|
||||||||||||||||||||||||||||||||
|
මයිකල් ජැක්සන් මියයයි
ඔහු විසින් 1982දී නිකුත් කරන ලද ත්‍රිලර් ගීත එකතුව පිටපත් මිලියන 26ක් අලෙව් වූ අතර එය ඉතිහාසයේ ගීත ඇල්බමයක් අලෙවි වූ වැඩිම ප්‍රමාණයයි. සෑම කාලයකටම අදාළව ජනප්‍රිය සංගීතයේ දැවැන්තයන් වන එල්විස් ප්‍රෙස්ලි හා බීට්ල්ස් සංගීත කණ්ඩායම සමග සම තත්වයේ ලා සැලකුණු ජැක්සන් කෙටි කාලයක් ප්‍රෙස්ලිගේ දියණය වන ලීසා මේරි සමග විවාහ වී සිටියේය. අර්බුදකාරී සිදුවීම් මාලාවක ප්‍රතිඵල ලෙස ජනප්‍රියත්වයෙන් පහත වැටී සිටි මයිකල් ජැක්සන් ජුලි 13 සිට ලන්ඩනයේ පවත්වන සංදර්ශන 50කින් ආපසු කරළියට පැමිණීම සඳහා පෙර පුහුණුවීම්වල නියැලෙමින් සිටියදී මරණයට ගොදුරු වූයේය. ශ්‍රී ලංකාව බලශක්තියට තව කෑදර වෙයි නොරොච්චෝලෙයි, සාම්පූර්, ඉහළ කොත්මලේ බලශක්ති ව්‍යාපෘති පෙරට (W3Lanka, ජුනි 24, 2009) නෙරොච්චෝලෙයි ගල් අඟුරු විදුලි බලාගාරයේ මීළඟ අදියර සඳහා ණය ලබාගැනීමට චීන බැංකුවක් සමග සාකච්ඡා කරමින් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමති ජෝන් සෙනෙවිරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. විස්තර දීප්ති කුමාර ගුණරත්නගේ පෙරටුගාමී පක්ෂය මැතිවරණ කොමසාරිස් පිළි ගනියි (W3Lanka, ජුනි 23, 2009) ලංකාවේ සිවිල් සමාජයේ ප්‍රතිරූපවලට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් මතු වූ ආන්දෝලනාත්මක පශ්චාත් නූතනවාදී රැඩිකල් දේශපාලන කණ්ඩායමක් වූ X-පක්ෂයේ දේශපාලන පක්ෂය වන ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්‍ෂය පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස සැළකීමට තීරණය කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි. විස්තර රජය දැන් අරක්කු වෙළඳාමේ මතට තිත - තිතට මත: අරක්කු හින්දා බොන්නත් බැහැ - ප්‍රතිපත්ති හින්දා විකුණන්නත් බහැ (W3Lanka, ජුනි 22, 2009) ආණ්ඩුවේ මතට තිත ප්‍රතිපත්තිය කෙසේ වෙතත්, දැන් රජය ඍජුවම අරක්කු වෙළඳාමට සම්බන්ධ වී තිබේ. මේ වනාහි සුරාබදු ආදායම් ලෙස කරන ඉපැයීම්වලට අමතරවයි. විස්තර ඇමති මහදැනමුත්තෙක් බිලියනයක් වියදම් කර බිලියනයක් ඉතිරි කරන්න සැලසුම් කරයි ජනාධිපතිවරණය වෙනුවට ජනමතවිචාරණයක් (W3Lanka, ජුනි 21, 2009) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය නැවත ජනාධිපතිවරණයක් නොපවත්වා තවත් සය වසරකින් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙලක් පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බංඩාර තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් මේ දිනවල ආරම්භ කර තිබේ. විස්තර
"පරිකල්පිත මනෝදර්ශනයක්" ආණ්ඩුව කියයි බටහිර ප්‍රතිචාරය ගැටළුවක් (W3Lanka, ජුනි 19, 2009) ශ්‍රී ලංකා රජය විසින් යුදමය වශයෙන් පරාජය කර තිබෙන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විදේශයන්හි සිට එහි විවිධ බලවේග ඒකරාශී කරමින් ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරමින් සිටින බව නිරීක්ෂකයෝ පවසති. විස්තර උතුරු පළාත දේශපාලන කටයුතු සඳහා සුද්ද කර නැහැ - ආරක්ෂක අමාත්‍යංශය ලංකාවේ හාස්‍යජනකම මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවයි (W3Lanka, ජුනි 19, 2009) උතුරු පළාත දේශපාලන කටයුතු සඳහා සුද්ද කර නැති බව ආරක්ෂක අමාත්‍යංශය දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇතැයි .දි අයිලන්ඩ්. පුවත්පත අද වාර්තා කළේය. නාම යෝජනා භාර දීමට හෝ මැතිවරණ ප්‍රචාරක කටයුතු සහා යාපනයට හෝ වවුනියාවට යාමට ආරක්ෂක අමාත්‍යංශය දෙමළ ජාතික සන්ධානයට අවසර ලබා දී නැත. යාපනය මහ නගර සභාව සහ වවුනියා නගර සභාව සඳහා නාම යෝජනා ජුනි 18 දින සිට 25 දින දවල් 12 දක්වා යාපනය හා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී භාර ගනු ලැබේ. විස්තර යාපනය මහ නගර සභා ඡන්ද දායකයන්ගෙන් 40%ක් අවතැන් වූ අය යළි පදිංචි කිරීම්වලට පෙර හදිසි මැතිවරණයක් (W3Lanka, ජුනි 18, 2009) යාපනය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පී. කුගනාදන් පවසන පරිදි යාපනය මහ නගර සභාව සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින 100,417ක් ඡන්දදායකයන් අතරින් 40%ක් අභ්‍යන්තර අවතැන් වූවෝ වෙති. මෙම අවතැන් වූවන් විවිධ දිස්ත්‍රික්කවල ජීවත් වන අතර නිදසුනත් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ යාපනයෙන් අවතැන් වූ මුස්ලිම් ඡන්දදායකයන් 10,000ක් ජීවත් වන බව ඔහු පවසයි. විස්තර ලංකාවට සූකර උණ ලැබුණේ සිංගප්පූරු හා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා (W3Lanka, ජුනි 18, 2009) H1n1 හෙවත් සූකර උණ වසංගත තත්වය වාර්තා වූ 77වන රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. මේ වන විට රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. මංගල්‍යෝත්සවයකට සහභාගි වීම සඳහා ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පවුලක් විසින් රෝගය ලංකාවට රැගෙන විත් තිබේ. විස්තර දේශපාලන අනුග්‍රහය ලබන පාතාල කල්ලි බියකරු ලෙස හිස ඔසවයි කප්පම් නොදුන් අය කෲර ලෙස මරා දැමේ (W3Lanka, ජුනි 17, 2009) එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමත් සමගම දේශපාලන අනුග්‍රහය ලබන පාතාල කල්ලි භයානක අන්දමින් හිස ඔසවමින් සිටින බව වාර්තා වේ. විස්තර කච්චතිවුහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිකිරීම් ගැන ඉන්දීය අවධානය (W3Lanka, ජුනි 17, 2009) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කච්චතිවුහි කරන්නේ යයි කියන ඉදිකිරීම් කෙරෙහි ඉන්දීය අවධානය යොමු වී තිබෙන බව එරට ජනමාධ්‍ය පවසයි. කච්චතිවු යනු දෙරට අතර පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ට පුදනු ලැබූ කුඩා දේවස්ථානයක් සහිත අක්කර 285කින් යුත් ජනයා වාසය නොකරන දූපතකි. විස්තර නාගරික සංවර්ධන අධිකාරියේ මහින්ද - දිනේෂ් ගැටුමක් අධිකාරියට පාඩු පිට පාඩු (W3Lanka, ජුනි 17, 2009, යුනියන් ලංකා) ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හටගෙන ඇති ගැටුම්කාරි තත්වය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය මාස කිහිපය තුල මාසයකට රු. මිලියන 30 ක පමණ අලාභයක් ලබන තත්වයට පත්වෙමින් ඇතැයි එහි සේවක ආරංචි මාර්ග සඳහන් කර සිටී. විස්තර දෙමළ විදෙස්ගත ප්‍රජාවේ කොටසක් පාර ජාතික පාලනයක් යෝජනා කරති දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුව එළියට පනියි (W3Lanka, ජුනි 16, 2009) දේශීයව යුදමය වශයයෙන් පරාජය කරන ලද, විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ එක් අංශයක් ලෙස සැලකිය හැකි ටැමිල්නෙට් වෙබ් අඩවියේ කර්තෘවරු අලුත්ම සංකල්පයක් වන පාර ජාතික පාලනයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරති. සත්කාරක රටක් අවශ්‍ය වන, රටින් පිට පිහිටුවනු ලබන ආණ්ඩුවක් යන සම්ප්‍රදායික සංකල්පයට වඩා මෙය වෙනස් බව ටැමිල්නෙට් පවසයි. සත්‍යය නම් ඊලාම් දෙමළ ජනයාගේ රටින් පිට ආණ්ඩුවක් සඳහා කිසිදු රටක් සත්කාරක රාජ්‍යයක් වෙතැයි අපේක්ෂා කළ නොහැකි වීමයි. "කාලයේ අවශ්‍යතාව වන්නේ පවතින යටිතලය ප්‍රජාතන්ත්‍රවාදී හා ඇතුළත්කාරී පාර ජාතික ආණ්ඩුවක් බවට රූපාන්තරණය කර මව් රටේ ඊලාම් දෙදමළ ජනයාගේ නිදහස සහ ස්වෛරීත්වය දිනාගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඇති ජාත්‍යන්තර අභියෝගවලට ජාත්‍යන්තරව මුහුණ දීම සඳහා ඊලාම් දෙමළ ජනයා සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සවිමත් කිරීම" බව ටැමිල්නෙට් පවසයි. විස්තර මුළු උදයම වැසිකිළි පෝලිමේ; නෑම දින හතරකට වරක් 'සුබසාධන කඳවුරුවල' දුෂ්කර ජීවිතය ගැන නිදසුන් දෙකක් (W3Lanka, ජුනි 15, 2009) එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව, වවුනියාවේ සරණාගත කඳවුරුවල ඇත්තේ වැසිකිළි 3150කි. අනාථයන් සංඛ්‍යාව පිළිබද සංඛ්‍යා ලේඛන පරස්පර වන අතර මෙහිදී අවම සංඛ්‍යාවක් වන 277,000 සැලකිල්ලට ගතහොත්, වැසිකිළි ඇත්තේ 88දෙනෙකුට එකක් බැගිනි. බොහෝ දෙනා උදය කාලයේ වැසිකිළි යාම පුරුද්දක් කරගෙන ඇති අතර එක් අයෙකු ඒ සඳහා විනාඩි තුනක කාලයක් ගත කරන්නේ නම් වැසිකිළි පෝලිම පැය හතරහමාරක් දිගය. එනම් මුළු උදය කාලයම වැසිකිළි පෝලිමට ගත වේ. සේදීමට ප්‍රමාණවත් තරම් වතුර නැති නම්, මෙම වැසිකළිවලින් කෙතරම් දුර්ගන්ධයක් නිකුත් කරනවා ඇද්ද? ඇතැමුන් පිරිසිදුකම ගැන දක්වන්නේ අවම උනන්දුවකි. කඳවුරුවාසීන්ට එය ඉවසා සිටීමට සිදු වේ. විස්තර යුද ජයග්‍රහණයේ ආර්ථික ලාභ නෙළාගැනීම ඇරඹේ ධීවරයන්ට පනවා තිබූ තහංචි ලිහිල් කෙරේ (W3Lanka, ජුනි 15, 2009) පශ්චාත් යුද සමයේ ආර්ථික සාමයේ වාසි ස්පර්ශ කිරීම ආරම්භ කර තිබෙන රජය එහි එක් පියවරක් ලෙලස නැඟෙනහිර පළාතේ ධීවරයන්ට පනවා තිබූ සීමා අඩු කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව, ති‍්‍රකුණාමලය වරායෙන් පිටත සීමාවේ දිවා රාතී‍්‍ර පැය 24 පුරාම තෙප්පම් හැර අනෙක් සියලු යාත‍්‍රාවලට ධීවර කටයුතුවල නියැළීමට ඉඩ සැළසෙන අතර, අලුයම 4.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ තෙප්පම්වලට ධීවර කටයුතුවල නියැළීමට අවසර ලැබේ. විස්තර වන්නි අවතැන් වූ ජනයා දමා ආ වාහන ඇතුළු දේපලවලට ආරක්ෂාවක් නැහැ වෑන් රියක් පන්නාගෙන එද්දී ලුතිනන් අත්අඩංගුවට (W3Lanka, ජුනි 15, 2009) වන්නියෙන් සොරකම් කර රැගෙන එමින් සිටි ඩොල්පින් වර්ගයේ වෑන් රියක් හා ටී – 56 ගිනි අවියක් ඇතුළු උපකරණ රැසක් සමඟ හමුදා ලුතිනන් වරයෙකු පොලිස් කොස්තාපල් වරයකු ඇතුළු තිදෙනකු හබරණ පොලීසිය විසින් ඊයේ (14) අලුයම අත්අඩංගුවට ගන්නා ලද බව දිනමිණ පුවත්පත වාර්තා කළේය. විස්තර දැන් 13 හා ඉදිරියේදී 13ට තවත් එකතු කිරීම් ඒකීය ලංකාවක් තුළ දයාන් ජයතිලක (W3Lanka, ජුනි 14, 2009) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක පවසන පරිදි "දෙමළ අතිජාතිවාදීන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඔවුන් ගමනේ අවසානයට පැමිණ තිබෙන බව. බටහිර රටවල සහ එක්සත් ජාතීන්ගේ පුළුල් කාර්ය භාරයක් ලංකාවේ සිදු වීම පිණිස ඔවුහු උද්ඝෝෂණය කරනවා. ආයතන සමග ජාලගත වී බලපෑම් කිරීම හරහා සිය අරමුණු ඉටු කරගන්න ඔවුහු උත්සාහ කරනවා. විස්තර
අවතැන් වූ ජනයා සඳහා වූ කඳවුරුවල සිවිල් වැසියන් රඳවා තබාගැනීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික මානව අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. විස්තර දෙමළ ජාතික සන්ධානය මාධ්‍ය අවධානයට ඉන්දීය සහයෝගය ලැබෙයිද? ඡන්දයට කලින් සන්ධානය බිඳ දමන්න උත්සාහයක්? දෙමළ දේශපාලනය හැරවුම් ලක්ෂ්‍යයක (W3Lanka, ජුනි 13, 2009) එල්. ටී. ටී.ඊ. සංවිධානයේ පෙරමුණු සංවිධානයක් ලෙස ප්‍රසිද්ධව තිබුණු පාර්ලිමේන්තුවේ ප්‍රබලම දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය වෙත ඉන්දීය සහයෝගය ලැබෙමින් පවතින බවද, එම තත්වය ආණ්ඩුවේ සහ එයට හිතවත් දෙමළ දේශපාලන බලවේගවල නොසතුටට හේතු වී ඇති බවද වාර්තා වේ විස්තර චීනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුළ බලවත් වන උත්සාහයක බටහිර නොරිස්සුම (W3Lanka, ජුනි 12, 2009) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන මුල්ම බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා නැඟී එන ආර්ථික බලවතුන් වන චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා රුසියාව යන රටවල් සූදානමින් සිටින බව ජාත්‍යන්තර වාර්තා පවසයි. විස්තර රජය උතුරේ වේගවත් කෘෂිකාර්මික සංවර්ධනයක් ඉලක්ක කරයි ඉඩම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද? (W3Lanka, ජුනි 12, 2009) ජනාධිපති මහින්ද රාජපක්ෂ ජුනි 09දා අරලියගහ මන්දිරයේදී සුවිශේෂ අමුත්තකු හමු විය. ඒ ඉන්දීය හරිත විප්ලවයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය එම්. එස්. ස්වාමිනාදන්ය. උතුරේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සංවර්ධනය කිරීම සඳහා ආධාර කරන්නැයි ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය. විස්තර රජය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ට දැල දා ගනියි? මන්ත්‍රී කිෂෝර් හදිසි නීති ඡන්දයෙන් වළකියි (W3Lanka, ජුනි 10, 2009) කොටි සංවිධානයේ බිඳ වැටීමත් සමග මඟ පෙන්වීමක් නොමැති තත්වයට පත් වී සිටින ලිහිල් ලෙස සකසන ලද සන්ධානයක් වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් කීප දෙනෙකු දැලේ දමා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. විස්තර විශ්‍රාම යන යුද හමුදාපති වෙනුවෙන් රජය අලුත් තනතුරක් හදයි වීරයකුට තෑග්ගක් (W3Lanka, ජුනි 10, 2009) අමතර බලතල සහිත නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් ඇති කිරීමට රජය සූදානම් වෙයි. විශ්ලේෂකයන්ට අනුව මෙම තනතුර නිර්මානය කරනු ලබන්නේ ළඟදී විශ්‍රාම යාමට නියමිත යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙනි. විශ්‍රාම යාමෙන් පසුව 'ආරක්ෂක අංශයට සම්බන්ධ තනතුරක හිඳිමින් රටට සේවය කිරීමට' තමන් කැමති බව යුද හමුදාපතිවරයා මෑතදී පැවති රූපවාහනී සම්මුඛ සාකච්ඡාවකදී විවෘතවම ප්‍රකාශ කළේය. විස්තර
පෝද්දල ජයන්තට පහර දීමට එරෙහි උද්ඝෝෂණය අද සවස (W3Lanka, ජුනි 10, 2009) වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්තට පහර දීමත් සමග රජය විවේචනය කරන මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන දැඩි භීතියකට පත්ව සිටිනමුත්, එම පහර දීම හෙළා දකින සත්‍යක්‍රියාවක් හා රැළියක් අද සවස පැවැත්වේ. මාධ්‍ය සංවිධාන පහක එකමුතුවේ, මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරයේ සහ නිදහසේ වේදිකාවේ මූලිකත්වයෙන් සංවිධානය වන සත්‍යග්‍රහය සවස 3ට විහාරමහාදේවි උද්‍යානය අසලදී හා රැළිය සවස 4ට ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ. පොලිසිය මාස 18කදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 40ක් මරයි "මේවා නීති විරෝධී ඝාතන" - නීතිඥ සංගමය (W3Lanka, ජුනි 09, 2009) සැකකරුවන් ලෙස පොලිස් අත්අඩංගවට ගන්නා ලද පුද්ගලයන් මරා දැමීමේ අනතුරුදායක ප්‍රවණතාව පිළිබඳ ශ්‍රී ලංකා නීති සංගමය අවසානයේදී අවදි වී තිබේ. විස්තර දෙමළ ජාතික සන්ධානයේ මතු වීමට ආනන්ද සංගරීගේ විරෝධය දෙමළ දේශපාලනඥයෝ රික්තය අත්පත් කරගැනීමට සටනක (W3Lanka, ජුනි 09, 2009) ගොඩනැඟෙමින් තිබෙන ස්වාධීන දෙමළ සන්ධානයකට දෙමළ ජාතික සන්ධානය ඇතුළත් කරගැනීම පිළිබඳ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී බලවත් ලෙස විරෝධය පාන බව වාර්තා වේ. විස්තර රජය මන්නාරමේ අවතැන් වූවන් යළි පදිංචි කරයි මඩු ප්‍රදේශය සූදානම් කෙරේ (W3Lanka, ජුනි 09, 2009) උතුරු පළාතේ යුද මෙහෙයුම් ආරම්භ කළ සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනයා යළි පදිංචි කිරීම රජය ආරම්භ කර තිබෙන බව යළි පදිංචි කිරීමේ අමාත්‍යංශය පවසයි. විස්තර
කැනඩාවේ මැකෙන්සි ආයතනයේ විග්‍රහයක් (W3Lanka, ජුනි 08, 2009) ඔවුන්ගේ අසාමාන්‍ය ජාත්‍යන්තර සංවිධාන ජාලය හා සියලු කටයුතුවලදී දැකිය හැකි සමස්ත දක්ෂභාවය හේතුවෙන් 1980 දශකයේ මුල පටන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය අධ්‍යයනයන්ට ආකර්ශනීය වූ බව ත්‍රස්තවාදය, විප්ලව සහ අදහස් ප්‍රචාරණයන් අධ්‍යයනය කරන කැනඩාවේ බුද්ධි මණ්ඩපයක් වන මැකන්සි ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජෝන් සී. තොම්සන් පවසයි. පහත පළ වන්නේ ඔහු විසින් සකසන ලද ලේඛනයක උපුටාගැනීම්වල සංක්ෂිප්ත පරිවර්තනයයි. මුල් ලිපිය සඳහා අපගේ ඉංග්‍රීසි නිවහන් පිටුවට යන්න. විස්තර රක්ෂණ සංස්ථාව ආපසු ගැනීමේ තීන්දුවෙන් රජයට අලුත් ධනය රාජපක්ෂ පාලනයට ගජ වාසි (W3Lanka, ජුනි 07, 2009) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට විකිණීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් එය ආපසු පවරා ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සමගම පෞද්ගලික රෝහල් තුනක හා බැංකු දෙකක වැඩි අයිතිය රජයට හිමි වී තිබේ. විස්තර රජය මුදලට නිල් පෙන්නන්න යයි බල්ලන් මරා හෝ සල්ලි හොයමු! (W3Lanka, ජුනි 07, 2009) කුණුහරුප හා ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි පෙරහන් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. විස්තර ලාංකීය ධනවාදයට අහස උසට බලාපොරොත්තු යාපනයට කොටස් වෙළඳපොලක් (W3Lanka, ජුනි 06, 2009) දශක තුනක් තිස්සේ දිවයිනේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වෙනම රාජ්‍යයක් සඳහා සටන් කළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසුව ලංකාවේ ධනවාදය වේගවත් වර්ධනයක් කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. විස්තර කොටි සංවිධානය භාවිතා කළ ඉඩම් රජයට එල්.ටී.ටී.ඊ. රණවිරු පවුල්වලට දුන් ඉඩම් ආපසු පවරා ගැනේ (W3Lanka, ජුනි 06, 2009) දෙමළ ඊලාම් කොටි සංවිධානය විසින් උතුරේ නිල නොවන රාජ්‍යයක් පවත්වාගෙන ගිය සමයේ යුදමය සහ පරිපාලන ආදී කටයුතු සඳහා භාවිතා කළ ඉඩම් රාජසන්තක කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය පවසයි. විස්තර දුම් පරීක්ෂාව තවත් පළාත් තුනකට අලුත්ම හා කබල්ම වාහනවලට අවශ්‍ය නැතිලු (W3Lanka, ජුනි 06, 2009) දැනට බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන වාහන වායු විමමෝචන පරීක්ෂා කිරීමේ ක්‍රමය ජුනි 22දා සිට මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වලටද අනිවාර්ය කිරීමට රජය කටයුතු යොදා තිබේ. විස්තර
මාධ්‍ය හා එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කරයි (W3Lanka, ජුනි 01, 2009) ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ තක්සේරු කරන පරිදි ලංකාවේ යුද්ධයෙන් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 3000ත් 5000ත් අතර වේ. එසේ සිදු වූයේ කොටින් විසින් ඔවුන් මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම නිසා බවත්, ඔවුන් විසින් ඇති කරන ලද ප්‍රාණ ඇපකරුවන්ගේ තත්වයයේදී සංඛ්‍යා ඉහළ ගිය බවත් ඔහු බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට පවසයි. විස්තර පළාත් සභා ක්‍රියාත්මක කරන්න ලංකාව ඇමරිකාවට පොරොන්දු වෙයි දෙමළ අයට මදිලු; සිංහල පක්ෂ පළාත් සභා අහෝසි කරන්න ඉල්ලයි (W3Lanka, ජුනි 05, 2009) මෑතදී සිංගප්පූරුවේදී ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජේම්ස් ස්ටෙයින්බර්ග් හමු වූ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන ආ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ක්‍රියාත්මක කළ පළාත් සභා ක්‍රියාවට නඟන බව සහතික විය. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී එක්සත් ජනපදය ලබා දුන් සහායටද විදේශ ඇමතිවරයා ස්තුති කළේය. විස්තර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු රජයට පෞද්ගලීකරණය මුල සිටම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි (W3Lanka, ජුනි 04, 2009) 2003දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට හිමි ඩිස්ටිලරීස් සමාගමට පෞද්තලීකරණය කිරීම නීති විරෝධී බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ආපසු රජයට පවරා දෙන ලෙසද, මිළ දී ගැනීමේදී සමාගම ගෙවූ රුපියල් බිලියන 6ක මුදල භාණ්ඩාගාර බිල්පත් මගින් ආපසු ගෙවන ලෙස අද තීන්දු කළේය. විස්තර
හියුමන් රයිට්ස් වොච් සංවිධානය රජයෙන් ඉල්ලයි (W3Lanka, ජුනි 04, 2009) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පරාජය විසින් අතුරුදහන් වීම්, නීති විරෝධී ඝාතන හා රජය විවේචනය කරන්නන් සිරගතකිරීම් අලුතෙන් ඇති නොකරන බවට ශ්‍රී ලංකා රජය තහවුරු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. විස්තර පිලිපීන කැරැළිකරුවන් විසින් පැහැරගෙන ගිය ලාංකික සාම ක්‍රියාකාරිකයා නිදහස් ප්‍රතිකාර සඳහා එමින් සිටියි (W3Lanka, ජුනි 04, 2009) පිලිපීනයේ අබු සායෆ් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සාම ක්‍රියාකාරිකයකු එම සංවිධානය විසින් නිදහස් කර තිබේ. විස්තර මව්පියන් නැති දරුවන් 350ක් සරණාගත කඳවුරුවල තවත් විශාල පිරිසකගේ මව හෝ පියා හෝ නැහැ (W3Lanka, ජුනි 04, 2009) නැවත පදිංචි කිරීමේ ඇමති රිෂාඩ් බදුර්දීන් අනුව උතුරේ සරණාගත කඳවුරුවල මව්පියන් අහිමි වූ වයස අවුරුදු 10ට අඩු ළමයින් 350ක් සිටිති. ඇතැමුන්ගේ දෙමව්පියන් සොයාගත නොහැකිව තිබෙන අතර, කඳවුරුවල සිර වී සිටින මව්පියන් රැසක්ම තමන්ගේ දරුවන් පිළිබඳ තොරතුරු සොයාගත නොහැකිව වැළපෙති. ඇතැම් දරුවන්ගේ මව්පියන් දෙදෙනාම යුද්ධයේදී මියගොස් තිබේ. මව හෝ පියා යන දෙදදදෙනාගෙන් එක් අයෙකු මිය ගිය දරුවන් සංඛ්‍යාව විශාල ගණනක් බවද වාර්තා වේ. බෙදුම්වාදයට ඉඩක් නැති විසඳුමක් - ජනාධිපති තවත් රණවිරු උපහාරයක් 7දා (W3Lanka, ජුනි 01, 2009) රටටම ආවේණික ක්‍රියාමාර්ගයක් ඔස්සේ ජාතික ප්‍රශ්නය විසඳන බවද, එහිදී බෙදුම්වාදයට කිසිදු ඉඩක් නොතබන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ අද ගාලු මුවදොර පිටියේදී පැවති ත්‍රස්තවාදයට එරෙහි ජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවයේදීය. රණවිරු දිනය නිමිත්තෙන් රණවිරුවන්ට උපහාර පිදීමේ තවත් ජාතික උත්සවයක් ජුනි 7දා නැවත වරක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.
වත්මන් අග්‍ර විනිශ්චයකාර සරත් නන්ද සිල්වා මහතා ජුනි 07දා විශ්‍රාම යාමට නියමිතය. ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුද යන්න මේ දිනවල කතාබහට ලක් වෙමින් පවතී. නිල නොවන වාර්තා පවසන පරිදි, නීති විශාරදයකු වන ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් ද මෙම තනතුර සඳහා පත් කරනු ලැබීමට ඉඩ ඇති පුද්ගලයෙකි. මේ අතර තවත් තහවුරු නොවූ වාර්තාවකට අනුව, අමරසිරි දොඩංගොඩ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ අධිකරණ අමාත්‍ය ධුරයට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පත් කිරීමට නියමිතය. මෙම පත්වීම් දෙකම කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. පෝද්දල ජයන්තගේ කකුල කුඩු කරලා; අතක ඇඟිලි තුනක් කඩලා කැළේ මුවා වෙනුවට ගෙදර මුව හමට ගුටි: ලංකා ඊ නිව්ස් කතුවරු උසාවියේ (W3Lanka, ජුනි 03, 2009) නාඳුනන පිරිසක් විසින් ඊයේ පැහැරගෙන ගොස් පහර දී මඟ දමා ගොස් සිටි වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්තගේ වම් පාදය කීප තැනකින් බිඳ දමා සහ අතක ඇඟිලි තුනක් කඩා දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සැත්කමකට භාජනය කරන ලද ඔහු තවමත් කම්පන තත්වයක පසුවන බවද වාර්තා වේ. පැහැරගෙන ගිය පුද්ගලයෝ මාධ්‍යවේදියාගේ කොණ්ඩය සහ රැවුලද තැනින් තැනින් කපා දමා ති‍්බේ. විස්තර සතියක් වසා තබනු! විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට "ද්‍රෝහීන් සඳහා වූ දැනුම් දීමක්" ලැබිලා (W3Lanka, ජුනි 03, 2009) විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ලැබුණු "ද්‍රෝහීන් සඳහා වූ දැනුම් දීමක්" මඟින් රණ විරුවන්ට උපහාර පිණිස සතියක කාලයක් ආයතනය වසා තබන ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ. විස්තර පොට්ටු අම්මාන්ට ඇත්තෙන්ම වුණේ මොකක්ද? මැරුණාද? පැන්නාද? (W3Lanka, ජුනි 02, 2009) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ට සිදු වූ දෙය කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී. ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට කටකතා පැතිර යද්දී, රජය නම් පෙන්වන්නේ ඔහු මිය ගිය බව තමන්ට ප්‍රත්‍යක්ෂ බවකි. විස්තර එක්සත් ජනපද රජය වැටෙන්න ගිය ජෙනරල් මෝටර්ස්ට මුක්කු ගසයි වෙළඳ ධනවාදයෙන් රාජ්‍ය ධනවාදයට? (W3Lanka, ජුනි 02, 2009) ඇමරිකා එක්සත් ජනපදයේ බරක් ඔබාමාගේ පාලනය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න මට්ටමක තිබුණු ජෙනරල් මෝටර්ස් සමාගම මහජන මුදලින් මිළ දී ගෙන තිබේ. විස්තර කිලිනොච්චියේ හා මුලතිව්හි අලුතින් ආරක්ෂක හමුදා මූලස්ථාන (W3Lanka, ජුනි 02, 2009) අද සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු යටතේ කිලිනොච්චියේ සහ මුලතිව්හි ආරක්ෂක හමුදා මූලස්ථාන පිහිටුවනු ලබන බව යුද හමුදා වෙබ් අඩවිය පවසයි. ඒ අනුව, මේජර් ජනරාල් චන්න ගුණතිලක කිලිනොච්චි ආරක්ෂක හමුදා මූලස්ථානයේද, මේජර් ජනරාල් නන්දන උඩවත්ත මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයේද ප්‍රධානීන් ලෙස පත් කරනු ලැබ සිටිති.
වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත අද සවස නුගේගොඩ, ඇඹුල්දෙනිය ප්‍රදේශයේදී පැහැරගෙන ගිය පිරිසක් ඔහුට දැඩි ලෙස පහර දී දෙපාවලට හානි සිදු කර මඟ දමා ගොස් ඇත. දැනට ඔහු ජාතික රෝහපේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර යටතේ පස් වෙයි. ජීවිත අනතුරක් නැත. විස්තර දෙමළ ජාතික සන්ධානය කරුණානිධිගේ සහාය පතයි (W3Lanka, ජුනි 01, 2009) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මාවෛ සේනාධිරාජා සහ සෙල්වම් අඩෛකලනාදන් යන මන්ත්‍රීවරු සෙනසුරාදි තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි ඔහුගේ නිවසේදී හමු වී ලංකාවේ අලුත්ම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළහ. විස්තර තිස්ස විතාරණත් නන්දිකාඩල් කලපුවේ? විමල් වීරවංශගෙන් අනතුරු ඇඟවීමක් (W3Lanka, මැයි 31, 2009) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට අනුව විද්‍යා හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණගේ ඉරණමද කොටි නායක ප්‍රභාකරන්ගේ ඉරණමට සමාන විය හැකිය. විස්තර සුනන්ද දේශප්‍රිය ඉලක්ක කර දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් වරද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ඇමතීම (W3Lanka, මැයි 31, 2009) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනන්ද දේශප්‍රිය රජයේ හා රාජ්‍ය පාක්ෂික ජනමාධ්‍යවල දැවැන්ත ප්‍රහාරයකට ඉලක්ක වී සිටියි. ඒ ඔහු මැයි 26, 27 දිනවල පැවැත්වුණු ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ විශේෂ සැසි වාරය අමතා යුද කලාපයේ සහ ඉන් පිටත සිදු වී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ කොමිෂමක් පත් කරන්නැයි රජයට බල කරන ලෙස කරන ලද ප්‍රකාශය හේතුවෙනි. විස්තර දෙමළ සරණාගතයන් නිදහස් පුරවැසියන් ලෙස සලකන්න නව වාමාංශික පෙරමුණ ඉල්ලයි (W3Lanka, මැයි 31, 2009) දෙමළ සිවිල් වැසියන් තුන් ලක්ෂයක් ඔවුන් වෙත ළඟා වීමේ සහ නිදහසේ එහෙ මෙහෙ යාමේ අවස්ථාව අහිමි කර, බොහෝ දෙනෙකුගේ අකැමැත්ත මධ්‍යයේ කඳවුරුවල සිර කරගෙන සිටින බව නව වාමාංශික පෙරමුණේ සභාපති ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. විස්තර ¤ පැරණි පුවත් »
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
පැරණි පුවත් 2009 අප්‍රේල් 2009 අප්‍රේල් 2009 අප්‍රේල් 2009 පෙබරවාරි - මාර්තු | ||||||||||||||||||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||||||||||||||||||