25.72Matugama

Saturday, 15 December 2018

ජනබලය කොළඹට

ජනබලය කොහෙට ද?

2018 සැප්තැම්බර් 5දා කොළඹදී පැවැත්වුණු ‘ජනබලය කොළඹට’ විරෝධතාව අතිශය වැදගත් දේශපාලන අවස්ථාවකි. පොදුජන පෙරමුණේ පීක් එක හෙවත් කූටප්‍රාප්තිය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අවසන් වී ඇති බව එයින් ඉතා පැහැදිලිව සලකුණු කරන ලදී. දේශපාලනයේදී මෙවැනි කූටප්‍රාප්තීන් තිබේ. උදාහරණයක් ලෙස 2004 මහමැතිවරණය එවැනි කූටප්‍රාප්තියකි. එහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද… Read More

බනජලය කොළඹට; වියරුවෙන් කොළඹ ආරක්ෂා කරනු!

ආණ්ඩු පෙරළීමේ අරමුණ ඇතිව හිටපු ජනාධිපති පුත්‍ර‍ නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් සංවිධානය කරනු ලබන විරෝධතාවක් හෙට, සැප්තැම්බර් 5දා පැවැත්වීමට නියමිත ය. හෙට පැවැත්වෙන විරෝධතාව ආණ්ඩු පෙරළීමේ අරමුණින් කරන්නක් බව මේ වන විට සපථ කර හමාර ය. නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අයට එවැනි හදිසියක් තිබේ. මූලිකව ම ඔවුන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට… Read More

ළහිරු නියෝජනය කරන පන්තිය කුමක් ද?

ළහිරු වීරසේකර නියෝජනය කරන පන්තිය කුමක් ද?

මේ පිංතූරයත් එක්ක තියෙන පාඨයේ යෙදෙන පන්තිය, අරගලය වගේ වචනවල තේරුම ඇත්තට ම ඔබ දන්නවා ද? මොකක්ද මේ කට්ටිය මේ කියන පන්තිය? සමාජයේ ඔහොම පන්ති ජාතියක් නැහැ. පන්ති කියන්නෙ විග්‍රහයක්. සමාජයේ තියෙන සංකීර්ණතාව මුළුමනින් ම ග්‍රහණය කරගන්නට මොනම විග්‍රහයකටවත් බැහැ. හැබැයි, පන්ති විග්‍රහය කියන්නෙත් යථාරථය තේරුම් ගන්නට උපකාර කරගත හැකි… Read More

අප සිංහල බෞද්ධකමට විරුද්ධ විය යුතු ද?

  ලෝකයේ කිසිදු සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා හොඳ යයි කිව නො හැකි ය. සෑම සංස්කෘතියක් ම පසුබිම් වන්නේ කිසියම් ඉතිහාසයක්, උරුමයක්, භූගෝලීය පසුබිමක්, භාෂාවක් වැනි දේ මත ය. එසේ ම සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. අනෙක් පැත්තෙන් සංස්කෘතිය යනු යම් සමාජයක සාමාන්‍ය තත්වයක් මිස සමාජයේ සියලු දෙනාට අනිවාර්ය වූ තත්වයක්… Read More

man kelin minihek

වාරණය අත්තනගල්ල කර ගැනීම

කලා කෘති සම්බන්ධයෙන් පසුගිය දිනවල සිදු වූ රාජ්‍ය වාරණයන් හා වෙනත් අංශවලින් වාරණය සඳහා කරන ලද බලපෑම් හේතුවෙන් ලංකාවේ මේ වන විට වාරණය සම්බන්ධයෙන් කතිකාවක් ඇති වී තිබේ. නිදසුනක් ලෙස, සකලවිධ වාරණයන්ට එරෙහි විය යුතු ය යන රැඩිකල් ස්ථාවරය සමාජ මාධ්‍යවල හා කලාකරුවන් අතර ජනප්‍රිය වෙමින් තිබේ. මේ කලාකරුවෝ ම… Read More

ඝරසරප

ඝරසරප; කළු කුමාරයා වැහෙන්නේ කුමන සමාජයකට ද?

ජයන්ත චන්ද්‍රසිරි සිය සිනමා සැරියේ තවත් අපූරු නිර්මාණයක් රැගෙන පැමිණ තිබේ. ඝරසරප අනගි සිනමා නිර්මාණයකි. රසවත් කතා පුවතකි. මා කලින් ද කියා ඇති පරිදි ලංකාවට කතාකරුවන්ගේ හිඟයක් ඇත. කතා ගෙතීමේදී ඇතැම් කතාකරුවන් අතිශය බොළඳ පෙළගැසීම් කරති. ජයන්ත චන්ද්‍රසිරි සිනමාවෙන් රස කතා ගොතන්නෙකි. කළු කුමාරයා යනු ප්‍රාදේශීයව විවිධාකාර වූ ලක්ෂණ සහිත… Read More

පොත මුද්‍රණය කරලා මුලින් ම අතට දීපු මුද්‍රණකරු ආලෝකට කියලා මං ගත්ත ෆොටෝ එක.

එළියකන්ද වධ කඳවුර හා කේපොයින්ට් නවකතාව ගැන

කේපොයින්ට් නවකතාව සම්බන්ධයෙන් මේ වන විටත් මතභේදයක් ඇති වී තිබෙනවා. එය පැනනැගුණේ කිසි සේත් ම බලාපොරොත්තු නොවූ තැනකින්. මීට කලිනුත් එළියකන්ද වධකාගාරය පිළිබඳ පොතක් ලියැවී තිබේ. එහි නව එළියකන්ද වධ කඳවුරයි. එහි වරහන් ඇතුළේ ඉංග්ලිෂ් අකුරෙන් K-Point යනුවෙන් ද ලියැවී තිබේ. මගේ නවකතාවේ නම සිංහලෙන් කේපොයින්ට් ය. අවුෂ්විට්ස් වධ කඳවුර… Read More

KPoint Invite

මීහරක් පීටී (කේපොයින්ට් නවකතාවෙන් පිටුවක්)

එකල කඳවුරේ කපා දමා තිබූ ගසක මහ කොටයක් ද මීහරක් පීටී දීම සඳහා යොදා ගැනිණි. දහදෙනෙකු පමණ ලවා එය ඔසවා දෙදෙනෙකුගේ උර මත තබා කඳවුර වටා දුවන්නට බල කරන ලදී. බොහෝ දෙනෙකු පය ඔසවා ගැනීමට බැරිව කොටයත් සමගම ඇද වැටී කොටයට යට වී තුවාල වූ හ. වැටෙන අයට පහර දී… Read More

Computers and tabs for Colombo Municipal Councilors

කොළඹ නගර සභාව⁣ට පත් වුණ කැලණි හිඟන්නන් සහ අපි

දේශපාලනය කළ හැකි ආකාර තුනක් තියෙනවා. 1. මහජන නියෝජනය – පාර්ලිමේන්තු, පළාත්, ප්‍රාදේශීය සභා 2. නිලධාරි දේශපාලනය – දේශපාලකයන්ගේ හෝ රජයේ හෝ කාර්ය මණ්ඩලවල සිටිමින් දේශපාලනය කිරීම 2. විවෘත දේශපාලනය – ඉහත දෙකටම අයත් නොවන දේශපාලනය මෙතැනදි මා ඇතුළු වැඩි පිරිසක් තෝරාගෙන තිබෙන්නෙ තුන්වන ක්‍රමය. ඒක ඉතා අභියෝගාත්මකයි. අනෙක් දෙවර්ගයේ… Read More

KPoint Invite

කර්නල් මීඩින්, කැරැලි, ඝාතනයට ලක් වන්නෝ හා ඝාතකයෝ

මෙය 2016 වසරේ පළ කරන ලද ලිපියක නැවත පළකිරීමක් බව කරුණාවෙන් සලකන්න. එය නැවත පළ කරන්නේ මේ සතියේ නිකුත් වන කේපොයින්ට් නවකතාවට එය සම්බන්ධ නිසා ය. මෙම ලිපිය ලියන සමයේ මා දැරූ අැතැම් අදහස් දැන් වෙනස් වී තිබෙන නිසා ලිපියට සුළු සංශෝධන කීපයක් කළෙමි. කොටි සංවිධානය විසින් සටන් විරාමය අතරතුර… Read More

එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් 2016 දෙසැම්බර් 31දා ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ පළ කරන සම්මුඛ සාකච්ඡාවකි. අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි, ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය. එළියකන්ද වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද… Read More

Railway Strike

Strikes among public employees can be addressed this way

Recurrent strikes in the public service are paralysing the day to day life of the people of Sri Lanka while jeopardising the economy of the country severely. Central Bank (CBSL) data revealed that an overall 104,327 man-days were squandered in 41 strikes in 2016, the worst tally since 2007, as Sunday Times reported. The numbers… Read More

Railway Strike

දුම්රිය ඇතුළු රජයේ සේවයේ වර්ජනවලට ස්ථිර විසඳුම

මේ වන විට දුම්රිය සේවකයන් අතරින් කොටසක් වන රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් හා ස්ථානාධිපතිවරුන් වැනි පිරිසක් අඛණ්ඩ වැඩ වර්ජනයක ය. ඔවුන්ගේ මූලික ප්‍රශ්නය වැටුප් විෂමතා ය. මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේ ය. එයින් දුම්රිය මගී ජනතාවට සිදු වූ හිරිහැරය අති මහත් ය. දැන් දැන් රජයේ… Read More

මේ සීදේවි පොටෝ කෑල්ල

දේශපාලකයන්ට තමන්ගේ රූපය හා නම රජයේ කාර්යාලවල සහ මහජන දේපලවල ප්‍ර‍දර්ශනය කරන්නට තිබෙන ආශාව ලාංකික දේශපාලනයේ සුවිශේෂ ලක්ෂණයකි. එසේ ප්‍ර‍දර්ශනය කරගැනීම සඳහා බොහෝ විට යොදාගැනෙන්නේ මහජන මුදල් ය. එය කලාවක් නම් මහින්ද රාජපක්ෂ එහි පිකාසෝ ය. වයඹ ප්‍ර‍ධාන ඇමති ධර්මසිරි දසනායකගේ ඡායාරූපය බිත්තියේ එල්ලාගැනීම සඳහා විදුහල්පතිවරුන් එක්කෝ තමන්ගේ අතින් මුදල්… Read More

සර්මේනියාවේ වගතුග

මහරගම නගර සභාවේ සභාපති තමන්ට සර් කියන්නැයි උපදෙස් දුන් දැන්වීමක් දැන් සමාජ මාධ්‍යවල විහිළුවක් වී තිබේ. ඉස්සර මං වැඩ කළේ පාසල්වල. ඒවායේ සර් කියන වදන භාවිතය සුලබයි. දැන් මා රැකියාව කරන ජාත්‍යන්තර ආයතනයේ නම් තරාතිරම කුමක් වුණත්, කවුරුත් කාටත් අමතන්නේ මුල් නමින්. සර් හා මැඩම් කියන වදන්වල මුල් ඉංගිරිසියේ නැති… Read More

දූෂිතයන්ට එරෙහි නඩු කල්යාම පිටුපස ඉන්නෙ රනිල් හා මෛත්‍රී ද?

රාජපක්ෂ පවුලේ අයට හා එහි අන්තේවාසිකයන්ට එරෙහිව ඇති නඩු දිගින් දිගට ම කල් යමින් තිබේ. බැසිල් රාජපක්ෂට මල්වානේ ඉඩම හා නිවස සම්බන්ධයෙන් තිබෙන නඩුව ඇසීම සඳහාපෙර දිනයකදී අධිකරණය විසින් නියම කරන ලද දිනයන් සියල්ල අවලංගු කරමින් එක් දිනයකට පමණක් නඩු විභාගය නියම කර ඇත. අධිකරණය එසේ පෙර ලබා දී තිබු… Read More

මාක්ස්වාදී ආගම යනු යථාර්ථයෙන් ප්‍ර‍බන්ධයට පළා යාමට ගංජා සුරුට්ටුවකි.

පරිප්පු කන්නට සැරසෙන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අපේ විප්ලවීය මෙව්වා එක!

“වැඩ වර්ජන කරන පළියට පඩි වැඩිවීම් දෙන්න බැහැ. මේක මහ කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌. මෙහෙම පඩි වැඩිවීම් කරන්න ගියොත් හැමෝම වර්ජන කරයි. වර්ජන කරනවට බයෙන් පඩි වැඩි කරන්න බැහැ,” යි මංගල සමරවීර මහතා බරපතල දෝෂාරෝපණයක් කළේ පසුගිය කැබිනට් රැස්වීමකදී ය. 1980 ජුලි වැඩ වර්ජනයේ අත්දැකීම් පිළිබඳ කතා කරන සාකච්ඡාවක් ඊයේ… Read More

1965 වැනි වසරවල උපන් මෙවැනි පුද්ගලයන් තරුණ වියේදී ගැටලුවලට මුහුණ දුන්නා සේ ම ඔවුන්ගේ වැඩිහිටි විය ද බරපතල ගැටලු සහිත සමයක් වනු ඇත.

75 හැවිරිදි මල්ලී 80 හැවිරිදි අක්කා මරා සියදිවි නසා ගත්තේ ඇයි?

හැටහත් හැවිරිදි, එහෙත් ඉතා වියපත් ගම්පොළ හුදකලා මවක් ඇය විසින් පන්සාළිස් අවුරුද්දක් රැක බලාගත් ආබාධිත දියණිය මරා දමා රිමාන්ඩ් බන්ධනාගාරගත වූ පුවත පිළිබඳ අප ලියුවා ඔබට මතක ද? ඇය පැවසුවේ ඇය නැති කලෙක දුව බලාගැනීමට කවුරුවත් නැති නිසා ඇය එසේ කළ බවයි. මේ අප ඒ පිළිබඳ තැබූ සටහන. බුලත්සිංහල ප්‍රදේශයෙන්… Read More

අකිල විරාජ් කාරියවසම්

දේශපාලන පළිගැනීම්, වර්ජන හා ආණ්ඩුව

ගුරු සටනක් ජයග්‍රහණයෙන් කෙළවර වීම අධ්‍යාපනය පැත්තෙන් හොඳ ය. ⁣ ගුරු සංගම්, විදුහල්පති සංගම්, පරිපාලන සංගම් එක්ව මෙවර වර්ජනය කරන්නට සූදානම් වුණේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියන 1000ක⁣ට වැඩි ගුරු පිරිසකට විදුහල්පති සේවයට හා පරිපාලන සේවයට උසස්වීම් දීමට එ⁣රෙහිව ය. මෙසේ දේශපාලන පළිගැනීම්වලට සහන ලෙස උසස්වීම් දීම අලුත් දෙයක්… Read More

කළු ජුලියයි ඒලියනුයි නිර්මාලුයි

ජුලිය කළු වුණත් අපි හරි සුදු ය රාජිනී දෙමළ කඩ කඩපු උන් ආවේ පිටසක්වළිනී ඒ වෙලාවෙ අප කළ දේ දෙයියො දනී කරුමෙ තමයි උඹ විතරක් එය නොදනී ඒලියන්වරුන් රට ගිනි තබන විට නිර්මාලුන් විතරයි එක් වුණෙ උන්ට සිංහල අපි කළේ මොනවද දැනගන්න රැකවරණය දුන්නා අපි දෙමළුන්ට හැම සිංහල ගෙදරක හැම… Read More