62 ලක්ෂයේ ජනවරමට අලුත් නායකත්වයක් අවශ්‍යයි

62 ලක්ෂයට හිටපු නායකත්වය

මේ මොහොත වන විට පවතින තත්වය ඛෙදනීය ය. 62 ලක්ෂයේ ජනවරමට පයින් ගසා ද්‍රෝහී ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී අන්දමින් පත් කරන ලද පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැති නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ සිය සුපුරුදු දූෂිත හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී චර්යාව අනුව යමින් බහුතර විශ්වාසය පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන් මිළ දී ගනිමින් සිටියි.

රාජපක්ෂ යනු හුදු පුද්ගලයකු නොවේ. රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි. එහි මූලික ලක්ෂණය අන්ත පසුගාමිත්වයයි. එය වනාහි රජාට ඇඳීමේ, කේන්දරකාරයන් ලවා අන්දාගැනීමේ, ජාතිවාදයේ පටන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, දූෂණ විරෝධයට හා මිනිස්කමට පවා නිගරු කරන ක්‍ර‍මයකි. අප එරෙහි වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට හෝ ඔහුගේ සමීපස්ථ පවුලට හා අන්තේවාසිකයන්ට පමණක් නොවේ. සමස්තයක් ලෙස මෙම දුෂ්ට පසුගාමී සමාජ ක්‍ර‍මයට ම අපි එරෙහි වෙමු. ඒ නිසා මන්ත්‍රීවරුන් මිළ දී ගෙන, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පමණක් නොව යුක්තියට ද විහිළු කරමින් බලය තහවුරු කරගත්තත් අප නම් රාජපක්ෂ පිළිගන්නේ ද, ඔහුගේ ක්‍ර‍මයට ගරු කරන්නේ ද නැත.

ලංකාව සාධනීය ලෙස වෙනස් කරන්නට නම් රාජපක්ෂ ක්‍ර‍මය පරාජය කළ යුතු ය. අප 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන 62 ලක්ෂයක ජනවරමකින් බලයට පත් කළේ ඒ වෙනුවෙනි. ඒ වෙනුවෙන් උර දුන් ප්‍ර‍ධාන ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂයේ අනේක අඩුපාඩු තිබේ. එහෙත්, ඒ සියල්ල ම අතර එම පක්ෂයේ නායකත්වයෙන් බොහෝ සාධනීය දේ සිදු විය. රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණ, නීති සංශෝධන, ආයතන ශක්තිමත් කිරීම, ස්වාධීනත්වය ඇති කිරීම, නිදහස, සංස්කෘතික නවීනත්වය වැනි බොහෝ දේ ඒ අතර වේ. නාගරික සංස්කෘතිය සමග බැඳුණු මෙකී බොහෝ ලක්ෂණ පසුගාමී ග්‍රාමීය සංස්කෘතිය හිස් මුදුනින් වැළඳ ගත් පසුගාමී ප්‍ර‍ජාවන්ට ජීර්ණය නොවූ බව ඇත්තකි. මහජනයා වෙනස වෙත යොමු කිරීමේ උපායශීලී නායක පෞරුෂයක් එජාප නායකත්වයෙන් පළ වූයේ නැත. එජාපයට දැන් තිබෙන නායකත්වයට විකල්පයක් ද නැත.

මහජනයා තබා ජනාධිපති සිරිසේන නම් පසුගාමී චරිතය මෙහෙයවාගෙන යාමට හෝ එජාපට උවමනාවක් හෝ වැඩපිළිවෙලක් නොතිබිණි. අවසානයේදී සිදු වුණේ හරකා කඹේ කඩාගෙන ගියා වැනි වැඩකි. ඌ ගියේ සුපුරුදු ගාලට ය. ඒ ගැන පුදුම විය යුුතු නැත.

සමාජ වෙනස්කම් ඉබේ සිදුවන්නේ නැත. ඒ සඳහා නායකත්වයන් අවශ්‍ය ය. එජාපට එවැනි නායකත්වයක් සැපයිය නොහැකි බව මෙම අත්දැකීමෙන් ද ඔප්පු විය. එසේ නම් දැන් කරන්නට තිබෙන්නේ කුමක් ද?

62 ලක්ෂයේ ජනවරම තවමත් වෙනස් වී නැත. එසේම, ඒ අපේක්ෂාවල යුක්තියුක්තභාවය ද අහෝසි වන්නේ නැත. අපට දැන් අවශ්‍ය වන්නේ ඒ ජනවරමට අලුත් නායකත්වයකි.

Please follow and like us:

2 thoughts on “62 ලක්ෂයේ ජනවරමට අලුත් නායකත්වයක් අවශ්‍යයි

  1. අද ‘ජන මහිම ය ‘ වීඩියො දැක්කම මට හිතුන දෙයක් තමයි MR -MS දීගෙ එච්චර comfortable නෑ කියල. දෙන්නගෙන් කවුද Husband කියලත් තාම තීරණය වෙලා නෑ වගේ. මේ කසාදෙ ඇතුලෙ තමන්ට හිමි තැන මොකද්ද කියල ටික ටික තේරුම් ගනිද්දි මයිත්‍රී ක්‍රමක්‍රමයෙන් nervous වෙන ගතියක් පේන්න තියෙනවා.

    බලන්න අද රැලියේ ජාතික ගීය කියන අවස්ථාවේ video. පැහැදිලිවම ගෘහ මූලිකයා මහින්ද කියල පේනව . අවාසනාවකට වගේ මයිත්‍රීට ඒක වැදුනෙ shock එකක් වගේ. මහින්ද ‘ජාතික ගීය යනව ‘ කියල තදින් කිව්වට පස්සෙ මිනුත්තු කීපයෙ මයිත්‍රිගේ pose එක බලන්න. something is not correct . මහින්දටත් තේරුණා මෙයා පැද්දෙනවා ටිකක් වැඩියි කියල. දෙපාරක් විතර හැරිල බලනව .

    මයිත්‍රී ගැලරියට කතා කරන්න හිතුවෙත් මේ break down එකේම ප්‍රතිඵලයක් හැටියට වෙන්නත් පුළුවන්.

    බලන්න මහින්ද දිහා මයිත්‍රී සමනල ‘විහීලුව ‘ කරන වෙලාවෙ . clearly embarrassed . මහින්ද ඒ කතාව අනුමත නොකරන බව පෙන්නන්න try කරනව වගෙයි. එයා uncomfortable බව නම් පැහැදිලියි.

    කොහොම උනත්, එක දෙයක් පැහැදිලියි. මයිත්‍රී හිතන් හිටිය නම්, මහින්ද අගමැති කරලා එයා ‘ජනාධිපති ‘ විදියටම ඉන්න, ඒ ප්ලෑන් එක කෙරෙන්නේ නෑ කියල අද එයාට වැටහුනා. එයාට ඕනෙම නම් ‘ජනාදිපති ‘ වගේ ඉන්න නම් ලැබෙයි. පව්(ද?)

  2. “සමාජ වෙනස්කම් ඉබේ සිදුවන්නේ නැත. ඒ සඳහා නායකත්වයන් අවශ්‍ය ය”.Para, we, ordinary citizens are searching and searching hard for ways to build a society with democratic values. It is unbelievable that no one comes forward to take the helm. Such dearth of leaders!. We are grateful for your lone struggle, and your works motivate us too.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *