W3lanka.com

NEWS IN
ENGLISH

කොටි කැරැලිකරුවෝ භාර වෙති

සයනයිඩ් සංස්කෘතිය ලිහිල් වේ

(W3Lanka, අප්‍රේල් 30)
කොටි සංවිධානයේ කැරැල්ලේ සම්ප්‍රදායික යුද්ධය පරාජය අද්දරටම එද්දී එල්.ටී.ටී.ඊ. සම්ප්‍රදාය අනුව සයනයිඩ් පාවිච්චි කර සිය දිවි තොර කර ගන්නවා වෙනුවට භාර වීමට ඇතැම් සාමාජිකයන් ඉදිරිපත් වී සිටිනවා.

විස්තර

උතුරේ තත්වය බරපතලයි - එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස්

සරණාගතයන්ට තව සම්පත් සපයන්නැයි රජයෙන් ඉල්ලයි

(W3Lanka, අප්‍රේල් 30)
මේ දක්වා 160,000ක් පමණ සිවිල් වැසියන් ගැටුම් හේතුවෙන් අවතැන්ව රජයේ පාලන ප්‍රදේශවලට පැමිණ ඇති බවත්, ඒ අතරින් 140,000ක් පමණ වවුනියාවේ ස්ථාන 32කද, තවත් 11,000ක් යාපනයේද, 5000ක් ත්‍රිකුණාමලයේද සිටින බව ජනීවාහි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

විස්තර

දයා මාස්ටර් සහ ජෝර්ජ් කතා කරති-1

දයා මාස්ටර් සහ ජෝර්ජ් කතා කරති -2

බ්‍රිතාන්‍යය, ප්‍රංශය ලංකාවේ සටන් විරාමයක් ඇති කිරීමට අසමත් වෙති

ලංකාව දෙමළ සටන ඉවර කිරීමේ අධිෂ්ඨානයක

(W3Lanka, අප්‍රේල් 29)
මතභේදයට තුඩු දෙන පරිදි ශ්‍රී ලංකාව විසින් ස්වීඩන් විදේශ ඇමති කාල් බිල්ඩ්ට් හට ලංකාවට පිවිසීමට අවසර නොදීමේ සිද්ධියෙන් පසු ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් අද ලංකාවට පැමිණියා. එහෙත් විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍යවල‍ට කීවේ දෙමළ කැරැලිකරුවන්ට එරෙහි ප්‍රහාර නතර කර යුද බිමේ සිර වී සිටින සිවිල් වැසියන් වෙත මානුෂීය ප්‍රවේශය තහවුරු කරන ලෙස ලංකාව එකඟ කරගැනීමට ඔවුන් අසමත් වූ බවයි.

විස්තර

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ විස්තර, ප්‍රතිඵල සහ විශ්ලේෂණ මෙතැනින්

ලංකාව යුද්ධය හා සටන් විරාමය අතර

පුනරුත්ථාපනයට හා ප්‍රතිසංස්කරණයට බටහිර ඩොලර් ගලා එන්න ළඟයි

(W3Lanka, අප්‍රේල් 28)
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඒක පාර්ශ්වික සටන් විරාමයට ප්‍රතිචාර දක්වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම හමුවේ රජය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇතැයි පළ වන වාර්තා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා.රජය කියන්නේ කොටි සංවිධානය විසින් රඳවාගෙන සිටින "ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි. එහෙත් ජනාධිපති කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද නිවේදනයකි කියවුණේ "ප්‍රහාරක් මෙහෙයුම් අවසානයකට ළඟා වී ඇති" බවයි.

විස්තර

ලංකාව සටන් විරාමයකට යන්නැයි බටහිර රටවල් පීඩනය වැඩි කරයි; බටහිර ලොක්කන් ගණනාවක් ලංකාවේ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දරාගැනීමේ හැකියාව පරීක්ෂාවට

(W3Lanka, අප්‍රේල් 27)
"පෙර නොවූ විරූ ආකාරයේ මානුෂීය අර්බුදය හමුවේ එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, එක්සත් ජනපද රය සහ ඉන්දියාව ඇතුළු රටවල් විසින් කරන ලද ඉල්ලීම හමුවේ" කොටි සංවිධානය ඊයේ ඒකපාර්ශ්විකව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය. එහෙත් දෙපැයක් ඇතුළත ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කළේ කොටින් සටන් කිරීමක් නොකරන හා ඒ වෙනුවට දුවමින් සිටින බව කියමින්. කැරැලිකරුවන් යටත් විය යුතු බව ඔහු කීවා.

