25.16Matugama

Saturday, 17 November 2018

burnt shop in kandy

වැරදි සමාජ මාධ්‍ය විතර ද? දිවයින ගැන මොක ද කියන්නෙ?

ලංකාවේ ඇති වූ වාර්ගික ගැටුම් ඇවිළවීම සඳහා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හා වට්සැප් වැනි පණිවුඩ සන්නිවේදන මාධ්‍ය ඉවහල් වූ බවට චෝදනා එල්ල වේ. මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මෙසේ පැවසී ය: ‘දිගු කලක් තිස්සේ වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ කුපිත කිරීම් නො තකා හරිනු ලැබුවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය නිදහසේ… Read More

No pill can permanently make a human being sterile – WHO and UNFPA of Sri Lanka

Issuing a joint communique today, World Health Organization (WHO) and United Nations Population Fund (UNFPA) of Sri Lanka condemned recent incidents of communal violence highlighting the importance of ensuring increased access to accurate reproductive health information. The statement said, “Particularly in relation to the Ampara incident, which stemmed from inaccurate… Read More

වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා 071 1 261 261ට දැනුම් දෙන්න

වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත් වන මහජනයා වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි මෙම දුරකථන අංකයට දැනුම් දෙන්න. 071 1 261 261 පහත සඳහන් ඊමේල් ලිපිනය ඔස්සේ ද දැනුම් දීම් කළ හැකි ය. helpdesk@dgi.gov.lk මීට අමතරව සුපුරුදු… Read More

Digana

මහනුවර වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළට

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය කේන්ද්‍ර කරගෙන පැන නැගුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේකුවෙන් මේ වනවිට අඩු වශයෙන්  මුස්ලිම් ආගමික ස්ථාන 4ක්, නිවාස 37ක්, කඩසාප්පූ 46ක් සහ රථවාහන 35 ක් විනාශයට පත් වී ඇති බව වාර්තා වේ. (මූලාශ්‍රය: විකල්ප වෙබ් අඩවිය) තත්වය පාලනය කිරීම සඳහා රජය මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය පනවා ඇත. අද… Read More

UN-logo

ලංකාවේ වාර්ගික ගැටුම් කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

මේ දිනවල රටේ සිදු වෙමින් තිබෙන වාර්ගික ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ තම අවධානය යොමු කර තිබෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. ප්‍ර‍චණ්ඩ ක්‍රියා හෙළා දකින එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආරක්ෂාව තහවුරු කිරීමටත්, වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමටත් කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව 2016… Read More

W3Lanka cartoon

වාර්ගික ගැටුම් සම්බන්ධ මංගලගේ යෝජනාව ක්‍රියාත්මක කරනු!

රටේ ඇති වී තිබෙන ජාතිවාදී කලබල පාලනය කිරීම සඳහා දින 10කට හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. හදිසි නීතිය විසින් විශේෂයෙන් ම ආරක්ෂක හමුදාවලට සිවිල් කටයුතු සඳහා මැදිහත් වීමට වැඩි බලතල ප්‍ර‍මාණයක් ලබා දෙයි. තත්වය පාලනය කිරීමට පොලිසිය අසමත් බව අම්පාර හා දිගන, තෙල්දෙනිය සිදුවීම්වලින් ඔප්පු වීම මෙම තීරණය… Read More

Digana
දිගන

දිගන ඇවිළුන ගින්නට වගකිව යුත්තේ කවුරු ද?

මේ රටේ පොලිසියේ 75,000කට වැඩි පිරිස් බලයක් ඇත. ත්‍රිවිධ හමුදාවේ 250,000කට වැඩි පිරිසක් සිටිති. ඔවුන්ගේ රාජකාරිය ඍජුව ම නීතිය හා සාමය ආරක්ෂා කිරීම ය. හමුදා අණ දෙන නිලධාරීන් ද සිටිති. ඊට අමතරව ග්‍රාමසේවා නිලධාරීන් 10,000කට වැඩි පිරිසක් ද, ප්‍රාදේශීය ලේකම්වරුන් 300කට වැඩි පිරිසක් ද සිටිති. ඔවුන්ට ද නීතිය හා සාමය… Read More

හැටපන්දාහක් අතුරුදහන් වූ ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම තවමත් අපරාධයක් නෙමෙයි

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අවසානයේදී ක්‍රියාත්මක විය. කල් ගත වෙමින් තිබුණු කොමාරිස්වරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 1දා සිට ක්‍රියාත්මක කරන ලදී. 2009දී යුද්ධය අවසන් වී දින කීපයකින් සැමියා අතුරුදහන් වූ මඩකලපුවේ කාන්තාවක වන ජයදීපා පුන්‍යමූර්ති ද කොමසාරිස්වරුන් සයදෙනා අතර වේ. කොමසාරිස්වරුන් පිළිබඳ පැති දෙකකින් ප්‍ර‍ශ්න මතු විය. ප්‍ර‍ධාන… Read More

මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ

කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් ම කරන්නේ සැමියා, සහකරුවා, පෙම්වතා

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක ම අපරාධකරුවා සමීප සහකරු බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍ර‍හයෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් වසර තුනක් තුළ, පළාත් පහක සිදු වූ මිනීමැරුම් ඇසුරින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ පරිදි , කාන්තා මිනීමැරුම්වලින් 36%ක් සිදු වී තිබෙන්නේ නීත්‍යානුකූල සැමියා /… Read More

ශාස්තෘ කවරය

දෙවෙනි නවකතාවට යන්නට කලින් ‘ශාස්තෘ’ මුල් එකෙන් නිදහස් වීම

ශාස්තෘ අජිත් පැරකුම් ජයසිංහ වන මගේ පළමු නවකතාවයි. එය පළ වුණේ 2010දීයි. තවමත් ඒ ගැන කතා කරන අය ද, වෙළඳපොළේ සොයා ගත නො හැකි මේ ගුප්ත පොත සොයාගෙන මා හමු වන්නට එන අය ද මට තවමත් හමු වෙති. “මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා… Read More

barn swallow

කුරුල්ලන්ගෙ මේ විස්මිත සංදර්ශනය මතුගම විතරයි

සවස හයත්, හයහමාරත් අතර එන්න මතුගම නගරයට. ඔබට අතිශය මනරම් දසුනක් දැක ගන්නට ලැබේවි. හැමදාම නැහැ. හැමතැනම නැහැ. මේ දර්ශන වාරය තව ටික දවසයි. සිංහල, දෙමළ අලුත් අවුරුද්දට කලින් ඔවුන් යනවා යන්න. ආයෙත් දැකගන්නට සැප්තැම්බර් වෙනකල් ඉන්නට වේවි. මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල්… Read More

Iranawila

පුතු දූෂණය – කව් ගී ලියවුණා මදී

ඉරනවිල නව හැවිරිදි පිරිමි දරුවකු පොල් කඩන කම්කරුවකු විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර මරා දමා තිබේ. යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර මර දැමූ අවස්ථාවේ හෝ කොටදෙනියාවේ සේයා දැරිය දූෂණය කර මරා දැමූ අවස්ථාවේ හෝ ඇති වූ මහජන ආවේගශීලිබව මෙම අවස්ථාවේදී ඇති වූයේ නැත. ආවේගශීලීබව හොඳ දෙයක් නොවේ.… Read More

කැනඩාවෙ අගමැතිගෙ තුන් හැවිරිදි දඟ මල්ල

කැනඩාවෙ අගමැති ජස්ටින් ටෘඩෝ 46 වියේ තුන් දරු පියෙක්. ඔහුගේ බිරියගේ නම සොෆී. ඔවුන්ට සිටින දරු තිදෙනාගේ නම් හා වයස මෙසේයි: ක්ෂේවියර් – 10, ඇලා ග්‍රේස් – 9, හේඩ්‍රියන් – 3 මේ අතරින් හේඩ්‍රියන් ඉන්නෙ හරි ම සුරතල් වයසක. ඒ නිසා ම ඔහුගේ ඡායාරූප මේ දිනවල අතිශය ජනප්‍රියයි. පසුගියදා කැනඩා අගමැතිවරයා… Read More

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් සමග

ලංකාවේ සරසවි සිසුවා සංකේතවත් වීම

විශ්වවිද්‍යාල කිව්වාම අපට හැම විට ම මතක් වෙන්නේ උද්ඝෝෂණ, පංති වර්ජන හා නවක වධය වැනි දේයි. මාධ්‍යවල වාර්තා වන්නේත් ඒවායි. ඒ නිසා සාමාන්‍ය පුරවැසියන් ලෙස සාමාන්‍ය සරසවි සිසුවා පිළිබඳ චිත්‍ර‍ය නිර්මානය වන්නේ ළහිරු වීරසේකර වැනි අයෙකුගෙන් වීම ස්වාභාවිකයි. විශ්වවිද්‍යාල සිසුන් ගැන සාධනීය වාර්තා මාධ්‍යවල පළ වන්නේ ඉතා අඩුවෙන්. ඒත්, පසුගිය… Read More

Wele Suda

Drug barons, police and politics of Sri Lanka

Media reported the incident of Sri Lankan drug dealer Gampola Vidanage Samantha Kumara aka Wele Suda being acquitted by court on one case against him over possession and trade of six milligrams of heroin. The cause for acquittal is contradictory evidence on the amount of production. Many accused in Sri… Read More

Wele Suda

වෙලේ සුදා නිදහස්; දුමින්ද සිල්වා හිරේ; මහින්ද බාලසූරිය කෝ?

ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නිදහස් වී ඇත්තේ එක් නඩුවකින් පමණි. ඒ හෙරොයින් මිලිග්‍රෑම් හයක් ළඟ තබා ගැනීම හා විකිණීම සම්බන්ධයෙනි. ඔහු නිදහස් වන්නේ ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම නිසා ය. එසේ වී තිබෙන්නේ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබෙන හෙරොයින්… Read More

වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල 

  “මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී… Read More

අම්පාරේ ජාතිවාදී කෝලාහල සහ පොහොට්ටු රැල්ල

කෑමවලට වඳ බෙහෙත් දැමුවා ය කියා චෝදනා කරමින් අවුළුවන ලද මුස්ලිම් විරෝධී වාර්ගික ගැටුමක් දුරදිග යාමෙන් කඩ හතරක්, ආගමික ස්ථානයක් හා වාහන ආදී දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් අම්පාරෙන් වාර්තා විය. මෙම සිද්ධිය සමග සමාජ මාධ්‍යවල සංවාදය ඇති වී තිබෙන්නේ මූලික වශයෙන් ම වඳ බෙහෙත් ගැන ය. එසේ පෙත්තක්… Read More