|
||||||||||||||
|
ඔබේ ජංගම දුරකථනය වතුරට වැටුණාද? මේ විසඳුම අත්හදා බලන්න (W3Lanka) ජංගම දුරකථන හා අයිපොඩ් වැනි උපකරණවලට ජලයෙන් සිදු වන හානි සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ආරක්ෂණ සහතික නැහැ. ඉතින් අත්වැරැද්දකින් හදිසියේ ඔබේ ජංගම දුරකථනය වතුරට වැටුණා නම් මොකක්ද කරන්න පුළුවන්? අලුත් එකක් ගන්න පෙර අත්හදා බලන්න මේ ක්‍රමය. මෙමඟින් දුරකථනය බේරා ගත් අය ඉන්නවා. දුරකථනය ක්‍රියා විරහිත වී නැති නම් වහාම එය ක්‍රියා විරහිත කරන්න. දුරකථනය වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදා වියළි සහ කුඩු නොමැති බාස්මතී වැනි සහල් බඳුනක බහා තෙත මාත්තු වන තුරු පැය ගණනක් තබන්න. බැටරිය වෙන් කළ හැකි නම් එය වෙනම මේ අන්දමින් වියළා ගන්න. තෙත මාත්තු වී හමාරයැයි සිතෙන තෙක් එය නැවත පණ පොවන්න එපා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||