2017-01-27

නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනීවි ද?

මැතිවරණ ව්‍යාපාරයේදී වූ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් පසුගිය සඳුදා අන්තර්-ශාන්තිකර හවුල්කාර වෙළඳ ගිවිසුම අවලංගු කිරීමේ විධායක තීන්දුවකට අත්සන් කළා. ඒ සමග ම එක්සත් ජනපදය සිය ආසියාතික හවුල්කාර රාජ්‍යයන්ගෙන් ඈත් වීම ආරම්භ කරනවා.

අන්තර්-ශාන්තිකර හවුල්කාරිත්වය යනු ශාන්තිකර සාගරයට මායිම් වන රටවල් 12ක් අතර බදු කපාහැරීමට, වෙළඳාම දිරිගැන්වීමට සහ ආර්ථික ප්‍ර‍තිපත්ති හා නීති සම්බන්ධයෙන් සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඉවහල් වන සම්මුතියකි. එය ලෝකයේ ආර්ථිකයෙන් 40%ක් තරම් විශාල කලාපයක්. මිලියන 800ක් වන එහි ජනගහණය යුරෝපා සංගමයේ ජනගහණය මෙන් දෙගුණයක්. ජපානය, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, බෘනයි, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, මෙක්සිකෝව, චිලී හා පේරු මේ රටවල් 12 අතර තිබෙනවා. වසර 2016 පෙබරවාරි මස අත්සන් කරන ලද මෙම ගිවිසුම මේ වන විට ජපානය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජනපදය මෙයට අත්සන් කළත්, රිපබ්ලිකන් බහුතරයකින් සමන්විත කොංග්‍ර‍සයේදී මෙය සම්මත වුණේ නැහැ. එහෙත්, එක්සත් ජනපදය මෙම පුළුල් සන්ධානයේ වැදගත් හවුල්කරුවෙක් වුණා.

හිටපු ජනාධිපති බරක් ඔබාමා මෙය අතිශය වැදගත් සම්මුතියක් ලෙස සැලකුවා. එමගින්, චීනයේ බලපෑම වර්ධනය වෙමින් තිබෙන ආසියා ශාන්තිකර කලාපයේ ඇමරිකාවේ බලය ශක්තිමත් කරනු ඇතැයි ඔහු පැවසුවා. එය ඉතා පැහැදිලිව ම බලතුලනය හා සම්බන්ධ කාරණයක් වූ අතර ගිවිසුම අත්සන් කරනු ලැබුවේ චීනය බැහැර කරමිනුයි. එහෙත්, ඇමරිකන් ජනාධිපතිවරණයේදී ඔබාමාගේ පක්ෂය වන ඩිමොක්‍ර‍ටික් පක්ෂයෙන් අපේක්ෂකත්වය වෙනුවෙන් තරග කර හිලරි ක්ලින්ටන්ට පරාජය වූ බර්නි සෑන්ඩර්ස් වැනි ජාතිකවාදී මධ්‍ය වාමාංශිකයන්ගේ පවා අදහස වුණේ එම ගිවිසුම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හා අනෙකුත් රටවලට වඩා පක්ෂපාතී, ඇමරිකානුවන්ගේ රැකියාවලට හා ජාතික ස්වෛරීත්වයට බලපාන ගිවිසුමක් බවයි. එසේම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශවලදී රාජ්‍ය සේවාවන්ට පක්ෂපාතීව සිදු වන ප්‍ර‍තිපත්ති වෙනස් කිරීම්වලදී ඒවාට එරෙහිව නඩු පවරන්නට මෙමගින් සමාගම්වලට අවස්ථාව ලැබෙන බවටත් විවේචනයක් එල්ල වුණා. රටවල්වල ශ්‍ර‍ම බලකායන් අතර තරගකාරිත්ව මෙමගින් ඉහළ යන බවටත් අදහස් පළ වුණා.

එහෙත්, මෙම ගිවිසුම තුළ වැදගත් ලක්ෂණ ගණනාවක් ම දක්නට ලැබුණා. පරිසර සංරක්ෂණය, කම්කරු හිමිකම් හා බදු නියාමනයන් විධිමත් කිරීම මෙන්ම ඇතැම් රටවල ඇතැම් කර්මාන්තවලට විශේෂ ආරක්ෂණයන් ද මෙමගින් සැපයුණා.

ට්‍ර‍ම්ප්ගේ නායකත්වයෙන් යුක්ත ඇමරිකා එක්සත් ජනපදය සලකන්නේ මෙම ගිවිසුම තමන්ගේ ජාතික ආර්ථිකයට අවාසිදායක ලෙසයි. ලාභ ශ්‍ර‍මය ඉලක්ක කරමින් රටින් පිට පිහිටුවන ලද කර්මාන්ත ශාලා ආපසු සියරටට ගෙන්වා ගැනීම මගින් රැකියා ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවිය හැකි බවයි ඇමරිකාව සිතන්නේ.

මෙවැනි ගිවිසුමක් ඇමරිකාව සහ අත්ලාන්තික් කලාපයේ රටවල් සමගත් සාකච්ඡා කරමින් තිබුණත්, ට්‍ර‍ම්ප් යටතේ එය ද ඉදිරියට යාම සැක සහිතයි. දැනට අත්සන් කර තිබෙන උතුරු අත්ලාන්තික් නිදහස් වෙළඳ ගිවිසුම හෙවත් නැෆ්ටාහි කොන්දේසි ද ඇමරිකා එක්සත් ජනපදයට වාසිදායක වන පරිදි නැවත සාකච්ඡා කිරීමට ජනාධිපති ට්‍ර‍ම්ප් බලාපොරොත්තු වෙනවා.

හැබැයි මේ අතර චීනය ආසියා ශාන්තිකර කලාපය තුළ නිදහස් වෙළඳ කලාපයක් යෝජනා කර තිබෙනවා. එසේම ගිනිකොණදිග ආසියානු කලාපයේ විස්තීර්ණ ආර්ථික සහයෝගිතාවට ද චීනය නායකත්වය දෙනවා.

මේ අතර පසුගිය සතියේ වැදගත් දුම්රිය ගමනක් සිදු වුණා. චීනයේ සිට ඉතිහාසයේ පළමු වතාවට බඩු දුම්රියක් ලන්ඩනයට පැමිණියා. වෙනස් පළල සහිත රේල්පාරවලට අනුව බඩු බාමින්, නැවත පටවමින් රටවල් හතක් ඔස්සේ කිලෝමීටර් 7500ක දුරක් ගෙවන්නට මෙම දුම්රියට දින 18ක් ගත වුණා. ලෝකයේ නත්තල් භාණ්ඩවලින් 60%ක් නිෂ්පාදනය කරන චිනයේ යිවු නගරයේ සිට දුම්රිය පෙට්ටි 34කින් ගෙන ආ මෙම බඩු තොගයේ වටිනාකම යුරෝ මිලියන හතරක්. මුහුදු මගින් භාණ්ඩ ප්‍ර‍වාහනයට වඩා මේ දුම්රිය ගමන ඉක්මණ් හා වියදම් අඩු ලෙස සැලකෙනවා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ජනමතවිචාරණය, ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ජයගත් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය වැනි අවධි ඔස්සේ ලෝක දේශපාලනයේ වැදගත් පරිවර්තනයක් සිදු වෙමින් තිබෙන යුගයක් ලෙස මෙම යුගය සැලකිය හැකියි.

මාඕ සේතුං බොහෝ කලකට පෙර කළ ප්‍ර‍කාශයක් ද පසුගිය දිනවල නැවත සිහිපත් කෙරුණා. ඔහු කීවේ මෙසේයි: "නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනු ඇත."

රාවය තනියාය, 2017-01-29


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

19 comments:

  1. නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනු ඇත. හැබැයි ටිකක් කල් යනු ඇත.

    ReplyDelete
  2. හැබැයි ට්‍රම්පච්චි ඒතරමටම පිස්සු කෙලින්න ගත්තොත් CIA එකෙන්ම ගහල දානව.
    එහෙම ඉතිහාසයක් CIA එකට තියෙන්න. ඉස්සරටත් වඩා දැන් ඒ වගේ වැඩක් ලේසියි. මැරෙන්න කැමති තම්බිල කීප දෙනෙක් හොයාගන්න විතරයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සිරාවටම පුල් සුවර් ..Ano 11:01 AM
      මේ යකා 24/7 පික්සු කෙලිනව.
      ලංකාවෙත් කට්ටියක් 2020 ට්‍රම්පච්චී කෙනෙක් ගේන්න පුල් ට්‍ර‍යි.
      එයත් මෙයා වගෙ නං සෝක් නේහ්..

      Delete
    2. correct.
      It took painstaking 7 years for Obama to implement the TPP and it took only one day for an idiot to tear it off and put into dustbin.

      Delete
    3. Thats a lie Roshan... TPP cost American jobs and endangered the American middle class... America is a consumption driven economy and any downfall of American middle class drastically affects US...
      People like you just read shit from main stream media without knowing the reality

      Delete
    4. Standing on an Ikea (Swedish) podium, behind bullet proof Saint Gobain Glass (French), smiling at a 4K Sony (Japanese) Video camera, speaking into a Dolby Sennheiser (German) microphone, with vigorous hand gestures giving a glimpse of a Rolex (Swiss) under the cuff, he (Trump) patriotically said ..
      *"Buy American, Hire American, Stop Immigrants".* standing beside a Slovenian wife.. :D

      Delete
  3. ට්‍රම්පච්චි සහ තෙරෙසම්මා හමුව ගැනත් ලෝකය බලන් ඉන්නවා.....

    ReplyDelete
  4. 1991 දෙසැම්බර් 26 වෙනිදා සෝවියට් දේශයෙ බිඳ වැටීම පිටුපස්සෙ හිටියෙ ඇමරිකාව. චක්කරේ ආපහු කැරකෙන්න අවුරුදු 30ක් යනවලුනෙ. ඇමරිකාව රුසියාවට කරකවපු එක මෙදා පාර රුසියාව ඇමරිකාවට කරකවනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ ඇමරිකාවෙ ගොර්බචෝව්. පුටින් කියන්නෙ ලේසි පාසු පුතයෙක් නෙමෙයි. මිනිහගෙ තරම දැනෙන්නෙ ඇමරිකාව රුසියන් තානාපති නිලධාරීන් 35 දෙනෙක් එළවපු වෙලාවෙ එකට එක කිරිමක් වශයෙන් රුසියාවෙ විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඇමරිකාවෙ තානාපති නිලධාරීන් 35 දෙනෙකුවත් පිටමං කරන්න නියෝග කලා. නමුත් පුටින් ප්‍රශ්නෙට කෙලින්ම අතදාලා ඒ නියෝගය අවලංගු කළා. මෑත කාලෙදි රාජ්‍ය නායකයෙක් ගහපු මාස්ටර් ස්ට්‍රෝක් එකක් තමයි ඒ. ගොඩක් අය හිතයි පුටින් බය වුනා කියල. නමුත් CIA එක එහෙම හිතන්නෑ. පුටින්ගෙ තීරණයෙන් උන් අන්දමන්ද වෙලා ඉන්නෙ. පුටින් දැනටමත් ට්‍රම්ප්ව අත්අඩංගුවට අරගෙන ඉවරයි. එංගලන්තෙ MI 6 එකයි CIA එකයි ට්‍රම්ප්ගෙ PP tape එක ගැන කියද්දි පුටින් කෙලින්ම කිව්වෙ ඒක හද්ද බොරුවක් කියල. ඒකට කළගුණ සලකන්න ට්‍රම්ප් කිව්වෙ එයා වැඩ භාරගත්ත ගමන් රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක ඉවත් කරනව කියල. ඊළඟට පුටින් කරන්නෙ ට්‍රම්ප් ලව්වා NATO එකට ඇටෑක් කරලා ඇමරිකාව ඒකෙන් එළියට ගන්න එක. NATO සංවිධානය සම්පූර්ණයෙන්ම දුර්වල කරන්ඩ එතකොට පුටින්ට පුළුවන්. මේ තොවිලෙ පටන් ගත්තා විතරයි.- LANKA NEWS WEB - LONDON PUB

    ReplyDelete
    Replies
    1. Assagne and Wikileaks must be contemplating to drink poison if they realize Putin used them as a cats paw in the election.

      Delete
    2. නිකන් ගොන්කතා නොකිය හිටහන් බන්... මමත් ඉන්න ඇමරිකාවෙ.. ට්‍රම්ප්ට චන්දෙ දුන්නෙ ඇමරිකාවෙ මිනිස්සු හිලරි වගෙ දූෂිත නායකයෙකුට තියෙන අකමැත්ත නිසා... අනික් අතට හිලරි සුදු මිනිස්සු මාර ජාතිවාදියි කියමින් කලු සුදු මිනිස්සු බිදවන්න හැදුව තමන්ගෙ වාසිය තකා... පුටින් ඇවිල්ල ඇමරිකාව වට්ටන කන් ලංකාවෙ බටහිර විරොදියො දකින හීන හරි සුන්දරයි

      Delete
    3. ඇමරිකන් බය්යෙක්..;-)

      Delete
  5. While Trump drag USA back in next 4 years China would replace USA as the biggest economic super power. In Davos Chinese prez XI took the centre stage while Trump was tweeting against US women who were demonstrating against him. The way Trump lokka playing fool even some of US allies in Europe might join hands with China.

    After 2nd world war world witness rise of USA replacing Britain, German and France. With Trump saga world may see a change and China becoming a dominant player.

    ReplyDelete
    Replies
    1. Thats bullshit..... China is decades behind US or the west in terms of technology or innovation... besides China's economy is slowing down.. (down to 6.2% from previously over 10% per annum GDP... Its expected to go further down in the next decade ... On the other hand US economy is strongest in almost a decade and Trumps policies can accelerate it upto 3% before 2020....

      USA, the greatest nation on earth can never be defeated by China

      Delete
    2. From the outside we see the US government cancelling jobs that were agreed, not honouring visas already agreed, tearing up treaties.
      Is the US trying to become the least trusted nation.
      So far every action being taken by this administration seems retaliatory, vindictive or ideological. There seems to be no concern for consequences, either domestically or globally.

      Delete
  6. මොකක්ද පැරා කමෙන්ට් අඩුවෙන්න හේතුව? (මඩ ගැසීම සඳහා අසන්නක් නොවේ.)
    නරකද වැදගත් කමෙන්ට් වලටවත් මොනව හරි ලිව්වොත් ? හැබැයි ඉතින් වැටෙන කමෙන්ට් වැඩිහරියකත් මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් බ්ලොග් කමෙන්ට්කරුවන් සෑහෙන පිරිසක් වනාහි බ්ලොග් ලියන්නෝ ය. නැතිනම්, ඊටත් වඩා ලොකුවෙන් සිතා වෙබ් අඩවි ම පටන් ගත් අය ය. තවත් පිරිසක් වනාහි වාම හා ජාතිවාදී කණ්ඩායම්වල සාමාජිකයෝ ය. බ්ලොග් එකක් කරනවාට වඩා විශාල බලාපොරොත්තු තිබුණු, ඒවා බිඳ වැටීමෙන් අපේක්ෂා භංගත්වයට පත් වූ අයයි. මේ වැඩිදෙනෙකු පෞද්ගලිකව හමු වූ විට ඉතා හොඳින් හැසිරෙන්නෝ ය.

      තමන්ගේ බ්ලොගය උඩ දා ගැනීම, සෙස්සන්ගේ බ්ලොග්වලට ඇති පාඨක කැමැත්ත පිළිබඳ තමන්ගේ සිත තුළ ඇති ඉරිසියාව පිට කිරීම, බ්ලොග් ලියන්නා අධෛර්යයට පත් කර, මානසිකව වට්ටා ක්ෂේත්‍රයෙන් පළවා හැරීම, බ්ලොග් ලියන්නා තමන්ගේ සාක්කුවට දා ගැනීමට බැලීම, එහෙම දාගන්නට බැරි නම් මරා දැමීම වැනි අරමුණුවලින් විවිධාකාරයෙන් ලියන පිරිස් සිටිති. ඔවුන් ඇතැම් විට සිය කාර්යය වෙනුවෙන් සෑහෙන බුද්ධිමය හා නිර්මානාත්මක ශ්‍රමයක් ද මුදා හරිති.

      සෑහෙන මහන්සි වී හා ඩේටා වැය කර ඔවුන් ලියන අවලාද කපා හැරීම මට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අන්තර් ශාන්තිකර හවුල්කාරිත්ව ගිවිසුම අවලංගු කිරීම වැනි සුළු වැඩකි. ඒ බව මා ඔවුන්ට පෙන්වා දී තිබේ.

      කොටින් ම, මම කමෙන්ට් සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නැත. මා උනන්දු වන්නේ කියවන පාඨක පිරිස ගැනයි. එහි අඩුවක් වී නැති නිසා මට දැනට ප්‍රශ්නයක් නැත.

      අඩු වුණත් ප්‍රශ්නයක් නැත. මන්ද, මා ලියන්නේ මගේ දේශපාලන කාර්යයක් ලෙස සිතා මිස වෙනත් කිසිදු බලාපොරොත්තුවකින් නො වේ.

      Delete
    2. thalantath podi hint ekak pass karala thiyenne.

      Delete
  7. Karunakara kolamba kama kada, restaurant hotal wala Alligator shakhaya mukunuwanna kiya mahajanayata kaweema gana kathakaranna! Alligator yanu cancer karaka shakhayaki. Wasa wisa nathi Rathanatawath me gana kawuru ho danwanna. para I would appreciate if you pay some attention!

    ReplyDelete
  8. The Dutch Just Released A ‘Welcome’ Video For Trump And, Well…

    https://www.youtube.com/watch?v=ELD2AwFN9Nc

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.