2017-09-04

ගීතය සඳහා වෙන් වු භාෂාවක් තිබේද?

මෙය කවිය සම්බන්ධයෙන් ද තිබෙන සංවාදයකි. ගුණදාස අමරසේකර සිය අසක් දා කව පද්‍යයෙහි පෙරවදනෙහි ද මෙය විමසයි. සිංහල කවියෙහි හදබස ගැන ඔහු එහි සඳහන් කරයි. ඒ වනාහි අවම අලංකාර සහිත, පුහු ආටෝපයෙන් තොර අව්‍යාජ බසකි. මෙම ලිපියෙහි ගීතය අරභයා එවැනි සංවාදයක් ඇත. - සංස්කාරක

තුෂාර සම්පත් දංකැටිය විසිනි

ගීත විචාරයක යෙදුණු සමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ ගීතය සඳහා වෙනම රමණීය බසක් නැතිනම් වාග් මාලාවක් තිබිය යුතු බවයි.ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ කොන්ක්‍රිට් වැනි වචනයක් සොල්බරි සාමි වැනි වචනයක් ගීත සඳහා යොදා ගත නොහැකි බවයි.

මෑත දිනයක මතුගම විද්‍යාලයක පැවති ගී රස වින්දන වැඩ සටහනකදී රවි සිරිවර්ධන ප්‍රකාශ කර සිටියේද ගිතය සඳහා වෙන්වු වාග් මාලාවක් පවතින බවයි.ඔහු එහිදී කිවේ දර්ශනය වැනි වචනයක් ගීතය සදහා යොදා ගත නොහැකි බවයි. (මන රංජන දර්ශනීය කියල සින්දුවක් තියෙනවත් එක්ක)

ගීතය සඳහා වෙනම භාෂාවක් තිබෙනවා යැයි කීම ඇත්තක්ද?

වරක් x කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ මෙය පට්ටපල් බොරුවක් හා තක්කඩිකමක් බවයි. ගීත ලිවිමේ තනි බලයක් ගොඩ නගන්නට උත්සාහ දරන අය විසින් ගෙතූ මිත්‍යාවක් බව ඔවුන් එහිදී ප්‍රකාශ කෙරුවා. ගීතයට වෙනම භාෂාවක් තිවෙනවා යැයි කීමෙන් උගතුන් නොවන වෙනත් අයට ගීත රචනාවලට ඒමට අවස්ථාව අහුරන බව එමගින් ඔවුන් කියා සිටියා.

මීට සමානම අදහසක් අජිත් පැරකුම්ද වරක් කියා සිටියා මට මතකයි. ඒසේ ප්‍රකාශ කිරිම (වෙනම භාෂාවක් ඇතැයි කීම) භාෂාව පණ්ඩිතයන්ගේ අවියක් කරගැනීමට උත්සාහ කිරීමක් ලෙසයි අජිත් ප්‍රකාශ කර සිටියේ.

සමන්ත හේරත්ගෙත් රිවි සිරිවර්ධනගෙන් ඉහත අදහස ඉතා අතාර්කික සංගීතය පිළිබදව හා ගීතය පිළිබදව ව්‍යවහාරික දැනුමක් නොමැතිව කියුවක් බව නුතන ව්‍යවහරික ගීත ශ්‍රවණයේදී හා විශ්‍ලේෂණයේදී ඉතාමත් හොඳට පැහැදිලි වෙනවා.සමන්තටත්,රවිටත් අනුව කවදාවත් ට්‍රැක්ටර් හා යකඩ කියන වචන ගීත සඳහා යොදාගත නොහැකියි. එහෙත් එය ඉතා අලංකාරව නුතන ගීතය තුළ භාවිත තිවෙනු පෙනේ.

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලලුණු....

මෙය ඉතා ජනප්‍රිය ගීතයකි.මෙහිදි ට්‍රැක්ටර් වැනි වචනයක් යෙදීම ගීතයට කිසිදු හානියක් වි නොමැත. සමන්තලාට අනුව ගෑස්පහ,කොම්පඤ්ඤවීදිය ගීතවලට ළං කළවත් නොහැක.එහෙත් ඒවා ලස්සනට ගීතවලට යොදාගෙන තිබේ.

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් උනා.
ගෑස්පහට ලං වෙනකොට අපි හොඳටම හවස් උනා.

නාවල අන්නාසි කෝට්ටෙ දොඩම් යස ..
ගල්කිස්සේ සිඤ්ඤක්කු කොම්පඥ්ඥවීදියේ ඉදි ආප්ප බොහොම රසා..

මෙහිදීද තත්සම වචන ගැලපෙන ආකාරයට හා රස සුන් නොවන ආකාරයට යොදාගෙන තිබේ.

ඉහත කී විචාරකයන් මඟ ගත්තේනම් ඔගස්ටස් විනයාගරත්නම්ට කිසිදා 'පනම් අටින් මට වැඩිකර දුන්න' වැනි ගීතයක් නිර්මාණය කරන්නට නොහැකිවනු ඇත.

මාස්ටර් සර් මගෙ හිමි තැනමට දෙන්න.
අනේ සර් කරුණාවෙන් සලකන්න.. 

මාස්ටර් වැනි වචනයක් ඉතා රමණිය ලෙස මෙහිදී යොදාගෙන තිබෙව බව පෙනේ.

කල්ලඩිපාලම,ලොරෙන්සෝද අල්මේදා,පෘතිගීසිකාරයා වැනි වචනයක් බැලු බැල්මට කර්කශ ගීතවත් බවක් නැති වචනය. එහෙත්,

කල්ලඩි පාලම පාමුල සින්දු කිවිව යාලුවො
ඇයි ගොලු ගැහුණේ...

ලොරෙන්සොද අල්මේදා කොලොම් තොටට යහපත් නාවිකයා..

පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සුරයා.. 

යන ගීතවලදී ඉතාමත් රිද්මානුකූල ලෙස යොදාගෙන ඇත.මේ උදාහරණ කිහිපයක් පමණි.

ගීත සඳහා වෙන් වු භාෂාවක් හෝ වාග් මාලාවක් නොමැති බව මේ අනුව පැහැදිලි වෙනවා.

ගීත සදහා වෙන් වු වචන කියල ජාතියක් භාෂාව නිරිමාණය වීමේදිම සිදුවන්නේ නෑ.අදාල සන්දර්භයට අනුව ඕනැම වචනයක් ගීතය සඳහා ගැලපෙනවා.මං කියන්න යන්නේ හින්දු ආගම අදහන දෙමල යුවතියක් ගැන නම් ඒ සන්දර්භයට ගැලපෙන ඕනෑම වචනයක් භාවිත කළ හැකියි.

මන්නාරම් පිටිවැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ....
නැහැයේ කරාඹුව දෙකනේ කඩුක්කම් දමා සියොළඟ
මොට්ටැක්කිලියෙන් හැඩකොට වසා ඉඟ නමා....

මෙහිදි කඩුක්කම් වැනි වචනයක් ගීතයේ සන්දර්භයෙන් ඉල්ලා සිටිනවා.එවිට ඒක නොගැලපීමක් වෙන්නේ නෑ.

පෘතුතිසිකාරයන් ගැන කියන්න යනකොට කාලතුවක්කු බයිනේත්තු ගැන නොකිය බෑ
කාලතුවක්කුයි බයිනේත්තුයි හරවන්නේ.

මෙහිදි මගේ තර්කය වන්නේ ගීතයේ සන්දර්භයට අනුව ඕනෑම වචනයක් ගීත සදහා යොදාගත හැකි බවයි.ගීත සඳහාම වෙන්වු වචන මාලාවක් නොමැති බවයි.ගීත සදහා වෙනම වාග් මාලාවක් තිබුණහොත් විවිධ වු අත් දැකීම් ගීතයකින් ප්‍රකාශ කරන්න්නටද නොහැකි වනවා.

ලප නොමවන් සද සේ සොමි ගුණෙනා.
උපුල් කොපුල් වෙහෙසි ඇතේ.
ආනන්ද සාගරේ.
කුමරියක පා සළඹ සැලුණා...

මේ ලස්සන වචන ටික විතරක් තිබුනහම විවිධ වු අත්දැකීම් ප්‍රකාශ කරන්නේ කෙසේද?

ඒ හැර ගීතයට වෙන් වු රමණීය බසක් තිබෙනවා කීමෙන් ගීත රචනය භාෂා පණ්ඩිතයන්ගේ බුදලයක් බවට පත් වීමක්ද වෙනවා. (ඔබ මේ ගැන කියන්නේ කුමක්ද?)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

19 comments:

  1. දර්ශනය සහ දර්ශනීය කියන්නේ වෙනස් තේරුම් තියෙන වචන දෙකක්. දර්ශනය කියන එකෙන් මෙතන අදහස් කරන්නේ philosophy කියන එකයි. සාමාන්යෙයන් සින්දු වලට දර්ශනය, උද්ධමනය, මනස වගේ ශාස්ත්රාලීය වචන සෙට් වෙන් නෑ. මෙතන කියන්න හදන්නේ ඒකයි.

    එහෙම වචන දැම්මහම සින්දුවම මඥ්ඥං වෙනවා. උදා- මනසයි වන්දි ගෙවන්නේ වගේ. සින්දු වලට වචන තෝරා ගන්නවා කියන්නේ වෙනම අධ්යයනය කරන්න් ඔන සබ්ජෙක්ට් එකක්. සින්දුවේ සන්දර්භයට වචන සෙට් වෙන් නැත්නම් සින්දුවට අවුල්. ඒකියන්නේ සුනිල් ආරියරත්නලා වගේ ප්රබුද්ධ වචන දාල ලියන්නම ඕන කියන එක නෙවෙයි. පේව්මන්ට් වචන දාල උනත් හොඳ නිර්මාණ කරන්න පුලුවන්.

    නිහාල් නෙල්සන්ගේ සොමියට වරෙන් පුතා කියන සින්දුව බලන්න. අදාල සන්දර්භයෙන් එළියෙ තියෙන එක වචනයක්වත් ඒකෙ නෑ. සක්ක පද නෑ. (ඔය සින්දුව ගැන සන්න කියපු අදහසක්. යූ ටියුබ් එකේ ඇති)

    ReplyDelete
  2. ලස්සන වචන පාවිච්චි කරන්නේ 'උගත්තු' කියන එකත් අමුම අමු මිත්‍යාවක්නේ! අනිත් එක X කණ්ඩායම නම් මන්ද, එහෙම වචන සිමා කළා කියලා උගතුන් නොවන වෙනත් අයට කොහෙද අනේ ඇහිරුනේ ? ඒකත් පට්ටපල් බොරුවක්නේ.

    ගීතයක තියෙන්න ඕනේ වචන ගැන කොහෙද අනේ රෙසිපියක් තියෙන්නේ? මහා හිනායන කතාවක්නේ. මෙහෙම එකක් මම මේ උපන්තේකට ඇහුවමයි. බලු බද්ද, ඇඟ බද්ද වගේ විහිළුවක්.

    වෙන දෙයක් ගැන ලියන්න අප්පා. මේවා ගැන කතිකාවතක් ඔනෙවත් නැහැ කියලයි මගේ හැඟීම.

    ReplyDelete
  3. ලස්සන වචන පාවිච්චි කරන්නේ 'උගත්තු' කියන එකත් අමුම අමු මිත්‍යාවක්නේ! අනිත් එක X කණ්ඩායම නම් මන්ද, එහෙම වචන සිමා කළා කියලා උගතුන් නොවන වෙනත් අයට කොහෙද අනේ ඇහිරුනේ ? ඒකත් පට්ටපල් බොරුවක්නේ.

    ගීතයක තියෙන්න ඕනේ වචන ගැන කොහෙද අනේ රෙසිපියක් තියෙන්නේ? මහා හිනායන කතාවක්නේ. මෙහෙම එකක් මම මේ උපන්තේකට ඇහුවමයි. බලු බද්ද, ඇඟ බද්ද වගේ විහිළුවක්.

    වෙන දෙයක් ගැන ලියන්න අප්පා. මේවා ගැන කතිකාවතක් ඔනෙවත් නැහැ කියලයි මගේ හැඟීම.

    ReplyDelete
  4. පේරාදෙණිය විශ්වවදද්‍යාල භූමියේ මහවැලි ගඟ හරහා අක්බාර් පාළම නමින් හැඳින්වෙන ඉතා පටු පාළමක් තියෙනවා. මෙහි වාහන යන්නේ නෑ. සිසුන් පයින් යන පාළමක්. සමහර විට බයිසිකල්වලින් යනවා පමණයි.

    මේ පාළඟ හැඳින්වීමට මා ලියූ ගී පද මාලාවක මම පටු පාලමේ යනුවෙන් යොදා ගත්තා. ඒ ගැන උපදෙස් ගන්න ගී රාශියක් ලියා ඇති අයෙකුගෙන් ඇසූ විට ඔහු කීවේ පටු පාළම යන යෙදුම ගීතවත් නැති බවයි.

    නමුත් පසුව වෙනස් සංගීත වෙසරදයෙක් එයට තනුවක් දමා අපූරුවට ගායනා කළා.

    "මහවැලි තෙරේ බැඳුණු පටු පාළමේ
    තනි වී මදක් ඉඳිමු අපි පාළුවේ

    ඔබෙ මුදු හඬින් ගැයෙන ගීයක් අසා
    සැනසී සුවෙන් සිටිමි දෙනුවන් වසා"

    http://pemgee.blogspot.com/2005/06/hanthane-geethaya-reserved-by-ip.html

    ReplyDelete
    Replies
    1. පේරාදෙණිය විශ්වවදද්‍යාල භූමියේ මහවැලි ගඟ හරහා අක්බාර් පාළම නමින් හැඳින්වෙන ඉතා පටු පාළමක් තියෙනවා. මෙහි වාහන යන්නේ නෑ. සිසුන් පයින් යන පාළමක්. සමහර විට බයිසිකල්වලින් යනවා පමණයි......///
      මිට කලින් අපි අහලම නැනේ එහෙම පාලමක් ගැන ඔයාට හොඳටම විශ්වාසද එහෙම පාලමක් තියනවා කියලා ඔය කියන ගීතය හිරු එකේ යනවද එක හිට්වුනාද හොඳට

      Delete
  5. ඕක පණ්ඩිතයන්ගේ බුදලයක් ද කියල දන්නේ නැහැ !

    හැබැයි ඒක මෝඩයන්ගේ අවියක් බවට පත් වී ඇති බව ... දැනට ප්‍රසිද්ධ වී ඇති ගීත වලින් හොදටම පේනවනේ ....

    ReplyDelete
  6. "අක්කරපත්තුවේ භක්තිමත් මුස්ලිම්වරු" යන වචනය අඩංගු කොට ගීතයක් ගායනා මෙන් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  7. අපි ගීතය කියලා හදුනා ගන්නා දෙය කොතරම් වචන වලට සීමා වී ඇති සංකල්පයක්දැයි කීමට මේ ලිපියේ සංදර්භයම උදාහරණ සපයනවා. මගේ අදහස ගීතය කියන්නේ වචන සමූහයක් විතරක් නෙවෙයි. එහෙම උනා නම් ගීතයක අයිතිය පද රචකයා පමණක් සතු විය යුතුයි නේද? එහෙම නම් ගීතයක වචන වලට වෙනම භාෂාවක් තිබිය යුතු යැයි කියන අයම සංගීතය සඳහා යොදා ගන්නා භාණ්ඩ වලටත් සීමා පැනවිය යුතුයි. උදාහරණයකට සිංහල ගීතයකට සංගීතය සැපයීම සඳහා චෙලෝව හෝ එකෝඩියනය හෝ වෙනත් බටහිර භාණ්ඩයක් යොදා ගැනීම වැරදි බව කෙනෙකුට තර්ක කල හැකියි. සිංහල ගීත සඳහා තනුද විදේශයන්ගෙන් ගැනීම ඒ අනුව ආනන්තරීය පාප කර්මයක්!

    ReplyDelete
  8. අද තියන ටකරන් සින්දු වලට නම් වචන කොහොම තිබ්බත් කෑමක් නෑ. හැබැයි ගීතයක් තුලින් සාහිත්‍ය රසය ඉස්මතු කරන්න රසවත් වචන භාවිතා කරන්න ඕන. ලූෂන් බුලත්සිංහල , ප්‍රේම කීර්ති ද අල්විස් , කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ , සුනිල් ආරියරත්න , අජන්තා රණසිංහ මෙරට ප්‍රමුඛ පෙළේ ගේයය පද රචකයන් ඔවුන්ගේ හුරුහරුකම් වලින් තමයි දෙවෙනි පරම්පරාවක් බිහිවුනේ කරුණාදාස සපුතන්ත්‍රී, බණ්ඩාර ඇහැයගොඩ, බන්දුල නානායක්කාරවසම් , රත්නශ්‍රී විජේසිංහ මේ සියලුදෙනාගේ ගාථාවල තිබෙන ලයාන්විත ගී රාවය අද නෑසෙන එකතමයි කණගාටුව . මෙය මෙය හිතන තරම් සරල නෑ. සමාජ කතිකාවතක් ගොඩනැගිය හැකි මාතෘකාවක් . අජන්තා රණසිංහ මිය යාමට ආසන්න කාලයක රූපවාහිනිවදසටහන කිවුවා මම අවුරුදු ගාණකින් කාටවත් ගීතයක් නිර්මාණය කලේ නෑ. අද ඉල්ලන ගීත ලියන්න අපට බෑ.කියලා ඒක ඇත්ත කියල හිතෙන්නේ අද මොනවහරි පද 2ක් ලිවුවත් ඒක ගීතයක් .අද
    තියෙන්නේ විකුණන්න හදන ගීත මිසක් රසවිදින්න් අහදන ගීත නෙවෙයි. අද ගීතයේ වටිනාකම තියෙන්නේ ringing tone එකේ අද ගීතය ඒ තරම් පහලට වැටිලා තියෙන්නේ.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පරණ අය විතරක් හොදයි කියන එක වට්ටෝරු කතාවක්.

      බලන්න රචිතා වාකිෂ්ඨ කියපු "පෙනෙන නොපෙනන" ගීතය තවම අහන්න පුළුවන්.

      අනික, රජී වෙල්ගම ලියපු "මේ තරම් සියුමැලිද කළුගල්".

      තව උදාහරණ ඇති.

      Delete
  9. හොඳ තනුවක් ඇති ගීතයක් පදමාලාව අභිබවා යන බවයි මගේ වැටහීම. "පුන්සඳ රෑට ඇවිදින් හේනේ... ගීතයේ තුන්පත් රෑන අරුතය පිළිබඳ මිනිසුන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ එහි තනුවෙහි මිහිර නිසයි.
    "සඳ නිදන්න ..... ගීතයත් ඒ වගෙයි. "රට රකින ගොවියා වපුරයි අමෝරා ... කියනකොට ඒක විසිවෙලා ගියෙත් ඒ හේතුවෙන්මයි.සමහර හින්දි ගීත ජනප්‍රිය උනේ හින්දි භාෂාව දන්න මිනිස්සු අතරෙම නොවෙයි.

    ReplyDelete
  10. මේ නම් සදහන් කර ඇති ළිං මැඩි විචාරකයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.කලාව සෞන්දර්යට පමනක් සීමා විය යුතුයි කියන යල් පැන ගිය මතය මෙයට හේතුවයි.තමන් කරන නිර්මාණයකදී යම් සීමා තබා ගැනීම ඔවුන්ගේ අයිතියක් වුනත් මේවා ඉස්කෝල ලමයින්ටත් උගන්වල නිර්මාණ ශක්තිය නැති කර දමන එක බරපතල වරදක්.

    ReplyDelete
  11. rendering ur labour power it has been nicely edited and made accurate.tis will encourge me

    ReplyDelete
  12. no comments...

    පරණ කාලේ අපෙ සීයලා ආච්චිලත් සමග දීග
    කාපු ලෙසට ගෙන යමු අපෙ ජීවිත මුස්පේන්තු නැතුව

    දැන් හරි නෑ ඔය කෝලම්

    ඒයි බොලන් බාසාවෙන් මෙපමණ කල් ඇමුණු මාලේ
    කෝලම් වුනෙ මංද සුපිනො ළං වුනාද අපල කාලේ

    දෙවියො රකී එහෙම වුනොත්

    තිබුන සිතේ දුටුදා සිට ඔයා ගැනම කල්පනාව
    ලැබුණ ලකට ඩොමීනියන් අපි දෙන්නගෙ වාසනාව

    තියමුකො අපි ඉස්ටේටස්

    කේන්දරේ මගෙ තිබුනා කවද නමුත් සැප විදින්න
    මෝරපු මොලයක් ඇති ගුරුතුමෙක් සමග පැනලා යන්න

    කෝලි නැතුව වරෙන් කරට

    බඩේ තියන කිරි කොස් පොතුවල සුදු සුදු මල් පිපෙන්න
    ඉංගිරිසිය තමයි අපට පිහිට වුනේ පවුල් වෙන්න

    ඒක හොදයි සාස්තරේ

    නෝස් කියලා නිකට හොල්ලා බොරුවට මගෙ කණ මිරිකලා
    ජුන්ඩා කොලුට කොලේ වහලා මොනවද රහසෙන් දොඩවලා

    කම් ටු මී මයි සිම්ප්ලිසිටී

    ලෝකයෙ තව චපල නීච දීන ගෑණු ඇති වුනාට
    දුප්පත් මේ සුපිනා කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට

    මැනේජරුත් එහෙම කිව්වා

    ගිරවි වගේ නැළවි නැළවි මට සැප දෙන සකුන්තලා
    මවුන් බැටන් යුවල වගේ වසමු අපිත් පදම් වෙලා

    පිනට පිනයි සීනි මුලයි

    සකුන්තලා මම වෙමි නම් ඔබ වෙයි මගෙ දුෂ්මන්තා
    නැහැ මම අංජනම් දේවි ඔබ වානර හනුමන්තා

    අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
    ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
    උසි කපුටෝ උසී

    ReplyDelete
  13. ගුණදාස අමරසේකර 'ඒ වනාහි අවම අලංකාර සහිත, පුහු ආටෝපයෙන් තොර අව්‍යාජ බසකි"
    අවම අලංකාර,පුහු ආටෝපයෙන් තොර පොඩ්ඩක් ලියල පෙන්නන්න.

    සමන්ත හේරත්ලට නමක් කොටා ගන්න ලියන ඒවට කාලය නහස්ති කරන්න ඕනද?
    ගීතය සඳහා වෙනම රමණීය බසක් නැතිනම් වාග් මාලාවක් තිබිය යුතුයි කීවට එහෙම නොලිව කියල ගීය තහනම් කරන්න පුලුවන්ද?

    ReplyDelete
  14. ගීත වලට වෙනම භාෂාවක් තියෙනවයි කියල මටත් හිතෙන්නේ නැහැ. තියෙන භාෂාවම සෞන්දර්යාත්මක ලෙස යොදා ගැනීමයි වැදගත්.

    ReplyDelete
  15. ඔය එක්කෙනෙක් දවසක් අපෙ ඉස්කෝලෙට ගෙන්නුවා. ඒත් එයා " පැන මඩ කඩිති " ගීතයට දුන්නෙ අපි හිතුවෙවත් නැති , අඩුම ගානෙ ගැලපෙන්නෙවත් නැති අර්ත කතනයක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.