2017-10-14

ලංකාවෙ තියෙන්නෙ විවෘත ආර්ථිකයක් ද?

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය හරියට වැඩ කළා ද යන්න පිළිබඳ සාකච්ඡා සභාවකට පසුගියදා මා සහභාගි වුණා. 

මේ මාතෘකාව ගැන හිතනකොට මට මතක් වෙන්නෙ මේ දවස්වල පෞද්ගලික අධ්‍යාපනය ගැන තිබෙන සංවාදය. ආර්ථිකය විවෘත කළ බව කියැවෙන්නෙ 1977දී. අවුරුදු 40කට පසුවත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ද කියන සංවාදය තියෙන රටක ආර්ථිකය ඇත්තට ම විවෘත වෙලා ද?

අපි දශක අටක් අතීතයට ගිහින් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ 1940 දශකය සලකා බැලුවොත්, අපේ රට එදා තරම් විවෘත ද? කන්නන්ගර මහතා පාසල් රජයට පවරා ගත්තෙ නැහැ. ඔහු කළේ ඒ වන විට පැවතුණ පාසල් පද්ධතිය තුළට සැමට අධ්‍යාපනය ලැබීමට තිබෙන හිමිකම පිළිබඳ ප්‍ර‍තිපත්ති ඇතුළත් කිරීම් ගෙන එමින් සමාන්තරව ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම ආරම්භ කළ එකයි. ඔහු පිහිටවපු මධ්‍ය මහා විද්‍යාල හා ඒවාට දක්ෂ දරුවන්ට ලබා දුන් ශිෂ්‍යත්ව මෙහිදී ඉතා වැදගත්.

අධ්‍යාපනය හා ආර්ථිකය විවෘත කිරීම එකිනෙකට නො ගැලපෙන කරුණු දෙකක් ය කියා ඔබ හිතන්නට පුළුවන්. එහෙත්, අධ්‍යාපනය පිළිබඳ මා ඉදිරිපත් කළ මේ නිදසුනෙන් ආර්ථිකය පිළිබඳ ප්‍ර‍කාශ වෙනවා.

අපට ඇත්තෙන් ම විවෘත ආර්ථිකයක් තිබුණේ 1950 දශකයට පෙර කාලේයි. හැටේ දශකයේ විතර පටන් අපේ රට වේගයෙන් සංවෘත ආර්ථිකයක් බවට පත් වුණා. මාක්ස්වාදී හා කේන්සියානු ආර්ථික සංකල්පවල බලපෑම නිසා ලංකාවේ 1970 දශකය තුළදී ඉතා සංවෘත, ජාතිකවාදී, ස්වයංපෝෂී ආර්ථිකයක් ඇති කරන්නට උත්සාහ කෙරුණා. එහෙත් එයත් සාපේක්ෂයි. මේ ආර්ථික ක්‍ර‍මය යැපුණේත් තේ, රබර්, පොල් අපනයනය මතයි.

වසර 1977න් පසු උදා වුණා ය කියන විවෘත ආර්ථිකයේ විවෘතභාවයත් ඉතා සාපේක්ෂ තත්වයක්. එය කලින් තිබුණු ප්‍ර‍තිපත්තිවලට වඩා විවෘත වන්නට පුළුවන්. ඒත්, ඒකත් එහෙම ලොකුවට විවෘත ආර්ථිකයක් නෙමෙයි.

වසර 1978දී හඳුන්වා දෙන ලද අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් ලංකාවේ නම ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, සමාජවාදී ජනරජය ලෙස වෙනස් කළා. ඊට පසු කලෙක නුගේගොඩදී පැවැත්වුණු මහජන රැළියකදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ නම පැහැදිලි කළා. ඒ වන විට ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආර්ථිකයක් ගොඩනැගිලායි තිබුණේ. මේ දැවැන්ත රාජ්‍ය අංශය විසින් ඉතා බලවත් මධ්‍යම පන්තියකුත් නිර්මානය කරලායි තිබුණේ. ලංකාවේ කිසිදු කලෙක දේශපාලනික වශයෙන් ශක්තිමත් ධනපති පන්තියක් ඉඳලා නැහැ. මේ මධ්‍යම පන්තියේ බලයට නවලිබරල්වාදීන් ලෙස ඉතිහාසගත වී තිබෙන ජේ.ආර්. ජයවර්ධන හා ඔහුගේ බෑණා වන රනිල් වික්‍ර‍මසිංහ පවා යටත් වුණා. ඒ නිසා මේ රාජ්‍ය අංශය ආරක්ෂා කරමින් තමයි සියල්ල සිදු වුණේ. අඩු තරමේ රාජ්‍ය අංශයෙන් මධ්‍යම පන්තියට ඇති වාසිදායක තත්වය හෝ ආරක්ෂා කර දීමට ඔවුන් යොමු වුණා.

ලංකාවේ ආර්ථිකය විවෘත කිරීම සිදු වුණේ රජයෙන් යැපුණු මධ්‍යම පන්තිය ඇතුළු වෙනත් සමාජ ස්ථරයන්ගේ උවමනාවන් ආරක්ෂා කර ගත හැකි සීමාවට විතරයි. උදාහරණයක් ලෙස අපේ රටේ සහල් වෙළඳපොළ විවෘත කරන්නට කිසිදු රජයක් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට රජයෙන් සහනාධාර දෙමින් ගැමි දිළින්දන්ගේ යැපුම් කෘෂිකර්මාන්තය නඩත්තු කිරීම අද දක්වා ම සිදු වෙනවා.

වසර 1977දී සිදු වුණේ ඇත්තෙන් ම ආර්ථිකය විවෘත කිරීමක් නම් අඩු තරමේ ආයෝජකයන්ට හෝ ලංකාවට පැමිණ ව්‍යවසායන් ආරම්භ කිරීම පහසු විය යුතුයි. එහෙත් එය තවමත් සිදු වී නැහැ. එදා 1977දී සිදු වුණේ තව දුරටත් ඉදිරියට යන්නට බැරිකම නිසා ආර්ථිකයේ සීමා තරමක් ලිහිල් කිරීමයි. එහෙම කරලාත් අර ලාභදායී නැති දැවැන්ත රාජ්‍ය අංශය දිගින් දිගට ම පවත්වාගෙන යාම තමයි සිදු වුණේ. උදාහරණයක් විදියට බැංකු ක්ෂේත්‍රයේ ලිබරල් ප්‍ර‍තිපත්ති ක්‍රියාත්මක වන්නේ නැහැ, රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගත යුතු නිසා. බලශක්ති ක්ෂේත්‍ර‍ය ලිබරල්කරණය වන්නේ නැහැ විදුලිබල මණ්ඩලය රැක ගත යුතු නිසා. දුම්රිය සේවය ලිබරල්කරණය වීමක් හෝ කිසිදු කැපී පෙනෙන සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගන්නට ඕනැ නිසා. කාලසටහන් ඒකාබද්ධ කර බස් සේවා විධිමත් කරන්නට බැහැ ලංගම රැක ගන්නට ඕනැ නිසා.

දැන් වෙලා තියෙන්නේ අපි ආයෙත් ඉදිරියට යන්නට බැරි දැවැන්ත හිර වීමක අහු වෙලා. දැන් ආයෙමත් අපට සිදු වෙලා තිබෙනවා ආර්ථිකය තව ටිකක් ලිබරල්කරණය කරලා බලන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. ජෝන් ඩියර්October 14, 2017 at 4:07 PM

    //උදාහරණයක් ලෙස අපේ රටේ සහල් වෙළඳපොළ විවෘත කරන්නට කිසිදු රජයක් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට රජයෙන් සහනාධාර දෙමින් ගැමි දිළින්දන්ගේ යැපුම් කෘෂිකර්මාන්තය නඩත්තු කිරීම අද දක්වා ම සිදු වෙනවා.//

    ලෝකයේ සියලු රටවල් තම ආහාර සුරක්ෂිත උදෙසා තමන්ට හැකි පමණට ස්වදේශිය කෘෂිකර්මාන්තයට (මහා පරිමාන කෘෂි ව්‍යාපාරද ඇතුලුව) විශේෂ ආරක්ෂණයක් සහ රාජ්‍ය මැදිහත් වීමක්සිදුකරයී. විශේෂයෙන් මුල්‍ය සහන,ද්‍ර‍ව්‍යම ආධාර , නිරෝධායනය,ඉඩම් ලබාදීම්,විදුලිය සහ නොමිලේ උපදේශන සේවා ආදිය ප්‍ර‍ධාන වේ.එමෙන්ම යුරෝපයේ සමහර රටවල් ස්වදේශිය මල් ගොවියන් සදහාද, බ්‍ර‍සීලය ඇතුලූ තවත් රටවල් කිහිපයක් ස්වදේශිය ඉන්ධන ගොවීන් සදහාද සහන ලබාදේ.

    ලංකාවේ ඉන්න මැටි අර්ථික විසේසඥයින්ටයි සමහර දේසපාලන මැට්ටන්ටයි ලංකාවේ ගොවියන්ට රජයේ සහනාධාර ලබා දීම උගෙ අම්මලාට ***** වඩා හද කකියන මෙව්වා එකක්. ලංකාවේ අයවැයෙන් කෘෂිකර්මාන්තයට වෙන්වෙන මුදලින්,මෙලොව වැඩකට නැති කෘපනිසලා ඇතුලු කෘෂි නිලධාරින්ගෙ වැටුප් සහ සබීතගෙ බිල්ඩිම ඇතුලු පරිපාලන පරිශ්‍ර‍ නඩත්තු කලාම ගැමි දිළින්දන්ගේ යැපුම් කෘෂිකර්මාන්තය මොනවද ලැබෙන සහන.යොදන මුදලට රටෙ ආහාර නිශ්පාදනයක් සිදුවෙනවද?
    ඉස්සරහට කන්න වෙන්නෙ ස**ගෙ පුක තමයි.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කමෙන්ට් මෙහි පළ කරන එක නවතා ඇතිමුත් මෙයට පිළතුරු දිය යුතු ය. ඇත්තෙන්ම දශක ගණනක් පුරා ග්‍රාමීය දිළින්දන්ට දුන් සහනාධාරවලින් කෘෂිකර්මය සංවර්ධනය වූණා ද? සංවර්ධනය වු⁣ණා,කෘෂිකර්ම අමාත්‍යාංශය නම්. සහනාධාර අවශ්‍ය ොවියන්ටයි. දිළිඳුකම දුරලීම වෙන වැඩක්.

      Delete
    2. අංකල් පැරා, ඔබ ආපිට මේ ප්‍රශ්නය ඇසීම ජෝන් ඩියර්ගෙ ප්‍රස්නෙට උත්තරේ නෙවේ...ඇත්තටම ඔබ කියන්න ඔහොමහරි පොහොර ටිකයි බීජ ටිකයි දුන්නෙ නැත්තන් ලන්කාවෙ කෘෂිකර්මය මේ තරමටවත් රැකෙයිඩ. එහෙම උනා නම් අපෙඉක්ශිත මට්ටමට වඩා අඩුවෙන් හෝ අහාර සුරක්ෂිතතාවක් ලංකාවෙ පවතීඩ ? දැන් මොනා උනත් ලන්කාවෙ බාගෙකට කන්ඩ හරි හාල් ටික හදෙනවනේ. ග්‍රාමීය දුගීබව නැති කරන්නටනම් ඔය විදියේ ආහාර බෝග නිෂ්පාදනය නොකර උක්, ග්ලිරිසීඩියා, වැනි අවශේෂ බෝග වගා කරනාට පුලුවන්නේ. අනික ඒවා වැව්වාම සාපේක්Sහ හොද ආදායමකුත් ලැබෙනවා. නමුත් කෘෂිකර්මයේ සැබෑ අරමුණ ඉෂ්ඨ වෙනවද...

      අනිත් පොයින්ට් එක..ඇත්තටම ලංකාවෙ කෘSහිකර්මය එදාට වඩා සංවර්ධ්හනය වෙලා නැද්ද ?. එදාට වඩා අද අස්වැන්න වැඩි වෙලා නැද්ද ? එදාට වඩා අද කෘෂි ඵලදායීතාව වැඩි වෙලා නැද්ද ? ගොවීන්ගේ ජීවන තත්වය, ඔවුන්ගේ 'කොලිටි ඔෆ් ලයිෆ්" කියන එක වැඩි වෙලාම නැද්ද?

      මේවාට උත්තරේ ඔව් නම් එයට රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩිහරිය විනාස මුඛයට ගිය රජයේ කෘෂි ආයෝජන හේතු වෙලාම නැද්ද ?

      ඒ කියන්නේ ආණ්ඩුව සියබලා ගෙනල්ලාම නැද්ද පැරා අංකල්...

      Delete
    3. ගොවීන්ගේ ජීවන තත්වය, ඔවුන්ගේ 'කොලිටි ඔෆ් ලයිෆ්' කියන එක වැඩි වෙලාම නැද්ද?

      මම නම් හිතන්නෙ ඒ වෙනුවෙන් කරන ලද වැය කළ මහජන මුදලට මදි.

      අනෙක් පැත්තෙන් ⁣සහනාධාර මත කරන යැපුම් කෘෂිකර්මාන්තය නිසා එහි සංවර්ධනයක් වී නැහැ. සිදු වී තිබෙේ එයින් යැපෙන්නට බැරි පිරිස් වෙන රැකියාවලට යාම හා බිම් පාළු වීමයි.

      Delete
    4. ගොවීන්ගේ ජීවන තත්වය, ඔවුන්ගේ 'කොලිටි ඔෆ් ලයිෆ්' කියන එක වැඩි වෙලාම නැද්ද?

      මම නම් හිතන්නෙ ඒ වෙනුවෙන් කරන ලද වැය කළ මහජන මුදලට මදි.

      අනෙක් පැත්තෙන් ⁣සහනාධාර මත කරන යැපුම් කෘෂිකර්මාන්තය නිසා එහි සංවර්ධනයක් වී නැහැ. සිදු වී තිබෙේ එයින් යැපෙන්නට බැරි පිරිස් වෙන රැකියාවලට යාම හා බිම් පාළු වීමයි.

      Delete
    5. වෘත්තීය ගොවීන්ට සහනාධාර දිය යුතුයි. ඒත් වී වවන අයට හැර එළවළු, පලතුරු, සුළු අපනයන ආදිය වගා කරන අය⁣ට එහෙම සහනාධාර අවමයි.

      Delete
  2. විවෘත කියන වචනෙම ප්‍රශ්නයක් නේ.
    විවෘත අධ්‍යාපනය දැන් කොච්චර ප්‍රශ්නයක් ද ?
    ගමනා ගමනය , බැන්කු , බලශක්තිය විවෘත වෙලා නෑ කියල කියන්න පුලුවන් ද?
    පුද්ගලීකරණය වෙනව කියන්නේ “විවෘත“ කියනෙක යොදන්න පුලුවන් තව වචනයක් නෙමෙයි ද?
    බල ශක්තියත් රාජ්‍ය අංශයට අමතරව පුද්ගලික අංශයට විවෘතයි නේද.
    දුම්රියත් එහෙම වේගෙන යන්නෙ නැද්ද ?

    ReplyDelete
  3. පැරා, ලෝකේ පූර්ණ විවෘත ආර්ථිකයක් තියෙන රටකින් අබ මිටක් import කරල පෙන්නන්න කෝ, please?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.