|
||||||||||||||
|
මොකද මම බක්කරේ කෙනෙක්ද?
සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න."
ඉතිරි ටික » අලුත් පළාත් සභා මන්ත්‍රී ළඟදී පළාත් සභාවට තේරී පත් වුණ මන්ත්‍රීවරයෙක් අලුතෙන් කාර්යාලයක් එහෙම විවෘත කරලා වැඩ පටන් ගත්තා. ඒ වුණාට තවම කාර්යාලයේ අවශ්‍යතා සම්පූර්ණ නැහැ.ඔන්න එකපාරටම මන්ත්‍රීතුමා දැක්කා ටයි එහෙම දාගත්ත කෙනෙක් කාර්යාලයට ඇතුළු වෙන්න එනවා. මන්ත්‍රීතුමා වහා දුරකථනය කණටඅරගෙන මෙහෙම කියන්න පටන් ගත්තා. "ඔව්, ඔව් මහින්ද අයියා, කිසි දේකට බයවෙන්න එපා ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් මොකක් තිබ්බත් මම මෙහෙ වැඩ බලාගන්නම්.........හරි, හරි, එකෙකුටවත් මෙහෙ ඡන්ද කරන්න දෙන්නෙ නැහැ. මොනවද මේ කතා?...........හොඳයි, හොඳයි, මම තියන්නම්, ශිරන්ති අක්කවත් මතක් කළා කියන්න........චෙරියෝ!" දුරකථනය නැවත මේසය මත තැබූ ඔහු අමුත්තා දෙසට හැරුණා. "ඉතින් කොහොමද? මොනවද මගෙන් කෙරෙන්න ඕනැ?" "මම ආවෙ ඔය දුරකථනයට සම්බන්ධතාව දෙන්න," අමුත්තා කීවා. දේශපාලනය කියන්නේ මොකක්ද? දවසක් පුංචි පුතෙක් තාත්තාගෙන් ගිහින් ඇහුවා, "තාත්තේ දේශපාලනය කියන්නේ මොකක්ද?"තාත්තා ටිකක් කල්පනා කරලා මෙහෙම කිව්වා. "ඔන්න මමනේ ගෙදර මුදල් උපයන්නා. එතකොට මම තමයි ධනවාදය. අම්මනේ ගෙදරදොර බලාගන්නේ එතකොට එයා තමයි ආණ්ඩුව. එතකොට ඔයා තමයි ජනතාව. මල්ලි තමයි අනාගතය." "එතකොට සෝමා?" "ආ, සෝමද? එයානෙ මේ ගෙදර වැඩට ඉන්නෙ. ඒ නිසා එයා තමයි කම්කරු පංතිය. ඉතින් මේ කට්ටිය කරන දේ තමයි දේශපාලනය කියන්නේ." පුතා මේ ගැන කල්පනා කළා. ඒත්, එයාට දේශපාලනේ මොකක්ද කියලා හරියට තේරුණේ නැහැ." පහුවෙනිදා දවල් අම්මා නිදි අතරේ පුතාට ඇහුණා මල්ලි අඬනවා. ගිහින් බලනකොට මල්ලි නැපියේම කක්කයි, චූයි දෙකම දාගෙන. අම්මා හොඳටම නිදි. සෝමාගේ කාමරේට එබිලා බලනකොට තාත්තා සොමාගේ ඇඟ උඩ. කරන්න දෙයක් නැති පාර පුතාත් නිකම් හිටියා. මල්ලි ජරා ගොඩේ. හවස පුතා තාත්තට කිව්වා, "තාත්තේ, මට දැන් දේශපාලනය තේරෙනවා." "හොඳයි පුතා, කියන්නකෝ බලන්න." "ජනතාව කම්කරු පංතියට හැමනෙනවා. ආණ්ඩුව නිදි. ජනතාව ගැන හොයා බලන්න කවුරුවත් නැහැ. අනාගතය ජරා ගොඩේ." කැන්වසිං යද්දි වෙච්ච සිද්ධියක් මේ සිද්ධිය වුණේ මැතිවරණ ප්‍රචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ගෙයින් ගෙට යද්දී. ඔන්න එක ගෙදරක දොරට තට්ටු කළාම ඒ ගෙදර නෝනා දොර ඇරියා. රතු ඇඳගෙන, තොප්පි දාගෙන ආපු මේ පිරිස දැක්කා විතරයි නෝනාට මාරාවේෂ වුණා. "යනවා යන්න. මේ ආණ්ඩුව ගෙනල්ලා තමුසෙලා මේ රටට කරපු හරිය හොඳටම ඇති," කියලා නෝනා දඩාං ගාලා දොර වැහුවා. ඒත්, දොර වැහුණෙ නැතුව ආපහු ආවා.නෝනා ආයෙමත් සැරයක් ඊටත් වඩා හයියෙන් දොර වැහුවා. ඒත් දොර ඒ වේගෙන්ම ආපසු ආවා. මේ මදාවි කොල්ලන්ගෙන් එකෙක් දොරට කකුල තබාගෙන ඉන්නවායි සිතූ නෝනා උඹලට හොඳ පාඩමක් උගන්නන්නම් කියා හිතමින් හොඳට වීරිය අරගෙන දොර දඩාං ගාලා ගහන්න සැරසුණා. "නෝනා, ඔය වැඩේ ආපහු සැරයක් කරන්න කලින් මේ බළලා දොර ළඟින් අයින් කළා නම් හොඳයි නේද?" ජවිපෙ සහෝදරයෙක් නෝනාට කීවා. ඇමතිගේ ඉල්ලා අස්වීම මාතරදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා රුබෙල්ලා සඳහා එන්නත් කිරීමෙන් පසු දැරියක් මියගිය බව කවුරුත් දන්නවා. මේ වගේ දෙයක් වුණොත් බටහිර රටක පමණක් නොවෙයි, ඉන්දියාවේ පවා අදාළ ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා.ඉතින් මාධ්‍යවේදියෙක් ලංකාවේ සෞඛ්‍ය ඇමතිට ඒ කාරණය මතක් කළා. "ඉතින් ඌට ඉල්ලා අස්වෙන්න කියපං," ඇමති කිව්වා. 'ඌ' කිව්වෙ ඉන්දියාවෙ සෞඛ්‍ය ඇමතිට. "එහෙම නෙමෙයි ඇමතිතුමා, මේකට වගකිව යුත්තේ ඔබතුමා නෙමෙයි නම් අඩු ගණනේ අදාළ වගකිවයුත්තා හරි ඉල්ලා අස් වෙන්න ඕනෑ. නැතිනම් අස් කරන්න ඕනෑ," මාධ්‍යවේදියා කිව්වා. "හා හොඳයි, මම හෙටම අදාළ එකාව අස් කරනවා," ඇමති පොරොන්දු වුණා. කිව්වා වගේම පොරොන්දුව ඉටු කළාද බලන්න මාධ්‍යවේදියා විපරම් කරලා බැලුවා. ලේකම්ගේ සිට අදාළ දොස්තර දක්වා කවුරුවත් ඉල්ලා අස්වෙලා තිබුණේ නැහැ. "කෝ කවුරුවත් අස් වෙලා නැහැනේ," මාධ්‍යවේදියා ඇමතිගෙන් ඇහුවා. "ආ, වගකිවයුත්තා හිටියෙ අපේ අමාත්‍යාංශෙ නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශෙ. එහෙන් හොයලා බලන්න." ඇමති කිව්වා. මාධ්‍යවේදියා හෙව්වා. අදාළ පාසලේ විදුහල්පති, පංති භාර ගුරුවරයා පවා මෙන්න යහතින් ඉන්නවා. බැලින්නම් ඉල්ලා අස්වෙලා තිබුණෙ මැරුණු ළමයාගේ පංතියේ මොනිටර්. පුවත්පත්කලාවේදියාට ලැබුණ වර තුන මේ සිද්ධිය ලංකාවේ පත්තරකාරයකුට ඇත්තටම සිදු වූ දෙයක්. දවසක් මේ උන්නැහේ පිං අඩියක් ගහන්න එක්තරා දේශපාලකයකුගේ වලව්වක සාදයකට ගියා. සෑහෙන්න බීලා මුත්‍රා කරන්න කැසිකිළියක් සොය සොයා කැරකෙනකොට ඔහු දැක්කා මුල්ලක තිබුණු පැරණි අමුතු පහනක්. මිනිහා නිකමට ඒක අතගාලා බැලුවා. පත්තරකාරයාගේ සිරිත දුටු දුටු දේ අතපත ගාලා බලන එකනේ.මෙන්න බොලේ ඇලඩින්ගේ පුදුම පහනෙන් වගේ එකපාරටම භූතයෙක් මතුවුණා. "මම ඔබට වර තුනක් දෙනවා," භූතයා තුෂ්නිම්භූත වී සිටි පත්තරකාරයාට කිව්වා. "මට ඕනැ කවදාවත් හිඳෙන්නේ නැති ගල් අරක්කු බෝතලයක්," පත්තරකාරයා කිව්වා. එය ලැබුණා. දැන් මිනිහා බොනවා. බොනවා. කොච්චර බිව්වත් බෝතලේ පිරිලා. භූතයා නැවත මතු වුණා. "මොනවද ඔබට ඉතිරි වර දෙකෙන් අවශ්‍ය?" ඔහු ඇහුවා. "මට දෙනවා තව මේ වගේ බෝතල් දෙකක්," අපේ පුවත්පත්කලාවේදියා කිව්වා. ඇයි ගැහැනිය මෙතරම් සුන්දර? ඊඩ්න් උයනේදී දවසක් ආදම් දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා."දෙවියනි, ඇයි ඔබ ඊවාව මෙතරම් සුන්දරව නිර්මානය කළේ?" "නැතිනම් ඔබ ඇයට ආදරය නොකරන නිසා," දෙවියන් කිව්වා. "එතකොට දෙවියනි, ඇයි ඔබ ඇය ඒ තරම් මෝඩ එකියක කළේ?" "නැතිනම් ඇය ඔබට ආදරය නොකරන නිසා" හරි, හරි මං තමයි හාවා ඔන්න ලෝකේ හොඳම පොලීසිය තෝරන තරෙඟ පැවැත්වුණලූ. මේක පැවැත්වුනේ පුංචි කැලෑරොදක. තරෙඟදී කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඔන්න තරඟ සංවිධායකයෝ හාවෙකුව කැලෑරොදට නිදහස් කරනවලූ මේ හාවාව අල්ලන එක තමයි තරඟකාරි කණ්ඩායම් වලට කරන්න තියෙන්නේ. ඉක්මනට හාවා අල්ලන අය තමයි ජයග‍්‍රාහකයෝ. අවසාන තරෙඟට ඉදිරිපත් වුනේ ඇමෙරිකාවයි. එංගලන්තයයි. ලංකාවයි. ඉස්සෙල්ලාම ආවේ එංගලන්තේ වාරෙ. ඔන්න ඉතින් පොලිස් කණ්ඩායමක් නවීන තාක්‍ෂණික උපකරණ අරගෙන කැලේට ගියාලූ. ඒ ගොල්ල ගස් වැල් වලින්, ගල්මුල්වලින් පවා ප‍්‍රකාශ සටහන් කරගත්තලූ. සියුම් උපකරණ භාවිතා කරලා හාවාගේ සලකුණු හඹා ගියාලූ. හැබැයි හාවා අල්ලන්න බැරි වුණාලූ. ඊළඟ වාරේ ඇමෙරිකානුවන්ගේ ඒගොල්ලෝ හෙලිකොප්ටර් වලින් බෝම්බ දාලා රසායනික අවි පවා භාවිතා කරලා අන්තිමේ වාර්තාවක් ඉදිරිපත් කළාලූ හාවා අතුරුදහන් කියලා. ඊළඟට වැඬේට බැස්සේ අපේ කට්ටියලූ. වැඩි සද්ද නැතුව බැටන් පොලූ දෙක තුනක් අරගෙන කැලෑ රොදට ඇතුල් වුණාලූ. ඔන්න පැය බාගෙකට විතර පස්සේ තඩි වලහෙක් නාහෙන් කටින් ලේ පෙරාගෙන විනිශ්චය මණ්ඩලය ළඟට ඇවිත් කියනවලූ "හරි, හරි මං තමයි හාවා" කියලා.බූරු වයස, බලු වයස සහ වඳුරු වයස දෙවියෝ බූරුවා මැව්වා. "උඹට මොළේ නැහැ. බර ඇදපන්. අවුරුදු හතළිහක් ජීවත් වෙයන්," දෙවියෝ කිව්වා. "අනේ මට බර වැඩ කර, කර අවුරුදු හතළිහක් ඉන්න බෑ. අවුරුදු විස්සක් ඇති," බූරුවා ඉල්ලුවා. එය ලැබුණා. ඊළඟට දෙවියෝ බල්ලා මැව්වා. "උඹ උඹේ මිතුරා වන මිනිහාගේ ගේ මුර කරපන්. අවුරුදු විසිපහක් ජීවත් වෙයන්. ගෙදර ඉතිරි වන දෙයක් කාපන්," දෙවියෝ කිව්වා. "අනේ මට ඒ විදියට අවුරුදු විසිපහක් ඉන්න බෑ. අවුරුදු දහයක් ඇති," බල්ලා ඉල්ලුවා. එය ලැබුණා. ඊළඟට දෙවියෝ වඳුරා මැව්වා. "උඹ අත්තෙන් අත්තට පැන පැන කවටයෙක් වගේ අවුරුදු විස්සක් ජීවත් වෙයන්," දෙවියෝ කිව්වා. "අනේ මට ඒ විදියට අවුරුදු විස්සක් ඉන්න බෑ. අවුරුදු දහයක් ඇති," වඳුරා ඉල්ලුවා. එය ලැබුණා. අන්තිමට දෙවියන් මැව්වේ මිනිහාවයි. "උඹ තමයි එකම බුද්ධිමත් සතා. උඹ ලෝකය මත ආධිපත්‍යය දරමින් අවුරුදු විසිපහක් ඉඳපන්." "අපොයි, මට ඒ විදියට ඉන්න අවුරුදු විසිපහ මදි. මට අර බූරුවා අතහැර දැමූ අවරුදු විස්සත්, බල්ලා අතහැර දැමූ අවුරුදු පහළොවත්, වඳුරා අතහැර දැමූ අවුරුදු දහයත් දෙන්න." දෙවියෝ මිනිහාගේ ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. ඉතින් මිනිහා දැන් මුල් අවුරුදු විසිපහ මිනිහෙක් වගේ ජීවත් වෙනවා. ඊට පසු කසාද බැඳලා අවුරුදු විස්සක් බූරුවා වගේ වැඩ කරමින් ජීවත් වෙනවා. ළමයි ලොකු වෙනකොට ගේ මුර කරමින්, උන් කාලා ඉතිරි වන දෙයක් කමින් බල්ලකු වගේ අවුරුදු පහළොවක් ජීවත් වෙනවා. දැන් ළමයි බැඳලා උන්ටත් ළමයි. ඊළඟට මිනිහා වඳරෙකු වගේ මුණුබුරු, මිනිබිරියන්ට කවටකම් කරමින් ඉතිරි අවුරුදු දහය ජීවත් වෙනවා."අපි යන්නෙ රෑ ''අපි තමයි මුලින්ම අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැව්වේ,'' කියා රුසියානුවා ආඩම්බරෙන් කිව්වා.''ඒ වුණාට අපිනෙ මුලින්ම හඳට මිනිහෙකු යැව්වෙ,'' කියා ඇමරිකානුවාත් පුරසාරම් දෙඩුවා. අපේ ඇමතිතුමාට දැන් ටිකක් වෙරි. ''ඕවා මොනවද? බලනවකො, අපි තමයි මුලින්ම ඉරට මිනිහෙක් යවන්නෙ,'' ඔහු කීවා. රුසියානුවාත්, ඇමරිකානුවාත් තර්ක කරන්න පටන් ගත්තා ''ඒක කරන්න බැහැ. මිනිහා පිච්චිලා මැරෙනවා'' කියලා. ''එහෙම වෙන්නෙ කොහොමද? අපි යන්නෙ රෑනෙ.'' ඇමතිතුමා කිව්වා.
ඔබේ අදහස් / විහිළු
|
|||||||||||||