2017-02-13

රනිල් හා නවලිබරල් කෝකටත් තෛලය

නවලිබරල් ජාතිකවාදය 
අද ෆේස්බුක්හි නදී වාසලමුදලිආරච්චි නව ලිබරල්වාදය පිළිබඳ ඉතා වැදගත්, හරවත් සංවාදයක් ආරම්භ කර තිබුණා. එය ආරම්භ කර තිබුණේ විජය දිසානායකගේ සරළ පැහැදිලි කර දීමකින්. පහත දැක්වෙන්නේ එයයි.

නවලිබරල්වාදය යනු කුමක්ද?

නව ලිබරල්වාදය කියන්නේ පහුගිය අවුරුදු 30 ක විතර කාලේ ලෝකේ පුරාවට ව්‍යාප්ත වුනු ආර්ථික ප්‍රතිපත්ති මාලාවක්. ඉංග්‍රීසියෙන් ලිබරල් කියන වචනෙ ගත්තහම දේශපාලන, ආර්ථික එහෙමත් නැත්නම් ආගමික අදහසක් අපේ හිතට එන්නේ. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්, “නියෝ" කියල කියන්නේ “නව" කියන අදහස. එතකොට “නියෝලිබරලිසම්" කීවම ඒකෙන් අදහස් කරන්නේ නව ආකාරයක ලිබරල්වාදයක්. එතකොට අපේ හිතට නැගෙන ප්‍රශ්නය තමයි, “එහෙමනම් පරණ ලිබරල්වාදය මොකක්ද?" කියන එක.

ආර්ථික විද්‍යාව සම්බන්ධ ලිබරල් මතවාද යුරෝපය පුරා වඩාත් ජනප්‍රිය වුනේ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් නිසයි. ඔහු 1776 පොතක් ලීවා, “ද වෙල්ත් ඔෆ් නේෂන්ස්" කියල. එයා නියෝජනය කරපු ගුරුකුලය පෙනී සිටියේ ආර්ථිකය හා සම්බන්ධ කාරණාවලදී රජය බලපෑම් නොකළ යුතුයි කියලයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී, ආණ්ඩුවක් ඇයි මැදිහත් වෙන්නේ? වාණිජ කටයුතුවලට ආණ්ඩුව අතපෙවීමෙන් වැළකිය යුතුයි. බදු පැනවීම නොකළ යුතුයි. රටක ආර්ථික වර්ධනයට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි නිදහස් වෙළෙදාම. මෙන්න මේ අදහස තමයි “ලිබරල්" කියල අදහස් කෙරුණේ. සරලම අදහසින් ගත්තොත් මේකේ අදහස තමයි “වෙළෙදපොලට නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දිය යුතුයි" කියන කාරණය. ඒ වගේ තත්වයක් තුළ ධනපතියන්ට ලාබ ලබා ගැනීමේ අවකාශයක් උදා වෙනවා. කවුරුවත් අහන්නේ නෑ “ඇයි මෙහෙම කරන්නේ?" කියල.

එතකොට 1800, 1900 වගේ ශතවර්ෂවල අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය හා සම්බන්ධව තිබුණේ ලිබරල් මතවාද. ඒත් 1930 අමෙරිකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒකට කියන්නේ “ද ග්‍රේට් ඩිප්‍රෙෂන්" ඒත් නැත්නම්, “මහා අවධමනය" කියල. මේ අර්බුදයේදී ඉදිරියට ආපු ආර්ථික විද්‍යාඥයෙක්, තමයි ජෝන් මේනාර්ඩ් කේන්ස්. එයා ආර්ථිකය හා සම්බන්ධ ලිබරල් මතවාද අභියෝගයට ලක්කරමින් අළුත් න්‍යායක් ඉදිරිපත් කළා. කේන්ස් කීවා, ධනේෂ්වර පංතියට ලාබය ඉපදවීමට නම් අනුගමනය කළයුතු හොදම ප්‍රතිපත්තිය තමයි, රජයේ මැදිහත්වීම කියල. එයා ඉදිරිපත් කරපු අදහස් සරළවම ගත්තොත්, පූර්ණ සේවා නියුක්තියක් ලබා ගන්න නම් රජය සහ මහ බැංකු රැකියා නියුක්තිය සදහා මැදිහත් විය යුතුයි කියන කාරණය තමයි ඉස්මතු වෙන්නේ. අමෙරිකා එක්සත් ජනපදයේ ඒ කාලයේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට්ගේ “නිව් ඩීල්" එහෙමත් නැත්නම්, “නව සම්මුතිය" කියන වැඩපිළිවෙලට කේන්ස්ගේ අදහස් දැඩි බලපෑමක් ඇති කළා.

