2017-02-16

මිහිකත සොලවාලා - මග ගල් පෙරළාලා - පාසල වෙතැ යන මේ

“අපේ දූ ඇවිත් කියනවා ගේට්ටුව ළඟ අක්කලා (ශිෂ්‍ය නායිකාවො වෙන්න ඇති) දෙන්නෙක් ඉඳගෙන මේස් දෙක කොටට නවා ගන්න ය කියනවා ය කියලා. ඇත්තට ම ඔය මේස් කියන ජාතිය දිගට හදලා තියෙන්නෙ ඇයි?"

මා ෆේස්බුක්හි දාපු මේ පෝස්ටුව පදනම් කරගෙන සංවාදයකුත් වැදගත් අදහස් රැසකුත් එළියට ආවා.

මේ අව් අස්සෙ ලංකාවෙ ප්‍රධාන බෞද්ධ පාසල් දෙකේ ශිෂ්‍යයෝ ‘පිස්සො වගේ, පිස්සො වගේ' පාරෙ ගහගන්නවා; ලංගම බස් කුඩු කරනවා. ඇයි මෙහෙම වෙන්නෙ? 

අවුරුදු 23ක ගුරු සේවාවකින් පසුව මට නම් කියන්නට තිබෙන්නේ ලංකාවෙ පාසල් කියන්නේ නියම හිරගෙවල් ජාතියක් බවයි. පාසලට යන ළමයාට මුහුණ දෙන්නට සිදු වන්නේ කොතන ඉඳන් කොයි වෙලාවෙ විදුහල්පති, ගුරුවරයෙකු, ශිෂ්‍ය නායකයෙකු බල්ලෙකු වගේ බුරාගෙන ඇඟට කඩා පනිනවාද කියලා බය හිතෙන තත්වයකටයි. එහෙම අධ්‍යාපනයකින් නිර්මානශීලී අනාගත පරම්පරාවක් හැදෙයි ද? ලංකාවේ පාසල්වල සීසීටීවී කැමරා දක්වා බොහෝ මර්දන උපකරණ තිබෙනවා. හැබැයි ආදරය හා ගෞරවය නැහැ.

නිර්මානශීලී මිනිසුන් හැදෙන්නේ පාසල් විනයට අනුගත නො වූවන්ගෙන් වෙන්නත් පුළුවන්. උදාහරණ ඕනැ තරම් තිබෙනවා.

මගේ පාසල් ශිෂ්‍ය කාලයේ අවසාන අවුරුදු කීපය ගැන මතක් කරන්නට මට තරමක් ලැජ්ජයි. මම ඒ තරමට ඒ සිස්ටම් එකට විරුද්ධව තනියෙන් කැරැල්ලක් ගැහුවා. ඉස්කෝල නිලඇඳුමෙ කමිසය බැගී විදියට මහගෙන, කොට කමිස අත් දෙකත් උඩට නවාගෙන ඉස්සරහ බොත්තම ගලවාගෙන කැළෑ පාරකින් පරක්කු වෙලා පාසල් එන එකේ ඉඳලා ඉගෙන ගැනීම සම්පූර්ණයෙන් ම ප්‍ර‍තික්ෂේප කිරීම දක්වා මෝඩ වැඩ ගොඩක් එතුළ තිබුණා. හැබැයි, පස්සෙ කාලෙක මා ගුරුවරයෙකු වුණාම ළමයින්ගේ මානසිකත්වය තේරුම් ගන්නට පුළුවන්කම හා ළමයින් එක්ක සුහදව කටයුතු කරන්නට පුළුවන්කම මට ලැබුණෙ මගේ පාසල් කාලයේ අත්දැකීම් නිසායි.

ගුරු ජීවිතය තුළදිත් ගොන් වැඩ නො කළේ නැහැ. කේන්තියෙන් ළමයෙකුට ගහපු අවස්ථාවක්, දෙකක් ගැන කවදාවත් සිතින් අයින් නො වෙන පසුතැවිලි වීම් තිබෙනවා. ඒවා ඒ ළමයින්ට සාමාන්‍ය දේ වුණත්, මට නම් නිවැරදි කරන්නට බැරි, සමාව ගන්නටත් බැරි බරපතල අතපසුවීම්. ගුරුවරයා කියන්නෙ පීඩිතයන් අතරිනුත් පීඩිතයෙක්. ගුරුවරයාට ගෙවන වැටුප ඇහුවොත් ඔබ පුදුම වේවි. අවුරුදු විසිතුනක සේවය කර පුහුණු ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මා විශ්‍රාම යන විට මා ලැබූ මූලික වැටුප ගැන කිව්වොත් ඔබ එය පිළි ගන්නෙ නැහැ. ගුරුවරයාට දුන්න මේ ආර්ථික පීඩනයට ගුරුවරයා එල්ල කළ ප්‍ර‍ති ප්‍ර‍හාරය තමයි ටියුෂන්. එමගින් ලංකාවේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම විනාශ වුණා. වර්තමානයේ පාසල්වල සිටින ප්‍ර‍ධාන ගුරුවරුන් වැඩි දෙනෙක් කපටි වෙළෙන්දෝයි. පාසල්වල තිබෙන ඊනියා විනය නීති, බොරු සදාචාරය, ළමයින් ලවා වන්දවා ගැනීම වැනි ගොන් පාට් මේ කපටි වෙළෙන්දන් විසින් අහිමි කරගෙන තිබෙන ගුරු ගෞරවය බලෙන් ආපසු ලබා ගැනීමේ විවිධ කූටකම් විතරයි.

පාසල්වල භීෂණය ආරම්භ වන හැටි මා කියන්නම්. මගේ පොඩි දුව පාසල් යන්න පටන් ගන්නකොට මාත් වැඩ කළේ ඒ පාසලේ. දෙවන දවසේ දුව මට කිව්වා, තාත්තෙ ගේට්ටුව ළඟ ඉඳලා තනියම යන්නම් කියලා. ඒත්, සතියක් දෙකක් යනකොට ගුරුවරිය මට කතා කරලා කිව්වා ළමයා දුර්වලයි, අකුරු දන්නෙ නැහැ, එයාගෙ ගෙදර පන්තියට එවන්න ය කියලා. මම යැව්වෙ නැහැ. මුළු පන්තියේ ම දෙමව්පියන් බයට ළමයින්ව පන්තියට යැව්වා. මගේ දරුවාව මම අවුරුද්දක් ම බලෙන් ඇදන් ගිහින් පන්තියට තල්ලු කරලා ආවා. ඒ ගුරුවරිය ළමයාගේ පාසල් ජීවිතේ මුල් අවුරුදු දෙක විනාශ කළා. අපි පැමිණිලි කළා. ඒත්, සිදු වුණේ ළමයාගෙන් පළි ගැනීම වැඩි වුණ එක විතරයි. විශ්‍රාම යන්නට ආසන්න වයසේ, වැන්දඹු, පීඩිත ගැහැනියකගේ රැකියාව නැති කරන්නට තිබුණු අකැමැත්ත නිසා අපි අපේ දරුවාගේ ජීවිතේ අවුරුදු දෙකක් විනාස වෙන්නට ඉඩ හැරියා.

ඔබ කියයි, ඇයි ළමයාව වෙන පාසලකට දැම්මේ නැත්තේ කියලා. එහෙම දාන්න බැහැ. මගේ නිවස අවට කිසිම පාසලක ඉඩ නැහැ. එහෙම නම්, අපි ළමයාව අරගෙන ගෙදරින් කිලෝ මීටර් දහයක් විතර ඈත, අප නො යන පැත්තක පාසලකට යන්නට ඕනැ.

