23.32Matugama

Sunday, 19 August 2018

ඥානසාර භික්ෂුව ජනාධිපති සහභාගි වන රැස්වීමක ඉදිරි පේළියේ

ඥානසාර හිමි හා ජනාධිපති අතර පයුරුපාසානය මොකක් ද?

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ කළ සංචාරයක් අතරතුරදී රැස්වීමකට සහභාගි වෙමින් සිටින ආකාරය සහිත ඡායාරූපයක් ප්‍රසිද්ධ විය. එම ඡායාරූපය සම්බන්ධයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් කරන ලද විමසීමකදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ දූත පිරිසට අයත් වූයේ උලපනේ සුමංගල හිමි පමණක් බවයි. උලපනේ සුමංගල… Read More

cartoon

ෆේස්බුක් තහනමට එරෙහිව අපේ අරගලය

ඒත්, ඉන් පසුව, ආණ්ඩුවේත්, විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍ර‍මසිංහගේත් උවමනාව වී තිබුණේ ෆේස්බුක් තහනම දිගට ම පවත්වාගෙන යාමයි. එයින් බලාපොරොත්තු වුණේ වාර්ගික ප්‍ර‍චණ්ඩත්වය පාලනය කිරීම පමණක් නො වන බවයි අපේ අදහස. 2015 ජනවාරි 8 සමාජ වෙනස කරන්නට ෆේස්බුක් වෙතින් සෑහෙන දායකත්වයක් ලැබුණා. ඒ ඔස්සේ බලයට පැමිණි… Read More

cartoon
අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරය

ටොයියන්, බයියන්, ලිබ්බන්, ජෙප්පන්, කුරුට්ටන් ආදී භේදයකින් තොරව අන්තර්ජාල වාරණයට එරෙහිව එක් වෙමු

ෆේස්බුක් භීතිකාවෙන් පෙළෙන මෛත්‍රීපාල-රනිල් ආණ්ඩුවේ මාධ්‍ය වාරණයට එරෙහිව සමාජයේ විශාල හඬක් මතු වෙමින් තිබේ. දැන් ඔවුන් සැරසෙන්නේ ෆේස්බුක් සමාගම හරහා ම ෆේස්බුක්හි අන්තර්ගතයන් වාරණය කරවා ගනිමින් නැවතත් එය විවෘත කරන්නට ය. ප්‍රසිද්ධ ෆේස්බුක් මාධ්‍යකරුවකු වන ඕෂල හේරත් පවසන්නේ එයට ඉඩ නො දිය යුතු බවයි. ෆේස්බුක් නැතත්, එවැනි වාරණයන්ට හිස නො… Read More

සාපරාධී වගකීම පැවරීමේ අවම වයස 12 වේ; හැබැයි කසාද බැඳීමේ අවම වයස තවම ගැටලුවක්

පුද්ගලයකුට සාපරාධී වගකීම පැවරිය හැකි අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ නංවන්නට රජය නීති සම්පාදනය කර තිබේ. ඒ සඳහා දණ්ඩ නීති සංග්‍ර‍හයේ 19වන පරිච්ඡේදයට හා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට  රජය විසින් කරන ලද සං‍ශෝධන 2018 පෙබරවාරි 9දා ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කරන ලදී. මෙම පනත් පාර්ලිමේන්තු… Read More

ෆේස්බුක් කොම්පැනියට වෛරී අන්තර්ගතයන් හඳුනා ගන්නට බැරි ඇයි?

ෆේස්බුක් යනු වානිජ සමාජ ජාල අවකාශයකි. නොමිළේ සපයන වේදිකාවක නිර්මානය වන අන්තර්ගතයන් අනුව, දැන්වීම් අලෙවි කිරීමෙන් මෙම සමාගම අධික ලාභයක් උපයයි. එහිදී ඔවුන්ට ලාභය ප්‍ර‍මුඛ ය. වඩා ජනප්‍රිය අන්තර්ගතයන් ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙයි. එහෙත්, ජනප්‍රිය අන්තර්ගතයන් සියල්ල හැම විට ම සමාජයට හිතකර නැත. අන්තර්ජාල අක්ෂර හිමි ලොව පුරා සෑම… Read More

නිශාන්ත මුතුහෙට්ටිගම

සමාජ මාධ්‍ය දිගට ම තහනම් කරන්නට කතා කරන ආණ්ඩුවේ පසුගාමීන්ට ජනතාව පාඩමක් ඉගැන්විය යුතු ය

රජයේ මුග්ධ සමාජ මාධ්‍ය වාරණය පිටුපස සිටින අමන තකතීරුවන් කවුරුද යන්න හඳුනා ගැනීම පහසු වෙමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් මෙම වාරණය පිළිබඳ යම් සංයමයකින් යුක්ත විරෝධයක් පළ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් කරන ප්‍රකාශ මුග්ධකම තව තවත් ගැඹුරු කරයි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මෙම… Read More

ෆේස්බුක් තහනම පිටුපස ඉන්නෙ කවුද හිටං?

සමාජ ජාල බ්ලොක් කිරීම දිගට පවත්වාගෙන යාමේ මෝඩ, අමන ක්‍රියා මාර්ගය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා, ඔහුගේ ඇතැම් පටු අරමුණු සහිත කුමන්ත්‍ර‍ණකාරී උපදේශකයන් සහ ආරක්ෂක අංශවල සිටින ඇතැම් පිරිස් බව වාර්තා වේ. ජනාධිපතිවරයා තුළ බොහෝ විට දැකිය හැකි නවීනත්වයට එරෙහි, පසුගාමී, ග්‍රාමීය අදහස් පාවිච්චි කරමින් මෙම ක්‍රියාව සිදු කරන ඇතැම් පිරිස්වල යටි… Read More

permaculture

පර්මාකල්චර් ඉගෙන ගන්නට කැමති ද?

පර්මාකල්චර් කියන්නෙ තිරසර සහ ස්වයංපෝෂී කෘෂි පාරිසරික පද්ධති ගොඩනැගීමටයි. ඔබත් පර්මාකල්චර් ඉගෙන ගන්නට කැමති ද? එය ඔබේ ජීවිතයට, ගෙවතු වගාවට, කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රයෝජනවත් වේවි. ජාත්‍යන්තර පුහුණුකරුවකු යටතේ පර්මාකල්චර් හදාරන්නට දැන් ඔබට අනගි අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි, ඉදිරි සති අන්තයේ දින දෙකක්, මාර්තු 17, 18 දිනවල සොබාදහමත් එක්ක අපූරු ජීවිතයක් ගත… Read More

bags

මුස්ලිමුන් වෙළඳාමෙදි සිංහලයන් පරදවන්නේ කොහොම ද?

අවුරුද්ද මුල දරුවන් දෙන්නාට බිරිඳ පාසල් බෑග් දෙකක් අරන් දුන්නා මතුගම පස්කුවල් මාවතේ මුස්ලිම් කඩේකින්. අපට බඩු ගනිද්දි කඩේ සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියන එකට වඩා මිළ, කොලිටිය, කස්ටමර් කෙයා, පාකිං වගේ දේවල් වැදගත්. පොඩි කෙල්ලන් බෑග් ගන්ක ගියාම බලන්නෙ පාට, පිංතූර ආදිය නේ. කොහොම හරි තරමක් හොඳ… Read MoreRead More

Right to Information one of world’s best, but Facebook ban?

Sri Lanka government is bringing diverse silly arguments to avoid lifting the foolish ban on social media. Government politicians do not appear more intelligent than the stupid Facebook page admins and other idiots who are blamed for ignitting communal violence via Facebook. Is Facebook actually responsible so much for recent… Read More

Keerthi Kariyawasam Ad

අපට තිබෙන ආර්ථික ප්‍රශ්නය මොකක් ද?

ලංකාවෙ වාමාංශික ව්‍යාපාරය මතවාදී තලයෙදි හරි ප්‍රබලයි. වමට බලයක් නැතිකම එතනදි අදාළ නැහැ. සමස්තයක් ලෙස ලංකාවෙ මිනිසුන්ගෙ විඥානය බොහෝ දුරට වාමාංශිකයි. ඒ නිසා අපට තිබෙන සකල පිරිපතවලට හේතුව ධනවාදය, නව ලිබරල්වාදය, ධනේශ්වර සූරාකෑම එහෙම කියලයි අප සිතන්නෙ. අප ජීවත් වන්නෙ ධනේශ්වර සමාජයක වුණාට අප සිතන ආකාරය බොහෝ දුරට සමාජවාදීයි. එය… Read More

W3Lanka cartoon

2018 ෆේස්බුක් තහනම හා 1983 ජවිපෙ තහනම

ෆේස්බුක් තවමත් බ්ලොක් කරලා. ලංකාවේ ඉන්ටනෙට් පරිහරණය කරන අය අතරින් සීමිත පිරිසක් විතරක් පරිහරණය කරන, ප්‍රධාන වශයෙන් ම පිංතූර පළ කිරීමේ සමාජ මාධ්‍යයක් වන ඉන්ස්ටග්‍රෑම් ද බ්ලොක් කරලා. හැබැයි, ඊට වඩා ජනප්‍රිය යූටියුබ්, ට්විටර් වැනි අවකාශයන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. වට්සැප් පණිවුඩ හුවමාරු මාධ්‍යයත් බ්ලොක් කරලා තිබුණත්, ඉක්මණින් ම එය… Read More

