W3lanka.com

NEWS IN
ENGLISH

දේශපාලන විරුද්ධවාදීන්, විවේචකයන්, අවතැන් වූ ජනයා, අල්ලා ගන්නා ලද සටන්කරුවන් ඇතුළු සියලු පුරවැසියන්ගේ හිමිකම්වලට ගරු කිරීම තුළ ශ්‍රී ලංකා‍වේ අනාගතයට වැදගත් දීර්ඝකාලීන වටිනාකම් ඇති බව රජය හඳුනාගත යුතුය
හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස්


“භීතිය අලෙවි කරන්නන් අතර ප්‍රධානීන් වනුයේ, අළෙවි ප්‍රචාරකයින්, ආගම් දේශනාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ දේශපාලඥයින් ආදීන්ය. මොවුහු මිනිසුන්ගේ භීතිය තම වාසිය‍ කර තම ලාභ උපරිම කර ගනිති.”

ක්‍රි.පූ. තුන්වන සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් රජතුමා තක්ෂිලා විශ්ව විද්‍යාලයේ සෘෂිවරයෙකුවූ දන්ඩාමිස් මුණගැසුනු අවස්ථාවේදී දෙදෙනා අතර සිදුවූ දාර්ශනික සංවාදය පිළිබඳව ග්‍රීක ඉතිහාසඥයෙකුවූ ප්ලූටාච් සඳහන් කර ඇත.

ඉදිරිපත් කළ සියළුම උභතෝටික ප්‍රශ්න ඉතා දක්ෂ ලෙස දන්ඩාමිස් විසඳූ ආකාරය ගැන පැහැදුනු ඇලෙක්සැන්ඩර්, ඔහුගෙන් අවසාන ප්‍රශ්නය මෙසේ විමසීය.

“කෙනෙකුට අනිත් අයගේ ආදරය සහ ගෞරවය ලබාගත හැක්කේ කෙසේද ?”

“කෙනෙකුට අසීමිත බලතල තිබියදීත් අන් අය තුළ භීතිය ජනිත නොකරනවා නම් ඔහුට අන් අයගේ ආදරය සහ ගෞරවය හිමිවේ”
තාර්කික මිනිසාගේ අභාවය සහ භීතිය පිළිබඳ ආර්ථික විද්‍යාව
ඩබ්.ඒ. විජේවර්ධනයන්ගේ ආර්ථික බැලුම්ගල (www.vimasuma.com)


කටේ මසුරන් වටින කියමන්

"අසර්බයිජානයේ සිට සිම්බාබ්වේ දක්වාද, බුරුමයේ සිට උස්බෙකිස්ථානය දක්වාද, කියුබාවේ සිට එරිත්‍රියාව දක්වාද ලෝකයේ සෑම අහුමුල්ලකම පුවත්පත් කලාවේදීහු සිරගත කරනු ලැබ හා පීඩාවට පත් කරනු ලබමින් සිටිති. හ්‍රී ලංකාවේ ජේ. එස්. තිස්සනායගම් හෝ චීනයේ ෂි තාඕ සහ හු ජියා වැනි අය මෙම භයානක යථාර්ථයේ සංකේතීය උදාහරණ වෙති."
In his statement given in honor of World Press Freedom Day, President Obama says: “In every corner of the globe, there are journalists in jail or being actively harassed: from Azerbaijan to Zimbabwe, Burma to Uzbekistan, Cuba to Eritrea. Emblematic examples of this distressing reality are figures like J.S. Tissainayagam in Sri Lanka, or Shi Tao and Hu Jia in China.”
- 2009 මැයි 03, ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා

මම දෙමළ ජනයාගේ අදහස් ගැන නොතකමි....දැන් අපට ඔවුන්, ඔවුන්ගේ ජීවිත හෝ මත හෝ ගැන සිතිය නොහැකිය.....ඔබ වැඩි වැඩියෙන් උතුර මත පීඩනය යොදන තරමට මෙහි සිංහල ජනයා තුටු වෙති....ඇත්තෙන්ම කීවොත්, මම දෙමළුන් සාගින්නෙන් මැරෙව්වොත් සිංහල මිනිස්සු සතුටු වෙති.
"I am not worried about the opinion of the Tamil people... now we cannot think of them, not about their lives or their opinion... the more you put pressure in the north, the happier the Sinhala people will be here... Really if I starve the Tamils out, the Sinhala people will be happy."
- හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, 1983 ජුලි 11 (කළු ජූලියට දින කීපයකට පෙර) ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට

යමක් දාර්ශනික යැයි නම් කිරීම හරියට ඌරකුගේ ඇඟේ ග්‍රීස් ගානවා වැනිය. එවිට එය අල්ලා ගැනීම අසීරුය.
-චාල්ස් බුකොව්ස්කි
Calling something philosophical is like greasing a pig to make it hard to catch.
- Eric Pepke

ප්‍රජාතන්ත්‍රවාදයක් හා ඒකාධිපතිවාදයක් අතර වෙනස මෙසේයි. ප්‍රජාතන්ත්‍රවාදයකදී ඔබ අණ පිළිපැදීමට පෙර ඡන්දය දෙයි. ඒකාධිපතිවාදයකදී ඔබට ඡන්දය දීම සඳහා නාස්ති කිරීමට කාලයක් නැත.
-චාල්ස් බුකොව්ස්කි
The difference between a democracy and a dictatorship is that in a democracy you vote first and take orders later; in a dictatorship you don't have to waste your time voting.
- Charles Bukowski

අමානුෂික ආකාරයෙන් කටයුතු කරන්නේ නම් රජයට පැය භාගයෙන් ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කරන්න පුළුවන්.
-ලංකාවේ අගමැති රත්නසිරි වික්‍රමනායක තිස් අවුරුදු යුද්ධයගැන, 2009 අප්‍රේල් පළමුවැනිදා

"Singapore’s multi-racial peoples will never be united if we had used Mandarin as our common language. All non-Chinese, 25% of Singaporeans will be disadvantaged. The result will be endless strife, as in Sri Lanka, where Singhalese was made the national language and the Tamil-speaking were marginalized. We made the right decision to use English as our common language. We also retained the teaching of mother tongues".

"අප චීන භාෂාව පමණක් පොදු බස බවට පත් කළා නම් සිංගප්පූරුවේ බහු වාර්ගික ජනතාව කිසි දිනෙක එක්සත් නොවනු ඇත. 25%ක් වන චීන නොවන සිංගප්පූරු වැසියන් අවාසිදායක තත්වයකට වැටෙනු ඇත. ප්‍රතිඵලය වන්නේ සිංහලය ජාතික භාෂාව බවට පත් කර දෙමළ කතා කරන ජනයා කොණ් කරන ලද ශ්‍රී ලංකාවේ මෙන් දිග්ගැසුණු අර්බුදයයි. ඉංග්‍රීසි භාෂාව පොදු බස කළ යුතුය යන නිවැරදි තීරණය අපි ගතිමු. එසේම අපි මව් බස ඉගැන්වීමද පවත්වාගෙන ගියෙමු.
-සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ, 2009 මාර්තු 17


"එය දැන් මට වෙනසක් කිරීමට මැදිහත් විය හැකි ව්‍යූහයක් නොමැති තත්වයකට පත්ව ඇත. මට ජනාධිපතිට ලියුමක් ලිවිය හැකි හෝ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැස් කළ හැකි කාලයක් තිබිණි. එහෙත් දැන් ඒ කිසිවකින් වෙනසක් සිදුවන්නේ නැත.
-හෙන්රි මිලර් පියතුමා ලංකාව ගැන
(ඔහු 60 වසරක් මඩකලපුවේ සේවය කළ ඇමරිකානු ජාතික ජෙසුයිට් නිකායික පූජකවරයෙකි. අනූ වියේ සිටින ඔහු ලංකාව හැර යාමට පෙර මෑතදී මේ ප්‍රකාශය කළේය.)

ඊශ්‍රායලය, හමාස් සංවිධානය සහ වෙනත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් වෙත තේරුමක් සහිත යුද අව් සම්බාධක වහා පැණවිය යුතුය. ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීම පිණිස එම අවි භාවිතා නොකරන බව තහවුරු කරන යාන්ත්‍රණයක් ස්ථාපිත කරනතුරු එය පැවතිය යුතුය.
-ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මැදපෙරදිග අධ්‍යක්ෂ මැල්කම් ස්මාට්
“We urge the UN Security Council to impose an immediate and comprehensive arms embargo on Israel, Hamas and other Palestinian armed groups until effective mechanisms are found to ensure that munitions and other military equipment are not used to commit serious violations of international law.”
- Malcolm Smart, Director for the Middle East, Amnesty International

සංරක්ෂණවාදියා වනාහි හිඳගෙන කල්පනා කරන්නෙකි. හැඩිපුර හිඳගෙන සිටින්නෙකි.
-එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වූ වුඩ්රෝ විල්සන්
A conservative is a man who sits and thinks, mostly sits.
- Woodrow Wilson

මට ලියන්නට තිබූ කවිය නම් මගේ දිවියයි
එහෙත් මට ජීවත් වන්නත්, එය ලියන්නත් යන දෙකම බැරි විය.
-මුල්කාලීන ඇමරිකානු කවියකු වූ හෙන්රි ඩේවිඩ් තෝරියෝ
My life has been the poem I would have writ,
But I could not both live and utter it.
- Henry David Thoreau, early American poet

¤ විශේෂඥයකු යනු ඉතා පටු ක්ෂේත්‍රයක කළ හැකි සියලු අත්වැරදි කළ කෙනෙකි.
-නීල්ස් බෝර්
An expert is a person who has made all the mistakes that can be made in a very narrow field.
- Niels Bohr

¤ දේශපාලනික නිදහස, ජාතික නිදහස වගේම විද්‍යාවද ත්‍යාගයන් ය. ඒවා කොතෙක් මිල අධිකද කීවොත් දෛවය විසින් එහි මිල තීන්දු කරනු ලබන්නේ රුධිරයෙනි.

ප්‍රංශ ජාතික නවකතාකරුවෙක් මෙන්ම නාට්‍ය රචකයෙක් වන හෙනොරේ ඩි බල්සැක් (1799-1850)

(බූන්දියෙනි)


¤ සැම දෙයක් ගැනම යම් දෙයක්ද, යම් දෙයක් ගැන හැම දෙයක්මද ඉගෙනීමට උත්සාහ කරන්න.
-ටී. එච්. හක්සලි
Try to learn something about everything and everything about something.
-- T.H. Huxley

කියමනක් එවන්න
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA