2017-06-30

ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා (උමා ඔය ව්‍යාපෘතිය ගැන ඇනිමේෂන් වීඩියෝ)

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යාපනය සඳහා ය. (දෙවන වීඩියෝව සොයා ගත නො හැකි විය.)

මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව ජනතාවට පැහැදිලි කර දීම රජයේ වගකීමකි. ඒවායේදී මතු වන ගැටලුවලට විසඳුම් සෙවිය හැක්කේ හා ජනතාව කැප කිරීම් කරන්නේ එවිට ය.

අනෙක් පැත්තෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ රටක ජනතාවට අවශ්‍ය නම් පමණි. ලංකාවේ සිදු වන්නේ පාලකයන්ට, නිලධාරීන්ට ලැබෙන කොමිස් කුට්ටි මුලට ම පැමිණීමයි. 











අපගේ පාඨකයකු විසින් එවන ලද සබඳතා පුරුක් පොකුරකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-28

උමා ඔය, රාජපක්ෂවාදය, පරිසර අන්තවාදය හා දැන් ඉතින් කරන දේ

උමා ඔය ව්‍යාපෘතිය ගැන මට කියන්නට අවශ්‍ය දෙය මනෝරම වීරසිංහ වචන කීපයකින් කියා තිබෙනවා. ඒ මෙහෙමයි:

උමා ඔය සිද්ධිය හරිම ඛේදවාචකයක්...!

පසුගිය රජය කරපු කිසිම ව්‍යාපෘතියක් පරිසර අධ්‍යයන වාර්තා, යෝග්‍යතා වාර්තා කිසිවක් තුට්ටුවකට මායිම් නොකර හිතුවක්කාරකමට කරපු ව්‍යාපෘති.

ඒවා සියල්ලම වගේ අසාර්ථකයි.. ඒ කීවේ වැඩේ ලස්සනට තිබුණට ඇතුළාන්තය හා පසු ප්‍රතිඵල විනාශයක්ම වුණා..

ඔය කාලෙ අපි කීවා පොළව පැලෙයි, ගිලා බහියි, නායයයි කියල.. බයියො හිනාවුණා.. හිතුවක්කාරකමට තනිමතේට කරපු වැඩවලින් වන්දි ගෙවන්නෙ මිනිස්සු..

මේවා හරියට කරනව නං හරිම වටින ව්‍යාපෘති. දැන් මේවට රටම ණයයි. අත්ඇරල දාන්න බෑ. ආණ්ඩුවට සිද්ධවෙනව අතින් කයිට් වෙලා හරි මේ පැලැස්තර දාලා මේ කාන්දුව වහන්න. ඊට පස්සෙ භුගත ජල වහනය වසරකින් විතර සාමාන්‍ය තත්ත්වෙට එනව. නමුත් එතකල් මිනිස්සු මැරෙන්නද?

මොනව වුණත් ජෙප්පො කෑ ගැහුව කියල මේවා නවත්තල බෑ.. නොර්වේ, කැනඩා, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල විශේෂඥයො ගෙන්නල මේවට විසඳුම් හොයන්න ඕනි.. ලෝකෙ බැරි වැඩ නෑ..

ඒ වගේම මේ මිනිස්සුන්ට ලොකු වන්දියක් ගෙවන්නත් ඕනි.

මෙයට තව පොඩි එකතු කිරීම් කීපයක් කරන්නට ඕනැ. ලංකාවේ මෑත ඉතිහාසය පුරාම වගේ මෙවැනි මෙගා ව්‍යාපෘති ධාවනය කළ පෙළඹවීම හෙවත් අභිප්‍රේරණය වුණේ ඒ පිටුපස තිබුණු කොමිස් හා වෙනත් ජාවාරම්. තමන්ට අමතර වාසියක් නැතිනම්, සංවර්ධනය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම කුමක් වුවත්, ලොකු ලොකු වැඩ කරන්නට අපේ රටේ දේශපාලකයන් විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීනුත් පෙළඹෙන්නේ නැහැ. මේ දවස්වල අපේ රටේ ලොකු සංවර්ධන ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නො වන්නටත් හේතුව ඒක ම තමයි.

මහින්ද රාජපක්ෂලාට මේ මෙගා ව්‍යාපෘතිවලදී තිබුණේ මෙගා වාසි ගැන මෙගා අදහස් විතරයි. ඒ වගේ ම මෙගා විදියට ලංකාව ග්‍රහණයට අරගෙන සිටි නිසාත්, මෙගා විදියට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස අවුරා තිබුණ නිසාත් මේ ව්‍යාපෘති ඉදිරියට තල්ලු කළේ මෙගා බලහත්කාරයකින්.

දැන් මේ ව්‍යාපෘති අතරමග නතර කළ හැකි ඒවා නෙමෙයි. එ් වගේ ම කිසිදු පාරිසරික බලපෑමක් සිදු නො වන පරිදි මෙවැනි සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නටත් බැහැ. පොළව යටින් දිග උමගක් කණිනකොට මෙවැනි ප්‍රශ්න මතු වන්නට පුළුවන් ඇතැම් ගැටලු තාවකාලික වෙන්නත් පුළුවන්. ඒ වගේ ම, මේ මතු වෙන සියලු ගැටලු උමග නිසා ඇති වන ඒවාත් නෙමෙයි. මොකද, මධ්‍යම කඳුකරයේ පාරිසරික පද්ධතිය විනාශ කිරීම දිගු ඉතිහාසයක් සහිත ක්‍රියාවලියක්.

මනෝරම වීරසිංහ කියන පරිදි ම මගක් දුරට කණින ලද මේ උමග දැන් වහන්නට බැහැ. මේ ව්‍යාපෘතිය අතහැර දමන්නටත් බැහැ. පෝට් සිටි සම්බන්ධයෙන් මතු වුණේත් මේ ප්‍රශ්නයමයි. හම්බන්තොට වරාය අසාර්ථක ය කියා අපට දැන් එය වසා දමන්නට බැහැ. මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වැනි ඒවා අතහැර දමන එක වැරදියි.

අනෙක් පැත්තෙන් මේ කාරණයත් කිව යුතුයි. මිනිසා කියන්නේ ඇත්තෙන් ම සෙසු සතුන්ට වඩා සුවිශේෂ සත්වයෙක්. මිනිසා සොබාදහම වෙනස් කරන සත්වයෙක්. ඒ වගේ ම විශ්වයේ ඉතිහාසය තුළ ස්ථිර, දිගු කාලීන පැවැත්මකුත් නැති, තමන් විනාශ වීමට නියමිත බව දැනගෙන ජීවත් වන සත්වයෙක්. මිනිසා සොබාදහම වෙනස් කරන්නට තීරණාත්මකව මැදිහත් වීම ආරම්භ කළේ දඩයම් හා ආහාර රැස් කරන තත්වයෙන් වෙනස්ව ආහාර භෝග වගාව හා සත්ව පාලනය පටන් ගත් තැන සිටයි.

ලංකාවේ පැරණි වාරි කර්මාන්ත වගේ ම ඔය දැවැන්ත වෙහෙර විහාර, සීගිරිය වගේ නගරත් මේ වගේ ම ව්‍යාපෘති තමයි ඒ කාලෙ හැටියට.

ආපසු හැරෙන්නට බැරි තරම් සෑහෙන දුරක් මිනිස් වර්ගයා පැමිණ තිබෙනවා. හැබැයි දැන් මිනිසා පරිසරය සම්බන්ධයෙන් කරන මැදිහත්වීම් බුද්ධිමත්ව කළ හැකි තැනකයි ඉන්නේ. මේ බුද්ධිමත් මැදිහත්වීම් හා පාරිසරික අන්තවාදය එකක් නෙමෙයි.

විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධාන පාරිසරික ව්‍යාපෘතිවල නියැලී සිටින පිරිස් මේ වන විට සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධය පළ කිරීම සිය වෘත්තිය බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ම ආපසු හැරී බැලීමක් කරන්නේත් නැහැ.

මහවැලිය සම්බන්ධයෙන්, කණ්ඩලම හෝටලය සම්බන්ධයෙන්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්බන්ධයෙන්, ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහෙම පරිසර සංවිධාන විසින් බලමුළු ගන්වන ලද විරෝධයන් හා එම ව්‍යාපෘතිවල සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ ඇගයීමක් මේ සමාජයට අවශ්‍යයි.

පසුගිය දිනවල කළුතර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මතු වුණ කාරණයක් තමයි, කළු ගඟ හරස් කර ඉදි කළ, විශාල ජල කඳක් රඳවා ගත හැකි ජලාශයක් නො තිබීම. කුකුළේගඟ ව්‍යාපෘතියේ මුල් සැලසුම වුණේ එවැනි ජලාශයක්. එහි විදුලිබල උත්පාදන ධාරිතාවත් ඉහළයි. එහෙත්, සිංහරාජ වනාන්තරයෙන් කොටසක් යට වීම ප්‍රධාන හේතුව කර ගනිමින් මතු වූ විරෝධය නිසා ඒ ව්‍යාපෘතිය වෙනස් කර අවසානයේදී පොකුණක් වැනි කුඩා ජලාශයකට සීමා කළා. එහි පිටාර මට්ටම හා විදුලි බලය නිෂ්පාදනය කළ හැකි ජල මට්ටම අතර වෙනස මීටර් දෙකක් පමණයි. එය ජලාශයක් ලෙස හඳුන්වන්නටවත් විදුලි ඉංජිනේරුවන් කැමති නැහැ.

හැබැයි ඉන් පස්සෙ අපේ මිනිසුන් සිංහරාජය ආරක්ෂා කළෙත් නැහැ. අන්තිමට ජලාශෙත් නැහැ. සිංහරාජෙත් නැහැ.

කළු ගඟේ ජලය තවමත් මුහුදට ගලා යන්නේ අවම ප්‍රයෝජනයක් ගනිමින් හා වැඩි ගංවතුර විනාශයක් සිදු කරමිනුයි. මේ ජල කඳ වියළි කලාපයට හරවන්නට හැකියි. ඒ වෙනුවෙන් මීටත් වඩා දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යයි.

පාරිසරික අන්තවාදයක් නෙමෙයි අපට අවශ්‍ය. අපට අවශ්‍ය බුද්ධිමත් පරිසරවාදයක්. මිනිස් අවශ්‍යතා, සංවර්ධනය හා පරිසර සංරක්ෂණය තුලනය කරන එක ලේසි වැඩක් නෙමෙයි.

මේ ප්‍රශ්න ගැන විසඳුම් සෙවිය යුතු කැබිනට් මණ්ඩලයේ සිටින හරින් ප්‍රනාන්දුත් දැන් ආණ්ඩුව කියලා එයා නො වන වෙනින් මොකක් ද එකකට තග දානවා විසඳුවෙ නැතිනම් මං නරක මිනිහා ය කියන්න එපා අරවා මේවා කියමින්.

අප විසින්  ම ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත් කර යවන හරින් ප්‍රනාන්දුලා වැනි උන්නැහේලාට වඩා වගකීමකින් බුද්ධිමත් පුරවැසියන් හැසිරෙන්නට ඕනැ. අප ප්‍රවර්ධනය කරන පුරවැසි දේශපාලනය එය බව තේරුම් කර දෙන්නට හරින් ප්‍රනාන්දු එක්ක තමන් සන්සන්දනය කර ගන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

තැපැල් කන්තෝරු සංචාරක හෝටලවලට ‘විකිණීම'

Matugama Post Office (by Ajith Perakum Jayasinghe)
තැපැල් කන්තෝරු වහලා ය. තැපැල් සේවකයෝ වර්ජනයේ ය. කාටවත් ඒ ගැන ඒ හැටි වගකුත් නැත.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියුම් ලැබෙන තෙක් බලා සිටිනා සිසුන් හා වෙනත් එවැනි ලියුම් බලාපොරොත්තුවෙන් සිටින අය වැනි සීමිත පිරිසකට නම් එයින් අසහනයක් ඇති වේ.

දැන් මිනිසුන් ලියුම් ලියනවා අඩු ය. ලව් ලෙටර් නො ලියූ පෙම්වත්තු දැන් ඕනෑ තරම් සිටිති. ජංගම දුරකථනය, කෙටි පණිවුඩ, අන්තර්ජාලය, ඊමේල්, ෆේස්බුක් ආදිය විසින් ඒ ස්ථානය අත්පත් කරගෙන ඇත.

විදුලි පණිවුඩ නම් අවශ්‍ය වන්නේ නිවාඩු ගැනීම් වැනි සීමිත රාජකාරි වැඩ සඳහා ය.

එහෙත්, වාහන දඩ ගෙවීම, බිල් ගෙවීම, මුද්දර ගාස්තු සඳහා තැපැල් මුද්දර ගැනීම, පිං පඩිය ගැනීම, ලියාපදිංචි තැපෑලෙන් ලියුම් යැවීම, ගැසට් එක බලා ගැනීම වැනි වැඩවලට දිනපතා තැපැල් කාර්යාලයට පැමිණෙන විශාල පිරිසක් තවමත් සිටිති. ඒ අය අද රස්තියාදු වන්නට ඇත.

ලංකාවේ අන්තර්ජාල බිල් අන්තර්ජාලය හරහා ම එවන්නට පුළුවන්කම තිබියදීත් තැපෑලෙන් ම එවන තත්වයක් ඇත. ඇත්තෙන් ම, ඒ සඳහා කැමති අය වෙනුවෙන් හෝ බොහෝ කටයුතු සඳහා විද්‍යුත් තැපෑල, ජංගම දුරකථනය, ක්‍රෙඩිට් කාඩ් ආදිය පාවිච්චිය දිරි ගන්වනවා නම් කඩදාසි, ඉන්ධන, මිනිස් ශ්‍රමය ආදිය අනවශ්‍ය දේවලට වැය වීම අඩු කර ගත හැකි ය.

තැපැල් දෙපාර්තමේන්තුව නවීන තත්වයන්ට ගැලපෙන පරිදි පරිවර්තනය කිරීමට 2001-2003 රනිල් වික්‍රමසිංහ රජය විසින් යම් ප්‍රයත්නයක් දරන ලදී. විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය, ෆැක්ස්, ඡායා පිටපත් ආදිය සහිත සන්නිවේදන පියස ප්‍රධාන තැපැල් කාර්යාලවල පිහිටුවන ලද මුත්, සාමාන්‍ය කොමියුනිකේෂන් කඩයක තිබෙන මේ දේවල් ටික පරිහරණයට හෝ ගැලපෙන අන්දමින් වෙනස් වන්නට තැපැල් දෙපාර්තමේන්තුවට බැරි වූ නිසා මේ සන්නිවේදන පියසවල් දැන් වැසී ගොසිනි.

රට පුරා තැපැල් කන්තෝරු, උප තැපැල් කන්තෝරු තිබුණාට ගැමියෙකුට එයින් එකකට ගොස් ඊමේල් එකක් යවා ගන්නට බැරි ය. වැඩිය ඕනෑ නැත. තැපැල් කන්තෝරුව තවම රබර් මුද්‍රාවක් පරිහරණය කරන්නටවත් දන්නේ නැත. නවීන රබර් මුද්‍රාවක් දුන්නොත් එහි ඉන්න ඩාං ඩෝං ගා සීල් ගහන නිලධාරි ඒක වන් ෂොට් නොකවුට් කරනු ඇත.

තමන්ගේ වෘත්තිය නවීනත්වයට පරිවර්තනය කර ගන්නට කිසිදු උවමනාවක් නැති වුණත්, තැපැල් වෘත්තීය සමිති වැටුප් හා වෙනත් දේ ගැන නම් ඉතා සංවේදී ය. මේ වරදක් කියනවා නො වේ. රජයේ සේවයෙන් සිදු වන ප්‍රධාන මෙහෙවර වන රජයේ සේවකයන්ගේ වැටුප්, දීමනා හා සුබසාධනය ගැන රජයේ සේවකයන් සංවේදී වීම අවශ්‍ය ය. එහෙත්, එය සාධාරණීකරණය කර ගැනීම සඳහා යොදා ගන්නා මහජන සේවයේත් තත්වය ගැන පොඩ්ඩක් හෝ සිතිය යුතු ය. 

මෙවර ඔවුන් වර්ජනය කරන්නේ නුවරඑළිය, ගාල්ල වගේ තැන්වල පරණ තැපැල් කන්තෝරු සංචාරක හෝටල් දැමීමට යනවා ය කියා ය. ඉතින් එහෙම කළාම මොකදැයි සිතන්නට පුළුවන් අය එහි නැත. තැපැල් ඇමති නම් කියන්නේ ඒ කිසිවක් විකුණන්නේ නැති බව හා ඒවා රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසාය බවට පත් කරන බවකි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වික්කම සිංහ නම පට බැඳී ඇත්තේ මාධ්‍ය විසින් හා විරුද්ධ පක්ෂ විසින් ගෙන යන මෙම විකුණන ප්‍රචාරය නිසා ය.

ඇත්තම කියනවා නම්, මේ යෝජනා ඉදිරියට ගත යුතුව තිබෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ම මිස පිටින් නො වේ. ඇත්තෙන් ම තැපැල් දෙපාර්තමේන්තුවට දැන් ඔය පරණ කෞතුකාගාර බිල්ඩිංවලින් වැඩක් නැත. ඒ වෙනුවට නවීන තැපැල්හල් ඉදි විය යුතු ය. ඒවාට ඔය හැටි ඉඩකඩ ද අවශ්‍ය නැත.

තමන් සතු මෙවැනි ස්ථාන සංචාරක ආකර්ශනීය ස්ථාන බවට පත් කර ගැනීම කළ යුතුව තිබෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුව ම ය. හැබැයි, ඉතින් නො දන්න හෝටල් කරන්නට ගොස් ඇන ගන්නේ නැතුව ඒවා හෝටල් සංස්ථාවට හෝ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට බදු දිය හැකි ය. ඒ ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවට ආදායම් ලබා ගත හැකි ය. තැපැල් සේවාවට අමතරව සන්නිවේදනය හා සම්බන්ධ වෙනත් ව්‍යාපාර රැසක් සඳහා යොදා ගත හැකි දේපල තැපැල් දෙපාර්තමේන්තුවට තිබේ.

මෙවැනි තවත් රජයේ ආයතන රැසක් ඇත. ලංගම පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ වී තමන් සතු බස් නැවතුම්පොළ සංවර්ධනය කර ගන්නේ නම්, බස් නො දිව්වත් ලංගම පවත්වාගෙන යා හැකි තරම් වටිනා ඉඩම් එය සතු ය. දුම්රිය දෙපාර්තමේන්තුවත් එවැනි ය.

එහෙත්, මේවා කර ගන්නට බැරි වී තිබෙන්නේ හේතු කීපයක් නිසා ය. එක පැත්තකින් ලංකාවේ රජයේ සේවකයන් යනු වාමාංශික මතවාද කරපින්නා ගත් දක්ෂිණාංශික ජීවිත ගත කරන පාරිභෝජනවාදී මධ්‍යම පංතික පිරිසකි. ඔවුන්ට කිසිවක් වෙනස් කිරීමේ උවමනාවක් නැත. ඔවුන්ට මතවාද ගොඩනගා දෙන ජවිපෙ, පෙසප වැනි වාමාංශික පක්ෂ වනාහි කිසිදු නවීන අදහසක් පිළි නො ගන්නා ගතානුගතික සංරක්ෂණවාදීන් පිරිසකි.

ආණ්ඩුවට කොළඹින් බැහැරට විහිදෙන දේශපාලනයක් හෝ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවලක් නැත. ඒ නිසා යථාර්ථවාදී, ඵලදායී වැඩසටහන් පවා පුහු විරෝධයන් නිසා යටපත් වෙයි. 
Photo Credit: sprecks57.wordpress.com


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-26

නෝබොඩීස්ලාගේ ඥානසාර

මේ දිනවල රාජපක්ෂවාදීන්ගේ මූලික ව්‍යාපෘතිය වී ඇත්තේ ඥානසාර නම් රජස් කඳ හෝදා පිරිසිදු වීමයි.

ඔවුන් ඒ කුණු හෝදා ගන්නට හදන්නේ ඒවා චම්පික රණවකගේ හා ඔහු මාර්ගයෙන් ආණ්ඩුවේ ඇඟේ ඇතිල්ලීමෙනි.

එහෙත්, ඥානසාර නම් දහ ජරා ගොඩ නිර්මානය වූයේ චම්පික රණවක ද ඇතුළත් වූ රාජපක්ෂ ආණ්ඩුව කළ ගලේ පැහැරීමෙන් බව ඉතා පැහැදිලි ය.

රාජපක්ෂ කඳවුරේ න්‍යායාචාර්යවරයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම පසුගිය ඉරිදා දිවයින පුවත්පතට වැල්බයිලාවක් ලියමින් එය මෙසේ අවසන් කළේ ය:

ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුවට අවශ්‍ය දේ දෙනවා නම් ඕනෑම කෙනකුට ඔහුගෙන් ප්‍රයෝජන ගත හැක. නැගෙනහිර පළාතට ගොස්‌ පුරාවස්‌තු විනාශය ගැන පමණක්‌ කතා නොකර "අල්ලගේ ලබ්බ" ගැනත් කතා කළ විට මුළු ලෝකය පුරාම යන්නේ "ලබ්බේ" කතාව මිස අදාළ කාරණය නොවේ. බොදුබල සේනාව අත ගැසූ සියලු දේට සිදුවූයේ එයයි. බොදුබල සේනාවේ හැම ක්‍රියාකාරකමකින්ම සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් වන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කර ගත යුතුය. ඥානසාර හිමි සිවුරු උස්‌සාගෙන පරුෂ වචන කියන විට එයින් කුල්මත් වෙන ආවේගකාරී පිරිස්‌ හා අනවබෝධය නිසා මෙවැනි සංවිධාන කෙරෙහි ආකර්ෂණය වෙන තරුණයන්ටත් මට කීමට ඇත්තේ මේ වෙලාවේ සිංහලයන් විචාර බුද්ධිය පාවිච්චි නොකළ හොත් මුළු රටත් ජාතියත් විනාශ වන බවය.

මේවා කියවන විට අපට නම් අසන්නට ඇත්තේ බොලාට අපි ඕවා කිව්වේ කොච්චර ඉස්සර ද කියා ය. රාජපක්ෂලාට මොළේ පෑදෙන විට ඥානෙලා සිංහල ජාතියට පමණක් නොව ලංකාවේ සංඝ සාසනයට ද කෙළවලා ඉවර ය. 

ඥානසාර පමණක් නොව, ඥානසාර පන්නයේ සියලු භික්ෂූන් සිංහලයන්ටත්, බෞද්ධයන්ටත් පිළලයක් බව අප කීවේ ඥානසාර මතු වූ මුල් කාලයේ ම ය. ඒ කාලේ බොහෝ සිංහලයන් අපට කීවේ අප ඥානසාරලා විවේචනය කරන්නේ සිංහල බෞද්ධ විරෝධී නිසා ය කියා ය.

සංඝ සාසනය තුළ අසපුසාරලා, ඥානසාරලා බිහි කල ප්‍රධාන ම බලවේගය චම්පික රණවක හා ඔහුද ඇතුළත් වූ රාජපක්ෂ පාලනයයි. එමගින් ඔවුන් සිංහල බෞද්ධයන්ට කළ හානිය සුළුපටු නො වේ. විජේදාස රාජපක්ෂ, චම්පික රණවක වැනි අය දැන් රනිල් සමග ඒ වැඩපිළිවෙල ආරක්ෂා කරති.

ඉතිහාසය පුරා ම අදක්ෂ දේශපාලනඥයන්ට ජාතිවාදය බලයට වාහනයක් විය. චම්පික රණවක යනු මේ රටේ හොඳම ඇමතිකම් ගණනාවක් කළ, එහෙත්, වැදගත් සලකුණක් තබන්නට අසමත් වූ අදක්ෂයෙකි. ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිනී දිසානායක වැනි අය පමණක් නොව රනිල් වික්‍රමසිංහ පවා ප්‍රබල ඇමතිකම් දැරූ මුල් දශකයේ කරන ලද ඉතිහාසගත වන වැඩ තිබේ. අවුරුදු 10කට වඩා ඇමතිකම් කරන චම්පික රණවක කර තිබෙන්නේ කුමක් ද? 

ඔහු එක් දෙයකට දක්ෂ ය. ඒ කුමන්ත්‍රණ කිරීමටයි. නෝබොඩියකු වී සිට ජාතිවාදයෙන් සම්බොඩියකු වූ ඔහු හිතාගෙන ඇත්තේ තව මොකක් හෝ කෙටි මගකින් ජනාධිපති වීමටයි.

මහින්ද රාජපක්ෂ ද ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වන විට අවුරුදු ගණනක් ඇමතිකම් කරලාත් මෙලෝ වැඩක් රටට කර නො තිබූ නෝබොඩියෙකි. එහෙත්, ඔහු යුද්ධය ජය ගත්තේ ය. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ ය. ඒවායින් රටේ ආර්ථිකය හෝ ජන ජීවිතය සංවර්ධනය වූයේ නැති වුණත් ඇස් බැන්දුමක් හා අනාගතය ගැන සුබ සිහිනයක් හෝ නිර්මානය කරන්නට ඔහු සමත් වූයේ ය.

ඔහු කෙළවා ගත්තේ මෙවැනි නෝබොඩියන්ගේ ආවේණික ලක්ෂණයක් වන කුමන්ත්‍රණවලින් ම ඔක්කොම කර ගත හැකි ය යන මෝඩ අදහස නිසා ය. ඥානසාර වැනි හපුයියන් රෙද්ද පල්ලේ දා ගත්තේ ඒ නිසා ය.

සම්බොඩියන් වී සිට නෝබොඩියන් බවට පත් වන අයත් සිටිති. රනිල් වික්‍රමසිංහ එවැන්නෙකි. 2015 ජනවාරි 8 වන තෙක් සම්බොඩියකු වූ ඔහු දැන් නෝබොඩියකු බව ඔප්පු කරමින් සිටියි. ඔහු මේ රටේ අගමැති වන මුත් ඔහු කරන දේශපාලනයක් නැත. දේශපාලනය හා මහජන බලමුළු ගැන්වීම් ඔස්සේ බලය ගොඩනගා ගැනීමට වඩා ඔහු විශ්වාස කරන්නේ කෙටි මාර්ග ය. ඔහුට දේශපාලනය අනවශ්‍ය දෙයක් බව ඔප්පු කරන ප්‍රධාන සාධකය පළාත් පාලන මැතිවරණ කල් දැමීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ආණ්ඩුවක් තිබුණත්, නගර හා ගම්වල ආණ්ඩුවේ දේශපාලනයක් නැත.

ආණ්ඩුවේ එජාප - ශ්‍රීලනිප ගිවිසුම ලබන අගෝස්තු මස වන විට අවසන් වීමට නියමිත ය. ඉදිරි ගමනක් නැති, එක තැන පල් වන, පතෝල ආණ්ඩුවක් තව දුරටත් මේ අන්දමින් තිබුණා ය කියා ඇති වැඩකුත් නැත. ඉදිරියේදී රඟ දැක්වෙන නාටකවල නැවතත් සම්බොඩි වී සිට නෝබොඩි වූ රනිලුත්, නෝබොඩි වී සිට සම්බොඩි වූ මහින්දත් කුමක් කරනු ඇද්ද යන්න වැදගත් ය.

කෙසේ වෙතත්, ඥානසාර සීන් එකෙන් අවුට් වීම වැදගත් දෙයකි. රාජපක්ෂලා විසින් පිළිකෙව් කරනු ලබන ජාතිවාදීන්ට පොළව අල්ලා ගැනීම ලෙහෙසි පහසු නැත. මෙවැනි තක්කඩි මහණුන්ට රාවණා බලය, සිංහ ලේ වැනි වෙනත් ස්වරූපවලින් ද මතු වීමට ඉඩ නො දී සිටීමේ වගකීමක් ද රාජපක්ෂලාට තිබේ. වෙන මොකක්වත් මගුලක් නිසා නොව රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එක මොළේ කළඳක් ඇති අයෙකු නො කරන බැවිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-25

පොඩි මිනිහට දර්ශනය (පැරාගේ පළමු දර්ශනය පාඩම)

මේ මාතෘකාව කියෙව්ව ගමන් ඔබට හිතුණෙ මොනවා ද?

“මේ ප-යා දන්න හු--ක් තියෙනවා ද? මූ කවුද මේව ගැන ලියන්න. මූ මං වගේ කියවන එකෙක් යැ.“

ඔයා දර්ශන‘වාදියෙක්'. ඒ මොකෙක් ද කියන එක මේ ලිපියෙ ඉතුරු ටික කියවනකොට තේරෙයි. මේක කියවලා මෙතන ඇනොනිමස්ලි මටයි මගේ පවුලටයි කුණුහරුපෙන් බැනලා යන්න හිතෙනවා නම් ඔයා අනිවා ඩෙෆා දර්ශන‘වාදියෙක්' තමයි.

දර්ශනය කියන්නේ මොකක් ද?

දර්ශනය කියන්නේ දාර්ශනිකයන් කරන දේ ය කියන්නට පුළුවන්.

හැබැයි ලංකාවට ඒක ගැලපෙන්නෙ නැහැ. ලංකාවේ දාර්ශනිකයන් (Philosopher) ලෙස පෙනී සිටින්නේ දර්ශන‘වාදීන්' (Philosophists). ඒ අය කරන දේ දර්ශනය කියා හිතුවොත් අපට වරදිනවා. ඇත්තෙන් ම මේ අය දර්ශනය සම්බන්ධයෙන් මුළු ලංකාව ම නොමග යවලා ඉවරයි.

ඒ නිසා ලංකාවේ නම් දර්ශනය නො වන්නේ කුමක් ද කියා කියා දෙන එක ලේසියි.


  • දී ඇති තත්වයන් මාරයි, ඒවා ඒ අන්දමින් ම පැවතිය යුතුයි, වෙනස් කරන්නට හදන එවුන්ව මරාගෙන කෑ යුතුයි කියන එක දර්ශනය නෙමෙයි.
  • දී ඇති තත්වයන් ප්‍රශ්න කිරීම වැරදියි, එහෙම ප්‍රශ්න කරන එවුන්ගේ අම්මට ----- යුතුයි කියන එක දර්ශනය නෙමෙයි.
  • තිබෙන දේ ප්‍රශ්න කරමින් ඔක්කොම බොරු, විකල්පයක් නැහැ කියමින් තියෙන දේ වෙන වටයකින් පිළි ගන්නා එකත් දර්ශනය නෙමෙයි.
  • ගොඩක් පොත් කියවන එක හෝ එහෙම කියවනවා ය කියා කියන එක හෝ දර්ශනය නෙමෙයි.
  • දර්ශනය ගැන කතා කරන අය එක්ක පූස් පැටව් වගේ දැවටි දැවටී ඉන්න එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය දන්නවා ය කියන අය ෆේස්බුක් එකේ ලියන ඒවා ඔක්කොම ලයික් කරන එක හා ෂෙයා කරන එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය දන්නවා ය කියන අයගෙන් ප්‍රශ්න අහන, විකල්ප අදහස් ලියන අයට කුණුහරුපෙන් බනින එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය විමසන සාමාන්‍ය මිනිසුන්ට ටිංකරින් ධර්මෙ, ලංකාවෙ බ්ලොග් ලියන එක්කෙනා, ගුරුවරයා වගේ කම්කරු විරෝධී, සාමාන්‍ය ජනතාව පිළිකුල් කරන කතා කියලා වෙන සාමාන්‍ය මිනිසුන් ඒ අවකාශයට ඇතුළු වෙන එක වළක්වන එකත් දර්ශනය නෙමෙයි.
  • සාමාන්‍ය මිනිසුන්ට (සමහර වෙලාවට තමන්ට පවා) නො තේරෙන භාෂාවෙන් කතා කරන එක හා නිතර තේරෙනවද දන්නෙ නැහැ ය යන බුද්ධිමය ස්වෝත්තමවාදී කෑල්ල දාන එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය කියන්නේ සාමාන්‍ය මිනිසුන් අත නො ගැසිය යුතු දාර්ශනිකයන් (ලංකාවේ නම් දර්ශන‘වාදීන්‘) පමණක් නැටිය යුතු රගමඬලක් යයි සිතීමත් දර්ශනය නෙමෙයි.
  • දාර්ශනිකයන්ගේ නම් හා ඔවුන්ගේ උද්ධෘත මුද්දර එකතු කරනවා සේ එකතු කිරීමත් දර්ශනය නෙමෙයි.
  • අලුත් දාර්ශනිකයන් ඕම මේම සං සං ගාලා ලංකාවට හඳුන්වා දීමත් දර්ශනය නෙමෙයි.
  • අසවල් දාර්ශනිකයා ගැන දන්නෙ මං, තෝ දන්න ----ක් නැහැ බූරුවෝ, උඹේ අම්මට ---ගන්නෙ නැතුව ඉඳපන් කැ-- කියන එක ඒ විධියට හෝ ඊට වඩා ශිෂ්ට භාෂාවෙන් කියන එකත් දර්ශනය නොවෙයි.
  • තමන් කරුණු උගත් මූලාශ්‍ර සඟවමින්, වෙනත් අය ඉගෙන ගැනීම වළක්වන එකත් දර්ශනය නෙමෙයි.
  • අනුන්ගේ අදහස් මූලාශ්‍රය සඟවමින් තමන්ගේ ඔරිජිනල් අදහස් වගේ ලියන එකත් දර්ශනය නෙමෙයි.
  • කොටින් ම දර්ශනය කියන්නෙ තනියෙන් පොර වෙන ගේමක් නෙමෙයි.
  • දර්ශනය කියන්නෙ ප්‍රදර්ශනය නෙමෙයි. 

දර්ශනය කියන්නෙ මොකක් ද කියලා වෙන දවසක කතා කරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-24

බෝම්බෙ පින් එක ඇදලා ඉවරයි හිටං

1989 
දොස්තරලාගේ විරෝධය තියෙන්නේ මූලිකව ම සයිටම් එකට. ඒක තනිකර ම තම ආධිපත්‍යය හා සූරාකෑමේ අවස්ථාව සුරක්ෂා කර ගන්නට කරන දෙයක් බව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ජවිපෙන් ගිලිහිලා නන්නත්තාර වෙමින් සිටි පක්ෂයක්. ඔවුන්ට බලය සම්බන්ධයෙන් ලොකු සැලසුම් හැදීමේ හැකියාවක් දැනට නැති වුණත්, සයිටම් කේස් එක ඇදගෙන ගියොත්, ජවිපෙ වමෙන් ඉස්සර කරගන්න චාන්ස් එකක් තිබෙන බව ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය ශිෂ්‍ය මළමිනී කීපයක් විතරයි.

නඩුහබ නිසා දෙකට දෙවාරේ ඉන්න රාජපක්ෂ කල්ලියටත් කොහොමින් කොහොම හරි ආපහු බලය අවශ්‍ය නිසා මේගොල්ලන් අවුළුවන ගින්නෙන් රටේ ඇති වන අරාජිකත්වය ඔවුන්ටත් නියම අවස්ථාවක්.

මේකෙන් නිර්මානය වන මර්දනකාරී පසුබිය ඡන්දයකට යන්නට බයේ ඉන්න රනිල්ලාට, මෛත්‍රීපාලලාටත් නරක යයි හිතන්නට බැහැ. ඔවුන්ට අවශ්‍ය මට්ටමට හමුදාව, පොලිසිය කුපිත කර ගැනීමට මේ වන විට අන්තරේ කට්ටිය සමත් වෙලා තිබෙනවා. මේ වන විට පීඩනයට පත් වෙලා සිටින ජනතාව ආණ්ඩුවට බල කරන්නේ ඇයි ක්‍රියාත්මක නො වන්නේ කියලායි. හිතන්නකෝ මේක පාවිච්චි කරලා හදිසි නීතිය එහෙම දාගෙන හමුදාව, පොලිසිය ආපහු බලවත් වුණොත් ඇති වන තත්වය. තැටිය රත් වෙලා තියෙන මේ වෙලාවෙ හෙට අනිද්දා ඥානසාරලා, චම්පිකලා, විමල්ලා, දිනේෂ්ලා, මහින්දලා එහෙම ජාතිවාදී රොටියක් පුච්ච ගන්නට හැදුවොත් පුදුම වෙන්න එපා.

ඔය අතරෙ අමතක කරන්න එපා දකුණ අරාජික කරන්නට බලාගෙන ඉන්න දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ටත් මෙය ස්වර්ණමය අවස්ථාවක් බව.

අපි වැඩ කරන මිනිසුන් වශයෙන් කැකුණ තලන වල් ඌරන් ගැනත්, මඟුල් කන හබන් කුකුළන් ගැනත් අවදියෙන් සිටිය යුතුයි.

පහත දැක්වෙන ලිපිය මා උපුටා දක්වන්නේ එය පවතින තත්වය ගැන හොඳ විශ්ලේෂණයක් නිසායි. අද රටේ පවතින කලබලවල විවිධාකාරයේ පාර්ශ්වකරුවන් වී සිටින බොහෝ අයට 1989 වගේ යුගයක් ගැන මතකයක් නැහැ. ඒ නිසා නැවත නැවත සිදු වෙමින් පවතින සමාන සිදුවීම් තේරුම් ගන්නට අවශ්‍ය ඥානය ඔවුන්ට නැහැ. මේවා සිදු වන හැටි හොඳින් දන්න ඇතැම් පිරිස් වාසි තකා හෝ ලාංකිකයන්ට සුපුරුදු අමතක වීමේ රෝගය නිසා නො කියන කතා ගොඩක් නැවත මතක් කරමින් ලියූ ලිපියක් මේ.

දැන් බෝම්බෙ පින් එක ඇදලායි තියෙන්නෙ. සයිටම් එක රජයට ගත්තාත් දැන් මේක අවසන් වෙයි කියලා හිතන්නට බැහැ. ලංකාවට බුදු සරණයි!

මරාගෙන මැරෙන්නට පෙර...


සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය.

මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබේ. සයිටම් විරෝධී අරගලයේ ශක්තිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෛද්‍යවරුන් වුවත්, එහි ගාමක බලවේගය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඔවුන් පසුපස සිටින දේශපාලන බලවේගය පෙසපෙ විය යුතුය. එහෙත්, අරගලයට සම්බන්ධ සරසවි සිසුන්ගෙන් බහුතරය වැඩිම වුනොත් පෙසපෙට අනුකම්පාව දක්වන්නන් මිස පෙසපෙ කාඩර් වරුන් හෝ සාමාන්‍ය සාමාජිකයින් විය නොහැකිය.

අරගලය හා සම්බන්ධව සිටින වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වෘත්තීය (ආර්ථික) ප්‍රශ්නයක් වුවත්, සංගමයේ නිලධාරීන්ට දේශපාලන අරමුණුද ඇති බව පෙනේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු අරගලය හා එයින් පසුව සිදුවුණු ක්‍රියාදාමය අවසන් වුණේ 1989 පමණ වෙද්දීය. පෞද්ගලික අත්දැකීම්ද ඇතුළුව මේ කාලය ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇතත් කෙළවරක් නැති ලියවිල්ලක් විය හැකි මෙය අපි අනාගතයට තබමු. එතැන් සිට, මේ වන තුරු, වසර 28ක් ගෙවී ගොස් තිබේ. අද වයස අවුරුදු 35ක් වන අයෙකු ඒ වන විට අවුරුදු හතක දරුවෙකි. සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් පෙළ ගැසී සිටින සරසවි සිසුන් සියලු දෙනාම වාගේ ඒ යුගයෙන් පසුව ඉපදුණු අයයි. සයිටම් විරෝධී තරුණ වෛද්‍යවරුන්ගෙන් කොටසක්ද ඒ යුගය ගැන මතකයක් නැති අයයි. 

සම්පූර්ණ ලිපිය මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-23

පෞද්ගලික අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන ජනමතවිචාරණයක් පවත්වනු



මට සයිටම් විශ්වවිද්‍යාලය අදාළ නැත. එහෙත් මා ඉතා විවෘතව ම පෞද්ගලික අධ්‍යාපනයට පක්ෂ ය. සයිබර් වරිගේ උණ්ඩියා විවෘතව ම කියන්නේ තමන් උසස් අධ්‍යාපනය ලැබූ හා උසස් ජීවිතයකට මග සලසා ගත් අධ්‍යාපන ක්‍රමය වනසන්නට උත්සාහ කරන්නන්ට තමන් විවෘතව ම එරෙහි වන බවයි.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවන බව අලුත් දැනුමක් සේ කියන පණ්ඩිතමානී මුග්ධයන්ට චමීර ජීවන්ත දෙද්දුවගේ මෙය ඉතා සරල ලෙස න්‍යායිකව පැහැදිලි කර දෙයි. ඔහු පවසන්නේ අධ්‍යාපනය වෙළඳපොළේ විකිණිය හැකි දෙයක් නො වන මුත් අධ්‍යාපනයට මිළක් ද ඇති බවයි. 

තමන් සයිටම් විරෝධීන් යයි කියන රජයේ විශ්වවිද්‍යාලවලින් නොමිළේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය ලබා ගත් මධ්‍යම පංතික කොටස් කියන්නේ උසස් අධ්‍යාපනය තෝරා ගත් පිරිසකට පමණක් රජයේ වියදමින් පමණක් දිය යුතු බව හා සෙසු පිරිසට නො දිය යුතු බවයි. 

මෙම තෝරා ගත් පිරිස තෝරා ගැනෙන්නේ කෙසේ ද යන්න නිවැරදිව තේරුම් ගත යුතු ය. මන්ද, මොවුන් පවසන්නේ රජයේ විශ්වවිද්‍යාලවල ඉන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් ය කියා ය. 

රජයේ විශ්වවිද්‍යාලවලට වැඩිපුර ළමයින් යන්නේ රටේ ප්‍රධාන පෙළේ පාසල්වලිනි. රටේ ප්‍රධාන පෙළේ පාසල්වලට ළමයින් ඇතුළත් වීමේදී වැඩි ම වරප්‍රසාද ලබන්නේ ප්‍රධාන පාසල් ආසන්නයේ මිළ අධික ඉඩම්වල පදිංචි, ආදි ශිෂ්‍ය සංගම් හරහා දොළ පිදේනි දිය හැකි, රජයේ සේවකයන්, හමුදා සාමාජිකයන් ආදීන් වීම නිසා හෝ කෙසේ හෝ කලින් එම පාසලට දරුවකු ඇතුළත් කර ගැනීමට සමත් වීමේ සහෝදර පදනම නිසා විශේෂිත තත්වයට පත් වන අයයි. මෙම පිරිසෙන් බහුතරය මධ්‍යම පංතිකයෝ ය. ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් වන දරුවන්ගෙන් වැඩි පිරිසක් රජයේ විවිධ මට්ටම්වල තනතුරු දරන අයගේ දරුවන් ය. 

වැඩ කරන ජනයාගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි වන්නට පටන් ගන්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ම ය. 

ඊළඟ කඩඉම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. එයින් ද වැඩිම පිරිසක් සමත් වන්නේ දිවයිනේ ප්‍රධාන පාසල්වලිනි. එයින් සිදු වන්නේ ප්‍රධාන පාසලෙන් ඊට වඩා ප්‍රධාන පාසලකට දරුවන් මාරු වීමයි. ගම්බද පාසල්වල අසාමාන්‍ය දක්ෂතා ඇති සුබග දරුවන් අතළොස්සකට ද පහේ ශිෂ්‍යත්වය නිසා හොඳ පාසල් ලැබේ. එහෙත්, ලෝකයේ තිබෙන වඩාත් ම තරගකාරී, ළමා මනසට කිසි සේත් ම ඔරොත්තු නො දෙන විභාගය වන පහේ ශිෂ්‍යත්වයෙන් ද වැඩිපුර සමත් වන්නේ ගමේ පාසල්වල දරුවන් නො ව, වඩා හොඳ පාසල් දැනටමත් ලැබී තිබෙන, වඩා හොඳ ටියුෂන් ලබා ගැනීමේ හැකියාව තිබෙන දරුවෝ ය. 

දුප්පත් හා වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි වීම ආරම්භ වන්නේ එතැනිනි. ඔය නිදහස් අධ්‍යාපනයේ පතාක යෝධයන් කිහිපදෙනෙකු අධ්‍යයනය කර බලන්න. ඔවුන් ගොස් තිබෙන්නේ ඉහළ පෙළේ පාසල්වලට ය. ඔවුන්ගේ දරුවන් ද යන්නේ එවැනි පාසල්වලට ය.

මා ජීවත් වන්නේ ගමක ය. මා පාසල් ගියේත් සාමාන්‍ය ගමේ මහා විද්‍යාලයකට ය. මගේ ළමයින් යන්නේ ද එවැනි එකකට ය. මට මගේ දරුවන් සයිටම් යවන්නට කෝටි ගණන් සල්ලි ද නැත. එසේම, ජීවිතය යනු කෙසේ හෝ වෛද්‍යවරයකු වීම, ගොඩක් මුදල් හම්බ කිරීම හා බලවතකු වීම ය යන අදහස් අපි අපේ දරුවන්ට පවුල තුළින් ලබා දෙන්නේ ද නැත. එහෙත්, මම පෞද්ගලික අධ්‍යාපනයට පක්ෂ වෙමි. 

එය⁣ට පැහැදිලි  හේතුවක් ඇත. 1989 කැරැල්ල නිසා අප⁣ට උසස්  අධ්‍යාපනය අහිමි විය. අපට නම් ජීවිත හෝ ඉතිරි විය. දස දහස්  සංඛ්‍යාත තරුණ පිරිසකට ජීවිත අහිමි විය. අප⁣ට උසස්  අධ්‍යාපනය අවශ්‍ය වන වි⁣ට ඒ සඳහා අවස්ථා සීමිත විය. අධ්‍යාපනයේ නිදහස යනු නිදහස් අධ්‍යාපනය පමණක් නොව තෝරා ගැනීමට තවත් අවස්ථා තිබීමයි. නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගරයෝ ද පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කළේ නැත. ඔහු රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කළේ සැම⁣ට අධ්‍යාපනය තහවුරු කරන්නට ය.

සයිටම් ව්රෝධයේ පටු අරමුණු කාටත්  පැහැදිලි ය. ජවිපෙ සමග බල අරගලයක සිටින පෙරටුගාමී සමාජවාදී  පක්ෂය අත ගසා තිබෙන්නේ ඉතා භයානක ක්‍රීඩාවකට ය. දොස්තර සංගමය සෙල්ලම් කරන්නේ තනිකර පටු අරමුණු හා රාජපක්ෂ බල ව්‍යාපෘතිය වෙනුවෙනි. 

රබර් සෙරෙප්පු දැමීමට බල කරන නවක වධයට බඳුන් කර ඇති නවක සිසුන් ත්‍රස්තවාදයට යොමු කරමින්, රජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා ආරක්ෂක අංශවල සාමකාමිත්වයේ  සීමා පරීක්ෂා කරන මේ භයානක සෙල්ලම අවසන් වනු ඇත්තේ තවත් තරුණ පරම්පරාවක විනාශයෙනි. 

1971, 89 කැරැලි ගැන ඇත්ත නොදත් මෙම තරුණයන් නොමග යවා බිලි  පුදට තල්ලු කර තම අරමුණු ඉටු කරගන්නට උත්සාහ කිරීම කෙතරම් දුෂ්ට ක්‍රියාවක් ද?

මෙම ප්‍රශ්නයේදී රජය ත්‍රස්තවාදයට හිස නමන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය හා සාමකාමී පුරවැසියන් පාවා දීමකි.

මෙම ප්‍රශ්නය විසඳීමට අපි පහත සඳහන් යෝජනාව කරන්නෙමු. පෞද්ගලික  අධ්‍යාපනය හා සෞඛ්‍යය රටට අවශ්‍ය ද නැද්ද  යන්න ගැන ජනමතවිචාරණයක් වහා පවත්වන්න.

මේ රටේ ජනතාවට මේ පිළිබඳ අදහස් දක්වන්නටත්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමටත් එයින් අවස්ථාව උදා වනු ඇත.

සයිටම් ප්‍රශ්නයේ තීව්‍රත්වය ගැන බර්ටි රණවීරගේ ලියූ සටහන බෙල්ල යන සයිටම් ගෝරිය මෙතනින්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-21

ඥානසාර සැඟවී සිට දිවයිනට එවල තියෙන්නෙ පරණ පත්තර කෑල්ලක්


පසුගිය ජුනි 18දා සැඟවී සිටින ඥානසාර හාමුදුරුවන් දිවයින පත්තරේට ලිපියක් එවා තිබුණා මතකද? ඒක දිවයින වෙබ් අඩවියේ පළ වුණේ මෙන්න මෙහෙම. ක්ලික් කරලා ගිහින් බලන්න.

බොදු බලය හිරගෙට යන
''බ්‍රේකින් නිවුස්‌'' සිහිනයෙන් මිදෙන්න
සැඟවී සිටින ඥානසාර හිමියෝ දිවයිනට එවු ලිපිය

අන්තවාදයේ බෞද්ධ විරෝධි සැබෑ ස්‌වරූපය දකින්න

මේක හුඟක් කට්ටිය උඩ දාගෙන ප්‍රචාරය කළානෙ. 

ඒ වුණාට අනේ ඥානසාර හාමුදුරුවෝ දිවයින පත්තරේට එවලා තියෙන්නෙ පරණ පත්තර කෑල්ලක් අයියො. ඔය උඩ තියෙන්නෙ ඒ ලිපිය. ඒක ලංකාදීප පත්තරේ පළ වුණේ අවුරුදු හතරකට කලින් අනේ. බලන්නකෝ ඉතින්! 

දෙයි හාමුදුරුවනේ මේ වගේ චේතිය බොරු කෙළින හාමුදුරුවරු ඉන්නකොට රටක බුද්ධාගමක් ඉතුරු වේවියැ. 

ඒ මදිවාට ගොනාට ඇන්දුවේ වෙන කාවවත් නෙමෙයි, සිංහල ජාතිවාදයට රෙදි නැතුව කඩේ යන දිවයින පත්තරේ ය කියහන්කෝ. පව් අනේ දිවයින!

මේව බලන් ඉන්න අපටත් ලැජ්ජයි අනේ. චීයා!

මෙහෙම ඔබත්, රටත් රවටන මිනිසුන්ට ඔයාලා තවමත් ගරු කරනවා ද? 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-20

ඩෙංගුවලට බී.ටී.අයි. හෙවත් බෝතලේ ටොනික් ඉස්තරම්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවෙන රෝග අංශයේ සංඛ්‍යාලේඛන අනුව, 2017 වසරේ පසුගිය මාස හය තුළ ඩෙංගු රෝගීන් 67,205ක් වාර්තා විය. සිදු වූ මරණ සංඛ්‍යාව 195කි.

මෙම සංඛ්‍යාව 2016 වසරේ වාර්තා වුණ මුළු මරණ සංඛ්‍යාව වන 78 මෙන් දෙගුණයකටත් වැඩි ය.

වසර 2015දී වාර්තා වුණ ඩෙංගු මරණ සංඛ්‍යාව 54කි.

2016 වසරේදී වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 55,150කි.

2015 - 29,777

2014 - 47,502

2013 - 32,063

2012 - 44,461

2011 - 28,473

2010 - 34,188

සෑම වසරක ම වැඩි ම රෝග ව්‍යාප්තියක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කෙසේ වෙතත්, 2017 වසර ඩෙංගු සම්බන්ධයෙන් ගත් කල ඉතිහාසගත වන වසරකි. එය මීට පෙර පැවති උපරිමය මෙන් කීප ගුණයක වැඩි වීමකි.

එසේ සිදු වී තිබෙන්නේ ඇයි?

මෙතැනදී පැහැදිලිව ම රජයේ අකාර්යක්ෂමතාව විවේචනයට ලක් විය යුතු ය. සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා විශේෂයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ නිලධාරීන් මෙම තත්වයට වගකිව යුතු ය.

අනෙක් පැත්තෙන්, කසල කළමනාකරණයෙහි ඇති අකාර්යක්ෂමතාව ද ඩෙංගු ව්‍යාප්තිය වැඩි කිරීමට ඉවහල් වී ඇතැයි සිතිය හැකි ය.

ඩෙංගු රෝගය ව්‍යාප්තියට මහජනයාගේ වැරදි ආකල්ප හා සනීපාරක්ෂක පුරුදු ද හේතු වෙයි.

එහිදී විශේෂයෙන් ම පරිසරය පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් ඇති මහජන ආකල්ප වැදගත් ය. පරිසරය යනු තමන්ගේ ගෙවත්ත පමණක් නො වේ. විශේෂයෙන් ම පාර, පාරේ කාණු, සේවා ස්ථානය, නගරය ආදී සෑම තැනක් ම පරිසරයයි. අයථා ලෙස තැන් තැන්වල පොලිතින්, ප්ලාස්ටික් ආදිය විසි කිරීම නිසා ඍජුවම ඒවායේ ද, ඒවා නිසා අවහිර වන කාණු ආදියේ ද ඩෙංගු මදුරුවන් බෝ වේ.

රෝගය පැතිරෙන කාලයට පමණක් කරන පරීක්ෂා හා දඩගැසීම් ආදියෙන් පලක් නැත. මහජන ආකල්ප හා සනීපාරක්ෂක චර්යාවන් වෙනස් කිරීම ඉතා වැදගත් ය.

ලංකාවේ පවතින අවිධිමත් වර්ෂා රටාව නිසා මොනවා කළත්, මදුරුවන් බෝ වන ස්ථාන දුරු කිරීම අපහසු ය. උදාහරණයක් ලෙස නිවෙස්වල වැහි පීලි, බිම වැටී තිබෙන කෙසෙල් කොළ වැනි ශාඛ පත්‍ර, අන්නාසි, හබරල වැනි ශාඛවල පිත්ත කඳට සවි වන ස්ථානය හා තවත් බොහෝ ස්වාභාවික පරිසරයන් මදුරුවන් බෝ වීමට මහෝපකාරී වේ. එසේම ලංකාවේ පවතින උෂ්ණ දේශගුණය ද මදුරුවන්ට ඉතා හිතකර ය.

ඩෙංගු මර්දනය කිරීමට ජාතික වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය ය. රජය හා ආණ්ඩු තිබෙන්නේ ඒවා සංවිධානය කරන්නට ය. නැතිනම්, මහජනයා ඒවා නඩත්තු කිරීමෙහි තේරුමක් නැත. එසේම, මහජනයා ද ඩෙංගු මර්දනයට උපරිම සහයෝගය ලබා දිය යුතු ය. 

ඩෙංගු සෞඛ්‍යයට පමණක් නොව ආර්ථිකයට ද දැඩි බලපෑමක් කරයි. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැවැන්ත වියදමක් කරන්නට සිදු වේ. ඊට අමතරව, බොහෝ විට ඩෙංගු නිසා රටට අහිමි වන්නේ වටිනා මානව සම්පත් ය. 

ඩෙංගු රෝගය මර්දනය කිරීමට බීටීඅයි බැක්ටීරියාව කියුබාවෙන් ගෙන ඒම ගැන ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරු කයිවාරු ගසන්නේ දැනට අවුරුදු දහයකට පමණ පෙර සිට ය.

බයෝ පවර් ලංකා නම් ආයතනයක් 2010දී පමණ දේශීයව මෙම බැක්ටීරියාව නිපදවී ය. එහෙත්, එය දිරිගැන්වුණේ නැත. කොමිස් හුටපට රාශියක් මේ පසුපස තිබිණි. දේශීයව නිපදවන බී.ටී.අයි. බැක්ටීරියාවට වඩා මිළ අධික කියුබානු බැක්ටීරියාව ආනයනය කිරීමට එවකට සිටි ඇමතිවරුන්ට හා නිලධාරීන්ට අවශ්‍ය වූ බව ද වාර්තා විය.

වසර 2013දී පමණ මෙම කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසින ලද මුත්, එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන එය අසාර්ථක වූ බව පැවසී ය.

වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති පදවිය හෙබවූ සමයේ සිට ම බී.ටී.අයි. බැක්ටීරියාව යනු ඩෙංගු දැඩිව පැතිරෙන සමයන්හිදී ගායනා කරන ලද නැළවිල්ලක් පමණක් විය. දැන් ද එය එසේ ම ය. දැන් කියුබාව නොව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය ද පටලවාගෙන අලුත් බයිලාවක් කියනු ඇසේ. ඒ වැසි නතර වී ඩෙංගු ව්‍යාප්තිය අඩු වන තෙක් පමණි.

ලංකාවේ රජය හා ආණ්ඩුව මහජන ජීවිත සම්බන්ධයෙන් කෙතරම් වගකීම් විරහිත ද යන්නට ඩෙංගු තරම් හොඳ උදාහරණයක් නැත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ඔබ පියඹා ගොසින්

(මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා ඊළඟ ලිපිය ලියනකල් සිංදුවක් ගැන පොඩි අදහසක්.)

ජෝති ගැයූ ගී අතරින් මේ ගීයේ තිබෙන සුන්දරත්වය පරදවන්නට සමත් වෙනත් ගීයක් තිබෙනවා ද කියා මට හිතෙනවා. හැබැයි සුන්දරත්වය තිබෙන්නේ මෙම මුල් ගීයේයි. පසුකාලීනව කරන ලද පටිගත කිරීම් විසින් එහි සුන්දරත්වය විනාශ කර තිබෙනවා. ඒකට මූලික හේතුව ඩ්‍රම්ස් හඬ උස්සා තිබෙන එක විය හැකියි.

දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්

පැහැය සුවඳ ඇතී
සිහින් සිනිඳු පෙතී
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු


ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලං ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී


මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
විඳිමි පෙරුම් පුරා


ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972

මේ ගීය ගැන විස්තරයක් අස්වැන්න බ්ලොගයේත් තිබෙනවා



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-17

ලංකාවේ අප මුහුණ දී තිබෙන මූලික ම ගැටලු දෙක

ලංකාවේ අප මුහුණ දී තිබෙන මූලික ම ගැටලු දෙක මා දකින අන්දමින් මෙසේ ය.

1. ලංකාවට දරා ගත නො හැකි තරම් අති විශාල රජයක් නිර්මානය වීම. එයට සාපේක්ෂව ආණ්ඩුව අසාමාන්‍ය අන්දමින් බලවත් වීම. රජයේ බර දැරීම සඳහා වැඩ කරන ජනයාට විශාල වශයෙන් බදු ගෙවන්නට හා ණය බරට උර දෙන්නට සිදු වීම. 

2. රාජ්‍ය මූලික අකාර්යක්ෂම මානසිකත්වය. මෙහි මූලික ගැටලුව වන්නේ ලාංකිකයන්ගේ ජන විඥානය නිර්මානය වන්නේ අතිශය අකාර්යක්ෂම රජයක් පරමාදර්ශය කරගෙන වීමයි. 

ආණ්ඩුව

මෙහි පළමු කාරණයට අදාළව ගතහොත්, ආණ්ඩුව හා සමස්තයක් ලෙස දේශපාලනය අසාමාන්‍ය ලෙස බලවත් වීම බරපතල සමාජ, ආර්ථික ගැටලුවක් නිර්මානය කරනවා. රජය පුළුල් වන තරමට, රජය අකාර්යක්ෂම වන තරමට, ආණ්ඩුව හා දේශපාලනය ශක්තිමත් වීමත්, දූෂණය සඳහා අවස්ථාව පුළුල් වීමත් වළක්වන්නට බැහැ. පුළුල් රජයක් හා උපරිම කාර්යක්ෂමතාවක් සහිත රජයක් ෆැන්ටසිගත කරන සමාජවාදය ප්‍රායෝගික නැහැ කියලායි මා හිතන්නෙ. 

රජයෙන් යැපීම

රජයෙන් යැපෙන මානසිකත්වය ඇත්තෙන් ම ලොකු ම ප්‍රශ්නය වන්නේ රජය නඩත්තු කරන වැඩ කරන ජනතාවටයි. රජය විසින් අවම සේවාවන් සපයන්නේත් මෙම වැඩ කරන ජනතාවටමයි. මේ පිරිස තුළ මැද පෙරදිග ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන්, අවිධිමත් අංශයේ කම්කරුවන් වගේ ම ඉහළ  ව්‍යවසායකයන්, ඉහළ කළමනාකරණ ශ්‍රේණිවල අයත් ඉන්නවා.

මේ අතර තවත් පිරිසක් බලා ඉන්නේ ම රජයෙන් යැපෙන්නටයි. දේශපාලකයන් හා රජයේ ඉහළ නිලධාරීන් මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍රසාද, විදේශ චාරිකා ආදිය ලබා ගන්නවාට අමතරව සිය බලය පාවිච්චි කරමින් රජය සමග ව්‍යාපාරත් කරමින් මුදල් උපයා ගන්නවා. ඔවුන් කරන්නේ මහ දවල් මංකොල්ලයක්. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැ. කවුරුත් දන්නවා.

රජයේ සේවයේ පහළ ස්ථරවලට මෙවැනි වරප්‍රසාද අවමයි. එහෙත්, ඔවුන් මහජන මුදල් මංකොල්ල කන්නේ මූලිකව ම වැඩ නො කර සිටීමෙනුයි. 

මේ අතර, ගොවීන් වැනි තවත් පිරිසක් සිටිනවා. ඔවුන් නියෝජනය කරන නාමල් කරුණාරත්නගේ ස්වරයට ඇහුම්කණ් දීමෙන් මෙම බලවේගය තේරුම් ගන්නට පහසුයි. මේ වැඩි දෙනෙකු ගොවිකම හරියට නො කරන ග්‍රාමීය දිළින්දන්. ගොවීන් නගා සිටුවන්නට රජය උපකාර කළ යුතුයි. ඒත් ඔවුන්ට මහජන මුදලින් වාරි පහසුකම්, පොහොර ආදිය සැපයීමෙන් පසුව අස්වැන්නත් වැඩි මිළකට මිළ දී ගැනීමට රජය බැඳී සිටිනවා ය කියා තමයි ඔවුන් සිතන්නේ. නාමල් කරුණාරත්න කියන්නේ මේ බ්ලැක්මේල් කිරීමේ ප්‍රකාශකයායි.

තව කට්ටියක් තමයි රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ. ඔවුන් මහජනයා බ්ලැක්මේල් කරමින් කප්පම් ඉල්ලීම නිවේදනය කරන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හරහායි. 

මේ වන විට ලංකාව අතිශය ආපදාපන්න රටක්. මා ජීවත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයේයි. එහි භූමි කළමනාකරණය සම්බන්ධයෙන් රජය පැහැදිලි මැදිහත් වීමක් කළෙත් නැහැ. ජනතාව කළේ ඉතා අවිධිමත් ලෙස කඳුකර කැලෑ එළිපෙහෙළි කරමින් තේ වැවීමයි. එයින් ග්‍රාමීය දිළිඳුකම නැති වුණ එක ඇත්ත. ඒ වුණාට මේ වන විට තිබෙන්නේ අතිශය භයානක තත්වයක්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට පසුගිය දිනවල නායයාම් තර්ජන පිළිබඳ වාර්තා කිරීම් 400ක් ලැබී තිබුණා. දැන් මේ සියලු දෙනාත් පුරුද්දට වගේ රජයට බනිමින් වන්දි ඉල්ලනවා. ප්‍රශ්නය කොයි තරම් සංකීර්ණ ද යත්, වන්දි, විකල්ප ඉඩම් ආදිය දෙන විට ඒ පවුල්වල සියලු දෙනා ඒවා ඉල්ලනවා. ඒ ඇතැමෙකු එහි පදිංචිව සිටි අයත් නොවෙයි. 

මේ තත්වය තුළ විසඳුම මොකක් ද?

රජය එක පාරට ම හකුළුවන්නට බැහැ. හැබැයි, රජයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව දැඩි අරගලයක් කළ යුතුයි. එසේම, රාජ්‍ය සේවකයා හා දේශපාලකයා වගවිය යුතු ය යන්න දැඩිව අවධාරණය කළ යුතුයි. මේවායේදී වාමාංශික පක්ෂ විසින් ප්‍රවර්ධනය කරනු ලබන රජයේ සේවයේ පහළ ස්ථරය සම්බන්ධයෙන් සහනශීලී ප්‍රතිපත්තියට පවා වැඩ කරන ජනයා එරෙහි විය යුතුයි. 

එසේම, ව්‍යවසායකයා පිළිබඳ තිබෙන නිශේධනීය ආකල්ප පිටුදැකිය යුතුයි. ලංකාවේ සංවර්ධනයට පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්, විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයන් අතිශය වැදගත්. ඔවුන් තමයි, ඵලදායී නිෂ්පාදන කරන්නේ, රැකියා සපයන්නේ. ඔවුන් සූරාකන්නන් පිරිසක් ලෙස හඳුන්වමින් කරන නො මග යැවීම පිටුදැකිය යුතුයි. 

ඒ වගේම සැබෑ සූරාකන්නන් හඳුනා ගත යුතුයි. මෙහිදී පසුගිය දිනවල මා ෆේස්බුක්හි ඇසූ ප්‍රශ්නයක් නැවත අසනවා. ලංකාවේ ඔබේ ජීවිතය දැඩි ලෙස සූරා කන, රජය නො වන, දේශීය හෝ බහුජාතික සමාගම් මොනවා ද?

ලංකාවේ ජනතාව සූරා කන ප්‍රධාන ම බලවේගය රජය. රජය කියන්නේ රජයෙන් යැපෙන අය. ඔවුන්ට තමයි රජය සේවා සපයන්නේ. සුබසාධන සේවා කියන්නේ ඒ සූරාකෑම ආවරණය කරන කඩතුරාවක් විතරයි. 

පාරිභෝජනවාදය හරහා අප සූරා කන ප්‍රධාන මෝරුන් ඉන්නේ නිෂ්පාදන හා සේවා කර්මාන්තවල නෙමෙයි. මුල්‍ය වෙළඳපොළේයි. මේ මිනී මෝරුන් රජයේ හා පෞද්ගලික බැංකු, මුල්‍ය ආයතන ආදියේ සිට උගස් ගන්නන්, දේපල වෙළඳාම්කරුවන් හා ගිනී පොළීකාරයන් දක්වා විහිදෙනවා. මේ ගැන පසුව විග්‍රහ කරන්නම්.

මෙම සටහන මා තැබුවේ දිමිත්‍රිගේ පහත දැක්වෙන අදහසට පිළිතුරු ලෙසයි.

පැරා, ඔබ පෙසපෙ/ජවිපෙ සම්බන්ධව කාලයක් තිස්සේ ලියන දේ මම කියවනවා. ඔවුන්ගේ විනාශකාරී සටන් ක්‍රියාමාර්ග, පෞද්ගලික අධ්‍යාපන විරෝධයේ ඇති දෙබිඩිකම, කම්කරු පන්තිය තොරොම්බල් කිරීම, කම්කරු පන්තියේ අර්ථ දැක්වීම ගැන ඔබ කියන දේ එක්ක බොහෝදුරට මම එකඟයි.

නමුත් මා නැවත නැවත හිතීමට පොලඹවන දෙයක් තමයි, මෙරට විශාල රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාම ගැන ඔබ කරන නිර්දය විවේචනය. විශාල රාජ්‍ය සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීම ඔබට අනුව රටේ ඇති දැවැන්තතම ප්‍රශ්නයක් (දෙවැනි වන්නේ නම්, ජාතිවාදී ප්‍රශ්නයට පමනක් දෙවැනි වන). දැවන්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීමට කරන දැවැන්ත වියදම සහ ඊට කිසිසේත්ම නොසරිලන කාර්යක්ශමතාව සම්බන්ධව, මෙය කරුනක් වශයෙන් නැතැයි කියන්න කාටවත් බැහැ. නමුත් මම තවමත් හිතන්නේ, රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් ඇතිවන අතිවිශාල විරැකියාව මගින් ඇතිකරනු ඇති සමාජයීය ප්‍රශ්නය (මේ තරුන කොටස්තුල ඇති ආතතිය, අවිනිශ්චිතභාවය, ඉච්ඡාභංගත්වය මගින් ඇතිකරන ප්‍රශ්න) ඊට වඩා කීප ගුනයකින් වැඩි වනු ඇති බවයි (ඔවුන් ලද අධ්‍යාපනය ප්‍රමිතියෙන් අඩුයි, ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම අඩුයි, නවීන ආකල්පවලින් තොරයි, තාක්ශනය සමග හුරුව අඩුයි, පෞද්ගලික අංශය ඔවුන්ගැන උනන්දු නොවන්නේ ඒ නිසයි වැනි කතා හෝ ධනාත්මක චින්තන කතා මේ සඳහා උත්තර නොවෙයි). එමගින් (මහා පරිමානයෙන් රජයේ රැකියා ලබාදීම මගින්) මගහරවාගන්නා ලද අනර්ථයන් (avoided social evils?), ඔවුන්ට පඩි ලෙස සහ වෙනත් පහසුකම් ලෙස ගෙවන ලද මුදල සමග සාධාරන සංසන්දනයක් මා දන්නා තරමින් කවුරුවත් කර නැහැ. එසේ කල නොහැකිවාත් වන්නට පුලුවන්.

උදාහරනයකට පහුගිය රජය විසින් රැකියාවිරහිත උපාධිධාරීන්ට රැකියා සැපයීම ගන්න. එම රැකියා සැපයීම (එවක රජයේ අරමුන කෙසේවුවත්) නොකලා නම්, එම තරුනයන්ගෙන් අති බහුතරය පෙසපෙ (හෝ වෙනත් එවැනි සංවිධානයන් ) වටා රොක්වනු ඇතිවාට සැක නැහැ. එවන් තත්වයක් තුල, එම සංවිධාන ගැන, නායකත්වයන් ගැන හුදෙක් විවේචනය කර පලක් නැහැ. මා හිතන්නේ එලෙස රැකියා ලද අති බහුතරයක් තරුන කොටස් මේ සංවිධාන වෙතට ආකර්ශනය වුනේ නැහැ.

(සම්පූර්නයෙන්ම වෙනස් විශයන් වුවත්, කසල කලමනාකරනය මේ සඳහා උදාහරනයකට ගන්න පුලුවන්. මට වැටහෙන පරිදි, ලංකාවේ කසල කලමනාකරනය තාක්ශනික වශයෙන්ම පිරිවැය පිරිමසා ගැනීමටවත් හැකිවන ව්‍යාපාරයක් නොවෙයි. නිවැරදි අවසාන අපහරන ක්‍රියාවලියක් (දැනට නොපවතින) ආරම්භ කිරීමට සහ පවත්වා ගෙන යාම සඳහා රජය අනිවාර්යයෙන්ම අති විශාල පිරිවැයක් දැරිය යුතු වෙනවා. එය අද මේ සඳහා රජය දරන සිල්ලර වියදමට වඩා ඉතා අධික වියදමක් වනු ඇති. නමුත් එවන් ක්‍රියාවලියකින් සමාජය ලබන සෘජු සහ අනියම් ප්‍රතිලාභ, සාම්ප්‍රදායික මූල්‍යමය විශ්ලේශනයකින් -conventional cost-benefit analysis- මනින්නට බැහැ. එසේ නොකර සිටීමේ ප්‍රතිඵල අප අද හොඳින් අත් දකිනවා)

රාජ්‍ය සේවකයන්ගේ සේවය කෙසේ හෝ කාර්යක්ශම තත්වයකට ගෙන ඒම තමයි අභියෝගය. (අධික වියදමක් දරා නඩත්තුකරන මංත්‍රී-ඇමති මන්ඩල කාර්යක්ශම කිරීමත් තවත් මේ වගේම අභියෝගයක් තමයි.) මම දන්නේ නැහැ එය කල හැක්කේ කෙසේදැයි කියා, නමුත් එය කෙසේ හෝ කල යුතුයි කියලයි මට හිතෙන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-15

ජවිපෙට යන එන මගක් සොයා දෙමු

(මෙම ලිපිය ලියන්නේ ජවිපෙට කෙළවන්නට මුල් වන ෆේස්බුක් බලකායේ සිටින බූරු පැටවුන්ට නො වන බව ද, මෙම සටහනෙන් විශේෂයෙන් ඉලක්ක කරන්නේ ජවිපෙ සාමාජිකයන් අපේ බිරියන්ගේ යෝනි තුළ ඩයිනමයිට් කරල් දමන්නට සැරසෙද්දී පවා, අප සමග කතා කරන්නට හැකියාව ඇති නලින්ද ජයතිස්ස වැනි කුමන දේශපාලනයක් තුළ හෝ බලාපොරොත්තු තැබිය හැකි නායකයන් හා දෙබිඩිකමින් මිදුනහොත් තවමත් වටිනාකම් ඇති අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත වැනි දීප්තියක් සහිත නායකයන් බව ද කරුණාවෙන් සලකන්න.)

පසුගිය  දිනවල හෙළිදරව් වූ ජවිපෙ නායකයන්ගේ දෙබිඩිකම පිළිබඳ සංවාදයේදී අපි ද ජවිපෙ දැඩි ලෙස විවේචනය කළෙමු. දේශපාලනය එහෙම තමා ය. ඒ ඔස්සේ අප ජවිපෙට පාඩම් කීපයක් ඉගැන්වීමට උත්සාහ කළෙමු. ඒවා මෙසේ ය:


  • ජවිපෙ සෙසු රැඩිකල් දේශපාලන කණ්ඩායම් හා ක්‍රියාධරයන් අවතක්සේරු කිරීම නො කළ යුතු ය.
  • ජවිපෙන් ඉවත් වූ දේශපාලන බලවේගය ජවිපෙට වඩා සුවිසල් එකකි.
  • ජවිපෙන් ඉවත් වූවන් සම්බන්ධයෙන් පැරණි ආකල්ප ජවිපෙ වෙනස් කර ගත යුතු ය.
  • ජවිපෙ තමන් උත්තරීතර බලවේගයක් ය යන විඥානවාදී, ස්වෝත්තමවාදී ආකල්පය වෙනස් කර ගත යුතු ය.
  • ජවිපෙ තම පක්ෂ සංස්කෘතිය ගැන නැවත සිතා බැලිය යුතු ය.
  • ජවිපෙ තම සත්‍ය හැකියාවන් පිළිබඳ නිවැරදිව තක්සේරු කර ගත යුතු ය.
  • ජවිපෙ නූතන තත්වයන් තුළ තමන්ට ස්ථානගත විය හැකි අවකාශය නිවැරදිව තේරුම් ගත යුතු ය.


මෙම අවසන් වගන්තිය සම්බන්ධයෙන් කතා කරන විට විශේෂයෙන් සිහිපත් කළ යුතු කාරණයක් තිබේ. අද දින මා උසස් අධ්‍යාපනය හා සම්බන්ධ එක්තරා ඉතා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු සමග කරන ලද කතා බහකදී ඔහු කියූ වගන්තියක් මෙසේ ය: “ඒගොල්ලන් ජවිපෙ නෙමෙයි. ජවිපෙ නම් කතා කරලා මේක බේර ගන්න තිබුණා."

මේ හා අදාළ මා මෙහි සඳහන් නො කරන විෂය කුමක් වුවත්, ජවිපෙ සම්බන්ධයෙන් රාජ්‍යය තුළ තිබෙන මෙම විශ්වාසය ඉතා වැදගත් ය. ඒ ඔවුන් අන්තවාදීන් නො වන බවට ඇති විශ්වාසයයි. ජවිපෙන් පෙසප කැඩී යාමත් සමග වඩා ආන්තික ස්ථාවර සම්බන්ධ ‘ගෞරවය' ද එම පක්ෂය විසින් රැගෙන ගොස් තිබෙන බව ජවිපෙ තේරුම් ගත යුතු ය. කුමාර් ගුනරත්නම්ගේ රහස්‍ය ජීවිතය, නීති විරෝධී චර්යාවන්, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හැසිරීම හා පෙසප සමග ළං වී සිටින සෙසු නන්නත්තාර කල්ලි විසින් පෙසපට එම තත්වය ලබා දී තිබේ. ඔවුන් එම අනන්‍යතාවට කැමති ද නැද්ද යන්න ඔවුන්ගේ ප්‍රශ්නයකි. දැන් මේක අසා තවත් පිරිසක් අපට කුණුහරුප දෙසා බාන එක තේරුමක් නැත. අප මේ කියන්නේ පොදු සමාජයේ විවිධ ස්ථරවලදී අප ඔබ ගැන අත්දකින තත්වයන් ය. ඕනැ නම් සලකා බලපල්ලා. නැතිනම් බම්බු ගහ ගනිල්ලා. එච්චරයි.

පෙසප සමග ගිලිහී ගිය විජේවීරවාදී පුරුෂාර්ථ බොරුවට තොරොම්බල් කරන්නට ගියා ය කියා ජවිපෙට ලැබෙන දෙයක් නැත.

විජේවීරවාදී පුරුෂාර්ථ මොනවාද යන්න ගැන ද සටහන් කළ යුතු ය. එහි මූලික ලක්ෂණ මෙසේ ය:


  • ලොව ඇති අති උතුම් ම දෙය වන්නේ පක්ෂයයි. පක්ෂය පමණි.
  • සාමාජිකයාගේ ජීවිතයේ මූලික අරමුණ විප්ලවය හෙවත් තනි ජවිපෙ අතට බලය ගැනීමයි.
  • සමස්ත ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළ යුතු ය.
  • ජීවිතයේ අන් සියලු කටයුතු මෙම අති උතුම් අරමුණට ද්විතීයක වේ.
  • පක්ෂ පූර්ණකාලිකයන් යනු ලොව සිටින උතුම් ම මිනිස් ජීවීහු වෙති. එසේ කිරීමට බැරි අය හැකි සෑම අයුරකින් ම පූර්ණකාලිකයන්ට අවනතව, ඔවුන් රැක බලා ගනිමින්, ඔවුන් උපදෙස් දෙන පරිදි කටයුතු කළ යුතු ය.
  • සත්‍යය යනු පක්ෂයයි. පක්ෂය පමණක් විශ්වාස කරන්න. අනෙක් සියල්ල ම සැක කරන්න.
  • පක්ෂය හැර යාම හා විවේචනය කිරීම යනු මරණ දඬුවම දිය යුතු ද්‍රෝහී ක්‍රියාවකි. මරා දමන්නට අවස්ථාව ලැබෙන තෙක් ද්‍රෝහියාට උපරිමයෙන් වෛර කරන්න. ද්‍රෝහියා මිනිසකු ලෙස නො සලකන්න.


මේ විජේවීරවාදය මේ වන විට පවතිනවා නම් පවතින්නේ පෙසප සමග මිස ජවිපෙ සමග නො වේ. ජවිපෙ සමග ඉතිරි වී සිටින පිරිස් වැඩිදෙනෙකු වනාහි සාමාන්‍ය ජීවිත ගත කරන, තමන්ට නැති පෞරුෂයක් ජවිපෙ හරහා ලබා ගන්නට උත්සාහ කරන අයයි. තමන්ගේ පක්ෂය විසින් සමාජවාදය ගොඩ නගනු ඇතැයි අන්ධ විශ්වාසයක් ඔවුන්ට ඇත. එය කරන්නේ කෙසේදැයි ඔවුනට කිසිදු අදහසක් නැත. ඒ ගැන ඔවුන් අතර සංවාදයක් ද නැත. එය කරන හැටි පක්ෂය හා පක්ෂ නායකත්වය දන්නා බව ඔවුහු විශ්වාස කරති. එසේ නො දන්නේ නම් යමෙකුට පක්ෂ නායකයකු වන්නට බැරි යයි ඔවුහු සිතති.

මේ අතර වර්තමානයේ ජවිපෙ ඉතිරි වී සිටින බොහෝ පිරිස් අනුර කුමාර වැනි ම වූ දෙබිඩ්ඩෝ ය. මා දන්නා එක් වෘත්තීය සමිති ......ගේ දරුවන් අනුරගේ, ගලප්පත්තිගේ දරුවන් සේ ම පෞද්ගලිකව උසස් අධ්‍යාපනය ලැබූ මුත් ... ද උග්‍ර සයිටම් විරෝධී ය. හොඳම විහිළුව එය නො වේ. ජවිපෙ විසින් ...ට එවනු ලබන ප්‍රකාශන කිසිවක් ... කිසිවකුට බෙදන්නේ නැත. බෙදන්නට කෙනෙකු ද නැත. ඒවා ...ගේ කාර්යාලයේ මුල්ලක ගොඩ ගැසේ.

ජවිපෙට දැන් සිටින බිම් මට්ටමේ පිරිස සමග කිසිදු කලෙක බලයක් ගොඩනගා ගන්නට හැකි වේදැයි සිතිය නො හැකි ය. මූලික හේතුව අන් කිසිවක් නොව, ඔවුන් වැඩි දෙනෙකුට සමාජ පිළිගැනීමක් නැත. දක්ෂ නැත. චරිත අප්සෙට් ය. දෙබිඩි ය. ඔවුන්ගෙන් ජවිපෙට ලැබෙන දෙයකට වඩා ඔවුන් පවතින්නේ ජවිපෙ නිසා ය.

ජවිපෙ මෙම යථාර්ථයන් තේරුම් ගත යුතු ය. ජවිපෙ 2020දී බලය ගැනීම නම් සිහිනයකි. පවතින තත්වය තුළ නම්, පූර්ණ අරාජිකත්වයක් රටේ ඇති වුණත් ජවිපෙට බලය ගත හැකි වේ යයි සිතිය නො හැකි ය.

එහෙත්, අප සැම දකින පැහැදිලි හිඩැසක් දේශපාලනය තුළ තිබේ. ඒ හිඩැස පුරවන්නට ජවිපෙට හැකි නම්, ජවිපෙට අනාගතයක් තිබිය හැකි ය. ඒ හිඩැස කුමක්දැයි ජවිපෙ හඳුනාගත යුතු ය.

මේ රටේ තව දුරටත් සමාජවාදී ෆැන්ටසිවලට රැවටෙන්නේ නැත. එසේම, ව්‍යාජ පංති විග්‍රහ හා ධනපති, අධිරාජ්‍යවාදී හා නවලිබරල් බිල්ලන් ගැන කුමන්ත්‍රණ කතාවලින් සැදි භාෂා ප්‍රයෝග ද දැන් අවුල් වී හමාර ය. කළ යුතුව තිබෙන්නේ ලංකාවේ සමාජය අපෝහක ලෙස විග්‍රහ කර ඇත්ත හඳුනා ගනිමින්, යථාර්ථය සමාජයට ඉදිරිපත් කර, ප්‍රායෝගිකව අැති කළ හැකි විසඳුම් යෝජනා කරන හා ඒ වෙනුවෙන් වන විවිධ ජනතා බලමුළුගැන්වීම් කළමනාකරණය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකි.

බලවේග සියල්ල පක්ෂයේ තනි අතට ගුලි කර ගත හැකි යයි සිතන දේශපාලනය දැන් යල් පැන ගොසින් බොහෝ කල් ය. දැන් කළ හැක්කේ, අරමුණු වෙනුවෙන් බලවේග කළමනාකරණය කිරීමයි.

1971ට පෙර, වඩා අව්‍යාජ දේශපාලනයක යෙදුණු කාලයේ ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස්වලට ලංකාව වෙනස් කිරීමේ අවංක ආධ්‍යාශයන් තිබිණි. දැක්ම පටු වුණත්, එහි දීප්තිමත් අංග තිබිණි. 1971 කැරැල්ලෙන් පසු ඔහු රහස් පොලිසියට දෙන කටඋත්තරයේ පවා ලංකාවේ පරිසර ප්‍රශ්නය ගැන ඉතා ගැඹුරු විශ්ලේෂණයක් අඩංගු වේ.

විජේවීරවාදය නැවත කරළියට ගත හැකි එක ම ආලෝකය ඇත්තේ ඒ අනාගතවාදී දැක්ම තුළයි. විශේෂයෙන් ම ස්වාභාවික ආපදා නිසා නිරතුරුව ගංවතුරට යට වන, පස් කඳු කඩා වැටී වැළලෙන භූ කලාපයක සිටින ලාංකිකයන්ට වෙනස් වන්නට හා ලංකාව මුළුමනින් ම වෙනස් කරන්නට බල කළ හැක්කේ එම ජීවිත අභියෝගය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමෙනි.

(ජවිපෙ ෆේස්බුක් බලකායේ බූරුවන්ගේ කුණුහරුපවලට මෙහි ඉඩ නොමැති බව කරුණාවෙන් සලකන්න.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

හමුදා කඳවුරක් ඉදිරිපිට ගාඩ් ඩියුටි ඉන්න කොල්ලෙකුට දුන්න අවවාදයක්

මේ දැන් සිදු වුණ දෙයක්. සම්පූර්ණ විස්තරේ කියන්නෙ නැත්තෙ අදාළ පුද්ගලයාට කළ යුතු අනතුරු ඇඟවීම පුරවැසියකු ලෙස මම කළ නිසායි. මම දැන් කොළඹ නගරයේ ප්‍ර‍භූ ප්‍රදේශයක ආරක්ෂක නිලධාරි නිවස්නයක් ඉදිරියෙන් පදික වේදිකාවේ ඇවිදගෙන ආවා. ඒ කාර්ය බහුල පදික වේදිකාවේ මට ඉදිරියෙන් තරුණියක් ගමන් කළා. අර හමුදා කඳවුර ඉදිරියේ මුරට සිටි සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයෙක් මොකක් හෝ අවකැපෙන වචනයක් අර නාඳුනන තරුණියට කිව්වා. තරුණිය හැරී රවා බලා යන්න ගියා.

එහෙම දෙයක් දෑසින් දැකලාත් අහක බලාගෙන යනවා නම් අප කරන දේශපාලනය වැඩක් නැහැ. ඒ නිසා අවදානම ගැනත් හිතලා මං ටිකක් ආරක්ෂිත දුරකින් ඉඳන් කතා කළා. නැතිනම් අවිය උදුරගන්න හැදුවා ය කියා වෙඩි තියයි. 

මම ඇහුවා, ඔයා යුනිෆෝම් එකක් ඇඳගෙන රාජකාරියක් නේද කරන්නෙ, ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. ඔහු නිහඬව හිටියා. කැත වැඩ කරන්න එපා ය කියලා මම මගේ ගමන ගියා. ඔහු මට ආයුධ උරුක් කරන්නට ආවෙ නැහැ. මා කතා කළ නිසා පාරේ ගිය දෙන්නෙක් මොකක්ද සිද්ධිය කියලා ඇහුවා. 

ඔහුගේ නිහඬබව වරදකාරී හැඟීමක් ලෙස පිළි ගනිමින් මම ඔහු ගැන මීට වඩා හෙළිදරව් කරන්නෙ නැහැ. නැතිනම් තවමත් ඔහු එතැන ඩියුටි. හේතුව මෙවැනි තරුණ හැඟීම් සහිත සාමාන්‍ය ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ඉහළ නිලධාරීන් ලවා දඬුවම් ලබා දීමෙන් සියලු ප්‍ර‍ශ්න විසඳෙන්නෙ නැහැ. හැබැයි, ඉතින් මේ වගේ පුංචි දේවල් ගැන දැනගන්නට කවුරුවත් අපට උගන්නන්ට අවශ්‍යත් නැහැ. 

මහින්දගේ කාලෙ මා දවසක් ගාල්ල නගරයේ විද්‍යාලෝක විද්‍යාලෝක විද්‍යාලය ආසන්නයේ වක්වැල්ල පාරේ කොටුව පැත්තට වාහනය පදවද්දී පසුපසින් හිටි ගමන් පැමිණ වේගයෙන් මා ඉස්සර කර ගිය ප්‍ර‍භූ ආරක්ෂක රිය පෙළක මෝටර් සයිකලයක පසුපස සිටි අපේම මහජන මුදලින් වැටුප් ගන්නා පොලිස් බල්ලෙක් “අයින් කර ගනින් පකයො කාර් එක," කිව්වා.

මාත් කුණුහරුප දන්නවා වුණත්, දරුවන් වාහනයේ සිටි නිසා මා නිහඬ වුණා. ආරක්ෂක රථ පිරිවරා ගත් දේශපාලක හොරෙකු අප පසු කර ඉගිලුණා.

මා හිතන්නේ අපි 2015 ජනවාරි 8 වෙනස් කරන්නට අදහස් කළේ අන්න ඒ සංස්කෘතියයි. මුළුමනින් ම බැරි වුණත්, අපි යම් වෙනසක් සලකුණු කළා කියලායි මම හිතන්නෙ.

ලංකාවේ දේශපාලනය වගේ ම සමාජයත් හරිම පසුගාමීයි. අපේ තිබෙන මූලික ගැටලුවක් තමයි, අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා නො කරන එක. ඒ වගේ ම වෙනත් කෙනෙකුට සිදු වන අසාධාරණයකදී කතා නො කර සිටින එක. සමාජය වෙනස් කරන්නට ඕනැ නම් අපි මේ අභියෝග භාර ගත යුතුයි. දේශපාලකයන්ගෙන් සියල්ල බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට බැන බැන සිටීමෙන් කිසිවක් සිදු වන්නේ නැහැ. 

ජනතාව, පුරවැසියන් විදියට අප ශක්තිමත් විය යුතුයි. යහපත් සමාජයක් වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන් වන අරගල බිම මේ කියවන ඔබේ දෑස් ඉදිරිපිටත් තිබෙනවා. අප ඒ හැම තැනකම බොරුවට, අසාධාරණයට එරෙහිව සටන් කළ යුතුයි. 

මා මෙම ලිපියත් සමග බෙදාගෙන තිබෙන රූපයේ තිර සේයාරුව මා ගත්තෙ පැය 24කට විතර කලින්. මේ වන විට එය දහස් ගණනක් විසින් ලයික් කර, ෂෙයා කර ඇති. එසේ කරන අය අතර සැලකිය යුතු කාන්තාවන් පිරිසක් සිටින බවත් මා දැක්කා. 

මෙච්චර දියුණු ලෝකෙක, මේ සිංහල බෞද්ධ ය කියන රටේ අම්මාගේ යෝනියෙන් ජාතක වුණු, අම්මාගේ කිරෙන් ජීවිතය තහවුරු කර ගත් අපි මෙවැනි අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා තිරිසනුන් වුණේ කොහොමද? ලෝකෙ ශාස්ත්‍රීය සංවාද හා කොළඹ වීදි අතර පරතරය මතක් වන කියමනක් මේ සමග මතක් වුණා. 

අවසන් වශයෙන් ජාර්ක් රොන්සියර්ගේ මූලික අර්ථකථනයෙන් ඔහු අපෙන් අසන්නේ, ගිලී යන නෞකාවක ප්‍රථම පන්තියේ ගමන් ගන්නා තරුණියක සහ තෙවැනි පන්තියේ ගමන් ගන්නා තරුණයෙකු අතර ආදර සම්බන්ධයකින් මේ තරම් සතුටක් ලබන්නට අප සිටින්නේ කුමන සියවසක ද කියා ය. - එරන්ද මහගමගේ (අයිසන්ස්ටයින්ගේ දේශපාලනය, බව බ්ලොග් අඩවිය)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-14

යථාර්ථය තියෙන්නේ රියලිටියට පිටින් නිනෝ

වානිජ රූපවාහිනිය රියලිටි කියන වචනෙට හරි අපූරු තේරුමක් දීලා තියෙනවා. රියලිටි කියන්නෙ යථාර්ථය වුණාට රියලිටි ෂෝ එකක් කියන්නෙ යථාර්ථය ම නෙමෙයි. නිර්මානය කරපු යථාර්ථයක්. නිර්මිත යථාර්ථයක්.

ඒ කියන්නෙ මෙහෙමයි. මේ සාමාන්‍ය විදියට සිංදු කියමින් හිටපු කොල්ලන්ව කෙල්ලන්ව ඒකෙදි මේකප් දාලා, සුදු කරලා, ස්ලිම් කරලා, ලස්සනට අන්දලා, උන්ගෙ අම්මලාවත් අන්දලා, අඬවලා ඒක යථාර්ථය ය කියලා අපවත් අන්දනවා.

නිනෝ ලයිව් චිත්‍රපටයේ තියෙන්නෙ අමුතුම රියලිටි වැඩසටහනක්. ඒක හරි පරිකල්පනීය අතිශයෝක්තියක්. ඒකෙ නිනෝගෙ තාත්තා නෝමන් මුදල් වෙනුවෙක් නිනෝගෙ මුළු ජීවිතේ ම රියලිටි ෂෝ එකක් බවට පත් කරනවා. ඉතින් අප දකිනවා නිනෝ ජීවත් වෙනවා අර හින්දි චිත්‍රපටවල තියෙන විධියෙ සොඳුරු ලෝකෙක. උදාහරණයක් විදියට නව යොවුන් වියේ නිනෝට අපේ ළමයින්ට වගේ යුනිෆෝම් ඇඳගෙන ඉස්කෝලෙ යන, කුකුළු කූඩු වගේ ටියුෂන් පන්තිවල ඉගෙන ගන්න මළ වදේ නැහැ. එයා හින්දි චිත්‍රපටවල තියෙන කොලේජ් එකක් වගේ තැනක ලස්සනට ඉගෙන ගන්නවා.

රූපවාහිනිය කියන්නෙ මෙන්න මේ වගේ නිර්මිත යථාර්ථයක් අපේ ඇහේ අතුල්ලන තැනක්. නිනෝට වගේ ම අපටත් ඒක සැබෑ ජීවිතය කියා හිතෙනවා. හැබැයි, අපේ ගෙවල් තියෙන වතු නිනෝ ඉන්න හවුසිං ස්කීම් එක වගේ නො වන බවත් අප දන්නවා. හැබැයි දන්නෙ නැහැ වගේ ඉන්නවා.

මේක මං කැමති උදාහරණයකින් පෙන්වන්නම්. මේ උදාහරණයට මං කැමති මේ කෘර, ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා තමයි විශේෂයෙන් ම ගැමි තරුණයාගේ කොන්ද කැඩෙන්නෙ. කැම්පස් ගියාම උන්ව අන්තවාදී දේශපාලන සංවිධානවලට ලේසියෙන් අන්දාගන්නට පුළුවන් වෙන්නෙත්, සිස්ටම් එක⁣ට වහල් වූ කුහක පාරිභෝජනවාදීන් වන්නෙත් ඒ නිසායි. ඒ තමයි වැඳිල්ල.

පැරණි සිංහල සංස්කෘතිය තුළ මව්පියන්ට, වැඩිහිටියන්ට වැඳීම කියන එක මේ අද කාලෙ වගේ ජෝක් වෙලා තිබුණෙ නැහැ. සිංහල අවුරුද්දට එහෙම මව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට බුලත් දීලා වඳින චාරිත්‍රයක් තිබුණා. දොට්ට බහින, බහින සැරයක් ගානෙ ගෙදර ඉන්න ඔක්කොම වැඩිහිටියන්ට වඳින, නෑ ගෙවල්වල ගිහින් ළමයින් ලවා ඒ ගෙවල්වල හැම වැඩිහිටියාටම වත්දවන, ඊට පස්සෙ උනුත් වඳින මේ මළ ඉලව් සංස්කෘතිය හැදුවෙ තනිකර ජාතික රූපවාහිනියෙ ගිය ඔය දූදරුවෝ වගේ සෝප් ඔපරාවලින්.

දැන් මං මේක කිව්වාම සමහරුන්ට හරි කේන්තියි. නිනෝ ලයිව් චිත්‍රපටයේ නිනෝට තේරෙනවා, තමන් මොකක්ද ලොකු බොරුවක් ඇතුළෙ ජීවත් වන බව. නිනෝ ඒකට එරෙහිව කැරැලි ගහනවා. එතකොට චිත්‍රපටය බලන අපට පවා හිතෙනවා මේ කොල්ලට පිස්සු ය කියලා. දැන් අර කේන්ති කට්ටිය මට පිස්සු ය කියලා හිතන්නෙත් ඒ වගේ තමයි.

බුද්ධිය තියෙන මිනිහට තමන් ජීවත් වන්නෙ නිර්මිත යථාර්ථයක් ඇතුළෙ ය කියන එක තේරෙනවා. හැබැයි එතකොට සමාජය අපෙන් අපේක්ෂා කරනවා, ඒක භාර ගත යුතුයි කියලා. නිනෝට අධ්‍යක්ෂවරු ස්ටුඩියෝ එක ගැන කියා දෙනවා. එයා ස්ටුඩියෝ එකේ සිටිය යුතුයි. ස්ටුඩියෝ එකෙන් පැනල ගියොත් ඔක්කොම අවුල්.

හැබැයි, ඩේට් කරන්න චිත්‍රපට ශාලාවක බොක්ස් ටිකට් එකකට සල්ලි නැති, බෝඩිං ගාස්තුව ගෙවා ගන්නට බැරි, කඩෙන් පරාටා එකක් කාලා ජීවත් වෙන යථා ලෝකයේ ඉන්න අය මේ නිර්මිත යථාර්ථයේ ඉන්න නිනෝ වගේ වෙන්නට ආසාවෙන් බලා ඉන්නවා.

නිනෝ වගේ නෙමෙයි, අපට ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ රියලිටි ෂෝ ගොඩක් මැද.

අපේ පාලකයන්, රූපවාහිනී එහෙම අපට කියන්නෙ අනාගතය සුබයි, කාලා බීලා ජොලියෙ ඉන්න කියලා. පූජකයන් අපට කියනවා අපේ ජීවිත කාලකණ්ණි වෙලා තියෙන්නෙ අපි ආගමික නැති නිසා ය කියලා. අපි උන්ට පගා දීලා පරලොව ජීවිතය හරි සුඛිත මුදිත වේවා කියා ප්‍රාර්ථනා කරවා ගන්නවා. කට්ටඩි අපට ප්‍රාතිහාර්යයන් ගැන බලා⁣පොරොත්තු ඇති කරනවා. අපේ දුකට හේතුව දෙමළා ය, හම්බයා ය කියමින් ජාතිවාදියෝ උන් මරන්නට යන්නට කතා කරනවා.

ඔය අතරෙ වාමාංශිකයන් කියනවා ආදරණීය ජනතාවනි, උයාලා දෑසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි, සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටියි. උයාලා ෂෝයි. ධනපති කියලා ජාතියක් නව ලිබරල් කියලා මෙව්ව එකක් කරනවා. එන්න යන්න අපි උන් අපෙන් සොරා ගත් ලැම්බොගිනිය සොයන්ක කියලා. අපි පාරෙ නානවා. උන්ගෙ ළමයි යුරෝපෙ ලැම්බොගිනි පදිනවා.

මේ කට්ටියම එකතු වෙලා අප තුළ සිටින පාරිභෝජනවාදී පෙරේතයා අපෙන් හංගකවා. පොදු මිනිස් සමාජය විදියට ප්‍රශ්නවලට විසඳුම් හොයන එක වළක්වන්නට අප වර්ණ, ජාති, පංති, පක්ෂ ලෙස බෙදා වෙන් කර, තවත් මිනිසුන් පිරිසකට වෛර කරන්නට යොමු කරනවා.

විමුක්තිය තියෙන්නෙ මේ කිර්මිත යථාර්ථයන්ට පිටත. නිදහසේ හිතමු ය කියලා අපි ඔ⁣බෙන් කෑගහලා බැගෑපත්ව ඉල්ලන්නේ ඒ නිසායි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-12

කවියක් ලිව්ව නිසා ගුරුවරයකුට දඬුවම් මාරුවක් දෙන ලැජ්ජා නැති අධ්‍යාපනය

කුෂාන් ශාලික හේරත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය උගන්වන තරුණ ගුරුවරයෙක්.

ෆේස්බුක් සමාජ ජාලයෙහි කවියක් ලියූ වරදට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට දඬුවම් මාරුවකට ලක් කර තිබේ.

එහෙත්, එම ගුරුවරයාට එරෙහිව කරන ලද විමර්ශනයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නො හැකි වූ නිසා දඬුවම් මාරුව කරන්නේ සේවා අවශ්‍යතාවට ආවරණය වෙමිනි. 

ඒ විකාර සහගත ස්ථාන මාරු ලිපිය පහත දැක්වේ.

ඊට පෙර කුෂාන් ශාලිකගේ මෙම කවිය කියවන්න.

කවියක් ලිවීම නිසා ගුරුවරයකුට ස්ථාන මාරුවක් දෙන මෙම අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වීම කෙතරම් විහිළුවක් ද? යල් පැන ගිය ආයතන සංග්‍රහ, රෙගුලාසි ආදිය නො වෙනස්ව දෘඪ ලෙස පවතිද්දී සමාජය, මාධ්‍යකරණය හා අදහස් ප්‍රකාශනයේ නිදහස නව මාන තුළට පිවිස ඇත. 

මෙම යථාර්ථයන් තේරුම් ගන්නට බැරි නිලධාරීන් පිරිසක් විසින් හසුරුවනු ලබන ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන ඔබේත්, මගේත් දරුවාගේ අනාගතය කුමක් වනු ඇද්ද? 

සොයුර, ඔබට දිරි පතමු. 

අධ්‍යාපන බලධාරීනි, මේ ලැජ්ජා සහගත මුග්ධ ස්ථාන මාරුව අවලංගු කරන්න. 

අයිලයේ තැන් තැන් වල
පෝස්ටර් වල මූණ දාගෙන
ඔයා හිනැහෙනව ඒ වාගෙම
විස්වාස කරන්නත් අමාරුයි
දුයිෂෙන්න් මේ ඔයාමද....?

කළු රබර් පාවහන්
දූවිලි මිරිවැඩි අරන්
ආ පැටවු මත්තේ නැහුණු
මහා හදවත මරං
ඇයි ඔයා මෙහෙ ආවෙ
ඇමති පස්සෙන් ගිහින්
සිදාදියකට මාරුවක් හදං

මමත් දැන් මෙහෙ
කතිර මැස්මටම හුරු වෙනව
ජුකී මැශිමටම ජීවිතේ දිය වෙනව
ෆැක්ටරිය ඇතුලෙම
දවල් රෑ එලි වෙනව
ඔයින් මෙයින් කල වයස ගෙවිලා
ජීවිතේ ශිෆ්ට් එක පහුවෙනව

වසන්තය එනවා සත්තයි
දුයිශෙන් ඔයා කීවම
මමත් හිතුවේ එහෙමයි
ඒත් අයිලයට තවම ගිම්හානෙ
අප්පච්ව්ලාගේ ජීවිතේ කටුකයි
සල්ලි බාගේ හිඟ තැන
අම්මත් ගියා මුහුද පහු කරහෙන
එයාගෙනුත් තොරතුරක් නෑ
ගේ උනත් දැන් හුඟක් පාලුයි

පිදුරු අතුලා අටවපු
ඉස්කෝල මඩුවේ
මතකද එල්ලාපු ලෙනින්ගෙ පින්තූරේ
මම දැක්ක ඔයාගේ ටියුට් වල
පිටිපස්සෙ පිටුවේ
විප්ලවේ දැන් දරුණුයි නේද
නගරෙ ටියුෂන් ක්ලාස් අතරේ

කඩදාසි පිටු වලට
නම වැටෙනකොට ලොකුවට
සාරයිද මගෙ ගුරුතුමනි ජීවිතය

කටුක ගිම්හානයට,
ශීත හිම සුලියකට හසුනොවී
ගුරුතුමනි,
වසන්තය නුඹ ගන්න

අයිලයට වුනත් මොකටද
අපි හැර කවුරුවත් නාඳුනන
කැහැටු පොප්ලර් අතු ටික
කඩදාසි කලහැකිනම්
ඒ ගස් දෙකත් නුඹ ගන්න





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-06-10

එයාගෙ පුතා මොන මඟුල කර ගත්තත් අපට පාන් ද?

මේ සතියේ රාවයට ලියූ ලිපිය මෙතැනින් කියවන්න 
ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයාගේ විවාහය සම්බන්ධයෙන් ෆේස්බුක්හි හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් අප ද අදහස් දැක්වූයෙමු. මේ හෙළිදරව් කිරීම එක්තරා දුරකට විමල් වීරවංශගේ පවුල සම්බන්ධයෙන් පසුගිය දිනවල අනුර කුමාර දිසානායක තම සමාජ මාධ්‍ය ගෝලයන් ලවා කරන ලද හෙළිදරව් කිරීම්වල හා මඩ ගැසීම්වල ම අනෙක් පැත්තයි.

අප කලක් තිස්සේ මේ තිරිසනුන්ගේ නින්දිත අවලාද අසා ඇත. එය අවසන් කරන්නට මෙය හෝ අවස්ථාවක් කර ගත යුතු යයි අපි යෝජනා කරමු. මෙය ජවිපෙට පමණක් අදාළවන කරුණක් නො වේ. මේ වනාහි සමස්තයක් ලෙස ම වාමාංශික සංස්කෘතිය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රශ්න කිරීමකි. ඔවුන් තමන් සමග සිට ඉවත් වූ විකල්ප මත ඇති, දේශපාලනය කරන අය සම්බන්ධයෙන් කටයුතු කරන සදාචාර හා මානුෂික විරෝධිත්වය ආවරණය කර ගන්නේ තමන් හා තමන්ගේ නායකයන් ඉතා සුපිරිසිදු ය කියා තොරොම්බල් කරමිනි.

