2017-01-04

සපත්තු බල්ලුක වස්තුව

අපට ගැලපෙන සපත්තු
මේක ලියවුණේ මාතලන්ගෙ සෙරෙප්පු පෝස්ට් එකට ඇනෙක්සියක් විදියටයි. කමෙන්ට් එකක් දාන්න ටිකක් ලියලා බැලින්නම් ඒක පෝස්ට් එකක් ම වෙලා.

ඉස්සර පෑවිල්ල කාලෙට පාරෙ තාර උණු වෙනවා. අපි ඉතින් ඒව උඩින් ඇවිදලා කකුල පතුලෙ තාර අලවාගෙන සපත්තු දාලා කියලා කියනවා. අපේ ගම්වල කට්ටිය සපත්තු දාගෙන යන එකට ඔලොක්කුවට ලාඩං ගහනවා කියනවා. 

තුන්මං හන්දිය චිත්‍ර‍පටයේ කොල්ලා ලාඩං ගහලා කොර ගහ ගහා මගුල් ගෙදර ගිහින් හැන්දෑවෙ ආපහු එන්නෙ කකුල් කපාගෙන ලාඩං දෙක අතින් අරන්. 

බාටා එකක් මඩේ එරිල ආපහු ගන්න ඇද්දාම වෙන දේ මතක ද? එක්කො ඉස්සරහ පටි කොණ පනිනවා. නැතිනම් හොඳ මඩ පාරක් වදිනවා. 

හැත්තැ හතේ ආර්තිකේ විවෘත කළාට පස්සෙ බාටා වෙනුවට ආවා ප්ලැට්ෆෝම්. ඒක රබර් නෙමෙයි නිකං හයිය රිජිෆෝම් වගේ ජාතියක්. උසයි. පාට පාටයි. බිංකො කියල ජාතියකුත් තිබුණා. ඒවා ප්ලාස්ටික්වලින් අච්චුවේ වක්කරලා හදපු ජාතියක්. සම්ම ජාතියෙ කැඩෙන්නෙ නැහැ. ටිකක් කල් ගිහින් වහතු පාට එනවා.

ඔය සියරට දේ සිරි සැප දේ කියන එක්ටා විරෝධී සෝමචන්ද්‍ර‍ රාජපක්ෂට දැන්වත් සපත්තු හරියට අලෝගන්න පුළුවන් ගම් එකක් ලැබිල ද දන්නෙ නැහැ. මං නම් ඕවා ගන්නෙ නැත්තෙ ඒ නිසායි.

දැන් මං දාන්නෙ ඩී.අයි. දෙකක්. අවුරුද්දයි මාස තුනක් පරණයි. කෝච්චියෙදි එක එකා පාගලාම ඉස්සරහ පතුරු ගිය ටික පොලිස් ගාලා වහ ගත්තා ම අලුත් වගේ. ඒ ඉස්සරහ හොඳ යකඩ කෑල්ලක් තියෙනවා. හදිස්සියකට කාට හරි වනාගන්න වුණත් පුළුවන්, ඌ කකුල උස්සගන්න දුන්නොත් මට. 

ආ, දවසක් මට මේ සපත්තු කුට්ටමෙන් බස් කොන්දොස්තර කෙනෙකුගේ කකුලක් පෑගුණා. පව් අහිංසකයා! මං ජනාධිපති වුණාම කොන්දොස්තරලාට නොමිළේ සපත්තු ජෝඩුව ගානෙ දෙනවා බොලාගෙ සල්ලිවලින්.

මේ සපත්තු ජෝඩුව බර නිසා අපේ පවුල නම් කියන්නේ මං ඒක ගත්ත මෝඩකමට ඒක දානවා ය කියලා. බුදුම්ප එහෙම එකක් නැහැ. මං ඉතින් ව්‍යායාම කරන්නෙත් වැඩට යන ගමන් නිසා ඒක මට හොඳයි. උදෙන් ඇවිත් මගින් බැහැලා කිලෝමීටර් තුනක් පයින් යන්න වෙන සපත්තු ජාතියක් ගත්තා නම් මෙලහට විකිණිලා. 

හැබැයි, උන්ගෙ අම්මලාට, දැන් උන් මේ සපත්තු වැඩපොළවලට විකුණන්න පටන් අරන්. අර පොලිස් සපත්තු කොච්චර හොඳ වුණත් අපට දාන්න බැහැනේ. දැම්මොත් කොන්දලා සල්ලි එපා කියනවා. පේමන්ට්කාරයෝ ඇති කරපු සත්තු වගේ හිනා වෙනවා. මේකටත් ඒ වගේ වෙලා. මං ඉන්නෙ වෙන දෙකක් ගන්න. අපරාදෙ අවුරුදු තුනක්වත් පට්ට ගහන්න හිතාගෙනයි හිටියෙ. 

ඉස්සර තිබුණා මොකෑසිනෝ කියල බාටා සපත්තු ජාතියක්. හෙන ගණන්. මං අර ඇණ මුරිච්චි තද කරන එක හරියට ඉගෙන නො ගත් කාලෙ අමාරුවෙන් එයින් එකක් අරගෙන ආඩම්බරෙන් දාගෙන ගියා. ඊට පස්සෙ අනුර කුමාරලෑ පක්සෙට ගියාම ඒක විතරයි තිබුණෙ. සෙරෙප්පු නැහැ. ඒ නිසා ටොයිලට් විතරක් නෙමෙයි කඳවුරු පවා ගියෙ ඒක දාගෙන. මොකෑසිනෝ දාගෙන ව්‍යායාම කරනකොට විප්ලවවාදියෝ අනේ අපොයි කිව්වා, සපත්තු දෙක ගැන. 

ඔය මොකෑසිනෝ දෙකට කලින් මට මාර ආසාවක් තිබුණා ඩෙක් ෂූස් දෙකක් ගැන. ඇණ මුරිච්චි තද කරන කාලෙ කොහොම හරි එයින් දෙකකුත් ගත්තා, ඒ කාලෙ හැටියට රුපියල් තුන්සීයක් විතර වියදම් කරලා. ඒ වුණාට ඒකෙ ඇණ මුරිච්චි වැඩපොළේ තෙල් මජංවලට ඉක්මණින් ම කරුකුට්ටං වෙලා ගියා. ඒක නිසා තමයි වැඩපොළවල කම්කරුවන්ට දැන් ඩී.අයි. සපත්තු දෙන්නෙ රුපියල් හාරදාහක් විතර වියදම් කරලා.  

සෙරෙප්පුවලට බාටා කියනවා වගේ ඉස්සර කාලෙ ඇඟේ ගාන සබන් ඕනැ එකක් ලයිස්බෝයි. රෙදි හෝදන එව්වා සල්ලයිට්. සෝදන කුඩු තාමත් රිංසෝ. ඒ කොම්පැනියෙ ඉන්න හරක් ඒකෙ නම රිං කරගෙන.  

සපත්තු ගැන සිංදුත් තියෙනවා. මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි වගේම කැරකෙන රෝදේ සිංදුවේ තියෙනවා කැඩුණු පාවහන් කුඩ නිමවාලා කියලා. හැබැයි සපත්තු මල ළා රතු පාටයි සිංදුව සපත්තු ගැන නෙමෙයි හරිද? මං දවසක් ළමා ගී කියලා පොතක දැක්කා රූං පෙත්ත උඩ යනවා - කෝම්පිට්ටු ඉදි වෙනවා සිංදුවත් දාලා. අම්මි නුඹට සුරංගනා කතා කියනවා කිව්වට ඒකෙ තියෙන්නෙ සෙක්ස් ප්‍ර‍ශ්නයක්නේ. සුදු කොට රැළි ගවුම ඇඳන් පාසල් ගිය කාලෙ වගේ කිව්වාම ඒ කාලෙ අත්දැකීම් කකුල් බැලීම් ගැනනේ කියවෙන්නෙ. 

සපත්තු මල ළා රතු පාටයි කියලා ඊළඟට කියන්නෙ තුවක්කුවට ඔබ හැඩ පාටයි කියලනේ. හමුදාවේ කට්ටිය දාන්නෙ බූට්. ඒ බූට් පොලිෂ් කරන විදියත් මාරයි. පොලිෂ් ගාලා සපත්තු බුරුසුවෙන් මැදලා, ඉන් පසුව පුළුන් කෑල්ලකින් පොලිෂ් කරනවා මං දැකලා තියෙනවා. පුළුන් කෑල්ල වේලෙනකොට කටින් වාෂ්ප පාරක් අල්ලනවා. හමුදාවෙ හිටපු බ්ලොග් මහත්තුරුන්ටත් සපත්තු ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් දැන්.

ඔය බාටා කාලෙ කෙල්ලො වලත්ත කොල්ලන්ට ගැහුවෙත් බාටා එකෙන්. පහුගිය දවසක මං බස් එකේ යද්දි මිනිහෙක් ඇත්තට ම නිදි මතට හෝ බඩු මතට හෝ වලත්තකමට හෝ සීට් එකේ වාඩි වෙලා හිටපු කෙල්ලකගේ උරේට නිදි කිරලා. ඒකි ගත්තෙ නැතෑ කුඩේ. අර පොරට මං හිතන්නෙ නිදිමත ගියා. බාටා වගේ ම කුඩත් වලත්ත කොල්ලන්ට ගහන්න පාවිච්චි කරනවා. හැබැයි කුඩේ සෙරෙප්පු වගේ ඇදෙන්නෙ නැහැ. කැඩෙනවා.

සපත්තු කිව්වාම මතක් වෙන තව කෙනෙක් තමයි සපත්තු බල්ලුක. ඒ වුණාට ඉස්කෝලෙ පොතේ තිබුණෙ ඒ වගේ වෙන නමක්. අපට මොකෝ. අපි නම් තාම කියන්නෙ එහෙමයි. 

මින් පස්සෙ දේශපාලනේ ලියන්නැතුව ඉන්නං. මේ වගේ එව්වා ලිව්වා ම කට්ටිය ආදරේ කරනවා. එතකොට මටත් සතුටුයි. දේශපාලනේ ලිව්වා ම සමහරු ඒක ගන්නෙ උන්ගෙ අම්මලට කැත වැඩක් කළා වගේ නේ. මේක මාර රටක් ඕයි! 

මං සර්කස් පැසිපියා බලද්දි ඒකෙ හිටපු කුරුමිට්ටෙක් සෝ එක ඉවර වෙලා සමුගත්තෙ ටටා බාටා හුටා කියලායි. බොලාටත් ටටා බටා හුටා!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

29 comments:

  1. මම කිව්වේ ආයේ ඉතින් කතා දෙකක් නෑ මල් හතයි... බුලත් පහයි.. එක නැට්ටේ දෙහි තුනයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. මම හයේ පංතියට වෙන ඉස්කෝලෙකට ගියා. හැමෝම සෙරෙප්පු දානව. තුන්වෙනි දවසෙ ඉඳල මමත් බාට දෙකක් ඇරන් දාගෙන ගියා කකුල් ඇද ඇද. ජීවිතේටම ඒදා තමයි සෙරෙප්පු දෙකක දැම්මෙ.
    බොලාට කියන්න ගෙදර ආවෙ සෙරෙප්පු දෙක ඩෙස්ක් එක යට අමතක කරල. හැතැක්ම දෙකක් විතර ආවම වෙනෙ එකෙකුගෙ කකුල දැකල මතක් උනේ. පහුවදා උදේ යනකොට බඩු බනිස්. ආයෙත් මාසයක් ගිහින් අඬල තව දෙකක් ගත්තා. එදා අපේ ආච්චි කිව්වෙ ඔයෙ දෙකම දාන්න ඕනැද බොල එක එක දාපං, ඒක නැතිඋනොත් අනික දා කියල.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++

      Super !

      Delete
    2. ++++++++++++++
      පට්ට මචෝ!

      Delete
  3. අනේ අම්මාපල්ලා, පෘතුගීසිකාරයා ලංකාවට නාවා නම් සපත්තුවට කියන්න වචනයක් අපිට නැතුව යනවානේ.... පෘතුගීසිකාරයෝ නම් බුදුන් දැක නිවන් යන්න ඕන සිංහල බාසාවට වචන එකතු කරපු එකටයි, සිංහලයන්ට පෙරේරා, සිල්වා වගේ නම් දුන්න එකටයි.

    ReplyDelete
  4. Para-what do you mean you're not going to write about politics. Are you crazy.

    ReplyDelete
  5. සපත්තු බල්ලුකලා ගැන ලිව්වට සපත්තු කන බල්ලෝ ගැන ලියලා නෑනේ,

    ReplyDelete
  6. දෙපා නැතිව රෝද පුටුවේ සිටින කෙනෙකුට තමන්ගේ අලුත් සපත්තු කුට්ටම පෙන්වමින් සතුටුවන්නට හදන,එලෙස කටයුතු කරන අසංවේදී නෑදෑ හිතමිතුරන්ද මගේ එදිනෙදා ජීවිත අත්දැකීමකි.

    ReplyDelete
  7. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වරයා තමාගේ සපත්තු දෙක පොලිෂ් කරනවා දුටු නිලධාරියෙක් ඇහුවලු "ජනාධිපති ඔබ සපත්තුත් පොලිෂ් කරනවාද?" කියලා. එවිට ඔහු උත්තර දීල තියෙන්නේ මෙහෙමයි.
    "ඔව්, මං පොලිෂ් කරන්නේ මගේ සපත්තු. ඔබ පොලිෂ් කරන්නේ කාගේ සපත්තුද?"

    ReplyDelete
  8. සපත්තු කේස් නම් හරියට තියෙනවා පැරා මටත්. අනුන්ගේ සපත්තු දාගෙන ඉස්කෝලේ ගමන ශේප් කරගන්න කාලේ ඉස්කෝලේ සගයෝ තමයි පී.ජී.මාටින්ස්ලගේ (ඩී.අයි ශූස් )පුත්තු.

    මම පිටරට රස්සාවකට ගිහින් ආපු පලමු වතාවේ, අපේ තාත්තට වටිනා ක්ලාක්ස් සපත්තු දෙකක් ගෙනත් දුන්නා. දවස් දෙකකට පස්සේ ඒක වෙන කාටද දන් දීලා තිබුනා. ජීවිතේ...ජීවිතේ...ජීවිතේ..

    ReplyDelete
    Replies
    1. @ Aruna Perera,

      කිරුළපන හයේ කණුව ඉස්සරහා පදිංචි වෙලා හිටපු මාටින්ස් පුත්තු ගැනද ඔය කිව්වේ?

      Delete
    2. අයියයි මල්ලියි.පී.ජී.නිමලසිරි සහ පී.ජී.විමලසිරි වගේ මතක. හයේ කණුවෙද හිටියෙ. මතකත් නැහැ බං.

      Delete
    3. ඔව්, ඔව්.... හයිලෙවල් පාරේ හයේ කණුව ඉදිරිපිට සුදු පාට ලොකු ගෙදර තමයි ඒ කට්ටිය හිටියේ. ඒ ගෙදර පස්සේ කාලෙක "ස්වීට් හවුස්" ආයතනයේ ආපනශාලාවක් බවට පත් වුණා. දැන් නොරිටාකේ ප්‍රදර්ශනාගාරයක් තියනවා. ඇයි අරුණ අයියට මහරගම ඩිපෝවේ ඩබල් ඩෙකර් ස්කූල් බස් එකෙන් ගෙදර ගිය කාලේ දැන් මතක නැද්ද?

      Delete
    4. මතකයි තට්ටු දෙකේ ස්කූල් බස්. පස්සේ ආපු ස්වීට් හවුස් එකත් මතකයි. හයේ කණුව, හතේ කණුව, අටේ කණුව අපේ ඒරියල් නේ, උඹ ඒ පලාතේද...ඔය හා සම්බන්ද මම ලියපු පරණ පෝස්ට්ස් තියෙනවා.

      Delete
    5. ඩබල් ඩෙකර් ස්කූල් බස් එකේ මාත් ගොහින් තියේ ජුන්ඩං කාලෙ...හයේ කනුව, හතේ කනුව, අටේ කනුව, උඩහමුල්ලෙ කනත්ත, ස්ටේසොම, ඔය හරියෙ තිබ්බ කානු වල ගප්පිත් අල්ලා තියේ..දෙල්කඳ පොල ඉස්සරහ හයිලෙවෙල් පාරෙන් එහා පැත්තෙ ජෑං ගහක් එක්ක තිබ්බ ගෙදරත් මතක තියේ...

      Delete
    6. ඔය හැම තැනම පිස්සු නටපු කාලයක් තිබුනා. ඔය අපේ ගම.හරියටම පොල ඉස්සරහට වෙන්න. කොස්ගහ ගාව බස් හෝල්ට් එක ඉස්සරහ. 560, 562 හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ තමයි අපේ මහ ගෙවල්. උපන් තැන. ජෑම් ගහ ගෙදර කිව්වේ වනාත පාරට එහා පැත්තේ ගෙදරද....ලී මඩුව තමයි අපේ සෙල්ලම් රාජධානිය. පරණ සාමාජිකයෙක්වත්ද මන්දා...

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. //මෙතැන කොමෙන්ට් නැතුව වේලෙන පී. ජයසිංහ ගේ අමන්දානන්දනය වෙනුවෙන් වන කොමෙන්ටුවක් වෙනත් අඩවියකින් උපුටා ගනිමි.

      තරහ වෙන්න එපා පී. ජයසිංහ මේ දවස් වල වේලි වේලි " නිකං ඉන්න ඔහෙට අහල ගියත්මදැයි? "//

      වේලෙන එකේ කොහොමත් එකයි නේ බං. උඹේ එකත් එපා.

      Delete
    2. අනුන්ගේ සපත්තු පොලිෂ් කරන්න ගිහින් මේ ඇනෝට වෙච්ච දේ!

      Delete
  10. මෙතැනට මට බැනීම සඳහා එන අයට තමන්ගේ ඩේටා පරිස්සම් කර ගන්නා ලෙස මම කලින් ද දැනුම් දී ඇත්තෙමි. බොරුවට දිග කමෙන්ට් දැම්මාට මට එය ඉවත් කරන්නට ගත වන්නේ එක බොත්තමක් එබීමේ නිමේෂයක් පමණි. හරවත් අදහස් දැක්වීම්වලට මිස පෞද්ගලික ඊර්ෂ්‍යාවන් මෝචනය කර ගැනීමට මෙතැන ඉඩ නැති බව කරුණාවෙන් සලකන්න.

    මා කමෙන්ට් ආහාරයට ගන්නේ නැති නිසා මට එහි වැදගත්කමක් නැත.

    ReplyDelete
    Replies
    1. හෙනං අපි උබට බනිනවා සාරසගේ තැනට ගිහිං.

      Delete
    2. මට මොකද බං? බොලා මට අවුරුදු අටක් තිස්සෙ බනිනවා. ඒ වුණාට මං මගේ වැඩසටහන නැවැත්තුවෙ නැහැ නේ.

      Delete
  11. බාටා කියලා අපි කිව්වට ඔය නාමයේ නියම උච්ඡාරණය "බචා".

    චෙක් ජනරජයේ "තොමාශ් බචා" තමයි ඒ සමාගමේ නිර්මාතෘ.

    ReplyDelete
  12. ඉස්සර කෙටි කතාවක් කියෙව්වා මාකොපුපාලු කියලා. ඒක කියවපු තව කවුරුහරි ඉන්නවද? දුප්පත් පවුලක් සපත්තු හම් උයල කන හැටි.

    ReplyDelete
    Replies
    1. මාකොපුපාළු , පාකොපුමාළු , මතකයි කියෙව්වා

      Delete
    2. ඔව් මටත් මතකයි. සිසිර කුමාර මානික්කාඅරච්චි ලියපු කෙටි කතා පොතක වගෙ මතක.

      Delete
  13. මටත් දේසපාලනේ අතෑරුනේ සිනමාව ගැන ලිව්වම ලැබෙන ප්‍රතිචාර හින්ද. දැන් දේසපාලනේ නොලියැවෙන තරං.
    මං ආයෙ දේසපාලනේ ලියන්න පටන්ගන්න හිතුව. මෙන්න දේසපාලනේ ගැන ලියන සක්විත්ත ඒක නවත්තන්න යනව...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.