|
||||||||||||||||
|
සංවර්ධනයට මුදල් ලබාගත්තාට ප්‍රශ්නයක් නැහැ - ජානිපෙ රජය හා ජා.මු.අ. අතර කතා ගැන අදහස් (W3Lanka, මාර්තු 06) ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදගෙන් රු. කෝටි 22,000ක ණයක් ගන්නට යාම සහ එම ණය පසුබිමේ තිබෙන කොන්දේසි පිළිබඳව W3Lanka ජනතා විමුක්ති පෙරමුණෙන් සහ ජාතික නිදහස් පෙරමුණෙන් ඇහුවා. විශේෂයෙන්ම ඔවුන්ගෙන් ඇහුවේ පෞද්ගලීකරණය පිටුදකින ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න ප්‍රධාන වශයෙන්ම දායක වුණේ ඔවුන් නිසායි. මෙන්න ලැබුණ පිළිතුරු: ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක: "2002දී රනිල් වික්‍රමසිංහ අගමැති වී සිටියදී පනතක් ගෙනාවා, මහජන උපයෝගිතා පනත නමින්. එම පනත මගින් සේවා අංශය නියාමනය කිරීම කොමිසමකට පැවරෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් ඒ යටතට ගැනීම සක්‍රිය කරන්නයි දැන් උත්සාහ කරන්නේ. මෙවැනි පියවර හරහා ඇති නැති පරතරය වැඩි වෙනවා. ජාතිකව තීන්දු ගැනීමේ හැකියාව ආර්ථිකයට නැති වෙනවා. විදුලිබල පනත සම්මත කරගැනීම මගින් ජා.මු. අරමුදලට කොළ එළි දල්වා තිබෙනවා. මෙය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂ්‍යයක්. ජා.මු.අ. සහ ආණ්ඩුව අතර සාකච්ඡා හැමදාම සිදු වුණේ හොර රහසේයි. එම සාකච්ඡාවල විෂය රටට හෙළි කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. එදා රනිල් වික්‍රමසිංහ රජය ප්‍රසිද්ධියේ කරමින් සිටි දේ අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හොර රහසේ කරනවා." ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක: "ලලිත් කොතලාවල අත්අඩංගුවට ගත්තා. මුල්‍ය ආයතන තුනක විතර ප්‍රශ්න පැනනැගිලා. මේ ආයතනවලට සහන දෙන්න මුදල් ඕනෑ. ලෝක ආර්ථික අර්බුදයක් මැදයි මේවා සිදුවන්නේ. ජා.මු.අරමුදලෙන් හරි මුදල් ලබාගන්න වෙනවා. ඒත් කොන්දේසි ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන අපි පරීක්ෂාවෙන් ඉන්නේ. උතුරු නැගෙනහිර සංවර්ධනයට මුදල් ලබාගත්තාට ප්‍රශ්නයක් නැහැ."
ඔබේ අදහස්
|
|||||||||||||||