2017-04-26

රට යාම හා පාරිභෝජනවාදය

කසල කළමනාකරණය ගැන පුහුණු වෙන්නට පිටරට ගිය නිලධාරීන් ගැන ජනාධිපතිවරයා වාර්තාවක් ඉල්ලා ඇත. මේ සටහන ඒ ගැන නො වේ. රට යාම ගැනයි.

ලංකාව කුඩා දූපතකි. මිනිසා සංචරණයට ලොල් සතෙකි. එසේම, සංචරණය ධනේශ්වර පාරිභෝජනවාදී ජීවිතය තුළ ප්‍ර‍වර්ධනය කරනු ලබන ව්‍යාපාරයකි.

සංචරණය නරක දෙයක් නො වේ. එහෙයින්, සංචරණය පාරිභෝජනවාදී ය කියා අවමන් කිරීම සුදුසු නැත.

එහෙත්, සංචරණය පාරිභෝජනවාදී වන ආකාර තිබේ. උදාහරණයක් ලෙස, ලංකාවේ මිනිසුන් කරන ට්‍රිප් යාම කියන වැඩේ සලකා බලන්න. වාහනවල තෙරපී අරවා මේවා කකා, මග දිගට කුණු දමමින්, සමාරම්භයේ සිට සමාප්තිය දක්වා අරක්කු බොමින්, ඒ බෝතල් කුඩු කර තමන් නැරඹූ සුන්දර ස්ථානවල දමමින්, ගිය තැන්වලින් රවුම් ගල් කැටයක් හෝ ගෙදර ගෙන එමින්, ගල්වල අකුරු කොටමින්, ගල් කණු අල්ලා ලිප් බැඳ උයා කමින්, ගස් ගල් පල්ලේ කැත කරමින්, පරිසරය වනසමින්, තමනුත් රස නො විඳ කරන්නන් වාලේ අනුන්ට පෙනෙන්නට කරන සංචරණය දුප්පතා කළත්, පොහොසතා කළත්, එය ඇත්තෙන් ම පාරිභෝජනවාදයයි.

මෙහි තවත් පැත්තක් තිබේ. ඒ රට යාමයි. ලංකාවේ අපට මේ කරදිය වළල්ලෙන් එහා රටකට පය තැබීම දුෂ්කර ව්‍යායාමයකි. මෙරට ජනගහණයෙන් අති බහුතරය ජීවිතයේ කිසිම දිනෙක වෙනත් රටකට යන්නට අවස්ථාව නො ලබති. ඒ නිසා ම, ලංකාවේ මිනිසුන් රට යන්නේ වැඩිපුර ම අල්ලපු ගෙදර මිනිහාට පෙනෙන්නට ය. පිටරට ගියා යයි අනුන්ට කියන්නට අපි හරි කැමති ය. කොච්චර කැමති ද යත්, පුළුවන් නම් වෙන රටක පුරවැසිභාවය අරගන්නට පවා කැමති ය. හැබැයි ඉතින් මේකෙ ඉඳලා වගතුවක් නැති නිසා ඒක වැරදි ය කියන්නටත් බැරි ය.

ව්‍යාපාරිකයන් රට යන්නේ ව්‍යාපාරික අවශ්‍යතාවලට විය හැකි ය. එය රටට හොඳ ය. ව්‍යාපාරිකයන් පිටරටකට ගොස් ඒ රටවල ව්‍යාපාර නරඹා, සතුටින් ඉඳ පැමිණෙන එක පාරිභෝගිකයන් වන අපට ද නරක නැත.

දේශපාලකයන් රට යන්නේ ද රටේ ජනතාවගේ සුබසිද්ධියට ඉවහල් වන පියවර ගැනීම වෙනුවෙන් වෙන්නටත් පුළුවන. හැබැයි, දේශපාලකයන් රට යන තරමේ හැටියට මේ රටේ ජනතාවට සුබසිද්ධියක් නො වෙන එක සැක සහිත ය. මහින්ද යාපා අබේවර්ධන කෘෂිකර්ම ඇමති කාලේ ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දේශීය නියෝජිතවරයා එහි මූලස්ථානය වන රෝමයට ගොස් තිබුණු වාර ගණන මෙන් කිහිප ගුණයක් මේ ඇමති රෝමයට ගොස් තිබුණ බව මට දැනගන්නට ලැබිණි.

මේ චාරිකා සඳහා ඇත්තෙන් ම යොදා ගනු ලබන්නේ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවිය හැකිව තිබුණු සම්පත් ය. මහජන මුදලින් හෝ ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ මහජනතාවගේ සුබසාධනයට ඉවහල් වනු ඇති ය යන අනුමානයෙන් ලබා දෙන සම්පත්වලින් හෝ දේශපාලකයන්ට ලබා දෙන විදෙස් පුහුණුවීම් හා වෙනත් අවස්ථාවලින් රටට එතරම් සෙතක් සිදු වී නැති බව පැහැදිලි ය. ලෝකේ ඇවිද ආවත් අඩු තරමේ දේශපාලකයන්ගේ ගොඩේ ගති හෝ වෙනස් වී නැත.

අනෙක් පිරිස රජයේ ඉහළ නිලධාරීහු ය. අනුන්ගේ අවස්ථා පවා පෙරේත ලෙස කොල්ල කමින් රට යන බොහෝ රජයේ නිලධාරීන් රට යන්නේ වෙන මොකකටවත් නොව රට යන්නට ය.  නොමිළේ රට ගියා ය කියා අනෙක් අයට කියන්නට ය. ඔවුන් ලබන පුහුණුවීම්වලින් ද රටට සෙතක් වන්නේ නැත.

මේ ලියන මා ද වරක් ජපානයට ගියෙමි. මා සිටි හෝටලයේ නැවතී සිටි, වෙනත් පුහුණුවකට පැමිණි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකු මගෙන් ඇසුවේ ලංකාවේ සිට ගෙන ආවේ මොනවා ද කියා ය. මා ඇඳුම් ටිකක් රැගෙන ආ බව මම කීවෙමි. නිලධාරියා මට උපදෙස් දුන්නේ නැවත එන්නේ නම්, එහි සිටින කාලය කන්නට සෑහෙන ක්ෂණික නූඩ්ල්ස් වැනි දේ රැගෙන එන ලෙසයි. ගමන් බඩු සඳහා වන බරෙන් සැලකිය යුතු ප්‍ර‍මාණයක් ඔහු නූඩ්ල්ස් පැකට් ගෙනැවිත් තිබිණි. ඉතිරි කර ගන්නා මුදලින් මොවුන් ඒ රටවල සංචරණය කරනවා නම් එයත් ලොකු දෙයකි. එහෙත් ඇතැමෙකු කරන්නේ කුම්මැහියන් සේ කාමරවලට රිංගාගෙන සිට ආපසු එන විට බඩු අරගෙන එන එක ය. රට ගිය බව දැනගත් විට හත්මුතු පරම්පරාවේ ම අය තෑගි බලාපොරොත්තු වන පවුල් ද ලංකාවේ තිබේ.

රට යන සෙසු පාරිභෝජනවාදීන් වන්නේ රාජ්‍ය නොවන සංවිධාන ඉහළ නිලධාරියෝ ය. ඒ අය විදේශගත වන්නේ ද පුහුණු වීම්, පුහුණු කිරීම්, ලංකාව ගැන ලෝකයට කීම්, ලෝක දැනුම ලංකාවට ගෙන ඒම් වැනි දේවලට ය. ගම්වල කට්ටිය වන්දනා නඩවලට සම්බන්ධ කර දී කොමිස් මුදලින් අවුරුදු පතා දඹදිව යන ඇතැම් උපාසකම්මලා සේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරියෝ ද අවුරුදු පතා ජිනීවා යති. ජිනීවා යාම වෙනුවෙන් ම ඇතැම් වාර්තාත් හදති. මේත් පාරිභෝජනවාදයේ ම තවත් සංකීර්ණ ස්වරූපයකි.

ඉස්සර කාලේ මෙන් දැන් පණිවුඩ හෝ ලියුම් හෝ අරගෙන තැන් තැන්වලට යා යුතු නැති බව අනුන්ගේ මුදලින් රට යන පාරිභෝජනවාදියෝ වැඩි දෙනෙක් හොඳින් දනිති. ඔවුන් සහභාගි වන පුහුණුවීම්, පුහුණු කිරීම් වැනි ඒවා ද වැඩි හරියක් දැන් අන්තර්ජාලය හරහා කළ හැකි බව ද, ඒවා වෙනුවෙන් එතරම් මුදල් වැය කිරීම තේරුමක් නැති බව ද ඔවුහු හොඳින් දනිති. මේ කට්ටිය හැමෝ අතේ ම සුපිරි ජංගම දුරකථන ද තිබේ. ඒවායින් පිටසක්වල ජීවීන් සිටිත් නම් ඔවුන් සමග කතා කරන්නට පවා තරමට දැන් තාක්ෂණය දියුණු ය.

තේරුමක් නැති සංචරණය හේතුවෙන් ඇත්තෙන් ම විශාල මිනිස් ශ්‍ර‍මයක්, ඉන්ධන ප්‍ර‍මාණයක් හා පරිසර සම්පත් ප්‍ර‍මාණයක් නාස්ති වේ. ජන ජීවිතයට, සොබාදහමට එයින් සිදු වන බාධා අපමණ ය. පාරිභෝජනවාදයට එරෙහි අරගලය තුළ මේ පාරිභෝජනවාදී සංචරණයට එරෙහි අරගලය ද තිබිය යුතු ය.

මෙම සටහන සංචරණයට හෝ පරිභෝජනයට එරෙහි එකක් ලෙස වරදවා වටහා නො ගන්න. බුද්ධිමත් පරිභෝජනයත්, සංචරණයත් රටට, ලෝකයට වැඩදායී ය. ලෝකය දැකීමෙන් මිනිසුන්ගේ මනස් ලෝකය ද පුළුල් වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

17 comments:

  1. කුඩුකේඩුවෝ රට ගොහිං එහේ වාසය කරන කුඩුකේඩුවන්ටම සෙට් වෙලා ආවාම බුද්ධිය පළල් වන්නේ සිරස් අතටයි.

    ReplyDelete
    Replies
    1. නියමෙටම ඇත්ත

      Delete
  2. තමන්ගේ වියදමින් ජපානයේ සංචාරය කිරීම රජයේ නිලධාරියෙකුට ලැබෙන දිමනාවෙන් කල නොහැක. ජපානයේ ගිය කෙනෙක් වශයෙන් ඔබ එය නොදන්නවා විය නොහැක. එසේම ජපන් කෑම පුරුදු නැත්නම් බඩ ගින්නේ සිටිනවාට වඩා ක්‍ෂනික නුඩ්ල්ස, බීස්කට්් වගේ දෙයක් ගෙනයාම හොඳයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.
      එත් පැරා ඉතිං ජපනනේ. සියල්ල දත් නේ.
      //ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරියෝ ද අවුරුදු පතා ජිනීවා යති. ජිනීවා යාම වෙනුවෙන් ම ඇතැම් වාර්තාත් හදති//
      පැරා වුර්තිය බ්ලොග් කරුවෙක් විධියට බ්ලොග් ලියල ආදායමක් ලදා ගන්නවා වගේ රාජ්‍ය නොවන සංවිධාන කස්ටියත් ජිනීවා ගිහින් උන්ගේ බඩ රස්සාව හොයාගන්නවා. ඉතින් එකට පරකුම් ඉරිසියා කරලා පලක් නැහැ.

      Delete
    2. බොරු කිටන්න එපා. රජයේ නිලධාරීන්ට විදේශ ගතවීමේදී සැහෙන මුදලක් යැපීම් දීමනා විදියට ගෙවනවා. ඒ රටේ ඉන්න කාලෙට අදාළ ආයතනය කෑම බිම හා නවාතැන් පහසුකම් සපයනවා. ඒ රටේදී වියදම් කිරීමට පොකට් මනි එකක්ද දෙනවා.තව රටතුල විවධ සංචාර සදහා ගෙනයනවා. ඇත්ත කාරණය මේ ගොල්ල කරන්නේ මුදල් ඉතුරු කර භාණ්ඩ ගෙන එම හෝ මුදල් වශයෙන් ඒවා ආපහු ගෙන ඒමයි , තමන්ට යන්න සුදුසුකම් නැති සංචාරයකට ගියාම ඒක පන්ගනාත්හතු කල ලොක්කාට දොළ පිදේනි දෙන්න වෙනවා තමයි.

      Delete
    3. ඔය කියන ඒව දෙන්නේ ජයිකා වැනි ශිෂ්‍යත්ව වලට යන අයට ඒක ගැන නොවෙයි මම කියන්නේ . ලංකාවේ මුදලිං රාජකාරියකට යන එක ගැන. //මේ චාරිකා සඳහා ඇත්තෙන් ම යොදා ගනු ලබන්නේ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවිය හැකිව තිබුණු සම්පත් ය//

      Delete
  3. පරිභෝජනයට බුද්ධාගමත් පිලිතුරක්.......

    //නූතන කාබන් විමෝචනයෙ ප්‍රධානම ප්‍රශ්ණයක් වෙන්නේ මිනිසාගේ අධික පරිභෝජනය යි....ලංකාවේ නම් වේලක් බඩ ගින්නේ ඉන්න, අවුරුද්දක් එකම ඇදුම අදින, මාසේ පඩිය සතියෙන් ඉවර වෙන, බහුතරයකට මේ අධික පරිභෝජනය කියන දේ විහිලුවක් වගේ පේන්න පුලුවන් උනත්, සංවර්ධිත රටක 'බහුතරය වූ අයගේ' ජීවන ක්‍රමය ගැන යන්තං අවබෝධයක් තියෙන අයෙක් නම් මම මේ කියන පරිභෝජනවාදය මොකක්ද කියලා අදුනනවා..//

    බුද්ධාගම කෝකටත් තෛලයද? : Can Buddhism Save the Planet from Climate Change?

    ReplyDelete
    Replies
    1. ඔය හැම ආගමක් ම දැන් අවුරුදු දාහකට වඩා පරණ යි. ඕවායේ තියෙන්නේ පරණ දැනුම. අද කාලෙට ඒවා හරියන්නේ නැහැ. ඒක නිසා ආගම් කියන ඒවා කුණු බක්කිවලට දැමිය යුතු යි.

      Delete
  4. පැරාගේ චිත්‍රෙ නම් මල් හතයි. හොඳට දන්න කියන කුරුල්ලෝ දෙන්නෙක් වගේ...

    මටත් ඔය ඉඳලා හිටලා හම්බවෙනවා ඔය මහජන වියදමෙන් සංචාර කරන්න එන මිනිස්සු. ඉතිරි කතා මොකටද නේද?

    ReplyDelete
  5. //රාජ්‍ය නොවන සංවිධාන නිලධාරියෝ ද අවුරුදු පතා ජිනීවා යති.// පැරා ගල්මල් බලන්න ඇරුනම ලංකාවේ වෙරලින් එහාට ගිහිල්ල තියෙන්නේ ජපානයට විතරද? මටහිතෙන්නේ ඊළඟ ඉලක්කය ජිනීවා. නේද පැරා? දැන් ඉතින් හොරගෙඩිය වගේ නැ කියන්න එපා.

    //හත්මුතු පරම්පරාවේ ම අය තෑගි බලාපොරොත්තු වන// සහතිකයි අත්දුටුවයි

    ReplyDelete
  6. සංචාරය තරම් දේවල් ඉගෙන හමුවෙන දෙයක් තවත් නැහැ නමුත් හැමෝම එක වගේ පරිසරයට ගැන නොහිතන නිසා හානිය වැඩි බව ඇත්ත !

    ReplyDelete
  7. කාටුන් එක නං මල් පහයි

    ReplyDelete
  8. //එහෙත්, සංචරණය පාරිභෝජනවාදී වන ආකාර තිබේ. උදාහරණයක් ලෙස, ලංකාවේ මිනිසුන් කරන ට්‍රිප් යාම කියන වැඩේ සලකා බලන්න.//

    this is not about consumerism. Just the lack of etiquette and hygiene awareness .

    ReplyDelete
  9. කැරි පැරකුමා ඔන්න ඔහොම වර පකයා. වම කියන වචනය නොලියා හිටපිය තෝ. ලිව්වොත් තෝව ක්‍රිස්මස් එකට කළුකුම් මසට ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අම්මේ, තාත්තේ, මල්ලියේ, නංගියේ, අක්කේ, අයියේ, බාප්පාගේ පුතේ, කාලකන්නි අවජාතකයෝ, තොපි වගේ සක්කිලි බල්ලො, පුක හෝදන තොපි වගේ අවජාතකයො, පුන්චි බබෝ, උපන් ගෙයි මෝඩයෝ, ගොන් මෝඩ වහු පැටියො, මෝඩ වහලෝ, පොන්සියෝ, හමදාම සිත කාමර වලට වෙලා වැල බබබල අත හොල්ල හොල්ල පිම්පියෝ, මොන්ගල් කිරි පුතේ, මොන්ගල් ගොන් වස්සො, නූගත් ලින් ගෙම්බො පුළුවන් නම් පරකුම්ව ක්‍රිස්මස් එකට කළුකුම් මසට ගනින්. බොලගේ කයිය විතරයි. ඒ කයියත් පටින් තමයි.

      Delete
  10. පැරා කාලෙකින් වැදගත් ලිපියක් ලියලා තියෙනවා. මේ ගැන මධ්‍යස්තව කල්පනා කර බැලිය යුතුයි. ඇත්තෙන්ම මෙහෙම අය නිලධාරීන්ගෙන් රටට වැඩක් වෙලා තියෙනවද? බොහොමයක් නිලධාරින් යන්නෙ තමන්ට අදාළ නැති පුහුණුවකට.රට යන්න තියෙන ගායට එහෙම ගියාට කමක් නැහැ කියමුකො. සම්ම්න්න්ත්රණයේදී කියපු කරපු කිසිම දෙයක් නොතේරුණත් ආපහු ඇවිත් අඩු තරමේ තමන්ගේ රැකියාවට අදාලව ඇහින් දුටු දෙයක්වත් ආපහු ඇවිත් කරන්න බැරි මොකද? උදාහරණ විධියට බස් වල පරිගණක තාක්ෂනය මගින් ටිකට් දීමට අමතරව ගමන් වේගය පාලනය කරනවා . ඇයි මේ පරිගණක තාක්ෂනය අපේ රටට ගෙන්න බැරි. ටිකට් දෙන්න ඕනෑනැ . කොච්චර මාර්ග අනතුරු අවම කර ගන්න මෙන්ම කොට කොටා යන බස් අල්ලන්න පුළුවන්, මේ නීති කඩ කරන රියදුරන්ට ඉහල දඩයක් ගහනවා. ඒ නිසා ඔවුන් නීති කඩන්නෙ නැහැ.

    ReplyDelete
  11. සිංහල දෙමල දේශප්‍රේමින් සෑහෙන්න ඉන්නේ මුහුදෙන් එහා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.