Kollupitiya Railway Station

කොල්ලුපිටිය දුම්රියපොළේ අපූරු වීදි චිත්‍රය

මගේ සැම්සුන් J5 ජංගම දුරකථනයෙන් ගිය සතියේ දිනෙක හසු කර ගත්ත මේ වීදි චිත්‍රය මා විස්මයට පත් කළා. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණුපසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම වුණත් අපූරු චිත්‍රයක් වගේ. (සුපැහැදිලි ඡායාරූපයක් මෙතන තිබෙනවා) එදා තදබද වූ දුම්රියේ එන ගමන් ම මම උත්සාහ… Read More

Ramith Rambukwella

රාජපක්ෂ බලය සමග තුවක්කු සංස්කෘතියත් හිස ඔසවයි

ඇමරිකා එක්සත් ජනපදය තුවක්කු සංස්කෘතියෙන් දරුණු ලෙස බැට කමින් සිටියදී ශ්‍රී ලංකාවේ ද තුවක්කු සංස්කෘතිය හිස ඔසවමින් තිබෙනවා. ඒ දේශපාලන තුවක්කු සංස්කෘතියක්. මෙම තුවක්කු සංස්කෘතියේ විශේෂ ලක්ෂණය වන්නේ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පොදු ජන පෙරමුණට සමීප එකක් වීමයි. ඔවුන් ලෙලවන්නේ මහජන නියෝජිතයන් වීමේ බලය මත ලබා ගත්… Read More

Keerthi Kariyawasam

වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ කතිකාවක් ඉරිදා මතුගමදී

දිනය: 2018 මාර්තු 11දා ඉරිදා වේලාව: පෙ.ව. 9.30ට ස්ථානය: මතුගම අගලවත්ත පාරේ මාකස්වත්ත හන්දිය අසල පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ කාර්යාලයේදී කථිකයෝ: ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලාල් විජේනායක අජිත් පැරකුම් ජයසිංහ ඇතුළු පිරිසක් මෙම හමුව පිළිබඳ එහි සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා පළ කළ… Read More

muslim-woman

දිගන මුස්ලිම් ජාතිකයකුගේ සත්‍ය අත්දැකීමක්

සඳුදා රෑ මගේ ජීවිතේ දිග ම රෑවලින් එකක්. මා සිටි තැනින් කිලෝ මීටර් 15ක් එපිට දිගන සිදු වූ ප්‍ර‍හාර ගැන ඇසූ විට මට නින්ද ගියේ නැහැ. ඒ වෙනකොටම මා ගෙදර නො සිටියාට මගේ අම්මාත්, සහෝදර සහෝදරියනුත්, ඔවුන්ගේ පවුල්වල අයත් ගෙදර හිටියා. ඔවුන්ට මොනව හරි වුණොත්? ඒ නිසා මම ඊළඟ දවසෙ… Read More

ඔවුන්ගේ අයිතිය අපේ ම අයිතියයි

කතා කරන ඡායාරූප තුනක් එක්ක කියවෙන මේ කතාව වැදගත්. ලංකාවේ මුස්ලිම් ජනයා කියන්නෙ විවිධ වකවානුවල මේ රට⁣ට ඇවිත්, මේ රටේ ජනයා සමග මිශ්‍ර වෙමින් පැවතෙන පිරිසක්. සිංහලයන් වුණත් එහෙමයි. මේ රට අපි හැමෝගෙම රට. මේ රටට ආදරය කරන්නට ඔවුන්ටත් සමාන අයිතිවාසිකමක් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කා අතරත් අන්තවාදීන් ඉන්නවා. ඒත්,… Read More

තත්වය සමනය කරන්නට ප්‍ර‍ජා නායකත්වයන් ඉදිරියට එන්න – ගල්කන්දේ ධම්මානන්ද හිමි

වල්පොල ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයනය ආයතනයේ අධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් යනු වත්මන් භික්ෂු සමාජය තුළ රාහුල හිමියන්ගේ දැක්ම හා පැවැත්ම ජීවමාන කරන භික්ෂුවක්. එහිමියන් විසින් පවත්නා තත්වය පිළිබඳ කරන ලද ප්‍රකාශය භික්ෂු සමාජය පැත්තෙන් මතු වූ ඉතා ප්‍ර‍ගතිශීලී අදහසක් ලෙස සැලකිය හැකියි. එය සියලු දෙනා සාවධානව සවන් දිය යුතු… Read More

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩල ගුවන් යානයක් ඉන්දියාවේ සිට ලංකාවට

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයා(ර්) ඉන්දියා අද දින ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ නියමු, සහායක නියමු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ම කාන්තාවන්ගෙන් සමන්විත ගුවන් ගමනක් ශ්‍රී ලංකාව වෙත ධාවනය කරමිනි. ඡායාරූපවල සිටින්නේ ඒ කාර්ය මණ්ඩලයයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඒකාකෘතිකරණය (gendre stereotyping) යන සංකල්පයෙන් කියවෙන්නේ යම් ගති ලක්ෂණ, වෙනස්කම් හා පුද්ගල… Read More