අන්තර්ජාලයේ සිංහල භාවිතය ප්‍රචලිත නොවෙන්න හේතු ගණනාවක් තිබෙනවා.
ඉන් පළමුවැන්න තමයි, සිංහල අකුර පරිගණකයට යෝග්‍ය නැති බවට ඇතැම් පඬුවන් කලකට ඉහත සිට කළ ප්‍රකාශ. සිංහල යුනිකෝඩ් අක්ෂර සංවර්ධනය කරනු ලැබ, භාවිතයට පැමිණීමත් සමග මෙම කතාවට වලංගුභාවයක් නැතිව ගියා.
යුනිකෝඩ් අක්ෂර හා යතුරු පුවරුව සිංහල අකුරුවල හා සම්මත විජේසේකර යතුරු පුවරුවේ ඉදිරියට යාමක්. එය භාවිතය පහසුයි. නිදසුනක් ලෙස සම්මත විජේසේකර යතුරු පුවරුවේ අකුරක උ ශබ්දය (පු, කූ, රු ආදී) සඳහා තුන් ආකාරයක ක්‍රම භාවිතා කරනවා. එහෙත් යුනිකෝඩ් යතුරු පුවරුවේ මේ තුනම සඳහාම භාවිතා වන්නේ එකම q අකුර. යුනිකෝඩ් යතුරු පුවරුවේ සංඥක භාවිතා වන හැටිත් සරළයි. සියලුම සංඥක අකුරු ටයිප් කරන්නේ දකුණු පැත්තේ Alt යතුර ඔබාගෙන අදාළ අකුර ටයිප් කිරීමෙනුයි. රකාරාංශය (ප්‍ර, ශ්‍ර ආදී) ටයිප් කරන්නේ 1 ඉලක්කම යතුරට වම්පසින් ඇති යතුරෙන්.
යුනිකෝඩ් අක්ෂර කියවීම සඳහා පරිගණකය සකසා ගැනීම එතරම් දුෂ්කර නැහැ. එය කරන අකාරය මෙ පිටුවේ ඇති සිංහල අකුරු සම්බන්ධතා පුරුක ඔස්සේ ගොස් උගත හැකියි.
පරිගණක තිරයේ Language bar එකෙන් සිංහල තෝරාගෙන ඔබට සිංහලෙන් ඊමේල් යවන්න, චැට් කරන්න ආදී ඕනෑම දෙයක් කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් වෙබ් පිටු සොයන්නත් පුළුවන්. ඕනැ නම්, යම් ගොනුවක් සිංහල අකුරු සහිත නමකින් save කර ගන්න වුණත් පුළුවන්.
අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ සිංහලයෙක් නම්, අන්තර්ජාලයේ සිංහල භාවිතය පුළුල් කිරීම සඳහා ඔබත් දායක වන්න. සිංහලෙන් අන්තර්ජාලය භාවිතා කරන්න. වැඩි වැඩියෙන් අන්තර්ජාලයට සිංහලෙන් ලියන්න.
ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com
Sinhala Bhashawe wachana English akuren liyanawa nam meeta wada lesi neda?
-Ranjith Dayawansa, Ambalangoda.
Prashne thiyenne Sinhala English akuren liyana akaraya pilibanda hari pramithiyak nethi ekai.
-Thissa B., Homagama.
සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්න ප්‍රමිතියක් හදන්න.
-රසිකා අලුත්වත්ත, බියගම.