පාසල් අධ්‍යාපනයේ නැති ප්‍රධාන දෙයක් තමයි ළමයින්ට ගරු කිරීම. පාසල් ගුරුවරයකු ලෙස වැඩ කරද්දි මා මට පුළුවන් උපරිමයෙන් ළමයින්ට ගරු කළා. ළමයින් නිසා තමයි අප රැකියාව කළේ. ඒ වගේ ම ළමයා කියන්නෙ අනාගත පුරවැසියෙක්. හෙට අපට ඒ ළමයා හමු වන්නෙ අපට ඇත්තට ම ගරු කරන්නට සිදු වන තත්වයක වන්නට පුළුවන්. ඒ නිසා අපි අද සිට ම ඒ ගරුත්වය ගොඩනගා ගත යුතුයි.

ගුරුවරයකු ලෙස සිටිද්දී, වැටුප් නො ලබා, හිරු පත්තරේ කර්තෘකමත් කරපු කාලේ මා වැඩ කළ දුෂ්කර පාසලේදී මා සියලු නිවාඩුත් අරගෙන නෝපේත් ගියා. එවකට මා සිතුවේ ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් අප කළ මැදිහත් වීම ගුරු වෘත්තියට වඩා වැදගත් ය කියලායි. ඇත්තෙන් ම කියනවා නම්, අප කණ්ඩායම අතර අර්බුද ඇති නො වුණා නම්, අවුරුදු හතළිහ ඉක්මවා සිටියදීත් මා සූදානම් ව හිටියේ රැකියාව අතහැර නැවතත් පූර්ණකාලීන දේශපාලනයට එන්නටයි. ඒත්, ඒ කාලයේත්, පාසල් ගිය දිනවල ඒ අති දුෂ්කර පාසලේ ඉගෙන ගත් හැටක් විතර වුණ මුළු ළමයින් පිරිස සමග එකතු වෙලා පයිඩ් පයිපර් කතාව ඇසුරෙන් ඉංග්‍රීසි නාට්‍යයක් කරලා බස්නාහිර පළාතේ කුඩා පාසල් අතරින් පළමු ස්ථානය දිනා ගන්නට සමත් වුණා. ඒ නාට්‍ය කණ්ඩායමේ ඇතැම් ළමයින් පළමු වරට කොළඹ ගියේ නාට්‍යය පෙන්නන්නටයි. ආපහු හැරිලා බලනකොට ඒවා ජීවිතේ සොඳුරු ම අත්දැකීම්.

ඒ වන විට මම පදවිය, මැදවච්චිය, පුසියන්කුලම වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවලත්, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊටත් වඩා දුෂ්කර පාසල්වලත් අවුරුදු 12ක්, 13ක් වැඩ කරලා තිබුණ නිසා මගේ ම ගමේ ඊට වඩා ළමයින් පිරිසකට උගන්වන්නට අපේක්ෂාවෙන් මා වඩා හොඳ යයි සම්මත පාසල්වලට ආවත්, ඒවායේදී මා දැක්කෙ නැහැ අර දුෂ්කර, ගම්බද පාසල්වල තිබුණු අව්‍යාජත්වය. කොටින් ම ළමයින් සමග දුෂ්කර පාසල්වලදි කරපු බොහෝ දේ කරන්නට පුළුවන් තත්වයක් ලොකු ය කියන පාසල්වල තිබුණෙ නැහැ.

මුදල් අවශ්‍ය නිසා මමත් අවුරුදු දෙකක් විතර ටියුෂන් කළා. ඒත්, මා කවදාවත් මගේ ටියුෂන් පංති ගැන මා වැඩ කළ පාසල්වල ප්‍ර‍චාරය කළෙත් නැහැ. මගේ පන්තිවල ළමයින්ට මගෙන් ටියුෂන් ගන්නට බල කළෙත් නැහැ. මගේ ටියුෂන් පන්ති සාර්ථක වුණෙත් නැහැ. අන්තිමට වැඩ කරපු පාසලේ ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍යය හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයන් තුන ම උගන්වන ගමන් මා එම පාසලේ 13න්, 15න්, 17න්, 19න් පහළ සියලු ක්‍රිකට් කණ්ඩායම් භාරවත් වැඩ කළා. එය රැයක්, දවාලක් නැති, නිවාඩු දවස්වල පවා වැඩ කළ, එහෙත්, කිසිදු හොඳක් අසන්නටත් නො ලැබුණු කාලයක්. මා ටියුෂන් අතහැර දමා පරිවර්තනයට බැස්සේත් මේ ක්‍රිකට් නිසායි. අර්ධ නාගරික පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම යනු ඇත්තට ම අංක එකේ මෝඩකමක්. තුන්වන කාණ්ඩයේ පාසල් ක්‍රිකට් කියන්නේ ඇත්තෙන් ම තුන්වන පන්තියේ ගොන් වැඩක්. එය තිබෙන්නේ පාසල් ක්‍රිකට් සම්මේලනයට සාමාජික මුදල් සූරා කෑමටත්, ක්‍රිකට් විනිසුරුවන්, පුහුණුකරුවන් හා ක්‍රිකට් උපකරණ අලෙවි කරන්නන් වෙනුවෙනුත් විතරයි.

මා ගුරු වෘත්තියේ යෙදී සිටි අවසාන කාලය වන විට අර්ධ නාගරික පාසල් තනිකර ම මාළු මාකට් තත්වයට පිරිහී තිබුණා. ඒවායේ ගුරුවරුන් ටියුෂන් මුදලාලිලා වෙලා, විදුහල්පතිලා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වෙලා, ළමයින් ටියුෂන් මිළ දී ගන්නා පාරිභෝගිකයන් වෙලා. ගුරුවරයකු ලෙස කරන්නට ආසාව තිබුණු හා කරන්නට හැකිව තිබුණු බොහෝ දේ තිබුණත් ඒවා කරන්නට පුළුවන් පරිසරයක් ප්‍රධාන පාසල්වල තිබුණෙ නැහැ. කොටින්ම, උගන්වන්නට කාලසටහනක් ගන්නා එකත් අද කාලෙ ප්‍රධාන පාසල්වල අභියෝගයක්. විශ්‍රාම යන්නට අවුරුදු 10ක් තියෙද්දි මා රස්සාවෙන් දොට්ට බැස්සේ තව දුරටත් එතැන අපට ඉන්නට බැරි බව තේරුණ නිසායි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

23 comments:

  1. තමන්ගෙ පම්පෝරිය අස්සෙ වැදගත් දේවල් ගොඩක් කියලා තීනවා. හොඳයි ඈ...

    ReplyDelete
  2. මට තියන පස්නෙ ඇයි මාතලන්ට බනිද්දි පැරාට රිදෙන්නෙ?

    ReplyDelete
  3. අවංකව බලනකොට එකඟ වෙන්න හොඳටම පුළුවන්...
    රිචඩ් පතිරණ මහත්තයා චන්ද්‍රිකාගෙන් ගේම ඉල්ලලා පඩි වැඩි කලේ නැත්තන් කතන්දරේ තවත් සවුත්තු වෙන්න ඉඩ තිබුනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගුරුවරු අදටත් රිචඩ් පතිරණට පින් දෙනවා

      Delete
    2. නිදහස් අද්‍යාපනය ගැන "මෙව්වා" එක "මෙව්වා" වෙලා තියෙන කට්ටිය මේක දැකල ගුරුවරු එපා කියල හෙට ඉඳන් පිකටින්!

      Delete
    3. gona unata umba nokiya idin

      Delete
  4. පැරා ලමයින් දෙන්නාව කොහොමහරි උසස් පෙලින් පසු පෞද්ගලික විෂ්වවිද්‍යාලයක හරි උපාධිය හදාරල පිටරටක පදිංචියට යන්න පුලුවන් විදිහට උගන්නන්න... ඔබතුමාගේ ලමයින්ගේ ලමයින්ට හෝ දියුනු පලමුවෙනි ලොකයේ රටක පහසුකම් අත්විදින්න ලැබේවා කියා පතනවා...

    ReplyDelete
    Replies
    1. සමහරවිට පැරාම මේවා දාගන්නත් පුලුවන් නේද තමුන්ට ගොඩක් තරහ කාරයෝ ඉන්නවා කියල ස්වාමිවරුන්ට පෙන්නගන්න

      Delete
  5. පැරා තටම තටම ෆොටො එක ගන්නකල් අර පොඩි එකී අත් දෙක උස්සන් ඉඳල පව්.

    ReplyDelete
  6. හරියට හරි පැරා.මට කියන්න තියෙන්නෙත් ඔය කතාවම තමයි.

    ReplyDelete
  7. පැරා මචං උඹේ ‍දරුවෝ දෙන්නට නියමෙටම ඩොක්ටර් පෙනුම තියෙනවා බං. ලොකු කෙලීට නම් අ‍ර ස්පෙසලිස්ට් පෙනුම එහෙම්පිටින්ම පිහිටලා. පොඩි කෙලීට තියෙන්නේ අර ඔපීඩි ඩොකාගේ පෙන්ම නේද? කාටද ආඩම්බර අප්පා! ඔහොම යං පැරා ඔහෙවෙ යං.

    ReplyDelete
    Replies
    1. ගහන්න ඕනෑ තැන පැරකුම්ට ගහපල්ලා මේ අපි වගේ. හැබැයි ගෑණු, ළමයි සම්බන්ධ කරන්න එපා.

      Delete
    2. /////හැබැයි ගෑණු, ළමයි සම්බන්ධ කරන්න එපා.////////////

      ඔව්...හරිම අසික්කිත වැඩක්.

      Delete
    3. මේව ලියන එවුන් සමහර විට අපේ ගෙදරින් බත් කටක් කාපු එවුන් වෙන්නට පුළුවන්. ඒ වගේ ම අද වුණත් හමු වුණාම ව්‍යාජ සුහදකමකින් ඇසුරු කරන අය වෙන්නට පුළුවන්. ආචාර්ය මහාචාර්යවරුන් වෙන්නට පුළුවන්. දර්ශනවාදීන් වෙන්නට පුළුවන්. මහා මානව හිතවාදීන් වෙන්නට පුළුවන්. මහා විප්ලවවාදීන් වෙන්නට පුළුවන්. ඔය කාටත් ආවරණය වෙන්න පුළුවන් ඇනොනිමස්කමට. හැබැයි, සත්‍යයට අභිමුඛ වෙන්න බැහැ.

      Delete
    4. සමහරවිට පැරාම මේවා දාගන්නත් පුලුවන් නේද තමුන්ට ගොඩක් තරහ කාරයෝ ඉන්නවා කියල ස්වාමිවරුන්ට පෙන්නගන්න

      Delete
    5. ගුරුකම රකින්න පොර ටෝක් දෙන පැරාගේ පැටිකිරියෙන් බිඳක් මෙන්න

      //1. තමා සේවය කළ පාසලේ තරුණ විදුහල්පතිනියට අනියම් සම්බන්ධයකට යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇයට එරෙහි ව පාසලේ ගුරුවරුන් උසිගන්වා පාසල් පරිපාලනය කඩාකප්පල් කිරීම (සිදුවීමට අදාළ හඬ පටය අප සතු ව ඇත).

      4. කන්තලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු ව සිටිය දී තම ශිෂ්‍යාවක සමඟත් එම ශිෂ්‍යාවගේ මව සමඟත් සම්බන්ධයක් පවත්වාගෙන යාම සහ එම තොරතුරු හෙළි වීම නිසා ශිෂ්‍යාවගේ මව කනේරු ඇට කා හෘදස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස අඩු වී ඉතා අසාධ්‍ය තත්ත්වයකට පත්වීම (සිදුවීමට අදාළ පොලිස් වාර්තාවේ සහතික කළ පිටපතක් අප සතු ව ඇත). //
      (උඹේ පරණ යාළුවෝ ඒ කාලේ ලිව්ව එකක්)

      අනික පැරා තොගේ සිටුකුමාරිගේ බතක් කන්න තොගේ ගුබ්බෑයමේ රිංගන්න අපිට එන්න උවමනාවක් එදත් නැහැ අදත් නැහැ. අනික බං උඹේ සිටුකුමාරිට කෑම වේලක් තියා තේ එකක්වත් හරියට හදාගන්න පුළුවන්ද බං? උඹ අර බඩවැල් ඇකිලිලා කොළඹ හතරවටේ රස්තියාදු ගගහා හිටිය කාලේ තොට ප්ලේටියක් වඩේ එකක් අරන් දුන්න මිනිස්සුන්ව තොට මතකද? තෝ නන්නත්තාර වෙලා තාරපාරට වැටිලා මන්දපෝෂණේ හැදිලා හිටිය කාලේ තෝව විප්ලවීය පුවත්පතක ප්‍රධාන සංස්කාරක කරපු සහෝදරවරුන්ට උඹ කරපු දේවල් හරිද? තෝ එදා හමුදාවට අපේ කොල්ලොන්ගේ නම් ගම් දෙද්දී බත්පත මතක් වුනේ නැද්ද? උඹ මෙතන බ්ලොග් පඩංගුවක් අටවගෙන ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ දිදුල තාරකාව වූ රෝහිත භාෂණ සහෝදරයාට මඩ ගහද්දී තොගේ කෘතවේදීත්වය තොගේ ගුද මාර්ගයේ හිර වෙලා ද තිබ්බේ? තොට මඩ ගහපු එක ලිපියක් පෙන්වපන් පුළුවන් නම් ජේ.ඩී.එස්. එකෙන්. එක වාක්‍යයක් පෙන්වපන් පුළුවන් නම්. යකෝ පැරා උන් සිංහයෝ. සිංහයෝ තෝ වගේ කැනහිලෙක් ගැන වොරි නැහැ.

      //අප මෙතෙක් කල් ‍මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ පෞද්ගලික ලිපි ගොනුව විවෘත නො කළේ පැරණි මිතුරුකම ගැන සිතා ය. ඉදිරියට ද එය විවෘත නො කර සිටීමට අප කැමති ය. එහෙත් මතුගම අජිත් පැරකුම් ජයසිංහ එවැනි සංහිදියාවකට කැමති බවක් නො පෙනේ; තවමත් තැන තැන අප නො කළ දෑ පිළිබඳ අපට මඩ ගසමින් යයි. සාමය සංහිදියාව යනු එක් පාර්ශ්වයකට පමණක් ළඟා කර ගත හැකි දෙයක් නො වේ. ඒ සඳහා දෙපාර්ශ්වයේ ම කැපවීම තිබිය යුතු ය. මතුගම අජිත් පැරකුම් ජයසිංහ, තීරණය ඔබේ අතේ ය. අපි බලා සිටිමු.//
      (උඹේ පරණ යාළුවෝ ඒ කාලේ ලිව්ව එකක්)

      පරා මේකයි මචං. උඹ ගේම ඉල්ලනවා නම් වී ආර් රෙඩි. බට් ෆෝ ද ලාස්ට් බැට්ල්. එක්කෝ උඹ එක්කෝ අපි. අදින්න සර්ට් එකක් ගන්න නැතුව හිටිය උඹ එකපාරම මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර් ඇඳපු හැටි, සිටුකුමාරිට වික්ටෝරියා සික්රට්ස් අන්දවපු හැටි මෙතන ලියව ගන්න එපා.

      ඊලග පොස්ට් එකට යටින් උඹේ බෑන්ක් ස්ටේට්මන් එකක් පළ කරව ගන්නේ නැතිව හිටු. මතක තියා ගනින් පැරා ඒක අපි දාන්නේ උඹේ උප්පැනනෙයි ජාතික හැඳුනුම්පතෙයි සහතික කරපු පිටපතුත් එක්ක.

      අපිට උඹේ සිටු කුමාරිගේ බතුත් එපා, තේත් එපා, පම්පෝරි කළු අග්ගලා, වැලිතලපත් එපා.

      පැරා, නවත්තපන් ඩෝ උඹම කමෙන්ට් දාගෙන උඹම ඒවට උත්තර දීලා ලොකු හා හූ දාන එක.

      Delete
    6. ඉතින් බං ඔය කමෙන්ට් එකත් මං ම ලිව්වා වෙන්න බැරි ද?

      රයිට්. මම රෙඩි. දාපන් ඔය කියන ඒවා.

      Delete
    7. අහිංසක දරුවන් ගැන මේ ආකාරයට ලියන්න හැකි නරුමයින්ට පමණයි!

      Delete
  8. /////තුන්වන කාණ්ඩයේ පාසල් ක්‍රිකට් කියන්නේ ඇත්තෙන් ම තුන්වන පන්තියේ ගොන් වැඩක්////

    ගානක් කපාගන්න මාර්ගයක් විතරයි කියලා දන්න කෙනෙක් කිව්වා..

    ReplyDelete
  9. ෆේස්බුක් එකේ ලීවා වගේ මට ඔබගේ මේ ලිවීමේ ශක්තිය ගැන ආඩම්බරයි. ලංකාවේ අපි බොහොමයක් මේ ප්‍රශ්න වලින් බැට කෑවට අපි කවුරුත් එලිපිට කතා නොකරන ප්‍රශ්නයක් මේ පාසල් අධ්‍යාපන අර්බුදය. අපේ ළමයින් නිකම්ම නිකම් හිස් මිනිසුන් වෙනවා. මුදලේ අගය මතම හැම එකම තීරණය වෙනකොට ළමයිත් හිතන්නේ ඒක විතරයි. ඊටත් වඩා ගුරුවරුන්ගේ ඔය ටියුශන් මාෆියා එක ගැන ඇයි රජයට වගකීමක් ගන්න බැරි. ඇයි ළමයින් අශ්ව රේස් වලට නොදා ළමා වටපිටාවක් දෙන්න දෙමාපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට බැරි?
    සමහරක්ට ඕනේ ළමයින් ඉන්ටනැශනල් ස්කූල්ස් වලට දාන්න. ඒවයේ කියලා මහ වෙනසක් තියෙනවා කියලා මට නම් පේන්නේ නෑ රැල්ලට යනවා මිසක්...
    ඇපේ ළමා පරපුර කවදද මේ කාලකන්නිකමෙන් එලියට එන්නේ? අනුන්ගේ පව් ගෙවන්නේ?

    ReplyDelete
  10. අඩෝ පැරා... අහ ගත්තා නේද. ඇද්ද තොට...

    ReplyDelete
  11. පැරාට මඩ ගහල තියෙන්නෙ ජේ.ඩී.එස්. එකෙන් නම් වෙන්න බැහැ, බලන්න මිත්‍රවරුනි උන් කවදාවත් මෙහෙම දෙයක් ලියයිද. මේක දැකල නම් මට නම් ඇඬුණ.

    //සාමය සංහිදියාව යනු එක් පාර්ශ්වයකට පමණක් ළඟා කර ගත හැකි දෙයක් නො වේ. ඒ සඳහා දෙපාර්ශ්වයේ ම කැපවීම තිබිය යුතු ය.//

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.