W3lanka.com

NEWS IN
ENGLISH

චීනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුළ බලවත් වන උත්සාහයක
බටහිර නොරිස්සුම

(W3Lanka, ජුනි 12, 2009)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන මුල්ම බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා නැඟී එන ආර්ථික බලවතුන් වන චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා රුසියාව යන රටවල් සූදානමින් සිටින බව ජාත්‍යන්තර වාර්තා පවසයි.

චීනය ඩොලර් බිලියන 50ක බැඳුම්කර මිළ දී ගැනීමට සලකා බලමින් සිටින බව ෂින්හුවා පුවත් ‍සේවය වාර්තා කළේය. චීනය ඊටත් වඩා ආයෝජනය කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එතරම් බැඳුම්කර චීනයට ලබා දීමට සූදානම් නැති බව පැවසේ. එයට හේතුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුළ චීනයේ බලය වැඩි වීම බටහිර රටවල් විසින් නොරිස්සීමයි.

රටවල් 185ක සාමාජිකත්වය හිමි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, ගෝලීය ආර්ථික අවපාතයෙන් බැට කන රටවලට ණය දීම සඳහා ප්‍රාග්ධනය ලබා ගැනීමට මෙම බැඳුම්කර නිකුතුව සැලසුම් කර තිබේ.

රුසියාවද ඩොලර් බිලියන 10ක බැඳුම්කර ලබාගැනීමට කැමැත්ත පළ කර ඇති බව පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කළේය.

ඩොලර් ට්‍රිලියනයක විදේශ සංචිත හිමි ජපානය පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඩොලර් බිලියන 100ක් ණයට දීම සඳහා ගිවිසුම් අත්සන් කළේය.

ලෝකයේ ඉහළම විදේශ සංචිත හිමිකරුවා චීනයයි. එම ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.9කි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA