2017-07-23

ඔබටත් මෙවැනි අමාරුවක් තිබෙනවා ද?

මළ මුත්‍ර ගලන කාණු ළඟ චිත්‍රපටයක් බලන්න වේලෙන මී බෙටි 
‘28' චිත්‍රපටය බලන්න ගියපු එකේ රස කතාවක් තියෙනවා. මේ චිත්‍රපටයෙ ට්‍රේලරය දුටුවාට පසුව එය බලන්නටත්, ඒ ගැන ලියන්නටත් ආසාවක් ඇති වුණා. ඒ නිසා චිත්‍රපටය පෙන්නන්නට පටන් ගත්ත මුල් සතියෙ ම මා ගියා එය බලන්නට.

මගේ කොළඹ ගමනාගමනයේදි ඇත්තට ම බස් එක මට ආශිර්වාදයක් වෙලා තියෙනවා. හැමදාම උදේට, හවසට පැය එකහමාරක් දෙකක් ජංගම දුරකථනය භාවිතා කරමින් කියවන්නට අවස්ථාවක් ලැබෙන එක ලොකු දෙයක්. කෝච්චියේ යන එන එක ඉක්මන් වුණත්, සමහර වෙලාවට හිටගෙනවත් ඉන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ.

මම වැඩට යන්නෙ, එන්නෙ ට්‍රැෆික් මගහැරලා. ඒ නිසා 28 බලන්න මා මුලින් ම ගියේ මොරටුවේ එමෙස් චිත්‍රපට ශාලාවට. තුනයි කාලට වැඩ ඇරිලා, පානදුර බසයක එතනට යනකොට වෙලාව ළං වෙලා. ඒ නිසා රුපියල් පනහක් දුර ත්‍රිරෝද රථයකිනුත් ගියා.

ශාලාවට යනකොට මා විතරයි. ටිකක් වෙලා බලන්න ය කියපු නිසා මා පැය භාගයක් බලා සිටියෙ බාගෙවිට කාමරේකට යන්නට සල්ලි නැති ජෝඩු දෙක තුනක්වත් ආවොත් කියලායි. කවුරුවත් ආවෙ නැහැ. මං කඩේකින් මාළු පාන් එකක් කාලා, නෙස්කැෆේ එකකුත් බීලා කෝච්චියේ නැග්ගා.
පානදුර බස් එකේ යද්දි ටිකක් මහන්සි වෙලා ගත්ත පිංතූරයක්. අපේ ජීවිතවල කතාව තමයි මේ. 

මා දැන් නාට්‍ය බැලීම සම්පූර්ණයෙන් ම නවත්වලායි තියෙන්නේ. ඒකට හේතුව, අපේ නගරයේ නාට්‍ය සංවිධානය කරන කල්ලි, කණ්ඩායම්වල තියෙන පහත් ලක්ෂණ. ඒ වගේ ම නාට්‍ය රසිකයන් කියන්නේත් ඔය ඇඟේ ගහපු ටිකට් නිසා එකතු වෙන පිරිසක්. හෝල්වල දාඩිය පෙරාගෙන, අතපල්ලෙන් වැටි වැටී නාට්‍ය බලනවාට වඩා හොඳයි ගෙදර ඉන්න එක.

චිත්‍රපට බැලීමේ වුණත් වෙනසක් නැහැ. මූලික ප්‍රශ්නය අවමන් සහගතබවයි. මා අදහස් කරන දෙයට ඉංග්‍රීසියෙන් කියන්නෙ humiliation කියායි.

පසුගිය සිකුරාදා මා ‘28' බලන්නට කොළඹ රීගල් ශාලාවට ගියා. පත්තරේ තිබුණු චිත්‍රපටය පෙන්වන වේලාව සවස හතර වුණාට එතනට ගිය විට කිව්වේ චිත්‍රපටය පෙන්වන්නේ 4.30ට බවයි. ඒ ආසන්න වෙලාවක් වෙනකල් චිත්‍රපටය බලන්නට ආ පිරිසට එළියේ හිටගෙන ඉන්න ය කියලා ආරක්ෂක නිලධාරියා කිව්වා. ඉස්සර වගේ නෙමෙයි, දැන් චිත්‍රපටයක් බලන්නට ඔය වගේ පේමන්ට් උඩ අව්වෙ වේලි වේලී ඉන්න එක ලැජ්ජා හිතෙන වැඩක්. කෝච්චිවල යන රජයේ සේවක නෝනලා නම් හිතනවා ඇත්තෙ ඒ වගේ අය පිස්සන් ය කියලායි. මහ ලේකම් කාර්යාල දුම්රියපොළට යන හඳුනන කෙනෙකු දකීවි කියන බියට මා ඒ පෝලිමේ නො සිට දුම්රියපොළ අසල තිබුණු කඩයකට ගිහින් කාලෙත් එක්ක රෝලක් කාලා කිරි තේ එකක් බිව්වා. ආපහු එනකොටත් දොර වහලා.

රීගල් කියන්නෙ ඇතුළේ ඕනැ තරම් ඉඩ තියෙන ශාලාවක්. චිත්‍රපටයක් බලන්නට එන නරඹන්නන්ට මිනිසුන් ලෙස ඇතුළේ රැඳී ඉන්නට ඉඩක් දෙන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ වුණාට මේ චිත්‍රපට හෝල්වල සේවකයන් හිතාගෙන ඉන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශාලා හවුස්ෆුල් වුණ 1970 දශකයේ කියලායි. පව්! මෝඩ මිනිස්සු! තව කී දවස ද ඔය රස්සාවල් තියෙන්නෙ?

පෝලිමේ යනකොටයි දැන ගත්තෙ ඕ.ඩී.සී. ටිකට් එකක් රු. 400ක් බව. මගෙ අතේ තිබුණෙ රු. 500යි. දැන් ටිකට් නිකුත් කරන්නෙ පරිගණකෙන් නිසා සමහර විට මට ඩෙබිට් කාඩ් එකෙන් මුදල් ගෙවන්නට හැකියාව තියෙන්නත් ඇති.

කොහොමින් කොහොම හරි චිත්‍රපටය බැලුවා. විවේක කාලයේදී අන්තර්ජාලයෙන් දුම්රිය කාලසටහන බැලුවා. දුම්රියක් තියෙනවා සවස 6.18ට මහලේකම් කාර්යාලයෙන් අලුත්ගමට. චිත්‍රපටය ඉවර වෙනකොට 6.16යි. නාමාවලිය නො බලා එළියට පැන්නා. ගිනිකසය වගේ දුම්රියපොළට යනකොට හරියට වෙලාවට කෝච්චිය එනවා. නැග්ගා. හිටගෙන වුණත්, අතපය අවලංගු වෙන තරම් සෙනගක් නො සිටි නිසා ජංගම දුරකථනෙන් පසුගිය ටිකේ සතියක් දෙකක් මගහැරුණු සිංහල වෙබ් අඩවි දෙකක් කියෙව්වා. එකක්, විද්‍යාව ගැන ලිපි පළ වෙන thathu.com අඩවිය. අනෙක, bavaweb බ්ලොග් අඩවිය. මේ දෙක ම ගැන මට කියන්නට තියෙන්නේ ඒවායේ මේ වන විට තියෙන්නේ බරපතල පිරිහීමක් බවයි. තතු වෙබ් අඩවිය කරන අය අඩු ගානේ පළ කරන ඇතැම් ලිපියක සෝදුපත් හෝ හරියට කියවන බවක් පෙනෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඒ ලේඛන කියවන්නකු වෙනුවෙන් ලියනවාට වඩා මොකක් හෝ චර්යාවකට ලියන බව පෙනෙනවා. බව වෙබ් අඩවිය ගැන නම් මා මොකුත් කියන්නෙ නැහැ. ඒවායේ ඉන්නෙ ගොඩාක් දන්න කට්ටිය නිසා අප වැනි අයගේ අදහස් ඔවුන්ට වැදගත් නැහැ.

