22.75Matugama

Tuesday, 22 January 2019

Mahinda Rajapaksa

ගල උඩ සටනේ තත්වය: රාජපක්ෂ පවුල තවම ජයගෙන නැත. 

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් රාජපක්ෂ පවුල මේ වන විට බරපතල ගැටලුවකට මුහුණ දී සිටියි. ඒ වනාහි අන් යමක් නොව, සරළ බහුතරය වන මන්ත්‍රීන් 113දෙනෙකුගේ සහයෝගය තමන්ට ඇති බව පෙන්වීමට ඔවුන් අසමත් වීමයි. රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ගැන මේ වන විට වැඩියෙන් ම උදම් අනමින් සිටින්නේ විදර්ශන කන්නන්ගර… Read More

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අද ය; මෙතන ය

රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව සිදු කර තිබෙන බව පෙනෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සාධාරණ අභියෝගයක් කර තිබේ. එනම්, පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතර බලය පෙන්වන ලෙසයි. මෙය වර්තමාන ගැටලුව විසඳාගැනීමට තිබෙන හොඳම මාර්ගයයි. රාජපක්ෂ පවුලට පාර්ලිමේන්තු බහුතරය හෝ පෙන්වා බලය තහවුරු කරගැනීමට හැකි නම්,… Read More

සිරා ගැටයක් ද? දිරච්ච ලණුවක් ද? රනිල් ද? මහින්ද ද?

රාජපක්ෂ පවුල බලය ගන්නට තීරණය කර තිබේ. පවුලේ යම් යම් ගැටලු තිබුණත් ඒවා නිරාකරණය කරගෙන සුපුරුදු අයුරින් පාලනය ගෙන යන්නට ඔවුන් අරමුණු කර ඇති බව පෙනේ. මෙය වනාහි රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතකි. එම අර්බුදයට මූලික හේතු වන්නේ ඇමරිකානු ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා ඩොලරය ශක්තිමත් වීම, ආනයන වැඩි වීම… Read More

ඌබර්, පික් මී ප්‍රශ්නයේ දේශපාලනය

ඌබර්, පික් මී හා ඇප් මගින් ධාවනය වන ටැක්සි සේවාවන්ට විරුද්ධව, එම සේවාවන් සමග ධාවනයේ යෙදෙන හා නොයෙදෙන ටැක්සිකරුවන් පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක් කළ හ. එම සේවා නතර නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය ද කළ හ. පාරට බැස උද්ඝෝෂණ කරන ඕනෑම බලවේගයක් සමග කොන්දේසි විරහිතව එකතු වන ආණ්ඩු විරෝධී හා… Read More

රනිල් මෛත්‍රී

ගම් පෙරළි, පෙම් පෙරළි හා ආණ්ඩු පෙරළි

අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 21දා අනිද්දා පුවත්පතේ පළ විය) රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහළ යාමත් සමග රට කිසියම් ආර්ථික අර්බුදයක පැටලී සිටියි. ඩොලරය, තෙල් මිළ වැනි සාධක සම්පූර්ණයෙන් ම පාලනය කිරීමේ හැකියාව ලංකාවට නැත. එවැනි අර්බුද ඇති වූ විට කළ යුතු වන්නේ ඒවා කළමනාකරණය කරගැනීමයි. එය කළ යුතු වන්නේ… Read More

academics cartoon

හෘදය සාක්ෂියක් නැති සරසවි ඇදුරන්ට හා රජයේ නිලධාරීන්ට තව වරප්‍ර‍සාදත් දිය යුතු ද?

2017 වසර අවසන් වන විට විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් ණය ලබාගෙන, රු. මිලියන 813ක් පමණ ගෙවීම් පැහැරහැර තිබෙන පුද්ගලයන් 485කගේ ලේඛනයක් ප්‍ර‍සිද්ධ කර තිබේ. මෙම විලි ලැජ්ජා නැති පුද්ගලයන් සාතිශය බහුතරය මේ රටේ මහජන මුදලින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව විදේශ… Read More

තීරු බදු රහිත වාහන බලපත්‍ර‍ විකිණීම එළිපිට ම වෙන හැටි

තීරු බදු රහිත වාහන ආනයනය නිසා අපට වෙච්ච දේ

මේ මොහොතේ අප මුහුණ දී සිටින බරපතල ගැටලු දෙකක් වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම හා තෙල් මිළ ඉහළ යාමයි. මේ දෙකම තීරණය වන්නේ බාහිර සාධක මත වුණත්, ලංකාවේ තත්වය තීව්‍ර‍ වෙන්නට හේතු වුණ මූලික කාරණයක් තමයි රටේ ආදායම් තත්වයට නොගැලපෙන අධි පරිභෝජනය. තත්වය පාලනය කරන්නට, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය… Read More

බොරු නම් දුකම තමයි

පහේ ශිෂ්‍යත්වය අධ්‍යාපන ක්‍ර‍මයේ ගැටලුවක් ලෙස

පහේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ශ්‍රී ලංකාවේ තරගකාරී ම විභාගය බවට සැකයක් නැහැ. සෑම අවුරුද්දක ම මෙම විභාගයට සිසුන් ලක්ෂ තුනකට වඩා පෙනී සිටිනවා. විභාගයෙන් සමත් කරන්නේ 10%කටත් අඩු පිරිසක්. එම නිසා මෙම විභාගය සමත් වීමට නම් මේ වන විට 80%කට වඩා ලකුණු ගැනීමට සිදු වෙනවා. එම කඩඉම් ලකුණත් වසරින් වසර… Read More

කාර්යාල ප්‍රවාහන සේවාවලට එරෙහි වීමෙන් පමණක් බස් කර්මාන්තය රැක ගත හැකි ද?

මේ වන විට පොදු ප්‍රවාහන බස් රථ මුහුණ දෙන අලුත් ගැටලුවක් වන්නේ කාර්යාල ප්‍රවාහන සේවා යි. කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒවායේ ගාස්තු ද සාමාන්‍ය බස් ගාස්තුවට වඩා එතරම් ඉහළ නැත. එහෙත්, සපයන සේවාව වඩා ගුණාත්මක ය. මගීන්ට සවන් දීම, මගී පහසුව සැලකීම වැනි… Read More

ස්වෙන් හැස්ල්

කේ පොයින්ට් හා Sven Hassle

උපාලි රත්නායක විසිනි කේ පොයින්ට් කියවා අවසන් කළෙමි. එය මා සසල කළේය. මෑත වකවානුවක කිසිදු පොතක් විසින් නොකළ ආකාරයට මා සසල කළේය. එසේ වූයේ ඇයි? ඒ අජිත් පැරකුම් ජයසිංහ විසින් ඒ පොත ආකෘති ගත කර තිබූ ශෛලිය නිසාද? නො එසේ නම් එහි අන්තර්ගත කර තිබූ, 1987-90 කාලයේදී ලංකාව වසා පැතිර… Read More

Karunarathna Paranavithana

සත්‍යය ප්‍රබන්ධයටත් වඩා බියකරුය; කේපොයින්ට් හා භික්ෂු පරිච්ඡේදය

නව කතා දෙකක් සහ ඉතිහාස දෙකක්! – කරුණාරත්න පරණවිතාන විසිනි කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත් විශේෂ පොත් දෙකක් ගැනය මෙවර සටහන. දෙකම නවකතා දෙකකි. සත්‍ය සිදුවීම් ඇසුරින් ලියන ලද අප රටේ ඉතිහාසයේ යුගයකට අදාල වන බැවින් මේ දෙකම ඓතිහාසික නවකතා දෙකකි. පොත් වලින් මතු කරන ඉතිහාසය වනාහී ඈත දුරාතීතයකට අයත් වූවක් නොව මේ ඊයේ පෙරේදා අප… Read More

වරණ නවකතාව

වරණ නවකතාව: ඉතිහාසය පසුබිම් කරගෙන කතා ලිවීම

වරණ නවකතාව කියෙව්වා. රසය බෙදාගත යුතුයි කියා සිතෙන නිසා මෙම සටහන තබනවා. වරණ ලොකු ඉතිහාස අධ්‍යයනයක පසුතලය මත කරන ලද ප්‍රබන්ධමය වියමනක්. ඒ ඉතිහාස අධ්‍යයනය ලිඛිත ඉතිහාස කෘතිවල සිට ජනප්‍ර‍වාද හා පුවත්පත් ලිපි දක්වා පුළුල් පරාසයක විහිදෙනවා. එකී ඉතිහාස අධ්‍යයනයේ සියලු විස්තර මේ නවකතාවට ඇතුළත් කර තිබෙනවා යයි සිතෙනවා. එහි… Read More

Release political prisoners

1971දී, 1989දී කැරැලිකරුවන්ට පොදු සමාවක් දුන්නා ද?

මෙම සටහන තබන්නේ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාගැනීමේ අරගලයට සහයෝගය ප්‍රකාශ කරන ගමන් එය සටන් පාඨයකින් ඔබ්බට යථාර්ථයක් කරගැනීම පිළිබඳව සිතමිනි. මේ සමග පළ වන රූපමය සටහනේ ගැටලුවක් තිබේ. 71, 89 කැරැලි සම්බන්ධයෙන් දකුණේ සිංහල තරුණයාට පොදු සමාවක් දුන්නේ නැත. 1971දී බොහෝ නඩු පවරන ලද්දේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත… Read More

ලියනගේ අමරකීර්ති

පැරකුම්, සන්නා සහ තිඹිරි ලියූ පොත් තුන

ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි අජි්ත් පැරකුම්ගේ කේ පොයින්ට් නවකථාව, සන්නස්ගලගේ කොළඹ කතාව භික්ෂු පරිච්ඡේදය සහ තිඹිරියාගම බණ්ඩාරගේ ගිනිගත් දේශයක පොත් තුන කියවා ඉවර කළා. ඒ් පොත් තුනම අපේ සමාජයේ මෑත යුගය ගැන කැඩපත්. අපේ පරම්පරාව(මට පනහයි) ගැන ආත්ම පරීක්ෂාවක්. කේ පොයින්ට් නවකථාවක් විදියට විශිෂ්ට ඒකක් නෙමේ. අනික් ලේඛකයො නවකථා ලියන්නෙ… Read More

විප්ලවකාරිත්වය මානසික රෝගයක් ද? – ශාස්තෘ

කතුවරයකු යම් කෘතියක් කළ පසු ඔහු ම එය පිළිබඳ නැවත කතා කිරීම විකෘති තත්වයක් විය හැකි ය. කෘතියෙන් කියා ඇති දේ ගැන නැවතත් වෙනත් ආකාරයකින් කියන්නට යාම අරුත් සුන් විය හැකි ය. එහෙත්, අප මෙය රචනා කරන්නේ දේශපාලනික කාර්යයක් ලෙස සලකා යයි අපි පොතේ පෙරවදනේ ම කීවෙමු. එහෙයින්, මේ සටහන… Read More

ඉක්බිතිව ඔහු මරාපීහ

ඇත්ත කතාවලින් ප්‍රබන්ධ ලිවීම

මෑත කාලයේ කියවන්නට ලැබුණු පොත් අතරින් අලුත් අත්දැකීමක් ලබාදුන් පොතක් තමයි පී.බී. ජයසේකරගේ ‘ඉක්බිතිව ඔහු මරාපීහ.’ ලංකාවේ ගතානුගතික සාහිත්‍ය විනිශ්චයකාරවරුන්ට හා ඊනියා විචාරකයන්ට සාහිත්‍යයේ නව ප්‍රවණතා ග්‍රහණය කරගන්නට තරම් පුළුල් දැක්මක් නැති බව අමුතුවෙන් කියන්නට ඕනැ නැහැ. ඒ නිසා මේ නවකතාව ඔවුන් නොතකා හැර තිබෙනවා. සම්මාන බෙදාගැනීමේ කෑදර පොරය තුළ… Read More

යුද සමයේ වැරදි සම්බන්ධයෙන් පොදු සමාවක්

යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට… Read More

O. Panneer Selvam

තමිල්නාඩුවයි අපියි

අජිත් පැරකුම් ජයසිංහ (අනිද්දා පුවත්පතෙනි) පහත පළ වන්නේ ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද විකෘති ම මාධ්‍යකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකිය හැකි කීර්ති වර්ණකුලසූරිය විසින් දිවයින පුවත්පතට ලියන ලද ‘ප්‍රවෘත්තියකි.’ තමිල්නාඩු නියෝජ්‍ය මහඇමැති ලබන සතියේ යාපනේ කීර්ති වර්ණකුලසූරිය යාපනයේ පුස්තකාලයට පොත් බෙදාදීමේ මුවාවෙන් උතුරේ හමුදාව රැඳී සිටීම ඇතුළු තොරතුරු… Read More

USA flag

සිංහලයන් ඇමරිකාවේ නිදහස ප්‍රතික්ෂේප කළ හැටි

United States of America කියන වචන තුනේ පරිවර්තනය ඇමරිකාවේ එක්සත් රාජ්‍ය යන්නයි. ඒ වුණාට අප ඒ රටට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය කියලායි. එහෙම වුණේ කොහොම ද? වැරදි පරිවර්තනයක් සිංහල භාෂාව තුළ ස්ථාවර වුණේ ඇයි? 1776 සැප්තැම්බර් 9දාට පෙර මේ රටේ නම වුණේ United Colonies of America යන්නයි. එහි තේරුම නම්… Read More

O. Panneer Selvam

තමිල්නාඩුවයි අපයි කීර්ති වර්ණකුලසූරියයි

පහත පළ වන්නේ ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද විකෘති ම මාධ්‍යකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකිය හැකි කීර්ති වර්ණකුලසූරිය විසින් දිවයින පුවත්පතට ලියන ලද ‘ප්‍රවෘත්තියකි.’ තමිල්නාඩු නියෝජ්‍ය මහඇමැති ලබන සතියේ යාපනේ කීර්ති වර්ණකුලසූරිය යාපනයේ පුස්තකාලයට පොත් බෙදාදීමේ මුවාවෙන් උතුරේ හමුදාව රැඳී සිටීම ඇතුළු තොරතුරු සොයා බැලීම සඳහා තමිල්නාඩු නියෝජ්‍ය… Read More