2017-01-24

ඉතිහාසය ඇඟිලි අතරින් රූරා හැලේ; අලෝකෝ උදපාදි

ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ නිර්මානකරුවා ඉතිහාසය අල්ලා ගන්න උත්සාහ කරන්නේ ඇඟිලි විහිදවූ අතකින් වතුර ගන්නට හදනවා වගේ ය කියා මට හිතෙනවා. ඇඟිලිවල ඉතිහාසයේ වතුර ගෑවෙනවා. ඒත් ඇත්තෙන් ම ඉතිහාසය ඒ ඇඟිලි අතරින් රූරා බිමට හැලෙනවා.

එහෙම වෙන්නට මූලික හේතුව මොකක් ද? ඒ හේතුව සංකේතවත් කරන ජවනිකාවක් මේ චිත්‍රපටයේ ම තිබෙනවා. මතකද අර වලගම්බා රජු සොයාගෙන එන සතුරන්ට හමු වන ගැහැනු ළමයා හා ඇගේ බෝනික්කා.

ඒ ළමයා බෝනික්කා නළවන දර්ශනය අපි වෙන ම අරගෙන බැලුවොත් ඒක අවුරුදු දෙදාහකට වඩා ඈත අතීතයේ සිදු වූ දෙයක් ය කියන්නට පුළුවන් ද?

බෝනික්කන් ලංකාවට ආවේ කොහෙන් ද? බෝනික්කන් විතරක් නෙමෙයි, පිදුරුවලින් හදපු පඹයන් ගැනවත් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා ද යන්න අධ්‍යයනය කර බැලිය යුතුයි. බොහෝ විට බෝනික්කන්, පඹයන් අපේ රටට ආවේ බටහිරින් වෙන්න පුළුවන්. අද කාලේ අපට හිතෙන්න පුළුවන් බෝනික්කා හැමදාමත් අප ළඟ ඉන්න ඇති ය කියලා. බෝනික්කා කියන වචනෙ නිරුක්තිය හොයාගෙන ගියොත් සමහර විට එය ප්‍රංශ භාෂාව දක්වා වුණත් යන්නට පුළුවන්. මේ රටේ ළමයි එදාත් බෝනික්කන් එක්ක සෙල්ලම් කළා ද? ඒ කාලෙත් ගැහැනු ළමයින් බෝනික්කන් එක්ක සෙල්ලම් කරද්දී පිරිමි ළමයින් රෝද තිබෙන සෙල්ලම් බඩු පැදෙව්වා ද? ස්ත්‍රී පුරුෂ භූමිකා එදාත් අද වගේ ම ද? මම හිතන්නේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නා ඉදිරියේ තිබෙන අභියෝග මෙන්න මේවා. මාත් මේ ප්‍රශ්නවලට උත්තර දන්නෙ නැහැ. 

ඉතිහාසය කලාත්මක ලෙස ප්‍රතිනිර්මානය කරන්නට යන්නන්ට මුහුණ දෙන්නට සිදු වන මුල් ම ගැටලුව තමයි, අපි ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ ඉඳගෙන වීම. වර්තමානය විසින් ෆෝමැට් කරපු අපේ ඔලුවලින් අපි ඉතිහාසය දිහා බලනකොට අපටත් නො දැන වර්තමානය අපේ ඉතිහාස ප්‍රතිනිර්මානයට රිංගනවා. ඒක මුළුමනින් ම වළක්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව කවුරුද දන්නෙ ඇත්තට ම අතීතයේ තිබුණේ මොනවද කියලා. ඒ සඳහා මූලාශ්‍ර අවමයි. තිබෙන මූලාශ්‍රත් දුර්වලයි. හැබැයි, අන්න එතනදී තමයි නිර්මානකරුවාගේ පරිකල්පනය වැදගත් සාධකයක් වන්නේ.

ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ නැත්තේ ඉතිහාසය පිළිබඳ මේ පරිකල්පනයයි. ඉහළ තාක්ෂණික පරිකල්පනයකින් එය වසා ගන්නට බැහැ.

ඉතිහාස රචකයාගේ කාර්යයට වඩා ඉතිහාසය පදනම් කර ගත් නිර්මානකරුවාගේ කාර්යය සංකීර්ණයි. ඉතිහාස රචකයා සොයන්නේ ඉතිහාසය ගලා ගිය හැටි. එහෙත් නිර්මානකරුවා සොයා යා යුත්තේ ගලා යන ඉතිහාසය තුළ ජීවිතය රැඳුණු හැටි. මිනිසුන් ජීවත් වුණ හැටි. ඉතිහාස රචකයා ඒ කාලෙ මිනිසුන් කරපු, කියපු දේවල් ගැන කියද්දි, නිර්මානකරුවා විස්තර කරන්නෙ ඒවා කරපු හැටි.

වර්තමානයේ වගේ ම ඉතිහාසයේත් භික්ෂූන් කියන්නේ ගස් යට වාඩි වෙලා භාවනා කරමින් හා පේළියට ඇවිදිමින් පිරිත් කියමින් සිටි රූකඩ නෙමෙයි. ගිරි නිඝණ්ඨයා වගේ ම මහාතිස්ස තෙරුන්ටත් විචිත්‍ර ජීවිතයක් තිබුණා. ඒවායේ තිබුණු නාට්‍යමය ස්වභාවය ස්පර්ශ වුණොත් තමයි නිර්මානශීලිත්වය ඉහළ යන්නේ.

ඉතිහාසයෙන් අනාගතයට මග පෙන්වීමක් කරන්නට පුළුවන්. ඒ ලෝකය පැවතුණු ආකාරය හා එහි චලනයන් සිදු වුණු ආකාරය හදාරමින් ඒවායේ විශ්වීයත්වය මතු කරන්නට පුළුවන්. ඒත්, ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් එහෙම දෙයක් වුණා ද? 

අතීතය මාරයි, අතීතයේ සිටි යුග පුරුෂයන් මාරයි කියා අතීතය උත්කර්ෂයට නගන අතීතකාමය ඉක්මවා ගිය වින්දනීය ඉසව්වක් කරා ආලෝකෝ උදපාදි චිත්‍රපටය විහිදෙන්නේ නැහැ ය කියලයි මට නම් හිතෙන්නේ. 

පතෝල වගේ චිත්‍රපටයක් නිසා කියන්න විශේෂ දෙයක් නැහැ. රූපමය සුන්දරත්වය නිසා බලන්න හොඳයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

34 comments:

  1. මේ චිත්‍රපටය තාක්‍ෂණික ප්‍රයෝග අතින් ඉහළ මට්ටමේ එකක් කියායි කියවෙන්නේ. හෙන්රි වර්ණකුලසූරිය ගේ පුතා කලාත් ද සම්බන්ධ බව ඔහු ලියා තිබුණා!

    පතෝල ගැන සඳහන නිසා, මටත් පොඩ්ඩක් ඉතිහාසය මතක් වුණා.

    ලන්දේසි දුපත රේඩියෝ නාට්‍යයේ සිටි ජිල්ජෝනා හෝ සිරිනා කැලෑගොඩ, පාහොඩ, නුගේගොඩ හෝ වැන්දබෝනා හෝ හැදුවා පතෝල සලාදයක්.

    සුවඳේ.....
    මට ඉන්නට බැරුව ගියා නේ
    ජිල් ජෝනා හැදු පතොල ස්ලාදේ....

    ReplyDelete
    Replies
    1. මට නම් අජූතයි..එකෙන්ම..

      Delete
  2. ඕක මොකක්ද පැරා කුවේණි රතු පාට වික්ටෝරියා සීක්‍රෙට් ජංගියක් අඳලා උන්න එකේ...

    මේකේ බෝනික්කා කතාව මම බුකියට උස්සනවා...

    ReplyDelete
    Replies
    1. කුවේණි නෙමෙයි කුම්භකබුතා නේද?

      Delete
    2. කුම්භකබුතා හිටියේ 'අබා' චිත්‍රපටයේ. එකම නිළිය.

      Delete
    3. මොකාද කියලා මතක නෑ... ඒ තරමටම ආවා නේ...

      Delete
    4. චරිතෙ ෂුවර් නැහැ. (මං කියන්නෙ චිත්‍ර‍පටයෙ රඟපෑ චරිතය) හැබැයි නිළිය නම් දුලානි අනුරාධා බව මතකයි.

      Delete
    5. http://www.teleactress.com/Dulani-Anuradha/Dulani-Kuveni

      Delete
    6. දුලානිගේ චරිත රජ කතාවලින් එලියට ආපු ඒවා මම දැකලා නැහැ. එහෙම චරිතයක් බලන්න ආසයි කලාව විඳින්නන් හැටියට. ඒවා දුලානිලාට අයිති වැඩ. ඒත් දුලානිගේ ජංගිය දැක්කෙ කුවේණිය වගේ මතකයක් තියෙනවා. වයසක අපිත් ජංගියක් දැක්කම මොකක් හරි ලියන්න හිතෙනවා. ඒවා නොවුනත් තමයි විකෘතිය.

      ජංගිය මිනිසාව අඩියක් ඔසවා තබයි. නැත්නම් අපි හෙලුවෙන්.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. අම්මප කුවේණි නේන්නම්. වික්ටෝරියාගේ රහස!

      Delete
    9. පැරා, මොකද බං ඇම්ඩන් ගෙ නියමය අයින් කළේ? කාටවත් මඩක් නොවෙන කටකැඩිච්ච කතාවක් වත් දාන්න එපාද? හරි හරි කමක් නෑ පෝස්ට් එක අල වෙනව කියල උඹ හිතනව නම් නොදා ඉන්නම්. දැම්මට සොරි.

      Delete
  3. http://sarpayasdaughter.blogspot.com/2017/01/blog-post_57.html

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      ඔබ හමුවීම සතුටකි.

      - වාචිකා

      Delete
    2. මටත් ඔබ හමු වීම මාර ආතලයකි.

      මෙයට,
      කථිකා

      Delete
  4. කුමන කලාත්මක ප්‍ර‍තිනිර්මානයක්වත් සීයට සීයක් යථාර්ථවාදී නැහැ. එහෙම වෙන්නට ඕනැත් නැහැ. ඉතිහාසය කලාත්මකව ප්‍ර‍තිනිර්මානය කරන එක විතරක් නෙමෙයි, ඉතිහාස රචනය ගත්තත් එය කතුවරයාගේ කථනයක් හෙවත් නැරේෂන් එකක් වෙනවා. එහෙම වෙන්නේ තිබෙන මූලාශ්‍ර‍ අතරින් කතුවරයා කරන තෝරා ගැනීම මතයි. මහාවංශයට අභයගිරි සම්ප්‍ර‍දාය මගහැරෙන්නේත්, වර්තමාන ඉතිහාස පාසල් පෙළ පොත්වලට යාපනය මගහැරෙන්නේත් හිතාමතා කරන මේ තෝරාගැනීම නිසායි.

    ආලෝකෝ උදපාදි නිර්මානකරුවා කරන්නේ ඓතිහාසික සිදුවීම් ටිකක් මතුපිටින් අත ගා පෙළ ගැසීමයි. එහි නිර්මානාත්මක ප්‍ර‍තිභාව අවමයි.

    (ෆේස්බුක්හි ඇති වූ සංවාදයකදී පළ කළ අදහසක්)

    ReplyDelete
    Replies
    1. ///මහාවංශයට අභයගිරි සම්ප්‍ර‍දාය මගහැරෙන්නේත්, වර්තමාන ඉතිහාස පාසල් පෙළ පොත්වලට යාපනය මගහැරෙන්නේත් හිතාමතා කරන මේ තෝරාගැනීම නිසායි.
      ///////

      මේවා සංගීත, නාට්‍ය ඇතුලු සියලු කතන්දර වලට අදාලයි.කවුරු කවුරුත් එකතුවෙලා හොඳ සංවාදයක් පටන් ගන්න. අපිටත් යමක් ඉගෙනගත්ත හැකි.

      Delete
  5. නොච්චියාගම, ගාලදිවුල්වැව කුඹුරකින් පුරාණ මැටි බෝනික්කෝ සියගණනක තොගයක් හමුවී තිබුනා,ඒවා කොයි රජ්ජුරුවන්ගේ කාලේ එවාද දන්නේ නෑ, ඒ කාලේ ඒවාට එච්චර ඉල්ලුමක් තියෙන්න නැති නිසා වෙන්න ඇති තොගයම එක තැනක තිබුනේ. ඒවායේ අවුලකට තිබුනේ ආදරය කිරීම කෙසේ වෙතත් වූඩූ බ්ලැක් මැජික් වල වගේ ලී කොටු වලින් ඇනල කර්ස් කරපු සළකුණු තිබීමයි, ඒ වගක් පත්තරේ දන්න නැතිව ඇති සබ්බත්තේට හොඳ නැති නිසා.

    ReplyDelete
  6. වර්තමානය තුල හිටගෙන ඉතිහාසය ප්‍රති නිර්මාණය බැහැ කියන අදහසට මම සම්පුර්ණයෙන් එකයි.අද අතිතකාමයට වෙළදපොල වටිනාකමක් තියෙනවා,ඇත්ත එයයි.

    ReplyDelete
    Replies
    1. /////අද අතිතකාමයට වෙළදපොල වටිනාකමක් තියෙනවා,ඇත්ත එයයි.////////

      මට ඒක තේරෙනවා මගේ බ්ලොග් එකෙන්.
      රජ ස්ටෝරිස් නෙමේ මම අදහස් කරේ. සාමාන්‍ය මිනිසාගේ කතාව ප්‍රති නිර්මාණය වුනා නම් මීට වඩා මාර්කට් වෙයි. පාඨකයා හෝ මොකා හෝ ඇත්ත මිනිසුන් ගැන කියවන්න හෝ අහන්න කැමතියි.

      මේක බන්ධුල කුදාලගම එක තැනක මෙහෙම කියනවා...

      ////ලෝකයේ සම්මත ඉතිහාසකරණයට විෂය වන්නේ පාලක පන්තිය හා ආශ්‍රිත ඉතිහාසය යි. එය රේඛීය ඉතිහාසකරණය යි. එම ඉතිහාසකරණය දෘෂ්ටිවාද මත පිහිටයි. වංශකතාවල ඇත්තේ එම ඉතිහාසය යි. එම සම්මත රේඛීය ඉතිහාසයට පොදුජන ජීවිතය විෂය වූයේ නැත. පොදුජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ සම්මත නො‍ වූ පරිවාර ඉතිහාසකරණයකින් යැ. නුවර යුගයේ ද යටත්විජිත ලාංකීය සමාජයේ ද ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ එදවස මෙහි පැමිණි, මෙහි නැවතී සිටි සම්මතයට පරිබාහිර පුද්ගලයන්ගේ අත්දැකීම් පිළිබඳ සටහන්වලින් යැ. අප පසු ගිය සමයේ වරින් වර කතාබස් කළ දෑ ද ලියවුණු දෑ ද අන්තර්ජාලයේ සටහන් ව තිබීම වැදගත් යැ////////

      මෙය මෙතැනට ගෙනත් දැම්මේ කතිකාවට අදාල නිසාය. මම බන්ධුලවත්, බන්ධුල මාවත් දන්නේම නැත. එහෙම ලිව්වේ, නැතනම් මේවා මඩ සාගරයවල් වෙයි කියලා බයට.

      Delete
    2. තව එක දෙයක් කියන්න ඕන. ඇත්ත මිනිහාව වුනත් මාකට් කරන්න පුලුවන් ටික කාලයයි. ඒක වානිජ අරමුනක් වුනොත් බොහෝම ටික කාලයයි. එහෙම නැත්නම්, ජනතාව හෙමින් හෙමින් ප්‍රතික්ෂේප කරයි. කාලය, දීපය, දේශය වගේ පස් මහ බැළුම් බලන්නම ඕන. මේක මාර ගේමක් ඕයි. මුචලින්ද නාග දරණය වගේ. නොතෙමා බේරගන්න නම්, නිවැරදි තැන්වල ඉන්න ඕන.

      Delete
  7. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගොඩනැඟී ඇත්තේ කතෝලික චින්තනයට එරෙහිවයි.
    එමනිසා බටහිර ඉතාහාසඥයන් හා කලාකරුවන් අතර ඉතා නිර්ධය ලෙස කතෝලික සභාව විවේචනය කිරීම නිරීක්ෂණය කල හැකියි.

    මේ ගැන නලීන් ද සිල්වා මහතා අපූරු ප්‍රකාශයක් කලා.
    "පාප් වහන්සේ (සුද්දො) කියන තරම් නරක මිනිහෙක් නෙමෙයි."

    ReplyDelete
    Replies
    1. නලින් සිල්වගෙ පරම්පරාව ඉන්දියානු කතෝලික.

      Delete
  8. මම චිත්‍රපටය බලා නැහැ එත් මේක කියවපුහම හිතුනා ලංකාවේ බොහෝ නිර්මාණයන්හි තියෙන්නෙ ලක්ෂණයක් මේකෙත් තියෙන්න පුළුවන් කියලා. එ කියන්නෙ අතිරේක කරුණුවලට වැඩි අවධානයක් දෙන්න ගිහින් මුළු වැඩේම සවුත්තු කරගන්නවා කියන එක.

    ReplyDelete
  9. මම දන්න විදියට බෝනික්කන් සෙල්ලම් කිරීම පොදුවේ සෑම සමාජයකම ප්‍රාථමික ජනාවාසවල පවා තිබෙන්න පුළුවන් දෙයක්. ඒකේ මානවිද්‍යාත්මක පසුබිම වෙන්නේ අනුකරණයෙන් ඉගෙනීම කියන සහජ මානව නැඹුරුතාව. ඒ නිසා වැඩිහිටි ගැහැණුන් වගේ දරුවන් නළවන්න කුඩා ගැහුණු ළමයි පෙළඹෙනවා. තමන්ගේ පියාගේ රැකියාව අනුකරණය කිරීමට පිරිමි ළමුන් පෙළඹෙනවා. මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හැඩ ගැහෙන එක් මූලික අවස්ථාවක්. ඒ අනුව බෝනිකක් අතීත සමාජයේ තිබුණේ නෑ කියන එකට වඩා තිබුණා කියන එක උපකල්පනය කරන එක තාර්කිකයි.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අලෝකෝ උදපාදී එච්චර ගතියක් නෑ .අපි ජෑකාට බැන්නට මින්හට දුන්නානම් මේක බයියොන්ඩ බලන්න්ඩ පුලුවන් ගානට හරි ගොඩ දානවා. භාෂාව වුනත් මේ දැන්කාලේ විදියමයි .

    ReplyDelete
  12. මේ ඉතිහාස රැල්ලේ චිත්‍රපටවලින් යම් කලාත්මකබවක් තිබුණේ මහරජ ගැමුණු විතරයි.

    ReplyDelete
  13. https://www.youtube.com/watch?v=dQgoGccHJD4

    ReplyDelete
  14. archeological evidence for clay toys and dolls in ancient India.
    http://indiandefence.com/threads/ancient-indian-science-mysteries-and-technological-advancements.19549/page-2

    ReplyDelete
  15. රෝද තිබෙන සෙල්ලම් බඩු (සෙල්ලම් කරත්ත) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ලැබී තිබෙනවා කියල මං කියවල තියෙනවා

    ReplyDelete
    Replies
    1. පැරා හතේ පන්තියේ සමාජ අධ්‍යයනය ෆේල් ද,කොහෙද?

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.