W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජනපද රජය වැටෙන්න ගිය ජෙනරල් මෝටර්ස්ට මුක්කු ගසයි
වෙළඳ ධනවාදයෙන් රාජ්‍ය ධනවාදයට?

(W3Lanka, ජුනි 02, 2009)
ඇමරිකා එක්සත් ජනපදයේ බරක් ඔබාමාගේ පාලනය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න මට්ටමක තිබුණු ජෙනරල් මෝටර්ස් සමාගම මහජන මුදලින් මිළ දී ගෙන තිබේ.

රජය, සමාගම, එක්සත් මෝටර් සේවක සංගමය සහ බැඳුම්කර හිමියන්ගේ සංගමයක් අතර ඇති කර ගත් ගිවිසුම අනුව සමාගමේ කොටස්වලින් 60%ක් එක්සත් ජනපද රජයටද, තවත් 12.5%ක් කැනඩාවටද හිමි වේ.

කෙසේ වෙතත්, සමාගම ගොඩ යන්නට දරන පළමු තැතෙහිදීම එහි එක්සත් ජනපද කාර්ය මණ්ඩලයෙන් 1/3ක් වන 21,000ක් සේවකයන් සහ අලෙවිකරුවන්ගෙන් 40%ක් වන 2600ක් නියෝජිතයන් ඉවත් කර දමනු ලැබේ.

එක්සත් ජනපද රජය මහජන මුදලින් සමාගමට ඩොලර් බිලියන 30ක් ණයට දෙයි. (ලංකාව රටක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලන ණය මුදල වූ ඩොලර් බිලියන 1.9 මෙන් පසළොස් ගුණයකි.) ජෙනරල් මෝටර්ස් සමාගම දැනටමත් භාණ්ඩාගාරයෙන් ඩොලර් බිලියන 20ක් ණයට ගෙන තිබේ. කැනඩා රජයද ඩොලර් බිලියන 9.5ක් ලබා දෙයි.

සියක් වසරක් පැරණි ජෙනරල් මෝටර්ස් සමාගම කලකදී එක්සත් ජනපදයේ ආර්ථික ශක්තියේ සංකේතය ලෙස සැලකිණි. .


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA