2017-02-04

ප්‍රශ්නය සයිටම් නො වේ; අධ්‍යාපනයේ නිදහස අවශ්‍ය ද නැද්ද යන්නයි

විසඳුම් 
ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ මොහොතේ ඇති වී තිබෙන සංවාදය මා නම් අර්ථකථනය කර ගන්නේ පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍ය ද, නැද්ද කියන තැනින් නෙමෙයි. මා මෙය ගන්නේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යතාව ඇති අයට බාධාවකින් තොරව අධ්‍යාපනය වෙත ප්‍රවේශ වීමේ අධ්‍යාපනික නිදහස අවශ්‍ය ද නැද්ද කියන තැනිනුයි.

උසස් අධ්‍යාපනය වෙළඳපොළකරණයට ලක් කළ යුතු ද කියන ප්‍රශ්නයේදි මට නම් කියන්නට තිබෙන්නේ අවශ්‍යතාව අනුව අධ්‍යාපනය ලැබීමේ නිදහස තිබෙනවා නම්, එය වෙළඳපොළකරණය විය යුතු නැති බවයි. අනෙක් පැත්තෙන්, තමන් ලබා ගන්නා අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් හා වෙනත් සේවා සපයන්නන්ට ගෙවීම් කිරීම අධ්‍යාපනය වෙළඳපොළකරණයක් නෙමෙයි. වර්තමානයේදී නිදහස් අධ්‍යාපනය ලෙස හැඳින්වෙන, රජය විසින් තෝරා ගත් පිරිසකට පමණක් මහජන මුදලින් අධ්‍යාපනය ලබා දීමත් වෙළඳපොළ එක්ක සම්බන්ධයි. මන්ද, ඒ වරප්‍රසාදිත පිරිසගේ අධ්‍යාපනය වෙනුවෙන් සේවා සපයන්නන්ට ගෙවීම සඳහා මේ රටේ පොදු මහජනතාවගෙන් බදු අය කර ගන්නේ සිල්ලර කඩය, මාළු මාකට් එක වැනි තැන්වලදීයි. වරප්‍රසාදිත පිරිසකට නොමිළේ ලැබෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත් මේ රටේ මහජනතාව ගෙවනවා. ඒ නිසා නිදහස් ය කියන දේටත් මිළක් තියෙනවා. 

ලාභය අරමුණු කර ගත් අධ්‍යාපනය විතරක් නෙමෙයි, ලාභය අරමුණු කර ගත් සිංදු කීම, ඕපාදූප කීම වැනි දේ වුණත් නරක දේවල් බව අමුතුවෙන් කියන්නට ඕනැ නැහැ. හැබැයි ඉතින් ලාභය නැති ධනවාදයක් ගැන අපි නම් දන්නෙ නැහැ. ලාභ නො ලබන සමාගම් ලෙස ලියාපදිංචි කරන ඔය රාජ්‍ය නොවන සංවිධාන හා ගැරන්ටි ලිමිටඩ් පවා මතු ආයෝජන වෙනුවෙන් ලාභ ලබනවා. ඒවායේ ලාභය වැටුප් ලෙස සේවකයන්ට යනවා. දැන් ඔය ලොකු ලොකු ධනේශ්වර සමාගමුත් ලොකු ලාභ ලබන්නේ නැහැ නේ. ඒ වුණාට ලක්ෂ පනහ, හැට මාසික වැටුප් ලෙස ඉවතට ගන්නේත් ලාභය ම තමයි.

හැබැයි, ලංකාවේ ලාභ ලබන සමාගම්වලටත් වඩා දූෂිත වන්නේ ලාභ නො ලබන බව කියන රාජ්‍ය නොවන සංවිධාන වගේ ඒවායි. එහෙම නැතිනම්, අපේ රටේ බුද්ධිමය රාජ්‍ය නොවන සංවිධාන හරහා විවිධාකාරයෙන් අධ්‍යාපනය වෙනුවෙන් යයි කියමින් සංසරණය වූ අරමුදල්වලින් හැම දිස්ත්‍රික්කයක ම වගේ විශ්වවිද්‍යාල විවෘත කරන්නට තිබුණා. සංවිධාන නම් ලැයිස්තුවක් ලියන්න ද? නෑ. මං දැනට නො ලියා ඉන්නම්. ඔය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්කන බොහෝ බුද්ධිමතුන්ගේ නමුත් මේ ව්‍යාපෘති එක්ක සම්බන්ධයි.

ලංකාවේ මෙච්චර ප්‍රගතිශීලී, සමාජවාදී බුද්ධිමතුන් ඉඳිද්දි එක ස්වාධීන විශ්වවිද්‍යාලයක්වත් බිහි කර ගන්නට බැරි වෙලා තිබෙන්නේ ඇයි? ඒක කල්පනා කරන්නට ඕනැ විධිමත් උසස් අධ්‍යාපනයක් නො ලද මා වැනි අයෙකු නොවෙයි. බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් වශයෙන් තමන් සලකුණු කරගෙන සිටින අයයි. මේක ලංකාව. ඒ නිසා වෙන රටවල අත්දැකීම් සම්පූර්ණයෙන් ම මේ රටට ගැලපෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් සිදු වෙන්නේ සිදු විය හැකි දේවල්. කොයි තරම් පරමාදර්ශී අදහස් තිබුණත් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒකයි. හරියට නායකයකු වුණා ම මෙන්න මේ වගේ විය යුතුයි කියලා අපි කොච්චර හිතුවත්, එහෙම නායකයන් අපට නැති වීම නිසා අපට හෙටත් ඉන්නේ ඔය හිටපු හා දැන් ඉන්න ජාතියේ හොල්මන් වීම වගෙයි.

ලංකාවේ අධ්‍යාපනය මේ වන විට මුළුමනින් ම වෙළඳපොළකරණය වෙලා ඉවරයි. සයිටම් කියන්නේ එ් අයිස් කන්දේ දිය මතුපිටට පෙනෙන කොටස පමණයි. සයිටම් තොරොම්බල් වෙන්නට හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බිය, සල්ලි හා බලය. අනෙක තමයි රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කළ සටන වගේ එකකින් ආණ්ඩු පෙරළන්නට පුළුවන් කැරැල්ලක් දක්වා ඉදිරියට යන්නට පුළුවන් වුණ නිසා මේකෙනුත් ඒ වගේ ෂෝට් කට් එකක් සොයා ගන්නට පුළුවන් ය කියා හිතන විප්ලවවාදී සිහින.

මේකෙදි බොහෝ දෙනෙකු කරන්නේ කොළේ වහලා ගැහීමක්. මූලික ප්‍රශ්නය වෙනුවට වෙන වෙන බයිලා ගැසීම තේරුමක් නැති දෙයක්. සයිටම් එන්නේ අධ්‍යාපනයේ දීර්ඝ කාලීන අර්බුදයේ හා සමාජයේ සිදු වන වෙනස්කම්වල තිබෙන සංකීර්ණත්වයේ ප්‍රකාශමාන වීමක් ලෙස විතරයි. ඇත්ත ප්‍රශ්නය, අපි මේ දැන් තිබෙන කුණු වී ගිය අධ්‍යාපන ක්‍රමය කිසිදු වෙනසකින් තොරව මේ විදියට ම තව දුරටත් පවත්වාගෙන යනවා ද, නැතිනම් කොයි තරම් ප්‍රචණ්ඩ වුණත්, ලංකාවේ සිදු විය හැකි වෙනසට ඉඩ දෙමින් ඒ එක්ක වඩා යහපත් තත්වයන් වෙනුවෙන් අරගල කරනවා ද කියන දෙකෙන් අපි තෝරා ගන්නේ මොකක් ද කියන එකයි.

කණ්ඩලම වැව අසල හෝටලයක් හදද්දි, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදද්දි, දක්ෂිණ අධිවේගී මාර්ගය හදද්දි විතරක් නෙමෙයි, ගෝඨාභයගේ නායකත්වයෙන් කොළඹ පොදු අවකාශ වෙනස් කරද්දිත් මතු වෙච්ච විරෝධතා දෙස ආපසු හැරී බලන්න. මේ සිදු වෙමින් තිබෙන විපර්යාසය සම්බන්ධයෙන් මතු වන නිශේධාත්මක අදහස් නරක ඒවා නෙමෙයි. ඒවා මතු වීම නිසා අනාගතයේ ඇති විය හැකි අවදානම් ගැන අවධානය යොමු කරන්නටත්, ඒවා හැකි තරම් කළමනාකරණය කර ගන්නටත් පුළුවන්. උදාහරණයකට පහත සඳහන් උපකල්පන කියවා බලන්න.

අපි කැමති වුණත් නැතත්, වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ සංකේතීයව රටේ අධ්‍යාපනය ගැන දැනට තියෙන නිර්මිතය; ඒකෙ සිද්ධ වෙන වෙනසක් වෙනත් ඕනෑ තැනකට පරමාදර්ශයක් වෙනවා. එහෙම නම් සයිටම් කියන්නේ වක්‍රව රජය අධ්‍යාපනයෙන් 'නිදහස්' වීමට ගන්නා උත්සාහයක මුල් පියවර.

පෞද්ගලීකරණය අධ්‍යාපනය ඇතුළේ සිදු වීමට න්‍යායක් හැටියට විරුද්ධ නොවෙන අයට වුණත්, 'සයිටම් ක්‍රමය' විශේෂ බව නොපෙනීම පුදුම යි. ඒ අර්ථයෙන් 'සයිටම්' කියන්නේ ටියුෂන් කියන විකල්ප අධ්‍යාපන මාදිලියට වෙනස් වඩා 'නිල' ක්‍රම වෙනසක්. ටියුෂන්, ප්‍රධාන ධාරාවට සාමාන්තරව ඒ ක්‍රමය පිළිගනිමින් වෙන දෙයක්. 'සයිටම් ක්‍රමය' ඉල්ලන්නේ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ විතරක් නෙමෙයි. විෂය නිර්දේශය, ක්‍රමවේදය සහ එය නියාමනය කළ යුතුයි යන පදනම් සියල්ලෙන්ම නිදහස් වීමක්. ඒක දැනට තියෙන අධ්‍යාපන නියාමන ක්‍රම, නීතිය වගේ හැම දේටම ඉහළින් පැවතීමට ඉල්ලන ඉඩක්. එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒක වුණොත්, ඒ සමගම අනිත් හැම පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයකම 'විලාසය' වෙනස් වෙනවා.

ව්‍යාපාරවල බලපෑම මත මහ බැංකුව වගේ තීරණාත්මක ආයතනයකත් දූෂණයට දොර ඇරුණු බව පේන රටක, සයිටම් ව්‍යාපාරය හැසිරෙන දූෂිත විදිහ නොතකා හරින්න බැහැ. මෙතන කැරකවෙන සල්ලි සහ ආධිපත්‍යයත් එක්ක, ඊලඟට රාජ්‍ය සරසවි පද්ධතිය සහ රෝහල් පද්ධතිය බිඳ වැට්ටවීමට සයිටම් සහ ඒ පිටිපස්සේ ඉන්න දේශපාලන අත ඉදිරිපත් වෙන එක වළක්වන්නත් බැහැ. ඒ වගේම පුද්ගලික ආයෝජන එක්ක රාජ්‍ය සරසවිවල ඉන්න හොඳ ගුරුවරු ඇද ගැනීම, රජයේ සරසවිවලින් එළියට එන දක්ෂයින් අවශෝෂණය කර ගැනීම අනිවාර්යයෙන් වෙනවා. රජයේ සරසවි අසාර්ථක කිරීම මගින් තමන්ගේ මාකට් එක පුළුල් කර ගැනීම මේ ව්‍යාපාරික සරසවිවලට කරන්නම වෙනවා. ඒවා වැළැක්වීමට අපිට යාන්ත්‍රණයක් නැහැ. මේ වගේ දූෂිත ආයතනවලට දූෂිත ක්‍රමවලින්ම ඉඩ ඇරීමට එකඟ වීම, සුපුන් කියන විදිහටම සල්ලි නැති අයට තියෙන එකම අවස්ථාවත් අහිමි කිරීමට දෙන පළවෙනි ඉඩ හැරීම. 'වෛද්‍ය සභාව අනුමත කළ' පොදු විභාගයක් ගෙනාවත් ඉන් සමත් වීමේ වැඩි අවස්ථාව පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ලැබෙන පරිදි තත්වය සකස් කිරීම එහි ඊලඟ පියවර වෙනවා.

අපේ වගේ රටවල ව්‍යාපාර දේශපාලනය අල්ලා ගන්නවාම යි; එහෙම නැත්නම් ව්‍යාපාර කියන්නේ දේශපාලනයේ නව ස්වරූපය. අපේ රටේ අවංකව ස්වාධීන ආයතන නඩත්තු කළ හැකි සංස්කෘතියක්වත් පුරුද්දක්වත් පසුබිමක්වත් නැහැ. ගෙවා ඉගෙන ගැනීමේ ක්‍රම පටන් ගන්නවා නම් ඒක අපේ රටේ යම් තරමක් හෝ සාර්ථකව සහ සාධාරණව කරන්න පුළුවන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය එක්ක විතර යි. අධ්‍යාපන අවස්ථාවලට වැඩි ඉඩක් දීම සහ අධ්‍යාපනයත් ලාබ ලැබීමේ ව්‍යාපාරයක් කිරීම කියන්නේ දෙකක්.
- අනුහස් විචිත්‍ර

අභියෝගය වන්නේ මෙවැනි ගැටලු ආමන්ත්‍රණය කිරීමයි. ලංකාව කියන්නේ සමහර ක්ෂේත්‍රවලදි විස්මිත ජයග්‍රහණ අත් කර ගත් රටක්. උදාහරණයක් විදියට මාතෘ මරණ අනුපාතිකය දරු උපත් ලක්ෂයකට 30 - 35 අතර අනුපාතිකයක තබා ගැනීම, මැලේරියාව තුරන් කිරීම වැනි කාරණා ගන්නට පුළුවන්. ඒවාටත් අභියෝග තිබෙනවා. මේ මෑතදී තලෙයිමන්නාරමෙන් ඉන්දියාවේ සිට ආපසු එන සරණාගතයන් සමග පැමිණි මැලේරියාව බෝ කිරීමේ හැකියාව ඇති, ගහණ පාලනය ද දුෂ්කර නාගරික මදුරුවකු සොයා ගත්තා. අභියෝග එහෙම තමයි. එ් වුණාට ඒ ඒ ක්ෂේත්‍රවල ගත්ත ඇතැම් විට හානිකර ද වූ ඩීඩීටී ගැසීම වැනි ක්‍රියාමාර්ගත් මේ ජයග්‍රහණ පසුපස තිබෙනවා. 

අධ්‍යාපන අවශ්‍යතාවන්ට අවධානය යොමු කිරීමේ වැදගත්කම ගැන කරුණු මතු කළ විට ඇතැම් නූතන පඬිවරු අපට හිනා වුණා.  ඒත්, අවශ්‍යතාව තියෙන අයට පදනම් පාඨමාලාවල ඉඳලා පටන් අරගෙන ඉදිරියට යන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා විවෘත විශ්වවිද්‍යාල සංකල්පය තුළ. පාසල් නො ගිය කෙනෙකුටත් එමගින් උපාධිධාරියකු වන්නට පුළුවන්. ඒක හොඳ දෙයක්. හැබැයි, වැඩිහිටියකුගේ අධ්‍යාපනික අවශ්‍යතාව කියන්නෙ කුසලතා එක්ක බැඳුණු දෙයක්. ඒක කුසලතාවලින් මුළුමනින් ම බැහැර දෙයක් නෙමෙයි.

අවශ්‍යතාව වෙනුවෙන් ඉගෙන ගන්නට අවස්ථාව තිබුණු නිසා තමයි භූගර්භ විද්‍යාඥයකු වූ ආනන්ද කුමාරස්වාමි කලා සංස්කෘතික විද්‍යාර්ථියකු වුණේ. නීතිවේදියකු වූ ජෙෆ්‍රි බාවා කීර්තිමත් ගෘහ නිර්මාණකරුවෙකු වුණේ. මෙවැනි උදාහරණ ලෝකයේ ඕනැ තරම් තිබෙනවා. එහෙම අවස්ථා විවෘතව තිබෙන එක කිසිම වරදක් නෙමෙයි. පුළුවන් එකා කර ගනියි. බැරි එකා හැළිලා වෙන දෙයක් කර ගනියි.

අධ්‍යාපනයේ නිදහස අවශ්‍ය වන්නේ එම සංදර්භය තුළයි. ලංකාවේ අධ්‍යාපන සංවාදයට සයිටම් එකේ තිබෙනවා ය කියන ගැටලු අදාළ නැහැ. මෙතන විවාදය තිබෙන්නේ මූලෝපායක් සම්බන්ධයෙනුයි. (හරියට බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙදි වගේ) අධ්‍යාපනයේ නිදහස පිළි ගන්නවාද? නැද්ද?

අධ්‍යාපනයේ නිදහසට අපි කැමතියි. ඒ වුණාට සයිටම් කැතයි. ඒ නිසා අධ්‍යාපනයේ නිදහසටත් මා විරුද්ධයි වගේ තර්ක අදාළ නැහැ. කෙළින් ම තීරණයකට එන්න. කොයි තරම් ප්‍රචණ්ඩ වුණත්, ලංකාවේ වෙනස්කම් සිදු විය හැකි ආකාරය හා සිදු වන ආකාරය එක්ක පොරබදන එක මිස තිබෙන එක රැක ගැනීම විසඳුම නෙමෙයි. 

මේ තීරණය ඉතා වැදගත් දේශපාලන තීන්දුවක්. ලංකාවේ සමාජවාදී විප්ලවයක් සිදු වීම ගැන අපි දන්නෙ නැහැ. අපට අරගල කරන්නට සිදු වෙන්නේ ධනවාදය තුළයි. එතකොට අපි ලංකාවේ සමාජය කඩා වැටීම වළක්වා ගන්නා පණ බේරා ගැනීමේ සැත්කම්වලට එකඟ වෙනවා ද නැතිනම් සමාජයක් ලෙස වේදනාව තෝරා ගන්නවා ද කියන එක අපට සමාජයක් විදියට තීරණය කරන්නට සිදු වන එක වළක්වන්නට බැහැ. සැත්කමත් වේදනාකාරීයි. හැබැයි ඒක ඇතුළෙ ජීවිතය ගැන බලාපොරොත්තුවක් හෝ තිබෙනවා. 

මම යූතනේසියා වෙනුවෙන් කැම්පේන් කරන කෙනෙක්. හැබැයි ආර්ථික හා සමාජ කාරණාවලදි නෙමෙයි.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

17 comments:

  1. දිවයින පන්සිල්:

    "ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයකි. බුදු දහමට අනුව ගිහිජීවිතය හික්‌මවීම සඳහා මූලිකවම ඇති පංච ශීලයෙහි දෙවන ශික්‍ෂා පදය වන්නේ අදින්නාදා වේරමණී සික්‌ඛාපදං යන්නය. බොරු කීමෙන් වැළකෙමියි යන්න ඉන් අදහස්‌ කෙරෙන්නේය."

    අදින්නාදානා හොරකමයි. මුසාවාදා බොරුකීමයි. ඔන්න කු පා ම ට කඩේ යන ජාතික පුවත්පත්.

    http://www.divaina.com/2017/02/05/feature35.html

    ReplyDelete
  2. මරණ දඩුවම නියම වෙලා හිරේ ඉන්න කෙනෙකුත් උපාධියක් අරන් පශ්චාත් උපාධියකටත් register වෙලා. That is the feedom of education, not the free education.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. අධ්‍යාපනයේ නිදහස යනු රොබර් බැරන් මිස්ටර් ෆොක්ස්ට කුකුල් කොටුව බාර දීම නොවේ.

    සැම ක්ෂේත්‍රයකම නියාමනයක් තිබිය යුතුයි. රජය ඇත්තේ ඒ සඳහා ය.

    ReplyDelete
  5. Laankieya wurthika dhuraawaliye raajabhishekaya ispirithaaleka dosthara kenek viemada ?

    ReplyDelete
  6. අධ්‍යාපනය පෞදගලීකරණය කිරීමේ කිසිම ගැටළුවක් නෑ.. කොටින්ම වෛද්‍ය සභාවේවත්, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේවත්, සයිටම් එකේවත් කිසිම ගැටළුවක් නෑ. ප්‍රමිතියේ කිසිම ගැටළුවකුත් නෑ.

    ගැටළුව තියෙන්නේ ගොබ්බ පාලකයන්ගේ. මහින්ද මහත්තයා උන්නා නම් සයිටම් එකෙන් බිහිවෙන 3 වන සෙට් එකත් වෛද්‍යවරි ලෙස ජාතික සේවයට බැරිනම් මොකක් හරි සේවයකට එක් වෙලා.

    පොන්නයෝ ආන්ඩු කරන්න ගියාම බල්ලෝ නෙමෙයි මැක්කොත් බුරනවා හපා කනවා...

    ReplyDelete
  7. එන්ගලන්තයේ කලකට පෙර උසස් අද්යාපනය දුන්නේ නොමිලේය.නමුත් 1988 දී පමන සුලු මුදලක් ගෙවීමේ ක්රමයක් හදුන්වා දී ඇත.එය ක්රමයෙන් වැඩි වී දැන් වසරකට පවුම් 9000ක සීමාවේ ඇත.මෙය ඉතාම අඩු පොලියකට ගත හැකි වුවත් වසර පහක පාඨමාලාවක් අවසන් වන විට සාමාන්ය සිසුවකු පවුම් 45000 පමන නය වී අවසානය. හෙවත් ලන්කා රුපියල් ලක්ශ 90 පමන.මෙය එන්ගලන්තයේ සිසුන්ටද විශාල ප්රමානයක නයක් ලෙස සැලකේ.දැන් එන්ගලන්තයේ අයට වැඩේ කෙලවී ඇති බව පෙනී තිබේ.හෙවත් මෙම වැඩය සාදාරන නොවන බවත් නැවතත් අද්යාපනය නොමිලේ දියයුතු බවටත් කතිකාවක් ඇතිවෙමින් පවතී. තරුන කොටස් අතර ඉතා ජනප්රිය නායකයකු වන ජෙරමි කෝබින් පවසන්නේ කෝපරේශන් ටැක්ස් එක සුලු ප්රමානයකින් වැඩි කලහොත් සම්පූර්න යුනිවර්සිටි අද්යාපනයම නොමිලේ දිය හැකි බවයි.
    එන්ගලන්තයේ දුප්පත් ලෙස සැලකෙන්නේ පවුම් 16000 පමන සීමාවයි. හෙවත් වසරකට ලක්ශ 32 ට අඩු ආදායම් ලබන අය.මේ සීමාව අනුව සැලකුවොත් ලන්කාවේ බොහෝ දෙනා හිගන්නන්ය.ඉහල ආදායම් ලබන එන්ගලන්තයේ පවා නොමිලේ උසස් අද්යාපනය පැත්තට යොමුවෙද්දී බොහොම අමාරුවෙන් එදාවේල කන ලන්කාවේ අයියලා සල්ලි ගෙවා යුනිවර්සිටි යාමෙන් අයිතිවාසිකම් සුරැකෙන බව කීම විහිලුවකි.

    ReplyDelete
    Replies
    1. අහල නැද්ද 2040 දී දකුණු ආසියාව ඒක පුද්ගල ආදායම වැඩිම කලාපය වෙනව කියල, ඒකේ පෙරනිමිත්තක් වෙන්නැති එංගලන්තයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලයේ දෙන්න යන එක.

      Delete
    2. ලංකාවේ දැනටත් විදේශ විශ්වවිද්‍යාල ගණනාවක් ක්‍රියාත්මක වන අතර ඒ හැම එකක ම අධ්‍යාපනය ලැබෙන්නේ මුදල් ගෙවන අයට පමණි. එම විශ්වවිද්‍යාලවලින් ඇතැම් ඒවා එංගලන්තයේ ඒවායි. ඔය බයිලා කීවාට ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව අඩු වන්නේ නැත. එංගලන්තෙ එවුන්ට උන්ගේ රජය අධ්‍යාපනය නොමිළේ දෙන්නට යන්නේ ලංකාව වැනි රටවල සිසුන්ට අධ්‍යාපනය විකුණලා උපයා ගන්නා මුදලිනි. එහේ නොමිළේ අධ්‍යාපනය ලබන්නට දත මැදගෙන සිටින ලංකාවෙන් ගිය සරණාගතයන්ගේ ළමයි ලංකාව වැනි රටවල අධ්‍යාපන අවස්ථා පුළුල් වීමට විරුද්ධ වෙති. කාරණය පැහැදිලි ය. ඒ එංගලන්ත දේශප්‍රේමයයි. උන්ට නොමිළේ දෙන අධ්‍යාපනය මෙහේ සිසුන්ටත් නොමිළේ ම දෙන්න යයි කියා ජෙරමි කෝබින්ට කියන්නට බැරි ද?

      Delete
    3. //ලංකාවේ දැනටත් විදේශ විශ්වවිද්යාල ගණනාවක් ක්රියාත්මක වන අතර ඒ හැම එකක ම අධ්යාපනය ලැබෙන්නේ මුදල් ගෙවන අයට පමණි. එම විශ්වවිද්යාලවලින් ඇතැම් ඒවා එංගලන්තයේ ඒවායි. ඔය බයිලා කීවාට ඒවායේ අධ්යාපනය ලබන සිසුන් සංඛ්යාව අඩු වන්නේ නැත.//
      මෙය ඇත්තකි.දැනට ලන්කාවේ ගාමක බලවේගය වන අර්ධ නාගරික ලුම්පන් ජනයා බටහිර රටකට පැනගැනීම සදහා හෝ තමන්ගේ යාලුකම් ප්රයෝජනයට ගනිමින් ලන්කාවේ පවුද්ගලික අන්ශයේ රැකියා ලබාගැනීමට මේවා ප්රයෝජනයට ගනී. බස් ගැමුනු අයත් වන්නේද ඔය කියන ලුම්පන් පන්තියටය.ජීවිතය විදින එක ගැන පොරටෝක් දෙන ඔයා මෙවැනි ගොන් කතා කියන්නේ කොහොමද
      //එංගලන්තෙ එවුන්ට උන්ගේ රජය අධ්යාපනය නොමිළේ දෙන්නට යන්නේ ලංකාව වැනි රටවල සිසුන්ට අධ්යාපනය විකුණලා උපයා ගන්නා මුදලිනි.//
      නැත.ජනගහනයෙන් බාගයක් පමන දවසකට රුපියල් තුන්සීයක් පමන ආදායමක් ලබන රටක පොඩි කෝස් කීපයක් කලා කියා ලැබෙන ආදායමක් නැත.ඔවුන් එය කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතාම ධනවත් සමාගම් වලින් ගන්නා කෝපරේශන් ටැක්ස් එක සියයට 1කින් වැඩිකිරීමෙනි.
      //එහේ නොමිළේ අධ්යාපනය ලබන්නට දත මැදගෙන සිටින ලංකාවෙන් ගිය සරණාගතයන්ගේ ළමයි ලංකාව වැනි රටවල අධ්යාපන අවස්ථා පුළුල් වීමට විරුද්ධ වෙති.//
      නැත.ලන්කාවෙන් ගිය සරනාගතයෝත් පොඩි කෝස් කරන්න එන්ගලන්තයට ඇවිත් එක එක ජිල්මාට් දමා නතර වුන අයත් ලන්කාවේ පවුද්ගලික විශ්ව විද්යාල ඇතිකරනවාට කැමතිය. ලන්කාවේ ඉදලාම ඇප්ලයි කරලා එන්ගලන්තයේ රස්සා හොයා ගන්න පුලුවන් ආයිත් ලන්කාවට යන්නත් පුලුවන් වුර්තිකයන්ට මුල අමතක නැති නිසා ඔවුන් අද්යාපනය විකුනනවාට කැමති නැත.
      //උන්ට නොමිළේ දෙන අධ්යාපනය මෙහේ සිසුන්ටත් නොමිළේ ම දෙන්න යයි කියා ජෙරමි කෝබින්ට කියන්නට බැරි ද?//
      //අහල නැද්ද 2040 දී දකුණු ආසියාව ඒක පුද්ගල ආදායම වැඩිම කලාපය වෙනව කියල, ඒකේ පෙරනිමිත්තක් වෙන්නැති එංගලන්තයේ විශ්ව විද්යාල අධ්යාපනය නොමිලයේ දෙන්න යන එක.//
      මේවා තර්ක නොවේ.තමන්ගේ බ්ලොග් එකේ විද්වත් කතිකා කරන්නට වුවමනාය කියා කුනුහරප මකන පුද්ගලයා කුනුහරප වලටත් පහල මෙවැනි කතා කියන්නේ ඇයි

      Delete
  8. Nidahas adyapanaya diwi dee ho raka gatha yuthuyi..

    Meka balanna.
    http://4s7sw.blogspot.com/2017/02/blog-post.html?m=1

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. දැනට අපේ රටේ තියෙන Non-State Higher Education Division අංශය තියෙන්නේ ඔය ආයතන නියාමනය කරන්නනෙ.

    ReplyDelete
  11. අම්මප පැරා,

    කොහොමට කොමෙන්ට් වැටිච්ච් බ්ලොග් එකක්ද හෆ්ෆා ! දැන් නිකං රෑ වෙද්දි කොළඹ හතේ මලගේ වගේ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එපා. තැන්කියු. කියවලා පලයන්. උඹ දාපු උඩ කමෙන්ට් දෙකක් මං කැපුවා. ඒ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

      Delete
  12. //"අපි කැමති වුණත් නැතත්, වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ සංකේතීයව රටේ අධ්‍යාපනය ගැන දැනට තියෙන නිර්මිතය; ඒකෙ සිද්ධ වෙන වෙනසක් වෙනත් ඕනෑ තැනකට පරමාදර්ශයක් වෙනවා."/// <<<=== මෙහෙම අදහසක් අනුහස් විචිත්‍රට එන්නෙ Colonization යටත්විජිත මානසිකත්ත්වයක් නිසාද... ? -Mahesh

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.