කෝල් ද ෂොට්ස් නම් මෙම නොවිධිමත් යෙදුමෙහි අරුත තීරණ ගැනීමේ හා ප්‍රතිපත්ති පාලනය කිරීම සඳහා බලය හා අධිකාරය ලබාගැනීමයි.
උදා: The ‘Gota Kalliya’ is calling the shots - Mangala Samaraweera (ජුනි 02 දි අයිලන්ඩ් පුවත්පතේ මාතෘකාවක්)
'සමරි එක්සික්‍යුෂන්' නඩු විභාගයකින් තොරව, නීතියට පටහැනි අන්දමින් කෙනෙකු ඝාතනය කිරීමයි.
උදා: Summary executions are conducted by paramilitary.
'ඇම්නස්ටි' ලෙස ශබ්ද වේ. නාමපදයක් හා ක්‍රියාපදයක් ලෙස යෙදේ.
රජයකට එරෙහිව කර ඇති දේශපාලන වැරදිවලට බොහෝ විට නඩු විභාගයකට හෝ අච්චු කිරීමකට පෙර දෙන සමාව.
අමතක කිරීම යන අරුත දෙන amnēstía යන ග්‍රීක් වදනින් 16වන සියවසේදී සෑදුණ වචනයකි.
'එක්සූඩස්' යනුවෙන් ශබ්ද වන මෙම වදනෙහි අරුත විශාල වශයෙන් ජනයා පිට වී යාම, සංක්‍රමණය යන්නයි.
පරණ තෙස්තමේන්තුවේ දෙවන ග්‍රන්ථයේ මෝසස්ගේ නායකත්වයෙන් ඊශ්‍රායල්වරුන් ඊජිප්තුවෙන් පිට වී යාම සඳහාද මෙම වදන භාවිතා වෙනවා.
යාපනයේ දෙමළ ජනයා 1995දී රිවිරැස මෙහෙයුමෙන් හමුදාව යාපනය අල්ලා ගනිද්දී එහි ජනතාව සමූහයක් ලෙස වන්නියට පළා යාම හැඳින්වීම සඳහාද mass exodus යන වදන යෙදුණා.
නාම පදයක් හා නාම විශේෂණයක් ලෙස යෙදෙන විට 'රෙබල්' ලෙසද ක්‍රියා පදය 'රිබෙල්' ලෙසද ශබ්ද වේ.
යුද්ධය නැවත ඇරඹීම යන අරුත දෙන rebellis යන ලතින් වදනින් 13වන සියවසේදී පැනනැගුණ මෙම වචනයෙහි නූතන අරුත පාලනයට හෝ සම්ප්‍රදායට හෝ පක්ෂපාතී වීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිරෝධය දැක්වීම හෝ සන්නද්ධව නැගී සිටීම හා සම්බන්ධයි.
insurrectionist, mutineer, traitor, insurgent, mutinous, revolt, mutiny යන වදන් අවස්ථානුකූලව මෙම වචනයෙහි අරුතට සමාන වෙනවා.
සමහරු 'රෙබල්' යන වචනය කොටි සංවිධානය සම්බන්ධයෙන් භාවිතා කිරීමට අකැමැත්තක් දක්වනවා. එයට හේතුව ඒ වදනෙහි විප්ලවවාදියා යන අරුත ඇතැයි සිතමින්. එහෙත්, 'රෙබල්' යන වදන revolutionary යන අරුත දෙන්නේ නැහැ.
උදා: Thirteen Tamil Tiger rebels were killed in Ampara.
සෙව(ර්)
වෙන් වීම, වෙන් කිරීම, ඈත් වීම, අත්හැරීම
උදා: Weerawansa urged to sever Sri Lanka's diplomatic relationships with Norway immediately.
සීඩ්
යමක් පාවාදීම, පවරාදීම යන අරුත දේ
උදා: to cede Kachchathivu island to Sri Lanka.
ප්ලෙනිපොටෙන්ෂරි
පූර්ණ බල සහිත තානාපතිවරයා යන අරුත සහිත නාමපදයකි. විශේෂණ පදයක් ලෙසද යෙදේ.
උදා: Selvaraja Pathmanathan, the newly appointed LTTE plenipotentiary for international relations,..........
බේල් අවුට්
මෙම වදන මෑතදී වැඩිපුරම භාවිතා වුණේ ආර්ථික අවපාතයත් සමග රජයන් සමාගම් රැකගැනීමට සහනාධාර දීමත් සමගයි. විශේෂයෙන්ම මුල්‍යමය වශයෙන් සහන සලසමින් බේරාගැනීමට ඉදිරිපත් වීම මෙම වචනයෙහි තේරුමයි.
උදා: a government bailout of a large company.