සමස්තයක් ලෙස ම වාමාංශිකයන් පසුගිය කාලයක් මුළුල්ලේ ම අපට මඩ ගසන්නේ අප ලියන්නේ මුදලට ය කියා ය. අප ඒ පිළිබඳ කිසි විටෙක කුපිත නො වුණෙමු. එසේම, අපගේ සමාජ දේශපාලනික මැදිහත්වීම් හා ලිවීම් නො නැවැත්වූවෙමු. පසුගිය කාලයේ අලුතින් දකින්නට ලැබුණු තත්වයක් වන්නේ විශේෂයෙන් ම වාමාංශිකයන් සම්බන්ධ විවේචනයක් කළ පසු ඉතා නින්දිත, පහත් අන්දමින් බිරිඳ, දරුවන් වැනි අයට අවමන් කරන හා තර්ජනය කරන නිර්නාමික කමෙන්ටු මෙම බ්ලොග් අඩවියට එවීමයි. ජවිපෙ ෆේස්බුක් කල්ලිය සමග ඇති වන සංවාදවලින් පසු මෙවැනි කමෙන්ටු පළ වීම සමග ඒවා කරන අය ගැන අදහසක් ඇති කර ගත හැකි ය. අනෙක් පැත්තෙන් ඒවායේ තිබෙන භාෂාව හා අදහස් ඉතා පැහැදිලිව ම 1989දී ජවිපෙ වෙනුවෙන් මිනී මැරූ ඝාතකයන් තුළ පැවති වෛරය සිහිගන්වයි. මර්දකයන් අතර සිටි ග්‍රාමීය තරුණයන් අතර තිබුණු මානසිකත්වය ද එය ම ය.

අප ඉතා පැහැදිලිව ම අන්තවාදී දේශපාලනයන්ට එරෙහි ය. එහිදී අපට නම් ජාතික අන්තවාදීන් මෙන් ම වාමාංශික අන්තවාදීන් ද එක හා සමාන ය. මෙම අන්තවාදයන් ඔස්සේ ලංකාවේ සමාජයේ කිසිදු සාධනීය වෙනසක් සිදු කළ හැකි යයි අපි විශ්වාස නො කරමු. එසේම, මෙම අන්තවාදයන් පිටුදැකීම සමාජ වෙනසෙහි මූලික කොන්දේසියක් බව ද අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් එකී අන්තවාදයන් සමග අරගල කළ යුතු ය.

අනෙක් දරුණු ම සාධකය වන්නේ බොරුවයි. සමස්ත සමාජ දේහය ම වසා පැතිර තිබෙන බොරුවට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුතු ය.

ලංකාවේ රාජ්‍ය ක්‍රමය ගැන අපට පැහැදිලි නිර්වචනයක් තිබේ. අප කියන්නේ මෙහි තිබෙන්නේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුතු ධනවාදයක් බවයි. එහි ප්‍රධාන ම සූරා කන බලවේගය රජයයි. මහජනතාවගෙන් සූරා ගන්නා බදු මුදල් හා අනාගතය උගස් තබා ලබා ගන්නා ණය යෙදවෙන්නේ ප්‍රධාන වශයෙන් ම මෙම දැවැන්ත රජය නඩත්තු කිරීමටයි. රජය විසින් ඇත්ත වශයෙන් ම සේවා සපයන්නේ රජයෙන් යැපෙන දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, රජයේ නිලධාරීන් හා රජයේ සේවකයන්ගෙන් සමන්විත මධ්‍යම පංතියටයි. එහෙත්, එය පවත්වාගෙන යන්නේ පීඩිත, දුප්පත්, නිර්ධන පංතික, වැඩ කරන ජනයා වෙනුවෙන් ය කියමිනි. මේ වනාහි ලංකාවේ ලොකුම බොරුවයි.

මේ පංතිය විසින් මේ වන විටත් හොඳ පාසල්, නොමිළේ උගන්වන රජයේ විශ්වවිද්‍යාල වැනි සියලු යහපත් දේ අත්පත් කරගෙන තිබෙන අතර, කම්කරුවන්ට සිදු වී තිබෙන්නේ ඔවුන් නඩත්තු කිරීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කිරීමටයි.

ලංකාවේ දේශපාලනය යනු මේ බොරුව හා බැඳුණු තවත් බොරු ජාලයකි. විප්ලවය ද එම බොරු ජාලයේ තවත් එක් බොරුවකි. එය ද තොරොම්බල් කරනු ලබන්නේ පීඩිතයන්, කම්කරුවන් වෙනුවෙන් ය කියා ය.

එහෙත්, මේ විප්ලවවාදීන් අයත් වන්නේ ද පදනම් වන්නේ ද වැඩ කරන ජනයා මත නො වේ. රජයෙන් යැපෙන මධ්‍යම පංතියේ පහළ ස්ථරය මත ය. ඔවුන් අතට බලය ගැනීමෙන් විප්ලවයක් කළ හැකි ය යන්න බොරුවේත් බොරුවයි. ඔවුන්ගේ අවශ්‍යතාව කුමක් ද? රජය ශක්තිමත් කර, රජයෙන් කරන සිය යැපීම තවත් පුළුල් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඒ වනාහි වැඩ කරන ජනයා මත තව දුරටත් පීඩනය වැඩි කරන විදියක් මිස අන් යමක් නො වේ.

ලංකාවේ ඵලදායී වැඩ කරන කම්කරු පංතිය ඔය කියන වාමාංශික ව්‍යාපාර සමග කිසිදු සම්බන්ධයක් නැත. උදාහරණයක් ලෙස, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන්, පෞද්ගලික අංශයේ කම්කරුවන්, නාගරික කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, සනීපාරක්ෂක කම්කරුවන්, මැදපෙරදිග ගෘහ සේවිකාවන් වැනි අය ඔය පක්ෂවල ඉතා විරල ය. එපමණක් නොව, මේ පක්ෂවල තිබෙන පීඩක ව්‍යූහයන්ගේ පසුගාමිත්වය නිරූපණය කරන හොඳම නිදසුනක් වන්නේ ඒවායේ අවම කාන්තා නියෝජනයයි.

අප හෙළිදරව් කරමින් සිටින්නේ මෙම බොරුවයි.

මේ විප්ලවවාදීන්ගේ විප්ලව හැමදාමත් තරුණයන්ගේ මොළ ශෝධනය, ජාතිවාදය, පටු අධිරාජ්‍ය විරෝධය, බටහිර විරෝධය, නාගරික විරෝධය, ස්ත්‍රී විරෝධය, ග්‍රාම්‍ය සංස්කෘතිය උත්කර්ෂයට නැංවීම, කුල ගැටුම් පමණක් නොව, සුදු හම පිළිබඳ ඇති කාමුක සංකල්ප වැනි පසුගාමී ආකල්ප ආදිය මත පදනම් වන විනාශකාරී කඩාකප්පල්කාරිත්වයන් පමණි. මේ වන විට සිංහල තරුණ පරම්පරා දෙකක් ද, දෙමළ තරුණ පරම්පරා දෙකක් පමණ ද මෙම අන්තවාදී කැරැලි වෙනුවෙන් දිවි පුදා හමාර ය.

අප අරගල කරන්නේ මේ දහජරා දේශපාලනය වෙනුවට තරුණයන්ට ඇත්ත අභිමුඛ කිරීමටයි.

අනුර කුමාරගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සම්බන්ධ සිද්ධිය මේ ඇතැම් කාරණාවල නිරුවත හෙළි කළ අවස්ථාවකි.

අපට අනුර කුමාරගේ පුත්‍රයා සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් නැත. ඔහු කටයුතු කර තිබෙන්නේ සාමාන්‍ය ලාංකික තරුණයකු පරිද්දෙනි. අනුර කුමාර සම්බන්ධයෙන් ද අපට විවේචනයක් නැත. ඔහු ද කටයුතු කර තිබෙන්නේ සාමාන්‍ය ලාංකිකයකු පරිදි ය.

මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් කරන ලද වියදම් අනුර කුමාරගේ ම විය යුතු නැත. එය එම පුත්‍රයාගේ මුදල් විය හැකි ය. ඒවා උපයා ගත්තේ ඔහු නම් අපට එහි කිසිදු ගැටලුවක් නැත.

එසේම, විවාහ වන්නේ කුමන චාරිත්‍රානුකූලව ද යන්න ද ඔහුගේත්, ඔහුගේ සහකාරියගේත් තෝරා ගැනීමකි. අපට ඒ සම්බන්ධයෙන් ද ගැටලුවක් නැත.

එහෙත්, ගැටලු තිබේ. අනුර කුමාර ඉතා පැහැදිලිව ම මේ රටේ පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව මාරාන්තික අරගලයක් සඳහා විශ්වවිද්‍යාල තරුණයන් යොමු කිරීම පිටුපස සිටින්නෙකි. එහෙත්, ඔහුගේ පුතා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගෙන තිබේ නම්, එතන ඉතා පැහැදිලි බැඳියා පිළිගැටුමක් තිබේ. ලංකාවේ අප දන්නා ගතානුගතික පවුල් සංස්ථා තුළ පුත්තු තාත්තලා ගැන මුළුමනින් ම නො තකා ඒ තරම් ම ස්වාධීන තීරණ ගන්නවා ද? මා දන්නා තවත් බොහෝ ජවිපෙ සාමාජිකයන්ගේ දරුවෝ පෞද්ගලික උසස් අධ්‍යාපනය ලබති. තමන්ගේ දරුවන්ට හොඳ යයි ඔවුන් සිතන දෙය ලබා ගන්නා තවත් පිරිසකට වෛර කරන්නට, ඔවුන් අමාරුවෙන් ලබා ගන්නා අධ්‍යාපනය කඩාකප්පල් කර දමන්නට යමෙකු කටයුතු කරන්නේ නම් එය කොයි තරම් ජඩකමක් ද?

එසේම, මහින්ද රාජපක්ෂගේ මිහින් ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුට දරුණු විවේචනයක් තිබිණි. එයට රැකියා ලබා දුන්නේ නාමල් රාජපක්ෂලාගේ ලැයිස්තු අනුව බව වැඩිපුර ම කී අයෙකු වන්නේ ඔහු ය. දැන් ඔබ අපට කියන්නේ අනුර කුමාරගේ පුතාට ඉතා විනිවිද පෙනෙනසුළු අන්දමින් මිහින් ලංකා ආයතනයේ රැකියාවක් ලැබුණු බව පිළි ගන්නැයි කියා ද? ඔහු ම පසුගිය කාලයේ කියූ ආකාරයට එසේ සිදු වීමේ හැකියාවක් නැත.

එසේම, පසුගිය කාලයේ එක අතකින් සමාජය තුළ සිංහල බෞද්ධ ජාතිවාදය ද, අනෙක් අතින් පක්ෂය තුළ ආගම් විරෝධය ද තොරොම්බල් කරමින් ද ජවිපෙ යකා නැටුවේ ය. එහෙත්, අවසානයේදී පෞද්ගලික කුටුම්බ තුළ කිසිදු විකල්ප ජීවිතයක් තිබී නැති බව පෙනේ.

ජවිපෙ වනාහි ලංකාවේ තරුණ පරම්පරා දෙකකින් අසීමිත වධ බන්ධනවලට ලක් වී මිය යාම දක්වා බොහෝ කැප කිරීම් ලබා ගත් පක්ෂයකි. එහි දැන් සිටින පිරිස ඒ ඉතිහාසය මත තම පැවැත්ම රැක ගැනීම ගැන ද අපට කිසිදු ගැටලුවක් නැත. එහෙත්, තවත් පරම්පරාවක් ඒ අන්දමින් ගඟේ යැවීම වැළැක්විය යුතු ය.

අප සමග සිට එසේ මිය ගිය සහෝදරයන්ගේ මතකය නිසා අපි තවමත් විකල්ප ජීවිත ගත කරන්නට උත්සාහ කරන්නෙමු. ඔවුන් සමග එදා අප අතහැර දැමූ ආගම අප තවමත් ආපසු වැළඳගෙන නැත. ජ්‍යෝතිෂය වැනි මිථ්‍යා අප අපගේ ජීවිතවලට ළං කරගෙන හෝ නැත. අපි තවමත් ආගමික, ජාතික අන්තවාදයන්ට එරෙහිව සටන් කරන්නෙමු. මේ සියල්ලට ම වඩා අප කරන දේශපාලනය අප ගෙදර ඇතුළේ ද සජීවී කරන්නෙමු. අපේ දේශපාලනය ගෙදරට මරගාතේ - ලෝකෙට පරකාසේ එකක් නො වේ.

අපට කරන්නට බැරි දේවල් කරන්නැයි අපි කිසිදා වෙනත් අයගෙන් ඉල්ලා සිටින්නේ නැත. මැරෙන්නට යනවා නම් යන්නේ අප මිස අප ඒ වෙනුවෙන් වෙනත් අයෙකු ඉදිරියට තල්ලු කරන්නේ නැත.

අප අද වන තෙක් කිසිදු ධනේශ්වර දේශපාලකයකු සමග ඩීල් දමාගෙන පෞද්ගලික වරප්‍රසාද ලබාගෙන නැත. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට, ව්‍යාපෘතියකට, දේශපාලනයකට විකිණී නැත. කවුරු මොනවා කීවත්, අප මේ ලියන අකුරක් ගානේ ම, අප කරන සෑම දේශපාලන කාර්යයක් ගානේ ම වැය කරන්නේ කම්කරුවන් ලෙස වැඩ කර උපයා ගත් දහදියයි.

අවලාද ගැසුවා මිස අද වනතෙක් කිසිවෙක් කරුණු සහිතව මේ කිසිවක් බොරු ය කියා ඔප්පු කර නැත.

අපට මඩ ගසන වාමාංශික සූර චෞරයන්ට අභියෝගය තවමත් විවෘත ය. අපි තවමත් විකල්ප ජීවිතයක් ඔස්සේ සමාජවාදය සොයමින් සිටිමු. අපට ඩීල් නැත. ඩීල් දැමූ එවුන්ගේ බොරුව නිරුවත් කිරීමට අප බිය ද නැත.

පහත පළ වන්නේ ජවිපෙ සමාජ මාධ්‍ය වීරයන් සමග සංවාදයකට පසු මේ බ්ලොගයේ දමන ලද නිර්නාමික කමෙන්ටුවකි. මෙවැනි හා මීටත් දරුණු වර්ගයේ කමෙන්ටු මටත්, මගේ දරුවන්ටත් එරෙහිව මෙහි පළ කරන ලදී. එය පළ කරන්නේ මෙවැනි කමෙන්ට් දමන අයට තිබෙන මානසිකත්වයේ තරම ගැන ඔබට තේරුම් කර දෙන්නට ය. කැරැලිවලදී මිනී මැරීමට යවන්නේ මෙවැනි අයයි. ඔබේ දරුවාත් මෙවැන්නෙකු වනවාට ඔබ කැමති ද? අන්තවාදය පිටුදකින්න.

අප මේවාට බිය වන්නේ හෝ අපගේ කටයුතු නවත්වන්නේ හෝ නැති බව කරුණාවෙන් සලකන්න. 




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.