ඇත්තටම ගත්තොත් අමෙරිකානු ජනජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කරන්න මේ ආර්ථික ප්‍රතිපත්ති ඉවහල් වුනා. රටක ආර්ථික සුබසාධනය සදහා රජය මැදිහත් විය යුතුයි කියන එක තමයි මෙතෙන්දී හයිලයිට් වුනේ. ඒත්, කාර්ල් මාක්ස් වගේ ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයෝ කල් තියා දැක්ක වගේ, ධනේෂ්වර ආර්ථිකය පහුගිය අවුරුදු 30 විතර කාලයේ බරපතල අර්බුදයකට මුහුණ පෑවා. ලාභය අඩුවෙන්න පටන් ගත්තා, මේ තත්වය තුළ සමාගම්වල හිමිකාරීත්වය සහිත ධනේෂ්වර පංතියට අර ආර්ථිකය හා සම්බන්ධ ලිබරල් මතවාද ආපහු හඳුන්වා දෙන්න සිද්ධ වුණා. මේක තමයි “නියෝ", එහෙමත් නැත්නම් “නව" කියල අදහස් කෙරෙන්නේ. එතකොට අපි අද ගෝලීය මට්ටමෙන් දකින්නේ මේ නව-ලිබරල්වාදය හා සම්බන්ධ ආර්ථික ප්‍රතිපත්ති.

මම තව පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්, මේ නව-ලිබරල්වාදයේ කැපී පෙනෙන කාරණා කීපයක් තියෙනවා:
1. වෙළඳපොළට සියල්ල තීරණය කිරීමට ඉඩ දිය යුතුයි.
2. සමාජ සුබසාධනය සදහා පොදු වියදම් කප්පාදු කළ යුතුයි.
3. ලාභය ඉපැයීමට තියෙන බාධා ඉවත් කළ යුතුයි. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩීරෙගුලේෂන් කියා.
4. හතර වෙනි කාරණය තමයි, පෞද්ගලීකරණය. රජය සතු ව්‍යාපාරික ස්ථාන, භාණ්ඩ හා සේවාවන් පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියන එක.
බැංකු, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග, විදුලිය, පාසැල්, රෝහල්, ඇතැම්විට අපි බොන ජලය පවා පෞද්ගලික අංශයේ අයිතියට පවරා දීම මේ නවලිබරල්වාදය යටතේ සිද්ධ වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි කරන්න මේක අත්‍යාවශ්‍යයයි කියල කියමින්, සිද්ධ වෙන්නේ මේක තමයි. මේ ක්‍රමය තුළ තමයි, ටික දෙනෙක් අතේ ධනය ගැවසෙන්නේ.
5. පොදු සුබසාධනය, එහෙමත් නැත්නම් ප්‍රජාව වෙනුවට “පෞද්ගලික වගකීම" කියන අදහස මේ යටතේ ඉදිරියට ආවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය හා සම්බන්ධයෙන් විසදුම් සෙවීමට දිළිඳු ජනතාවම ඉදිරිපත් විය යුතුයි, අකාර්යක්ෂමතාවට හේතුව කම්මැලි කම, මේ වගේ අදහස් සමාජගත කිරීමක් මේ යටතේ සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සුත් හිතනවා, වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න නම් රාජ්‍ය අංශය සතු සේවාවන්, සමාගම්, සියල්ල පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියල.

මේ පැහැදිලි කිරීම ඉතා සරළ, පහසුවෙන් තේරුම් ගත හැකි එකක්. හැබැයි නව ලිබරල්වාදයට ඉතා පැහැදිලි නිර්වචනයක් නැහැ. එ් නිසා කිසිම පැහැදිලි කිරීමකට එහි සියලු පැතිකඩ අසු වන්නේත් නැහැ. එයට කේන්ස් වගේ පියෙක් ද නැහැ. ධනවාදී කඳවුර පැත්තෙන් තමන් නව ලිබරල්වාදී ය කියා කවදාවත් පිළිගන්නේත් නැහැ.

කේනීසියානු ආර්ථික උපායමාර්ගයත් එක්ක වුණ සිදු වූ දෙය තමයි ජාතීන් තුළ දැවැන්ත රජයන් ගොඩනැගුණු එක. වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල ආර්ථික අර්බුදයට හේතුව වන්නේ දැවැන්ත රජයන් නඩත්තු කරන්නට අපහසු වීම හා ඒවායේ කාර්යක්ෂමතාව නංවන්නට අසමත් වීම. ඒ වෙනුවෙන් අධික බදු අය කිරීම නිසා ජනතාව වගේ ම ව්‍යවසායකයන් මතත් දැඩි පීඩනයක් ඇති වෙනවා.

ඇත්තට ම නව ලිබරල්වාදී ය කියා අප හඳුනා ගන්නා බොහෝ ක්‍රියාමාර්ග කේනීසියානු ආර්ථික උපායමාර්ගයේ අසාර්ථකත්වය නිසා ධනවාදයට ආපසු හැරෙන්නට සිදු වීමත් සමග ඇති වූ තත්වයන්. එය බොහෝ දුරට ධනවාදය පැවැත්ම තහවුරු කර ගැනීමට කරන ප්‍රතිව්‍යූහගත වීමක්. හැබැයි, ඒ සමග ම වෙළඳපොළ නිදහස සම්බන්ධ අන්තවාදී මතවාදත් ගොඩනැගුණා.

මේ වකවානුවේ ම තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදනයේත් විප්ලවයක් වුණා. ප්‍රවාහනයේත් දැවැන්ත සංවර්ධනයක් සිදු වුණා. ඒ සමග ම ප්‍රාග්ධන වෙළඳපොළ ගෝලීයව ප්‍රසාරණය වුණා. නිෂ්පාදනය ගෝලීයකරණය වෙන්නට පටන් ගත්තා. භාණ්ඩ නිෂ්පාදනය ගෝලීයකරණය වුණා. ඒකට ඒ වනකොට තිබුණු ලෝක තත්වයන් මහෝපකාරී වුණා. දියුණු ධනේශ්වර රටවල ශ්‍රමයේ මිළ ඉහළ නිසා ලාභ ශ්‍රමය වෙනුවෙන් කර්මාන්තකරුවන් ධනවාදයේ පරිවාරයේ රටවල් වෙත ගියා. මෙයින් නැවත වතාවක් ධනේශ්වර ආර්ථිකයට බූස්ට් එකක් හෙවත් උත්තේජනයක් ලැබුණා.

හැබැයි ප්‍රාග්ධනය කේන්ද්‍රයෙන් පිටට ගලා යනකොට කේන්ද්‍රෙය් රටවලත් අලුත් අර්බුද ඇති වුණා. රැකියා හා වැටුප් අඩු වුණා.

1990 දශකයේදී හා 2000 දශකයේ මුල් භාගයේදී ප්‍රාග්ධන ගෝලීයකරණය තුළ සිය ආධිපත්‍යය අලුත් වටයකින් තහවුරු කර ගැනීම සඳහා දියුණු ධනේශ්වර රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන හරහා වෙළඳපොළ නිදහස් කිරීමේ බලහත්කාරී වැඩසටහනක් ලෝකයේ සෙසු රටවල් මත පැටවීමට ප්‍රබල උත්සාහයක් දැරුවා. එම වැඩසටහන තුළ ජාතිකවාදය ඉක්මවා නව දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමේ සාධනීය ලක්ෂණත් තිබුණා. උදාහරණයක් තමයි යුරෝපා සංගමය. යුරෝපා සංගමය යනු මෑත ඉතිහාසයේ ගොඩනැංවෙමින් තිබුණු පුළුල් ම දේශපාලන ප්‍රජා පදනමයි. එය තුළ ප්‍රාග්ධනයට විතරක් නෙමෙයි ශ්‍රමයටත් නිදහස් සංචලනයේ අයිතිය තහවුරු වුණා.

හැබැයි, කිසිම දෙයක් සුමට විදියට සිදු වුණේ නැහැ. විශේෂයෙන් ම ශ්‍රමයේ නිදහස් සංචලනයට ඉඩ හැරීම දියුණු ධනේශ්වර රටවලට බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන තත්වයක් නිර්මානය කළා. ඒ නිසා ලෝකයට ඔවුන් ප්‍රවර්ධනය කළ වෙළඳපොළ නිදහස්කරණය ශ්‍රමය සම්බන්ධයෙන් දැඩිව සීමා කරන්නට ඔවුන්ට සිදු වුණා. ඒ විතරක් නෙමෙයි, ඒ වෙනුවෙන් ජාතිකවාදයේ අලුත් ස්වරූපයන්ටත් ඉඩ දෙන්නට සිදු වුණා.

ඒ නිසා ශ්‍රමය හැර වෙනත් ධනයක් නැති සංවර්ධනය වෙමින් පවතින රටවලින් මේ ප්‍රාග්ධන ගෝලීයකරණ උපායමාර්ගයට විරෝධය පළ කෙරුණා. ඒ එක්කම දියුණු ධනේශ්වර රටවල් තව දුරටත් උත්සාහ කළේ ප්‍රාග්ධනය ගෝලීයව සංවිධානය කරමින් ශ්‍රමය ජාතිකවාදය තුළ සිර කරන්නටයි. පරිවාරයේ රටවලින් ආරම්භ වූ අලුත් ජාතිවාදී රැල්ල අවසානයේදී අද වන විට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය පවා කඩා බිඳ දමන තැනට වර්ධනය වෙලා.

ඒක අනෙක් පැත්තට ප්‍රාග්ධන ගෝලීයකරණයටත් බල පා තිබෙනවා. දැන් ට්‍රම්ප් වගේ ජාතිවාදීන් උත්සාහ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටට ගිය ප්‍රාග්ධනය ආපසු කැඳවා ගන්නටයි. වර්තමානයේ නව ලිබරල්වාදය තියෙන්නේ ඉතා සංකීර්ණ තැනකයි. උදාහරණයක් ලෙස ට්‍රම්ප් ට්‍රාන්ස් පැසිෆික් ආර්ථික සහයෝගිතාව ආපසු හරවන්නට හදනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා. හැබැයි, ලංකාව, ඉන්දියාව වගේ රටවල් ආර්ථික ගිවිසුම් හරහා වෙළඳපොළ නිදහස් කරන්නටත් උත්සාහ කරනවා. චීනයත් වැඩේට එන්ටර් වෙනවා. දැන් නව ලිබරල්වාදය කියන්නේ අගක් මුලක් සොයාගන්නට බැරි නූල් බෝලයක් වගේ පටලැවිල්ලක්.

මේ ඔක්කොම අස්සෙ එක් පිරිසක් හැම රෙද්දට ම නව ලිබරල්වාදය ය කියනවා. විශේෂයෙන් ම වාමාංශිකයන්ගේ කටේ ම තියෙන්නෙ නව ලිබරල්වාදය කියන වචනයයි. ඔවුන්ට නො තේරෙන හැම දෙයක් ම ඔවුන්ට අනුව නව ලිබරල්. හැබැයි, ඔවුන් කියන විධියේ සංවිධිත, ආක්‍රමණශීලී නවලිබරල්වාදී වැඩසටහනක් ලෝකයේ තියෙනවා ද කියන එක සැකසහිතයි.

උදාහරණයක් ලෙස ලංකාවේ රනිල් වික්‍රමසිංහ ගත්තොත්, ඔහු 2003දී යෝජනා කරපු ආර්ථික වැඩසටහන ඒ වකවානුවේ හැටියට දැඩි නවලිබරල්වාදී වැඩසටහනක් ය කියන්නට පුළුවන්. එම වැඩසටහන පිටුපසින් ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, නෝර්වේ, ෆින්ලන්තය වගේ දියුණු ධනේශ්වර රටවල්වල ශක්තියත්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව ආදියත් ආක්‍රමණශිලී ලෙස ක්‍රියාත්මක වුණා. හැබැයි, මහින්ද රාජපක්ෂගේ දශකය තුළ ඒ සියල්ල ආපසු හැරුණා. ලෝක පරිමාණෙන්මත් ගෝලීයකරණ වැඩසටහනට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු වුණා. පරිවාරයේ රටවල අධිපති පංති වන ධනේශ්වර හා මධ්‍යම පංතිත්, කේන්ද්‍රයේ රටවල මධ්‍යම හා කම්කරු පංතිත් ගෝලීයකරණයට විරෝධය පළ කළා. හැබැයි එක තැනක ඉඳන් නෙමෙයි. වෙනස් අරමුණු සහිතවයි. අවසානයේ දියුණු ධනේශ්වර රටවල පාලක පංති තුළ පවා ගෝලීයකරණය අනුරාගයෙන් දරාගෙන ඉදිරියට ගෙන යාම අතහැරියා. දැන් මේ නව ලිබරල්වාදී ව්‍යාපෘතියට පියෙක් නැහැ. ඇත්තම කියනවා නම් එහෙම දරුවෙක් ඉන්නවා ද කියන එකත් පැහැදිලි නැහැ.

2015 ශ්‍රී රනිල්ගෙන් මෙම තත්වය පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. මහින්ද රනිල්ට දෙන්නේ ධනපති පංතියක් නැති ධනේශ්වර ආර්ථිකයක්. ඒකෙ රනිල්ගේ 2003 යළි පුබුදමු ශ්‍රී ලංකා වගේ ව්‍යාපෘතියක් ඔසවන්නට උවමනාව තිබෙන ශක්තිමත් ධනපති පංතියක් නැහැ. 2003ත් ලංකාවෙ මහා ශක්තිමත් ධනපති පංතියක් හිටියෙ නැහැ. හැබැයි ඒ වැඩසටහන පිටුපස ලෝක ආර්ථික හා මිලිටර් බලවතුන් හිටියා. 2015 වන විට රනිල් හාමු අද තනියම වෙල මැද්දේ.

2015 ශ්‍රී රනිල් කියන්නේ 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කරන්නට හා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන්නට ශක්තිය තිබුණු රනිල් නෙමෙයි. අද වන විට ඔහු මහ දියාරු සෙවල ධනේශ්වර පාලකයෙක්. ඔහු අසරණයි. ඔහුට උපකාර කරන්නට ඔහුගේ ප්‍රියතම බටහිර රටවල්වත් නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. අඩු ගානේ ෆොක්ස්වැගන් කොම්පැනියවත් ඔහුට උදව් කළේ නැහැ.

වර්තමානයේදී ඔහුගේ වැඩසටහන තුළ ධනවාදයට සුරැකීම සඳහා අවශ්‍ය ඩිකේනීසියානු (කේනීසියානුහරණ) වැඩසටහනක්වත් නැහැ. 2003 වසරේ රනිල් හා 2015 රනිල් අතර වෙනස හොඳින් හඳුනාගන්නට පුළුවන් තැන තමයි මධ්‍යම පංතිය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවේශය.

නව ලිබරල්වාදය සරළව පැහැදිලි කරන එක ඉතා හොඳයි. හැබැයි, ඒක වර්තමාන සංදර්භය තුළ තිබෙන්නේ දැඩි සංකීර්ණත්වයක බවත් අප වටහා ගත යුතුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

23 comments:

  1. නව රනිල් වික්‍රමසිංහ කෙනෙක් නිර්මාණය වී තිබෙන්නේ ඉහත දැක්වූ කරුණු විතරක්මද? මානව අයිතීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් ඇතිවී තිබෙන ආකල්ප සහ නීති රීතින්ද බලවත් බලපෑමක් කරන බව මා සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කිසිම විග්‍රහයකට පවත්නා සංකීර්ණත්වයේ සියලු පැතිකඩ ග්‍රහණය කර ගන්නට බැහැ.

      Delete
  2. නියෝලිබරල්ලා නෑ. හැමෝම අඩු වැඩි වශයෙන් කන්සර්වේටිව් ලා.

    ReplyDelete
  3. මේක කියෙව්වම හිතාගන්න තියෙන්නේ අපේ රට හදන්න බෑ මේ කපේට. මේ ලබ්බේ තවත් ඉන්නවට වඩා හොදයි කකාලා වගේ වෙන කොහේ හරි දියුණු රටකට පැනලා මේකේ ඉන්න ගෙම්බොන්ට කෝචෝක් කර කර ඉන්න එක.

    ඒක නෙමෙය පැරා, විචාරක මහතා පේන්න නැත්තේ ඇයි? අසනීප වෙලා කියලා මාතලන් පොස්ට් එකක දාලා තිබ්බා මාසෙකට විතර කලින්. තාම එතුමාට හොද නැද්ද? පැරා හරි වෙන විස්තර දන්න කෙනෙක් කියන්න. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දැන් උන්නැහේට සනීපයි... විවේක සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා...

      Delete
  4. අරුණි ශපිරෝ එදා ඉඳන් කියන්නේ ඕකම තමයි..

    ඒකයි මම බුකියේ ලිව්වේ..

    // වමේ ගොන්නුන්ට බැනලා වැඩක් නැතෙයිය..

    රුසියන් පොත් පරිවර්තනය කරපු උන්ටය බනින්න ඕන කියලා... //


    අරුණිත් මෙහෙම කියනවා

    // කාල් මාක්ස්ගේ චින්තනය විවිධාකාරයෙන් සිංහලට නැඟූ පොත්පත් රාශියක් වුවත්, 1776 දී ඇඩම් ස්මිත් ලියූ "ජාතීන්ගේ ධනය" 2017 වෙද්දීත් සිංහලෙන් ප්‍රකාශයට පත් වී නැත.//

    ReplyDelete
    Replies
    1. //වමේ ගොන්නුන්ට//
      වමේ ඉන්නේ ගොන්නුනම් ඔයා කවුද. ඔයා හෙන සිරා ඉගෙන ගත්ත සියල්ල දන්නා කෙනෙක්ද.ඔයා ඔච්චර ඉගෙනගත්ත සිරා පොරක්නම් ඔයාව කවුරුවත් ගනන් ගන්නේ නැත්තේ ඇයි. ඔයාටයි ඔයාගේ ඔය සිරා අරුනිටයි සින්හලෙන් අපට විතරක් ලියන්නේ නැතුව ඉකොනොමිස්ට් ෆෝබීස් වගේ සගරාවකට ලියන්න පුලුවන්නේ.ලියලා අපටත් පෙන්වන්න කෝ. ඔය ඔයාගේ අරුනි සින්හලෙන් අපට ලිය ලියාදගලන්නේ එයා ඉන්න රටේ ප්රධාන දාරාවේ පුවත්පතකට එයාගේ ඔය සිරා නොලේජ් එකේ කොලමක් ලියනවා වගේ වැඩ පෙන්නන්න පුලුවන්නේ.
      ඔයා ඔය කතාකරන ඇඩ්ම් ස්මිත්ගේ පොත දැකලවත් තියෙනවද.අඩු ගනනේ පිටකවරේවත්.

      Delete
    2. වමේ බහුතරය සිංහල පොත්වත් කියවන්නෙ නෑ. කියවපු උන් ගහන බයිලා අහන් ඉඳගෙන ඌට මල් තියලා වඳිනවා.

      Delete
    3. දැන් එතකොට මාතලනුත් වමේද? ඌ පොත කියවලත් නෑ. ඒත් කියවලා තියෙනවයි කියන අරුණිට මල් තියලා වදිනවා.

      Delete
    4. P. M RambandaFebruary 14, 2017 at 1:28 PM

      වමේ බහුතරය සිංහල පොත්වත් කියවන්නෙ නෑ. කියවපු උන් ගහන බයිලා අහන් ඉඳගෙන ඌට මල් තියලා වඳිනවා.

      +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. මාතලන්කාරයා හිතාගෙන ඉන්නේ ඒ පොත අර බොඳ මීදුම් වගේ එකක් කියලා.

      Delete
  5. මාතලන් දන්නෙ නැති වුනාට දන්නවා වගේ ඉන්න දස්සයා. දැන් ඉතින් කියයි පිට කවරෙ දැකලා විතරක් නෙවයි ඇඩම් ස්මිත්ට ඒක හදල දුන්නෙත් ඌය කියලා

    ReplyDelete
    Replies
    1. ගොන්නු දෙන්නෙක්ම තොප්පි දාගෙන තප්පුලලා තියෙන්නේ.. 😎

      Delete
    2. ඉතින් මාතලන් උඹට පුලුවන්නේ ඔය පොත සින්හලට පරිවර්තනය කරන්න .අපි වගේ ගොන්නුන්ට පේන්නත් එක්ක.උඹ නොදන්න දෙයක් නැහැනේ .ඕක පරිවර්තනය කරන එක කජු කනවා වගේ තියෙයි.

      Delete
    3. මාතලන්ට තරම් foreign exposure එකක් උඹලට තියනවද?

      Delete
    4. වැඩක් තියේය...නායකයෝ කිව්වොත් විතරනේ කියවන්නේ... උන් උඹලටත් වඩා ගොන්නු නේ...

      මේ දවස්වල කරන කතාවලින් අගේට පේන්නේ...

      Delete
    5. අපේ අම්ම ඒ කාලෙ කුවේට් වල හවුස් මේඩ්.තාත්තා ඩ්‍රයිවර්. එහෙදි තමයි දෙන්නා සෙට් වෙලා තියෙන්නේ.තාත්තා බීපු වෙලාවට කියන විදියට එහෙදිම තමයි මම.......
      දැන් ඔය මාතලන්ට තියෙන එක්ස්පෝශ එක මොකක්ද

      Delete
    6. දැන් ඔය එන්ගලන්තෙ ඇමරිකාවේ බස් ඩ්‍රැයිවර්ලා කඩවල වැඩකරන අය ඔක්කොම කතාකරන්නේ ලියන්නේ ඉන්ග්‍රීසිනේ.එහෙම කියලා උන් පොත් ලියන්න යනවද.ඒකට අපෙ වුන්.සුද්දෙක් එක්ක වචන කීපයක් කතා කරපු ගමන් ලයිෆ් ස්ටයිල් එක්ස්පර්ට්.නොදන්න දෙයක් නැහැ.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. ඔය ද වෙල්ත් ඔෆ් නේශන්ස් ලියපු ඇඩම් ස්මිත් කලින් වැඩ කරලා තියෙන්නේ සෙලින්කෝ ගෝල්ඩන් කී කියලා හොර ගුහාවක.උනුත් අර සක්විති වගේ ලොකු පොලී දෙන්නම් කියලා මිනිස්සුන්ගේ සල්ලි අරන්.පස්සෙ අර සක්විතිට වුනා වගේම වැඩේ කෙලවිලා.ස්මිත් කාරයාගේ පස්සත් නැතිව තමයි එලියට වැටිලා තියෙන්නේ.ඔය වගේ එවුන් තමයි රට හදන්න උපදෙස් දෙන්නේ.

      Delete
    9. මාතලන්ගෙ ජාතකේ ගැන පෝස්ට් එක අහක් කරේ ඇයි රත්තරනේ....

      Delete
  6. පැරා මුන් ආයෙත් අල කරනවා.
    සුද්දෙ පටන් ගන්න වෙයි.

    ReplyDelete
  7. ට්‍රම්ප්ගේ ඇමරිකාව කඩාබිදන තරම් ජාතිවාදී රැල්ලක් ඇතිවෙලා තියෙනවා කීම නම් වම්මුන්ගේ බයිලයක්... ට්‍රම්ප් කියන්නේ යම් තරමකට ආරක්ෂනවාදී ආර්තික ප්‍රතිපත්ති වලත කැමති ජාතිකවාදියෙක් විනා පට්ට සුදුජාතිවාදියෙක් නෙමේ... ටර්ම්ට මිනිස්සු ඡන්දෙ දුන්නෙත් හිලරිලා ඇතිලු ඇමරිකාවේ ඩිමොක්‍රැටික් වම (මෙය ලන්කාවේ වම හා පටලවා නොගන්න ) ඇමරිකාවේ සුලු ජාතීන් මහා මර්ධනයකට අසුවෙලාය, සුදු ජාතික පිරිමින් හැර අනෙක් සියලු දෙනා පීඩාවට පත්වූවන්ය වගේ බොරු මත පතුරුවලා ඇමරිකාව බිදවන්න හදපු එකට උත්තරයක් විදිහට... අනෙක් අතත ඇමරිකාවේ නීති විරොදී සන්ක්‍රමනිකයින්ගෙ ඇමරිකානු වැදකරන ජනතාවට හානියක් වෙනවා.. ඒක ජාතිවාදී මතයක් නොවේ, මහපොලවෙ සත්යක්.. මේ ඔක්කොම ට්‍රම් ගෙජයග්‍රහනයට බලපෑ හේතු.. ස්පාඥය කත

    බ්‍රිතාන්‍ය යුරොපා සංගමයෙන් වෙන්වන්න බලපෑ ප්‍රධාන හේතුව සරනාගත වෙශයෙන් එන ඉස්ලාමීය ආක්‍රමනය..

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.