2017-02-21

සරසවි ළමයින් වධකාගාර පවත්වාගෙන යන්නෙ, ඉස්කෝලෙ ළමයින් මහපාරෙ ගහගන්නෙ ඇයි?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක ළමයින් අතර ගුටිකෙළි ගැන පසුගිය සතියේ වාර්තා වුණා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලියට ගත් නිවසක් වධකාගාරයක් ලෙස භාවිතා කරමින් කණිෂ්ඨ සිසුන්ට නවක වධය දීම සඳහා යොදා ගැනීම පිළිබඳ පුවතක් ඊයේ වාර්තා වුණා. එම සිසුන් 1998 අංක 20 දරන නවක වධ පනතේ අංක 2, 2-II, 3 සහ 6 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඇතැමෙක් මේවා කොලු වැඩ ය කියලා බැහැර කරන්නට හදනවා. හැබැයි, අපේ ළමයින්, තරුණයන් මෙසේ ප්‍රචණ්ඩ වෙන්නේ ඇයි ද කියන එක ගැන අප ඊට වඩා ගැඹුරින් සිතන්නට ඕනැ.

එක පැත්තකින් ළමයින් තුළින් නිරූපණය වන්නේ සමස්තයක් ලෙස සමාජයේ තිබෙන ප්‍රචණ්ඩත්වය ම මිස අනෙකක් නොවෙයි කියලා තර්ක කරන්නටත් පුළුවන්. ඒ වුණාට අපේ අනාගත පරම්පරාව අපටත් වඩා නරක නම් ඒක ඉතින් ඇත්තෙන් ම කණගාටුදායක තත්වයක්. හේතුව, දැන් රටේ යුද්ධයකුත් නැහැ.

මං ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු නැති සාමාන්‍ය මෝඩයෙකු නිසා මට ඔය රැග් ගැන අත්දැකීම් තියෙන්නෙ වධකාගාරවලයි. හමුදාවේ තියෙන රැගිං මං දැකලා තියෙනවා. කවුරුහරි උසස්වීමක් ගත්තාම එහෙම දෙනවා නියම අමානුෂික රැගක්. ඒ නවක වධයයි, අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට දෙන වධයයි අතර වෙනස තියෙන්නේ හමුදාවේ නවකයා නො මැරෙන ගානට වධ දෙන එක විතරයි. ඒ වගේ රැගිං හමුදාවෙන් විශ්වවිද්‍යාලයට ඇවිත්, ආපහු විශ්වවිද්‍යාලවලින් හමුදාවට ගිහින් ආදී වශයෙන් එකිනෙකාගෙන් පෝෂණය වෙමින් දිගට ම සිදු වෙනවා වෙන්නට පුළුවන්.

ඒ වගේ නවක වධයක් විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි ඇතැම් ගුරු විද්‍යා පීඨවලත් තිබෙන බව මගේ අධ්‍යයනවලින් දැන ගන්නට ලැබුණා. දැන් ඔය පේරාදෙනිය කෘෂි විද්‍යා පීඨයෙන් මතු වී තිබෙන්නේ එවැනි නවක වධයක් පිළිබඳ තොරතරුයි. අප අමතක නො කළ යුතු කාරණයක් තමයි, 1975දී නවක වධය නිසා ස්ථිර ආබාධිතභාවයට පත් වී, අධ්‍යාපනය ද කඩාකප්පල් වී පසුව සිය දිවි නසා ගත් රූපා රත්නසීලිත් පේරාදෙනියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියක් බව.

නවක වධකයන් විසින් එයට එරෙහි වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ ශිෂ්‍යයාට පහර දීම නිසා ඔහු රෝහලේදී මිය ගියා.

නවක වධය සම්බන්ධ භයානක ම කාරණය වන්නේ එයට භාජනය වන නවක සිසුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විසින් දෙනු ලබන මිථ්‍යා මත විශාල ප්‍ර‍මාණයක් ජීවිතය පුරාම කරපින්නාගෙන යමින්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයේ යම් යම් සාධනීය ලක්ෂණවලට නවක වධය දායක වූවා යයි සිතමින් එය ආරක්ෂා කිරීම හෝ එයට විරෝධය පළ නො කර සිටීමයි.

මෙම විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ තිබෙන සින්නා, ජුන්නා, අයියා, මල්ලි වැනි ගොන් පාට් සංකල්ප ඇතැම් ප්‍ර‍ගතිශීලීන් පවා දිගට ගෙන යන ආකාරය මා දැක තිබෙනවා. විශ්වවිද්‍යාලයේ එකට සිටියදී ගොඩනැගුණු මිත්‍ර‍ත්වයන්ට හේතුව එම උප සංස්කෘතිය යයි සිතන අය නො සිතන කරුණක් වන්නේ ඔය වැනි මිත්‍ර‍ත්වයන් එකට හිරේ හිටිය අය අතරත් තිබෙන බවයි. අධ්‍යයනය කර බලන්න 71 සංසදය.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය රැක ගන්නට ඉවහල් කර ගන්නා තවත් එක් තත්වයක් තමයි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වී තිබෙන්නේ මේ උපසංස්කෘතිය නිසා ය යන මිථ්‍යා මතය. එය විශේෂයෙන් ම ප්‍ර‍වර්ධනය කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයෙන් පැවැත්ම තහවුරු කර ගන්නා වාමාංශික පක්ෂ විසිනුයි. ඇත්තම කියනවා නම්, අපේ රටේ රජය විසින් තෝරා ගත් සිසුන් පිරිසකට නොමිළේ දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නට කිසිදු යෝජනාවක්, කවුරුවත් මේ දක්වා කර නැහැ. පැමිණි යෝජනාවලින් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි කරන්නටත්, බරපතල අධ්‍යාපන ප්‍ර‍තිසංස්කරණ කරන්නටත් යෝජනා වුණා. එහෙත්, දිළිඳු දරුවන්ට රජයේ පාසල්වල, විශ්වවිද්‍යාලවල ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නට කිසිවෙක් යෝජනා කරලා නැහැ. ගෙනා යෝජනා පදනම් කරගෙන මෙවැනි අදහස් ප්‍ර‍බන්ධ වුණා. තමන්ගේ රජය යනු තමන් නොව වෙනත් අද්භූත සතුන් පිරිසක් ය කියා පිළි ගැනීමට සූදානමින් සිටින ලංකාවේ ඊනියා රැඩිකල් තරුණයන් හා සාමාන්‍ය ජනතාව හැමදාමත් මේ බෝල ගිල්ලා.

පේරාදෙනිය නවක වධයේදී සිසුන් පිරිස වධකාගාරය වෙත පැහැරගෙන යන්නේ යතුරුපැදිවලින්. මහපොළ දිළිඳු සහනාධාරය ගන්නා සිසුන් අතරත් යතුරු පැදි, නවීන ජංගම දුරකථන විතරක් නෙමෙයි, කාර් පවා තිබෙනවා. ඔවුන් ඇතැමෙක් පෞද්ගලික විභාග විතරක් නෙමෙයි, පෞද්ගලික ව්‍යාපාරත් කරනවා. විශ්වවිද්‍යාලවල ඉන්නේ දිළිඳු සිසුන් ය කියන එකත් අර උපසංස්කෘතියේ මිථ්‍යාවලින් එකක්. මේ පිළිබඳ පසුගිය දිනෙක උමේෂ් මොරමුදලි මෙවැනි සටහනක් තබා තිබුණා:

වෛද්‍ය විද්‍යාල වලට ඇතුල්වන සිසුන්ගෙන් 47% නාගරික සිසුන්ද 41% අර්ධ නාගරික සිසුන්ද 11% පමණක් ග්‍රාමීය සිසුන්ද වේ.
ශාස්ත්‍ර පීඨ වලට ඇතුල්වන සිසුන්ගෙන් 15% පමණක් නාගරික සිසුන් වන අතර 51% ග්‍රාමීය සිසුන් වේ.
මූලාශ්‍රය - උසස් අධ්‍යාපන අමාත්‍යංශය

අන්තරේ කයිය ගහන ආකාරයට සමාජයේ පහල ආදායම් ලබන ග්‍රාමීය සිසුන් මහ ගොඩක් වෛද්‍ය විද්‍යාලයට එන්නේ නැත. ටියුෂන් පිහිටෙන් වෛද්‍ය විද්‍යාලයට එන්නේ ඉහළ මධ්‍යම හා මධ්‍යම පාන්තික සිසුන්ය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව කරන්නේ එකී වෛද්‍ය සිහිනය ආරක්ෂා කිරීමේ සටන විනා නිදහස් අධ්‍යාපනයේ සටනක් නොවේ.

විශ්වවිද්‍යාල උප සංස්කෘතියට එරෙහිව අරගල නො කර, නවක වධය නැති කරන්නට බැහැ. නවක වධය ගැන මට ඉතා විසුළු සහගත අත්දැකීමක් තිබෙනවා. ඒ මහරගම ගුරු විද්‍යාලයේදී. අවුරුදු 28න් ගුරු වෘත්තියට බැඳුණු මා පුහුණුව සඳහා ගුරු විද්‍යාලයට බැඳුණේ වයස අවුරුදු 32දීයි. අපගේ කණ්ඩායමේ සිටි ගුරු සිසුන් අතර මට වඩා වියපත් අය රැසක් සිටියා. ගුරු විද්‍යාල (විද්‍යා පීඨ නෙමෙයි) බඳවා ගැනීමේ පටිපාටිය අනුව, යමෙකු ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ අවම අවුරුදු තුනකවත් සේවයකින් පසුවයි. ගුරු විද්‍යාලයේ සිටි බහුතරය අවුරුදු 25ට වැඩි අය. රජයේ සේවයේ වසර ගණනාවක් සේවය කර තිබුණ අය. ඒත්, විශ්වවිද්‍යාල යන්නට අවස්ථාව නො ලද, උසස් පෙළ සමත් හෝ අසමත් වී කාර්මික විද්‍යාල, ඩෙලික් වැනි පාඨමාලා කර ගුරු වෘත්තියට බැඳුණු මෙම පිරිස අතර විශ්වවිද්‍යාල සිහිනය දැකීමේ බොළඳ ආශාවක් මා ගුරු විද්‍යාල නවක වධය තුළ දැක්කා. හිනා කා මැරෙන කාරණයක් වුණේ අවුරුදු 25, 30 වූ ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් අවුරුදු 40, 45 වුණ කණිෂ්ඨ සිසුන්ට මල්ලි යයි කතා කිරීමයි. 

ඒ වන විටත් මා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ නිසා ‘ශිෂ්‍ය ව්‍යාපාරය' ගැන කතා කරමින් අපට රැග් කළ ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ මෝරච්ච ගුරු සිසුන් අඩු තරමේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්වත් වන්නට ඇතැයි මා සිතුවා. එහෙත්, පසුව බැලූ කල මට වැටහුණේ ඔවුන් ගුරු වෘත්තීය සමිතියකට බැඳුණොත් තමන් කැපිලි කෙටිලිවලට ලක් වනු ඇතැයි සිතා සිටි සාමාන්‍ය බියගුලු ගුරුවරුන් වූ බවයි. රජයෙන් පූර්ණ වැටුප් ලබමින්, අධ්‍යයන නිවාඩු මත ඉගෙනුම ලැබූ ගුරු සිසුන් මෙම ගුරු විද්‍යාල නායකයන් විසින් ඉතාම නීති විරෝධී, බොළඳ අරගලයකට යොමු කළා. ඒ, පුහුණුවෙන් පසුව අවුරුදු පහක් රජයේ පාසලක අනිවාර්යයෙන් ම වැඩ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සමග එළඹිය යුතු ගිවිසුමට එළඹීම වැළැක්වීමයි. එහෙත්, අවසානයේදී සහතිකය ලබා ගන්නට අනිවාර්යයෙන් ම ඒ ගිවිසුම දිය යුතු වුණා. මේ අය නවක වධය දිහා බැලුවේ විශ්වවිද්‍යාවල උපසංස්කෘතිය නිර්මානය කරන්නට ඉවහල් වුණ සාධනීය දෙයක් ලෙසයි. මා මේ කරුණ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාලවලින් බැහැර සමාජය පවා මෙම විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඉතා වටිනා දෙයක් බව කල්පනා කරන බව පෙන්වීමටයි.

මේ රැග් කිරීම පාසල්වල ශිෂ්‍ය භටයන්, ශිෂ්‍ය නායකයන්, ක්‍රිකට් කණ්ඩායම් ආදිය අතර විතරක් නෙමෙයි, රජයේ 10 ශ්‍රේණියේදී අලුතෙන් දිග කලිසම් අඳින මල්ලිලාට 11 වසරේ අයියලා රැග් කිරීම දක්වා ම පැතිරිලා තිබෙනවා. පාසල්වලින් බැහැරව රැකියාවලටත් මෙය පැතිරී තිබෙන බව පසුගිය කාලයේ බැංකුවකින් පිට වූ වීඩියෝවකින් පෙනුණා.

සමස්තයක් ලෙස, පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ සමාජය මීට වඩා අවදි විය යුතුව තිබෙනවා. බලය, පරපීඩන කාමුකත්වය, ආදරය ගැන සංවේදී නො වීම, සහකම්පනය නැතිකම වැනි කාරණා රැසක් නවක වධය සමග සම්බන්ධයි. නවක වධය අනෙක් පැත්තෙන් සමාජයේ තව බොහෝ දේ සමගත් සම්බන්ධයි. මෙය සරළ ප්‍ර‍ශ්නයක් නෙමෙයි. 

නවක වධය ගැන වැදගත් ලිපි දෙකක්‍:

වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද?

නවක වධය හා කාන්තාවන්ට එරෙහි හිංසනය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

21 comments:

  1. හැම තැනම මේ වගේ තමයි පැරා, තමන්ට කෙළ වෙනකම් අනුන්ට මොනව උනත් ගානක් නෑ.ඒ වගේම තව එකෙක්ට කෙළ වෙනව නම් ඊට වඩා සතුටකුත් නෑ.බහුතරයක් මේ වගේ.

    විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි, ඔය කොයි තැනත් *බැහැල ජීවත් වෙන්න* ගියාම ඔහොම තමයි.

    ReplyDelete
  2. මේක නවත්තන්න තියෙන එකම ක්‍රමය අහුවෙන එකාට උපරිම දඪුවම් දී විශ්ව විද්‍යාලයෙන් නෙරපීමයි සහ ඔහුට කවදාවත් රජයේ රුකියාවක් නොදීමේ නීතියක් හෙන ඒමයි. අනෙක , ඔය අයියා මල්ලී කතාව විශ්ව විද්‍යාලවලට ආවේ 88, 89 පස්සේ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. දැන් බන කියලා මුන්ව හදන්න උත්සාහ කළා හොඳටම ඇති. ඊළඟට තියෙන්නේ පොල්ලක් අරගෙන දෑත බැදලා බෙදන එකයි. රජයේ රැකියාවන් විතරක් නොවෙයි, රජයෙන් දෙන කිසිම සහතිකයක් (සාමාන්‍ය පෙළ ඉඳලාම) නොදී ඉන්නත් ඕනෑ. ඒත් එක්කම, අපේ හිත උණුවන ජනාධිපති තුමා මේ වැඩේට අත නොගහා ඉන්නත් ඕනෑ!

      Delete
  3. පැරා,

    මේ ගැන ලිපියක් අද ලිව්වා http://lankasithuwili.blogspot.com/2017/02/15.html
    විදේශ වල විස්වාවිද්යාල වල කිසිවක් නොමිලේ නෑ බොහෝවිට Student debt ගෙවන්න වෙනවා රැකියාවක් ලැබුනම.
    මේ සිසුන්ට වඩා විදේශීය සිසුවකු ගේ ජීවිතය ඉතා සංකීර්ණයි. ඔවුන් ඉගනගන්න ගමන් රැකියාවක් කරන්න ඕනේ, ගෙවල් කුලී සහ කෑම ඇදුම් වලට ගියාම ඔවුන් ට ඉතා අපහසු ජිවිතක් තමයි ලැබෙන්නේ නමුත් එහෙමයි කියල ඔවුන් තමන්ගේ තත්වයේ ඉන්න තව පිරිසක් පීඩනයට පත් කර සතුටු වෙන්නේ නෑ.

    මෙයට පක්ෂ අය කියන්නේ විශ්වවිද්‍යාල වලට යන්න බැරි අය ඉරිසියාවට කියන දෙයක් කියලයි නමුත් මේ අය කියන්නේ නෑ මේ අමානුෂික නවකවදය ලෝකයේ දියුණු විශ්වවිද්‍යාල වල නැතිබවත් අපි හිතාගෙන ඉන්න අපේ විශ්වවිද්‍යාල ලෝකය සමග සංසන්දනය කිරීමේදී 2000 වෙනි තැනටත් එහා සිටින බව මොවුන් ගේ සිගිති මොලේට තේරෙන්නේ නෑ.

    නරකද නවකවදය ට මේ කියන වාමාංශික ශිෂ්‍යයන්ට ලෝකයේ වැඩකට ඇති අලුත් නිමවුමක් කරලා පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. මෙන්න තියනවා මානුෂිය මුහුනුවර http://www.lankadeepa.lk/index.php/top_story/508645

      Delete
    2. උගන්ඩාවෙත් තියෙනවා ලෝකෙ මුල් විශ්වවිද්‍යාල 1000ට ඇතුළත් වන විශ්වවිද්‍යාල.

      Delete
    3. බුලින් කියන එක වෙනත් 'දියුණුයි කියා කියන' රටවල් වල තිබෙනවා. මේ ළඟදිත් දමිළ තරුණයෙක් දිවිනසාගෙන තිබුනා යුරෝපිය රටක.
      තව කෙනෙක්ව පිඩා කරලා සතුටුවීම කියන්නේ - ලෙඩක්. එයට ක්ෂණික සහ දීර්ඝ කාලින බෙහෙත් දෙන්න ඕනේ.

      රැග් කියන්නේ ඕවට නෙවෙයි. හරියට ටීම් බිල්ඩින් ඇක්ටිවිටි වගේ දෙයක් එයින් සහයෝගය, කුලෑටිකම මගහැරගන්න උදව් වෙනවා. මේවාට කියන්නේ 'අපරාධ'

      Delete
    4. දියුනු රටවල බුලීන් කියන එක ඉතා බරපතල වරදල් ලෙසයි සලකන්නේ.. ටීනේජර්ස් ඉන්නා පාසැල්වල කලාතුරකින් සිදුවුනොත් ඇරෙන්න දියුනු රටවල විෂ්විද්‍යාලවල බුලීන් නෑ... පාසැල් යන කාලයේදීම එවා වැරදියි කියා ශිෂයින්ට එත්තු ගන්නනවා...

      ලන්කාවේ රැගින් වල ඇති ටීම් බිල්ඩින් එකක් නෑ... තියෙන්නේ වාමාන්සික කල්ලි වල කාලකන්නියන් තමන්ගෙ බලය විස්වවිද්‍යාල වල තියාගන්න කරන උත්සහයක්

      Delete
  4. පර පිඩක සමාජයක් තමයි තියෙන්නේ අපිට.හැමෝම බලන්නේ කාව හරි පීඩනයට ලක් කරන්න.නවකවදයට විශ්ව විද්‍යාල"උප සංස්කෘතිය" කියලා අයිසින් කරන්න බැහැ.රටේ නීතිය අනුව මේ වධකයින්ට කටයුතු කරන්න ඕන.

    ReplyDelete
  5. මේ පීඨයේ පොලිස් නිලධාරි පුතෙක් වන පිරිමි ළමයෙක් අවුරුදු කීපයකට උඩදි රැග් කරලා අහු වුණා. අවුරුදු දෙකම ඌ කැම්පස් එකේ ඉඳන් සිමා කළා. උ⁣⁣ගෙ වියදම්වලට උගෙන් රැග් වුණ ළමයින්ගෙන් බලෙන් සල්ලි ගත්තා.

    මේකෙ රැග් කරන කොනමන් හෝල් එක තියෙන්නේ ඩීන්ගෙ ඔෆිස් එක පහළ. ඒ මෝඩයත් රැග් එකට උදව් කරනවා. නැතිනම් උගෙ කණ් ඇහෙන්නේ නැති වෙන්න ඕනැ පහළ සද්ද නොඇහෙන්න.

    ReplyDelete
    Replies
    1. ඌට අවුරුදු දෙකක් පංති තහනම් වෙලා හිටියෙ.

      Delete
  6. ඔය ඉංගිනේරු පිටයේ තමා නවක වදය වැඩියෙන්ම තියෙන්නේ . අන්තරේ ඉන්න ජේ වී පි හැත්ත ඔක්කොම හොර හැදුනුම්පත් හදාගෙන ගජේ ගහගෙන ඉන්නේ අක්බාර් ශාලාවේ. දේශණ ඉවර උන ගමන් පාරෙන් අනිත් පැත්තට නවකයෝ දක්කාගෙන යන්නේ පෝලිමේ . සිස්ය සංගම් වල ඉන්න ඔලුව උදුම්මවා ගත්ත ජෙප්පෝ සිසුන්ට අමනුසිකව වද දෙනවා . අක්බාර් ශාලාවට විනයරක්සක නිලදාරින්ට ඇතුල්වෙන්න අළුගෝසු ජෙප්පෝ ඉඩ දෙන්නේ නැහැ . මේක පාලනය කරන්න රටේ නිතිය අනුව පොලිසියට හමුදාවට බර දෙන්න ඕන එහෙම නොවුනොත් කිසිම දෙමාපියෙක් තමාගේ දරුවා අනාගතයේදී පේරාදෙණියට එවන්නේ නැති වෙනවා . මෙම අමන සිස්යන සංගම් තහනම් කලොත් මෙම වැරදි වැඩ නවත්තන්න පුළුවන් එකට විශ්ව විද්යාකල පරිපාලනය වගේම අචර්යවරුත් එකට වැඩ පිළිවෙලක් යොදන්න ඕන මේක ජාතික අවස්ය්තාවයක්.

    ReplyDelete
    Replies
    1. ඉන්ගිනේරු පිටේ නම් ජේස්ට ජෙප්පෝ නවකයන්ට හොදටම වද දීලා නිර්මාණ දැක්මකුත් තිබ්බලු දෙන්න පුළුවන් වද ටික ඔක්කොම දුන්නා. අචාර්යවරු මේ ගැන පොලිසියට වැඩේ බර දෙන්න සුදානම් කරලා සංගමේ ජෙප්පන්ට තර්ජනය කළාට පස්සේ ලෝකෙට පෙන්න පඩ ෂෝ ඉදිරිපත් කළාට දෙමවුපියෝ විදියට අපි කියන්නම් අපේ දරුවන්ට මොනවගේ වදද ජේස්ට කාලකන්නියෝ දුන්නේ කියල . තොපිට කවද හරි මේවට හෙන ගැහුවේ නැත්නම් බුදු දහම බොරු

      Delete
    2. ඉංජිනේරු පීඨයේ නවක වදය තියෙනවා කියලා මටත් ආරංචි උනා.

      Delete
  7. ඉතිහාසය/ඉස්සර රැග් දීපු / කෑපු එවුන් කවුද / පක්ෂය/දර්ශනය/විශ්වවිද්‍යාල තුල තත්වය/වින්දිතයාගේ තත්වය/වධකයාගේ තත්වය/නිදහස් අජ්ජාපනය/ආණ්ඩුව/හේතුව/ආර්ථිකය/ අධිරාජ්‍යවාදය/ධනපති ක්‍රමය ඔය මොන මලදානයක්වත් වැදගත් නෑ නවක වධය ගැන සැලකීමට.
    එය නින්දිත තගරි අපරාධයක්.
    රටේ සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයකින් දඬුවම් හා විනය පරික්ෂණයකින් විශ්ව විද්යාලයෙන් නෙරපුවාම හරි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝද මනුෂ්‍යයෝය, වෙනම නීතියක් නැත.

    ReplyDelete
  8. මෙන්න රැග් ගැන ගස්ලබ්බගෙ සත දෙක
    රැග් කරුවන් උල තියමු..!!
    ජයවේවා..!!

    ReplyDelete
  9. අර ෆොන්සේකා කිව්වා වගේ ලංකාවේ විශ්ව විද්‍යාලය කියන්නේ තවම මුදා නොගත් ප්‍රදේශයක්.

    ReplyDelete
  10. වෙන රටවල මොන්ටිසෝරියේ උගන්වන දේවල්, අපේ රටේ යුනිවසිටි ගිහිල්ලවත් ඉගෙනගන්නේ නැත්තේ ඇයි කියන එක පුදුමයක්. මම කියන්නේ බුලින්, රැගින් වගේ සමාජය පිලිකෙව් කරනා වැඩ.

    ReplyDelete
  11. කැරි වේසිගේ පොන්න පැරාටයි

    ඈ බොල කැරි වේස බල්ලෝ වමට කෙලින්නද පකෝ අර ගෑනුන්ගේ පුක මිරිකන කැරි හුත්තිගේ පුතාගේ පකේ බ්ලොග හරහා අක්ෂයට ගස්සවන්නේ? කැරියා තෝ කාපන් ගාසුවගේ ගූ.

    තෝ රුගක් ද වමෙන් ඉල්ලන්නේ වේසාවා? තෝව අපි ලගකදිම පුස්තකාල ඔඩියේදි නිරුවත් කරනවා. අපි තොගේ කැරුට්ටුව දන්න වමේ සීනියර්ස්ලා එක්ක මේ දවස්වල කතා කරමින් ඉන්නේ. ලෑස්ති වෙයන් වේසාවා.

    වැඩිදුර ලියන්නේ නැහැ තෝ මේවයෙනුත් පබ්ලිසිටි ගන්න නිසා. පක් ඕප් යූ බගර්.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු යකෝ, දැන් මං කිව්වොත් ඌ එහෙම කරනව ද?

      බොලාට පබ්ලිසිටි පාරක් ඕනැ නම් කෙළින් ඒක කියපල්ල බං. හැබැයි ඉතින් ඔය පකුංවලට නම් මාව බය කරන්න අමාරුයි.

      Delete
  12. රැග් කරන්න සෙට් වෙන්නේ එච්චර කාලයක් එක එකාට පච වෙවී ඉදලා යාංතං ජ්‍යේෂ්ඨ කියන තත්ත්වය හම්බ උනාම ඌට පොඩි කාලේ ටොකු ඇනපු උංගේ ඇරියසුත් ජුන්නන්ගෙන් කවර් කරන්ඩ හදන උං ටිකක් තමයි.හැබැයි ඕක උනුත් එක්ක ගේම ඉල්ලලා නම් නැති කරන්ඩ අමාරුයි.සීනියර් උන්ට බැරියර් එග්සෑම් එකක් දැම්මනම් ජූනියර් උං කැම්පස් එද්දි ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳෙයි කියලා හිතනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.