2017-06-03

අලි කතාව මෘදු කාම චිත්‍රපටයක් ද?

ව්ලදිමීර් නබකොව්ගේ ලොලිටා නවකතාවෙන් නිර්මානය කරන ලද චිත්‍රපටයක ජවනිකාවක්. 
මෙන්න මේ සීන් එක හිතින් මවා ගන්න.

ඉස්සර කාලෙක අවුරුදු 14ක, 15ක විතර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි කැලේ ගහක් උඩ පැලක එකට ජීවත් වෙනවා. සෙල්ලම් කරනවා. අලි පැටියකුගෙ පිටේ යනවා.

මේ දෙන්නා ගඟක බැහැලා, පීනලා, දියකෙළි කරමින් නානවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න කොල්ලා ගොඩට එනවා. දැන් ඌ ඉන්නෙ පර්වතයක් උඩ. කෙල්ල තාම වතුරෙ. කෙල්ලට හිතෙනවා තන පට ගලවන්න. ඒකි ඒක ගලවලා ගොඩ ඉන්න කොල්ලට විසි කරනවා. ඊට පස්සෙ ඉණෙන් පහළට ඇඳන් ඉන්න වස්තරේටත් ඒ වැඩේම කරනවා කියන්නකෝ. ඉන්නෙ වතුරෙ නිසා උරහිසෙන් යට හරිය පෙනෙන්නෙ නැහැ. ඒ වුණාට ජෙන්ට්ල්මන් ඔයාට මොනවද හිතුණෙ?

අපි මේ වගේ අවස්ථාවකදී නීත්‍යානුකූලව නම් හිතන්නට ඕනැ මෙහෙමයි. මේ වයස අවුරුදු 16ට අඩු ළමයින් ය. ඔවුන් සමග ඔවුන්ගේ කැමැත්තෙන් ලිංගිකව එක් වූවත්, එය නීතියෙන් දූෂණයක් වේ. ලිංගික ඇසකින් ඒ ළමයින් දෙස බැලීම හා එසේ සිතීම පවා වැරදි ක්‍රියා ය. මෙවැනි ජවනිකාවක් දෙස වගකිවයුතු පුරවැසියන් ලෙස අප බැලිය යුත්තේ උපේක්ෂාවෙනි. එසේ බැලීමට නො හැකි නම්, එතැනින් ඉවත් විය යුතු ය. නැතිනම්, දෑස් වසා ගත යුතු ය.

දැන් අර කොල්ලා මේ වගේ එකෙකි. ඌ කෙල්ලගේ වස්තර දෙක හෝදයි. හෙළුවෙන් ගල් පර්වතය අසලට එන කෙල්ලට කොල්ලා සෝදා වේලා ගත් වස්තර ටික දෙන්නේ කෙල්ල දෙස නො බලා, දිග කෝටුවක අමුණා පසුපසට දිගු කිරීමෙනි.

මුන්ගේ මගුල් විසේ දැක, මුන් ළඟ සිටින අලි පැටියාටත් මදන කුලප්පුව හැදෙනවා නම්, මේ සීන් කොන් දකින හෝ මේ විස්තරේ කියවන ඔබට ලිංගික හැඟීම් ඇති වී නම් පුදුම විය යුතු නැත.

අපේ සීයා එක්දාස් නමසිය විසි ගණන්වල අපේ ආච්චි කැන්දන් එන විට අැයට අවුරුදු 13ක් විතර ය. සිංහල රජ කාලේ නම් 14ක් 15ක් වෙනකොට කොල්ලන් කෙල්ලන් පහ දාන, දහය දාන සෙල්ලංවලට වඩා ලොකු සෙල්ලං දන්නවා ය. සෙල්ලං ද කොල්ලො?

දැන් කාලෙ නම් පුතාලාව කැම්පස් එකටත් එක්කගෙන යන අම්මලා ඉන්නවා ය. ඒ වගේ ම, කොල්ලන් හා කෙල්ලන් ද අම්මලාට හොරෙන් කඩුලු හතමත් පනිනවා ය. 

අනෙක රජ කාලේ කැලේ හිටිය කොල්ලන්, කෙල්ලන්ට මොන බ්‍රෙසියර් ද? උන්ට ඔය තන් එහෙම ඒ කාලේ ලිංගික සංඥා නිකුත් කළ අවයව නො වන්නට ඇත. හේතුව ඒවා කොහොමත් තිබුණේ එළියේ ය. ඒ කාලේ ලිංගික සංඥා නිකුත් කළ අළු ගෝමර, පෙති ගෝමර එහෙම දැන් නම් සමේ රෝග වේ.

දැන් අපි ඉතිහාසය ප්‍රතිනිර්මානය කරනවා නේ කලාත්මකව. එතකොට අප ඇත්තට ම ප්‍රතිනිර්මානය කරන්නේ ඒ ඉතිහාසය ම ද? එහෙම ප්‍රතිනිර්මානය කරන්නට අමාරුයි. හේතුව, අපට ඈත අතීතයට එබිලා බලලා කරුණු රැස් කරන්නට තිබෙන්නේ සීමිත මූලාශ්‍ර ප්‍රමාණයක්. ඉතිහාසය ප්‍රතිනිර්මානය කරනකොට අපේ වර්තමාන දැක්ම, අත්දැකීම් එහෙම ඒ මැදට රිංගන එක වළක්වන්නට හරි අමාරුයි. ඉහළ මට්ටමේ පරිකල්පනයක් නැති නිර්මානකරුවන් බොහෝ විට අතීතය කියලා ප්‍රතිනිර්මානය කරන්නේ අතීතයේ තිබුණා යයි සිතන සළු පිළි ඇඳ ගත් වර්තමානය ම තමයි.

ඉහත මා විස්තර කරපු මෘදු කාමුක දර්ශනය ඇතුළත් වන්නේ සුනිල් ආරියරත්න නම් සාමාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයා (මහාචාර්ය සුනිල් ආරියරත්න නම් විද්වතාත් ඔහු ම තමයි) විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ළමා චිත්‍රපටයක් යයි අලෙවි කෙරෙන අලි කතාව චිත්‍රපටයේයි.

ළමයින්ට තනියෙන් ඇවිත් චිත්‍රපටයක් බලන්නට හැකියාවක් ලංකාවෙ නැහැ. ඒ නිසා චිත්‍රපට බලන්නට ළමයින් එන්නෙ වැඩිහිටියන් එක්ක. එහෙම ඇවිත් චාටර් වෙන වැඩිහිටියන්ටත් යමක් දීම චිත්‍රපට නිෂ්පාදකයන්ගේ යුතුකම. හැබැයි ඉතින් මෘදු කාමුක දර්ශන ඇතුළත් කිරීම කොයි තරම් ආචාර ධාර්මික ද කියන එක ගැන අපි කතා කරන්නට ඕනැ.

මේ ජවනිකාවේ අර ගැහැණු ළමයාගේ නිරුවත් සිරුර ප්‍රදර්ශනය නො කරන නිසා එය අසභ්‍ය ජවනිකාවක් නො වේ ය කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. හැබැයි, මෙතන අවුස්සන්නේ සාමාන්‍ය කාමුක හැඟීමක් නොවෙයි, පීඩෆිලියා හෙවත් ළමාකාමුකත්වය නම් වන වර්තමාන සමාජය විසින් අපරාධයක් ලෙස සලකන ලිංගික හැඟීම ය කියලාත් තර්ක කරන්නට පුළුවන්.

කොහොමත්, ළමා චිත්‍රපටයක් විසින් ළමයින් තුළ ඇති කරනු ලබන ආකල්ප පද්ධතිය මොකක් ද කියන එක වැදගත්. වර්තමාන ලංකාවේ අලියා පිළිබඳ සංවාදයක් තිබෙනවා. ඒකෙදි මේ චිත්‍රපටයේ පණිවුඩය මගින් ළමයින් තුළ සොබාදහමේ වස්තු ගෙදර ගෙනැවිත් පෞද්ගලිකව සන්තක කර ගැනීම නිවැරදි ය කියන ආකල්පයයි ඇති කරන්නේ.

චිත්‍රපටකරුවා කැලෑ ළමයාව රජ මාළිගාවට ගන්නවා. ඒක අවුලක් නැහැ. සුරංගනා කතාවල එහෙම දේවල් වෙනවා. හැබැයි, කැලේ ඉන්න අලියාවත් රජ මාළිගාවෙ ඇත් ගාලට බඳවා ගන්නවා. 

සාමාන්‍ය සිංහල බෞද්ධ මතවාදයත්, බුදුන්ගේ මුල් බුදු දහමත් අතර තිබෙන ගැටුම සංකේතවත් වන එක් තැනක් මෙතන. පා සතර ම විලංගු ලා, මුළු ජීවිත කාලය ම සිරගතව හෝ දළදා කරඬුව පිටේ තියාගෙන යන්නට ලැබෙන එක ලොකු පිනක් කියලායි සිංහල බෞද්ධ විඥානයේ තියෙන්නේ.

රජ්ජුරුවන්ගෙ මඟුල් ඇතා මංගල කාරණාවක් වන්නේ රජ්ජුරුවන්ට මිසක් ඇතාට නෙමෙයි කියන යථාවබෝධය හරහා සොබාදහම සමග සහජීවනය මිස සොබා දහම කෑදර ලෙස අත්පත් කර ගැනීම ජීවිතාපේක්ෂාවක් නො විය යුතු බව ළමයින්ට කියා දීම අත්‍යවශ්‍ය යුගයක සුනිල් ආරියරත්න ඒකට විරුද්ධ පැත්තෙ හිට ගන්නවා.

සුනිල් ආරියරත්නලා, නන්දා මාලිනීලා කියන්නේ පරම්පරාවක් ගඟේ යවපු අය. ඒගොල්ලන් ඒක තවම නවත්තලා නැහැ. විකුණන්න පුළුවන් නම් ඕනැ පුකක්.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

19 comments:

  1. සෝමරත්න කාරයගෙත් හැම ළමා චිත්‍රපටයකම පොඩි කොල්ලො පුක පෙන්නන සීන් එකක් අනිවාර්යයෙන් තියනවා.මුන්ගෙ ලිංගික අසහනය සපුරගන්ඩ තමයි මුන් ෆිල්ම් හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන ශරීර කොටස ගැන් බ්ලොග් පෝස්ට් ගනන් ලියපු අයට කොච්චර අසහනයක් තියෙන්න ඇත්ද?

      Delete
    2. 18+ අයගෙ ඒ තැන් ගැන මොනවා ලියා ගත්තත්, බලා ගත්තත් ඒක නීතිමය හා සදාචාරමය වශයෙන් අවුලක් නැහැ.

      හැබැයි, වර්තමාන ලෝකය පීඩෆීලියා කියන මානසිකත්වය සමාජ අපරාධයක් ලෙස සලකනවා. කවුරුවත් ඒ තත්වය විවෘතව අභියෝගයට ලක් කරන්නට ඉදිරිපත් වෙන්නෙ නැති තරමට ඒ ගැන ප්‍රබල සමාජ මතයක් තියෙනවා.

      Delete
  2. පැරා,

    බුදුදහම තරම් මිනිස් මනස ගැන ඉගැන්වෙන වෙන විද්‍යාවක් නැති තරම්, ඔබට හැකිනම් විනය පිටකයේ පාරාජිකා පාලියේ සිට කියවා බලන්න, මෙහිදී මිනිසුන් ලෝකයේ සිදුකරන හැම ලිංගික ක්‍රියාවක් ගැනම සාකච්චා වෙනවා, ඔබට පුලුවන්නම් කියන්න "වසර 2500 කට පෙර තිබුන අහවල් ලිංගික ක්‍රියාව දැන් සිදුවෙන්නේ නෑ කියල" නැත්නම් දැන් විනය පිටකයේ අන්තර්ගත නොවූ අහවල් ලිංගික ක්‍රියාව තියනවා කියල කියන්න පුළුවන් නම් මම අබියෝග කරනවා ඔබට බෑ එහෙම අලුත් එකක් සොයන්න.

    මෙහිදී මිනිස් මනස ක්‍රියාකරන නවීන මනෝ විද්යන්යයන්ටත් හෝචර නොවී තියන මානසික ක්‍රියාවලියන් ගැන දීර්ග ලෙස පැහැදිලි වෙනවා, හැබැයි මේවා ඔබත් මමත් දන්නා සංස්කෘතික බුදුදහමට වඩා ඉතා වෙනස්, බැරි වෙලාවත් ඔබ මේ කරුණු පන්සලක උසාසක උපාසිකාවන් ඉදිරියේ සදහන් කලොත් ඔබට ගුටි නොකා එන්න ලැබුනොත් පුදුමයි.

    මනුස්ෂයා කාමයන්ගෙන් ඈත් වීමට උත්සහ කරන විට මිනිස් මනස ක්‍රියාකරන අසාමාන්‍ය විදිය ගැනත් අපුරු විග්‍රහ මෙහිදී සදහන් වෙනවා. ඒවගේම කාමයන් යටපත් කිරිම සහ කෙලෙස් නැතිකිරීම ගැන අපුරු විස්තරයක් සදහන් වෙනවා, මෙව ගැන මිනිසුන් ගේ නොදැනුවත් බව කොතෙක් ද කියල හිතන්න පුළුවන් මිනිසුන් අද අහවලා රහත්වෙලා කියල පසුපස දුවන දිවිල්ල දැක්කම.

    ReplyDelete
    Replies
    1. ගොන්බිජ්ජෝ, පල මෙතන බොරු නොකිය. ඔය කියන විදිහහට ඩොගී ස්ටයිල්, රිවර්ස් කව්ගර්ල්, මිෂනරි පොසිෂන් වගේ ඒවා ගැනත් පරාජිකා පාලියේ කියලා තියෙනවද?

      තව එතකොට බුකාකේ, රිමින්, පර්ල් නෙක්ලස්, ක්‍රීම්පයි, ෆ්රොටේජ් ගැන එහෙමත් කියලා ඇති නේ?

      Delete
    2. ඉස්සල්ල කියවල බලපන් හරකෝ, මෙතන ගොම දාන්නේ නැතුව.

      Delete
  3. හැම කලා නිර්මාණයක්ම නිර්මාණකරුගෙ මොකක් හෝ අසහයනක් පිට කරන්න කරන දෙයක් තමයි කියල මට නම් හිතෙන්න. (කලා නිර්මාණ කියල අදහස් කරේ කලා "නිෂ්පාදන" නෙවෙයි ) ඒත් ඉතින් ඒකට ළමයි අල්ලගන්න එක වැරදියි. ද රීඩර් චිත්‍රපටියේ නිරුවත් ජවනිකාව කරන්න අනිත් මුලු චිත්‍රපටියම කරල ඉවරවෙලා ඩේඩිඩ් ක්‍රොස්ට 18 පනිනකන් අධ්‍යක්ෂකවරයා බලන් හිටිය කියල මන් අහල තියෙනවා. හැබැයි ඒ නිරුවත පිළිබද ලංකාව වගේ රටකට වඩා ඉතා විවෘත ආකල්පයක්, සවිඥානික සංවාදයක් තියෙන රටක.

    ReplyDelete
    Replies
    1. හැම කලා නිර්මාණයක්ම නිර්මාණකරුගෙ මොකක් හෝ අසහයනක් පිට කරන්න කරන දෙයක් තමයි කියල මට නම් හිතෙන්න// පැහැදිලිවම පේන සත්‍යයක්. අසහනකාරයන්ට ලමයි බිලිවෙන එක කනගාටුදායකයි. කලාවෙ නාමයෙන් අසහනය පිටකරනවා. මේ නිසා උන්ට ප්‍රශංසා. ගමේ ගොඩේ එකා කලාව දන්නෙ නෑනෙ ඌ අසහනේ පිටකරන්න ගිහින් ගුටිකනව

      Delete
  4. 88-89දි සුනිල්-මාලිනිල රසකර ලණු කවපු තරුන තරුණයන් දහස් ගනනක් බෙල්ල නැතිව ගංගාවල පාවුනා අපට මතකයි. අද අලිකතා වල කුඩා දරුවන් හෙළුවෙන් පාකරල මේ ජෝඩුව ගන්නෙ එදා ආතල්ම තමයි.
    පැරා, සුනිල්ගෙ සමස්ත ප්‍ර‍කාශණ වල මේන් පොයින්ට් එක ළමාකාමුකත්වය නොව පරපීඩික කාමුකත්වයයි(BDSM).උදාහරණයක් ලෙස ක්‍රිස්තුචරිතය.

    ඉදිරියට පවන රළු විය හැක.

    ReplyDelete
  5. මම නම් සුනිල් ආරියරත්න(යන්ගේ) චිත්‍රපටි බැලීම නවත්තලා බොහොම කල්. එයාගේ චිත්‍රපටි දෙක තුනක් හරි බලන්න වුනෙත් මට වුවමනා නිසා නෙවෙයි. “නොවැලක්විය හැකි හේතු” නිසයි. මේ යෝදයා චිත්‍රපටි 20කට වඩා කරලත් තවම තේරුම් අරගෙන නැහැ චිත්‍රපට අධ්‍යක්ෂණය තමන්ගේ වපසරියේ කොටසක් නොවන බව. මහාචාර්ය සුනිල් ආරියරත්න(යන්) රන්ජන් රාමනායකගේ තත්වයටත් වඩා පහලට වැටුනේ මේ නොදන්නා මගුල් කරන්න ගිහින්.

    ඉස්සරනම් අඩුම තරමේ ගීත රචකයෙක් වශයෙන්වත් සුනිල් ආරියරත්න(යන්) ට ගරු කළා. ඒත් දැන් ඒවත් දෙකේ පන්තියට වැටිලා. (අවාසනාවට රෝහණ වීරසිංහත් දැන් ඒ ගොඩේම තමා. මෙලෝ රහක් ඇති මෙලඩියක් මෑතකදී අහන්න බැරි වුණා.)

    සුනිල් ආරියරත්නලා, නන්දා මාලිනීලා කියන්නේ පරම්පරාවක් ගඟේ යවපු අය කියන එකනම් වෙනම පෝස්ට් එකකින් කතා කරන්න ඕනෑ එකක්.

    මේ තියෙන්නේ මම සුනිල් ආරියරත්න(යන්ගේ) කුස පබා බලලා ලියපු බ්ලොග් පෝස්ට් එකක්.
    https://wanni.wordpress.com/2012/02/20/kusa-paba-ashoka-and-troy/

    ReplyDelete
    Replies
    1. උන් දෙන්න සමාජ දූශකයො දෙන්නෙක්.

      Delete
  6. විස්කිරිඤ්ඤාවේ උනත් දෙපැත්තෙ සීනි ඩිංගක් ගාන්නෙ පැණි රහක් යංතං හරි තිවුනෙ නැත්තං වෙළඳාම අඩුවෙන හිංදා. ලංකාවේ ළමා චිත්‍රපටි කියන්නේ ළමයි රංචුවක් රඟපාන චිත්‍රපටි. හැබැයි ඔය චිත්‍රපටි බලන්න අවුරුදු දහතුනට වැඩි ළමයි, ඒ කියන්නේ යොවුන් වියට පත්වුනු ළමයිත් ගෙන්වා ගන්න කරන උප්පරවැට්ටියක් හැටියටයි මම නං මේ දේ දකින්නෙ.

    ReplyDelete
  7. පැරා,
    1.පුරා විද්‍යා සාක්ෂි නොමැති බැවින් බුදුන් ලංකාවට පැමිණි බව පිලිගැනීමට නොහැකි බව ප්‍රසිද්ධියේ පිලිගැනීමට නොහැකි සුනිල් ආරියරත්න මොන උගතෙක්ද බං..?

    2. සුනිල් ආරියරත්නගේ හොඳම චිත්‍රපටිය ලෙස මට නම් හොඳ 1981දී තිරගත වූ 'කෝලංකාරයෝ'චිත්‍රපටිය යි.

    -CP

    ReplyDelete
  8. සුනිල් ආරියරත්නලා, නන්දා මාලිනීලා කියන්නේ පරම්පරාවක් ගඟේ යවපු අය ////// true

    ReplyDelete
    Replies
    1. භිනෝන්මාදය යනු Linguistic නොහොත් භාෂාමය අක්‍රමතාවයකි.

      Delete
  9. මම නම් සුනිල් ආරියරත්නගේ චිත්‍රපටි බලලා නෑ.මම හිතන් හිටියේ මෙයා ගීත රචකයෙක් විතරයි කියලා.
    මේ film එක ලමා චිත්‍රපටියක් කියලා කීවට කොහොමද ලමයෙක් එක්ක ගිහින් මේකබලන්නේ.eng.film හොදයිනේ තව...

    ReplyDelete
  10. ව්යාග්රවංසJune 3, 2017 at 9:49 PM

    සෝමරත්නල ,ජැක්සන්ල, ආරියරත්නල ,ජයන්තල තම සිනමාවේ කුඩා දරුවන් ‍හෙළුවෙන් තිබ්බට පව් නෑ අපෙ හාදුරුන්නෙ.
    හඳගමල ,ප්‍ර‍සන්නල,විමුක්තිල එහෙම කලොත්, අපිට අපේ කම ඉස්මොලේ ගිහින් ලේ රත්වෙලා අපි අපේ වහල්ලු දම්මලා කෙලවනව අපෙ හාදුරුන්නෙ

    ReplyDelete
  11. සුනිල් ආරියරත්න මයිල් කෙලින් වෙන සින්දු ලීවට, චිත්‍රපටි කරුවෙක් වශයෙන් අන්තිම අසාර්ථකයි කියලයි මට හිතෙන්නේ. ඔහු හැදු එකම චිරපටකවත් වාණිජ අතින්වත් සාර්ථක වූ බවක් පෙනෙන්න නෑ.

    නමුත් ප්‍රේමය පිලිබඳව ඔහු ලියු ඉතාමත් හද බඳිනා ගීතයන් හා සිංහල ගීතයේ විවිධ ඉසවු පිලිබඳ ඔහු කල පයේෂණ ග්‍රන්ථ මගින් ඔහු සම්භාවනාවට පාත්‍ර වියයුතු බුද්ධිමතෙකු බව මගේ හැගීමයි.

    එනිසා ඔහු දන්නා දෙයක් කරගෙන එමගින් ජනතාවට ආනන්දයත්, ප්‍රඥාවත් ලබාදෙමින් ගෞරවාදරයට පත්වෙනවා හැර නොදන්නා මගුල් කරන්න ගිහින් මොන එහෙකට ඇනගන්නවාද කියල හිතාගන්න බෑ.

    සංගීත කරුවෙක් විධියට රෝහණ වීරසිංහ දැන් එක්ස්පයර් වෙලා ඉවරයි. ඒ යකාගේ මෙලඩීස් මුල් කාලයේ ඒවාට සාපේක්‍ෂව දැන් අන්තිම අජුවයි.

    මහින්දයගෙ අසුචි වලට බැහැපු හැම දක්ෂ කලාකරුවෙකුටම ඒ සැන්තාසියමයි සිද්ධ වුනේ. ජැක්සනුත් ඉන්නේ ඒ ගොඩේ.

    ReplyDelete
  12. ඔය වගේ දර්ශන බ්ලූ ලැගූන් චිත්‍රපට යේ තිබුණා නේද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.