රස වින්දන

අද කාලෙ විචාර ලිවීම කෙරෙන්නේ වාසියට. ඒ කියන්නේ එක්කෝ සල්ලිවලට, නැතිනම් යාලුකමට, එහෙමත් නැතිනම් පස්සෙ වැඩක් ගන්න සම්බන්ධකම් එකතු කර තබා ගන්න.  අපි පෙනී සිටින දෙය තමයි, අපි විඳ ගත් රසය ගැන අපි කතා කරන්න ඕනෑ කියන එක. මේවා ලියන්නෙ තනිකරම ඒ වෙනුවෙන්. අපි කෘති කියවන්නෙ නරඹන්නේ පිං චාන්ස්වලින් නොවෙයි. කලා කෘතිය වෙනුවෙන් ගෙවිය යුතු මිළ ගෙවා එ්වා රස විඳලායි මේ රස වින්දන ලියන්නේ. එහෙම කියන්න වෙලා තිබෙන්නේ වර්තමාන විචාර කලාවේ ස්වභාවය නිසායි.

ලියන විචාර කියෙව්වා ම හිතෙන තව කාරණයක් තමයි, ඒවා ලියන්නේ එක්කෝ කෘතිය උස්සන්න, නැතිනම් තමන් ඉස්සෙන්න. සමහර විචාර හරියට ගුණ දොස් විවේචන වගෙයි. මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනැ නිර්මානකරුවාගේ ප්‍රකාශනය ගැනයි. ප්‍රකාශන ශෛලිය ගැන කතා කරන්න වෙන්නේ ඒ ප්‍රකාශනය පදනම් කරගෙනයි. 

තමන් වින්ද රසය ගැන ලියන එක හා කෘතිය විසින් තමන්ගේ මනසේ කලම්බනය කළ අදහස් පද්ධතිය ගැන ලියන එක වැදගත් ය කියා මම හිතනවා. සමහර විට විචාරය කියන්නේත් එය ම වෙන්න ඇති. 

අප ලියූ රස වින්දන කීපයක්:

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා අපූරු ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකි

තන්හා රතී රඟා: පීඩිතයන්ට සන්නද්ධ අරගලය ඔස්සේ විමුක්තිය ළඟා කර ගත හැකි ද? 

ඉතිහාස මළ විකාර මැද කොස්තාපල් පුන්‍යසෝම

ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දරම පෙම් පුරාවත

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය' 

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක් 

මේධානි දේශප්‍රියගේ Ex-alien හා දකුණු කොළඹ වරාය 

ජානකී සූරියආරච්චි නම් ස්ත්‍රීවාදිනිය 

මටත් ඕනෙ රැප් කරන්න; පොරක් වෙන්න; ෆේමස් වෙන්න - කලාවේ රෙද්ද කඩාගෙන උපන් කලාව

මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන 

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි


No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.