|
|||||||||||||||
|
මොකද මම බක්කරේ කෙනෙක්ද? සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න." "අනේ මට බැහැ. මම වඩුවෙක් නෙමෙයිනේ," සැමියා කීවේය. පසුදා සැමියා වැඩ ඇරී එන විට බිරිඳ නාන කාමරයේ රෙදි සෝදමින් සිටියාය. "අනේ මේ බලන්න මේ වතුර පයිප්පෙ කැඩිලා. ඒක හදලා දෙන්නකෝ," බිරිඳ ඉල්ලා සිටියාය. "මට නම් බැහැ. ඔයා කරගන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ." ඊළඟ දිනයේ ඔහු එනවිට, කුස්සියේ විදුලි පහන පිළිස්සී ඇත. "ඩාලිං, මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ." "ඔයාට පිස්සුද? මට නම් බැහැ ඕවා කරන්න. විදුලි කාර්මිකයෙක් හොයා ගන්න." ඊළඟ දිනයේ ඔහු නිවසට එන විට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ හිඳගෙන සිටියාය. "අල්ලපු ගෙදර කොල්ලා හරිම හොඳයි. මිනිහා හරි වැඩකාරයා. මගේ අල්මාරියයි, වතුර පයිප්පෙයි, කුස්සියේ විදුලි පහනයි ඔක්කොම හදලා දුන්නා," බිරිඳ කීවාය. "ඇත්තද? සල්ලි කීයක් දුන්නද?" සැමියා ඇසීය. "පිස්සුද අනේ? එයා සෙල්ලි ගන්න කෙනෙක් නෙමෙයි." "ඉතින් මිනිහා නිකම්මද මේ ඔක්කොම කළේ?" "නැහැ අනේ, මිනිහා හරි කට්ටයා. මිනිහා කියනවා එක්කෝ එයා කියන ජාතියේ කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැතිනම් එයත් එක්ක ඇඳට යන්න එන්නලු." සැමියා කලබල විය. "හරි මිනිහෙක්නේ. ඉතින් ඔයා මොන ජාතියේ කේක් ගෙඩියක්ද හදලා දුන්නේ?" "ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනෙක්ද?" බිරිඳ සැහැල්ලුවෙන් ඇසුවාය.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||