19.75Matugama

Friday, 19 October 2018

උඩරට ගිව්සුම

නුවර යුගයේ දෙමළට තිබුණ තැන

දෙමළ සිංහල කර පවසා සිතන වැරසැර තම දළිනි මහමෙර කුහුඹු විදිමැයි සිතූ වෙනි වර මේ කවිය එන්නේ නුවර යුගයේදී කරන ලද මහා පදරංග ජාතක සිංහල පරිවර්තනයේ ය. මහා පදරංග ජාතකය දෙමළ බසින් සිංහලට පරිවර්තනය කළේ ජාතිය, ආගම රැක ගැනීමෙහි ලා සුවිශාල මොහයක් කළ, මල්වතු මහනායක කොබ්බෑකඩුවේ ස්ථවිරයෝ ය. දෙමළ බසින්… Read More

මෝටර් බයිසිකල් හා තවත් භාණ්ඩ මැද භාණ්ඩ ඉක්මවා ගිය චිත්‍රපටයක්

සිංහල අවුරුදු දවසෙ TV1 රූපවාහිනී නාලිකාවේ මෝටර් බයිසිකල් චිත්‍රපටය පෙන්නුවා. තරුණ පිරිසක විසින් කරන ලද චිත්‍රපටයක් නිසා වැඩි දෙනෙක් ඒ ගැන කතා නො කළාට මෝටර් බයිසිකල් චිත්‍රපටය ලංකාවෙ චිත්‍රපට ඉතිහාසයේ මාස්ටර්පීස් එකක් හෙවත් අග්‍රකෘතියක් ලෙස සලකන්නට පුළුවන් ය කියා මා හිතනවා. පහත දැක්වෙන්නෙ ඒ චිත්‍රපටය පෙන්නපු දවස්වල මා ලියූ සටහනක්.… Read More

කලවැල්ලාව පාලම

කලවැල්ලාව පාලමේ කතාව

ඡායාරූප හා සටහන බර්ටි රණවීරගේ විසිනි කළු ගඟේ අත්තක් වන කුඩා ගඟ ගලන්නේ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශය හරහාය 1976 ට පෙර අගලවත්තේ සිට කලවැල්ලාව හරහා බුලත්සිංහලට/හොරණට යන මගීන්ට කලවැල්ලාවේදී බසයෙන් බැසීමට සිදුවන්නේ කුඩාගඟ හරහා පාලමක් නොතිබුණු නිසාය. ඔරුවකින් හෝ පාලම් පාරුවෙන් හෝ ගඟ තරණය කොට එගොඩහ නතර කර තිබෙන වෙනත් බසයක… Read More

සෙනරත් ධර්මතිලකගේ නිර්මානයක්.

මීනයෙන් මේසෙට – මේසෙන් බඩට

නොනගතය වන තුරු බඩු ගනිමු බඩු විකුණමු පෝලිම් සැදී මෙහි එනු ලාබයි ගන්න අවුරුදු හැම තැන ම සෙනග ය සතුට ඉතිරෙන මුහුණු ය අත්තිකාරම් උත්සව ණය බව සිතට නො දැනෙ ය ගෙවල් පිරිසිදු කර අලුත් බඩු මිළ දී ගෙන කොණ්ඩත් කපාගෙන වාහනේටත් තෙල් ගසාගෙන කොළඹ ඇත කපුටන් කොවුලෝ හඬති එහෙයින්… Read More

ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවයි ද?

අටවන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින අත්සන් තැබී ය. ඒ අනුව, දෙවන සැසි වාරය මැයි 8දා ආරම්භ කිරීමට නියමිත ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (3) වගන්තිය යටතේ ‘පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප‍්‍රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුත්තේ ය. ඒ දිනය… Read More

රජිත් කීර්ති තෙන්නකෝන්

අගමැති විශ්වාස නැති, ජනපතිට බැන වදින ඇමතිවරුන්ගෙන් තොර ආණ්ඩුවකට දැන්වත් ඉඩ දිය යුතුය

රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි ජනපතිට, අගමැතිට බනින ඇමතිවරු ඉන්නේ මොන කැබිනෙට්ටුවේ ද? අගමැති විශ්වාස නැති, ජනපතිට බැන වදින ඇමතිවරුන්ගෙන් තොර ආණ්ඩුවක් දැන්වත් ඉඩ දිය යුතුය අගමැති රනිල් ට විරුද්ධ ඡන්දය දුන් අමාත්‍යවරුන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපි ලියා ඇත. ඔවුන් කියන්නේ ජනාධිපතිවරයා විසින් තමන් ඉවත් කළ යුතු බවයි.… Read More

ලාල් කාන්ත

නැවත මැතිවරණ පැවැත්වීමේ ජවිපෙ ප්‍රතිගාමී ඉල්ලීම හා කැබිනට් සංශෝධනය

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන්නැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල් කාන්ත පැවසී ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙට හිමි වූ ජාතික ලැයිස්තු ආසන දෙක සඳහා නම් කිරීමේදී ලාල් කාන්ත ද ඒ සඳහා අභිප්‍රාය පළ කළ මුත් පක්ෂය විසින් තෝරා පත් කරනු ලැබුවේ පරාජිත අපේක්ෂකයකු… Read More

රනිල් මෛත්‍රී

කැබිනට් රැස්වීම වර්ජනය කළ ඇමතිවරුන් සේවය හැර ගියා සේ සලකන්න

කැබිනට්ටුව හෙවත් ඇමති මණ්ඩලය යනු මේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පමණක් දෙවන වන විධායක බලය සහිත ව්‍යූහයයි. විධායක ජනාධිපතිවරයාට පවා රාජ්‍ය පාලනය සඳහා ඇමති මණ්ඩලය අත්‍යවශ්‍ය ය. එවැනි තැනක වර්ජන තිබිය නො හැකි ය. රටේ වර්ජන සිදු නො වෙන තැන් තිබේ. උදාහරණයක් ලෙස ආරක්ෂක හමුදා හා පොලිසියේ වර්ජන නැත. මේ… Read More

Doctor Cartoon

කළුතර මහ රෝහලේ දොස්තරලා සඳුදා රෝගීන්ගෙන් පළි ගත්තේ ඇයි?

පසුගිය සඳුදා දවසේ කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරුන් බාහිර රෝගී අංශයේ හා සායනවල ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම වර්ජනය කළා. මේ හේතුවෙන් දහස් ගණනක් රෝගීන් අසරණ වුණා. විශේෂයෙන් ම ඈත දුෂ්කර ගම්වල සිට පාන්දරින් ම පැමිණි දුප්පත් ලෙඩුන්ට එයින් සිදු වුණේ බරපතල අවැඩක්. නාගොඩ රෝහලේ දොස්තරලා මේ අන්දමින් රෝගීන්ගෙන්, මහජනතාවගෙන් පළි ගත්තේ… Read More

Trishaw cartoon

සජීවී ත්‍රීවීල් රේස් එක සහ ලංකාවේ මාර්ග විනය

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් වැනි ජවනිකාවකි. එහෙත්, එය ලංකාවේ මහාමාර්ගයක රාත්‍රී කාලයේ සිදු වූ ඇත්ත සිදුවීමකි. මෙවැනි සිදුවීම් තව ඕනෑ තරම් නිතිපතා මේ රටේ සිදු වේ. වීඩියෝව බලා සිද්ධිය ගැන කතා කරමු. දැන් මේ පෙරළා ගත් ත්‍රිරෝද රියේ රියදුරා ඇතැම් විට අත… Read More

ටිල්මා ලංකා

දේශපාලනයට වඩා වටින්නෙ ව්‍යවසායකත්වය

රංජි මනෝජ් අපේ ගම් පැත්තෙ මගේ සමීප මිතුරෙක්. 80 දශකයේ අග භාගයේදී අප එකට දේශපාලනය නො කළාට එක දේශපාලනයක සිටි නිසා අප අතර ලොකු බැඳීමක් තිබෙනවා. රංජි තවමත් දේශපාලනය අතහැර නො දැමූ සහෝදරයෙක්. හැබැයි, ඔහු දේශපාලනයට වඩා ව්‍යවසායකත්වයට ප්‍රමුඛතාව දෙන නැගී එන ව්‍යවසායකයෙක්. හැබැයි, ඕනෑ ම වෙලාවක පොදු අවශ්‍යතාවකදි ඉදිරියට… Read More

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ

අප පාසල් යන කාලයේ ප්‍රාථමික සිසුන්ට උගන්වන ලද ජනප්‍රිය ළමා ගීයක් තමයි මේ. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූ නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී වැඩිය කඩන නරක ළමෝ හෙම නොවේ අපී එය ලිව්වේ ගුරු අධ්‍යාපන විශේෂඥයකු වූ උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා හෙවත් යූ.ජී.පී… Read More

Train made dirty by passengers

පොදු දේපල වනසන, පෞද්ගලික දේපල බදා වැළඳ ගන්නා ලංකාවේ ජනතාව සමග විප්ලව කිරීම

ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙකු කෙසේ හෝ මෝටර් රියක් බැරිනම් ත්‍රිරෝද රියක් හෝ යතුරුපැදියක් හෝ මිළ දී ගෙන එදා සිට එය පරිස්සම් කිරීමට අපරිමිත වෙහෙසක් දරති. ගමනක් ගොස් ආවොත් එය වහා සෝදති. තමන්ගේ ශරීරියට වඩා වාහනයේ බොඩියට සලකති. ඇතුළේ සීට්වල පැකිං නො කඩා අවුරුදු ගණන් පොලිතින් උඩ දුක් විඳිමින් යන අය… Read More

සජිත් ප්‍රේමදාස

මෛත්‍රීපාල එක්ක හවුල් ආණ්ඩුව හා එජාප ප්‍රතිසංස්කරණ

මාස දෙකක් තිස්සේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව රටේ දේශපාලන අස්ථාවරයක් නිර්මානය කරමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැන් නැවතත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ උවමනාව ඇති වී තිබේ. රනිල් එජාප නායකත්වයෙන් නෙරපා හැර, සජිත් අගමැතිකමට පත් කරගෙන, පොහොට්ටුවෙන් ද මන්ත්‍රීවරුන් ටිකක් බාගෙන ආණ්ඩුවක් හදන්නට ගොස් පස්ස බිම ඇන ගැනීමෙන් පසු ඔහු… Read More

කාටුන්

දේශපාලන අස්ථාවරත්වය නිර්මානය කරන මෝඩ ජනාධිපතිවරයෙක් සිටින ලංකාව

“බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. සාමාන්‍ය බුද්ධියක් තිබෙන මිනිසුන් තමන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා. පසුගිය සති කිහිපයක කාලයක සිට මේ රටේ දේශපාලනය අස්ථාවර තත්ත්වයක තිබෙන්නේ. අපි එකම වරද නැවත නැවත සිදුකරමින් ඉන්නවා.” එසේ කීවේ, මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම… Read More

කැලුම් ජයසුමනගේ යාන් එක

කැලුම් ජයසුමනගේ යාන් එක ඇසුරෙන් රනිල් තේරුම් ගැනීම

මේ යාන් එක හෙවත් විහිළු කතාව ලිව්වෙ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමනයි. ඔවුන්ගෙන් මෑතදී කැඩී ගිය මන්ත්‍රීවරයකු වුණ වීරකුමාර දිසානායක විශ්වාස භංගයේදී රනිල්ට විරුද්ධව ඡන්දය දීමට නො පැමිණියේ රනිල්ගෙන් මුදල් රැගෙන බව එම කතාවේ හරයයි. මේ කතාව සම්බන්ධයෙන් අපට කෙටියෙන් කියන්නට තියෙන්නේ මෙසේ ය: මේ කතාව බොරු වෙන්නෙ… Read More

ප්‍රතිභා මහානාමහේවා

මහරාජාගේ ඊළඟ ගේම් ප්ලෑන් එක

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන හවුල්කරුවකු වූ මහරාජාගේ සිරස නාලිකාව අද උදෑසනින් ම අචාර්ය ප්‍රතිභා මහානාමහේවා නම් දේශපාලන කුලී හේවායා ගෙනැවිත් සිය ඊළඟ ගේම් ප්ලෑන් එක රටට හෙළිදරව් කළේ ය. එහි තිබෙන මූලික කරුණු වන්නේ මේවා ය. විශ්වාස භංගයේදී කවුරුදෝ කාවද සල්ලිවලට ගත් බව මහානාමහේවා පවසයි. නීතිකාරයකු බැවින්… Read More

M.A.Sumanthiran

විශ්වාස භංගයේදී අප රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

2015 අගෝස්තුවේ මේ රටේ ජනතාව විසින් පස් වසරක කාලයක් සඳහා පත් කරන ලද ආණ්ඩුවේ ඉරණම හෙට දින තීරණය කරනු ලබන්නේ අප විසින් පත් කර යවන ලද මුදලට, ඇමති තනතුරට ඒ පැත්තට, මේ පැත්තට විකිණෙන මන්ත්‍රීවරුන් විසිනි. එහෙත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ය. පළාත් පාලන ඡන්දයක ප්‍රතිඵලයක් පාර්ලිමේන්තුව අස්ථාවර වන්නට හේතුවක්… Read More

විශ්වාස භංගයෙන් පළමුව රනිල් දිනවා දෙවනුව එජාපය ප්‍රතිසංස්කරණය කරන්න

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගය ජය ගත්තත්, නැතත්, එය තීරණාත්මක කඩඉමක් වනු ඇත. එය පොදු ජන පෙරමුණට එතරම් බලපෑමක් කරන්නේ නැත. එහෙත්, ආණ්ඩුව දෙකඩ වීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යම් ආකාරයකින් කැඩී බිඳී යාමටත් එය හේතු වනු ඇත. මෙම තත්වය නිර්මානය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායක… Read More

රනිල් මෛත්‍රී

රනිල්ට එරෙහි විශ්වාස භංගය නැති විශ්වාසයක් ඇති කරන එකක් ද?

මේ වන විට රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගය වෙනුවෙන් විශාල ධනයක්, බලයක් යෙදවී තිබේ. එබැවින් ඒ වෙනුවෙන් වූ විශාල ශ්‍රමයක් ද මාධ්‍යවල දැකිය හැකි ය. රනිල් වික්‍රමසිංහ යනු හොඳ නායකයකු නො වේ. එහෙත්, රටේ පවත්නා නායකත්වයේ අර්බුදයේ තරමට සාපේ්ක්ෂව ඔහු නායකයෙකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුටත් වඩා දුර්වල නායකයකු බව මේ… Read More