විස්තර

Karuna Amman

"ලංකාවේ යුද්ධයෙන් බොහෝ සටන්කරුවන් නැති වුණා. මේ සියල්ලට වගකිව යුත්තේ ප්‍රභාකරන්. මම ඒ දිනවල ඔහුට කියමින් සිටියා, 'ඇයි ඔබ ඔවුන් මැරුවේ කියා'. ඔහු මුලිනුපුටා දැමිය යුතු භයානක මිනිහෙක්," යි බ්‍රිතාන්‍යයේ ඉරිදා ටෙලිග්‍රාෆ් පුවත්පතට කියන්නේ කොටි සංවිධානයේ හිටපු දෙවැන්නා වන අද රජයේ ඇමති ධුරයක් හොබවන විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්. කලින් එල්.ටී.ටී.ඊ. සංවාධානයේ දැඩි මතධාරියකු ලෙස සැලකුන, සමූහ වශයෙන් භික්ෂූන් හා මුස්ලිම් වැසියන් ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ලද ඔහු සය වසකට පෙර කොටි සංවිධානයෙන් වෙන් වී ගිය පසු වෙඬරු සේ දිය වී ගියා. දැන් ඔහු පළාත් සභාවලට බලය විමධ්‍යගත කරනවාටත් විරුද්ධයි.
පිංතූරය ලොකුවට

බස්නාහිර මැතිවරණයෙන් වාර්ගික බෙදීම ප්‍රදර්ශනය වේ

යුද්ධය සඳහා රජයට පැහැදිලි සිංහල ජනවරමක්

(W3Lanka, අප්‍රේල් 26)
ශ්‍රී ලංකාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී පහසු ජයක් වාර්තා කරන ලකුණු දක්නට ලැබෙනවා. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලිවම සිංහල, දෙමළ වාර්ගික බෙදීම පෙන්නුම් කරනවා.

විස්තර

ජෝන් හෝම්ස් අද ලංකාවේ

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සටන් නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. මානුෂීය ආධාර කණ්ඩායමත් ප්‍රතික්ෂේප කරන ලකුණු

(W3Lanka, අප්‍රේල් 25)
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් තෙදින චාරිකාවක් සඳහා අද ලංකාවට ඒමට නියමිතයි. මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක සිවිල් වැසියන්ට පිට වී යාම සඳහා සටන් නවත්වන්නැයි එක්සත් ජාතීන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

විස්තර

ලංකාව සටන් විරාමයක් සඳහා ඉන්දීය බලපෑමට අවනත නොවෙයි

ඡන්දය හමුවේ තමිල්නාඩු පීඩනය මගහරින ඉන්දීය වෑයමක්

(W3Lanka, අප්‍රේල් 25)
සිකුරාදා ලංකාවට පැමිණ ගිය ඉන්දීය විදේශ ලේකම් ශිවශංකර් මෙනන්ගේ හා ජාතික ආරක්ෂක උපදේශක එම්. කේ. නාරායනන්ගේ බලපෑම විසින් ලංකාවේ හමුදා දෙමළ කොටින්ට එරෙහිව ගෙන යන යුද මෙහෙයුම්වල වෙනසක් ඇති නොකරන බව දැනගන්න ලැබෙනවා.

විස්තර

මාස තුනක් තුළ ලංකාවේ 6432ක් මිය ගිහින්; 13,946ක් තුවාල ලබලා - එක්සත් ජාතීන්

5500කට වඩා මැරුණේ යුද මුක්ත කලාපයේදී

(W3Lanka, අප්‍රේල් 24)
එක්සත් ජාතීන් විසින් ප්‍රසිද්ධ නොකරන ලද, නමුත් තානාපති සේවා අතර බෙදා හරින ලද ලේඛනයකට අනුව මාස තුනක් තුළ ලංකාවේ 6432ක් මිය ගිහින්; 13,946ක් තුවාල ලබලා.

විස්තර

යටත් වූ කොටි නායකයන් ජනමාධ්‍ය හමුවට?

කොටි පාලන ප්‍රදේශයේ ඉන්නේ 15,000යි - දයා මාස්ටර්

(W3Lanka, අප්‍රේල් 23)
එල්.ටී.ටී.ඊ. සාම‍ ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පුලිදේවන් බී.බී.සී.යට කියන පරිදි හමුදාවට භාර වූ කොටි සංවිධානයේ ප්‍රධානීන් දෙදෙනා වසරක පමණ කාලයක් අසනීප තත්වය නිසා සංවිධානයේ කටයුතුවලින් ඈත් වී සිට තිබෙනවා. එම ජ්‍යේෂ්ඨ කොටි ක්‍රියාධරයන් දෙදෙනා වන්නේ එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් සහ හිටපු දේශපාලන අංශ ප්‍රධානී එස්. පී. තමිල්චෙල්වන්ගේ භාෂා පරිවර්තක ජෝර්ජ්ය.

විස්තර

ලංකාවේ මානුෂීය අර්බුදය ගැන එක්සත් ජනපදයේ කණස්සල්ල

දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ක්ලින්ටන් කියයි

(W3Lanka, අප්‍රේල් 23)
විසි පස් වසරක ගැටුම නිමා කිරීමට දරණ ප්‍රයත්නය තුළ පෙර නොවූ විරූ විඳවීමක් ඇති කරමින් සිටින බැවින් සමස්ත ලෝකයම මහත් බලාපොරොත්තු සුන් වූ තත්වයකට ලත්ව සිටින බව ලංකාව දන්නේ යයි තමන් සිතන බව එක්සත් ජනපද රා‍ජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ පැවසුවා.

විස්තර

නම්බියාර් ලංකා‍ව ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කරුණු කියයි

ලංකාවේ තත්වය මහා ව්‍යසනයක් හැර අන් යමක් නොවේ - රතු කුරුසය

(W3Lanka, අප්‍රේල් 23)
පසුගියදා ලංකාවේ තෙදින සංචාරයක් නිමා කර නිව්යෝක් වෙත ආපසු පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර් ආරක්ෂක මණ්ඩලය හමුවේ රහස්‍ය ලෙස තත්වය පිළිබඳ විස්තරයක් කරන්න නියමිතයි. මුලදී ඔහු මේ සඳහා අකැමැත්තක් දැක්වූ බව ඉනර්සිටි ප්‍රෙස් කලින් වාර්තා කළා.

විස්තර

ජා.මු.අ. ණය පමා කරන්න එක්සත් ජනපදය බලපෑම් කරන්නේ නැහැ - කබ්රාල්

ඇමරිකන් තානාපතිගෙන් ඇමතිවරයෙකුට තර්ජනයක්

(W3Lanka, අප්‍රේල් 23)
උග්‍ර විදේශ සංචිත හිඟයකට මුහුණ දී සිටින ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ‍රුපියල් ‍කෝටි 22ක ණය පමා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ජා.මු.අ.ට බලපෑම් කරන බවට ඇති ප්‍රචාරය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කරනවා.

විස්තර

ඇමරිකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව ඉල්ලූ ණයට බාධා කරයි

කොටින් ඇමරිකාවත් එක්ක යාලු වෙන්න යයි

(W3Lanka, අප්‍රේල් 21)
උග්‍ර විදේශ සංචිත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.9ක ණය පමා කර වැඩි පීඩනයක් ලංකාවට ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

විස්තර

demonstration

ලංකාවේ රජයේ හවුල්කාර පක්ෂ දෙකක් නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළේ තානාපති සබඳකම් අත්හරින්නැයි ඉල්ලමින්
enlarge image

ලංකාව නෝර්වේ සමග තානාපති සබඳතා අතහරින්න සැරසෙයි

තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ

(W3Lanka, අප්‍රේල් 21)
ලංකාව නෝර්වේ රාජ්‍යය සමග තානාපති සබඳතා අත්හරින්න ආසන්න බව වාර්තා වේ. රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඊයේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් උද්ඝෝෂණයක් පැවැත්වුවා. එයට ඉහළ බලධාරීන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබී ඇති බව සැළයි.

විස්තර

සිවිල් වැසියන් රඳවා ගැනීමේ කොටි ග්‍රහණය අහිමි වේ

විශාල සංක්‍රමණයක් ඇරඹේ

(W3Lanka, අප්‍රේල් 20)
උතුරේ යුද මුක්ත කලාපය වෙත දියත් කරන ලද හමුදා මෙහෙයුමකින් කොටි සංවිධානයේ අවසන් පස් බැම්මෙහි කිලෝමීටර් 2 1/2ක් පමණ අල්ලාගැනීමට හමුදාව සමත් වී තිබෙන බවත්, ඒ සමගම සිවිල් වැසියන් 20,000ක් පමණ යුද මුක්ත කලාපයෙන් පිටතට පළා ඇවිත් බවත් වාර්තා වේ. තවත් පිරිස් අද දිනයේදී යුද මුක්ත කලාපයෙන් පිටතට පළා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විස්තර

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් පොලිසියට පහර දීම වැඩි‍ වෙලා

පොලිසියට ආරක්ෂාව නොදුන්නොත් රාජ්‍ය නොවන සංවිධාන මේවා නඩු විභාගයකින් තොරව කරන මරණ දඬුවම් දීම් ලෙස හැඳින්විය හැකියි

(W3Lanka, අප්‍රේල් 20)
ශ්‍රී ලංකා පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ආයුධ සැඟවූ තැන් පෙන්වීමට හා අපරාධ සිදු වූ ස්ථානවලට රැගෙන යන අපරාධකරුවන් පොලිසියට පහර දීම බරපතල ලෙස වැඩි වී තිබෙන බව වාර්තා වේ.

විස්තර

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලංකාවේ

වැඩිපුර මැදිහත් වීමකට මුලපිරෙයි

(W3Lanka, අප්‍රේල් 17)
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ප්‍රවීණ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන විජේ නම්බියාර් බ්‍රහස්පතින්දා හදිසියේම ලංකාවට ආවා. ඔහු ඊයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වූ අතර අද පාතරාසය ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළා.

විස්තර

උතුරු-නැගෙනහිර දෙමළ ජනයාට සිංහල බහුතරය හා සමාන තත්වයක් ලබා නොදුනහොත් වෙනම ඊලාම් රාජ්‍යයකට උදව් කරනවා

ජයලලිතා සන්ධානය කියයි

(W3Lanka, අප්‍රේල් 17)
ලංකාවේ අනාගත බලය විමධ්‍යගත කිරීමක් තුළ උතුරු-නැගෙනහිර දෙමළ ජනයාට සිංහල බහුතරය හා සමාන තත්වයක් ලබා නොදුනහොත් වෙනම ඊලාම් රාජ්‍යයකට උදව් කරන බවට තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරයේ මැතිවරණ සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරනවා.

විස්තර

‍කොටින්ට නැතිවෙන්නම ගහනවද? රාජ්‍ය තාන්ත්‍රිකව වැඩ කරනවද? දෙකම එකට කරනවද?

ඉදිරි මෙහෙයුම් ගැන රජයේ විසම්මුතියක්

(W3Lanka, අප්‍රේල් 16)
කොටි සංවිධානය වර්ග කිලෝ මීටර් 21ක යුද මුක්ත කලාපයකට සීමා කර ආරක්ෂක හමුදා එය වට කරගෙන සිටින අතර ශ්‍රී ලංකාවේ පාලකයන් ඉදිරි ගමන ගැන ඒකමතික අදහසක නැති බව වාර්තා වෙනවා.

විස්තර

දීර්ඝ සටන් නැවැත්වීමක් ඕනෑ - එක්සත් ජාතීන්

කොටින්ගේ ආකල්පය නිසා දෙන්න බැහැ - විදේශ ඇමති

(W3Lanka, අප්‍රේල් 16)
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පැය 48ක සටන් විරාමය නිම වීම හා සටන් යළි ආරම්භ වීමත් සමගම එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ජෝන් හෝම්ස් පවසා සිටියේ එය හොඳ පළමු පියවරක් බවයි. එහෙත් සිවිල් වැසියන්ට පිට වී යාමටත්, ඔවුනට මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස සැපයීමට හා මානුෂීය සේවකයන්ට එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා එම කාලසීමාව අප්‍රමාණවත් බවයි.

විස්තර

රජය ජාත්‍යන්තර වර්ධනයන් දෙස පරීක්ෂාවෙන් යුද මුක්ත කලාපයට මෙහෙයුම් නවත්වාගෙන සිටියි

(W3Lanka, අප්‍රේල් 11)
රජය විසින් වටකොට සිටින යුද මුක්ත කලාපය තුළට මෙහෙයුම් දියත් කිරීමට පෙර රජයත්, හමුදාවත් ජාත්‍යන්තර බලපෑම දෙස අවධානයෙන් කල් ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වෙනවා. එහෙත්, කොටි නායකත්වය මුලිනුපුටා දැමීමේ සැලැස්ම අත්හිටුවීමට හමුදාවේ කිසිදු සූදානමක් නැති බවද, සිවිල් වැසියන් යුද මුක්ත කලාපයෙන් ඉවතට ගැනීමේ කාර්යය සඳහා පමණක් ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා ඉඩ දීමට හමුදාව සූදානම් බවත් සැළයි.

විස්තර

එක්සත් ජාතීන්ගේ ලොක්කා සහ ජනාධිපති අතර දුරකථන සාකච්ඡා

එක්සත් ජාතීන් එක අදහසක නැති බව මානව හිමිකම් ඇමති කියයි

(W3Lanka, අප්‍රේල් 10)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ලංකාවේ ජනාධිපතිවරයා සමග වන්නියේ පිරිහෙමින් ඇති මානුෂීය තත්වය හා එහි සිර වී සිටින සිවිල් වැසියන් පිළිබඳ නායකයන් දෙදෙනාගේ සැලකිලිමත්භාවය පිළිබඳ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක කියවෙනවා.

විස්තර


ඝාතකයන්දොරට තට්ටු කරන විට ජවිපෙ අවදි වෙයි

ක්‍රියාධරයකු මැරුවේ යයි ජානිපෙට චෝදනා

(W3Lanka, අප්‍රේල් 10)
ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් කැඩී ගිය ජාතික නිදහස් පෙරමුණ අතර ගැටුම මිනීමැරුම් දක්වා වර්ධනය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ කාලීන පක්ෂ සේවයේ යෙදී සිටි මහනුවර, මැනික්හින්න, වලල ප්‍රදේශයේ පදිංචිකාර එක් දරු පියෙකු වූ නන්දන බාලගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටින අතරතුර මරා දැමූ බවට ජවිපෙ ජානිපෙ දෙස ඇඟිල්ල දිගු කරනවා.

විස්තර


ලංකාවේ ප්‍රශ්නය ගැන හෙට ලන්ඩනයේ මහා පෙළපාලියක්

(W3Lanka, අප්‍රේල් 10)
හෙට හෙවත් අප්‍රේල් 11 පස්වරු 1.30 සිට 4.30 දක්වා මධ්‍යම ලන්ඩනයේදී ලංකාවේ රජයට විරුද්ධව පෙළපාලියක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය තීරණය කර තිබෙනවා.

විස්තර


මුල්‍ය අරමුදලෙන් ණය ගන්න ආණ්ඩුව ටෙලිකොම් විකුණන්න යයි
හෙජිං ගනුදෙනුත් බේරන්න නියමිතයි

(W3Lanka, අප්‍රේල් 09)
ගෙවුම් ශේෂ අර්බුදය පියමං කිරීම පිණිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රු. කොටි 22ක ණයක් ලබාගැනීම සඳහා ලංකාවේ රජය රාජ්‍ය ව්‍යවසාය ගණනාවක් පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට ආරංචි පැතිර යයි. හෙජින් ගිවිසුම් ප්‍රකාරව පෞද්ගලික බැංකුවලට ගෙවිය යුතුව ඇති හිඟ මුදල් ගෙවීමද තවත් කොන්දේසියක් බව සැළයි. එසේම රුපියලේ අගය ස්ථාවර කිරීමට රජය මැදිහත් නොවිය යුතු බවද තව කොන්දේසියක්.

විස්තර


කොටි කැරැලිකරුවන්ට යටත් වන්නැයි අවසන් නිවේදනයක්
ආරක්ෂාව සැලසීමට රජය එකඟ වෙයි

(W3Lanka, අප්‍රේල් 09)
යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා කොන්දේසි විරහිතව යටත් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ දන්වා සිටියා. ඔවුන් පුනරුත්ථාපනය කර, රටට වැඩදායක පුරවැසියන් බවට පත් කරන බවද ඔහු මාධ්‍යවලට පැවසුවා.

විස්තර


එක්සත් ජාතීන්ගේ නිලධාරියා සටන් නැවැත්වීමක් ඉල්ලයි
සිර වී සිටින සිවිල් වැසියන් පිළිබඳ සංඛ්‍යාලේඛනය ලක්ෂයට අඩු කරයි

(W3Lanka, අප්‍රේල් 08)
ලංකාවේ සිව්දින සංචාරයක් නිමා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී-මූන්ගේ අවතැන් වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත වෝල්ටර් කේලින් සටන් නැවැත්වීමක් ඉල්ලා සිටියා.

විස්තර


කොටින්ට සිවිල් වැසියන් රඳවා ගැනීමට හැකි වේවිද?

(W3Lanka, අප්‍රේල් 07)
රජයේ සංඛ්‍යාලේඛන අනුව, පන්සියයක් පමණ කාඩර්වරුන් මිය යමින්, තවත් නොදන්නා විශාල සංඛ්‍යාවක් තුවාල ලබමින් කොටි සංවිධානය පුදුකුඩිඉරුප්පුහිදී අත්විඳි දරුණු පරාජයෙන් පසු ඔවුන් දැන් පසුබැස තිබෙන රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයේ තත්වය දැඩි ලෙස උණුසුම් වී තිබෙනවා.

විස්තර


ආපසු තිම්පු

(W3Lanka, අප්‍රේල් 07)
ඉන්දියාවේ ජනශක්ති දෙමළ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී ‍එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායක් එන්. නඩේසන් පවසන පරිදි ප්‍රභාකරන් තවමත් ඔවුන්ගේ නිදහස් අරගළය වෙනුවෙන් කැප වී සිටින අතර ආත්ම විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අර්බුදය හසුරුවමින් සිටිනවා.

විස්තර


ඔබාමා යටතේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සළකුණ වෙනස්
-ටයිම් සඟරාව

(W3Lanka, අප්‍රේල් 06)
ජනාධිපති බරක් ඔබාමා යටතේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සළකුණ වෙනස් වෙමින් ඇති බව ටයිම් සඟරාව පෙන්වා දෙයි. ඒ අනුව 'ඇමරිකානු ව්‍යතිරේකවාදය' නම් එක්සත් ජනපදය ලෝකයේ සෙසු රටවලට ඉහළින් ඔසවා තැබූ පැරණි සංරක්ෂණවාදී අදහස ප්‍රතික්ෂේප වී තිබේ.

විස්තර


උතුරේ දරුණු සටන්
රජය සිවිල් වැසියන් 'ප්‍රාණ ඇපකරුවන්' ලෙස හඳුන්වයි

(W3Lanka, අප්‍රේල් 05)
එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැඩි හානි පමුණුවමින් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කරගනිමින් කොටින් යුද මුක්ත කලාපයට සීමා කර ඇති බව යුද හමුදාව නිවේදනය කළා. රජයේ මාධයවලට අනුව පසුගිය දින තුන තුළ 500කට අධික කොටි සටන්කරුවන් මරා දමන්නටද, එවැනිම පිරිසක් තුවාල කරන්නද හමුදා සමත් වෙලා.

විස්තර


ලසන්තගේ සිම් කාඩ්පතේ දත්ත වාර්තාව ලබාගන්න පොලිසිය උනන්දුවක් දක්වා නැහැ
-මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව

(W3Lanka, අප්‍රේල් 04)
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලසන්තගේ ජංගම දුරකථන සිම් කාඩ්පතට අදාළ දත්ත වාර්තාව ලබාගැනීමට උනන්දුවක් දක්වා නොමැති බව ජාත්‍යන්තර සංවිධානයක් වන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ (Committee to Protect Journalists) ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරක බොබ් ඩියෙට්ස් පවසනවා.

විස්තර


විශේෂ කාර්ය බලකායේ වටලා පහර දීම කොටින්ගේ ගරිල්ලා යුද්ධයට දැඩි පහරක්
තවත් ගරිල්ලන් 60ක් ඉන්නවා

(W3Lanka, අප්‍රේල් 04)
අම්පාර දිස්ත්‍රික්කයේදී වටලා පහර දී කොටි ගරිල්ලන් 13ක් මරා දැමීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නව ගරිල්ලා යුද්ධයට එල්ල වූ දැඩි පහරක් බව යුද විශේෂඥයන් පවසනවා.

විස්තර


ජානිපෙ දේශපාලන කුණාටුවක
නායකයෝ පක්ෂය හැර යති

(W3Lanka, අප්‍රේල් 03)
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන් 11ක් ඇතුළු පිරිසක් විසින් ‍ගොඩනඟන ලද ජාතික නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්ෂය අතිශය තීරණාත්මක දේශපාලන කුණාටුවකට හසු වී සිටින බව වාර්තා වේ.

විස්තර


එක්සත් ජාතීන්ගේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ලංකාවේ අවතැන් කඳවුරු බලන්න යයි

(W3Lanka, අප්‍රේල් 03)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී-මූන්ගේ අභ්‍යන්තරික අවතැන් වූවන් පිළිබඳ නියෝජිත වෝල්ටර් කේලින් පස් දින සංචාරයක් සඳහා ලංකාවට ඇවිත්. ඔහු අවතැන් කඳවුරු බලන්නත් හා රජයේ හා ආධාර කණ්ඩායම්වල නියෝජිතයන් සමග සාකච්ඡා කරන්නත් නියමිතයි.


'ජැෆ්නා' අගෝස්තුවේදී රූගත වේ

(W3Lanka, අප්‍රේල් 03)
බොලිවුඩ් සිනමාකරු ෂුජිත් ශ්‍රීකර්ගේ නවතම චිත්‍රපටය වන 'ජැෆ්නා' මේ අගෝස්තුවේදී ලංකාවේදී රූපගත කිරීමට නියමිතයි. ඒ සඳහා අවසර ලබාගෙන ඇති බව අධ්‍යක්ෂවරයා පවසනවා.

'ජැෆ්නා' යනු යුදබිමේ සිටින සොල්දාදුවකු පිළිබඳ ත්‍රාසජනක චිත්‍රපටයක්. නළු නිළියන් තවම තෝරාගෙන නැහැ.

ලංකාවේ යුද්ධය පිළිබඳ කෙරෙන ප්‍රථම හින්දි චිත්‍රපටය මෙයයි. මීට පෙර මනි රත්නම් කන්නත්තිල් මුතමිට්ටාල් නම් දෙමළ චිත්‍රපටයක් කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැනද සඳහන් වන එහි ප්‍රධාන නළු නිළියන් වූයේ මාධවන් සහ සිම්රාන්.


මඩකලපුවේ මුස්ලිම් පුවත්පත් කර්තෘට පහර දීලා
කාර්යාලයටත් අලාභ හානි

(W3Lanka, අප්‍රේල් 02)
මඩකලපුවේ ප්‍රසිද්ධ වන මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත සතිපතා පුවත්පතක් වන වාර උරෛකල් දෙමළ පුවත්පතේ කර්තෘ එම්. අයි. රහ්මහෙතුල්ලාට ඊයේ රාත්‍රී 10.45ට පමණ පස්දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පහර දීම නිසා මුහුණේ අත්වල සහ පපුවේ බරපතල කැපුම් තුවාල සහිතව කාතන්තුඩි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.පසුව ඔහුව මඩකලපු ශික්ෂණ රෝහලට මාරු කරන ලද බව හා ඒ වන විටත් ඔහු සිහිසුන්ව සිටි බව වාර්තා වුණා. නව කාතන්කුඩිහි පිහිටි ඔහුගේ කාර්යාලයේ දුරකථනයට හා පරිගණකවලටත් මැරයෝ හානි සිදු කර තිබෙනවා.


දකුණු අධිවේගී මාර්ගය අවසන් කරන්න මුදල් නැහැ
දැන් ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට මේ පාර කන්න තමයි වෙන්නෙ

(W3Lanka, අප්‍රේල් 02)
දකුණු අධිවේගී මාර්ගයේ අවසාන කිලෝමීටර 30 ඉදි කිරීම සඳහා අරමුදල් නොමැතිකමින් 2010දී ඉදි කර අවසන් කරන බව කියූ මාර්ගය විවෘත කිරීම දැඩි ලෙස අවිනිශ්චිත බව වාර්තා වෙනවා.

විස්තර


වවුනියාවේ අවතැන් කඳවුරුවල පාසල් වියේ ළමුන් 12,000ක්
අධ්‍යාපනයට නිසි පහසුකම් නැහැ

(W3Lanka, අප්‍රේල් 02)
මේ වන විට පාසල් යන වයසේ පසුවන ළමුන් දොළොස්දහසකට අධික සංඛ්‍යාවක් වව්නියාවේ සුභසාධන කදවුරුවල රැදී සිටින බව වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය පවසනවා. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම සදහා තාවකාලික පාසල් හතක් සුභසාධන කදවුරු වල පවත්වාගෙන යන බවද, එහෙත් අධ්‍යාපනය ලබාදීමට නිසි පහසුකම් අවතැන් කදවුරුවල නොමැති බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා රංජනී ඔස්වල්ඩ් කීවා.

විස්තර



අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA