2017-04-18

කුණු කඳුවලට යට වී කුණු වී යන ලංකාව වෙනුවෙන් කුණු ප්‍රශ්නයට කඩිනම් විසඳුම් දෙනු!

අප මෙම සටහන තබන්නේ සාරසගේ මල්ලෙ පොල් බ්ලොග් අඩවියෙන් උපුටා ගත් පහත සඳහන් පරිකතා පෙළ යමෙකු අපගේ බ්ලොගයේ කමෙන්ටුවක් ලෙස පළ කර තිබුණ නිසා ම නො වේ. අප මේ ගැන දිගින් දිගට ම ලියා තිබේ.

"W3Lanka" blog author Ajith Perakum Jayasinghe's silence on the Meetotamulla tragedy is deafening!!!

He didn't get the orders yet from Sirikotha. All are busy making media notices since staff & SLAS officials all are on leave for festival season. Will write soon once the proper orders & instructions revived from UNP top management & Expact Tamil Diaspora officials. Wait & see, please notice that Ajit P & Ajit D both are paid writers (So called occupational bloggers).

Ranil Haamu was holidaying in Japan when the tragedy happened. Now he is holidaying in Vietnam. People in Meethotamulla have to wait until Ranil Haamu finishes his holiday. Ranil Haamu's holiday is more important than the lives of the people.

Ajith Perakum will write about Meethotamulla once Ranil Haamu returns on the 19th. He is not allowed to write anything, until he gets instructions from Ranil Haamu. Until then you can write comments to his blog post about worshipping parents and teachers.

අයිසේ අජිත් පැරකුම් ජයසිංහ,

තමුසේ තෙත් කලාපයේ ද ඉන්නේ ඕයි?

පමා නොවී ඉන්න තැනකින් ඇවිල්ලා මීතොටමුල්ල ගැන පෝස්ට් එකක් දානවා ඕයි. ඕකට රනිල් හාමු නිවාඩු සුව විඳලා එනකම් ඉන්න ඕන නෑ.

අප ගැන සිහිපත් වීම ගැන සාරසට බොහොම ස්තුතියි. ඔන්න අපි ලින්ක් එකකුත් දාලා දුන්නා. ඕකේ බේබි?

ඔබේ ආශාවේ වස්තුව වන රනිල් හාමු අපට නම් තවත් දේශපාලන ක්‍රියාකාරිකයකු පමණි. මේ අවස්ථාවේදී රනිල් යනු ලංකාවේ සිදු වන වෙනස් වීම් විෂයෙහි ඉතා ම වැදගත් දේශපාලන බලවේගයට නායකත්වය දෙන්නා වීම හැර අපට රනිල් වෙනත් ආකාරයකින් අදාළ වන්නේ නැත.

ලෝකෙ රටේ සිදු වන සිදුවීම් ගැන අපේ අදහස් දැන ගැනීමට උනන්දුවක් සමාජ මාධ්‍ය අවකාශයේ තිබීම ගැන අප අපේ පාඨකයන්ට ස්තුති කරමු. එහෙත්, අප හැම දෙයක් ම දන්නේ නැත. හැබැයි ලංකාවේ කුණු ප්‍රශ්නය ගැන නම් අප ලියන්නේ අද ඊයේ සිට නො වේ.

පහත පළ වන්නේ අප පසුගිය සැප්තැම්බර් 13දා ලියූ සටහනකි. එය මෙතැනින් උපුටා ගන්නා ලදී. එහි වැදගත් පරිකතා හෙවත් කමෙන්ටු ද තිබෙන නිසා ඔබ කැමති නම් ඒවා ද කියවන්න.

කොළඹ කුණු යනු කොළඹ වැසියන්ගේ කුණු පමණක් නො වේ. කොළඹ නගර සීමාවේ ජීවත් වන හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව විවිධ තක්සේරු අනුව පෙනේ. මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ ජනනය කරනු ලැබේ. 

කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම නැවැත්වීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද වැනි කුප්‍රකට කුණු කඳු ඒ අවට ජනයාට අපායක ජීවිතය නිර්මානය කර දෙයි. 

කොළඹ විරෝධය නිසා දැන් ඒ කුණු ඒකලට ගෙන ගොස් දමන්නට තීරණයක් ගෙන තිබේ. කොළඹ කුණු අපට එපා යි කියමින් දැන් ඒකල ජනයා උද්ඝෝෂණය කරති. 

මෙම සියලු උද්ඝෝෂණ සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය කිසිවෙකුට තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට අවශ්‍ය නො වීමයි. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ ගෙන ගොස් දැමිය යුතු ය. එහෙත් ඒ වෙන කොහේවත් තැන්වල ද තවත් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ද ඒවා භාර ගැනීමට අවශ්‍ය නැත. 

ලංකාවේ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම ඵලදායී කාර්යය කසල බැහැර කිරීම විය හැකි ය. එහෙත්, ඒකවත් හරියට කර ගන්නට පළාත් පාලන ආයතනවලට හැකියාවක් නැත. පළාත් පාලන සභා විසුරුවා හැර තිබීම කසල කළමනාකරණයේ දුබලකමට හේතුවක් වන්නට පුළුවන. එහෙත්, පළාත් පාලන සභිකයන් සිටියත්, ඔවුන් කුණු අදින්නේ නැත. ඔවුන් නොමැතිව කසල කළමනාකරණය හරියට කරන්නට බැරි නම්, එයට හේතුව පළාත් පාලන ආයතනවල ලේකම්ගේ සිට රජයේ සේවයේ අකාර්යක්ෂමතාවයි. 

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක් ද නැත. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේ නැත. කසල කළමනාකරණයේ රැකියාවල නියුතු මිනිසුන්ට අවම සෞඛ්‍යාරක්ෂක උපකරණ හෝ නැති බව පෙනේ. ඔවුන් ඒ ගැන තැකීමක් ද නැත. අපිරිසිදු සතුන් ලෙස කසල ලොරිවල එල්ලී යනු දැකිය හැකි ය. අත්‍යවශ්‍ය සේවාවක නියැලි මෙම කම්කරුවන්ගේ ජීවිත ගොඩනැගීම ද කසල කළමනාකරණයේ ම කොටසකි. ඔවුහු මිනිස් කසල නො වෙති. 


කසල යනු මුදල් ය. එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයකි. කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනාත්මක ව බැලූ විට ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැත. 

රජයට ඒ වෙනුවෙන් ආයෝජනය කළ නො හැකි නම්, එය පෞද්ගලික අංශයට පැවරීමෙහි ඇති වරද කුමක් ද? 

මෙම ප්‍රශ්නයෙහි තවත් පැතිකඩක් තිබේ. කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතු වේ.

අප දැන් සිටින්නේ කොතැන ද? රේල් පාරක්, මහ පාරක් දෙපස බලන්න. වාහනවල, පයින් යන එන අය විසින් තැන තැන දමා ගිය ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් දකින්නට ලැබේ ද? මිනිසුන් වන්දනාවේ හා සිරි නැරඹීමට යන සිද්ධස්ථාන, පොදු ස්ථාන ආදියේ තත්වය ද එසේ ය. ලංකාව ලෝකෙන් උතුම් ම රට යයි කියන්නට කැමති වුව ද ලංකාවේ මිනිසුන් ඉතා අපිරිසිදු ය. ඒ අපිරිසිදුකම නිසා ඔවුහු ලංකාව විනාශ කරමින් සිටිති. 

ලංකාවේ දේශපාලන ව්‍යාපාර සිය දේශපාලනයට මේවා ද අදාළ කර ගත යුතු ය. සමාජ වෙනස ඇති කිරීම සඳහා මේවා ද අදාළ වේ. වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි ය. වගකිව යුතු පුරවැසියන් නිර්මානය කරන්නට විප්ලවවාදී පක්ෂයක් බලයට ගන්නා තෙක් සිටින්නට උවමනා නැත. පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු ය. 

ලංකාවේ කසල කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් මෙතැනින්කියවිය හැකි ය. 

ඒ සම්බන්ධ ජාත්‍යන්තර තත්වය ගැන විග්‍රහයක් මෙතැනින්


පහත පළ වන්නේ අප 2015 මැයි මස ලියූ සටහනකින් උපුටා ගත් කොටසකි. 

එක තැනක ගොඩගසන කුණු තව තැනකට ගෙන ගොස් දැමුවා ය කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.  

කසල බැහැර කිරීම යනු බරපතල සංස්කෘතික ගැටලුවක් ලෙස ද විග්‍රහ කළ හැකි කාරණයකි. ලාංකිකයන් වැඩිදෙනෙකුට කසල යනු කුමන හෝ ආකාරයකින් තමන්ගේ පෞද්ගලික සීමාවෙන් බැහැර කර ගත යුතු දෙයක් පමණි. 

ටොෆිය කා කොළය බිම දමන, ගෙදර කුණු ටික ෂොපිං කවරයක දමා ගෙනැවිත් පාර අයිනට විසි කරන, සමස්ත වායුගෝලයට ම පිළිකාකාරක මුදා හරින සේ පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තබන, තැන නො තැන නො බලා කෙළ ගසන, පොදු වැසිකිළිය අපිරිසිදු කරන, විරෝධය පළ කිරීම සඳහා පාරේ ටයර් පුළුස්සා පොදු දේපලක් වන මහාමාර්ගයට හානි කරන, පොදු මහජන ප්‍රශ්නවලින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන, හැම රෙද්දට ම ජාතිවාදය පටලවා ගන්නා විනයක් නැති ජනතාවක් වාසය කරන රටක මෙම ප්‍රශ්නය විසඳීම පහසු නැත. 

මා ජීවත් වන නගරයේ ප්‍රාදේශීය සභාව කසල ප්‍රශ්නයට අපූරු විසඳුමක් ගෙනැවිත් තිබේ. ඒ අනුව, නගරයේ කසල බඳුන් කිසිවක් නැත. සියලු කුණු ඒවා රැගෙන යන්නට යම් යම් වෙලාවලට එන කුණු ට්‍රැක්ටරයට භාර දිය යුතු ය. නගරයට එන මිනිසුන් රැගෙන එන කුණු ඔවුන් ගෙදර ගෙන යා යුතු ය. එහෙත්, ගම්වලට කුණු ට්‍රැක්ටරය යන්නේ ද නැත. ඒ කියන්නේ නගරයට එන පොලිතින් ගම්වල ම ගොඩගැසිය යුතු ය. මේ ක්‍රමය දැන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වේ. නගරය දැන් ඉස්සරටත් වඩා අපිරිසිදු ය. හැබැයි පළාත් පාලන ආයතනයට ලෙහෙසි ය. 

කසල බැහැරකරණය පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ආණ්ඩුව විසින් ආමන්ත්‍රණය කළ යුතුව තිබෙන බරපතල ම ප්‍රශ්නවලින් එකකි. එහෙම කියලා කසල බැහැර කිරීම හැදෑරීම සඳහා ඇමතිවරුන්, නිලධාරීන් හා පළාත් පාලන ආයතන සභාපතිවරුන් පිටරට චාරිකා සඳහා යැව්වා කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. 

කසල බැහැර කිරීමේදී ජනතාව වගකීම්සහගත වීම ඉතා වැදගත් ය. විශේෂයෙන් ම පොලිතින්, ප්ලාස්ටික් වැනි නො දිරන ද්‍රව්‍ය භාවිතා කිරීමේදී ජනතාව සකසුරුවමින් කටයුතු කළ යුතු ය. ගිනිිපෙට්ටිය පවා ෂොපිං බෑග්වල දමා විකුණන සුපිරි වෙළඳසැල් ද කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සමග සම්බන්ධ කර ගත යුතු ය. තමන් නිකුත් කරන පොලිතින් හා ප්ලාස්ටික් ආපසු ලබා ගත යුතු බවට ඔවුන්ට නීති පැනවිය යුතු ය. 

පොලිතින් හා ප්ලාස්ටික් වනාහි ඇසුරුම් කර්මාන්තයේ දියුණු අවස්ථාවක් නිසා පත්තර කඩදාසියට, හබරල කොළයට, කාඩ්බෝඩ් පෙට්ටියට මේ රට ආපසු යනු ඇතැයි බලාපොරොත්තු විය යුතු නැත. ඒ වෙනුවට කළ යුතුව තිබෙන්නේ කසල කළමනාකරණය විධිමත් කිරීමයි. 

ප්‍රතිචක්‍රීයකරණය කර්මාන්තයක් ලෙස දිරිගැන්විය යුතු ය. දැනටත් යකඩ ප්‍රතිචක්‍රීයකරණය දියුණු කර්මාන්තයක් ලෙස ලංකාවේ සිදු වේ. එහෙත්, ඒ හා සම්බන්ධ පාරිසරික ගැටලු ද රැසක් තිබේ. නිදසුනක් ලෙස වැලිපැන්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන මෙල්වා කර්මාන්තශාලාවට එරෙහිව ඒ පැත්තේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ එයින් සිදු වන පාරිසරික හානිය නිසා ය. 

වීදුරු, ප්ලාස්ටික්, කඩදාසි වැනි ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බොහෝ දේ සම්බන්ධ කර්මාන්තවලට සහනාධාර පිරිනැමීම හා එම කර්මාන්ත නිසි පරිදි නියාමනය කිරීම ඔස්සේ කසල බැහැර කිරීම සඳහා වැය වන මහජන මුදල් අවම කර ගන්නට පුළුවන. 

නිවසේ කසල ඇසුරින් කොම්පෝස්ට් නිපදවාගෙන ගෙවතු වගා සඳහා යොදා ගැනීම සඳහා ජනතාව දිරිගැන්විය හැකි ය. මේ සඳහා ජනතාව දැනුවත් කරන වැඩසටහන් ඕනෑතරම් කෘෂිකර්ම අංශ විසින් දියත් කර තිබේ. එහෙත්, එක් මූලික ප්‍රශ්නයක් ගැන ඔවුන්ට අවබෝධයක් නැත. ඒ වනාහි නාගරික ජනතාවට ගොම සොයා ගැනීම දුෂ්කර බවයි. බොහෝ විසඳුම් ප්‍රායෝගික නො වන්නේ මෙවැනි සුළු කාරණා නිසා ය. 

කසල ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීම පමණක් ප්‍රමාණවත් නො වේ. මන්ද, කසල ප්‍රශ්නය විසඳා ගැනීම යනු කුණු ටික තමන්ගේ පරිසරයෙන් ඈත් කර කොයි ලෝකෙකට හෝ පැටවීම නො වේ.

මේ ආකල්පය නිසා දැන් අභ්‍යවකාශයත් හැඩි වී තිබේ. පෘථිවියට ආසන්නයේ කක්ෂවල ඇති චන්ද්‍රිකා විසින් මුදා හරින ලද අපද්‍රව්‍ය නිසා දැනටමත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා තිබෙන අභ්‍යවකාශ යානාවලට තර්ජන ඇති වී තිබේ. 


මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධයෙන් ගෝඨාභයගේ කොළඹ සෝබනයට හෝ පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවට පමණක් දොස් තැබීම තේරුමක් තිබේ යයි අපි නො සිතමු. එයින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම අපි හෙළා දකිමු. 

රජයට මෙන් ම ලංකාවේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට, කිසි කලෙක කසල කළමනාකරණය සම්බන්ධයෙන් දැක්මක් හෝ වැඩපිළිවෙලක් හෝ තිබී නැත.

එසේම, මෙයත් කිව යුතු ය. ඇතැම් අන්තවාදී බලවේග පසුගිය දිනවල මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව කළ උද්ඝෝෂණ පිටුපස මෙන් ම, ඒකල කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනට එරෙහිව පැවති උද්ඝෝෂණ පිටුපසත් සිටිය හ. ඔවුන්ට ඇත්තෙන් ම අවශ්‍ය මෙම ප්‍රශ්නය විසඳීමට නො ව, කසලත් සමග ම මිනිස් ජීවිතත් කසල වී යනු දකින්නට ය. 

මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අප කවුරුත් රජයට සහාය විය යුතු ය. රජයට පුළුවන් නම් කුණු ප්‍රශ්නෙ විසඳපියව් කියා අභියෝග කිරීම හරියට ‘අපි නාන්නෙ නැහැ. පුළුවන් නම් නාවපියව්' කියන්නා වැනි ගොන් තර්කයකි. 

අපි මේ සම්බන්ධයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු. ඔබත් අදහස් දක්වන්න.  


  • කසල කළමනාකරණය විධිමත් කර, පළාත් පාලන ආයතන ශක්තිමත් කරන තෙක්, නිශ්චිත කාල වකවානුවක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කරනු! එමගින් කසල කළමනාකරණය සඳහා අවශ්‍ය කඩිනම් පියවරවලට ශක්තිය ලබා දෙනු!
  • කසල කළමනාකරණය වෙනුවෙන් ප්‍රමිති සංවර්ධනය කිරීම සඳහා ස්ථිර නියාමන කොමිෂමක් පත් කරනු! 
  • දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කසල කළමනාකරණය විධිමත් කිරීමේ වැඩසටහන් සඳහා යෝජනා සංවර්ධනය කිරීම කසල කළමනාකරණ නියාමන කොමිෂමට පවරනු!
  • කසල කළමනාකරණය විෂයෙහි රජයේ අකාර්යක්ෂමතාව පිළි ගනිමින් කසල කළමනාකරණයෙහිදී පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දෙනු! 
  • කසල කළමනාකරණයෙහිදී ප්‍රතිචක්‍රීයකරණය සඳහා කරනු ලබන ආයෝජන දිරි ගන්වනු! නිශ්චිත සාධාරණ කාල සීමාවක් සඳහා එම ව්‍යවසාය බදුවලින් නිදහස් කරනු! 
  • කසල බැහැර කිරීම සම්බන්ධ දැනට පවත්නා නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරනු! 
  • ආහාර පාන, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ආදී ප්ලාස්ටික්, පොලිතින් භාවිතා කරන සෑම සිල්ලර වෙළඳසලක ම අලෙවියට සාපේක්ෂ සාධාරණ බරක පොලිතින් හා ප්ලාස්ටික් දවටන ආපසු ලබා ගැනීම හා ඒවා පළාත් පාලන ආයතන වෙත භාර දී ලදු පතක් ලබා ගැනීම අනිවාර්ය කරනු! එම ලදුපත ඉදිරිපත් නො කරන සිල්ලර වෙළඳසැල්වලට කසල කළමනාකරණ බද්දක් පනවනු! එයින් ලැබෙන ආදායම කසල කළමනාකරණ නියාමන කොමිෂම හරහා කසල කළමනාකරණය විධිමත් කිරීම සඳහා ආයෝජන වෙනුවෙන් ලබා දෙනු!
  • කසල කළමනාකරණය සම්බන්ධ වෘත්තීන්හි යෙදී සිටින කම්කරුවන්ට සේවා ප්‍රමිති, සාධාරණ වැටුප්, රක්ෂණාවරණ හා සමාජ ආරක්ෂණය තහවුරු කරනු! 


ජෝන් පර්කින්ස් ලියූ Confessions of an Economic Hit Man නම් පොතේ සඳහන් වන ආකාරයට ඉස්සර කාලේ සවුදි අරාබියේ ප්‍ර‍ධාන නගරවලට එළුවන් අත්‍යවශ්‍ය වුණාලු. ඒ කසල ශෝධනය සඳහා. සවුදි අරාබිය නවීකරණය වීම ආරම්භ වුණේ මේ කසල කළමනාකරණ ක්‍රමය වෙනස් කිරීමත් සමගයි. 

(ලංකාවේ ඊනියා වෙළඳපොළ විරෝධීන් කසල කළමනාකරණය පෞද්ගලික අංශයට භාර දෙන එකත් කසල වෙළඳපොළකරණයකැයි සලකනවා විය හැකි ය. කසල කළමනාකරණය ද ජීවිතයට ඉතා වැදගත්, අත්‍යවශ්‍ය දෙයක් නිසා එය ද රජය විසින් තෝරා ගත් පිරිසකට පමණක් කළ යුතු යයි ඔවුන් සිතනවා ඇත. වෙළඳපොළකරණය ගැන නිර්මාල් රංජිත් දේවසිරි විසින් දක්වන ලද //හැබැයි මෙතන තියෙන උත්ප්‍රාසය තමයි අවුරුද්ද වෙළද පොලකරණය වීම ගැන විවේචනය කරන Ajith Perakum Jayasinghe ඊට වඩා සමාජයීය වශයෙන් බෙහෙවින් හානිදායක වන අධ්‍යාපනය වෙළදපොළකරණයට මාරාන්තික ලෙස පක්ෂ වීම.// යන අදහසට ප්‍රතිචාර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.   

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

28 comments:

  1. මගේ අදහස නං මේකයි. දැන් අපි කියලා අවුරුදු සිය ගණන් ජිවත් වෙන්නේ නෑහැනි. දැන් කාලේ බැලුවම මිනිහෙක් අවුරුදු හැට හැත්තෑවක් ජිවත් වෙයි උපරිම. ඉතිං ඒ කාලේ පුළුවන් තරං ජොලි කරලා, අධි පරිභෝජනය කරලා මේ ලෝකේ තියෙන සම්පත් ඔක්කොම පාවිච්චි කරලා දාන්න ඕනි.

    ඔය තියෙන කුණු ටිකත් කොහෙට හරි දාලා ශේප් උනාම හරි. දැන් අජිත් බැලුවොත් ඔයාගේ වයස එක්ක ඔයා තව අවුරුදු 15 ක් ඉදියි වැඩිම උනොත්. ආයේ අහවල් දේකටද මේ ඉන්නා කාලේ නිකං ලෝකේ හදන්න මහන්සි වෙන්නේ. පුළුවන් තරං ආතල් එකේ ඉන්න බලනවා. සල්ලි නැත්තං මොන ජාවාරමක් කරලා හරි හොයනවා.

    කුණු අනං මනං ඔය කොහෙට හරි ගිහිං දානවා පාරක් අයිනට. එච්චරයි.

    ඕක තමයි මගේ තියරිය. අපි මේ ඉන්නා අවුරුදු හැට හැත්තෑවේ උපරිම අධි පරිභෝජනයෙන් ජිවත් වෙමු. අපිට පස්සේ එන එවුන් මොනාක්‌ කරත් අපිට පුකද. අපේ ආතල් එක අපි ගමු. ලෝකේ තියෙනා සියලු සැප සම්පත් පරිභෝජනය කරමු ඉවර වෙනකම්.

    ReplyDelete
    Replies
    1. ඕක ඔබේ අදහස නෙමෙයි. බහුතරයක් ලාංකිකයන්ගේ හෘදය සාක්ෂිය.

      Delete
    2. ඕක ලන්කාවේ 99.5% කගේ අදහසම තමයි.

      Delete
    3. මං නං කියන්නේ උතුරේ දෙමල්ලු ටික මරලා දාලා එහෙට ගිහිං දැම්මා නං හරි කුණු ටික

      Delete
  2. //ඕක ඔබේ අදහස නෙමෙයි. බහුතරයක් ලාංකිකයන්ගේ හෘදය සාක්ෂිය.//
    පැරා ඒ කාතාව කොහෙන් ඔබේ ඔලුවට ආවද දන්නේ නෑ නමුත් එය 200% නිවැරදියි!
    මෙහම හිතන සංස්කෘතියක් ඇතිවුනේ කොහොමද කියන එක ගැනනම් Ph.D එකකට තිසිස් එකක් ලියන්න පුළුවන්.
    ඔබට සුභ නවවසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබටත් සුබ නව වසරක් පතමි.

      Delete
  3. // ආශාවේ වස්තුව //

    object of desire?

    ReplyDelete
    Replies
    1. ඔව්. මාව රනිල් එක්ක පටලවන හුඟදෙනෙකුගේ ආසාව රනිල් එක්ක එහෙම පැටලෙන එක. රනිල්ට කඩේ යන්නට එයාලා ආසයි. රනිල් එයාලාට සල්ලි දෙනවා නම් එයාලා ආසයි.

      එයාලා හිතනවා රනිල් මට සල්ලි දෙනවා ය කියලා. ඒ කියන්නෙ එයාලාගේ ආසාවේ වස්තුවෙන් මා ලොකු ප්‍රමෝදයක් ලබනවා ය කියලා. ඒගොල්ලන්ට ලැබිය යුතු දෙයක් මා විඳිනවා ය කියලා ඉරිසියා කරනවා.

      එහෙම හිතලා ඒගොල්ලන් මට බනිනවා. සෝ සුසුම් හෙළනවා. කෑම පිරියක් නැහැ. කෙට්ටු වෙනවා. ඩිප්‍රෙෂන් වගේ. ප්‍රෙෂර් නගිනවා. බ්ලඩ් ෂුගර්.

      (මේ පිළිබඳ වැඩි විස්තර ලකාන්ගේ දේශීය නිල හා කොළ නියෝජිතයන්ගෙන් විමසා දැන ගත හැකි ය.)

      Delete
    2. එතකොට වම්මුන්ගේ ආශාවේ වස්තුව කොහොම එකක්ද?

      Delete
    3. ලොකුසීයාApril 19, 2017 at 4:45 PM

      object of desire ගැන නම් අපි දන්නෑ ,හැබැයි ඉසුර දේවප්‍රිය රු.450,000,000.00 ක් සහ චම්පික රනවක රු.520,000,000.00ක් කුණු කන්දට කොමිස් ඉල්ලපු බව නම් ෂුවර්. මුන් දෙන්නා තමයි මීතොටමුල්ලේ ප්‍ර‍ධානම මිනීමරුවෝ දෙන්නා.මුන්දෙන්නා පුවත්පත් නිවේදන තරඟයක් පැවැත්වුයෙත් පවුකාරකම වහගන්නයි.
      කුණුවලට යට වී මියගිය වුනගෙ වේදනා සාපයක් වී කුණු කප්පම්කාරයෝ විනාශවේවා!

      Delete
  4. කුනු ප්‍රශ්නයට විසදුමක් දෙන්නට ආ කැනේඩියානු හා ජර්මන් සමාගම් වලින් ඉසුර දෙවප්‍රිය හා යහපාලන මෙගාපොලිසාලපාලුවා කොමිස් ඉල්ලූ හැටි නොලියන්නෙ රනිල් හාමුට ඇති බයටද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඔබට මෙහි ලියන්නට පුළුවන. සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්නේ නම්, ඔබට බය නම්, අපට හෝ ඒ පිළිබඳ අදාළ අංශවලට පැමිණිලි කළ හැකි ය.

      කොමිස් ඉල්ලුවා ය කියන එක සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයකි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. බලන්න කෝ එකෙත් හැටි.
    පැරකුම් කියන දේ වත් කවුරුත් අහල නෑ නේ.
    හරිම නරකයි

    ReplyDelete
    Replies
    1. අහන්න දැන් නේ කිව්වේ. අපි අපෙන් ම පටන් ගනිමුකෝ. වෙන කවුරුත් ගැන බලාපොරොත්තු තියන්නට ඕනැ නැහැ.

      Delete
  6. Great article.
    Para, I am wishing you all the best for the New Year!

    ReplyDelete
  7. වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය 1/3

    අලුත් අවුරුද්ද උදාවූයේ මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී ජීවිත ගනනාවක් නැති වූ අසුබ ආරංචිය සමගය. ජීවිත අහිමි වූවන් අතර වියත්මග ක්‍රියාකාරීනියක ලෙස අප හඳුනාගෙන සිටි මේනකා සේනාරත්න, ඇගේ සැමියා හා , වැඩිමහල් දරුවා සිටීම වඩාත් වේදනාකාරීය.

    මීතොටමුල්ලේ කුණු කන්දට පලාතේ ජනතා විරෝදය එල්ල වන්නේ දීර්ඝ කාලයක සිටය. මෙම විරෝදතා ජනතා උද්ගෝෂන බවට පත්වන ආකාරයත් ඇතැම් තක්කඩි දේශපාලනඥයින් ඉන් දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරන ආකාරයත් මෑත කාලයේ මාධ්‍ය තුලින් දුටුවෙමු.

    ඕනෑම වගකීමක් පසුගිය රජය කරපිට පටවා මඟ හැරීමට උත්සාහ කිරීම වර්ථමාන රජයේ පුරුද්දකි. සුපුරුදු පරිදි මීතොටමුල්ල කුනු කන්දේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත් පැටවීමේ පහත් ප්‍රයත්නයක් පසුගිය දිනවල සමහරක් වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වූ අතර රජයට සම්බන්ධ සමහරක් දෙශපාලනඥයින්ද මෙයට උඩගෙඩි දෙනවා දක්නට ලැබුනි.

    මෙය සම්පූර්ණ අසත්‍යයකි. මන්ද යත් මීතොටමුල්ල පොතුවිල් කුඹුර ප්‍රදේශයට කොලන්නාව හා මුල්ලේරියාව ප්‍රදේශයෙන් ගෙන එන කසල බැහැර කිරීම ආරම්භ වූයේ මීට බොහෝ කලකට එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ බැවිනි. මීට අමතරව කොලඹ නගරයේ කුණුද මීතොටමුල්ලට ගෙන ඒම ආරම්ඹ වූයේ 2008 වසරේදී කොළඹ නගර සභාව උසාවියෙන් ලබාගත් අවසරයක් මතය. ගෝඨාභය රාජපක්ෂ 2005-2009 කාලයේ දැරුවේ ආරක්ෂක ලේකම් තනතුර පමනක් වන අතර මිනීමරු ත්‍රස්ථවාදය පැරදවීමට සම්පූර්ණ අවධානය යොදාසිටි ඔහුට එදා කොළඹ නගර සභාවේ කුණු කසල ප්‍රශ්ණ කිසිසේත් අදාල නොවීය.

    රටේ ඕනෑම නගරයක කුණු එකතුකිරීමේ වගකීම ඇත්තේ නගර සභාවටයි. ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරයේද ඒ එසේමය. කොළඹ නගර සභාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 1956 වී ඒ සුගතදාස මහතා එක්සත් ජාතික පක්ශයෙන් තරඟ කොට ජයග්‍රහණය කොට නගරාධිපති ලෙස පත්වූදා සිට අදවන තුරුම කොළඹ නගර සභාව පාලනය කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. 2006 නගර සභා චන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂක ලැයිස්තුව ප්‍රතික්ශේප වූ විටද බලය හිමිවුයේ එකසත් ජාතික පක්ෂයේ සහය ලද ස්වාධීන කන්ඩායමකටය.

    මේ අනුව අද වනතුරුත් කුණු ප්‍රශ්නයට නිසි පිලිතුරක් නැත්තේ මන්දැයි යමෙක් පලමුවෙන්ම ප්‍රශ්ණ කලයුත්තේ කොළඹ නගර සභාව එදා මෙදාතුර පාලනය කොට ඇති එක්සත් ජාතික පක්ෂයෙනි.

    ඒ කෙසේ වෙතත් 2009 වසරෙන් පසු කොළඹ කුණු ප්‍රශ්ණය විස්දන්නට ඍජුවම මැදිහත් වූ අයෙකු ගැන අපි සියලු දෙනාම දනිමු. ඒ 2010 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන්ද අමතර රාජකාරියක් බාරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. කුණු ප්‍රශ්ණය නගර සභාව විසඳන තුරු බලා නොසිටි ගෝඨාභය තමුන්ම ඒ ගැන සොයාබලා නිසි තීරණ ගෙන කොළඹ කුණු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කලේය. අපිරිසිදු නගරයක්ව තිබූ අගනුවර වසර කිහිපයක් තුල ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ අනුන්ගේ වගකීම්ද කරට ගෙන රටට අවශ්‍ය දේ හරියට කරන පුරුද්ද නිසාය.

    කුණු එකතුකිරීමේ තිබුනු ගැටලුව විසඳූ පසු ගෝඨාභයගේ අවධානය යොමුවූයේ කුණු බැහැර කිරීමේදී ඇතිව තිබුන ප්‍රශ්ණ විසඳන්නටය.

    ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුනි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුනි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුනේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවෙන සංවිධාන මගින් කල පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය 2/3

      ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින්ම මීතොටවත්ත කුණු කන්ද ගැන අවධානය යොමු කරන්නේ 2010 වසරේදීය. ඒ වන විට කොළඹ නගර සභාව 2010 දී කුණු කන්ද පරීක්ෂාවට ගිය ගෝඨාභය රාජපක්ෂ මහත කොළඹ නගර සභාව වසර 3ක් පුරා ඉතා අක්‍රමිකව කසල ගොඩගැසීම නිසා කුණුගොඩ විශාල කන්දක් බවට පත්වෙමින් තිබෙන බවත් එය ප්‍රදේශවාසීනට අවදානමක් බවට පත්වන ආකාරය දැක වහාම යුධ හමුදාවේ සහාය ගෙන කුණු කන්ද ක්‍රමානුකූලව සමතලා කරන්නට කටයුතු කලේය. මීට අමතරව 2011 -2012 වර්ෂවලදී කුණු කන්ද වටා අගලක් කපා එය මිනිසුන් ජීවත්වන ප්‍රදේශයෙන් වෙන් කිරීමට කටයුතු කලේය. මීට අමතරව කුණු කන්ද ආසන්නයේම ජීවත්වන නිවාස හිමියන් 150 කට රජය විසින් අලුතින් සෑදීම ආරම්භ කර තිබූ තට්ටු නිවාස ව්‍යපෘතීන්ගෙන් නිවාස ලබාදීමට කොළඹ නගර සභාව සමග එකඟ තාවයකට පැමිනියේය. මේ නිවාසවල අයිතිය ලබාදුන්නේ නගර සභාවට වන අතර සුදුස්සන් තොරා ඒවා බෙදා හැරීමේ වගකීම නගර සභාවට පැවරිනි.

      බොහෝකලකට පසු නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ නගර සභාව ඉතා සමීපව කටයුතු කරන්නට පටන් ගත් යුගයක් වුයේ 2010 -2014 ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි සමයයි. ඒ කාලයේ කොළඹ නගර සභාවේ කසල බැහැර කිරීමේ ගැටලුවට දීර්ඝ කාලීන පිලිතුරු සොයන්නට නාගරික සංවර්ධන අධිකාරියද විශෙෂ අවධානයක් යොමුකලේය.

      ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත 2013-2014 කාලයේ කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

      එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනාවූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුනු සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්‍රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘත්ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුලින් විශවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.

      මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.

      එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.

      සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්‍රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්‍රවාහණය කරනු ලබන්නේ දුම්රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.

      Delete
    2. වලක්වාගත හැකිව තිබූ මීතොටමුල්ලේ ඛේදවාචකය 3/3

      ලෝක බැංකුවේ සහාය ඇතුව මීතොටමුල්ල හා කුරුක්කාල් ප්‍රදේශ වල ජනතා නියෝජිතයයින් දකුණු කොරියාවට කැඳවාගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව කුණු බැහර කරනා ආකාරය පෙන්වීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකලේය.

      වකාලිකව කුණු එකතු කොට අසුරා පිටතට ප්‍රවාහනය කරන ස්ථානය තිබෙන්නේ සියොල් නගර මධ්‍යයේ බවත් විද්‍යාත්මකව සියල්ල සිදුවන නිසා ඉන් ප්‍රදේශවාසීනට හෝ පරිසරයට වන හානිය අවම බවත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. මුලින්ම කල මේ කරුණු පැහැදිලිකිරීම නිසා යෝජිත ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විරොදතාවක් ඉදිරිපත් වූයේ නැත.

      ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් කිහිපයක් දුම් රිය මාර්ග පද්ධතියට එක්කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුව වහාම ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කොට අවසන් කරන ලදී.

      ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107ක් හෙවත් රුපියල් බිලියන් 14 ක් 2014 අගෝස්තු 14දා එවකට තිබූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2015-2017 වසර සඳහා අදාල වියදම ලෙස රුපියල් බිලියන් 10 ක මුදලක් 2014 නොවැම්බර් මස පසුගිය රජය මගින් ඉදිරිපත් කල කල අවසාන අයැවයෙන් අනුමත කරන ලදී

      යුද්ධයෙන් පසු වසර 4 1/2 ක් තුල මේ රටේ සිදුවූ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන හා සසඳන විට කුණු බැහැර කිරීම සඳහා වූ මේ ව්‍යාපෘතිය වසරක් හෝ දෙකක් තුල අනිවාර්යෙන්ම නිම කිරීමට පසුගිය රජය හැකියාව තිබුන බව ඕනෑම අයෙකුට වටහා ගත හැක.

      පසුගිය රජයට අවශ්‍ය වූ අකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් විසදෙන්නේ මීතොටමුල්ලේ කුණු ප්‍රශ්ණය පමනක් නොවේ. එය සැලසුම් කර තුබුනේ කොළඹ මෙන්ම තදාසන්නන ප්‍රදේශ රාශියක් ඉලක්ක කරගෙනය.

      සියලු සැලසුම නිමකොට තිබුනද ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමට පෙර 2015 ජනවාරි මාසයේ රජය වෙනස් විය. එතැන් සිට පසුගිය වසර දෙක පුරා අපට අසන්නට ලබෙන්නේ විවිධ බලධාරීන්ගේ කයිවාරුව පමනි. ව්‍යාපෘතිය පටන් ගත් තැනමය.

      මීතොටමුල්ල අනතුරෙන් මියගිය අයට අපි නිවන් සුව පතමු. අපිරිසිදු පරිසරය නිසා රෝගී තත්වයට පත්වන පලාතේ ජනතාවගේ වේදනාව අපට දැනෙන නමුත් අපට ඒ ගැන කල හැකි දේ සීමිතය.

      – නාලක ගොඩහේවා FB

      Delete
    3. පැරා, දැන් දීපංකො පුලුවන්නම් උත්තර?

      Delete
    4. කොළොන්නාවෙන් පුත්තලමට හෙවත් අරුවක්කාලු ප්‍රෝඩාව
      ---
      කොළඹ කුණුකන්ද ගැන කියැවෙන සෑම තැනකම, "ඒ කාලේ ඕකට ෂෝක් විසඳුමක් දුන්නා, ඒක කරන්න දුන්නේ නෑ" යනුවෙන් ඇසෙන පට්ටපල් බොරුව හෙළි කරනුවස් මේ සටහන තබමි... මම සංස්කාරකයා පමණක් මි, සියලු දත්ත සහ කරුණුවල ගෞරවය Sameera Dharmadasa සහ Supun Jayaweera හට හිමි ය....

      පසුගිය රජය විසින් බ්ලුමැන්ඩල් කුණුකන්ද "තාවකාලිකව" මීතොටමුල්ලට ගෙනාවාය, ඒ ගෙනාවේ කසළ ඉවත්කිරීමට "තිරසාර" විසඳුමක් හදන ගමන් ය යනුවෙන් කතාවක් ඔබ අසා ඇතුවාට සැක නැත.... මේ කියන "තිරසාර" විසඳුම නම් වෙන එකක් නොව, කොළඹ කුණු සියල්ල, පුත්තලමේ "අරුවක්කාලු" නම් ප්‍රදේශයේ වළ දැමීම ය... අරුවක්කාලු යනු පුත්තලමට නුදුරින් ඇති ප්‍රදේශයකි.. අරුවක්කාලු යනු හොල්සිම් ආයතනයෙන් සිමෙන්ති නිපදවීම පිණිස ලයිම් ස්ටෝන් හෙවත් හුණුගල් කැඩීම පිණිස කපන ලද ගල්වලවල් සහිත ප්‍රදේශයකි... එහි වැඩ නිමවූයේ මීට වසර 20 ට පෙර ය.... සැලැස්මට අනුව, කුණු මෙට්‍රික්ටොන් මිලියන 4.7ක් දුම්රිය මාර්ගයෙන් ගෙනගොස්, අවුරුදු 10 ක් තුළදී අදියර දෙකකින් අරුවක්කාලුහි වළදැමීමට නියමිතව තිබිණි...

      ප්‍රශ්නය මතු වූයේ අරුවක්කාලු ප්‍රදේශයේ භූ විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක වැදගත්කම හේතුවෙනි... අරුවක්කාලු යනු මයෝසීන යුගයේ අවසාදිත හුණුගල් බහුල කලාපයකි... එයින් හමුවන ෆොසිල අනුව මෙය මීට වසර මිලියන ගණනකට පෙර මුහුදු පතුළේ කොටසක්ව පැවති බව තහවුරුව තිබුණු අතර, දකුණු ආසියාවේ මයෝසීන ෆොසිල වලට හොඳම නිදර්ශක ස්ථාන අතරින් එකක් ලෙස එය හඳුනාගන්නා ලදී.... ඉහළ ඔලිගෝසීන සහ මයෝසීන යුගවලට අයත් ෆොසිල සාධක ලංකාවේ දක්නට ලැබෙන එකම තැන මෙතැන ය.... ඉහත යුගවලට අයත් ෆොසිල අධ්‍යයනය සඳහා ලංකාවේ ඇති එකම සම්පත මේ ය..... වර්ටිබ්‍රේට්, ඉනිවර්ටිබ්‍රේට්, මෙගාෆෝනා ෆොසිල සහිත මේ නිධිය, පුරා ජෛව විශේෂඥයන්ට සිය පර්යේෂණ සඳහා ඇති එකම පර්යේෂණ මූලය වෙයි..... අරුවක්කාලු යනු මයෝසීන යුගයට අයත් කැස්බෑවන්, තල්මසුන් , මුහුදු ඌරන්, ඩොල්ෆින්, මෝරුන් වැනි සතුන්ගේ ෆොසිල සාධක ලැබෙන තැනකි... දැනටත් එහි පර්යේෂණ කටයුතු සිදු වෙයි... පුරා ජෛව විද්‍යා වටිනාකමට අමතරව එහිම උප කොටසක් වෙන භෞතික මානව විද්‍යාවෙ පර්යේෂණ ද එහි සිදු වෙයි... ප්‍රාග් ඓතිහාසික මානව මුලයන් සහ සාධක අරුවක්කාලුවල එමට ය... ශිලා මෙවලම්, මැටි භාණ්ඩ සහ ගල් ආයුධ මේ අතර වෙයි.... සරලවම පවසන්නේ නම්, අරුවක්කාලු යනු පුරාවිද්‍යාත්මක සහ ප්‍රාග් ඓතිහාසික රන් ආකාරයකි.... අරුවක්කාලු වැළලී යාම යනු, එහි පවතින සියලු පුරා විද්‍යාත්මක සම්පත් සදාකාලයටම වැළලී යාමකි....

      පුරාවිද්‍යාත්මක වැදගත්කම හැරුණු විට අරුවක්කාලු වල තවත් වැදගත්කමක් වෙයි... එනම්, එය විල්පත්තු වන රක්ෂිතයේ සිට සැතැපුම් 1ක මායිම තුළ, එනම් buffer zone එක තුළ පිහිටා තිබීමයි.... මෙහි කුණු වැළලීම ඇරඹුවහොත් කුණු හේතුවෙන් ඒ ප්‍රදේශයට ඇදෙන අලි හේතුවෙන් අලි-මිනිස් ගැටුමක් ඇතිවේවි යයි සාධාරණ බියක් ද පරිසරවේදීන් විසින් පෙන්වාදෙන ලදී... මීට අමතරව, අනතුරට පත්ව ඇති ශාක විශේෂයක් වන (ලංකාවේ ස්ථාන 2ක පමණක් හමුවන) "බූ කොල්ලු" ගහණයක් මේ ආසන්නයේ පැවතීමත්, කුණු ගොඩ ගැසීම හේතුවෙන් එම ශාක ගහණය අනතුරට ලක්වීමට ඉඩක් පැවතීමත් මෙහිදී මතුකරන ලදී...
      මේ සියල්ලට අමතරව, අරුවක්කාලු ව්‍යාපෘතිය සිදුකළා නම් තවත් අනතුරක් සිදුවන්නට ඉඩ තිබිණි... අරුවක්කාලු මෝලට 200m තරම් ළඟින් පිහිටියේ ලංකාවේ විශාලම සහ විවිධත්වයෙන් බහුලම කඩොලාන ගහණයකි.... අරුවක්කාලු වල කුණු වැළලුවා නම්, කුණු වලෙන් භූගත ජලයට මිශ්‍රවන යම් රසායනික ද්‍රව්‍ය තිබී, ඒවා කඩොලාන ශාක ප්‍රජාවට මාරක ලෙස බලපෑමේ අවදානමක් ද විය...
      පසුගිය රජය විසින් කුණුවලට දෙන්නට ගිය "තිරසාර විසඳුම" ඔන්න ඕක ය.... හෙවත්, පුරාවිද්‍යාත්මක වශයෙන් අමිල සහ පාරිසරිකව මර්මස්ථානයක් වන ස්ථානයක් කුණුවලින් පිරවීම ය...

      විය හැකි සහ විය යුතු ලෙසටම, මේ "තිරසාර" විසඳුමට එරෙහිව පරිසරවේදීන්ගේ බරපතළ විරෝධතා එල්ල විය... එහි ප්‍රතිඵලයක් ලෙස මෙය හකුළා ගැනීමට සිදු වූ අතර, මීට අදාළ පරිසර අවදානම් වාර්තාව හෙවත් EIA හි නිර්දේශ එකක්වත් ක්‍රියාත්මක කිරීමට කිසිවකුට අවශ්‍යතාවක් තිබුණේ නැත....

      ප.ලි. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 107ක් අනුමත වුවද, ඉන් සෑහෙන කොටසක් වියදම් කරන ලද්දේ "ශක්‍යතා අධ්‍යයන" හෙවත් "ෆීසිබිලිටි ස්ටඩීස්" වලට ය... මෙකී ශක්‍යතා අධ්‍යයන පියවරේදී, මෙවැනි භාරදුර ව්‍යාපෘතියක් බාරගෙන කරන දේශපාලන නායකයන් ඒ පිලිබඳ දැනුවත් වීම අනිවාර්ය යැයි සැලකුණු බැවින්, ඔවුන් හට කොරියාවේදී උපරිම සැප පහසුකම් සහිතව "පුහුණුවීම්" සහ "දැනුවත්කිරීම්" ලබාදෙන ලදී..... ඒවායින් සැප ගත්තෝ නම් එමට ය....

      Delete
  8. ඇමරිකන් ජනාධිපතිධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ත්‍රස්තවාදයට එරහිව අභිතව ගෙනයන සටනට අපගේ කොන්දේසි විරහිත සහය, මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ ඩබ්ලිව් ත්‍රී ලංකා බ්ලොග් අඩවිය හරහා මෙසේ ප්‍රකාශ කරමු. ත්‍රස්තවාදයට එරහි සටනේදී ඇමරිකා එක්සත් ජනපදය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සමග අපද සිටිනා බව සදහන් කරමු.

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් ජනාධිපතිතුමාට බුදුබව පාර්ථනා කරමු

      Delete
  9. රනිල් වේලාසන ලංකාවට ආවද පැරා...?

    ReplyDelete
  10. ඒවගේම මිනිස්සුන්ට අමතක නොවීමේ පෙත්තක් අඩු මිලට දෙන්න ඕනා. මොකද තව ටික කාලයකින් මේකත් අමතක වෙලා යයි.

    ReplyDelete
  11. හැමකෙනාම කයිවාරු ගහනව.බරපතල බව සහ විසදුම පැත්තකට දමල කථා කරණව.තමන්ට කෙලවෙන බව දන්නෙම නැහැ. මාර්ටින් නිමොලර්( Martin Nemiler ) ගේ කියමන මතක් කරගන්න. එතකොට පෙරහැර ගොස් අවසන්ය

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.