2012-08-25

මහින්ද තමයි පොර කාලෙ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'

පසුගිය දිනෙක අපි අන්තර්ජාලයෙන් මිදුණු අවකාශයක නිවාඩුවක් සඳහා ගියා. යද්දී පොතක් ගෙන ගියා. 

එක දිගට කියවාගෙන ගිය ඒ පොත කතාවක් තරම් රසවත්. නැතිනම් රස කතා ගොඩක් එකට ඇනූ කතාවක් නොවන පොතක්. 

පොත සුන්දර නිහතමානි ද මැල්ගේ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'. මේ පොත දොරට වඩින දවසේ උත්සවයට එන්න ආරාධනාවක් ලැබුණත් නොගිය නිසා යම් වරදකාරිත්වයක් පිළිබඳ හැඟීම තමයි මේ පොත කියවන්න පෙළඹවූවේ. 

මේ කාලෙ මහින්ද තමයි පොර. ඒත්, අනේක වාරයක් ස්තුතියි මේ පොත ඒ අතින් සුපිරිසුදුයි. ඔනැ නම්, අර මැක්කගෙ කතාවෙ වගේ ඒ කාලෙ මහින්ද රිච්මන්ඩ් හිටියා හරි මොකක් හරි කියලා එතැන ඉඳන් දවසේ වීරයා ගැන කතා කරන්න තිබුණා. ගානක් හොයා ගන්න හෝ තනතුරක් හිඟා ගන්නත් තිබුණා. ඒ වුණාට සුන්දර ඒ වෙනුවට කල් පවතින වීරත්වයක් ගැන කතා කිරීම තෝරාගෙන. ඇත්තෙන්ම ස්තුතියි, හිරිකිතයකින් තොරව ආදරෙන් රාක්කෙ තැන්පත් කරන්න පුළුවන් පොතක් ලියුවාට. 

ලංකාවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍යය හෙවත් non-fiction කියන සාහිත්‍ය ප්‍රවර්ගය ගැන සංවාද අඩුයි. කතන්දර නොවන සියලු ‍කෘති  ප්‍රබන්ධ නොවන සාහිත්‍යය නොවෙයි. ප්‍රබන්ධ නොවන සාහිත්‍යය වන්නේ සාහිත්‍යමය ලක්ෂණවලින් පිරිපුන්, රසය දනවන, ඒත් විශ්ලේෂණ හෝ විචාර ලෙස සැලකිය නොහැකි සාහිත්‍ය ප්‍රවර්ගයකට. 

'මහින්දෙ තමයි ඉස්කෝලෙ' කියවනකොට මගේ මතකෙට ආවෙ මගේ පාසල් සමය. කඩින් කඩ පොත කියවීම නතර වුණා. සිසුවකු ලෙස පොත් මිටියකුත් අරන් මමත් අලුතෙන් පාසල් ගියා. අලුතින් පාසල් ගියාය කීවේ, සුන්දර නිහතමානි ද මැල් විසින් අපට තිලිණ කරපු අලුත් මානයකින් තමයි මම මගේ පාසල් ගමන දෙස ආපසු බැලුවෙ. කියවන්නාට අලුතෙන් හිතන්න පොළඹවන්නට පුළුවන් වීම මා හිතන පරිදි හොඳ පොතක ලක්ෂණයක්.

වඩා පොදු මිනිස් සමාජයන්ට තරමටම හෝ ඇතැම්විට ඊටත් වඩා, මිනිස්සු යම් යම් සීමිත සමාජ අවකාශයන්ටත් ඇලුම් කරනවා. ඒ සමාජයන්ගෙන් අනන්‍යතාව ලකුණු කරන්න ප්‍රිය කරනවා. 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'ත් එවැනි අතීතකාමී අනුරාගිකත්වයක් මත පදනම් වූ කෘතියක්. ඒත් එහි ඇති විශිෂ්ටත්වය වන්නේ කිසි දිනෙක මහින්දෙට පා තබා හෝ නැති මේ ලියන මටත් ඒ පොතේ අත්දැකීම සමග අනන්‍ය වෙන්න හැකි වීම.

'මහින්දෙ තමයි ඉස්කෝලෙ' කියා කියුවාට ඒ පොත ස්වෝත්තමවාදී වෙමින් අන් පාසලකට පහර නොගසන අහිංසක ආඩම්බරකමක ආදර්ශයක්. 

සෙස්සන් බැහැර නොකරමින්, තමන්ගේ ලොකුකමින් අනුන්ට වාතයක් නොවෙමින්, පටු සමාජ අනන්‍යතාවන් පිළිබඳ ආඩම්බර වීමට පුළුවන් වීම දියුණු ලක්ෂණයක්. 

මෙවැනි පටු සමාජ අනන්‍යතාවන් එක හෙළා ප්‍රතික්ෂේප කරමින් පොදු මිනිස් සමාජය පමණක් උතුම්කොට සැලකීමත්  එක්තරා විධියක  ස්වෝත්තමවාදයක්ය කියා මට දැන් හිතෙනවා. පුළුල් අනන්‍යතාවන් වෙත අප යා යුත්තේ පටු අනන්‍යතාවන්ගේ සුන්දරත්වයන් අතහරිමින් නොවෙයි කියා අපට අවබෝධ කර දෙන පොතක්, 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'. 

ප.ලි: මටත් ආසයි, යට ගිය පාසල් කාලෙ ගැන ලියන්න. ඒත් හැමෝම සුන්දර නිහතමානිද මැල්ලා වගේ 'පාසලට ආභරණ' නොවෙයිනේ. දැන් කාලේ බොහොමයක් පාසල්වලට ආභරණ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු ගිය මැරවරයො, කොමිස් කාක්කො, පොලී මුදලාලිලා වගේ අය නිසා තබක්ක අස්සෙ නොලියවෙන එකමයි හොඳ. මට හිතෙනවා ගමේ කොලීජිවල ළමයින්ගේ පොදු පාසල් අත්දැකීම ලියන්න. 


මේ සුන්දර නිහතමානි ද මැල් ගැන අපූරු කතාවක් තියෙනවා කියන්න.

එක දවසක් අපේ ගෙදර අත් උදව්වට ඉන්න ලීලා මට කිව්වා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානි ද මැල් කියලා මහත්තයෙක් කතා කළා කියලා. පත්තර, පොත් කියවන ලීලා හිතලා තිබුණෙ ඒක කාගෙ හරි විහිළුවක් වෙන්න ඇතිය කියලා. එතකොට කොහොමද ලීලා මං ගැන හිතන විධිය?

දින කීපයකට පස්සෙ ලීලාගෙන් අහගෙන මේ මහත්තයා මා ඉන්න වෙලාවක මටම කතා කළා. ඒ ඔරිජිනල් නිහතමානිම තමයි. රාජ්‍ය සාහිත්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලේ සාමාජිකයකු ලෙස ඔහු මගේ ශාස්තෘ පොත කියවලා ලැබූ සතුටක් නිසායි කතා කරලා තිබුණෙ. ඔහු මගෙන් ඇහුවා දැන් ඊළඟ පොත ලියනවාද කියලා. ඔහු අර මානිගෙ තීරුව ලියන කෙනා නිසා වෙන්න ඇති එහෙම අහන්න ඇත්තෙ. 


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

16 comments:

  1. මොනව උනත් පොතේ පිට කවරෙ නම් මරු.සාහිත්‍ය මාසෙනෙ පොත් පොත් පොත් !

    ReplyDelete
  2. අපේ ගෙදර අත් උදව්වට ඉන්න ලීලා ...:P

    ReplyDelete
    Replies
    1. එතකොට මේ ජීවන බරයි අරකයි මේකයි කියල කෑ ගැහුවට ඔහෙත් දැසි දස්සන් තියන් ඉන්න ධනපතියෙක් ?

      Delete
    2. එහෙම තමයි මල්ලි, කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. ගණන් ගන්න එපා! :D

      Delete
    3. ඔයාලා හරි පරණයි සහෝදරයා. අපි වැඩට ගියාම ගෙදර දරුවන් බලා කියා ගන්නේ ඔයාලාද?

      Delete
    4. නෑ නෑ, ඔයාලා දැසි දස්සන් තියා ගැනීම ගැන කිසිම ගැටළුවක් නෑ. මෙතැන ගැටළුව තියෙන්නේ ඔයාලා එහෙම කරන අනෙක් අයට ගරහන එකයි. ඒ ගොල්ල රස්සාවට යනකොට බලා ගන්න කෙනෙකුත් ඕනැ නෙ. ඇයි ඔයාලා වගේ සමාජවාදීන්ට විතරද ඔය ප්‍රශ්න තියෙන්නේ?

      Delete
    5. මා නම් 4.01am කොමෙන්ටුව දැම්මේ විහිළුවට. ඇත්තම කාරණේ නම් ඉහත ලිපියෙන් ඔබ මස් ලේ ඇති මිනිහෙකු වග පේනවා. මා කැමතියි ඔබ එහෙම ලියනවට. සමහරුන් බඹ ලොවින් ආව වගේ ලියන දේවල් කියවන්න බැහැ. අපවත් බලා ගත්තේ ඔබ කියනා ලිලල තමයි. ඒත් අපේ දෙමාපියන් ඔය කියන "දැසි දස්සන් තියාගෙන හිටපු ධනපතීන්" නොවේ. මෙයාල හිතන්නේ පාරේ ඉන්න හිඟන්නන් හැර අන් සේරම ධනපතීන් කියාද?

      Delete
    6. හුඟ දෙනෙකුට ඒකෝ සැමියා ගේ නැත්නම් මවගේ මෑණියන් උදව් දෙනවා දරුවන් බලා ගැනීමට. නමුත් හැමෝටම එහෙම නොමිලේ ලැබෙන සේවා නෑ.

      අනිත් විකල්පය නම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන.

      ලීලාත් කරන්නේ රැකියාවක් බව අමතක කරන්න එපා. "අපි වැඩට ගියාම ගෙදර දරුවන් බලා කියා ගන්නේ ඔයාලාද?" කියා අජිත් පැරකුම් අසා තියෙනවා. මට අහන්නත තියෙන්නේ දැන් ඒ අය ඇවිත් දරුවන් බලාගන්න කොට ලීලාට රැකියාවක් දෙන්නේ කවුද කියායි.

      Delete
  3. ගෙදර බූලාAugust 25, 2012 at 9:51 PM

    අනේ ලීලා
    පාමු ලීලා
    වැඩට දීලා
    ගෙදර මෝලා

    ReplyDelete
  4. සුන්දර නිහතමාන ද මෙල්. ඒ නම.

    එයාගේ තාත්තට ප්‍රශ්නයක් තිබ්බලු - නිහතමානද මෙල්?
    එයාගේ වයිෆ්ටත් ප්‍රශ්නයක් තිබ්බ්ලු- සුන්දර නිහතමානද?

    ;)

    ReplyDelete
  5. හරිම දිගයි ඇදුරුගේ පොඩි නයි පැටියා
    වෙබ් අවකාශයේ සෙල්ලම් කරමින් සිටියා
    නැතුවත් අපට අදින්න නම් ඒ හැටියා
    ඇදපු නයාගේ නම් වල්ගය කෙටියා

    ReplyDelete
  6. කට්ටියම පොඩි හින්ට් එකකුත් ඇරලා තියෙන්නේ උඹට. මම ආදරය කරන පත්‍ර කළාවෙදියෙක් ඉන්නවනම්, ඒ සුන්දරම තමයි. අනිකා බීලා මැරෙන්න ගිය. මීමන ගේ පුතා. එකක් ඌගේ වැරද්ද, ළෝකේ හදන්න ගියාට ඌව හදාගන්න ඌට බෑ, බොන්න ගියාම පෙරේතයා වගේ බොනවා. එහෙම කරලා එකෙකුටවත් එපා වෙලා ඉන්දෙද්දි, මහින්දල (කතා කියන සහ රජු යන දෙදෙනාමා ඌට ජීවත් වෙන්න මගක් හදලා දෙනවා. හැබැයි ඉතින් ඒ උදව්වට එයා කෘතුගුණ සලකොන කොට අපිට අර සුන්දර මිනිහා නැති වෙලා යනවා. ඒත් මානී අදටත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. පොත ගැන නම් කතා කොරන්න දෙයක් නෑ. එක හුස්මට කියවලා ඉවර කළා. ආයෙත් කියෙව්ව, ආයෙත් කෙව්ව, නවරදවාම, ආයෙත් කියවනවා..

    ReplyDelete
  7. අන්න විට්ටර් අයිවන් අළුත් අම්මලාට උපදෙසක් දෙනවා, ළමුන් බලාගන්න ගෙදර නතරවෙන්න කියලා.

    http://www.ravaya.lk/articals.php?d=01f78be6f7cad02658508fe4616098a9

    එහෙම කරන්න පුළුවනි දරුවන් ලොකු මහත් වුණු පසු නැවත සේවයට යන්න ක්‍රමවේදයක් තියෙනවා නම්. මා දන්නා පරිදි රජයේ සේවාවල මූලික ශේ්‍රණිවලට හැර ඉන් පසු ශ්‍රේනිවලට බඳවා ගැනීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඕක ගැන පෝස්ට් එකක් දාන්නත් ඉඳලා නිකන් උන්නා.. එයා එයාගේ යුග මෙහෙවර අවසන් කොරලා. ඒ කියන්නේ රට හදලා ඉවරයි. දැන් පවුල සෞඛ්‍ය සේවිකාවන්ගේ වැඩේ බාර අරන්, පවුල ගොඩ නගන්න උපදෙස් දෙනවා. හරි පව් නේ....

      Delete
  8. http://www.malkakulu.com/2012/06/blog-post_02.html මහින්දෙ තමයි ඉස්කෝලෙ...

    ReplyDelete
  9. ක්‍රිෂ්ණාAugust 26, 2012 at 6:57 PM

    සුන්දරට "මහින්දේ තමයි ඉස්කෝලේ" කියලා ලියන්න පුළුවන් වුනත් "ලක්බිම තමයි පත්තරේ"කියලා ලියන්න බෑ.මොකෝ ලක්බිම සුන්දර විදියට කඩේ යනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.