෙන්නේ මනසට නේද?

    ReplyDelete
    Replies
    1. පංචේන්ද්‍රියන් කියන්නේ හෝගාලා වෙනස් වෙන (ස්පේෂලි ඇන්ඩ් ටෙම්පෝරලි) දේවල් මනින්න හයිකරපු සෙන්සර් වගයක්, ගුරුත්වාකර්ෂණය තේරුන්නෑ කියල අපි මැරෙන්නේ නෑනේ ඉතින් එහෙම සෙන්සර් ඕන නෑ. එකම සුවඳක් පිරුණු කාමරයක ඉන්නකොට අපට එය දැනෙන් නැතුව යනවා, එහෙම නිතර වෙනස් වෙන්නැති පරිසරයකදී ඒ සෙන්සරේ වැඩක් නෑනේ එකකොට ඒවා ගල් වෙයි. මේ ඇවිල්ලා මේ පොස්ට් එක කියවලා මීටර් කරගත්ත හරිය.

      Delete
    2. පිටි මුට්ටයේ කතාව මා කියන දෙයක් නොවෙයි. වැඩි විස්තර සඳහා සම්බන්ධතා පුරුකෙන් එම ලිපියට යන්න.

      Delete
    3. අදාළ ලිපිය පරීක්ෂා කළා. එතැනත් ඊට වඩා පැහැදිලි කිරීමක් නෑ. පැරා, එම ප්‍රකාශනය උපුටා දැක්වූයේ ඒ හා සමග එකඟ වන නිසා යැයි සිතමි. ඔබ එකී ප්‍රකාශනය තේරුම් ගන්නේ කෙසේද? මට නම් එය වැරදි යැයි හැඟේ.

      Delete
    4. මේ ලිපියේදී මා එය යොදා ගත්තේ උදාහරණයක් ලෙස පමණයි. ඒ කොටස උපුටා දැක්වූයේ එය රසවත් යෙදුමක් නිසා සහ එම ලිපිය කියවීම හොඳ නිසායි.

      Delete
    5. ගුරුත්වාකර්ෂණය හැමවෙලේම දැනෙනවා බොල..... හිටගෙන ඉන්න කොට කකුල් දෙක රිදෙන්නෙත්, පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න කොට පුක රිදෙන්නෙත්, ඇඳක් උඩ නිදියන කොට පිට රිදෙන්නෙත් ගුරුත්වාකර්ෂණය නිසා.

      Delete
    6. පිට රිදීම, පුක රිදීම,කකුල් රිදීම සහ තවත් දේ පැහැදිලි කිරීමට නිව්ටන් විසින් හදපු වියුක්ත කතාව තමයි ගුරුත්වාකර්ශණය කියන්නේ. එයින් වැඩක් ගන්න පුළුවන්.
      නමුත් බටහිර දේශපාලන විද්‍යාවේ කියැවෙන "ජනතාව" නම් වියුක්ත සංකල්පයෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ.

      Delete
    7. සූරියJanuary 17, 2017 at 6:10 AM
      ගුරුත්වාකර්ශනය නොදැනෙන්නෙ ඔයා ඒක විග්‍රහ කරගන්න පාවිච්චි කරන “පංචේන්ද්‍රිය“ කියන සංකල්පය මත නිසා. යමක් විග්‍රහ කරගන්න පාවිච්චි කරන මිනුම අවුල් නං ප්‍රතිපලයක් ලබාගන්න බෑ.
      ඔය කියන පංචේන්ද්‍රියට අයත් නොවන එහෙත් අපේ ශරීරයට දැනෙන තවත් දේවල් තියනව.

      Delete
    8. @jagath pathirana
      // නිව්ටන් විසින් හදපු වියුක්ත කතාව තමයි ගුරුත්වාකර්ශණය කියන්නේ. එයින් වැඩක් ගන්න පුළුවන්. //
      දැන් එතකොට ඔය නලින් සිල්වා ලොක්ක ප්‍රමෝට් කරන නාථ විපස්සක ඩබලගෙ කතාවෙන් මොනවගේ ප්‍රයෝජනද තියෙන්නේ ආයිබෝවන්ඩ? (අපට ආතල් දෙන එක ඇරුනාම)
      එක කොච්චර සංයුක්තද?

      Delete
    9. නලීන් ද සිල්වා හදපු
      "යුදෙව් ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය" කියන කතාව ගැන මොකද කියන්නේ

      Delete
    10. සූරිය මහතාණෙනි, ගුරුත්වකර්ශනය දැනෙන්නේ මනසට කියන එකේ තේරුම මොකක්ද? පිටි මුට්ටිය ප්‍රමාණවත් තරම් බර වුණොත් ඔබ බිමට සමතලා වෙනවා. මනසට ගුරුත්වාකර්ශනය ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා. කඩා වැටෙන කන්ටේනර් එකක් යට හිටියොත් ගුරුත්වාකර්ශනය දැනෙන්න මනසක් ඉතුරු වෙන්නෙත් නෑ. ඇඟට දැනෙන දේ මනස කොයි විදිහට තේරුම් ගත්තත් නැතත් ගුරුත්වාකර්ශනය තියෙයි. ඒක අවශ්‍ය වෙලාවට විතරයි මනස ඔබට දැණුම් දෙන්නේ. ඔබ ඉස්සරහ බලා ගෙන ඉන්න වෙලාවට පිටිපස්සේ තියෙන දේවල් පේන්නේ නෑ. ඉතින් පිටිපස්සේ කිසිම දෙයක් නෑ කියලා ඔබ හිතනව නම් ඒක වස ලැජ්ජාවක් නේද?

      Delete
    11. //නලීන් ද සිල්වා හදපු
      "යුදෙව් ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය" කියන කතාව ගැන මොකද කියන්නේ//

      බන්දු සමරසිංහ හදපු "සැපට දුකට සනී කියන කතාව" ගැන මොකද කියන්නේ?

      Delete
    12. අර බන්දුගෙ අනිත් එකා බින්දුගේ චිත්‍රපටියක් තියෙන්නේ "නටන් නැතුව දින්නා" කියලා. මේවා මොන පිස්සුද හලෝ...

      Delete
    13. AnonymousJanuary 17, 2017 at 7:01 PM
      පට්ට යකෝව්

      Delete
    14. කට්ටිය හිතනවා විද්‍යාත්මක සංසිද්ධි නම් ඒවා පංචේන්ද්‍රියන්ට අහුවෙන්න ම ඕනෑ කියලා. විද්‍යාව පදනම් වෙන්නේ මූලිකවම පංචේන්ද්‍රියන් ට ගෝචර වෙන නිරීක්ශන මත තමයි. නමුත් ඒ විතරක්ම නෙමෙයි. එහෙම පංචේන්ද්‍රියන්ට අහු නොවෙන ඒවා තේරුම් ගන්න පංචේන්ද්‍රියන්ට අහු කරගන්න හැකිවෙන විදියට උපකරන හදාගන්නවා. [උදාහරනයකට ටෝච් බැටරියක අග්‍ර ඇල්ලුවට අපිට විභව අන්තරය අතට (හෝ පංචේන්ද්‍රියෙන් කිසිවකට හෝ මනසට!) දැනෙන්නේ නැහැ. නමුත් වෝල්ට් මීටරයක් හෝ ඇමීටරයක් අග්‍ර අතරට සම්බන්ධ කලොත් අපිට පේන්න ගන්නවා 1.5V හෝ 0.01mA ලෙස. එනම් පංචේන්ද්‍රියට ගෝචර කරගෙන තියෙනවා.] මෙහෙම කියන්න පුලුවන්. (1) විද්‍යාව විසින් පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේවල් ඉන්ද්‍රිය මගින් නිරීක්ශනය කර තේරුම් ගන්නවා. (2) එහෙම ඉන්ද්‍රිය ගෝචර නොවන දේවල් තේරුම් ගන්නට උපකරන හදාගන්නවා. (3) උපකරන වලිනුත් තේරුම් ගන්න බැරි දේවල් සඳහා ආකෘති (models) හදාගන්නවා. මේක තමයි විද්‍යාත්මක ක්‍රමයේ ගමන් මග. (අදාලද මන්දා?)

      ගුරුත්වාකර්ශනය පංචේන්ද්‍රිය ට අහුවෙන්නේ නෑ කියන එක ගොබ්බ මුග්ධ කතාවක්. (වයි-ෆයි පංචේන්ද්‍රියන්ට (සහ/හෝ මනසට) හසුනොවේ. එමනිසා වයි-ෆයි යනුවෙන් යමක් නොපවතී!මොකද කියන්නේ?)

      - Dimithri

      Delete
    15. මම කියන්නේ ගුරුත්වාකර්ශනය ඇති/නැති කතාවක් නෙමෙයි. ගුරුත්වය හෝ එවැනි යමක් තිබෙන බව මම පිළිගන්නවා. නමුත් එය අපේ පංචේන්ද්‍රියන්ට හසු වෙනවාද නැද්ද? එසේ හසු නොවූ පමණින් ගුරුත්වයක් නැතැයි කිව යුතු නැත.

      රාජ්, පංචේන්ද්‍රිය පිළිබඳව මා කළ පැහැදිලි කිරීමට අතරව වෙන සංකල්පයක් තියෙනවද?

      ඇනෝ, @ January 17, 2017 at 2:42 PM
      ඒක දැනෙන්නේ මනසට යැයි මම නොකීවෙමි. මගේ ප්‍රශ්නයත් එයයි. බර දැනෙන්නේ මනසට නොවේනම් කුමන ඉන්ද්‍රීයටද?

      ඇනෝ, @ January 18, 2017 at 12:35 AM
      පැහැදිලි කිරීමට ස්තුතියි. මෙහෙම දෙයක් ඇහුවොත්.... ඔබේ වෝල්ට් මීටරයට හසු වන්නේ විභව අන්තරයමයි කියා ඔබ දන්නේ කෙසේද? විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට ඉලෙක්ට්‍රෝන ගමන් කරන බව අපි දන්නේ කෙසේද? කුමන උපකරණය යොදා ගත්තත් ඉලෙක්ට්‍රෝන දකින්න, අහන්න, දැනෙන්න බෑ. අප දන්නේ ඉලෙක්ට්‍රෝන යනුවෙන් අප හඳුන්වන යමක් තිබෙන බව විතරයි. ඒවා අප හිතන විදිහේ ඉලෙක්ට්‍රෝනම හෝ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මෙහෙම බලපුවම පංචේන්ද්‍රියන්ට, උපකරණවලට සහ ආකෘති වලට හසු නොවන අප තවමත් තේරුම් නොගත් දේවල් විශ්වයේ තියෙන්න බැරිද? ඒ දේවල් අපේ ඉන්ද්‍රියන්ට හසු කරගන්න ඕනා කරන උපකරණ හෝ ආකෘති තවම නිපදවෙලා නැතුව ඇති.
      කොහොම වුනත්, "ගුරුත්වාකර්ශනය පංචේන්ද්‍රිය ට අහුවෙන්නේ නෑ කියන එක ගොබ්බ මුග්ධ කතාවක්" යැයි කියන්න කලින් ඒ ඇයි දැයි පැහැදිලි කරලා ඉන්න. ගුරුත්වාකර්ශනයක් නැතැයි මෙතන (නලින් නොවේ) කවුරුත් කියා නැත. ප්‍රශ්නය වන්නේ බර කියන දේ ඔබ අවබෝධ කරගන්නේ කොහොමද? පංචේන්ද්‍රියන්ගෙන් නොවේ නම් කුමකින්ද?

