W3lanka.com

NEWS IN
ENGLISH

Obama in France

බරක් ඔබාමා යටතේ බිහි වෙමින් ඇතැයි කියන නව ලෝක රටාව ඇත්තක්ද? එය සත්‍ය ප්‍රතිපත්තිමය වෙසක්ද? නැතිනම් ගෝලීය ආර්ථික අවපාතයේ අවාසිදායක ප්‍රතිඵල මගහැර යාමට කරන ව්‍යාජයක්ද?

ඔබාමා යටතේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සළකුණ වෙනස්
-ටයිම් සඟරාව

(W3Lanka, අප්‍රේල් 06)
ජනාධිපති බරක් ඔබාමා යටතේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සළකුණ වෙනස් වෙමින් ඇති බව ටයිම් සඟරාව පෙන්වා දෙයි. ඒ අනුව 'ඇමරිකානු ව්‍යතිරේකවාදය' නම් එක්සත් ජනපදය ලෝකයේ සෙසු රටවලට ඉහළින් ඔසවා තැබූ පැරණි සංරක්ෂණවාදී අදහස ප්‍රතික්ෂේප වී තිබේ. සෑම විටම ඔබාමා අවධාරණය කර තිබෙන්නේ එක්සත් ජනපදය ලෝක ප්‍රජාවේ එක් පාර්ශ්වකරුවකු පමණක් බව ටයිම් සඟරාව කියයි.

ඇමරිකානු ආර්ථික ආධිපත්‍යවාදය වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් තවත් වර්ධනය වීම පිළිබඳ අදහසද, ඇමරිකන් මිලිටරි ආධිපත්‍යවාදය වෙනුවට සහයෝගිතාව සහ රාජ්‍ය තාන්ත්‍රික වෙහෙස පිළිබඳ අදහසද ආදේශ වී ඇති බව ටයිම් කියයි.

රටවල් 20 කණ්ඩායමේ සහ නේටෝ සමුළු හා සමාන්තරව පැවති පුවත්පත් සාකච්ඡාවලදී ඔබාමා මෙම වෙනස අවධාරණය කළ අතර මෙය සීතල යුද සමයේ සිට දිගටම පැවති ඇමරිකාව ලෝකයට නායකත්වය දීමේ මූලෝපායට වඩා වෙනස් එකකි. නේටෝ සමුළුව වෙත ගෙන එන මහා සැලසුම් මොනවාදැයි ඇසූ කල ඔබාමා කීවේ තමා වෙත එවැනි දේ නැති බව හා තමා ආවේ සවන් දීමට අදහස් බෙදාහදා ගැනීමට බවයි.

ජී-20 සමුළුවෙන් පසු වොෂිංටන් සම්මුතිය අවසන් යයි බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට ඔබාමා කීවේ එම යෙදුමේ සම්භවය ඇත්තේ දැන් වැරදි යයි ඔප්පු වී තිබෙන ආර්ථික ප්‍රතිපත්තියක බවයි.

වැඩි වෙමින් තිබෙන ආර්ථික තරගකාරිත්වය පිළිබඳ කතා කරමින් ඔහු පවසන්නේ චීනය හා ඉන්දියාවද ඇතුළු වෙනත් ආර්ථික බලයන්ගේ වර්ධනය ඇමරිකාවට හානියක් නොවන බවයි.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA