2017-01-23

සමාජ ජාල සිංහල සාහිත්‍යයේ කැරැල්ල

සමාජ ජාල සිංහල සාහිත්‍යය කිව්වා ම ඒක නිකම් හොල්මන් ද පොල්කොළ කියලා කාට හරි හිතෙන එක අසාධාරණ නැහැ. හේතුව එහෙම එකක් තියෙනවා ය කියලා කවුරුවත් ලොකු පොරක් තාම කියලා නැහැ නේ.

හැබැයි, තමන්ගේ නිර්මාන අන්තර්ජාලයෙන් පළ කිරීම ඔස්සේ ඉදිරියට ගිය බොහෝ අය අපේ රටේ ඉන්නවා. උදාහරණයක් ලෙස ගත්තොත් ගප්පියා සිංහල ශ්‍රව්‍ය දෘෂ්‍ය කලාවට නෝ බජට් තාක්ෂණය ඔස්සේ නව මානයක් හඳුන්වා දුන් කෙනෙක්.

සමාජ ජාල සිංහල සාහිත්‍යය පවතින්නේ බ්ලොග්, ෆේස්බුක් වැනි අවකාශයන්ගේ සිදු වන නිර්මානකරණය ඔස්සේයි. එහි මූලිකත්වය ලැබෙන්නේ ප්‍රකාශනයට මිස ඊනියා සදාචාරයට, සම්මතයන්ට, පොත් ප්‍රකාශකයන්ට, පොත් වෙළෙන්දන්ට හෝ විචාරකයන්ට නෙමෙයි. ඒ නිසා තමන්ගේ ප්‍රකාශනය කළ පසු එය එතනින් අහවරයි. සම්මාන අරවා මේවා පසුපස හඬ හඬා දුවන විකාර අවමයි.

පුවත්පත් කලාවෙන් පුරවැසි මාධ්‍යකරණයට ආපු, ගෙවල්වල රූපවාහිනී තියා විදුලි බලයවත් නැති කාලෙ උපන් පනහ පැනපු ඩයල් එකක් වන මේ කියන මා ද මේ වන විට මගේ නිර්මානකරණ මාධ්‍යය කරගෙන තියෙන්නේ සමාජ මාධ්‍ය. අපේ පරම්පරාවේ විතරක් නෙමෙයි, අපට වඩා වැඩිමහළු අයත් දැන් මේ ක්ෂේත්‍රයට පිවිසෙමින් ඉන්නවා. තාක්ෂණික දැනුම නැතිකමේ තමන්ගේ අඩුව වහ ගන්නට අනුන්ට බැන බැන ඉන්නේ නැතිව, ඒ හැකියාවන් අත්පත් කර ගන්නා එකයි කරන්නට ඕනැ. 

හැබැයි, මේ අවකාශය තුළ බඩ පිනුම් ගහන්නේ අපි නෙමෙයි. ඔය පරණ තාලෙ පොත් පෙරළන සාහිත්‍යය ගැන වගේ වගක් නැති අලුත් පරපුරයි. (අලුත් පරපුර කියන අනන්‍යතාව පාවිච්චි කරන කට්ටිය නෙමෙයි. ඒගොල්ලනුත් දැන් පරණයි.)

ඒකට හොඳ උදාහරණයක් තමයි හිස් අහස ලියන සඳරු. මට දවසක් ඔහු හමු වුණ වෙලාවක මං කිව්වා නවකතාවක් ලියන්න ය කියලා. ඔහු අහිංසක විදියට හිනා වෙලා කිව්වෙ “අනේ අයියෙ මං ඕව දන්නෑනෙ," කියලයි.

පොත් පෙරළන සාහිත්‍යය හා සෙසු කලා කියන්නේ ඇත්තට ම මේ දන්නෝ බුදුන්ලා හෙවත් දන්නා අයගේ ශිල්ප ශාලිකායි. නො දන්නා අහිංසකකම ඇතුළෙ තියෙන අව්‍යාජත්වය තමයි මේ සමාජ ජාල සිංහල සාහිත්‍යය සුන්දර කරන්නේ. සීමා මායිම් නැතිකම හා අව්‍යාජත්වය තමයි සුන්දරත්වයේ උල්පත.

ඒකේ අනන්‍යතාව වෙනුවෙන් කැරැල්ලක් ගැසිය යුතුයි කියලා මම කියන්නේ සාහිත්‍ය මාෆියාවේ ආධිපත්‍යයට නතු වුණ සාහිත්‍ය කතිකාව තුළ මේ අලුත් ප්‍රවණතාවේ සුන්දරත්වය මතු කර ගත යුතු නිසායි.

උදාහරණයක් ලෙස කාර් පිස්සුව බ්ලොගයේ පළ වූ වීරතන්ත්‍රි වලව්වේ EN එක කියන කෙටිකතාවෙන් උපුටා ගත් පහත සඳහන් කොටස්වල උපමා රූපකවල තිබෙන සුන්දරත්වය බලන්න. මේ නැවුම් සුන්දරත්වයට හේතුව අව්‍යාජත්වය හා නිදහස හැර වෙන කුමක් ද?

“තාප්පය සහ වලව්ව අතර තියෙන්නේ අලුත් අවුරුදු දවසට හිස්වෙච්චි බස් ස්ටෑන්ඩ් එක පුරා රතිඤ්ඤා කෑලි විසිරිලා තියනවා වගේ හැමතැනම වේලිච්ච කොළ විසිරිච්ච වත්තක්."

“වීරතන්ත්‍රී මහත්තයා හෙමින් සීරුවේ ආපහු යතුර කරකවලා වාහනේ ස්ටාට් කරගෙන අගෝස්තුවේ හුළඟක පාවෙන වරාමලක් වගේ පාවෙලා යන්න ගියා."

“මනෝජ් ඇතුළු ගමේ කොල්ලො ටික ඔය සම්මාදම් සංචාරේ යන අතරේ අර හොල්මනක් එනකල් බලං ඉන්න අනාගත හොල්මං බංගලාවක් වගේ තියන වීරතන්ත්‍රී වලවුවටත් කොහොමෙන් කොහොම හරි ආවා."

“සාමාන්‍යයෙන් ගමේදී තමන් මාර පොරවල් කියලා හිතාගෙන ඉන්න මේ කොල්ලෝ රැල වීරතන්ත්‍රී නෝනා ඉන්න තැනට ඇවිදගෙන ගියේ අඩි විස්සේ පාරක රිවස් කරන ලේලන්ඩ් බස් එකක් වගේ ස්ලෝ එකේ."

"කට්ටිය හිටියේ අවුරුදු දා රෑ පළවෙනි රතිඤ්ඤාව ඇහිච්ච බලු පැටවු වගේ තිගැස්සිලා."

"දකුණු පැත්තේ බිත්තියට හේත්තු වෙලා ටයර් එකක් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දිරපු රිම් දෙකක් විතර සංසාරේ හැටි කියාගෙන වේයන්ට හෝ කූඹින්ට වාසස්ථාන වෙලා. ඒ මදිවට ඒවට උඩින් වීල්බැරෝ එකක් මුනින් අතට බුදිකොරෝලා තිබ්බා."

"කොල්ලෝ මනෝජ්ට බැන්නේ තාම සිංහල ව්‍යවහාරේට බිහිවෙලාවත් නොතිබුණු ටෞකණ්ඩ හරුප වලින්..."

"අම්මා බැණුම් සංගීතේ අවසන් කළේ අන්න ඒ ඩ්‍රම් පාර ගහලා."

"අල්ලපු ගමේ ඉඳලා පළාත් සභාවට ගිය මන්ත්‍රී තුමෙකුත් ඇවිල්ලා වැලක එල්ලපු බනිස් ගෙඩියක් කාලා කතාවක් පවත්තලා රට ජාතිය බේරගන්න පොරොන්දු වෙලා යන්න ගියා."

"කඹේ යාන්තං හෙල්ලීගෙන එනකොටම තමයි ඉර කපපු බයික් කාරයෙක් දැක්ක ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් පාරට පනින තරම් වේගෙන් මනෝජ් ඔළුවට මතකයක් කඩාපැන්නේ."

මේක කියවගෙන යනකොට පහත සටහන් කරන කෑල්ල දැකලා මට ෆුල් ම ආතල්. මතුගම ආතල් දන්න තව එවුන් ඉන්නවා නේ කියලා සන්තෝසෙට. ඔය අපේ කමෙන්ට් කරන ඇතැම් කොළඹ කේන්ද්‍රීය මනෝභාවයෙන් පෙළෙන කට්ටිය හිනා වෙනවනේ මටයි මතුගමටයි. මං ඉතින් අනුකම්පා කරනවා. මතුගම ඉඳන් මං මේ කරපු හරිය කෝ ඉතින් උඹල අගනගරවල හරි පිටරටවල හරි ඉඳලා කළා ද?

“කොළඹ ඔෆිස් ඇරෙන වෙලාවට මතුගම යන බස් එකක් තරමට මනෝජ්ගේ හිත මාරු කාසියක් ගහන්න ඉඩක් නැති තරමට එක එක සිතිවිලි වලින් පිරිලා." 

ඔන්න ඔහොමයි මතුගම උපමාවට ආවෙ.

මේ වගේ උපමා ලියවෙන අව්‍යාජත්වය තියෙන්නේ ලංකාවේ සමාජ ජාල සිංහල සාහිත්‍යයේ විතරයි. ඒක ඔය පොත් පෙරළන සාහිත්‍යය පහු කරගෙන වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා.

කෙටිකතා පොතක් ගහලා පිටපත් 500ක් විකුණා ගන්න අවුරුද්දක් විතර යනවා. මං ලියපු මේ කෙටිකතාව පැය 24න් ඒ වගේ කීප ගුණයක් කියෙව්වා. මං හිතන්නෙ කෙටිකතා, කවි වගේ ඒවා පොත් විදියට අච්චු ගහන එක තේරුමක් නැහැ. විකුණන්න බැහැ. වෙන ක්‍රම හොයන්න ඕනැ.

අවුල තියෙන්නෙ ලංකාවෙ සාහිත්‍ය මාෆියාව කෙටිකතා හෝ කවි විදියට සලකන්නේ පොත්වල අච්චු ගහපුවා විතරක් වීමයි. හැබැයි සමාජ ජාල සිංහල සාහිත්‍යය ඔය සීමාවනුත් පසු කරලා ඉවරයි.

සමාජ ජාල සිංහල සාහිත්‍යයට අපි අනන්‍යතාවක් හදාගන්නට ඕනැ.

සමාජ ජාල සිංහල සාහිත්‍යය පෝෂණය කරන්නට දායක වුණ තවත් අයගේ නම් හා බ්ලොග් ආදිය මෙතැනට සම්බන්ධ කරන්න. මම කිසිවකුගේ නම් නො ලිව්වේ ඇතැමෙකු මගහැරෙන එක වළක්වා ගන්නටයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

24 comments:

  1. වෙනස්වීම ඇතුලේ ම ඉන්න කොට, ඒ වෙනසේ වේගය තේරෙන්නේ ඉතා අඩුවෙන්. නමුත් වෙනස සීඝ්‍රයෙන් සිදුවෙනවා.

    ReplyDelete
  2. අජිත්,

    සමස්තයක් විදියට අන්තර්ගතයට එකඟයි. මම මෙහෙම පටන්ගන්නම් ඔය අවුරුදකට එක දෙක ගානෙ නවකතා ඇතුලු අනෙක් සාහිත්‍ය පොත් ලිවිල්ලත් නිකං කසිප්පු පෙරනව වගේ වැඩක්. එහෙම “සම්භාව්‍ය නිර්මාණ” කරන්න නම් විශ්වකර්මයෙක් වෙන්න ඕන.

    අනික් මගුල තමයි මේ “ආකෘතික අත්හදා බැලීම්”. "පශ්චාත් නූතන වාදී රීතිය” කියයි. “ඉන්ද්‍රජාලික යථාර්තය” කියයි. අන්තිමට ලියපු එකාටත් තේරෙන්නෙ නැති උගෙ ඔලුවෙ තියන මෙලෝ බලු බල්ලෙකුට තේරෙන්නෙ නැති මනස්ගාත විකාර ටිකක් “සාහිත්‍ය නිර්මාණ” විදියට එලියට එනව. අපේ බොහොම එකාලා චිත්‍රයක් ඇන්දොත් අඳින්න පටන්ගන්න හදන්නෙත් පිකාසෝ නවත්තපු තැනින්නෙ. ඔය “ආකෘතික වෙනස්කමුත්” ඔය වගේ තමයි.

    ඊළඟට ප්‍රකාශකයොයි වෙලෙන්දොයි කියන ගිජුලිහිණි ටික. ඔය කොයි “සිරිමතාගේත්” “සාධාරණ ව්‍යාපාරයෙ” සුද පේන්නෙ ඕකල ලාච්චුව් ඉස්සරහ වාඩිවුනාම. ඇත්තටම මහන්සි වෙලා ලියන එකාට සියට දහයයි - පොත් දහයයි. අම්මප අජිත්, කෙනෙක් ඔය විදියට පොත් ලියල හම්බකරනවට වඩා හොඳයි ගෙවල් - කාර් බ්‍රෝකර් වැඩේ කරනව.

    ඉන් පස්සෙ ලයිසන් තියන විචාරකයොයි එව පලකරන පත්තර කාරයොයි. වැඩි කොටස තනිකරම අවලම්මු රැලක්. ගෑණියෙක් එහෙම පොතක් ලිව්වොත් විනාසයි. මුන්ට වඩා qualities අර පාතලෙ නොයෙල් අමරසිංහල චින්තක අමරසිංහල ළඟ තිබුන. කෝටියකටවත් ගෑනුන්ට කරදර කළේ නෑ.

    සැප්තැම්බර් කිට්ටුව එන්නෙ සම්මාන බලු පොරේ. එක එකා බැන අඬගහගන්නව කෙස්වලු පටලගන්නව රෙදි උහාගන්නව බලල මම නම් සුපිරි ආතල් එකක් ගන්නව.

    අලුත් කෙල්ලන්ට කොල්ලන්ට මම කියන්නේ කියවපල්ල, බලපල්ල, අහපල්ල, විඳපල්ල. ඔය දර්ශන, ආකෘති ගැන කියන එකෙක් වත් විස්වාස කරන්න එපා. ඕවට කොටු වෙන්නත් එපා. ඔය දේශනා කරන එවුන්වත් ඔය කියන දේවල් දන්නෙ නෑ. උන් අරුන්ට දෙවෙනිත් නෑ.

    ලියපල්ල. ඊට පස්සෙ තදියමේ පළකරන්නෙ නැතිව ටික දවසක් ඔය ලියපු දේ පැත්තකින් තියපල්ල. ටික දවසක් යනකොට උඹලටම තේරෙයි කරන්න ඕනා වෙනස්කම්. ඒවා කරල පලකරපල්ලා. හැබැයි ඉතින් මේ මහා මෙව්වා එකක් කළා කියල හිතන්න එපා, තමන්ගෙ හිතට සන්තෝසයක් දැනෙනවා නම් එච්චරයි.

    මොන සම්මාන තොයිලෙකටවත් ඕව යවන්න එපා. ඔය අටමගල් මකබාවල් බලාපොරොත්තු වෙන්නත් එපා.

    “නොදකින් විතරක් - චොර” කමෙන්ට් වලට වැලපෙන්නත් එපා . “මාරයි -පට්ට” කමෙන්ට් වලට කොක්හඬ දෙන්නත් එපා. ජීවිතේ කියන්නෙ ඔය දෙකටම නෙමෙයි.

    සමාජ ජාල සිංහල සාහිත්‍යයේ කැරැල්ලට සම්මාදම් වෙයල්ල. අපෙනුත් උපකාර සහ සුබ පැතුම්!

    දැන් මේ සමහර බ්‍රාහ්මණයො කියයි මේකෙන් සිංහල සාහිත්‍යයය ඉවර වෙයි කියල. සිංහල සාහිත්‍යයේ තව මොනව ඉවර වෙන්නද?

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ....මම කියවපු හොඳම අදහස් දැක්වීමක්!!!! නූතන දේශපාලන තරුණයා බොක්ස් ගතවීම පිලිබඳ මම තදින් දුක්වෙනවා. සංස්කෘතික තරුනයා සහ සමාජ තරුනයාත් ඒ වගේම බොක්ස්ගත වුනොත්, මේ සාකච්ඡා, සංවාද, එළකම්, පොරකම්, බොක්කේ කම්, සියල්ලම අවසාන වෙනවා. ඒකයි සමාජ සංවාදවල ඇති වැදගත් කම. බොක්ස් වෙන්න එපා. මම සුදු කොණ්ඩෙන්, කළු ලෝකය දිහා බලන් ඉන්නවා. සමහර දේවල් පට්ට. සමහර දේවල් චොර. හැබැයි තරුණයෝ ලියන්න ඕන.

      Delete
  3. වීරතන්ත්‍රි වලව්වේ EN එක කෙටි කතාව ගැන පැරා කියපු දේ නියම ඇත්ත. වළවුව, වලවුවේ වහලෙ , බිත්ති වල පාට, ආදිය විස්තර කිරීම කියපුවහම සේරම මැවිලා පේනවා. හරිම අගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. ///////වීරතන්ත්‍රි වලව්වේ EN එක කෙටි කතාව ගැන පැරා කියපු දේ නියම ඇත්ත. වළවුව, වලවුවේ වහලෙ , බිත්ති වල පාට, ආදිය විස්තර කිරීම කියපුවහම සේරම මැවිලා පේනවා. හරිම අගේ කතාවක්.///////////////

      ++++++++++++++++++++++++++++++

      Delete
  4. ඉස්සර සයිබරයේ තියෙන්නේ කවිද කියලා අහපු බුද්ධදාස ගලප්පත්තිලා අද සයිබරේ උන් එක්ක එකතු වෙලා පොඩි උන් වෙන්න දඟලනවා. මෙතන තියෙන ලොකුම දේ තමයි "පොර" වල් නති එක. කොහොමත් අද ගුරුකුළ කාරයන්ට තැනක් නෑ. පැරා දක්කද දන්නේ නෑ ලංකාවේ පාතාලය කියලා අයින් කරලා තියෙන සමාජයේ රැප් ගීත එහෙම. ඒවා මේ සීනීබෝල කාරයන්ට නම් දිරවන්නේ නති වෙයි. ඒත් ඒවයේ අමු ඇත්ත තියෙනවා. තාමත් මාටින් වික්‍රමසිංහ, ලෙස්ටර්, මහාවංශය උඩ දදා ඉන්න හාල්පාරුවන් වඩා මුන් ඉන්නේ ගව් දස දහ්ස් ගනන් ඉදිරියෙන්.

    සඳරු, බස්සි, ඉවාන්, අරූ, ස්‍රංග ඉතරක් නෙමෙයි පොඩ්ඩක් ලියලා නවත්තපු දුයිෂෙන්ගෙ නිර්මාණ තුලත් අළුත් දෙයක් තිබුනා. බුකියෙත් සයිබර් වරිගේ උන්ඩියා වගේ විශාල පිරිසක් ඉන්නවා. මේ හැම එකාම වගේ සම්ප්‍රදාය කඩාගෙන ගියපු උන්. අළුත් දෙයක් කරපු උන්. කවියත් එහෙමයි. චිත්‍ර කළාවත් එහෙමයි. ඒ අතරින් කාර් පිස්සුවගේ කතාව නව මානයකට අපව කැන්දාගෙන යනවා.

    ඔය අව් අස්සේ රත්න ශ්‍රීලා වගේ කුකයෝ උඩ දාගෙන දඟලන උන්ගෙත් අඩුවක් අත්තේ නෑ.. උනුත් ඉන්න එපාය අප්පා. ඊයේ වැඩසටහනකට ආපු ඩැල්‍රින් සූබීටත් අක්කෙ කියලා කිව්වේ.. පව් මේ නාකි හැත්ත. ගෞරවය තියාගෙන ඉන්න දන්නෙ නති හරක්.. මැඩෝනලා ඇලිෂියා කීස්ලා මයිකල් මුවර්ලා ඉන්නේ කොහෙද..? අපේ හාල්පාරුවෝ ඉන්නේ කොහේද...?

    ReplyDelete
    Replies
    1. ////මේ හැම එකාම වගේ සම්ප්‍රදාය කඩාගෙන ගියපු උන්. අළුත් දෙයක් කරපු උන්. කවියත් එහෙමයි. චිත්‍ර කළාවත් එහෙමයි. ඒ අතරින් කාර් පිස්සුවගේ /////

      මාතා...මේ ඉලව් සම්ප්‍රදායන් කියන්නේ නීති නෙමේනේ බං. නීති කඩන හුකන්නලා සම්ප්‍රදාය කරේ තියන්. මම හරි කැමතියි සම්ප්‍රදායන් ඕවර් රූල් කරන එවුන්ට. ඒ තුල තමයි සමාජය සක්‍රීය වෙන්නේ. ඒ තුල තමයි අත්හදා බැලීම් සිදුවෙන්නේ. සමහරු මේ තිත්ත ඇත්තට බයයි. තිත්ත කියලා බය වෙන්නවත්, ඇත්ත කියලා බය වෙන්නවත් කිසිම සාධාරන හේතුවක් නැහැ. අපි අබිං කාපු මිනිස්සු. ඒත් තිත්තට බයයි. කාලා තියෙනවද මන්දා අබිං :D

      Delete
  5. බ්ලොග් වලින් සමාජ මාධ්‍ය වලින් නිර්මාණකරුවන් එළි බැසීම අඩු වෙන්න එක හේතුවක් තමයි ඔවුන්ට තමන්ගේ නිර්මාණ ගැන ඇගැයීමක් නොලැබීම. ළඟකදි 'ආගංගොඩ' කියලා බ්ලොග් නවකතාවක් ලියැවෙන්න පටන් ගත්තා. කවුරු ලිව්වද දන්නෙ නෑ. ලිවීම සුපිරි හැබැයි කවුරුත් ඒ ගැන වැඩිපුර කතා කළේ නැති නිසාද කොහෙද දැන් නතර වෙලා. මේකම වුණා මාතලන් කොටස් දෙකක් පමණක් ලියපු කෙටි කතාවකටත්. තුන්වැනි කොටස තාම නෑ. ඇයි කවුරුත් මේවා ගැන වැඩිපුර කතා නැත්තෙ? (ඵැරාටත් අදාළ වෙන්න පුළුවන්)

    ReplyDelete
    Replies
    1. මේක හොඳ අදහසක්. හැබැයි බ්ලොග් පවත්වාගෙන යන්නා දැන ගන්න ඕන, කමෙන්ට්කරුවා හා සංවාදශීලි වෙන්න. මේක බ්ලොග් ලියන්නා තවමත් වටහාගෙන නැහැ. බ්ලොග්ස් කියන්නේ පොත් නෙමෙයිනේ මචං. ලියලා පැත්තකට වෙලා ඉන්නත් පුලුවන්. නැත්නම් මරුවා වගේ කමෙන්ට්ස් නැතිව තමන්ට හිතේන් දෙයින් ඕන මගුලක් කරලා, කමෙන්ට්ස් වහන්න පුලුවන්. එක එක වැඩ තියෙනවා.

      නමුත් වර්තමාන බ්ලොග් කරුවාට වෙනවා, තමාට අදහස් දක්වන්නන්ට පොඩි තල්ලුවක් දෙන්න. බ්ලොග්ස් රඳා පවතින්නේ කමෙන්ට්ස් වලින්. සජීවී බ්ලොග් කලාවක් පවත්වාගෙන යනවාද, නැත්නම් මම ලියනවා තොපි කියවපල්ලා මාන්සිකත්වයෙන් ලියනවාද යන්න, තම තමන්ට අයිති කාරියක්. මේ මීට වසර ගනනාවකට පෙර තිබු, "මං පොර" බ්ලොග් කලාව නෙමේ. එන්න, හිනාවෙන්න, කතා කරන්න. මේක වෙනස්. දිනෙක මේක මීට වඩා වෙනස් වෙයි. එතකම් මේක රසවත් කරමු. රසවත් තැන්වලට පෘතග්ජන මිනිහා කැමතියි. අපි නොදන්න රසවත්, සාරවත් කතා එලියට එන්නේ බ්ලොග්ස් වලින්. මේ ඉඩ කඩ නිවැරදිව භාවිතා කරන්න පුලුවන් බව මට හිතෙනවා.

      ආගංගොඩ ලොකු රසවත් කතාවක් කියනවා. හැබැයි ආගංගොඩට, තමාව දිරිමත් කරන කමෙන්ට්කරුවා අමතක වෙනවා. මේකත් ආර්ට් එකක්.

      Delete
    2. බ්ලොග් අවකාශයේ මතු වුණ අනෙක් විශේෂ ලක්ෂණය තමයි, ලියන කෙනාට විතරක් නෙමෙයි, ලියන කෙනාගේ පවුලට, දරුවන්ට පවා අවමන් කරමින් තර්ජනය කරමින් කමෙන්ට් කරලා ලියන කෙනාව වට්ටන්නට උත්සාහ කරන අමනයන්ටත් අවස්ථාවක් ලැබීම.

      මේක මේ ලංකාවේ සුවිශේෂ ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස මගේ මේ බ්ලොග් එකේ දාලා තියෙන කමෙන්ට් අධ්‍යයනය කරන්න. මේවා දකින කෙනෙක් එයි ද බ්ලොග්කරණයට ලේසියෙන්. අනෙක් පැත්තෙන් අපි ම නිසා කාගෙන හිටියාට ලේසියෙන් කෙනෙකු කාගෙන ඉඳියි ද මේක.

      උදාහරණයකට හිතන්න මහගම සේකර වගේ සංවේදී කලාකරුවෙකුට මේ සමාජ ජාල සිංහල සාහිත්‍යයෙන් මතු වෙන්නට පුළුවන් ද?

      ගැහැනියක ලියන පොතක් රස වින්දාම දක්වන ප්‍රතිචාරවලින් හිතාගන්නට පුළුවන් නේ ද ගැහැනියකට මේ අවකාශයේදී මුහුණ දෙන්නට සිදු වන තත්වය.

      මේකත් ප්‍රශ්නයක්. මේ අවකාශයේ පවතින්න පුළුවන් අපි වගේ ලෝකෙ කාලා වතුර බීපු එවුන්ට විතරයි. හැමෝම අපි වගේ අය නෙමෙයි නේ.

      Delete
    3. ඔබ හරි පැරා.....පැත්තක ඉඳන් බ්ලොග්ස් කියවන සමහරු මට කියලා තියෙනවා, පැරා ඔය කියන තත්වය. ඇත්තටම හරිම සවුත්තුයි. මේවා ලියන අය ඒ තත්වයෙන් ගොඩ ආවොත් ලොකු දෙයක්.

      Delete
  6. මන් හිතන්නේආපි මේ පහු කරන්නෙ සමාජ ජාල සම්ප්‍රදායික ප්‍රවේශයන් අතික්‍රමණය කරන් ඉන්න කාලෙක.
    සියළු සමාජ් ජාල තුළ මගේ ලෙජ්න්ඩ් එක තමයි ගප්පියා මිනිහා තම්යි මේක උඩු යටි කුරු කලේ. හැම පැත්තකින්ම වැඩ්ඩෙක්.
    ඒ වගේ බොලොග් තුළත් දක්ශයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහරු ජනප්‍රියයි,සමහරු නෑ...ඒත් ඔහුන් ගේ හැකියාවන් අසාමාන්‍යයයි.ඒ ගැන කතා කරන්න මට වඩා සුදුසු කම් ඇත්තෝ ඉන්න් නිසා අර මාතලනුත් කියාපු රැප් සංගීතය ගැන කතා කරොත්

    සිංහල රැප් කියන එක සම්පූර්ණයෙන්ම පැමිණියේ හා වර්ථමානේ රැදී පැවතෙන්නෙතසමජ්ජාලා හරහා විශේෂයෙන්ම පදනමේ මලියා,පුලියා,ප්‍රසා,44 කල්ලිය...... මේ ඔක්කොටම එන්න පාර කපපු ෆිලා.තව නම් කීයක් ද.අපි ඉස්සර එමිනම් ලගේ රැප් අහද්දි කතා කරේ සිංහල භාෂාව රැප් වලට හරියන් නෑ කියලා.ඒත් ඒක බොරු කරේ මුන් ටික. දැන් ඒක තියෙනවා උපරිම තැනක.ඒ ඔක්කොම කරේ සමාජ ජාල. tV චැනල් එකකට ඕවා දුන්න නම් ඕවගෙ ඉන්න බක පණ්ඩිතයෝ.මුන්ව කපනවා ඇඩ්‍රස් නැති වෙන්නම. ඔය සුපිරියටම වැඩ දෙන පදනමේ එවුන් ඉස්සර ඉදන්ම සබ්ජෙක්ට් එකේ හිටියට තැනක් නැති උන එවුන්.දැන් උන්ව අල්ලන්නවත් බෑ මුන්ට.

    ReplyDelete
  7. සමනළ විප්ලවය යන වෙබ් කතාව ගෙන පැරා මොකද හිතන්නේ ?

    ReplyDelete
  8. කවුරු මොනවා කිව්වත් මේ දවස්වල නැගලා යන්නේ සාරසගේ බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. නැගලා යනවනම් මොකට ද හැම තැනම ඇඩ් දාන්නෙ? අනෙක නැගල ගියාම අපට පාන් ද?

      Delete
    2. අපොයි නැ උඹලට ඒවා රොටි !!!!

      Delete
    3. Anonymous January 23, 2017 at 2:08 PM

      පැරා ලියන එකක් ඌ ලියයි. කියනවන එවුන් කියෝගත්තාවෙ. සාරස ලියන එකක් ඌ ලියයි. කියනවන එවුන් කියෝගත්තාවෙ.

      ඇයි හු_තො සිංහල කුණුහරප කතා බ්ලොග් කීදෙනෙක් නං කියවනවද? ඒවත් නැගල යනවනෙ.

      මේ දවස් වල බ්ලොග් වල _ක දිදී බ්ලොග්කො කාරයො කොටෝන පො _ න හු _ _ගෙ පුතාල වැහි වැහල.

      Delete
    4. ඩොලර් දිනා හිතවතුන් කපා
      මරුටිය දීලා හොඳ කාර් ලබා
      එද එවන් වැඩෙන් ලද දිනූ දෙයක් වෙද
      තවත් එකෙක් දැන් පොරක් වෙලා //

      අදින් මතුව යළි කොමෙන්ට් දමන්නට
      එකෙක් නොමැත මේ බ්ලොගය අරා
      සැපත රනිල් මිස අනෙක් එකෙකු නොව
      හිදිමි මගේ පුක උටම යොමා

      ඩොලර් දිනා...

      ලැබූ කොමෙන්ට් රස සිතින් හරින්නෙමි
      මගේ උඩඟුකම මවෙත රඳා
      රනිල් දෙපා මුල වැටී මෙසේ මම
      කියමි මගේ දුක අඬා දොඩා

      ඩොලර් දිනා...

      පද රචනය - අජිත් පැරකුම් ජයසිංහ
      ගී තනුව - අජිත් පැරකුම් ජයසිංහ
      ගායනය - Matugama Para & the Experiments with Esha

      Delete
  9. http://kalakawuluwa.blogspot.com/2016/09/blog-post_12.html

    ReplyDelete
  10. තරිඳුගේ සියළු ලිපිය වල ඔය කියන ලස්සන උපහැරණ ඔෟන තරං දකිනන් පුළුවන් පැරා. ඒකේ ලිපි දෙක තුනක් කියවල බලන්න.. ඇත්තටම රහයි.. අනිත් එක තමා ඔය යකාගේ කැප්ෂන් දැමිල්ල.. ටෞකන ඒවමයි දාන්නේ.. ජය වේවා කාර්පිස්සුවට

    ReplyDelete
  11. කාර් පිස්සුවා සුපිරි.. විචාරක, හැලප, අරූ, රවී, තිලකසිත වගේ ජෙශ්ට පරම්පරාවේ ලිපිත් ඕනෙම ජගතෙක් එක්ක හප්පන්න පුලුවන් බය නැතුව..

    ReplyDelete
  12. /////සමාජ ජාල සිංහල සාහිත්‍යය පෝෂණය කරන්නට දායක වුණ තවත් අයගේ නම් හා බ්ලොග් ආදිය මෙතැනට සම්බන්ධ කරන්න//////////

    සිඩ්නි බංඩාරනායක කියලා පොරක් බොහෝ මුල් කාලවල ඉඳන් බ්ලොගක් කරා. හොඳ කවියෙක්. මොහු පිලිබඳ කකා ලිව්වා. පොර මාත් එක්කත් ලොකු ෆිට් ජීවිතයක් ඇද්දා ඔමානයේ. අද ඔහු ජීවතුන් අතර නැහැ. ලින්ක් එකක් හම්බවුනොත් කියවන්න, හොඳ කවියෙක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔහු බ්ලොග්ස් මුල්ම යුගයේ ලියපු එකෙක්. 2000 වගේ කාලය කෙටි වැඩිද මන්දා. අපේ මල්ලිට නම් මතක ඇති. භාශාව සහ කවීත්වය රහට ගලපපු එකෙක්.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.