      Delete
    16. lamaya panchendriyen witharak nemeyi api data sense karanne perception ekak ganna. panchendriya kiyanne agam wala kiyala dena de. hema dema agamika peththen balanna giyaama oya wage bahubootha prashna ethi wenawa. poddak net eka search karala balanna. uththare hambawei.
      gravity eka (or whatever that there is) our body have a perception of it which is created by some part in our inner ear. It's not a panchedriya in its traditional form per se, but still a agent of sense nontheless. anika oya guruthwakarshana kathawa ho (manasa wisin lokaya nirmanaya karanawa) kiyana ekawath aluthin nalin de silva kiyapu deyak nemeyi. owa batahira darshanaye sakachchawata genenne quantam physics wala mul awadiyemayi. oka thamayi kiyanne nalin de silva kiyana aluth de aththa nemeyi. aththa de aluth nemei kiyala.

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  14. From Karl Marx times world had come along a long way. We had seen demise of socialism in socialist countries and they start adopting capitalism. Most countries follows mix of capitalism and socialism. Many health care systems, education system in capitalist european countries are free or subsidised for people. It is difficult to find pure breed of capitalism.

    World had seen next stage of capitalism which is called Globalisation. And we are even seeing a trend of resistance for Globalisation and it had become a political movement as well. Trump used this anti-globalisation to win his election. UK did it with Brexit and many EU countries may follow similar trends.

    We should get the Karl Marx concepts, socialism, capitalism, globalisation as pure idealistic concepts. In real life we may have a mix of them. No point in trying die to establish a pure breed system.

    ReplyDelete
  15. මාර්ක්ස් බ්‍රදර්ස්ලාට නම් මං කැමතියි.

    "Those are my principles, and if you don't like them... well, I have others."

    "I sent the club a wire stating,
    PLEASE ACCEPT MY RESIGNATION.
    I DON'T WANT TO BELONG TO ANY CLUB
    THAT WILL ACCEPT ME AS A MEMBER."

    - Groucho Marx


    ReplyDelete
  16. පැරා දළ ජාතික නිෂ්පාදනය සහ දල දේශීය නිෂ්පාදනය මේ තාක්ෂණික වචන පිළිබද මට ඇත්තේ නොපැහැදිලි දැනුමක් පුලුවන්ද දන්නා කෙනෙක් සරලව පැහැදිලි කරන්න

    ReplyDelete
  17. ගූරසයා දැන් මෙතන බෙට්ට දාන්න එන්නේ නැති එකනම් ලොකුම දෙයක්. ඕකා ඔය හැම තැනම බෙට්ට දාගෙන ගියේ ඌව ප්‍රසිද්ධ කරගන්න. විශේෂයෙන් w3lanka වගේ හැමෝම කියවන හරවත් දේ ලියවෙන බ්ලොග් එකක. අර කියමනක් තියෙන්නේ "No publicity is bad publicity" කියල.
    පැරා ඌට බැන්නට පස්සේ ඌ දැන් දවසට දෙක ගානේ පුක ඉරාගෙන බෙට්ට හිරකරගෙන පිස්සු විකාර ලියනවා alexa රෑන්ක් එකේ පැරාට වඩා උඩට එන්න. ඔකුන් කියන මල විකාර බල්ලෙක්වත් බලනවද.
    ගූරස නාකියට පුක දෙන ගූතලන් පොන්නය පස්සේ හිමීට ඇවිත් මේකට ඇනෝ පාරක් ගහල යයි.

    ReplyDelete
    Replies
    1. මේක කොපි පේස්ට් කර කර ඔයා වෙන කරදරය නිසා ම ඔන්න මං ඉතිරි කළා. සතුටු ද?

      Delete
  18. අජිත්, මම නම් ඔය කිසිම දර්ශනයක් ඇඟට අරගෙනත් නෑ. ඔය දර්ශන ගැන මහා ලොකුවට දන්නෙත් නෑ. දැනගන්න ඕනා කමකුත් නෑ. ඒකට කාලයකුත් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියනව.