කෝච්චියෙන් බැහැලා, බස් එකෙන් ගිහින්, ඉතිරි රුපියල් 20න් රටකජු මුලකුත් කකා මා පයින් ගියේ එතන ඉඳන් ඉතුරු ටික යන මෝටර් සයිකලය අරගන්න. මා යනකොට එය දමා එන මගේ මල්ලීගේ ගෙදර ගේට්ටු වහලා, ඉබ්බන් දාලා විතරක් නෙමෙයි, එකෙකුවත් ජංගම දුරකථනයට උත්තර දෙන්නෙත් නැහැ. පසුව තමයි දැනගත්තෙ ඒ කට්ටිය ම ජිම් ගිහින්. හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදට පේනවා වගේ, හතරදෙනාගෙන් එක්කෙනෙකුවත් දැකලා නැහැ මගේ මෝටර් සයිකලය අරගෙන ගිහින් නැති බව.

ආපහු කාල් ගාපි ටවුමට ත්‍රිරෝද රථයක් ගන්න. මං ගාව තිබුණෙ මාරු කාසි කීපයක් විතරයි. පයින් යන්නත් බැරි තරම් දුරයි. මහන්සියි. වෙලාව 8.30යි. සවස 7.00ට වැඩ අවසන් වෙලා 7.30ට විතර ටවුමට එන මගේ බිරියව වෙනදා ගෙදර එක්කගෙන යන්නෙ මායි. එදා ඇයත් ගියේ ත්‍රිරෝද රියක. අපේ ගෙවල් පාරේ පොදු ප්‍රවාහනය ඒ වෙනකොට අවසන්.

ත්‍රිරෝද රථයක් හොයාගෙන එන ගමන් බිරියට දුරකථනයෙන් කතා කරලා කිව්වා මා එන විට රු. 150ක් ලෑස්ති කරලා තියන්න ය කියලා. එයා කියපි, “සල්ලි නැහැනෙ. මං මේ ඔයාට කියන්න හිටියෙ එනකොට බැංකුවෙන් කීයක් හරි ගේන්න ය කියලා."

මතුගම සම්පත් බැංකුව තියෙන්නෙ ඔවිටිගල හරියෙ.

කතාවෙ ඉතුරු ටිකත් ඔය වගේ ම නීරසයි. මට අහන්න තියෙන ප්‍රශ්නෙ මේකයි.

මේ වෙනකොට මා ‘28' බැලීම වෙනුවෙන් කාලය හා ශ්‍රමය හැර රු. 800ක් වැය කර තියෙනවා. චිත්‍රපටයෙන් වින්ද රසයත්, එය නිසා අත්දකින අවමන් සහගත හැඟීමත් තුලනය කර බැලූ විට මෙවැනි මෝඩකම් නැවත කළ යුතු නැතැයි මට සිතෙනවා.

එච්චර කට්ටක් කාලා, චිත්‍රපටයක් බලලා, ඒ ගැන අදහසක් ලියා බෙදා හදා ගන්නට ඔබටත් මට වගේ ගුද මාර්ගයේ අසහනයක් තිබෙනවා ද? මා හිතන්නෙ ප්‍රසන්න ජයකොඩි අමාරුවෙන් සොයාගෙන ආසාවෙන් චිත්‍රපටයේ දවටන කාලකණ්ණිකමට වඩා කාලකණ්ණිකම් අපේ දෙපාවල පැටලෙමින් තියෙනවා.

කියවන්න: ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැන උගන්නපු නැති පාඩම: 28


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. 1980 දශකයේ ටෙක්නිකල් එකක ඉගෙන ගන්න කාලෙ තමයි මේ අමාරුව නිසා මා මුලින් ම සෑහෙන කට්ටක් කෑවෙ. මේ වගේ ම සිකුරාදා දවසක මං ගියා ලයනල් වෙන්ඩ්ට් එකට පුන්තිලා බලන්න. ඒ කාලෙ සාමාන්‍ය නාට්‍ය ටිකට් එකක් රු. 15යි. පුන්තිලා නාට්‍යය හෝල් එක පුරාම පෙන්නුවා. ඒ නිසා ආසන සැකසුම වෙනස්. ටිකට් එකක් රු. 25යි. අතේ තිබුණෙ එච්චරයි. ඒකෙන් පුන්තිලා බැලුවා.

    කරගම්පිටියෙ තිබුණ කාමරේට ගියේ ඉබ්බට. රෑට ප්ලේන්ටියක් බිව්වා. උදේ සල්ලි ඉල්ල ගන්න කවුරුවත් නැහැ. බඩගින්නෙම පයින් දෙහිවලට ඇවිත් කෝච්චියක නැග්ගා ඉබ්බට යන්න.

    මොරටුවෙදි ටික්කන් පැනලා අල්ලගෙන ගිහින් කාමරේකට දාලා හිර කර ගත්තා. පැය ගානකට පසුව උසාවි දාන එකෙන් ගැලවුණේ හැඳුනුම්පත් දෙකම දීලායි.

    එතන ඉඳලා ආයෙත් කෝච්චියෙන් හොරෙන් ගිහින්, බස් එකෙන් ආයෙත් හොරෙන් ගිහින්, ගෙවල් පාරෙ බස් එකේදි නම් යාළුවෙකු හම්බ වෙලා ඌ ලවා ටිකට් එකක් අරගෙන ගෙදර ගියා.

    එතකොට වෙලාව කීයද දන්නවා ද? හවස පහමාරයි. අපි නාට්ටි කලාව වෙනුවෙන් එච්චර කැප කිරීම් කරපු මිනිස්සු හලෝ කවුරුවත් පිළිගත්තෙ නැතුවාට.

    ReplyDelete
  2. ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටුණු එකට මාරම හේතු කියනවනේ. නිර්මාණාත්මක පිරිහීම, විවෘත ආර්ථිකය, රූපවාහිණී අතික්‍ර‍මණය අනන් මනන්. මටනම් හිතෙන්නේ ගෙස්ට් හවුස් වල ව්‍යාප්තිය.

    ReplyDelete
  3. සිනමා ශාලාවකට යාම මන් නැවැත්තුවේ අවුරුදු 25 කට විතර ඉස්සර .රස්තියාදු වෙලා බලන්න තරම් හොඳ චිත්තරපටියක් හදපු දාට බලන්න යනවා
    අන්තර් ජාලයේ ඉස්තරම් චිත්තරපටි තියෙද්දී මොනවටද වද විඳලා චිත්තරපටි බලන්නේ .downfall වගේ ඉස්තරම් චිත්තරපටියක් හදන්න අපේ මිනිස්සුන්ට තවත් අවුරුදු 100 ක් වත් යයි.ඒ වගේ එකක හදපු දාට හෝල් එකකට ගිහින් බලනවා

    ReplyDelete
  4. කොළඹ නාට්‍ය බැලිල්ල එපා උනා පුංචි තියටර් එකේ නාට්‍යක් බලලා. පුටු තියලා තියෙන්නේ ඉස්සරහා පුටුවී දනිස් හිරවෙන ගානට. හදිස්සියකදී නැගිටලා යන්න උනොත් අබ සරණයි!

    ReplyDelete
  5. sri lankan film industry should be renovated with peoples requirements . all standalone cinemas will be wiped out in next 15 years . all cinemas who can t convert to digital / 2k projections will bite the dust soon . para will not face these trouble for much long . go to a multiplex next time .

    ReplyDelete
  6. මේකේ තවත් පැත්තක් තියෙනවා. පොදුවේ ගත්තම මිනිස්සුන්ගේ ශික්ෂණයක් නැතිකම නිසා ඔවුන්ව සත්තු ගාල් කරනවා වගේ හසුරුවන්න වෙලා තියෙනවා. බහුතරයක් දන්නේ නැහැ අනුන්ට හිරිහැරයක් නොවී තමන්ගේ හැසිරීම් පවත්වා ගන්න. ඒ නිසා ශික්ෂණයක් සහිත මිනිස්සුන්ටත් පොදු අවකාශවලදී අවමන් සහගත සැලකීම්වලට ලක්වෙන්න සිදු වෙනවා.

    ReplyDelete
  7. මම දැන් ආයෙත් ෆිල්ම් බලන්නේ ගෙදරට හොරෙන්..

    හේතුව උඹට කියන්න ඕන නෑ නේ... පවුලම එක්ක සෝ එකක් බලන්න ආර්ථික ශක්තියක් නෑ... ගිලිටි නිසා ගෙදර එනකොට මක්කා හරි උස්සගෙන් එනවා..

    රටකජු.... මට ආයෙත් වැලිවල බදින් රටකජු කන්න චෑන්ස් එකක් ලැබුනා... හැමදාම හව්සට සුපියල් 20 ක රටකජු ගන්නවා.. පොතු බෑග් එකේම දාලා පාරේ ඉන්න කෙයාර්ක්ලීන් පොරකගේ වාහනේට දානවා.. සමහර වෙලාවට බස් එකෙ සෙට් වෙන එකාටත් ටිකක් දෙනවා.. ඊට පස්සේ දෙන්නා එක්ක ආන්ඩුවට බනිනවා..

    ReplyDelete
  8. අතේ සල්ලි හිඳෙනකල්ම හිටියෙ පැරා ඩෙබිට් කාඩ් එකෙන් කීයක්‍හරි අරන් එන්න තිබ්බනෙ. මාරශුවර් ගමනාගමනෙ

    ReplyDelete
  9. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන ඉඳලා අවශ්‍ය චිත්‍රපටි ඕනෑ තරම් බලන්නට පහසුකම් ලඟදී ඒවි. මාසෙකට රුපියල් දාහකට දෙදාහකට!

    ReplyDelete
    Replies
    1. මෙහෙ පියෝ ටීවී වල ඒ පහසුකම යම්තාක් දුරකට දැන් තියෙනවා.

      Delete
  10. අවමන් සහගත සැලකීම මමත් ඕක විඳලා තිබුනා ඒ ගැන කල්පනා කරලා තිබුනා ඒගැන ටිකක් හරි මතුවුන එකම පෝස්ට් එක මේක වෙන්න ඕන මේ බ්ලොග් අවකාශේ. අපේ එවුන් තාම ගෝත්‍රිකයි කියලා මට හිතෙනවා ඒ වගේ වෙලාවට. ඒ ගැන සංවාදයක් ඇතිකරන්න පුලුවන් පෝස්ට් එකක් කවුරු හරි දානවනම් හොඳයි අත්දැකීම් ටිකක් බෙදාගන්න.

    ReplyDelete
  11. ඔබේ ඇති චිත්‍රපටි උනන්දුව ගැන සන්තෝෂ වෙමි 28 බැලිය යුතුයැයි මගේ මනසේද තිබුණි. එහෙත් දැන් ඔබගේ විචාරය අනුව ඒ පිලිබඳ නැවත වරක් සිතා බැලිය යුතුය. මා සැමදාම ඔබමෙන් දුම්රියෙන් ගොස් ත්‍රීවිලයෙන් ගෙදර යයි. ඇතැම් විට ත්‍රීවිලයට සල්ලි දෙන්නේ අම්මාය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. Replies

      Trans SylvaniaJuly 23, 2017 at 3:13 PM
      විචා තුමා හිටියා නම් ඔහු ඉතා සතුටු වෙනවා. මම ලක්‍ෂයේ කඩයිම පැන්වූ විට ඔහු ඉතා සතුටුවි මාව දිරිමත් කරා. කල්‍යාණ මිත්‍රයෙක් තමයි අපට අහිමි වූයේ.


      AnonymousJuly 23, 2017 at 11:53 PM
      විචරක මිනිමරුවෙක් තමන් විසින්ම කළා කියලා ලියපු මිනි මරුවෙක්

      කියවලා මේක මකන්න දොස්තර නැතිනම් හිතට ආතතිය හැදෙයි ඔයාට විචාරකට වගේ


      දේශක යාJuly 24, 2017 at 12:30 AM
      ඇනෝ තුමා.. මිත්‍රයා සහෘදයා.. පොඩි උපදෙසක් ඔබට දෙන්නං.. විචාරක දියණීය තාම මේ බ්ලොග් වලට ආගන්තුකයි වගේම මෙහි හැසීරිම පිළීබඳවත් ඔබලා වැනි අය ගැනවත් ඇයට දැඩි හැගීමක් නැහැ. කෙනෙකු පාරවා සතුටක් ලබන්න ඔබ දරණ උත්සාහය අසාර්ථකයි කියල ඔබට දැනේවි විචාරක දියණිය ඔබ වගේම මෙතන නිසි අයුරින් ස්ථානගත වෙච්චි දවසක.. එතෙක් ඔබට ඉක්මන් සුවය...


      AnonymousJuly 24, 2017 at 1:19 AM
      ඇත්ත කථා කරනකොට දේශක තුමාටත් බොක්කට වදිනවා නේද

      ඒ වගේම තමයි 88/89 සිටි අහිංසකයන් මිතුරන්/ඥ්තීන් දේශපාන සිරකරුවන්කියලා, වැඩ ඇරිලා රේල්පාර දිගේ ගෙදර යද්දී මරලා ,පසුවදාට මරලා දාලා ඉන්නවා දැක්කහම උන්ගේ දෙමව්පියන්ට තවමත් දැනෙන වේදනාව? මුන්ටත් දැනෙන්න ඕනේ!!! තව මැරුවයි කියලා පම්පොරිත් ගහගෙන නිවන් යන්න හදන එවුන් තමයි මේ

      අප්පාගේ දුව උඹලා රැජිනක් කර ගත්තට අපිට අවුලක් නැ සම්මාන පිට සම්මාන දීලා හරි එයා මිනි මරලා පුස් පාට් දැම්මේ නැනේ .අපතයෝ මොනවකිවත් සැලෙන්න එපා කියලා පුද්ගලික ඊ මේල් යවපන් එයාට එතකොට එයා ලියයි උම්බලට ගැලපෙන දේ

      දැන් කියපන් කොන්දක් ඇතිව ප්‍රෝ පයිල්එකෙකින් වරෙන් කියලා .ඕවා ලියනවට තමයි ඔය විචරක ඇනෝ මැකුවෙත් . වැඩේ ඇදෙන හින්දා රණවිරු ලේබලේ දාලා අපිට සුදුවැන් ගැන කියලා නිහඬ කරවන්න හැදුවේ එකම තමයි
      බ්ලොග් ලෝකේ චන්ඩි වගේ පොඩිඑවුන්ට තග දැම්මේ, හිතාගෙන ඉන්න ඇති බන්කරවලදී පොඩි එවුන්ගේ පුකවල් පලුවා වගේ කරන්න පුකට පයින් ගහලා දාන්න පුළුවන් කියලා

      දැන් ලජ්ජා හිතිලා පැරා මේවා මකලා දමාවි ස්ක්‍රීන් ෂොට් තියනවා පස්සට ගන්න .


      Reply

      Delete
  12. මේ කථාව කියවලා මටනම් පුදුම හිතුණා. ඒ කාලෙ කෙල්ලෙක් නිසාවත් මෙහෙම කට්ටක් කෑවෙ නෑනෙ..

    ReplyDelete
  13. ඔහොම කට්ට කාල ෆිල්ම් බැලුවා කාලෙකට කලින්. දැන්නම් යන්නේ කලින් ටිකට් බුක් කරලා AC තියෙන හෝල් වලට විතරයි. තියෙන අමාරුවට අතින් කයිට් කරන් ලයනල් වෙන්ට් හරි පුංචි තියටර් හරි හොඳ නාට්ටියක් අවොත් බලන්න යනවා. ටිකට් එකේ මිල, පෙට්‍රල් වියදම ගැන හිතුවොත් වැඩේ පාඩුයි. එත් යනවා. හොඳ චිත්‍රපටයක් පිරිසක් සමග විශාල අඳුරු කුටියක දැවැන්ත තිරයක් මත බලලා ලබන වින්දනය ගෙදර TV එකේ DVD ෆිල්ම් බලලා ගන්න බෑ මටනම්.

    ReplyDelete
  14. පහුගිය කාලේ ෆිල්ම් හෝල් වලට ගියාට වැඩියෙන් ගියා නාට්‍ය බලන්න නම්.හැබැයි ඉතින් එත් හවස 6.30 බලලා ලයනල් වෙන්ඩ්ට් එකේ ඉඳන් ගල්කිස්සට එන්න වත් බස් නැති එක මාර දුකක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.