    මාක්ස්වාදය හරි,ධනවාදය හරි, දේව ධර්මය හරි ඕන දෙයක් ගැන තමන්ගෙ අදහසක් ප්‍රකාශ කරන්න ඕනෑම කෙනෙකුට නිදහසක් තියනව. හැබැයි ඒක හරවත් අදහසක් වෙන්න නම් ඒ ගැන කරපු පර්යේෂණයක් තියෙන්න ඕනැ.

    මම නම් Research Methodology ඉගෙනගත්තේ Prof. ඉන්ද්‍රලාල් ද සිල්වා ගෙන්. මේ ක්‍රමය බොහොම සම්ප්‍රදායික වෙන්න පුළුවන්. ඒ අනුව අපි මුලින්ම Research Question / Topic එක finalize කරගන්න ඕනෑ. ඒක බොහොම වෙහෙසකර වැඩක් වුනත් පසුව තමයි තේරෙන්නෙ එහෙම නොවුනානම් Research එක මැදදි වන අතරමං වීම.

    ඊළඟට අපි academic කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ පර්යේෂණය සිදුකළ යුතු වෙනවා. පියවර ගණනාවකින් පසුව තමයි Analysis, Findings and Discussion කියන level එකට එන්නෙ. ඊටත් පසුව තමයි Summary of main findings, Final remarks, Recommendations and Policy Conclusion වලට එන්නේ.

    මේක තමයි මම නම් දන්නා සහ අගය කරණ ක්‍රමය. Academic කෙනෙක් නොවුනත් වික්ටර් අයිවන් බොහෝ විට මීට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරනවා.
    මම කියන්නෙ අජිත්, කවුරුන් හෝ කිසිම විධිමත් හැදෑරීමක් නැතුව එක පාරට දේවල් ගැන Policy Conclusion level එකේ ප්‍රකාශ කරන්න ගියොත් මහා විහිළුවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇරිස්ටෝටලියානු චතුර්කෝටිකය මත පදනම් වූ ඊනියා විද්‍යාත්මක ක්‍ර‍මයත්, ඒ මත පදනම්වූ බටහිර විද්‍යාවනුත් බිඳවැටී හමාරය. එහෙත් අපේ රටේ හණමිටිකාර පඬ්යන් තවම මේවා බිමින් තබා නැත. පංචේන්ද්‍ර‍ියන්ට ගෝචර නොවන කිසිවක් දැනුම ලෙස පිළිගැනීමට මෙම බටහිර බත් බැලයින් සූදානම් නැත.

      මනස දියුණුකිරීමෙන් මෙන්ම සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන් මාරගයෙන්ද දැනුම ලබාගන්නේ කෙසේද යන්න නලින් ද සිල්වා ගුරුතුමා ප්‍ර‍මුඛ ච්න්තන පර්ෂදය විසින් විටින් විට පැහැදිලි කළද මෙම ඊනියා පඬියන් මේවායේ ඇලී ගැලී සිටීම ඔවුන්ගේ අවාසනාවය.

      සවන්දිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමට මෙරට සැබෑ උරුමක්කරුවන්වන සිංහල බෙෘද්ධයන්ට කාලය පැමිණ ඇත.

      Delete
    2. මනස දියුණු කිරීමෙන් නම් දැනුම ලබාගත හැක. හරවත් මතවාදයන්ගෙන් පෝෂණය වන මනස ඒ මතවාදයන් පිලිබඳ ගැඹුරු විශ්ලේෂණයකට යෙදවීම තුළින් ලබන අවබෝධය මනස දියුණු කිරීමක් ලෙස දකිමි.

      මා දන්නා තරමින් බුදුන් වහන්සේද කළේ එයයි. මා දන්නා බෞද්ධ දර්ශනය අනුව සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන් මාර්ගයෙන් දැනුම ලබා ගතහැකි යයි පැවසෙන්නේ නැත.

      සියල්ල දත් සර්ව බලධාරී දෙවියන් බෞද්ධ දර්ශනයේ හරය හා නොබැඳේ.මේ වැනි හරසුන් දේ පිළිගතහොත් බෞද්ධයන් යනු හාස්‍යජනක කොටසක් ලෙස ලෝකයා දකිනු ඇත. මේවා සැබවින්ම සබුද්ධික බෞද්ධ ව්‍යාපාරයක් බිහිවීම වැලක්වීමට අටවන මර උගුල්ය.

      - Anonymous January 17, 2017 at 10:40 PM

      Delete
  19. "Api Sawdiya Puramu" ෆේස්බුක් පිටුවේ තිබුනා මේ සම්බන්ධව අගනා ලිපියක්. "චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...". මේ එයින් උපුටා ගත්ත කොටසක්..

    //මේ ලිපියේ දී ත් චින්තනගේ අවධානය යොමු වෙන ප්‍රධාන කාරණා කීපයක් හඳුනා ගන්න පුළුවන්. පරිභෝජනවාදය වර්ණනා කිරීම; මාක්ස් පරිභෝජනවාදය ප්‍රතික්ෂේප කළ බව; ධනවාදී යුගයේ දී නිශ්පාදනය තාර්කිකව කිසිවෙකු විසින් පාලනය කරන බව මාක්ස් පවසා ඇති බව ආදිය මින් කිහිපයක්. නමුත් මේවා පැහැදිලිවම සාම්ප්‍රදායික වමේ මතවාද මිසක් මාක්ස්ගේ අදහස් නෙමෙයි. මෙතනදී මේ සටහන ශාස්ත්‍රීය හෝ නිල ලේඛණයක් නොවන නිසා මාක්ස් වචනයෙන් වචනයට උපුටා දැක්වීමට මගේ කැමැත්තක් නැහැ; මාක්ස්ගේ මුල් ලේඛණ දැන් සුලබ නිසා කරුණු තහවුරු කර ගැනීමේ ගැටළුවකුත් නැහැ. ඒ පිළිබඳ මගේ අදහස නම් මාක්ස් තරම් ලස්සනට පෙර යුගයන්ට එරෙහිව පරිභෝජනවාදය සහ ධනවාදී යුගය ආදරයෙන් වර්ණනා කළ කෙනෙක් නැති බවයි. විශේෂයෙන් මේ වර්ණනා ධනවාදය පවත්වා ගැනීම වෙනුවෙන් කරන ඒවා නොවන නිසා ඔහුගේ විස්තර කිරීම් සංවේගයකින් සහ කලාත්මක කම්පනයකින් යුක්තයි. නිශ්පාදනය සහ තාක්ෂණ දියුණුව අසිරිමත් විදිහට වැඩි කිරීම, පරිභෝජනය විවෘත කිරීම මගින් මානව ආශාවන් පුබුදු කිරීම, ඒ මගින් මානව පරිණාමය අලුත් ඉසව් දෙසට යොමු කිරීම ආදී ලක්ෂණ සහිත ශිෂ්ටාචාරයේ මෙතෙක් පහළ වූ හොඳම ක්‍රමය ලෙසයි මාක්ස් මේ යුගය විස්තර කරන්නේ. මාක්ස් පරිභෝජනය හෙළා දුටු සදාචාරවාදියෙක් බවට පත් කරන්නේ පටු සමාජවාදීන් සහ දේශීයත්වය හෝ ආගම මත පදනම් වූ, මාක්ස්ගේ රූප රැගෙන පෙරහැරේ යන මාක්ස් විරෝධී ගමේ වම විසින්; කොමියුනිට් ප්‍රකාශනයේ පවා මාක්ස් සහ එංගල්ස් මේ සදාචාරවාදී සමාජවාදීන්ව තදින් විවේචනය කරනවා; චින්තන මාක්ස්ව දකින්නේත් මේ ගමේ වමේ කණ්නාඩිය තුළින් වීම අවාසනාවක්.//

    - Dimithri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.